29/08/2021
“තමන්ගේ හොඳම 𝑻𝒓𝒂𝒗𝒆𝒍 𝑷𝒂𝒓𝒕𝒏𝒆𝒓 තමන්ම කරගන්න.”
ජීවිතේ තමන්ට මුණ ගැහෙන හොඳම Travel Partner තමයි තමන්. මම එහෙම කියන්නේ අවුරුදු 7ක් වගේ සුළු කාලයක් තුළදී මම දැකපු විඳපු අත්දැකීම් සහ සිද්ධීන් වලින්.
ජීවිත කාලය පුරාවට විවිධාකාර පුද්ගලයන් අපිට මුණගැහෙනවා, බැඳීම් ඇති වෙනවා. කොයිතරම් සමානකම් තිබ්බත් අපි කෙනෙක්ට කෙනෙක් වෙනස්. ඒ වෙනස්කම් නිසා අපි ඒ පුද්ගලයන් සමඟ අපේ ජීවිත ගලපගන්න උත්සාහ කරනවා. එක්කෝ අපි ඔවුන්ගේ ජීවන රටාවන්වලට අනුගත වෙනවා. නැතිනම් ඔවුන්ව අපේ ජීවන රටාවට අනුගත කරවා ගන්න උත්සාහ කරනවා. එතනදී බොහෝ වෙලාවට තමන්ට තමන් මඟහැරෙනවා. දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි තව කෙනෙක්ට කරන්නෙත් ඒ දේමයි.ඉතිං බැඳීමකින් සිදුවිය යුත්තේ තවත් කෙනෙක්ව සීමා කරන එකද?
ලෝකය දවසින් දවස වන දියුණුවත් එක්ක හැමදේම මුදල්මත තීරණයවන අවධියක , අපිට අපිවම අමතකවන තරමටම කාර්ය බහුලවෙලා. මේ පීඩනය දරාගත නොහැකි අවසාන මොහොතේ මේ හැමදේකින්ම මිදුණු මානසික සුවයක් හොයනවා. ඒ අලුත් ජවයකින් ආයෙම මේ Race එක දුවන්න. Travelling කියන්නේ මේ වගේ මොහොතකට කියාපු ඖෂධයක්.
Traveling කියන්නේ වාහනයක කොහේ හරි ගිහිල්ලා කාලා බීලා Photo ගහලා එන එක විතරක්ම නෙවෙයි. අපි ඒ ගතකරන හැම මොහොතක්ම , හැම හුස්මක්ම විඳින්න ඕනේ. ඒ පරිසර පද්ධතිවල වෙනස් වෙනස් අත්දැකීම් , සංස්කෘතිකමය දේවල්වල වෙනස අත්දකින්න ඕනේ. ඒකාකාරී ජීවන රටාවකට තවත් කොටු නොවී තමන්ට මගහැරුණු තමන්ව විඳින්න හොඳම අවස්ථාවක් තමයි සංචාරය කියලා කියන්නේ.
තවත් කෙනෙක් හෝ කණ්ඩායමක් සමඟ සංචාරය කරපු සුන්ඳර මතක ඔබට වගේම මටත් නැතුවාද නොවෙයි. ඒත් තවත් කෙනෙක් හෝ පිරිසක් සමඟ Travel කරද්දී ඇත්තටම තමන්ට තමන් කැමති විදිහට ඒ මොහොත විඳින්න පුළුවන් ද? බොහෝ විට සිදුවන්නේ තවත් අයට අනුගත වී ඒ අයගේ ඕනෑ එපාකම් අනුව හැඩ ගැහෙමින් කටයුතු කිරීමට සිදුවීමයි.
උදාහරණයක් අපි මෙහෙම ගමු. මම කැමති Beach එකේ ගොඩක් වෙලා ඉන්න. ඒත් මගේ Travel Partner ට ඒක Boring දෙයක් නම් එයා අව්වේ ඉඳලා Skin එක කැත වෙයි කියලා බයෙන් ඉන්න කෙනෙක් නම් එයාට ඕනේ වෙනවා එතනින් ඉක්මනට පිටත් වෙන්න. අන්න ඒ වෙලාවට මට එයා නිසා Beach එකට වෙලා ඉන්න තියෙන අවස්ථාව මගහැරෙනවා. මම කැමති Seafood කන්න. ඒත් මගේ Travel Partner Seafood කන්න අකමැති කෙනෙක්නම් හොඳ Seafood Restaurants මට මගහැරෙනවා. මම ආසයි Bike එකක Travel කරන්න. ඒත් මගේ Travel Partner Bike වල යන්න බය කෙනෙක්නම් මට ඒ අවස්ථාවත් නැතිවෙනවා.
අපි කන කෑම බීම , ඇඳුම් පැළඳුම් ,යාන වාහන , යන ස්ථාන , නවතින තැන් , යන එන වෙලාවල් හැමදේම තීරණය වෙන්නේ තවත් අයගේ කැමැත්ත සහ තීරණ පරිදි. පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ සිද්ධිය සාපේක්ෂව වෙනස් වෙන්න පුළුවන්. ඒත් බොහෝමයක් අවස්ථාවන්වල සිදුවන්නේ අපිට ලැබිලා තියෙන මේ කෙටි ජීවිත කාලයේ අපි විඳින්න කැමති දේවල් තවත් කවුරුන් හෝ නිසා අපිට මඟහැරෙන එක.
අන්න ඒ නිසාමයි මම තනියම සංචාරය කරන එක තෝරාගත්තේ. කෙනෙක්ට එක විකාර රූපී දෙයක් විදිහට හිතෙන්න පුළුවන්. කෙනෙක් මට දවසක් කියනවා " තනියම පුළුවන් ද බං ඇවිදින්න. කිසිම ආතල් එකක් නෑනේ" කියලා. මම නම් කියන්නේ තනියන ඇවිදින එක තමයි ආතල්ම කියලා. 😃 තමන් කැමති විදිහට යන තැන් , නවතින තැන් , වෙලාවන්, කෑම බීම, ඇඳුම් පැලඳුම් , ප්‍රවාහන මාධ්‍යයන් තෝරාගන්න පුළුවන් නිසා Solo Traveling කියන්නෙම තමන්ට තමන්ව විඳින්න පුළුවන් හරි අපූරු අත්දැකීමකට. මේ තුළින් අපිට පෞර්ෂය , ආත්ම ශක්තිය වැඩිදියුණු කර ගැනීමට හැකිවනවා සේම ඒ ඒ අවස්ථාවන්වලට අපි මුහුණදිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව ස්වයං අධ්‍යනයක නිරත වන්නට ලැබෙන මහඟු අවස්ථාවක්.තවත් කෙනෙක්ට වියදම් කරන්න අවශ්‍ය වෙන්නෙත් නැති නිසා Budget එක අතිනුත් Solo Traveling ගොඩක් වෙලාවට වාසිදායකයි. ඒ වගේම Solo Traveling වලට යොමු වුණ කෙනෙක් තවත් කෙනෙක්ගේ නිදහස සීමා කිරීමට උත්සාහ දරන්නේ නැහැ. ඒ පුද්ගලික නිදහස කියනදේ වටිනාකම පිළිබඳව ඔහු හෝ ඇය සතුව හොඳ අවබෝධයක් ඇති නිසා.
කොල්ලන්ට විතරක් නෙවෙයි කෙල්ලන්ටත් පුළුවන් Solo Travel කරන්න. ලෝකේ දැනට Solo Travel කරන කාන්තාවන් බොහෝමයක් සිටිනවා. ඔවුන්ගේ අත්දැකීම් හරිම අපුරුයි. අවශ්‍ය වන්නේ මනා අවබෝධයකින් හා අවධානයකින් යුතුව තැනට උචිත පරිදි කටයුතු කරමින් සංචාරය කිරීමයි.
ජීවත් වෙන හැම මොහොතක්ම විඳින්න. ජීවිතේ විඳින්න ලැබෙන කිසිම අවස්ථාවක් තවත් කවුරුත් නිසාවත් මගහැරගන්න එපා. මේ ජීවත් වෙන කෙටි කාලය තුළදී ඒ වගේ ලැබෙන එකම අවස්ථාව ඒක වෙන්න පුළුවන්. තමන් තමන්ම වෙන්න. තමන්ගේ ජීවිතේ හොඳම Travel Partner විතරක්ම නෙවෙයි තමන්ගේ හොඳම යහළුවා, Role Model තමන්ම කරගන්න. අන්න එදාට පුළුවන් වෙයි ඔයාට ඔයා ගැනම ස්වයං අභිමානයකින් යුතුව සැහැල්ලුවෙන් සතුටින් ජීවිතය ගෙවන්න. 💪
✍🏻 මම රෝන්දේ යන කෙල්ල UD 😎