කන්දෙ අයියා - Kande Bro

  • Home
  • කන්දෙ අයියා - Kande Bro

කන්දෙ අයියා - Kande Bro Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from කන්දෙ අයියා - Kande Bro, Travel Company, .

😍 colombu  🌿 Everyone
17/04/2024

😍 colombu 🌿 Everyone

සුභ අලුත් අවුරුද්දක් වේවා 😍M&S
14/04/2024

සුභ අලුත් අවුරුද්දක් වේවා 😍
M&S

07/04/2024

Edit කරගන්න ඕනී ඔයාලගෙ photo තියේනම් දාන්න 😍
කරලා දෙන්නම් අවුරුදු තෑගී

ජය ශ්‍රී මහබෝධිය 🙏🌿🌱🌼🌼✨️ජිවිතේ අවුරුදු 3ක කාලයක් මෙහෙ තමා ගෙවුනේ 😍✨️ ඔව් ඒ පින් බිමේ... 🌿🌱🌼🙏
03/04/2024

ජය ශ්‍රී මහබෝධිය 🙏🌿🌱🌼🌼✨️

ජිවිතේ අවුරුදු 3ක කාලයක් මෙහෙ තමා ගෙවුනේ 😍✨️ ඔව් ඒ පින් බිමේ... 🌿🌱🌼🙏

මේ ජීවිතේ හරි කෙටියි ! ආස තැන්වල යන්න ..ආස දේවල් කරන්න ..ආස කරන මිනිස්සු එක්ක ගැවසෙන්න ..උමතුවෙන් මෙන් සිනාසෙන්න ! මොකද ...
02/04/2024

මේ ජීවිතේ හරි කෙටියි !

ආස තැන්වල යන්න ..
ආස දේවල් කරන්න ..
ආස කරන මිනිස්සු එක්ක ගැවසෙන්න ..
උමතුවෙන් මෙන් සිනාසෙන්න !
මොකද මේ ගෙවෙන තත්පරෙත් ආයේ ගන්න බැරි අහිංසක මොහොතක් ..!!

Credit goes to ;නෙරීනා

02/04/2024

රුවන්වැලි සෑය 🙏🌼🌿🌱😍
අනුරාධපුර

Safe Travel Loku 😘🥰
01/04/2024

Safe Travel Loku 😘🥰

31/03/2024

😍Frist time try කරලා බැලුවේ..😍 වැඩේ හොදයී

insta360 one x2 bullet time

✨️Traveling Jaffna🏝️🏊🎃මේක plan කරලා ගියපු එකක් නෙවෙයි.😂. උදේ  එක්කෙනෙක් එක්ක යන්න හිටපු එකට හවස තව දෙන්නෙක් set වුනා...🙃...
19/03/2024

✨️Traveling Jaffna🏝️🏊

🎃මේක plan කරලා ගියපු එකක් නෙවෙයි.😂. උදේ එක්කෙනෙක් එක්ක යන්න හිටපු එකට හවස තව දෙන්නෙක් set වුනා...🙃

අනුරාධපුරෙන් හවස 4.00 pm train එකේ ගියේ යාපනට යනකොට 8.00 pm වගේ වුනා.. ඊලට අපිට තිබ්බෙ නවතින්න තැනක් හොයාගන්න එක ඇවිදලා ඇවිදලා නවතින්න තැනක් හොයාගත්තා

ඔයාලත් පුලුවන් තරම් උදෙන් ඇවිදින්න... නැත්තන් අමාරුයි... වෙනම රටකට ගියා වගෙ දැනෙන්නෙ.. කෑම බීම ඔක්කොම වෙනස්.. ඒ වෙනස විදින්න 😍

01.නල්ලූර් කන්දස්වාමි කෝවිල
02.Rio icecreem🍦
03.කෞතුකාගාරය🏴‍📚
04.පුස්තකාලය🏅
05.යාපනය කොටුව🖼️

හවස යාපනය කොටුවට වෙලා ඉන්න බලාගෙන යන්න ලස්සනයී ඒ තරමට..😍

දෙවෙනි දවස

01. පේදුරු තුඩුව🌅
02. කන්කසන්තුර beach🏝️🏊🤿

අදාල සංකෘතියට ගරු කරන්න... ☸️ මිනිස්සු ගොඩක් හොදයී... ගිහින් බලලා විදලා එන්න... 🌵🌵🌴

🔚

18/03/2024

සියල්ල හැරදා යා යුතු බව දැනගෙන ජීවත් වන්න 🌿🌼 page එක follow කරගෙන යන්න

Morning vibe 🌼🌱🌿😍
17/03/2024

Morning vibe 🌼🌱🌿😍

Check out කන්දෙ අයියා (Kande Bro)'s video.

16/03/2024

අපි සෑම විටම සංචාරකයන් පමණි.






ජීවිතයට සුන්දර 🌼 මතකයන් එක්කල මිනිසුන් මතකයක් පමණක් වීම දුකකි😔
15/03/2024

ජීවිතයට සුන්දර 🌼 මතකයන් එක්කල මිනිසුන් මතකයක් පමණක් වීම දුකකි😔

අපි අතරමං වුනේ.... අපි තෝරගත්ත පාරවල් වලමයී... 🌼
15/03/2024

අපි අතරමං වුනේ....
අපි තෝරගත්ත පාරවල් වලමයී... 🌼

⛰️ගොන්ගල🦌🦌ගොන්ගල යන නාමය මෙම කඳු පන්තියට හිමිව ඇත්තේ මෙහි කඳු මුදුන ගොනෙකුගේ හිසාකාර ගල්පර්වතයක් මෙන් පිහිටීමත් එකල මෙම ...
15/03/2024

⛰️ගොන්ගල🦌

🦌ගොන්ගල යන නාමය මෙම කඳු පන්තියට හිමිව ඇත්තේ මෙහි කඳු මුදුන ගොනෙකුගේ හිසාකාර ගල්පර්වතයක් මෙන් පිහිටීමත් එකල මෙම ප්‍රදේශය ගොනුන්ගේ රාජධානියක් වීම නිසා ත් බව විශ්වාස කෙරේ.මෙම කඳු පන්තිය පිහිටා ඇත්තේ මාතර දිස්ත්‍රික් මායිමේ පිහිටි දෙනියාය නගරයට ආසන්නයේ ය.

location
-https://maps.app.goo.gl/NBTXv9XT9bw7k7y47

🌕අඩි 4455 ⛰️

කතාව කෙටියෙන් ...

මුලින් ගියේ සූරියකන්ද ටවර් ටික ලගට.. එක විස්තර පසුව දාන්නම්.අපි ගොන්ගලට යනකොට 6.00 pm වගේ වෙලා තිබ්බේ එතකොට පාර පෙන්නෙ නැති තරමට මීදුම පුලුවන් ඉක්මනට අපි tent එක අටවාගත්තා ඒ වෙලාවෙ වැස්සක් පටන් ගත්ත නිසා... හුලගයි මීදුමයී පොඩි පොදකුයී මුලු රෑ පුරාම තිබ්බා.. ලොකු අවුලක් නෑ සත්තු ඉන්න නිසා duty යක් ගියා අනිවාර්යයෙන් ඔයාලත් ඒක කරන්න ...

උදේ අවදි උනෙත් මීදුම මැදින් 😍 ඊට පස්සෙ තමා ගොන්ගල කන්ද තරනය කරන්න පටන් ගත්තේ... view එක ගැන කියල වැඩක් නෑ ඒ තරමට ලස්සනයී... යන්න කලින් එතන forces එකට කියලා යන්න... උදෙන් යන තරමට ලස්සනයී

එකම දෙයයි ඉල්ලන්න තියෙන්නෙ පා සටහන් විතරක් ඉතුරු කරලා එන්න.. කුණු දාන්න එපා..විනාශ කරන්න එපා ලස්සන විතරක් විදලා එන්න 😍🌿🌞

Traveling Trincomalee 🏝️🏊🌱🌿🏕️අනුරාධපුරෙන් හවස 6 පිටත් වෙලා ගියේ google map එකේ ලග පාරක් සෙට් උනා 🤣😅 කියන්න සතුටුයී වෙනදා...
14/03/2024

Traveling Trincomalee 🏝️🏊🌱🌿🏕️

අනුරාධපුරෙන් හවස 6 පිටත් වෙලා ගියේ google map එකේ ලග පාරක් සෙට් උනා 🤣😅 කියන්න සතුටුයී වෙනදා වගේමයී රෑ 9.00 ට විතර කැලයක් සෙට් උනා අලි ඉන්න ගමේ අය කිවුවා ඒ පාරේ රෑ යන්න බෑ කියලා... 😂 හරි සනීපයී අපි සෙට් එක අයේ හබරනට ගිහිම් එතනින් කන්තලේට ගියා මොකද අපේ camping බඩු ගන්න තිබ්බෙ එතනින්....කන්තලේට යනකොට උදේ 2.00 යි ...

ඉන්න තැනක් සෙට් කරගෙන කට්ටිය නිදාගත්තා🌕 උදේ කන්තලෙන් 7.00 වගේ ත්‍රිකුණාමලයට යන්න පිටත් උනේ මුලින්ම අපු 1 වනි දවසේ මේ තැන් ටිකට යන්න පුලුවන් උනා🌞

😍කෙන්නියා උණු වතුර ලිං
😍ගෝකණ්ණ රජමහා විහාරය
😍තිරුකෝනේෂ්වරම් දේවාලය
😍jungle beach

අපි ටවුන් එකෙන් බඩු අරගෙන පුලුවන් ඉක්මනට 🏊 නිලාවෙලි beach එකට ගියා ගිහිම් camping එකට ....

🌱 2 වනි දවස⏳

උදේ 4 ඉදන් නැගිටලා ඔක්කොම ඒ තරමට ලස්සනයී... morning view එක.😍🌼

ඊලග ඉලක්කය

😍ගිරිහඬු සෑය / Girihandu Seya
😍පිච්චමල් විහාරය ( දිව්‍යලෝකයක් එකනම් )

දවල් ඇවිදින්න අමාරුයී... 🌅පුලුවන් තරම් උදෙන් ගමන යන්න ඔයාලට ලෙසි වේවී

කුණු දාන්න එපා.. මුවන් වගේ සත්තු ඉන්නවා
ලස්සන විතරක් විදලා විනාශ කරන් නැතුව එන්න.. 🌱🏊🚣🌿😍

location 🏕️

🏝️කෙන්නියා උණු වතුර ලිං
https://maps.app.goo.gl/QkAUiey7yXRuYn756

🏝️ගෝකණ්ණ රජමහා විහාරය
https://maps.app.goo.gl/hc7wx9oyrv31ajHc6

🏝️තිරුකෝනේෂ්වරම් දේවාලය
https://maps.app.goo.gl/bRNZsZ1dBYLvkb5i7

🏝️ගිරිහඬු සෑය / Girihandu Seya
https://maps.app.goo.gl/ntzy5dKf9iBkGM5b7

🏝️පිච්චමල් විහාරය
https://maps.app.goo.gl/T9aeR7jf5FuhYA5t8

🌿මරෙයිවත්ත සදගලතැන්න හරහා සිරිපා කරුණාව🌱🐅 අපි ගමන පිටත් උනේ නුවරින් උදේ  9.00 හැටන් බස් එකක හැටන් වලට යද්දි උදේ 11.00 වග...
28/02/2024

🌿මරෙයිවත්ත සදගලතැන්න හරහා සිරිපා කරුණාව🌱🐅

අපි ගමන පිටත් උනේ නුවරින් උදේ 9.00 හැටන් බස් එකක හැටන් වලට යද්දි උදේ 11.00 වගේ උනා එතනින් සැහැල්ලු ආහාර ගන්න නැත්තන් වෙන තැනක් ගන්න තැනක් නෑ... හැටන් වලින් නල්ලතන්නි බස් එකක ගිහිම් මුල්ගම හන්දියේ බහින්න..12 45 pm උනා අපිටනම් එතන බහිද්දි.😍

එතන ඉදන් මරෙයිවත්ත පාරේ 10km වගේ ගිහිම් තියනවා රාජමලෙයී වලට එතන ඉදන් රක්ෂිතය පටන් ගන්න තැනට පොඩි දුරයි තියෙන්නෙ...පයින් යන අයට shortcut එකක් තියේ ඕන කෙනෙක්ගෙන් අහන්න කියනවා. ( බස් 3 ක් ඒ පාරෙ යනවා සුවර් කරන්න බෑ එවා ) 😥

කැලේ පටන් ගන්න කලින් පොඩි ගෙවල් ටිකක් එහෙම තියනවා බයික් , වාහන එතන දාන්න පහසුකම් තියනවා. අපි එතනින් පිටත් වෙනකොට 2.20pm වගේ වෙලා තිබුනේ පොඩි පාරක් තියෙන්නෙ ටිකක් ඉස්සරහට යනකොට පොඩි ඇල පාරක් තියේ වාරෙ ඒ ඇල පාර විතරයි හම්බෙන්නෙ..එතනින් වතුර ගන්න .. අයේ මලුවට යනකම්ම වතුර ගන්න තැනක් නෑ..😥 ( කඩවල් තියෙන්නෙ මහගිරිදබේ හරියේ එව්ගෙන් පුලුවන් )

සදගලතැන්නට යනකොට 3.00pm වගේ වෙලා තිබුනා එතන හොදට ගිමන් හැරලා කෑම කන්න පුලුවන් එතන... ඇල පාර තියෙන්නෙ මෙතනට පොඩ්ඩක් කලින් එක නිසා අවුලක් නෑ වතුර ගන්න..🌿🤗

දවාලේ ගියොත් ඕනෑම කෙනෙකුට යන්න පුලුවන් .. සබ්ද අඩු කරලා පාඩුවේ ගියොත් කිසිම කරදරයක් නෑ... 3km වගේ තියෙන්නෙ අපි හැටන් පාරට 4 15 වෙනකොට ගියා එතන ඉදන් පොඩි දුරයි මලුවට තියෙන්නෙ.😍.

පාර ලස්සනයී... අරන් ගියපු මුකුත් දන්න එපා 😥
පරිසරයට හානියක් කරන්න එපා ... ගොඩක් සත්තුන්ට බලපානවා එහෙම කරොත්...
ලස්සන විතරක් විදලා පරිස්සමට ගිහින් එන්න..😍🌱🌼🌿

Good Morning 🌱
28/02/2024

Good Morning 🌱

පොඩි දේ උනත් සතුටින් දෙන්න ඕනි...මුකුත් බලාපොරොත්තු නොවී...එතනයි නිදහස... 🌱🌿😍Good Night
27/02/2024

පොඩි දේ උනත් සතුටින් දෙන්න ඕනි...
මුකුත් බලාපොරොත්තු නොවී...
එතනයි නිදහස... 🌱🌿😍

Good Night

Nalanda Gedige (Central point of Sri Lanka)නාලන්ද ගෙඩිගෙ (ශ්‍රී ලංකාවේ හරි මැද)මාතලේ සිට 35km ක් සහ දබුල්ල නගරයේ සිට 25k...
27/02/2024

Nalanda Gedige (Central point of Sri Lanka)

නාලන්ද ගෙඩිගෙ (ශ්‍රී ලංකාවේ හරි මැද)

මාතලේ සිට 35km ක් සහ දබුල්ල නගරයේ සිට 25km පමණ ඇත.බෝවතැන්න ජලාශයෙන් වට වූ මනරම් පරිසරයකින් 🌿 සහ සිසිලසෙන් යුක්ත ප්‍රදේශයකි.මෙය ලංකාවේ මධ්‍ය ලෙස සහ විවිධ ආගමික විශ්වාසයන් මෙය සමග බැදී පවතී...✨

මෙම අගනා නිර්මාණය කවුරු විසින් කරන ලද්දක්ද යන්න තවමත් තහවුරු කර නොමැත ?
දකුණු ඉන්දීය පල්ලව වාස්තු විද්‍යා ලක්ෂණ සහිත අප රටේ එකම ගොඩනැගිල්ල නාලන්ද ගෙඩිගෙය යි.

මේ ගැන් මුලින්ම ලිඛිතව සදහන් වන්නේ 1893 හි ඉංග්‍රීසීන් ගේ වාර්තා වලට අනුවය...👨‍🏫 පසු කාලයක මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සංවර්ධන කරන ලදී...

ගොඩනැගිල්ල මැද පිහිටි ගර්භය තුළ ඇත්තේ අභය මුද්‍රාවෙන් යුත් හිටි බුද්ධ ප්‍රතිමාවකි....🙏

දැකිය හැකි දේවල්
¢ ටැම් ලිපිය
¢ පල්ලව සම්ප්‍රදායට සමීප වාස්තු නිර්මාණ සහ කැටයම් (ක්‍රි.ව 6-9)
¢ සදකඩ පහන
¢ ශිලා ස්තම්භ 24
¢ බුද්ධ ප්‍රතිමාව
¢ කළුගල් උළුවස්ස
¢ කෞතුකාගාර

ලස්සන තැනක් ✨🌿 යන්න පරිසරය වීනාශ කරන්නේ නැතුව 🌏

Location - https://maps.app.goo.gl/2YHG54ekzq4A5eN66

Address


Telephone

+94703225169

Website

Alerts

Be the first to know and let us send you an email when කන්දෙ අයියා - Kande Bro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to කන්දෙ අයියා - Kande Bro:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share