SriLanka (This is SriLanka)

  • Home
  • SriLanka (This is SriLanka)

SriLanka (This is SriLanka) September 24,2010

ජිවිතේ එක් දිනක හෝපොතක් කියවන්නපොත් ගිනි තැබීම ටඔබට නොසිතෙයි...😢😢Copied
09/05/2022

ජිවිතේ එක් දිනක හෝ
පොතක් කියවන්න
පොත් ගිනි තැබීම ට
ඔබට නොසිතෙයි...😢😢
Copied

Athugala Samadhi Buddha Statue – ඇතුගල සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ 4K | Kurunegalahttps://youtu.be/muVWArsLS04
23/04/2022

Athugala Samadhi Buddha Statue – ඇතුගල සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ 4K | Kurunegala
https://youtu.be/muVWArsLS04

Athugala Samadhi Buddha Statue – ඇතුගල සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේKurunegalaThis statue is situated on the Ethagala rock in Kurunegala District in the North ...

Hakgala Botanical Garden හක්ගල උද්භිද උද්‍යානය 4K | Nuwara Eliyahttps://youtu.be/Nd1h7RxRJpY
23/04/2022

Hakgala Botanical Garden හක්ගල උද්භිද උද්‍යානය 4K | Nuwara Eliya
https://youtu.be/Nd1h7RxRJpY

Hakgala Botanical Garden හක්ගල උද්භිද උද්‍යානය 4K | Nuwara EliyaHakgala Botanical Garden is one of the five botanical gardens in Sri Lanka. The other four ar...

https://youtu.be/YWP0ERjGmZc
03/03/2022

https://youtu.be/YWP0ERjGmZc

සිරි යශෝධරා මහ සෑ රජුන්ට නමස්කාර වේවාඋඩුපිල මහමෙව්නාව අනගාරිකා අසපුවඋඩුපිල,දෙල්ගොඩ,ගම්පහ0112403979 | 0763458777උඩුපිල මහමෙව....

23/01/2022
https://youtu.be/Wa3louf8fLwBISO POND (Queen’s Pond) GALABEDDA, MONARAGALA ගලබැද්ද බිසෝ පොකුණ
19/01/2022

https://youtu.be/Wa3louf8fLw
BISO POND (Queen’s Pond) GALABEDDA, MONARAGALA ගලබැද්ද බිසෝ පොකුණ

BISO POND (Queen’s Pond) GALABEDDA, MONARAGALA | ගලබැද්ද බිසෝ පොකුණSituated in Galabedda, about 9 kilometers away from Monaragala.It is an ancient pond which...

මානව දයාවෙ පාඩම මගහැරුණු ලෝකයක ඉරණම.
04/12/2021

මානව දයාවෙ පාඩම මගහැරුණු ලෝකයක ඉරණම.

04/12/2021

ඔටු මස් එක්ක රොටී කකා ගල් යුගේ කාන්තාරේ ජීවත් වෙච්ච අවුරුදු 9 පොඩි උන්ව දූශනය කරපු ගෑනු 56ක් හිටපු තිරිසනෙක් ලියපු මෑනුවල් එකකින් බ්‍රේන්වොශ් වෙච්ච තිරිසන් ජාතියක් *රි හම්බ ජාතිය.

දෑන් මෙතන වෑලලෙන්න හදන්න එපා මුන් ඉස්ලාමේ දන්නෙ නෑ, හෑම එකාම ඔහොම නෑ අනන් මනන් ලබ්බවල් කියාගේන, හෑම තම්බියම ෆලෝ කරන්නේ අකම මෑනුවල් එක, ඒක තියෙන්න මෙහම,

Surah 3:151: "We shall cast terror into the hearts of those who disbelieve (all non-Muslims) …"

Surah 2:191: "And kill them (non-Muslims) wherever you find them … kill them. Such is the recompense of the disbelievers (non-Muslims)."

Surah 9:5: "Then kill the disbelievers (non-Muslims) wherever you find them, capture them and besiege them, and lie in wait for them in each and every ambush …"

හෑම හම්බයාම එකයි, එහෙම නෑට්තන් ඌ හම්බයෙක් නෙමෙයි.

මේ තිරිසන් ආගමයි අමනුස්ස ජාතියයි නෑත්තන් ලොකේ ප්‍රශ්න 95% ක් ඉවරයි.

තවත් ඉදපල්ලා සියලු සත්වයන්ට මයිත්‍රී කරගෙන සහජීවනේ *කේ ගහගෙන ඔක්කොම ආගම් එකයි කියාගෙන.

ඇඳන් පූජා කිරීමේ විපාක"සයන දායක" තෙරුන් වහන්සේ පෙර භවයක කර තිබුණු සුවිශේෂීම පිංකම ඇත් දත් රන් ආදියෙන් ඇඳක් කරවා ඇතිරිලි ...
24/11/2021

ඇඳන් පූජා කිරීමේ විපාක

"සයන දායක" තෙරුන් වහන්සේ පෙර භවයක කර තිබුණු සුවිශේෂීම පිංකම ඇත් දත් රන් ආදියෙන් ඇඳක් කරවා ඇතිරිලි අතුරා පූජා කිරීමයි.
මේ තෙරුන් වහන්සේ ද කලින් භවයන් වලදී බුදුපියාණන් වහන්සේලා මුණ ගැසී තිබිණි. නිවන් දකින්නටම හේතු සම්පත් ඇති කර ගනිමින් සසර සැරීය.

සිද්ධාර්ථ තථාගතයන් වහන්සේ පහළවන කාලයෙහි මෙතුමා උපත ලැබුවේ එක කුලවත් ධනවතෙකු ලෙසයි. බුද්ධිමතෙකු වූ මෙතුමා තුණුරුවන් සරණ ගිය උපාසකයෙකු විය. මෙතුමා ඇත් දත් හා රත්තරනින් ඉතා විශාල වියදමක් දරා සයනයක් සකස් කොට විසිතුරු ඇතිරිලි ඇතුරුවේය. මහා දානමය පිංකමකුත් සමග භාග්‍යවතුන් වහන්සේට එය පූජා කළේය. තථාගතයන් වහන්සේ ඔහු ගැන අනුකම්පාවෙන් ඇඳ පිළිගෙන පරිහරණය කළේය.

ජීවිතාන්තය දක්වා එම පිංකම ගැන විශාල සතුටකින් සිටි එතුමා තවත් බොහෝ පිංකම් කළේය. මරණින් මතු දෙව්ලොව සහ මිනිස් භවයන් වල පමණක් එතුමා උපත ලැබීය. අප භාග්‍යවතුන් වහන්සේ පහළවන කාලයෙහි මෙතුමා ඉතා ධනවත් නිවසක බුද්ධිමතෙකු ලෙස උපත ලැබීය.

තුණුරුවන් සරණ ගිය එතුමා තරුණ වයසේදීම පැවිදි විය. පෙර සසරෙහි හේතු සම්පත් නිසාම කිසිදු දැඩි උත්සාහයක් නැතිවම විදර්ශනා වඩන විටදීම රහත්විය.

එක් දිනක් අතීත අත්මභාව පරීක්‍ෂා කරන මේ තෙරුන් වහන්සේ ඇඳන් පූජා කිරීමේ පිංකම දැක එයින් ලබපු දිව්‍ය මනුෂ්‍ය සම්පත් ද දැක මේ අතීත කථාව විස්තර කළේය.
(අපදාන කථා, සයන දායක ථෙරාපදානය)

සාධු සාධු සාධු
තෙරුවන් සරණයි!

*** අතිපූජණීය තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේගේ පිංකම්හි ආනිසංස පොතෙන් උපුටා ගන්නා ලදී...***
Copied

අපේ හෙළ ඖෂධ හදුනාගනිමු Copied
21/11/2021

අපේ හෙළ ඖෂධ හදුනාගනිමු
Copied

වාහනේ Number එක බලලා වාහනය අයිති වෙන පන්තිය ගැන දැනගන්න..1- 19 - පෙට්‍රෝල් කාර් 20 - පෙට්‍රෝල් වෑන් 21 - 30 - ඩීසල් බර ව...
21/11/2021

වාහනේ Number එක බලලා වාහනය අයිති වෙන පන්තිය ගැන දැනගන්න..

1- 19 - පෙට්‍රෝල් කාර්
20 - පෙට්‍රෝල් වෑන්
21 - 30 - ඩීසල් බර වාහන
25 - ඉඩම් වාහන
31-32 - ඩීසල් කාර්
34 - 38 - පෙට්‍රෝල් බර වාහන
40 - 48 - ඩීසල් බර වාහන
50 - 59 - ඩීසල් සැහැල්ලු
60 - 63 - ඩීසල් බර වාහන
64 - 65 - ඩීසල් කාර්
67 - 68 - ඩීසල් බර වාහන
70 - 79 - ඩීසල් ට්‍රැක්ටර්
80 - 160 - මෝටර් බයික්
11 -21 - පෙට්‍රෝල් ත්‍රීවිල්
200 - 207 - පෙට්‍රෝල් ත්‍රීවිල්
79 - ඩීසල් ත්‍රීවිල්
250 - 254 - ඩීසල් සැහැල්ලු
300 - 303 - පෙට්‍රෝල් කාර්

1-21 පෙට්ට්‍රල් සැහැල්ලු වාහන
39 පෙට්ට්‍රල් බරවාහන
40 - 48 - ඩීසල් ලොරි
49 - ට්‍රැක්ටර්
50 - 59 ඩීසල් ද්විත්ව කාර්ය වාහන
60 - 63 - ඩීසල් බස්
67 - 68 ඩීසල් ලොරි

55 - බූමිතෙල් trakter සහ ටේලර්
66 - බූමිතෙල් බරවාහන
226 - 227 - ඩීසල් බරවාහන

325 - කන්වර්⁣ටඩ්,
E - ෆෝසස් ඔක්ශන් වෙහිකල්. (අමතර ගානක් දෙන්න ඔ්න නැතිනම් 325 තමා හම්බෙන්නෙ ඒවටත්)
FZ-98-99 DPL වාහන. හෝ එම පර්මිට් එක යටතේ ගෙන්වා පාවිච්චි කරන රථ

එතනින් පස්සෙ
G,H,J - පන්තියකින් තොරව හැම වාහනයකටම ආවා..
ඒ කාන්ඩ තුනට පස්සෙ
K,C** - කාර්,
LA to LY,D** - ලොරි
N - බස්
LW - ඇම්බියුලන්ස්
LY - ප්‍රයිම් මූවර්
LZ - හර්ස්
M,T,U,V,W,X,B** - මෝටර් බයිසිකල්
Q,Y,A** - ත්‍රීවීල්
PA to PY - ද්විත්ව කාර්යය වාහන,
S - ලෑන්ඩ් මාස්ටර්
RA to RR - ට්‍රැක්ටර්
RS to RU - ඉඩම් වාහන
RV to RZ - ට්‍රැක්ටර් ට්‍රේලර්

උපුටා ගැනිමකි.

"බෝගොඩ පාලම" දැනට ලෝකයේ ඇති පැරණිතම පාලම් වලින් එකකි..එමෙන්ම දැනට ලෝකයේ ඇති එකම වහලක් සහිත ලී වලින් පමණක් සෑදූ පාලමද වේ....
18/11/2021

"බෝගොඩ පාලම" දැනට ලෝකයේ ඇති පැරණිතම පාලම් වලින් එකකි..එමෙන්ම දැනට ලෝකයේ ඇති එකම වහලක් සහිත ලී වලින් පමණක් සෑදූ පාලමද වේ.එක් ප‍සෙකට කණු 10 බැගින් ‍‍‍දෙපසට කණු 20 කින් යුක්ත කණු මත පාල‍‍මෙහි වහළය නිර්මාණය ‍‍‍‍‍කොට ඇත. දිගින් අ‍ඩි 50 ක් හා පළල අඩි 06 ක් වන ‍මෙම පාලම උඩ අඩි 08 කි.අගනා මහනුවර යුගයට නෑකම් කියන්නා වූ කැටයමින්ද සමන්විත පියස්ස පෙති උළු වලින් අලංකරණය කර ඇත. ඒමෙන්ම මෙහි එකඳු ඇණයක් හෝ භාවිතා නොකර සාදි ඇති අතර සියල්ල ශක්තිමත් දැව මූට්ටු වලින් සකසා ඇත.

පාලම නිර්මාණය කිරීම සඳහා ගස් වර්ග 5ක ලී යොදාගෙන තියෙනවා. එනම් කොස්, කුඹුක්, කළුවර, මිල්ල, මිල් කියන ගස් වර්ග. අඩි 30ක් පමණ උස කුඹුක් කඳක් මත පාලම ඉදි කර ඇත.

වලගම්බා රජ සමයේදී ඉදිකල ලෙන් විහාරයක් සහ පැරණි බිතු සිතුවම් වලින් අලංකාර රජ මහා විහාරයකට යබදව පිහිටා ඇත. ගල්ලන්ද ඔය හරහා දමන ලද විශාල ලී කඳන් තුනක් බාවිතා කරමින් පාලම නිර්මාණය කර ඇත.

කොළඹ-බදුල්ල මාර්ගයේ හාලිඇල මංසන්ධියෙන් හැරී ගලඋඩ මාර්ගයේ ගමන් කර ජගුල්ල මංසන්ධියෙන් හැරී කිලෝ මීටර් 3 ක් ගිය විට මෙම නිර්මාණය දැක බලා ගත හැකිය. මෙය පැරණි බදුල්ල නුවර මාර්ගය ලෙසද සැලකේ..

උපුටාගැනීමකි...

සනත් ජයසූරීයට ICC Hall of Fame නොලැබුනේ ඔය වෙන කිසිම බයිලයක් නිසා නෙවෙයි.ICC පොලිටික්ස් වල මාකටිං කෑල්ල නැති නිසා..සංගක්...
18/11/2021

සනත් ජයසූරීයට ICC Hall of Fame නොලැබුනේ ඔය වෙන කිසිම බයිලයක් නිසා නෙවෙයි.
ICC පොලිටික්ස් වල මාකටිං කෑල්ල නැති නිසා..
සංගක්කාරට, මහේලට ලැබෙන්නේ ඔවුන්ට ඒක තියෙන නිසා..
සනත්ට ඔය ප්‍රශ්න නිසා නම් නොලැබුනේ සනත් වගේම ඒකට සුදුසු අරවින්ද, අර්ජුන, ඩිල්ෂාන්ටත් ලැබුනේ නෑ.
ඔය තනතුරු ලැබෙන්න නම් හරියටම ක්‍රිකට් ගහලා මදි. ඉංග්ලිෂ් ස්පීකින් MCC VIP ක්‍රව්ඩ් එකත් ඉන්න ඕන.
සනත්ලා හරියටම ක්‍රිකට් ගහලා රටට මැච් දිනවලා ඒ වැඩේ හරියට කළා. ඊටපස්සේ තමන්ගේ පාඩුවේ විනෝදෙන් හිටියා මිසෙක ICC ක්‍රිකට් පොලිටික්ස් කරන්න ගියේ නෑ.
සනත්ලට වතුර වගේ ඉංග්‍රීසි කතා කරන්න බෑ. සනත්ලට ඕනකමකුත් නෑ.
අරවින්දලා ලෝකේ බිහි වෙච්ච හොදම ක්‍රීඩකයො. හැබැයි අරවින්දලා ග්ලෝබල් එලීට් ක්ලබ් එකට සම්බන්ධ නෑ. මෙහේ දෙයක් කරගෙන ඉන්නවා.
සනත්ලට MCC VIP ඩිනර් වලට ගිහින් ඉංග්‍රීසි ජාතිකයො එක්ක ගෝල්ෆ් ගැන කතා කරනවට වඩා, ලංකාවේ ඉදන් සිංහලෙන් මාධ්‍යකට කතා කරලා රසල්ලත් එක්ක ෆන් එකේ ඉන්න එක ආතල්.
ඒ නිසා සනත්ලා ICC HALL OF FAME කොලිෆයිඩ් නෑ.
ඉතින් සනත්ට ICC HALL OF FAME නොලැබෙන්නේ ඒකයි. වෙන බයිලා නිසා නෙවෙයි.
වෙන බයිලා නුසුදුසුකමක් නම් ඩොපිං චාර්ජ් වුන ශේන් වෝර්න්ටත් ICC HALL OF FAME ලැබෙන්නේ නෑ.
අරවින්ද සිල්වාට මේ වෙද්දි දෙපාරක් ලැබිලා.
ඒ නිසා සනත් HALL OF FAME නොවෙන්නේ වෙන බයිලා නිසා කියලා කියන්නේ ක්‍රිකට් සහ ග්ලෝබල් පොලිටික්ස් නොදන්න මිනිස්සු!

Copied : Kg r kumara

දිය ඇල්ලක් දෙපළු කර හැදූ දුම්රිය මග..😮වර්ෂ 1815 දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට ...
11/11/2021

දිය ඇල්ලක් දෙපළු කර හැදූ දුම්රිය මග..😮

වර්ෂ 1815 දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ 1948 වසරේය. එසේ අප රට බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක්ව පැවැති කාලයේ සුද්දන් අපේ රටට සිදු කළ හොඳ නොහොඳ ගැන ඓතිහාසික සහ ජනප්‍රවාද ගත තොරතුරු රැසක්ම තිබේ. එහෙත්, ඉංග්‍රීසි ජාතිකයන් අප රටේ ස්වභාවිකව ගලා හැළුණු දිය ඇල්ලක් දෙකට පලා දැමූ මේ පුවත නම් ඔබ මින් පෙර අසා නැතුවාට සැක නැත.

‘මීයන් ඇල්ල’ යනු අප රටේ සාමාන්‍ය ජනතාව තබා බොහෝ පරිසරවේදීන් සහ දිය ඇලි ලෝලීන්වත් අසා නොමැති දිය ඇල්ලකි. අඩුම තරමින් එය ඇත්තේ කොහිද කියාවත් බොහෝදෙනෙක් නොදනිති.

එහෙත්, ශ්‍රී ලංකාවේ අතීත පරිපාලනමය බෙදීම්වලට අයත් සතර කෝරළයේ මායිමක් වශයෙන් පවා මෙම මීයන් ඇල්ල එකල ප්‍රකටව පැවතුණි.

මීයන් ඇල්ල බලනේ කඩවත් ඇතුළේ
කඩුගන්නාව පිට සේසත කෙටූ ග‍ලේ
මාවෙල උඩුපිටින් ලගමුව ද පසු කළේ
මෙ ලකුණුවලට මැදි රට හතර කෝරළේ
යන පැරණි කඩඉම් කවිය වුව ඊට කදිම නිදසුනකි.

මීයන් ඇල්ල නිර්මාණය වන ජල මූලාශ්‍රය ආරම්භ වනුයේ අලගල්ල කන්දේ පිහිටි හැලංමඩිත්ත නම් ස්ථානයෙනි. එකල එය ඉහළ කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි අලගල්ල කන්දේ පහළ කොටසකට අයත් විශාල ගල් පර්වතයකින් පහළට නිදහසේ රූරා හැළුණි. ඉන්පසුව වලගොඩ සහ තලගොල්ල යන ගම් අතරින් තලගොල්ල ඔයට එක් වූ එම ජලමූලාශ්‍රය තලගොල්ල ඔය වශයෙන් බෝඇල්ල නම් ස්ථානයේ දී මා ඔය හා සම්බන්ධ විය. මෙම බෝඇල්ල සූර සරදියෙල් පිළිබඳ රමණීය කතා පුවතක් හා සම්බන්ධ ස්ථානයක් ද වෙයි.

මෙසේ ස්වභාවික ලෙස නිදහසේ ගලා හැළුණු මීයන් ඇල්ල ‘දෙපළු කිරීමට’ ඉංග්‍රීසින්ට සිදුවූයේ ඇයි? ඒ කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය මග තැනීමේ දී මුහුණ දීමට සිදුවූ දැවැන්ත අභියෝගයකට මුහුණ දීමේ විකල්ප ක්‍රියාමාර්ගයක් ලෙසිනි.

ඒ කතාව මෙසේ ය;
කොළඹ සිට මහනුවර දක්වා ධාවනය වන දුම්රිය අලගල්ල කන්දේ පාමුලට පිවිසෙනුයේ යටිවල්දෙණිය දුම්රිය පළ පසු කළ විට හමුවන අංක 05 දරන බිම් ගෙය අද්දරිනි. ඊට හේනෙ‍පොල බිංගෙය කියාත් කදුරාගෙඩිය බිංගෙය කියාත් ගම්මු කියති.

ප්‍රධාන දුම්රිය මාර්ගයේ පනස් හය හමාරේ සැතපුම් කණුව සමීපයේ පිහිටි එම ස්ථානයේ උස මුහුදු මට්ටමින් අඩි අට සියයක් පමණ වෙයි. ඉන් පසුව අලගල්ල කන්දේ පාදම ඔස්සේ තවත් සැතපුම් තුනයි කාලක ශීඝ්‍ර නැග්මක යෙදෙන උඩරට දුම්රියට එහි පනස් නවයයි කා‍ලේ සැතපුම් කණුව අද්දරදී ඉහත සඳහන් මීයන් ඇල්ල ගලා හැලෙන පර්වතය හමුවෙයි. එම ස්ථානයේ උස මුහුදු මට්ටමින් අඩි දහසක් පමණ වේ.

ඒ අනුව හේනේ‍පොළ බිංගේ අද්දර සිට මෙම ස්ථානය තෙක් වන සැතපුම් තුනයි කා‍ලේ දුර ප්‍රමාණය තුළ දුම්රිය අලගල්‍ල කඳු පාදම ඔස්සේ අඩි දෙසීයක පමණ උස ප්‍රමාණයක් ඉහළ නැග ඇති බව පැහැදිලි ය.

අලගල්ල කන්ද හරහා වැටී ගත් මහනුවර දුම්රිය මග කන්ද උඩරට හා සම්බන්ධ කිරීමට නම් එය මීයන් ඇල්ල පසු කරවිය යුතුම ය. එහෙත්, දිය ඇල්ලක් මැදින් දුම්රිය මගක් තනන්නේ කෙසේද? බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන් මේ පිළිබඳව දහ අතේ කල්පනා කරන්නට ඇත. එමෙන්ම, ඒ සඳහා ගත හැකි හොඳම ක්‍රමෝපාය මීයන් ඇල්ල ගලා හැලෙන පර්වතය යටින් බිංගෙයක් තැනීම ය. එහෙත් මුලින්ම එම පර්වතයේ දිග මැන බැලූ ඉංජිනේරුවන්ට එය ‍ලේසි පහසු සෙල්ලමක් නොවන බව වැටහෙන්නට ඇත. ඒ එම පව්ව අඩි දහසකටත් වඩා දිගින් වැඩි බැවිනි. මීයන් ඇල්ල ගලා හැලෙන පර්වතය විද දිය ඇල්ල යටින් අඩි දහසකටත් වඩා දිග බිංගෙයක් නිර්මාණය කිරීම සුළු පටු කාරියක් නොවේ.

එබැවින් ඒ දුෂ්කර ක්‍රියාමාර්ගය මඳකට අමතක කළ ඉංජිනේරුවරු මීයන් ඇල්ල ගලා හැලෙන පර්වතය හරහා කෘත්‍රිමව නිර්මාණය කළ කැපුමක් හෙවත් කට්ටයක් ඔස්සේ දුම්රිය මග තැනිය හැකි ක්‍රමයක් පිළිබඳව සිතන්නට වූහ. මීයන් ඇල්ල ඇද හැලෙන කළුගල් පර්වතය විද ඒ තුළින් අඩි දහසක් දිග බිංගෙයක් තැනීමට වඩා එම පර්වතයේ දිය ඇල්ල කඩා හැලෙන ප්‍රපාතාකාර බෑවුම හරහා එම දුර ප්‍රමාණයෙන් යුතු කට්ටයක් කැපීම ඉතා පහසුය. එහෙත්, එම කාරියත් සමඟම කළ යුතු තවත් අතිශය වැදගත් දෙයක් ද තිබේ. එනම් එම පර්වතයෙන් කඩා හැලෙන මීයන් ඇල්‍ලේ ගමන් මඟ දුම්රිය මාර්ගය මඟ හැරෙන සේ වෙනස් කිරීම ය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් කිහිප අයුරකින් සිතා බැලූ ඉංජිනේරුවෝ එම පර්වතය මුදුනට ගොස් මීයන් ඇල්‍ලේ ජල ප්‍රවාහය කොටස් දෙකකට බෙදා එය පර්වතයේ ස්ථාන දෙකකින් පහළට ඇද හැලෙන සේ දිය ඇල්ල ‘දෙපලු කළහ.’ එමෙන්ම පර්වතය මැද්දෙන් වැටෙන හරස් කැපුම මතට නොවැටී මීයන් ඇල්ල පහළට ඇද හැලීම පිණිස එකකට එකක් දුරින් පිහිටි ස්ථාන දෙකකින් කළුගල් පර්වතයේ ඇතුළට තරමක් ගැඹුරට හෑරෙන සේ සිරස් අතට කට්ට දෙකක් කැපීමට ද ඉංජිනේරුවෝ තීරණය කළහ.

භූ ඉතිහාසයේ අනාදිමත් කාලයක සිට අලගල්‍ලේ කන්දේ පර්වතයකින් නිදහසේ පහළට ගලා හැළුණු මීයන් ඇල්ල ඉන්පසුව එම පර්වතය මුදුනේ දී, දෙකට පැලී එම පර්වතයේ ඇතුළට හාරන ලද කෘත්‍රිම කට්ට දෙකක් තුළින් පහළට ඇද හැලෙන්නට වූයේ ඉංග්‍රීසීන් ගේ මෙම ඉංජිනේරුමය සැලසුමත් සමගිනි. ඉන්පසු, එම පර්වතය ඔස්සේ බිංගෙයක් කැපීමේ දුෂ්කර අභියෝගයෙන් කරහැරි ඉංජිනේරුවෝ එම ප්‍රපාතය මැදින් අඩි එක් දහස් හාරසියයක් දිගට සහ අඩි දහ අටක් පළලට හරස් කැපුමක් කොට ඒ ඔස්සේ කන්ද උඩරට දුම්රිය මාර්ගය තැනූහ.
මුහුදු මට්ටමින් අඩි දහසක් උසින් පිහිටි මීයන් ඇල්ල පර්වතය හරහා වැටුණු මෙම දුර්ග මාර්ගය ඉංග්‍රීසින් විසින් හඳුන්වන ලද්දේ මීන්ගල්ල දූර්ගය යනුවෙනි. හතර කෝරළ මායිමේ තිබූ ප්‍රසිද්ධ දිය ඇල්ලක් වූ ‘මීයන් ඇල්ල’ දෙපළු කොට එම කොටස් දෙක දුර්ග මාර්ගය අද්දරින් වූ සිගිති දිය ඇළි දෙකක් බවට පත් කළ සුද්දන් එම ප්‍රදේශයට මීන්ගල්ල යන නම යෙදුවේ මීයන් ඇල්ල යන්නෙහි උච්චාරණය පහසුව නිසාම බව පෙනේ.

එහෙත්, ඉංග්‍රීසීන් තම සටහන් සහ කෘතීන්වල තැබූ එම වැරදි ව්‍යවහාරයම හුදෙක් ඔවුන්ගේ එම සටහන් මිස ප්‍රායෝගික කරුණු සැලකිල්ලට නොගෙන ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය පිළිබඳ සටහන් තැබූ ඇතැම් සිංහල ‍ලේඛකයන් ද එලෙසින්ම භාවිතා කොට තිබේ.

කොළඹ මහනුවර දුම්රිය මාර්ගය ඇරඹූ මුල් කාලයේ භාවිතයට ගැනුණු මෙම මීයන් ඇල්ල දුර්ගය මුහුදු මට්ටමින් අඩි දහසක් උසින් පිහිටා ඇති අතර එම ප්‍රපාතයට පහළින් පිහිටි වලගොඩ, තලගොල්ල, ඉහළ කෝට්ටේ, මාකෙහෙල්වල ආදී ගම්මාන පිහිටා ඇත්තේ මුහුදු මට්ටමින් අඩි තුන්සිය පනහක් පමණ උසිනි. ඒ අනුව මෙම මීයන් ඇල්ල දුම්රිය දුර්ග මාර්ගය පිහිටා ඇත්තේ අඩි හත්සියයක පමණ ප්‍රපාතාකාර බෑවුමක් ඉහත්තාවේ ය.

එහෙත්, සොබා දහමේ අණට අකීකරු වී දෙකඩ වූ මීයන් ඇල්ල ඉන්පසුව යළි දරුණු ලෙස ප්‍රචණ්ඩ වී තිබේ. විශේෂයෙන් වර්ෂා සමයන්හි දී එම ප්‍රපාතයේ මුල් කොටසේ පිහිටි පර්වතයේ ඇතුළට ගැඹුරට හෑරී ගිය කට්ටයට ඔරොත්තු නොදෙන තරමින් පහළට ඇද හැළුණු මහා ජල ධාරාවන් ගෙන් එම හරස් කැපුම හරහා වැටී ගත් දුම්රිය මාර්ගයට ද බරපතළ හානි සිදුවී තිබේ.

පසුව මේ තත්ත්වය කෙතරම් දුරදිග ගොස් තිබුණිද කිවහොත් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රවාහන කටයුතු ඇරඹූ මුල් සමයේ තද වැසි දිනයෙක මෙම මීයන් ඇල්ල දුර්ගය හරහා ගමන් කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන ගැල් දුම්රියක් (හෝ දුම්රියක ගැල් කිහිපයක්) ප්‍රපාතයේ මුල් කොටසේ පිහිටි මීයන් ඇල්ල කට්ටය තුළින් ජල ප්‍රවාහය හා සම්බන්ධ කෙටි දුම්රිය පාලමින් පහළ ප්‍රපාතයට පෙරළී ගොස් ඇත.
දුම්රිය දෙපාර්තමේන්තු ‍ලේඛනවල මේ සම්බන්ධ තොරතුරු නැතත් ඒ පිළිබඳව පැතිරුණු කතා ප්‍රවෘත්තීන් තවමත් ප්‍රපාතයෙන් පහළ ගම්වැසියන් අතරේ තිබේ.
ඒ කෙසේ හෝ ස්වභාවික ලෙස අලගල්ලෙන් පහළට ඇද හැළුණු මීයන් ඇල්ල දෙපලුකොට තැනූ මෙම දුර්ග මාර්ගය දුම්රිය ධාවනයට නුසුදුසු අවදානම් සහගත ‘මරු ක‍පොල්ලක්’ බව විසිවන සියවසේ ආරම්භය වන විට ඉංග්‍රීසින්ට ඇති පදමට වැටහුණු බවට සැක නැත. එම දුර්ග මාර්ගය කැණීම වෙනුවට ඒ සඳහා මුලින්ම ගත යුතු පියවර වූ එම මීයන් ඇල්ල පර්වතය විද ඒ තුළින් අඩි එක් දහස් තුන්සිය හතක් දිගැති බිං ගෙයක් තැනීමට ඉංග්‍රීසීන්ට සිදුව ඇත්තේ එබැවිනි.

තනි කළුගලක් විද තැනුණු මෙම බිංගෙය 1905-1906 යන වසරවල ඉදිවී ඇති අතර ඒ සඳහා 5 ඒ යන අංකය ලබා දී ඇත. ඒ එසේ නොකොට උඩරට මාර්ගයේ බිංගෙවල් අනුපිළිවෙළ අනුව ඊට අංක 06 අංකය ලබා දුනහොත් ඒ වන විට බණ්ඩාරවෙල තෙක් විහිද තිබූ උඩරට මාර්ගයේ සියලු බිංගෙවල්වල අංක ප්‍රතිශෝධනය කිරීමට සිදුවන බැවිනි. ඒ කෙසේ හෝ මෙම බිංගෙය තැනීමෙන් පසු භාවිතයෙන් ඉවත් කරන ලද මීයන් ඇල්ල දුම්රිය දුර්ග මාර්ගය සඳහා තැනූ භූමි සැකැස්ම සහ ඉංග්‍රීසීන් විසින් දෙකට පලා දැමීම නිසා බල බිඳී ගොස් ශ්‍රී ලංකාවේ දිය ඇලි නාමාවලියට එක්වීමට තරම් සුදුසුකම් නොලැබූ දුප්පත් මීයන් ඇල්ලේ කොටස් දෙක අද ද එහි යන අපට හොඳින් දැක ගත හැක.

ඇල්ල දෙකට පැළුෑ කාලයේ දී රාත්‍රියේ මීයන්ඇල්ල දුර්ගය තරණය කෙරෙන අතරතුර දී බඩු දුම්රියක් අඩි දහසක ප්‍රපාතයට පෙරළීගොස් තිබේ. දුම්රිය ගැල් තුළ අට්ටි ගසා තිබූ සහල් පිරවූ ගෝනි රැසක් කඳු බෑවුමේ තැනින් තැන අවට ප්‍රදේශයේ විසිරී තිබූ අතර ගෝනි ඉරී ගොස් සහල් බිම ගොඩගැසී තිබී ඇත. මේ ආරංචිය කටින් කට පැතිරගොස් ප්‍රදේශයේ ගම්මානවල ජීවත් වූ ගැහැණු මිනිස්සු එක පොදියට පැමිණ වැලි, පස් හා අපද්‍රව්‍ය සමග මිශ්‍රවී තිබූ සහල් එකතුකර සෝදා ගරා ප්‍රයෝජනයට ගෙන තිබේ.
මෙම සහල් ගැරීමට ගම්මානවල ඉතා වයස්ගත කාන්තාවන් පවා බැරි මරගාතේ හැරමිටි ගසමින් දුර්ගය පාමුලට පැමිණි අතර අත්තම්මලාට උදව් කිරීමට “ආච්චිට හාල් ගරන්න යනවා” යැයි පවසමින් මේ අයගේ මිනිබිරියන් ද පැමිණ ඇත. මේ නිසා “ආච්චිට හාල් ගැරීමේ” ප්‍රස්ථා පිරුළ ගැමි ජනයා අතර ප්‍රචලිත වූ බවට සඳහන්ය.

අන්තර්ජාලයෙන්..

Elakiri IMUNA

කවුරුන් ද මේ නාගයෝ…?අප වෙසෙනා පෘථිවියේ තුනෙන් දෙකක් ජලයෙන් යට වී පවතී. ඒ සුවිසල් ජලස්කන්ධය පුළුල් පරාසයකට පැතිර ගිය මහා ...
15/10/2021

කවුරුන් ද මේ නාගයෝ…?

අප වෙසෙනා පෘථිවියේ තුනෙන් දෙකක් ජලයෙන් යට වී පවතී. ඒ සුවිසල් ජලස්කන්ධය පුළුල් පරාසයකට පැතිර ගිය මහා සාගරයන්ගෙන් නිර්මිත ය. මහ සයුර අද්භූත තැනක් ලෙස මානව ගවේෂණයන්ට ලක් වූයේ අද ඊයේක සිට නො වේ. ඒ අද්භූත බව තීව‍්‍ර කරවමින් වරින් වර මහ සයුර දෙබෑ කොට මතු වී ක්ෂණයකින් නො පෙනී යන යෝධ ශරීරයන් ඇති සත්වයන් ගැන යම් යම් අවස්ථාවන්වල වාර්ථා වී තිබුණි.

සාගර ජලකඳ දෙබෑ කර අඩි තිහ හතළිහක් ඉහළට එසැවී, අඩි විස්සකට වඩා පුළුල් වූ මහා පෙන ගොබයේ ඇති ගිනි පුළිඟු වන් දෑස් සහ තියුණු උල් දත් ඇති මුඛය විවර කර, ඇසිපිය හෙළන සැණෙකින් යළි නො පෙනී යන දැවැන්ත මුහුදු උරගයා ගැන පුවත ද ලෝකය හමුවට ගෙන ආවේ උභතෝකෝටිකයකි.

වරෙක ප‍්‍රංශ ගවේෂකයන් දෙදෙනෙකු මේ සත්වයාගේ ඡායාරූපයක් ගන්නට සමත් වූහ. මහ සයුර මැද ගල්වැටියකට බර දී සිටි දැවැන්ත සත්වයා දෙස දුරදක්නයෙන් බැලූ ඔවුහු ගොඩබිම වෙසෙනා නාගයෙකුගේ ස්වරූපය ම සහිත පළල් වූ පෙන ගොබය, දිදුලන නෙත් සඟල, ලා රතුවන් මුඛය, තියුණු උල් දත්, සහ කළු සුදුවන් විශාල සිරුර පැහැදිලි ව දැක ගත්හ. අඩක් පමණ ජලයෙහි ගිලී ගත් සිරුරේ දිග අඩි සියය ඉක්මවන්නට ඇති බව ඔවුන්ගේ නිගමනය විය.

සබ්මැරීන උපකාරයෙන් මරියානා ආගාධය අසල ගවේෂණයක නියැළුන තවත් පිරිසක් කැමරා තුළින් දුටුවේ සාගර පත්ලෙහි අඩි 200 -250ක් පමණ වූ ආලෝක ධාරා විහිදුවන උරගයෙකු සිටින බව ය. සැණෙකින් එම ආලෝකය නිවී ගිය අතර සාගර පතුලේ මහා කැළඹීමක් ඇති කරවමින් උරගයා සැණින් නො පෙනී ගියේ ය.

මෙවන් වූ වාර්ථා ගණනාවක් නිසා විද්‍යාඥයින් සරණ ගිය වත්මන් ලෝකය අවසානයේ පැමිණි නිගමනය වූයේ මේ සත්වයා කිසිසේත් ම මිනිස් ග‍්‍රහණයට හසු කර ගත නො හැකි, පියවි ඇසට පෙනුන ද මොහොතින් නො පෙනී යන, මහ සයුරේ සිරස් සහ තිරස් අතට සැණෙකින් කිමිදිය හැකි, ශබ්දයේ වේගයට වැඩි වේගයෙන් ගමන් කරන අද්භූත ජීවියෙකු බව ය.

ලොවට අබිරහසක් වූ මේ මුහුදු නාගයන් අපට සිහිපත් කළේ දෙදහස් හයසිය වසරකට එපිට ලොව පහළ වී වදාළ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රාජ්‍යය තුළ ඉස්මතු වූ, අප නො දකිනා ලොවෙහි අසිරිමත් හෙළිදරව්වයි.

බුදු සසුනට නාගයන් යනු ආගන්තුක ජීවි කොටසක් නම් නො වේ.

‘‘ආකාසට්ඨා ච භුම්මට්ටා – දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා – චිරං රක්ඛන්තු බුද්ධ සාසනං”

මෙලෙසින් අහසේ ද පොළවේ ද වෙසෙන්නා වූ දෙවියන්ටත්, නාගයන්ටත් පුණ්‍යානුමෝදනා කොට සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් සුරක්ෂිත කරවන්නට යැයි පැවසීම ඇරඹුණේ ද මෑතක දී නො වේ. සම්බුදු සසුන හා සබැඳි දේව පිරිසක් සේ ම නාග පිරිසක් ද වෙසෙන බව අපි දන්නෙමු. එසේ ම සම්බුදු සසුනට නම් නාගයන් යනු හුදු සංකල්පයක් හෝ මනුෂ්‍ය ගෝත‍්‍රයක් හෝ නො වේ.

පෙනෙනා නාගයෝ සහ දන්නා නාගයෝ

අප පියවි ඇසින් දකින්නේ උරග ගණයට අයත්, උග‍්‍ර විෂ සහිත සර්පයෙකු ලෙස සැලකෙන නාගයන් ය. පියවි ඇසට පෙනෙනා මේ නාගයන් හැරුණු කොට අප දන්නා නාගයන් සියල්ලන් ම අපට හමු වන්නේ බුදු දහම තුළ ය.

සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වය සාක්ෂාත් කළ දිනයේ උදෑසන නේරංජරා නදියේ පා කළ පාත‍්‍රය උඩුගං බලා ගොස් පසු ව නාග ලෝකයේ පිහිටි බව අපි අසා ඇත්තෙමු. එය දුටු මහා ආයුෂ ඇති මහාකාල නා රජු අදත් බුදු කෙනෙකු බුදු වන්නට යන වග පැවසුවේ ලූ.

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් පසු ඉක්ම ගිය සයවන සතිය මුචලින්ද නාග දරණය තුළ ගත කළ බව ද අපි අසා ඇත්තෙමු. මහා වර්ෂාවන්ගෙන් සහ සුළෙඟන් ද මැසි මදුරුවන්ගෙන් ද සර්පයන්ගෙන් ද තථාගතයන් වහන්සේට උවදුරක් නො වනු පිණිස මුචලින්ද නා රජු සම්බුදු සිරුර වටා දරණ ගසා සම්බුදු ශීර්ෂයට ඉහළින් පෙන ගොබය නගාගෙන සතිය පුරාවට ම රැඳී සිටියේ ය. සතිය අවසන දරණ පට ලෙහා දමා සුන්දර වූ ශරීරයක් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිට මිනිස් වේශයෙන් පෙනී සිටියේ ය.
(ඛුද්දක නිකාය – උදාන පාලි)

භාග්‍යවතුන් වහන්සේ නමක් ලොව පහළ වී දැයි මිනිසුන්ගෙන් දැන ගැනීමට උපක‍්‍රමයක් ලෙස සිය අභිරූමත් දියණියට ගීයක් උගන්වා අඩ මසකට වරක් උපෝසථ දිනයේ බරණැස ගංගා නදිය අසල තම පෙන ගොබය මත මිනිස් වෙසින් ඇය හිඳුවා ඇගේ ගීයට ප‍්‍රතිගීයක් ගයන්නෙකුට මහත් වස්තුව ද සමඟ ඇයව සරණපාවා දෙන බව ප‍්‍රසිද්ධ කළේ ඒරකපත‍්‍ර නා රජු ය. අවසන ඔහු භාග්‍යවතුන් වහන්සේ හමුවට පැමිණියේ ය.

තවත් අප දන්නා නාගයෙකු වන්නේ ඍද්ධිමත් වූ නන්දෝපනන්ද ය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා පිරිවරා ගෙන දෙව්ලොවට වැඩි මොහොතේ පා දුවිලි වැටීම නිසා කිපී මහාමේරු පර්වතය සිය පෙන ගොබයෙන් වසා ගත් ඒ නා රජු දමනය කළේ මහා ඍද්ධි ඇත්තා වූ බුද්ධ පුත‍්‍ර මොග්ගල්ලානයන් වහන්සේ ය.

වරෙක අනුරුද්ධ මහ රහතන් වහන්සේට වැළඳුණු උදරාබාධයකට පිළියම් ලෙස අනවතප්ත විලෙන් පැන් ගෙන ඒමට වැඩි සත් හැවිරිදි වූ සුමන සාමණේරයන් වහන්සේට පැන් ගනු නො හැකි වන ලෙස විල වසා පෙණගොබය නගා ගත්තේ පන්ථක නා රජු ය. නමුත් සාමණේරයෝ පෙනය ඉවත් කර පැන් රැගෙන වැඩි සේක.

ශ‍්‍රද්ධාවන්ත වූ නාගයෙකු මිනිස් වෙස් ගෙන බුදු සසුනෙහි පැවිදි වූ බවත්, නින්දේ දී සැබෑ නාග ස්වරූපය මතු වීම නිසා ස්වාමීන් වහන්සේලා මේ බැව් දැන තථාගතයන් වහන්සේට දැනුම් දුන් බවත්, ඉන් අනතුරු ව නාගයන් පැවිදි කිරීම තහනම් කොට විනය නීතියක් පැනවුණු බවත් විනය පිටකයේ සඳහන් ය.

එසේ ම නර්මදා නදිය අසබඩ සහසක් සක් ලකුණින් පිරී ගත් උතුම් ශී‍්‍ර පාද සටහනක් භාග්‍යවතුන් වහන්සේ තබා වදාළේ නා රජෙකුගේ ඉල්ලීම මත බව කියැ වේ.

එපමණක් නො ව භාග්‍යවතුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු කෙරුණේ නාගයන් දෙපිරිසක් අතර සිදු කෙරෙන්නට ගිය යුද්ධයක් නවතා යහපත සලසා දෙන්නට ය. තෙවන වරට භාග්‍යවතුන් වහන්සේ අප රටට වැඩම කළේ නාගදීපයට වැඩි ගමනේ දී මණිඅක්ඛික නා රජු කළ ආරාධනාවකට අනුව ය.

මහා බෝධි ශාඛාව අප රටට වැඩම කරවූ මොහොතේ බෝධි ශාඛාව ඔවුන් සතු කර ගන්නට තැත් දැරූ නාගයන් සංඝමිත්තා රහත් තෙරණියෝ අනුකම්පාව මත සතියක් පුරාවට මහා බෝධි ශාඛාව නා ලොව වඩා හිඳුවා පූජෝපහාර දක්වා ඇත. දැනුදු අප ‘නා ලොව සතියක් පුද ලද බෝධිය’ කියා ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේට වන්දනා කරන්නේ එබැවිනි.

ස්වර්ණමාලී මහා සෑයේ පිහිටවූ ද්‍රෝණයක් සම්බුදු ධාතුන් වහන්සේලා නා ලොව සිට ඍද්ධි බලයෙන් රැගෙන ආවේ සෝණුත්තර රහතන් වහන්සේ ය. ඒ මහා සෑය තනවන්නට නාගයන් බොහෝ සෙයින් උපකාර කළ බව ද වංශ කථාවල සඳහන් ය.

සෝමාවතිය සෑ රජුන් තුළ නිධන් ව ඇත්තේ ද නා ලොව සිට වැඩම කරවූ දක්ෂිණ ශී‍්‍ර දන්ත ධාතූන් වහන්සේ ය.

අප මහ බෝසතාණන් වහන්සේ බෝධිසම්භාර පුරන සමයේ විපස්සී සම්බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලැබුවේ අතුල නම් නාග රාජයෙකු ව ඉපිද සිටිය දී ය.

මෙලෙස සසුන හා සබැඳුණ නාගයන් කවර සත්ව කොට්ඨාසයකට අයත් ද? නාගදීපයේ ද කැලණියේ ද වාසය කළා වූ නාගයන් කවුරුන් ද? ඒ මනුෂ්‍ය ගෝත‍්‍රයක් ය කියා පැවසිය හැකි ද? පෙනෙන නාග ලෝකය හා නො පෙනෙන නාග ලෝකය අප කවර අයුරකින් විග‍්‍රහ කරන්න ද?

කවරහු ද මේ නාගයෝ?

අප දන්නේ බිජුවටින් උපදින නාගයන් ගැන පමණි. සත්ත්වයන් විෂයෙහි යම් හතර ආකාරයකින් උප්පත්ති සිදු වේ ද ඒ හතර ආකාරයෙන් ම නාගයන් ද උපත ලබන බව ඔබ අසා තිබේ ද? අප නො දුටු ඒ ලොව පිළිබඳ, පෙනෙන, නො පෙනෙන සියලූ ලෝකයන් මැනැවින් අවබෝධ කළා වූ, ඒ සියලූ ලෝකයන්ගෙන් නිදහස් වී වැඩ සිටියා වූ සර්වඥයන් වහන්සේගේ දහම තුළින් ම හැර අන් කවරකින් නම් අප හඳුනා ගන්න ද?

බිත්තරවලින් උපදින්නා වූ නාගයන්, එනම් අණ්ඩජ නාගයන් හැරුණු කොට සංසේදජ, ජලාබුජ හා ඕපපාතික යන ආකාරයන්ගෙන් ද නාගයෝ උපත ලබති. මේ බව භාග්‍යවතුන් වහන්සේ සංයුත්ත නිකායේ නාග සංයුත්තය තුළ විස්තර කොට පෙන්වා වදාළ සේක. මේ අය අතුරෙන් වඩාත් බල සම්පන්න වන්නේ ඕපපාතික නාගයන් ය.

මහාමේරුව පතුල මුර කරනා නාගයන් ගැන කුලාවක ජාතකය තුළ කියැවේ. දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳුන් සුරා බී මත් වූ අසුරයන් මහාමේරුව පත්ලේ පිහිටි අසුර භවනට හෙලූ බවත්, දිව්‍ය සම්පත් තමන්ට අහිමි වූ බව වටහා ගත් අසුරයන් සුර පිරිසට එරෙහිව යුද වැදුණු බවත්, මෙත් සිතින් යුතු වීම නිසා අවසන් මොහොතේ සක් දෙවිඳු යුද්ධය ජයගත් බවත්, ඒ වෙනුවෙන් සහස් යොදුනක් උස වෛජයන්ත ප‍්‍රාසාදය පැන නැගුණ බවත් එහි සඳහන් ය. අසුරයන් යළි පැමිණීම වළක්වනු පිණිස සක් දෙවිඳුන් පස් තැනෙක රැකවල් ලූ අතර එහි පූර්වාලින්දයේ හිඳ මහාමේරුව පත්ල මුර කරන්නේ නාගයන් ය.

තිරිසන් යෝනියේ උපන්නා වූ නාගයන්ට අධිපතිත්වය දරන්නේ විරූපාක්ෂ නම් වූ වරම් දේවතාවා ය. ‘‘නාගානඤ්ච ආධිපති විරූපක්ඛෝ ඉති නාමසෝ” යනුවෙන් ආටානාටිය සූත‍්‍රය තුළ ඒ බැව් ප‍්‍රකාශ කෙරේ.

ආටානාටිය සූත‍්‍රය තුළ වෛශ‍්‍රවණ දිව්‍ය රාජයා පවසා සිටින්නේ බුදු සසුන කෙරෙහි පැහැදුණු සිත් ඇති යක්ෂ, කුම්භාණ්ඩ, ගාන්ධර්ව, නාග පිරිස් සේ ම අපැහැදුණු සිත් ඇති යක්ෂ, කුම්භාණ්ඩ, ගාන්ධර්ව, නාග පිරිස් ද සිටින බව යි. සම්බුදු සසුනක් තුළ සිල් ගුණ දම් රකින්නවුන් කෙරෙහි අප‍්‍රසාදයෙන් පසු වන්නා වූ ඒ අමනුෂ්‍යයන්ගෙන් සිව්වනක් පිරිසට ඇති විය හැකි උපද්‍රව දුරු කිරීම පිණිස මේ ආටානාටිය ආරක්ෂාව පවසන බව ද වෙසමුණි වරම් දෙව් රජු භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ප‍්‍රකාශ කොට ඇත.

භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ ඒ සා අමනුෂ්‍ය බලයක් පැවතී නම් මෙකල ගැන කථා කරන්නට ද දෙයක් නැත. නා ලොව වෙසෙන්නා වූ සියලූ නාගයන් තිසරණ සරණයෙහි පිහිටා නැත. බුදු සසුන කෙරෙහි හිත පහදවා ගත් නාගයන් ඇත්තේ ඉතා සුළු පිරිසකි. ඔවුහු ශාසනාලයෙන් යුතු ව අප සිදු කරන පුණ්‍ය ක‍්‍රියාවන්ට උපකාර කළ ද බහුතරය සිටින්නේ ඒ පුණ්‍ය ක‍්‍රියාවන්ට අකුල් හෙළන අසුර සේනාවට අයත්ව බව අප අමතක නො කළ යුතු ය.

‘‘මහා සක්වළ වසන්නා වූ සියලූ ලෝ වැසි නාගයෝ සපිරිවර සහ එක්ව සැදැහෙන් රකිනු මැන ලොව සෙත් පතා”

ආටානාටිය සූත‍්‍රයේ දී නාගයෙක් හෝ නාගිනියක් හෝ නාග පැටවෙක් හෝ නාග පැටවියක් හෝ නාග මහාමාත්‍යයෙක් හෝ නාග පිරිසට අයත් කෙනෙක් හෝ නාග සේවකයෙක් හෝ සිව්වනක් පිරිසට දුෂ්ට, නපුරු සිතින් යුතු ව උවදුරු කිරීමට ඉඩ තිබෙන බව ඉතා පැහැදිලි ව ප‍්‍රකාශ කෙරේ. ඔවුන්ගෙන් ආරක්ෂා වීම පිණිස ආටානාටිය ආරක්ෂාව සේ ම ඛන්ධ පිරිත ද එක සේ ම උපකාරී වේ.

භාග්‍යවතුන් වහන්සේ ඛන්ධ පිරිත දේශනා කරන්නට යෙදුණේ සර්පයෙකු දෂ්ට කිරීම නිසා එක් ස්වාමීන් වහන්සේ නමක් අපවත් වූ අවස්ථාවක ය. විරූපාක්ෂ, ඒරාපථ, ජබ්‍යාපුත්ත හා කණ්හාගෝතමක යන සර්ප කුලයන්ට මෙත් සිත පැතිරවීමෙන් ඇරඹෙන ඛන්ධ පිරිත නුහුගුණයන්ගෙන් පිරි තිරශ්චීනයන්ගෙන් ආරක්ෂා වීම පිණිස අනන්ත ගුණයන්ගෙන් පිරී ගත් උතුම් තුනුරුවනේ ආශීර්වාදය සලසා දෙන උතුම් සුතුරකි. මේ සූත‍්‍ර සජ්ඣායනය කිරීමෙන් හා අපමණ මෙත් සිත ම පැතිරවීමෙන් අමනුෂ්‍ය උවදුරු මැඩ පවත්වන්නට හැකි ය.

එසේ ම පින් අනුමෝදන් කිරීමේ දී ‘සසුනෙහි පැහැදුණු සිත් ඇත්තා වූ නාගයන්’ කෙරෙහි පමණක් පුණ්‍යානුමෝදනා කිරීම ප‍්‍රමාණවත් බව පැවසිය යුතු ය. ඒ සැදැහැති නාගයන් සම්බුදු සසුන සුරකින්නට හැකි පමණින් ඇප කැප වනු ඇත.

දිවි පුදා සිල් රැකි බෝසත් නාගයෝ

අප මහ බෝසතාණන් වහන්සේ නා ලොව උපත ලබා සිටිය දී පවා සිල් ගුණ දම් වර්ධනය කළ ආකාරය ජාතක කථා කිහිපයකින් ම හෙළිදරව් වේ.

වරෙක බෝසතාණන් වහන්සේ භූරිදත්ත නමින් නා ලොව උපන් සේක. පිය රජු සමඟ විරූපාක්ෂ වරම් මහ රජුගේ උපස්ථානයට චාතුම්මහාරාජික දෙව් ලොවට ගොස් එහි වූ දිව්‍ය සම්පත් දැක, මණ්ඩුකයන් අනුභව කෙරෙනා මේ නාග යෝනියෙන් කවර ඵලයක් ද යැයි සිතූ භූරිදත්ත නා රජු මිනිස් ලොවට විත් තුඹසක් මත්තේ දරණ වැල ලාගෙන පෙහෙවස් රැක්කේ ය. අහිකුණ්ටිකයෙකු ඒ නා රජු අල්වාගෙන තලා පෙළා හිංසා කරද්දී පවා ‘‘මා කිපුණේ නම් මොහු සුණු විසුණු වන්නේ ය. එයින් මාගේ ශීලයට හානි වන්නේ ය.” යැයි සිතා නො කිපී ම සිටි නා රජු දිවි දෙවැනි කොට ශීලය රැක ගත්තේ ය.

මෙලෙස ම වරෙක චම්පෙය්‍යය නමින් නා ලොව උපන් බෝසතාණන් වහන්සේ නාග සම්පත් කෙරෙහි ලොබ නො වී චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කළ හැකි සුගති උපතක් ලබන්නට සිතා මිනිස් ලොවට පැමිණ පෙහෙවස් රැක්කේ ය. එවර ද අහිකුණ්ඨිකයෙකු කළ හිංසා පීඩා විඳ දරාගෙන සිල් ආරක්ෂා කළේ එක විෂ ධූමයක් පිට කර නගරය ම අළු කළ හැකිව තිබිය දී ය.

තවද මේ ජාතක කථාවන්ගෙන් හෙළිවන සුවිශේෂී කරුණක් වන්නේ නාගයන් පෙණ ගොබ ගණනාවක් මවා පෑමේ සෘද්ධි බලයකින් යුතු බව යි. පෙණ ගොබ පහක්, හතක්, නවයක් හෝ වැඩි ගණනක් සහිත වූ නාගයන්ගේ ලාංඡන පුරාණ හෙළ කලාකරුවන් අතින් පණ ලබන්නට ඇත්තේ මේ බැව් ඔවුන් මැනැවින් දැන සිටි නිසා විය යුතු ය. එය බල සම්පන්න නාගයන් සතු වූ සෘද්ධියකි.

නාගයන් සතු මහානුභාව සම්පන්න බව නිසා ඇතමුන් නාග උපත ප‍්‍රාර්ථනා කරති. කවර ආකාරයකින් උපත ලැබුව ද කවර ලෙසින් බලසම්පන්න වූව ද කවර අයුරක සම්පත් ලැබූව ද නාග උපත යනු තිරිසන් උපතක් ම ය. එවන් තිරිසන් යෝනියක උපතකින් කවර සැපතක් ද?

චම්පෙය්‍යය ජාතකයේ දී උග්ගසේන නම් රජු විසින් චම්පෙය්‍යය නා රජු නිදහස් කරවූ පසු නා රජු ප‍්‍රත්‍යුපකාරයක් ලෙස උග්ගසේන රජුව නා ලොවට රැගෙනවිත් මහත් හරසරින් යුතුව සංග‍්‍රහ කළේ ය. නා ලොව පවත්නා ශී‍්‍ර විභූතිය දුටු උග්ගසේන රජු, නා රජුගෙන් විමසුවේ මෙතරම් සැපවත් දිවි පෙවතක් හැර දමා කුමක් නිසා මනු ලොව විත් උපෝසථ ආරක්ෂා කරන්නේ ද කියා ය. එවිට නා රජු පැවසුවේ, ඉන්ද්‍රිය දමනය කොට කෙලෙස් සතුරන් පරදවා ජරා, මරණයෙන් මිදී නිවන් සාදා ගනු කැමැත්තෙන් මෙසේ කරන බව යි. තිරිසන් යෝනියේ හිඳීමෙන් ඒ ක්ෂණ සම්පත්තිය අහිමි වී යන බව දන්නා නිසා ඔවුහු සුගතිය පතා සිල් ගුණ දම් රැකියහ.

ඉදින් අප ද කළ යුත්තේ ලද මේ සුගතිගාමී උපතින් ඵල ලබා මේ ගෞතම බුදු සසුන තුළ ම කෙලෙස් සතුරන් පරදවාලීම නො වේ ද?

ගෞතම සසුනෙහි සිත පහදවා ගත් සියලූ දෙව් බඹුන් ද මිනිසුන් ද නාගයන් ද වහ වහා කෙලෙස් සතුරන් පරදවා අම නිවන සාක්ෂාත් කර ගනිත්වා!

මිණි කැට වන් ඇස් ඇති නා රජුනේ
අනුමෝදන් වේවා මේ පින්!!!

සම්බුදු සසුන කෙරෙහි මහත් වූ ප‍්‍රසාද චිත්තයකින් යුතු ව සසුනේ චිරස්ථිතිය උදෙසා කැප වන්නා වූ නාග රාජයන් අතුරෙන් මණිඅක්ඛිත නා රජුන්ට හිමි වන්නේ අග‍්‍ර ස්ථානයකි. හෙතෙමේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ව සරණ ගියේ භාග්‍යවතුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ අවස්ථාවේ දී ය. උතුම් තිසරණ සරණෙහි පිහිටි, මිණි කැට වන් ඇස් ඇති හෙයින් මණිඅක්ඛිත නම් වූ ඒ නා රජු තමන්ගේ රාජධානිය වෙත වැඩම කරන ලෙස භාග්‍යවතුන් වහන්සේට මහත් සැදැහැයෙන් ආරාධනා කිරීමේ මහඟු ප‍්‍රතිඵලය වූයේ ඒ උතුම් සම්බුදු පා කමල් ස්පර්ශයෙන් තෙවන වරටත් ලක්දිව පාරිශුද්ධත්වයට පත් වීම යි.

නා ලොව නාගයෙකු ව ඉපිද මිනිස් වෙස් ගෙන ලක්දිව කැලණි නදිය අසබඩ රාජධානිය ගොඩ නගා ගත් මණිඅක්ඛිත නා රජුන්ට පුණ්‍යානුමෝදනා වන්නට භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩසිටි සොඳුරු මැණික් ආසනය නිදන් කොට තැනවූ කැලණි සෑ රජුන් දැනුදු අපි මහත් බුදු බැතියෙන් වන්දනා කරන්නෙමු.

එසේ ම පැන් පහසු වීම පිණිස භාග්‍යවතුන් වහන්සේ සිවුරු ගලවා තැන්පත් කොට තැබූ, ඒ භාග්‍යවත් අරහත් ධජයේ සුපින්බර පහස ලැබුවා වූ ‘සිවුරු ගල’ ද අපි වන්දනා කරන්නෙමු.

ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ පරිභෝජනය කළ ‘ජල සාටිකා ධාතූන් වහන්සේ’ වැඩ සිටිනා එගොඩ කැලණිය සෑ රජුන්ව ද අපි වන්දනා කරන්නෙමු.

ඒ පාරිභෝගික ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ, බුදු සිරි පා සිප ගත්තා වූ, ඒ පරම පූජනීය බුද්ධ භූමිය අපගේ වන්දනාමානයට පාත‍්‍ර වන වාරයක් වාරයක් පාසා මණිඅක්ඛිත නා රජුගේ ජීවිතයට පුණ්‍ය ගඟුලක් ගලා යන බව නිසැක ය. මහ සයුර යට පිහිටි නාග භවනේ සිට සුවඳැති කඩුපුල් මල් නෙළා ගෙනවිත් කැලණි නදියෙන් ගොඩ වී දැනුදු ඒ සුපින්වත් නා රජු තම ශාස්තෘන් වහන්සේ වැඩ සිටි පින්බිම පුද දෙනවා විය යුතු ය.

පින්වත් නා රජුනේ, ඔබ, අප සරණ ගියා වූ ඒ ශාක්‍යමුනීන්ද්‍රයාණන් වහන්සේ උදෙසා අප සිදු කරන ආමිෂ, ප‍්‍රතිපත්ති පූජාවන්ගෙන් රැස් වන්නා වූ සියලූ කුසල ධර්මයන් එක සේ ම ඔබට ද අනුමෝදන් වේවා!

තිරශ්චීන උපතින් නිදහස් ව සුගතිගාමී උපතක් ලබා මේ ගෞතම බුදු සසුනේ දී ම සදාතන පිළිසරණ සලසා ගැනීමට ඔබට ද මේ සම්බුදු සසුන් කෙතෙහි හිත පහදවා ගත් අනෙකුත් සියලූ නාගයන්ට ද වාසනාව උදා වේවා!

නාග සටහන
විශ්වනාත් දේවප‍්‍රිය

https://mahamegha.lk/2013/01/30/kaurunda-me-nagayo/

22/08/2021

නිකිණි පොහොය වැදගත්කම.
නිකිණි පොහොය භික්‍ෂූන් වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් නියමව ඇත. එම දින හඳුන්වන්නේ පෙර වස පසු වස යනුවෙනි. ඇසළ පුනු පොහෝ දිනයේ පෙහොය කොට ඇසළ අවපෑළ දිනයේ පෙර වස් එළඹිය යුතුය. නිකිණි පුන් පොහෝ දා පෝය කොට නිකිණි අව පෑලවිය දා පසු වස් එළඹීම කළ යුතුය. ධර්ම භාණ්ඩාගාරික වූ ද අග‍්‍ර උපස්ථායක වූ ද ආනන්ද හාමුදුරුවන් රහත් බවට පත් වූවේ ද නිකිණි පෝදාය.වංශ කතා අනුව බුදුන්වහන්සේගේ ලලාට ධාතුව නිධන් කොට සේරුවිල චෛත්‍ය තැනීමේ ඇරඹුම වූයේ ද නිකිණි පොහෝ දිනයකයි.

1907 අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ පිවිසුම් දොරටුව අසල ...
18/08/2021

1907 අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ පිවිසුම් දොරටුව අසල ...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when SriLanka (This is SriLanka) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SriLanka (This is SriLanka):

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share