The HIKER

The HIKER You all are WELCOME to TheHIKER Official page.we are providing amazing Hiking Camping and Adventure e
(6)

ශ්‍රී ලන්කාව නම් අපූර්ව දිවයිනේ ඇවිද යන්නට සුන්දරත්වය විදින්නට ප්‍රදේශ ස්තාන බොහොමයකි.අපේ රටේ මිනිසුන්ට ඒවා ගැන අගයක් නැති වූවාට රට තුලට එන විදේශිකයන්ගෙන් නම් අඩුවක් නොමැත.නමුත් අප මිනිසුන් ලොකේ වටේ ඇවිදින්නට බොහොම ලොල් කරන මුත් තම උපන් රට තුල කෙතරම් සුන්දර තැන් තිබේදැයි නොදනිති.ඉතින් එවැන් අපූර්ව තැන් සොයා යාමට ඔබට උදව් කරන්නට The HIKER සූදානම්.ඡායාරූපකරණයේ යෙදෙන, හයිකින් වලට වගේම කදවුරු බදින්නට ප්‍රිය කරන ඔයාලා හැමොට The HIKER එක්ක අත්වැල් බැද ගන්නට ආරාධනා කරන්නෙමු..

27/11/2023

මහා සංචාරයට.....සලංහන්තේ 😥😥😥
09/10/2023

මහා සංචාරයට.....සලංහන්තේ 😥😥😥

වරෙන් යන්නට සලංහන්තේ
ගඟේ දිගේ යමු අපේ ලන්තේ
අබා දස්කොන් අැඩ්‍රස් නැත්තේ
උඹේ‍ දෙෙවය එතැන ඇත්තේ

වැරදිලාවත් හුස්ම අත හරින්න එපා...
මේක නෙමෙයි යන්න වෙලාව...
ඔබට සුවය ප්‍රාර්ථනා කරමි

රටක් උස්සන් දුවපු යකඩ කෙල්ලෙක්   හදවතින්ම සුභ පැතුම් ❤️❤️❤️🥇🥇🥇
07/10/2023

රටක් උස්සන් දුවපු යකඩ කෙල්ලෙක් හදවතින්ම සුභ පැතුම් ❤️❤️❤️🥇🥇🥇

අමනුස්ස මිනිස්සූ 🥲🥲🥲
07/09/2023

අමනුස්ස මිනිස්සූ 🥲🥲🥲

@සොබා පදනම-මොණරාගල - පරිසරය සුරකින ලස්සන වැඩක්. මේ වගේ බෝතලයකට පොලිතින් පුරවලා අපිට ගෙනත් දෙන්න. බෝතල් 05කට අපි පිටු 120...
06/09/2023

@සොබා පදනම-මොණරාගල - පරිසරය සුරකින ලස්සන වැඩක්.
මේ වගේ බෝතලයකට පොලිතින් පුරවලා අපිට ගෙනත් දෙන්න. බෝතල් 05කට අපි පිටු 120ක පොතක් දෙනවා.

සොබා පදනම
අංක 09, පිලිසරණ පාර
හුලංදාව- මොණරාගල
සොබා පදනම - මොණරාගල ♥️

බ්‍රසීලයේ "Manaus" නගරය සහ ඇමසන් වැසි වනාන්තරය අතර මායිම.
06/09/2023

බ්‍රසීලයේ "Manaus" නගරය සහ ඇමසන් වැසි වනාන්තරය අතර මායිම.

ඝණ දෙවියන්ට පළතුරු දීලා අලි ඇතුන්ට හක්ක පටස් දෙන ලංකාවේ මිනිස්සු 🤬🤬🤬
05/09/2023

ඝණ දෙවියන්ට පළතුරු දීලා අලි ඇතුන්ට හක්ක පටස් දෙන ලංකාවේ මිනිස්සු 🤬🤬🤬

ඔබ මුහුණ දුන් අවාසනාවන්තම අත්දැකීම වත් මෙතරම් අවාසනාවන්ත නැත....😥😥😥
25/08/2023

ඔබ මුහුණ දුන් අවාසනාවන්තම අත්දැකීම වත් මෙතරම් අවාසනාවන්ත නැත....😥😥😥

12/08/2023
???
07/08/2023

???

මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්. මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා. මේ මහ පොළොවේ කොතනැක ...
28/07/2023

මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්. මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා.

මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එකම එක පැලයක් හිටවලා, ඇටයක් හිටවලා, ඒ හැදෙන ගහට තමන්නේ යහළුවෙකුට වගේ, තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු.

මගේ වයස අවුරුදු 65 යි. මේ 65 තුළ පසුගිය කාලේ මම බොහෝ දේවල් දැක්කා. මට අවුරුදු 7-8 කාලේ ඉඳලා දැක්ක දේවල් මට හොඳට මතකයි. මම කුඩා කාලේ ජීවත් වුණ ලෝකෙයි, අද ලෝකෙයි අතර තියෙන්නේ ලෝක දෙකක වෙනසක්.

එදා පායපු ඉර හඳ නෙවෙයි අද පායන්නේ. එදා දැක්ක අහස නෙවෙයි අද දකින්නේ. එදා හිටපු මිනිස්සු නෙවෙයි අද ජීවත් වෙන්නේ. මේ සියල්ල ගත්තහම මට හිතෙන්නේ මම ජීවත් වෙන්නේ ලෝක දෙකක කියලයි. ඒත් අපේ ආත්තිල ඇත්තෝ, මුත්තිල ඇත්තෝ (අත්තා මුත්තා) ජීවත් වුණෙත්, මිය ගියෙත් එකම ලෝකයකමයි.

අවුරුදු 60 ක් තරම් කෙටි කාලයකදී මේ වගේ වෙනසක් වෙන්න හේතුව මිනිස්සුන්ගේ ඔලූගෙඩි නරක්වීම. අපි ඉස්සර කැලේට ඇතුල්වුණේ ගහක අත්තක් තව ගහක අත්තක එල්ලලා. අපේ පරපුරේ මිය ගිය නැයින්ට වැඳලා අවසර අරගෙන. ගහක අත්තක් කැපුවේ ගහට වැඳලා. බිම හෑවේ වැඳලා අවසර අරගෙන. පොළොවේ ඇට හිටවන්නේ අවසර අරගෙන.

ඒ කාලේ අපි ඉරට කිව්වේ ඉර දෙය්යෝ කියලා. හඳට කිව්වේ හද දෙය්යෝ කියලා. වැස්ස, පොළාව, සුළං අපි සැලකුවේ දෙවිවරු හැටියට. ගංගා, කඳු ඇල දොලවල අරක්ගත් යක් යකින්නන් අපි පිදුවා. අපේ ඇඟට, ඇහට නොපෙනුනාට ඒවාට ලොකු බලයක් තියෙනවා කියලා ඒ කාලේ අපි හිතුවා. ඒක අපිට දැනුනා. ඒ නිසා ඒවාට වඳිමින්, පුදමින් ගරු කරනකොට, ඒවා රකින කොට, ඒ බලය අපිට ලැබුණ බව අපිට දැනුනා.

ඉස්සර අපිට උවමනා කෑම-බීම, ආරක්‍ෂාව විතරක් නොවෙයි සතුටත් ඉබේම ලැබුණා. ඒ නිසා අපි නිදහසේ ජීවත් වුණා. ඒත් අද? අපි ඒ සඳහා කොච්චර මහන්සි වෙනවද? ඒ කාලේ අපි කැලේ හැම තැනක්ම, හැම දෙයක්ම අපිට ඕන හැටියට පාවිච්චි කළේ නැහැ. ලොකු ගස් පේලියක දුනුහන (දුන්නක සලකුනක්) කොටලා සීමාවක් හදාගෙන ඒක ඇතුලෙයි අපි දඩයම් කළේ. මී කැඩුවේ. අල හැරුවේ. ඒක ඉඩ අපිට හොඳටෝම ඇති වුණා.

අපි හේන් කළා. අපේ හේනේ සීමාව වුනේ මැද ඉඳලා කෙළවරට ගලක් විසිකරන දුර විතරයි. අපි හේනකට හොයාගත්තේ මහා ගස් තියෙන ලොකු කැලෑවක් නෙවෙයි.

අපි කඳු මුදුන්, කදු බෑවුම්, උල්පත්, වතුර පාරවල් ලඟ, අඩි පාරවල් ලඟ, බුරුල් වැලි තියෙන පොළොව වගාවට තෝරා ගත්තේ නැහැ. අපි එක යායට හේන් ගොඩක් හදන්නෙත් නැහැ. අපේ හේන් දෙකක් අතර හූවක දුර කැලෑවක් ඉතුරු කළා. ඊලඟ අවුරුද්දේ ඒ හේන අපි වවන්නේ නැහැ. අපි ඉන් ඒහායින් අලූත් හේනක් සොයාගන්නවා. අවුරුදු හතකට පස්සෙයි අපි ආයෙමත් පරණ හේනට එන්නේ. "අපි දඩයම් කළෙත් ක්‍රමේකට කවදාවත් අබ්බගාත සතෙක්, ගැබ්බර දෙනෙක්, පැටියෙක් මරන්නේ නැහැ. කවදාකවත් රැලේ යන, දිය බොන, වල් කන, සෙල්ලම් කරන වෙලාවක ඒ සතාව මරන්නේ නැහැ. වේලට හරියන සතෙක් මිසක්ලොකු සතෙක් මරණ එක අපි කරන්නේ නැහැ. වැඩුණු පිරිමි සතෙක් මරණ එක තමයි අපේ හොඳම දඩයම."

"අපි දන්නවා කැලේ තියෙන කිසිම දෙයක් අපිට අයිති නැති බව." ඒවා අයිති සත්තුන්ට. පරිසරයට. අපිට කැලෙන් ලැබෙන දෙයින් මුල් කොටස යකුන්ට පුදන්න ඕනේ.
වැඩිපුර දේවල් ගන්නවට පරිසරයත්, නෑ යක්කුත් අපිත් එක්ක අමනාප වෙනවා. ඊට පස්සේ අපිට කිසිම දෙයක් දෙන්නේ නැහැ. ලෙඩ රෝග හදනවා. කැලේ සත්තු ලවා අපිට කරදර කරනවා. සමහර විට අපිව මරා දානවා. ඕවා අපි දන්නේ අපේ පරම්පරාවෙන්.

අපේ නෑ ඇත්තෝ විතරක් නෙවෙයි, මේ රටේ ලෝකේ ඉස්සර හිටිය මිනිස්සු මේ විත්තිය දැනගෙන හිටියා. ඒ අයටත් අපිට වගේම සිරිත් විරිත් තිබුණා. ඒත් පස්සෙන් පහු ඒ අය ඒ සිරිත් විරිත් අමතක කෙරුවා. මිනිස්සු සත්තුන්ගෙන්, කැලෙන්, අව්වෙන්, වැස්සෙන් සුළගින් ලැබුණ දේවල් මගේ කියලා බදා ගන්න පටන් ගත්තා. මහ පොළොවේ වැට කොටු බැඳලා සීමා හදා ගත්තා. සිරිත් විරිත් අතහැරලා ඉවක් බවක් නැතිව හූ දෙක තුනේ දුරට ගස් කොළන් පිරුණු කැලෑව කපලා දැම්මා. ඒක දවසකට ඇහැට පේන නොපෙනෙන සත්තු අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් මරලා දැම්මා. ඔය විකාර කෙරුවාට මිනිස්සු කියන්නේ ”දියුණුව” කියලා.

මට ඒ වචනේ ඇගෙන කොටත් හරි අපුලක්, පිළිකුලක් දැනෙනවා. තරහක් දැනෙනවා. අපේ ගතිගුණ සිරිත් විරිත් විතරක් නෙවෙයි අපිවත් නැති කළ හතුරා තමයි ‘‘දියුණුව’’. මේක කරේ තියාගන්නඅය සමහර වෙලාවට ඒකේ ප්‍රතිඵල වලින් මිදෙන්න ක්‍රමයක් හොයාගත්තා. අහක හිටපු අපිට ගැලවීමක් නැහැ.

"දියුණුවේ” විපාක ඔක්කොම විඳින්න වුනේ අපිට. නිදහසේ ඉපදිලා නිදහසේ මැරිච්ච අපිට සිද්ධ වුණා අනිත් අයට අතපාල ජීවත් වෙන්න. තවත් වෙලාවක අපිට වුණා අනිත් අයගේ බැල මෙහෙවර කරන්න. ඒක තමයි දියුණුවෙන් අපිට ලැබුණා දේ. මේ විකාර වලින් මිනිස්සුන්ගේ ඔලූව නරක් වෙන්න කලින්, කලට වැස්ස වැස්සා. කාලෙට පැව්වා. හරියට දිනේට වෙලාවට හුළං හැමුවා. අපි හඳ, තරු, ගහකොළ දිහා බලලා හෙට වෙන දේ ගැන කිව්වා. ඒ අනුව අපේ එදිනෙදා ජීවිතේ හදාගත්තා. ඒත් අද වහින්න ඕනේ කාලෙට පායනවා. පායන්න ඕනේ කාලෙට වහිනවා. වෙන දේ ගැන හිතාගන්නවත් බැහැ.

ඉස්සර අපි හැමෝම සතා සීපාවට ආදරය කළා. උන්ව හුරතල් කළා. උන්ව ආරක්‍ෂා කළා. දැන් මිනිස්සුන්ට ඒ සේරම පේන්නේ හතුරෝ වගේ. සත්තු නොදැක ඉන්න, උන්ගෙන් ඈත් වෙන්න හදනවා.

"මිනිස්සු දැන් මුලූ ඇඟම රෙදි වලින් වහගෙන ශීත කාමරවල හැංගිලා. සත්තු වෙනුවට සත්තුන්ගේ රූප බිත්තියේ අලෝගෙන. ගස් කපලා දාලා ගෙවල් ඇතුලේ බොරුමල් (ප්ලාස්ටික්) ගස් ගෙනත් තියා ගන්නවා."

"පොළාවට පොහොර කියලා වස විස ඉහලා ඒක වී ඇටයක් ගන්න හිරිකිතයක් නැතිව සත්තු කෝටි ප්‍රකෝටි ගානක් මරනවා."

මං හීනෙකින්වත් හිතුවේ නැහැ මෙහෙම ලෝකයක්. ඉස්සර අපි කෑම බීම ආරක්‍ෂාව ඉල්ලූවේ කිරි කොරහ නටල අපේ නෑ යකුන්ගෙන්. අද අපිට විනාශ කරපු මිනිස් ඇත්තන්ගෙන්ම අපේ කෑම වේල ඉල්ලන්න වෙලා. තමන්ගෙම දෙමාපියන් මහළු වුනාම අනාථ නිවාසෙට දාන ඔය මිනිස්සු අපිට කන්න දෙයි කියලා කොහොමද විශ්වාස කරන්නේ.

"මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්.මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා." ඒත් දන්න දේ, දැනෙන දේ, හිතන දේ කියන්න ඕනේ. දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. ගහ කොළ ඉවරයි. සතා සීපාව ඉවරයි. ඊලඟට මිනිස්සු.

දැන් එක එක හුළං එනවා. කඳු කඩා පාත් වෙනවා. මුහුදු ගොඩ ගලනවා. ගංගා ඇල දොළ උතුරනවා. දන්නෙවත් නැති අලූත් ලෙඩ හැදෙනවා. මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මිනිස්සු ලෝකෙට කරපු කරන විනාසෙට හම්බ වෙන උත්තර තමයි මේ. පුදුම වෙන්න දෙයක් නැහැ.

දැන් අපි එක් එක්කෙනාට දෙස් දෙවොල් කියලා වැඩක් නැහැ. දියුණු වෙන්න ගිහින් මේ කරපු විනාසේ නවත්තමු. අපි ආපහු අත්තලාගේ මුත්තලාගේ ලෝකෙට යමු. නැත්නම් "මේ ලෝකේ මිනිස්සු කියලා සත්තු ජාතියක් ඉපදිලා අනිත් අයත් මරාගෙන ඒ සත්තු මැරුණා කියලා පිට ලෝක වල අය කියයි."

මේ වැඩිහිටි අයට මොනව කිව්වත් වැඩක් නැහැ. අපි අපේ දරුවන්ට ඇත්ත කියමු.

"අපි වැඩිහිටියෝ වුණාට මේ ලෝකේ ඉපදුන ලොකුම මෝඩයෝ අපි කියලා අපේ දරුවන්ට කියමු."

අපි කරපු මෝඩකම් නොකර තමන් කව්ද කියලා තෝරාගෙන, තමන්ට සෑහෙන තරමට ජීවත් වෙන්න ඒ අයට උගන්වමු. තමන් ජීවත් වෙන ගමන් අනිත් අයටත් ජීවත් වෙන්න ලෝකයක් ඉතුරු කරන හැටි ඒ අයට තේරුම් කරමු.

මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එකම එක පැලයක් හිටවලා, ඇටයක් හිටවලා, ඒ හැදෙන ගහට තමන්නේ යහළුවෙකුට වගේ, තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු. ඉරට, හඳට, තරුවලට, ගහට, කොළයට, මල්වලට, ගගට, ඇලට, විලට, වැවට විතරක් නෙවෙයි හීතලට, උණුසුමට, සුළඟට පවා ගරු කරන්න අපේ දරුවන්ට කියා දෙමු.

"එහෙම කළොත් අපේ පුංචි පැටව් අමාරුවෙන් හරි මේ ලෝකේ ආපහු හදාගනියි. ඒක දකින්න අපිට වාසනාව නැති වුනත් අපේ දරුවන්ට අපේ පුංචි කාළේ සතුට සැනසීම ලැබෙන එක ගැන හිතලා අපි සතුටු වෙමු."

ඌරුවරිගේ වන්නිලැත්තෝ

Copid

ඒ මේ කොයි අම්මත් ආදරෙයී ❤️❤️❤️
22/07/2023

ඒ මේ කොයි අම්මත් ආදරෙයී ❤️❤️❤️

Subscribe us on Youtube
22/07/2023

Subscribe us on Youtube

Huluganga Falls is a waterfall located at Huluganga Town, about 30 kilometers away from Kandy Town in on the way of Bambarella, in Kandy District in Sri Lank...

අපි හැමෝටම සිතන්නට යමක්....
21/07/2023

අපි හැමෝටම සිතන්නට යමක්....

Away from Childern 🤬🤬🤬
20/07/2023

Away from Childern 🤬🤬🤬

කොච්චර කිව්වත් වැඩක් වෙන්නේ නැති සිදුවිම් -  මස්කෙලිය ප්‍රදේශයේ සිදු වූ කණගාටුදායක සිදුවීම.මස්කෙලිය ප්‍රදේශයේ වතුකම්කරුව...
18/07/2023

කොච්චර කිව්වත් වැඩක් වෙන්නේ නැති සිදුවිම් - මස්කෙලිය ප්‍රදේශයේ සිදු වූ කණගාටුදායක සිදුවීම.

මස්කෙලිය ප්‍රදේශයේ වතුකම්කරුවන් පිරිසකට තේ වත්තක සිටි කොටි පැටවුන් දෙදෙනෙකු හමුවී ඇති අතර එම පැටවුන් වනජීවී දෙපාර්තමේන්තුවට ලබා දීම සඳහා මෙලෙස රැගෙනවිත් ඇතැයි වාර්තා වේ.

බොහෝ තේ වතු ආශ්‍රිතව කඳුකර කොටි වාර්තා වන අතර ඔවුන් තමන්ගේ පැටවුන් ඔවුන්ට ආරක්ෂිත යැයි සිතෙන ස්ථාන වල (තේ වතු ආශ්‍රිතව පවා) සඟවා දිවා කාලයේදී ආහාර සොයා යෑම සිදු කරයි.

එවැනි අවස්ථාවන් වලදී මෙලෙස කොටි පැටවුන් දුටුවිට බොහෝ දෙනා සිතන්නෙ අතරමං වී ඇති පැටුවුන් ලෙසය. එලෙස සිතා කොටි පැටවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීම සිදුකරයි. එලෙස සිදුකිරීම නිසාවෙන් සිදු වන්නෙ මවු සතුන්ගෙන් පැටවුන් වෙන්වීමයි. ඇතැම්විට නැවත මවු සතුන් වෙත කොටි පැටවුන් ලබා දීමට කටයුතු කලද මිනිසුන් විසින් කොටි පැටවුන් ඇල්ලීම නිසා මවු සතුන් පැටවුන් ප්‍රතික්ෂේප කරනු ලබයි. මවු සතුන් මෙන් 100% පැටවුන් පෝෂණය කිරීමේ හැකියාවක් වනජීවී නිලධාරීන්ටද නොහැකි අතර නැවත පැටවුන් වනාන්තරයට හුරු කිරීම අසීරු කටයුක්තක් නිසාවෙන් නිරෝගී වනජීවී සම්පතක් අපට අහිමි වේ.

එම නිසාවෙන් මෙලෙස යම්කිසි ස්ථානයක පැටවුන් දුටුවහොත් ඔවුනට එම ස්ථානයයේම ආරක්ෂක සලසා වනජීවී නිලධාරීන් දැනුවත් කිරීම කල යුතු වේ. එමගින් වනජීවී නිලධාරීන්ට පැටුවන් පිලිබඳව අධ්‍යානයේ නිරතව පැටවුන් අතරමං වී ඇත්දැයි නිගමනය කොට අවශ්‍ය කටයුතු සිදුකල හැකි වේ.

කොටි වාර්තාව වන ප්‍රදේශ වල ජනතාවගේ නොදැනුවත්කම නිසාවෙන් වටිනා වනජීවී සම්පත් අපට අහිමිවීම සිදුවන අතර. ඒ පිළිබඳව අදාල ආයතන හා නිලධාරීන් මැදිහත් වී ප්‍රජාව නිරන්තරයෙන්ම දැනුවත්කොට සංරක්ෂණය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතුව ඇත.

උපුටා ගැනීමකි

Camouflage - The natural colouring or form of an animal which enables it to blend in with its surroundings.
14/07/2023

Camouflage - The natural colouring or form of an animal which enables it to blend in with its surroundings.

𝓢𝓵𝓮𝓮𝓹𝔂_𝓕𝓪𝓶𝓲𝓵𝔂 😍 🐵🙈🙉🙊🐒
14/07/2023

𝓢𝓵𝓮𝓮𝓹𝔂_𝓕𝓪𝓶𝓲𝓵𝔂 😍 🐵🙈🙉🙊🐒

Rasfannu artificial beach
10/07/2023

Rasfannu artificial beach

Lovely 🌞🌞🌞
10/07/2023

Lovely 🌞🌞🌞

How glorious a greeting the sun gives the mountains.

කණාමැදිරි හතු  #මාතර
09/07/2023

කණාමැදිරි හතු #මාතර

මේ වගේ ආකල්ප එක්ක රටක් වෙනස් කරන්න සෑහෙන මහන්සි වෙන්න වෙයී.... 😥😥😥
07/07/2023

මේ වගේ ආකල්ප එක්ක රටක් වෙනස් කරන්න සෑහෙන මහන්සි වෙන්න වෙයී.... 😥😥😥

දුර්ලභ Scarab Beetle කෘමියෙක් 🐞🐞🐞Rare Scarab Beetle discovered during a walkCredit: Michael Farmer
07/07/2023

දුර්ලභ Scarab Beetle කෘමියෙක් 🐞🐞🐞

Rare Scarab Beetle discovered during a walk
Credit: Michael Farmer

උබ කොහේ හරි ගිහින් හවස ගෙදර එද්දී, කවුරුහරි උබගේ ගේ කුඩූ කරලා තියෙනවා දැක්කොත් මොනවා හිතෙයිද ? මිනිස්සු ඇයි මෙච්චරම ආත්ම...
05/07/2023

උබ කොහේ හරි ගිහින් හවස ගෙදර එද්දී, කවුරුහරි උබගේ ගේ කුඩූ කරලා තියෙනවා දැක්කොත් මොනවා හිතෙයිද ? මිනිස්සු ඇයි මෙච්චරම ආත්මාර්ථකාමී. 🥲🥲🥲

මිනිසුන්ව අතහැරීම සහ ස්භාදහමට ලංවීම.💔මේක තමයි මනුස්සයෙක් ජීවිතයේ පුරුදු විය යුතු හොඳම ස්කිල් එක. ඒ වගේම මානසික නිදහස පවත...
04/07/2023

මිනිසුන්ව අතහැරීම සහ ස්භාදහමට ලංවීම.💔

මේක තමයි මනුස්සයෙක් ජීවිතයේ පුරුදු විය යුතු හොඳම ස්කිල් එක. ඒ වගේම මානසික නිදහස පවත්වාගන්න කෙනෙක් ගාව තිබිය යුතු බලසම්පන්නම අවිය.

බොරුව මවා පෙන්වන මිනිසුන්ව, බොරු තරගයක් මවා ගත්තු මිනිස්සු අත්හරින්න.ඒ වෙනුවට සතා සීපාවට ලස්සන කොල පාට පිරුණු ගහ කොලට,රටාවට කඩා හැලෙන දිය සීරාවන්ට ආදරය කරන්න.

එතකොට ජිවිතය හරි නිදහස් .... ස්භාදහමට ලංවී ජීවිතය විදින්න ❤️.

04/07/2023

මේවා නම් මහා හෙණ ගහන වැඩ....😥😥😥😥
03/07/2023

මේවා නම් මහා හෙණ ගහන වැඩ....😥😥😥😥

Sorry and Safe journey මුතු රාජා 🥹🥹🥹♥️♥️♥️
02/07/2023

Sorry and Safe journey මුතු රාජා 🥹🥹🥹♥️♥️♥️

Address


Telephone

+94719491848

Website

Alerts

Be the first to know and let us send you an email when The HIKER posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The HIKER:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share