Sri Lankan Buses

  • Home
  • Sri Lankan Buses

Sri Lankan Buses Can copy but no substitute...
ලංකීය ප්‍රවාහන ක්ෂේත්‍රෙය් හද ගැස්ම...
(සැවොම කොපි කරන අපේ බස් කලාව
visit :- https://buses.lk
(40)

Can copy but no substitute...
(සැවොම කොපි කරන අපේ බස් කලාව)

Facebook එකට බස් ගෙනාපු අපි �

since 2012 �

[email protected]
http://www.youtube.com/SLBuses
SLBuses.Blogspot.com

සුබ අලුත් අවුරුද්දක් වේවා ... 🍂  💜️87/759 පේදුරුතුඩුව - රත්මලාන wpND - 9776අර්ධ සුඛෝපභෝගී ගාස්තු සේවාව  #පිටත්වීම ( කොළඹ...
13/04/2024

සුබ අලුත් අවුරුද්දක් වේවා ... 🍂

💜️
87/759 පේදුරුතුඩුව - රත්මලාන
wpND - 9776

අර්ධ සුඛෝපභෝගී ගාස්තු සේවාව

#පිටත්වීම ( කොළඹට )
පේදුරුතුඩුවෙන්
04.30am / 07.00pm / 08.00pm

රත්මලානෙන්
06.15am / 06.45pm / 06.30pm

කොළඹින්
08.20am / 09.00pm / 07.30pm

ආසන වෙන්කිරීම් සහ වෙනත් විස්තර
021 2263266

#ගමන්_මාර්ගය
පේදුරුතුඩුව, නෙල්ලියඩි, තොණ්ඩමනාරු, කොඩිකාමම්, මුරුසුවිල්, මූහමලේ, පලෙයි, අයියකච්චිය, අලිමංකඩ, උමයාන්පුර, පරන්තන්, කිලිනොච්චිය, ඉරණමඩු, මුරුකණ්ඩි, කොකාවිල්, මාන්කුලම්, පෙර්යකුලම්, කනගරායනන්කුලම්, පුලියන්කුලම්, ඕමන්තෙයි, තාන්ඩිකුලම්, වව්නියාව, ගල්කන්දේගම, සියඹලාගස්වැව, පූනෑව, මැදවච්චිය, ඉකිරිගොල්ලෑව, රඹෑව, මාන්කඩවල, සාලියපුර, යාපනය හන්දිය, නිවන්තකචේතිය, අනුරාධපුර, දහයියාගම හන්දිය, II කණුව, පණ්ඩුලගම, මහබුලන්කුලම, නොච්චියාගම, කලාඔය, සාලියවැව, කරුවලගස්වැව, පුත්තලම, මුන්දලම, මදුරන්කුලිය, හලාවත, කාක්කපල්ලිය, තෝප්පුව, මීගමුව, කටුනායක, ජාඇල, මහබාගේ, වත්තල පෑලියගොඩ, කොළඹ, කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන ... 👍👍

Daya Fullday Express දෙණියාය 60 කොළඹ 🚫දෙනියායෙන් පිටත්වීම පෙ.ව.03.30📍 අකුරැස්සට ලගාවීම් පෙ.ව. 04.55📍 ගාල්ලට ලගාවීම පෙ.ව....
12/04/2024

Daya Fullday Express
දෙණියාය 60 කොළඹ
🚫දෙනියායෙන් පිටත්වීම පෙ.ව.03.30
📍 අකුරැස්සට ලගාවීම් පෙ.ව. 04.55
📍 ගාල්ලට ලගාවීම පෙ.ව. 05.40
📍අම්බලන්ගොඩට ලගාවීම පෙ.ව. 06.15
📍 කොළඹට ලගාවීම පෙ.ව. 08.30

🚫 නැවත කොළඹින් පිටත්වීම පෙ.ව 11.15
📍 දෙහිවලට ලගාවීම පෙ.ව. 11.50
📍 අම්බලන්ගොඩට ලගාවීම ප.ව.02.00
📍 අකුරැස්සට ලගාවීම ප.ව. 03.50
📍 දෙනියායට ලගාවීම ප.ව. 05.00

දු.අ. 0774833557/ 0769367775

___ Amalie Travels ගැන Amalie කියන කතාව ___මම අමාලි. අමාලි ට්‍රැවල්ස් එකේ අමාලි. අපේ තාත්තට තමයි අමාලි බස් තිබුණේ. අමාලි...
06/04/2024

___ Amalie Travels ගැන Amalie කියන කතාව ___

මම අමාලි. අමාලි ට්‍රැවල්ස් එකේ අමාලි. අපේ තාත්තට තමයි අමාලි බස් තිබුණේ. අමාලි එකේ සුදු අයියා කිව්වම ගොඩක් අය අපේ තාත්තව අඳුනනවා.පහුගිය මාස කිහිපයෙම “අමාලි ට්‍රැවල්ස්” ගැන පෝස්ට්, වීඩියෝස් කිහිපයක්ම ශෙයා වුන නිසා මමයි, මගේ නංගිලා දෙන්නයි, මල්ලී මේ ගැන වෙලාවක් හම්බුණගමන්ම ලියන්න හිතුවා. අමාලි ට්‍රැවල්ස් එක සැපයූ සේවාව තවමත් අගය කරන, අමාලි ට්‍රැවල්ස් එකට මොකද උනේ කියලා තාමත් හොයන අයට ස්තුති කරමින් අපි මෙහෙම පටන් ගන්නම්.

දෙදාහ දශකයේ මුල් භාගයේ බස් හැට ගණනක් මගින් මිනිස්සුන් දස දහස් ගණනකට සේවාව සැපයු, සිය ගණනකට රස්සාවල් දුන්, සාමාන්‍ය සේවා ගාස්තු යටතේ දුර සේවා පැවැත්වූ බස් ව්‍යාපාරයක් තමයි අමාලි ට්‍රැවල්ස් කියන්නේ. අපේ තාත්තා මුලින්ම බස් ව්‍යාපාරය පටන් ගන්නේ කොළඹ- බදුල්ල 99 රූට් එකේ බස් දහයකින්. ඊට පස්සේ තමයි ඉතුරු බස් ටිකම අපි ගන්නේ. හැබැයි පෞද්ගලික ආයතනයක් විදිහට බස් සේවාව ස්ථාපිත කරන්න කලින් කොළඹ - බදුල්ල 99 රූට් එකේ එක බස් එකක් අපේ තාත්තාට මම පොඩි කාලේ ඉදලම තිබුණා.

අපේ සියලුම බස් වල
- ඉස්කෝලෙ ළමයින්ගෙන් ටිකට් ගත්තේ නෑ . පාසල් ළමුන් ප්‍රවාහනය කලේ සම්පුර්ණ නොමිලේ.
- භික්ෂුන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු අනිකුත් සියලුම ආගමික පුජකවරුන් ප්‍රවාහණය කලේ නොමිලේ.
- ත්‍රිවිද හමුදාව ඇතුළු පොලිසියේ සියලු දෙනාට ඕනෑම ගමනාන්තයක් දක්වා ටිකට් දෙකක් නොමිලේ ලැබුණා.
- බදුල්ල රෝහලේ ලෙඩ්ඩු බලන වෙලාවට බදුල්ල නගරයේ සිට බදුල්ල රෝහල වෙත නොමිලේ ප්‍රවාහණ සේවාව සැපයුවා.
- මීට අමතරව සිදු කල අනෙකුත් සමාජ සත්කාර අපි මෙතන ලියන්න හිතුවේ නෑ.

මුලින්ම කොළඹ- බදුල්ල 99 රූට් එකට බස් දහයක් දාද්දි ඒ බස් රූට් එකේ ගොඩක්ම තිබුණේ A/C, අර්ධ සුකෝපභෝගී, අධි සුකෝපභෝගී බස් සේවාවන්. ඉතින් බදුල්ලේ ඉඳලා කොළඹට ටිකට් ගණන්. සාමාන්‍ය සේවා ගාස්තු යටතේ CTB බස් තිබුනත් ඒවා හරිම අතොලොස්සක් තමයි තිබුනේ. අමාලි බස් සේවාවෙන් කොළඹ- බදුල්ල 99 රූට් එකේ බස් වල අසාමාන්‍ය මිල ඒකාධිකාරය කැඩුවා කිව්වොත් හරි. අනික් බස් වලට වඩා අපේ බස්වල ටිකට් එකේ ගාන අඩුයි. බදුල්ලේ ඉඳන් කොළඹ යන්න අයකරේ රු.100/= යි. පැය භාගෙන් භාගේ වගේ මේ රූට් එකේ සාමාන්‍ය ගාස්තු යටතේ අපේ බස් ධාවනය කළා. මීට අමතර මුළු රට වටේම අපේ බස් වැඩකලා. අපි අලුතින්මත් රූට් කිහිපයක් ආරම්භත් කලා.
බදුල්ල - පානදුර
බදුල්ල - අලුත්ගම
බදුල්ල - ගාල්ල
බදුල්ල - මඩකලපුව
බදුල්ල - තාත්තන්කුඩිය
බදුල්ල - ත්‍රීකුනාමලේ
බදුල්ල - අනුරාධපුර
බදුල්ල - කටුනායක අපේ බස් වැඩ කල රූට් කිහිපයක්.

කාගේද අමාලි ට්‍රැවල්ස්? ගොඩක් අය හිතුවා මේ බස් හිටපු කතානායක වි ජ මු ලොකු බණ්ඩාරගේ කියලා. මම දැක්ක තව කව්ද ලියලා තියනවා මේ බස් නිමල් සිරිපාල ද සිල්වාගේ කියලා. තවත් අය ඇහුව මේ බස් ගත්තේ අපේ අම්මට කැන්සර් එකක් හැදිලා ඉද්දි තාත්ත අම්මව බලන්න යන ගමන් ගත්ත ටිකට් එකක් ඇදිලාද කියලා. මේ කතා ඔක්කොම බොරු. මේවා මේ කාගෙවත් බස් නෙවෙයි. බස් ව්‍යාපාරය ආරම්භ කරන්න කලින්, අපේ අම්මටයි තාත්තටයි තිබ්බ දේවල් පෙන්නලා මේ බස් ඔක්කොම අපි ලීසිං ක්‍රමයට තමා මිලදී ගත්තේ.

අමාලි ට්‍රැවල්ස් එකට මොකද උනේ? ගොඩක් අයට ප්‍රශ්ණයක්. අපි දැක්කා කට්ටිය විවිධාකාර හේතු ලියාලා තියනවා. ඇත්තම හේතු ටික මෙතන කෙටියෙන් ලියන්නම්. මුල්ම බස් දහය අරන් ඉතුරු බස් ටික ගත්තාගෙන් පස්සේ, කොළඹ - බදුල්ල 99 රූට් එකේ සියලුම බස්හිමියන් සහ බදුල්ල CTB ඩිපෝව අපේ බස් අවිධිමත් බලපත්‍ර යටතේ ධාවනය කරනවා කියලා අමාලි බස් ධාවනය නතර කරන තුරු අඛන්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළා. මේ කාල සීමාවේදී පළාත් සභා විසුරුවාහැර තිබුණ නිසා, එවකට සිටි බදුල්ල පළාත් ආණ්ඩුකාරවරයා මේ ප්‍රශ්ණය විසදන තුරු අපේ බස් සියල්ල තාවකාලිව නතරකරන්න නියෝග කළා. පළාත් සභාව යළි ආරම්භ කරණ තුරු මාස හයකට වැඩි කාලයක් බස් ධාවනය උනේ නෑ. ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් විධිමත් පරීක්ශණයකින් පස්සේ අපේ ධාවන බලපත්‍ර විධිමත් බවත්, නැවත බස් සියල්ල ධාවනයට අවසර ඇති බවටත් ඌව පළාත් සභාපති දැණුම් දුන්නා. බස් සියල්ලම මාස හයකටත් වැඩි කාලයක් එක තැන නවත්තලා තියෙද්දී කොහොමද අපි ලීසිං වාරික ගෙවන්නේ? බස් වල සේවකයන්ට පඩි? බස් එක තැන නවත්තලා තිබ්බගෙන් පස්සේ එන කාර්මික දෝෂ.. මේ ඔක්කොම එක්ක අපි නැවත බස් සේවාවන් ආරම්භ කළා. නමුත් ඒ ආරම්භ ලේසි වුණේ නෑ. එවකට සිටි බදුල්ල පළාත් ප්‍රවාහන සභාපතිගෙන් අපිට නොයෙකුත් හිරිහැර වුණා. අපේ බස් වල කාලසටහන් සෑම එකකටම පෙර වෙනත් බස් රථ ධාවනය කිරීමට බලපත්‍ර දුන්නා. ඔහුගේ බල ප්‍රදේශය නිසා, බදුල්ල ස්ටෑන්ඩ් එකේ මගීන් පටවාගත් බස් වලින් මගීන් බැස්සවා බස් ධාවනය අවහිර කළා. මේවට ක්‍රියාමාර්ග ගැනීමට කොළඹ හයි කෝට් වල පවා නඩු දන්නා වුණා. මේ සියල්ල විසදගෙන මාස දෙකක් යද්දී ලීසිං කොම්පැනි වලින් සහ බැංකු වලින් බස් සීස් කරන්න පටන් ගත්තා. මොකද බස් ගොඩක ෆිනෑන්ස් ඇරියස්. අන්තිමට අනික් වත්කම් විතරක් නෙවෙයි, අපි පොඩිකාලේ ඉඳලා හිටිය ගෙදර පවා බැංකුවකින් වෙන්දේසි දැම්මා. මට තාම මතකයි පලවෙනි බස් එක ලීසිං කොම්පැණියකින් අරන් යද්දී තාත්තා කිවුවා, මගේ දරුවෙක් අරන් ගියා වගේ කියලා. පහුගිය ටිකේ video එකක තිබ්බ බස් වත් අනික් එක බස් එකක්වත් අපිට අයිති නෑ. බස් හැම එකක්ම ලීසිං කොම්පැනි වලින් වෙන්දේසි දැම්මා.නොයෙකුත් කතා පැතිරෙද්දී, අමාලි කම්පනිය වැටෙන්න වුන ඇත්ත හේතු තමා මේ.

අපේ තාත්තා අපි දැන් මොකද කරන්නේ? ගොඩක් අය මේ ප්‍රශ්නය අහලා තිබ්බා. අම්මයි, තාත්තියි මේ හැම ප්‍රශ්න ඇතුලෙම අපිට හොදට ඉගැන්නුවා. ඒ ලැබුණ පන්නරයෙන් අපි තාමත් රට රටවල් වල ගිහින් උසස් අධ්‍යාපනය හදාරනවා. අපිව නිසි වයස් වලදී අපේ යුතුකම් සේරම පුළුවන් උපරිම කළා. දැන් ඒ දෙන්නා බණ්ඩාරවෙල සුළු පරිමාණයෙන් මල් ව්‍යාපාරයක් කරන්, ආච්චි, සීයයි කෙනෙක් වෙලා විශ්‍රම සුවයෙන් සැතුටින් කල් ගෙවනවා. ජිවිතේ කියන්නේ ඇතිවීම් වගේම නැතිවීම් වල එකතුවක්. ඒ යථාර්තයට මුහුණදෙමින්, ආපස්ස හැරී බලද්දී රටට, සමාජයට කර ඇති සේවාවට සතුටු වෙමින් අපි අපේ ජීවිත සතුටින් සැනසීමෙන් ගෙවනවා.

අමාලි බස් සේවාවට ආදරය කළ, තවමත් ඒ ගැන හොයන සියලු දෙනාටම ස්තුතියි!

© 2024 Amali Dahara de Silva
Post එක සහ Photos උපුටා ගැනීම A Dahara de Silva ගේ Fb Profile එකෙන්.හිමිකම ඇය සතුයි ✌️

Kavinda highway express සමාගම සතුව තිබූ Ashok leyland luxura මාදිලියේ බස් රථ දෙකක් අද අලුයම ඇතිවූ ගින්නකින් සම්පූර්ණයෙන්...
22/03/2024

Kavinda highway express සමාගම සතුව තිබූ Ashok leyland luxura මාදිලියේ බස් රථ දෙකක් අද අලුයම ඇතිවූ ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා..

සම්පූර්ණ ඡායාරූප අයිතිය Kasun Chamara සතුයි..

19/03/2024

යෝර්ක් වීදියේ අපූරු හැන්දෑව - 🌸🤍"මන්දාරම් කොළඹ" 🤍🌸

Date: 22nd March 2024
Venue: York Street, Colombo.
Time: 6.00PM Onwards
Tickets: General- 3000.00 |
VIP- 7000.00

Ticket Link: https://www.ticketsministry.com/concerts/mandaram-kolamba/65c4d717189bf

Call for More Info: 070 707 7474

Can copy but no substitute...
ලංකීය ප්‍රවාහන ක්ෂේත්‍රෙය් හද ගැස්ම...
(සැවොම කොපි කරන අපේ බස් කලාව
vis

ලස්සන බස් . . . 🍂  - එඬේරමුල්ල 💜️38 මීගහකිවුල - කොළඹ ND - 0609අර්ධ සුඛෝපභෝගී ගාස්තු සේවාව  #පිටත්වීමමීගහකිවුලෙන් 01.20am...
18/03/2024

ලස්සන බස් . . . 🍂

- එඬේරමුල්ල 💜️
38 මීගහකිවුල - කොළඹ
ND - 0609

අර්ධ සුඛෝපභෝගී ගාස්තු සේවාව

#පිටත්වීම
මීගහකිවුලෙන් 01.20am
මහියංගණයෙන් 02.15am
මහනුවරින් 04.00am

කොළඹින් 02.40pm
මහනුවරින් 06.10pm
මහියංගණයෙන් 08.35pm

කොළඹට 06.15am
මීගහකිවුලට 09.25pm

ආසන වෙන්කිරීම් සහ වෙනත් විස්තර සඳහා
011 2945885
071 5959080
071 6210095

#ගමන්_මාර්ගය
මීගහකිවුල, මාපාකඩ, මහියංගණය, හසලක, හුන්නස්ගිරිය, මැදමහනුවර, කුණ්ඩසාලේ, මහනුවර, පේරාදෙණිය, කඩුගන්නාව, මාවනැල්ල, කෑගල්ල, වරකාපොල, පස්යාල, නිට්ටඹුව, තිහාරිය, යක්කල, මිරිස්වත්ත, බැලුම්මහර, ඉඹුල්ගොඩ, කඩවත, කිරිබත්ගොඩ, පෑලියගොඩ හරහා කොළඹ ... 👍👍👍

We are SRI LANKAN BUSES, Join with us ☺️

- 𝘓𝘪𝘬𝘦 𝘢𝘯𝘥 𝘍𝘰𝘭𝘭𝘰𝘸 𝘶𝘴 𝘰𝘯 𝘍𝘢𝘤𝘦𝘣𝘰𝘰𝘬 -
https://www.facebook.com/SLBuses/

- 𝘝𝘪𝘴𝘪𝘵 𝘰𝘶𝘳 𝘞𝘌𝘉 -
www.buses.lk

- 𝘋𝘰𝘸𝘯𝘭𝘰𝘢𝘥 𝘰𝘶𝘳 𝘈𝘗𝘗 -
https://play.google.com/store/apps/details?id=lk.ruhuna.gsayesh.buseslk

2009 වර්ෂයේ වාලච්චේන Al-Hizma ‍‍‍‍පෙර පාසලේ සිඟිත්තන්ගේ වාර්ෂික විනෝද චාරිකාව සඳහා මහනුවර ඓතිහාසික පුරවරය දක්වා ගමන් කිර...
16/02/2024

2009 වර්ෂයේ වාලච්චේන Al-Hizma ‍‍‍‍පෙර පාසලේ සිඟිත්තන්ගේ වාර්ෂික විනෝද චාරිකාව සඳහා මහනුවර ඓතිහාසික පුරවරය දක්වා ගමන් කිරීමට ‍පෙරපාසැල් ගුරුතුමිය සහ දෙමාපියන් එකඟ වී තිබූ අතර,ඒ සඳහා ඔවුන් පුද්ගලික බස් රථයක්ද තෝරාගෙන තිබුණි.

2009 වර්ෂයේ මැයි මස 16 වැනිදා උදෑසනම කුඩා දරු දැරියන් 26ක්ද ගුරුවරියන් සහ දෙමාපියන්ද ඇතුළුව 70ක් පමණ පිරිසක් රැගත් බස් රථය වාලච්චේන නගරයෙන් පිටත් වූයේ දහසක් ප්‍රීති ප්‍රමෝදයන් මධ්‍යයේය.

දරුවන්ගේත් වැඩිහිටියන්ගේත් බඩු බාහිරාදියට අමතරව ආහාර පිසීමටද සූදානම්ව සිටි ඔවුන් ඒ සඳහා ගෑස් සිලින්ඩරයක්ද බස් රථයට පටවාගෙන තිබුණි. එය ඔවුන්ට මාරකයක් වෙතැයි ඒ අවස්ථාවේ නම් කිසිවෙකුත් නොසිතන්නට ඇත.

බස් රථයේ සියල්ලෝම පාහේ ගීත ගයමින් විනෝදයෙන් ගමන් කළ අතර, ඒ නිසාම තම රියදුරා බසය ධාවනය කරන්නේ ඉතා අපරික්ෂාකාරීව බව ඔවුන්ට තේරුම් නොයන්නට ඇත.ඇතැම්විට එය ඔවුන්ගේ මාරයාගේ හෝරාව නිසා වන්නටද ඇත.

කෙසේහෝ වැලිකන්ද සෙවණපිටිය ප්‍රදේශයට ඔවුන් පැමිණෙන විට සෙවණපිටිය දුම්රිය හරස්මාර්ගයේ ගේට්ටුව වසා දමා තිබුණේ ගල්ඔය හන්දියේ සිට මඩකළපුව දක්වා ධාවනය වන මිශ්‍ර දුම්රිය තව නොබෝ වේලාවකින් මාර්ගය හරහා ගමන් කරන බැවිනි.

ඉන්ධන ගැල් 02ක්, භාණ්ඩ පැටවූ ගැල් සහ මගී මැදිරිද රැගෙන ධාවනය වූ මිශ්‍ර දුම්රිය රැගෙන පැමිණියේ මෙරට දුම්රිය සේවයේ ප්‍රබලතම එන්ජිමක් වන ටොන් 79ක් පමණ බරැති M2B-595 කැනේඩියානු දැවැන්තයායි.

දැවැන්ත දුම්රිය එන්ජිමේ නළා ශබ්දය ඈතින් ඇසෙද්දීත් දුම්රිය හරස් මාර්ගයේ අනතුරු සංඥා හඩ දෙමින් තිබියදීත් කුඩා දරුවන් ඇතුළු මිනිස් ජීවිත රැසක වගකීම දශමයකට මායිම් නොකළ එදින බස් රිය පැදවූ අබ්දුල් මජීඩ් මොහොමඩ් මුසම්මිල් නම් රියදුරා විනාඩියක කිහිපයක වටිනාකම වෙනුවෙන් මිනිස් ජීවිත ගණනාවක් හිලව් කරමින්, බස් රිය වසා තිබූ දුම්රිය ආරක්ෂිත ගේට්ටු අතරින් හරස් මාර්ගයට ඇතුළු කරන ලද්දේ සිය රියදුරු හැකියාව ගැන අධිතක්සේරුවකිනි. එනමුත් එදින රියදුරුගේ තක්සේරුව මත සිටියේ වාසනාව නොවේ.

වේගයෙන් පැමිණි දුම්රිය අවට සිටි ජතතාවගේත් බස් රියේ සිටි අසරණයන්ගේත් මරහඩ මධ්‍යයේ හරස් මාර්ගය හරහා තිබූ බස් රියේ ගැටුණු අතර, දුම්රිය රියදුරු ක්ෂණිකව තිරිංග ක්‍රියාත්මක කළ නමුත් දැඩි ගම්‍යතාවකින් ධාවනය වූ දුම්රිය නතර වූයේ බස් රථයද සමග තවත් මීටර් 250ක් පමණ ඇදීගොසිනි.

ගැටීමත් සමග බස් රිය ගිනි ඇවිළුණු අතර, එහි තිබූ ගෑස් සිලින්ඩරය එම ගින්න ත්‍රීව කිරීමට තවත් මාරක දායකත්වයක් සපයන ලදී. ගිනි ගැනීම සහ පිපිරීම හේතුවෙන් දුම්රිය එන්ජිමටද අලාබ හානි සිදුව තිබුණි.

පිළිස්සුම් තුවාල සහ දුම්රිය ගැටුමෙන් ඇතිවූ තුවාල හේතුවෙන් 12 දෙනෙකු එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස මරණයට පත්වූ අතර ඒ අතර ‍‍පෙර පාසැල් දරුවන් 07 දෙනෙක්ද විය.
බස්රියේ ගමන් කළ ගැබිණි මාතාවකට අනතුර හේතුවෙන් දරුවා බිහිවී තිබූ අතර මව සහ ළදරුවා දෙදෙනාම මෙළොව හැරගොස් තිබුණේ අනුවේදනීය අයුරෙනි. රෝහල් ගත කිරීමෙන් පසුව තවත් තිදෙනෙක් මරණයට පත්වූ අතර නොහික්මුණු රියදුරෙකු නිසා අහිමි වූ සමස්ථ ජීවිත සංඛ්‍යාව 15ක් බවට සටහන් විය. එම බහුතරයක් මරණ සිදුව තිබුණේ දැඩි පිළිස්සුම් තුවාල හේතුවෙනි.

වැලිකන්ද සහ පොළොන්නරුව රෝහල් වෙත ඇතුළත් කරන ලද රෝගීන් සංඛ්‍යාව 46ක් වූ අතර ඉන් 32ක් කාන්තාවන් විය. කුඩා දරුවන් 17ක්ද එම තුවාලකරුවන් 46 දෙනා අතර විය.

අනතුරෙන් දිවි ගළවාගත් බස් රථ රියදුරා අධිකරණයට ඉදිරිත් කෙරෙනු අතර, ‍නොහික්මුණු රියදුරාගේ ක්‍රියාකලාපය සැලකූ ‍‍පොලිසිය ඔහුට විරුද්ධව අපරාධ චෝදනා නගා අධිකරණයට ඉදිරිපත් කරන ලදී. ඇප හිමිවීමත් සමග දිගින් දිගටම අධිකරණය මගහැර සිටි බස් රියදුරු නොමැතිව ‍පොළොන්නරුව මහාධිකරණයේ මෙම නඩුව විභාග කෙරුණු අතර, 2013.09.23 වැනිදා මහාධිකරණ විනිසුරු එස්.ඒ.අයි.එස්. සුරවීර මහතා විසින් මෙම අනතුරට බස් රියදුරු වැරදිකරු බව තීරණය කරමින් ජනාධිපතිවරයා විසින් නියම කරනු ලබන දිනක ප්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලා තැබීමට නියම කරමින් මරණීය දණ්ඩනය පනවන ලදී. රිය අනතුරක වැරදිකරුවෙකුට ලංකා ඉතිහාසයේ මරණීය දණ්ඩනය ලබාදුන් දෙවන අවස්ථාව මෙයයි

මෙයට ‍‍‍පෙර රිය අනතුරු සිදුවීමක් චේතනාන්විත මිනී මැරුමක් සේ සලකා මරණීය දණ්ඩනය නියම කරන ලද්දේ යාංගල්මෝදර දුම්රිය බස් අනතුරේ බස් රියදුරු සහ රිය සහායක වෙතය.

මෙම සිදුවීමේ වැරදිකරු දිගින් දිගටම අධිකරණය මගහැර සිටීම නිසා ඔහු නොමැතිව තීන්දුව ලබාදුන් අතර, වහාම වැරදිකරු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමට නියම විය. මෙසේ වර්ෂ 2013 දී මරණීය දණ්ඩනය ලබා සැඟව සිටි වැරදිකරු ‍වසර 10ට පසුව අහම්බෙන් මෙන් ‍‍පොලිස් අත්අඩංගුවට පත්වන්නේ ඊයේ එනම් 2024.02.14 වැනිදා වැලිකන්ද පොලිස් මාර්ග බාධකයේදී ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී ය.

ඡායාරූප අයිතිය - ගාමිණී ඔබේසේකර සහ sundaytimes

සටහන - දර්ශන චන්දිමාල්.

2023ත් සාර්ථකව අවසන් ... 😇  💜️15 යාපනය - කොළඹ KKSwpND - 5841අර්ධ සුඛෝපභෝගී ගාස්තු සේවාව  #පිටත්වීම යාපනයෙන් 06.00amකොළඹි...
31/12/2023

2023ත් සාර්ථකව අවසන් ... 😇

💜️
15 යාපනය - කොළඹ KKS
wpND - 5841

අර්ධ සුඛෝපභෝගී ගාස්තු සේවාව

#පිටත්වීම
යාපනයෙන් 06.00am
කොළඹින් 10.00am

#ගමන්_මාර්ගය;
යාපනය, අරියාලෙයි, නාවත්කුඩි, කයිතඩි, චාවකච්චේරී, අරසඩි, කොඩිකාමම්, මුරුසුවිල්, මූහමලේ, පලෙයි, අයියකච්චිය, අලිමංකඩ, උමයාන්පුර, පරන්තන්, කිලිනොච්චිය, ඉරණමඩු, මුරුකණ්ඩි, කොකාවිල්, මාන්කුලම්, පෙර්යකුලම්, කනගරායනන්කුලම්, පුලියන්කුලම්, ඕමන්තෙයි, තාන්ඩිකුලම්, වව්නියාව, ඉරට්ටපෙරියකුලම්, ගල්කන්දේගම, මහකුඹුක්ගොල්ලෑව, සියඹලාගස්වැව, පූනෑව, මැදවච්චිය, ඉකිරිගොල්ලෑව, රඹෑව, මිහින්තලේ, ගල්කුලම, තිරප්පනේ, වනමල්උයන, මරදන්කඩවල, 100 කණුව, ඔලුකරද, කැකිරාව, ඇලගමුව, දඹුල්ල, ගලේවෙල, මැල්සිරිපුර, ගොකරැල්ල, ඉබ්බාගමුව, කුරුණෑගල, දම්බොක්ක, පොල්ගහවෙල, වරකාපොල, නිට්ටඹුව, යක්කල, කඩවත හරහා කොළඹට ලගාවෙයි.

We are SRI LANKAN BUSES, Join with us ☺️

- 𝘓𝘪𝘬𝘦 𝘢𝘯𝘥 𝘍𝘰𝘭𝘭𝘰𝘸 𝘶𝘴 𝘰𝘯 𝘍𝘢𝘤𝘦𝘣𝘰𝘰𝘬 -
https://www.facebook.com/SLBuses/

- 𝘝𝘪𝘴𝘪𝘵 𝘰𝘶𝘳 𝘞𝘌𝘉 -
www.buses.lk

- 𝘋𝘰𝘸𝘯𝘭𝘰𝘢𝘥 𝘰𝘶𝘳 𝘈𝘗𝘗 -
https://play.google.com/store/apps/details?id=lk.ruhuna.gsayesh.buseslk

75 අම්පාර - අනුරාධපුර මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පොලොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේදී කැබ් රථයක් හා එකිනෙක ගැටීමෙන් ...
20/12/2023

75 අම්පාර - අනුරාධපුර මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පොලොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේදී කැබ් රථයක් හා එකිනෙක ගැටීමෙන් මෙලෙස අනතුරක් සිදුව තිබෙනවා ...

ඡායාරූප අයිතිය මුල් හිමිකරු සතුයි.

මාකුඹුර - බදුල්ල අතර ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ප්‍රදේශයේදී මෙලෙස මාර්ගයෙන් ඉවතට ලිස්...
09/12/2023

මාකුඹුර - බදුල්ල අතර ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ප්‍රදේශයේදී මෙලෙස මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් අනතුරක් සිදුව තිබුණා..

ඡායාරූප අයිතිය Accident 1st ..

කලුතර නාගොඩ ප්‍රදේශයේදී පනංගල සිට කොළඹ බලා ගමන් ගත් ලංගම බස්රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටීමෙන් මෙලෙස අනතුරක් සිද...
08/11/2023

කලුතර නාගොඩ ප්‍රදේශයේදී පනංගල සිට කොළඹ බලා ගමන් ගත් ලංගම බස්රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටීමෙන් මෙලෙස අනතුරක් සිදුව තිබුණා..

ඡායාරූප අයිතිය මුල් හිමිකරු සතුයි.

බදුල්ල සිට මාකුඹුර බලා ගමන්ගත් සුඛෝපභෝගී බස්රථයක් ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පෙරලීයාමෙන් මෙලෙස අනතුරක් සිදු...
03/11/2023

බදුල්ල සිට මාකුඹුර බලා ගමන්ගත් සුඛෝපභෝගී බස්රථයක් ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පෙරලීයාමෙන් මෙලෙස අනතුරක් සිදුව තිබෙනවා..

ඡායාරූප අයිතිය මුල් හිමිකරු සතුයි.

PRM EXPRESS ... 💙🔥  💜️EX- 01/96 - 211 කොලොන්න - කොළඹ spNF - 8287අධි සුඛෝපභෝගී ගාස්තු සේවාව  #පිටත්වීමකොලොන්නෙන් 02.45amඇ...
08/10/2023

PRM EXPRESS ... 💙🔥

💜️
EX- 01/96 - 211 කොලොන්න - කොළඹ
spNF - 8287

අධි සුඛෝපභෝගී ගාස්තු සේවාව

#පිටත්වීම
කොලොන්නෙන් 02.45am
ඇඹිලිපිටියෙන් 04.00am

කොළඹින් 10.45am
කඩුවෙලින් 11.45am

ආසන වෙන්කිරීම් සහ වෙනත් විස්තර සඳහා
076 4253700

We are SRI LANKAN BUSES, Join with us ☺️

- 𝘓𝘪𝘬𝘦 𝘢𝘯𝘥 𝘍𝘰𝘭𝘭𝘰𝘸 𝘶𝘴 𝘰𝘯 𝘍𝘢𝘤𝘦𝘣𝘰𝘰𝘬 -
https://www.facebook.com/SLBuses/

- 𝘝𝘪𝘴𝘪𝘵 𝘰𝘶𝘳 𝘞𝘌𝘉 -
www.buses.lk

- 𝘋𝘰𝘸𝘯𝘭𝘰𝘢𝘥 𝘰𝘶𝘳 𝘈𝘗𝘗 -
https://play.google.com/store/apps/details?id=lk.ruhuna.gsayesh.buseslk

මතුගම කොළඹ මාර්ගයේ ධාවනය වූ ලංගම බස්රථයක් මතට කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා සංකීර්ණය අසලදී විශාල ගසක් කඩා වැටීමෙන් අනතුරක් ...
06/10/2023

මතුගම කොළඹ මාර්ගයේ ධාවනය වූ ලංගම බස්රථයක් මතට කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා සංකීර්ණය අසලදී විශාල ගසක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. බස්රථය තුල සිරවී සිටින පිරිස් මුදාගැනීම සඳහා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා..

ඡායාරූප අයිතිය Accident 1st

79 වැලිමඩ - කොළඹ මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ නිට්ටඹුව - ගම්පහ මාර්ගයේ ධාවනය වූ තවත් පෞද්ගලික බස් රථයක් මහනුවර...
25/09/2023

79 වැලිමඩ - කොළඹ මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ නිට්ටඹුව - ගම්පහ මාර්ගයේ ධාවනය වූ තවත් පෞද්ගලික බස් රථයක් මහනුවර කොළඹ මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේදී එකිනෙක ගැටීමෙන් මෙලෙස අනතුරක් සිදුව තිබෙනවා..

ඡායාරූප අයිතිය Isuru Sarathchandra සතුයි

69 ඇඹිලිපිටිය - යාපනය මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බස් රථයක් කුරුණෑගල බෙලිගමුව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක ගැටීමෙන් අද අලුයම ...
24/09/2023

69 ඇඹිලිපිටිය - යාපනය මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බස් රථයක් කුරුණෑගල බෙලිගමුව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක ගැටීමෙන් අද අලුයම මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා..

ඡායාරූප අයිතිය මුල් හිමිකරු සතුයි.

නොසැලී පෙරට...❤️" මිනිසුන් වෙනුවෙන් නොනිදන මිනිසා " 🥰❤️J E T  L I N E R  0 7 💚•• Samarasinghe Transport Service sp NC 72...
22/09/2023

නොසැලී පෙරට...❤️

" මිනිසුන් වෙනුවෙන් නොනිදන මිනිසා " 🥰❤️
J E T L I N E R 0 7 💚

•• Samarasinghe Transport Service
sp NC 7288

•• ගමන් මාර්ගය

(x)තංගල්ල 32/87 යාපනය(S)
අර්ධ සුඛෝපභෝගී මගීප්‍රවාහන සේවය

•• පිටත්වීම්
තංගල්ලෙන් : ප.ව.05.10
කොළඹින් : ප.ව.10.30

යාපනයෙන් : ප.ව.06.30
කොළඹින් : පෙ.ව.03.40

•• ආසන වෙන්කිරීම සඳහා : 071 3080001
Samarasinghe Jet Liner

We are SRI LANKAN BUSES, Join with us ☺️

- 𝘓𝘪𝘬𝘦 𝘢𝘯𝘥 𝘍𝘰𝘭𝘭𝘰𝘸 𝘶𝘴 𝘰𝘯 𝘍𝘢𝘤𝘦𝘣𝘰𝘰𝘬 -
https://www.facebook.com/SLBuses/

- 𝘝𝘪𝘴𝘪𝘵 𝘰𝘶𝘳 𝘞𝘌𝘉 -
www.buses.lk

- 𝘋𝘰𝘸𝘯𝘭𝘰𝘢𝘥 𝘰𝘶𝘳 𝘈𝘗𝘗 -
https://play.google.com/store/apps/details?id=lk.ruhuna.gsayesh.buseslk

© 2023 Sri Lankan Buses ………………………………………………………

කොළඹ සිට එකම අසුනක යමුද යාපනේ . . . 🍂 #රංගිරි_මෝටර්ස් 💜️ 15 යාපනය - කොළඹ wpND - 9379අර්ධ සුඛෝපභෝගී ගාස්තු සේවාව  #පිටත්ව...
15/09/2023

කොළඹ සිට එකම අසුනක යමුද යාපනේ . . . 🍂

#රංගිරි_මෝටර්ස් 💜️
15 යාපනය - කොළඹ
wpND - 9379

අර්ධ සුඛෝපභෝගී ගාස්තු සේවාව

#පිටත්වීම
යාපනයෙන් 07.20am
කොළඹින් 10.00am

#ගමන්_මාර්ගය;
යාපනය, අරියාලෙයි, නාවත්කුඩි, කයිතඩි, චාවකච්චේරී, අරසඩි, කොඩිකාමම්, මුරුසුවිල්, මූහමලේ, පලෙයි, අයියකච්චිය, අලිමංකඩ, උමයාන්පුර, පරන්තන්, කිලිනොච්චිය, ඉරණමඩු, මුරුකණ්ඩි, කොකාවිල්, මාන්කුලම්, පෙර්යකුලම්, කනගරායනන්කුලම්, පුලියන්කුලම්, ඕමන්තෙයි, තාන්ඩිකුලම්, වව්නියාව, ඉරට්ටපෙරියකුලම්, ගල්කන්දේගම, මහකුඹුක්ගොල්ලෑව, සියඹලාගස්වැව, පූනෑව, මැදවච්චිය, ඉකිරිගොල්ලෑව, රඹෑව, මිහින්තලේ, ගල්කුලම, තිරප්පනේ, වනමල්උයන, මරදන්කඩවල, 100 කණුව, ඔලුකරද, කැකිරාව, ඇලගමුව, දඹුල්ල, ගලේවෙල, මැල්සිරිපුර, ගොකරැල්ල, ඉබ්බාගමුව, කුරුණෑගල, දම්බොක්ක, පොල්ගහවෙල, වරකාපොල, නිට්ටඹුව, යක්කල, කඩවත හරහා කොළඹට ලගාවෙයි.

We are SRI LANKAN BUSES, Join with us ☺️

- 𝘓𝘪𝘬𝘦 𝘢𝘯𝘥 𝘍𝘰𝘭𝘭𝘰𝘸 𝘶𝘴 𝘰𝘯 𝘍𝘢𝘤𝘦𝘣𝘰𝘰𝘬 -
https://www.facebook.com/SLBuses/

- 𝘝𝘪𝘴𝘪𝘵 𝘰𝘶𝘳 𝘞𝘌𝘉 -
www.buses.lk

- 𝘋𝘰𝘸𝘯𝘭𝘰𝘢𝘥 𝘰𝘶𝘳 𝘈𝘗𝘗 -
https://play.google.com/store/apps/details?id=lk.ruhuna.gsayesh.buseslk

කජුගම බටලීය පස්යාල ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් සහ ලංගම බස්රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් සුඛෝපභෝගී බස්...
30/08/2023

කජුගම බටලීය පස්යාල ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් සහ ලංගම බස්රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් සුඛෝපභෝගී බස් රථයේ රියදුරා ජීවිතක්ෂයට පත්ව බස්රථ දෙකෙහිම මගීන් රැසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා..

ඡායාරූප අයිතිය මුල් හිමිකරු සතුයි.

Nico ... 🌟🌟🌟  - Eravur 💜️ 48 කාත්තන්කුඩි - දෙහිවලepNC - 3569අර්ධ සුඛෝපභෝගී ගාස්තු සේවාව  #පිටත්වීමකාත්තන්කුඩි 08.00pmමඩක...
27/08/2023

Nico ... 🌟🌟🌟

- Eravur 💜️
48 කාත්තන්කුඩි - දෙහිවල
epNC - 3569

අර්ධ සුඛෝපභෝගී ගාස්තු සේවාව

#පිටත්වීම
කාත්තන්කුඩි 08.00pm
මඩකලපුවෙන් 08.30pm

කොළඹින් 12.30pm
කාත්තන්කුඩි වලට 08.30pm

#ගමන්_මාර්ගය
කාත්තන්කුඩි, කල්ලඩි, මඩකලපුව, චෙන්කලඩි, ඔට්ටමාවඩි, ත්‍රිකෝණමඩු , වැලිකන්ද, සෙවණපිටිය, කදුරුවෙල, පොලොන්නරුව, ජයන්තිපුර, ගිරිතලේ, මින්නේරිය, හබරණ, දිගම්පතහ, ඉනාමලුව, පැල්වෙහෙර, මිරිස්ගෝනියා හන්දිය, දඹුල්ල, ඉබ්බන්කටුව, පුවක්පිටිය, ගලේවෙල, ඔමාරගොල්ල, මැල්සිරිපුර, ගොකරැල්ල, තල්ගොඩපිටිය, ඉබ්බාගමුව, කුරුණෑගල, වදුරාගල, දම්බොක්ක, බුලුගොල්ල, පොතුහැර, පොල්ගහවෙල, වරකාපොල, දුම්මලදෙණිය, වේවැල්දෙණිය, රදාවඩුන්න, කජුගම, පස්යාල, නිට්ටඹුව, තිහාරිය, කලගෙඩිහේන, යක්කල, මිරිස්වත්ත, බැලුම්මහර, කිරිල්ලවල, කඩවත, කිරිබත්ගොඩ, කැළණිය, ඔරුගොඩවත්ත, කොළඹ, කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත හරහා දෙහිවල ... 👍👍👍

We are SRI LANKAN BUSES, Join with us ☺️

- 𝘓𝘪𝘬𝘦 𝘢𝘯𝘥 𝘍𝘰𝘭𝘭𝘰𝘸 𝘶𝘴 𝘰𝘯 𝘍𝘢𝘤𝘦𝘣𝘰𝘰𝘬 -
https://www.facebook.com/SLBuses/

- 𝘝𝘪𝘴𝘪𝘵 𝘰𝘶𝘳 𝘞𝘌𝘉 -
www.buses.lk

- 𝘋𝘰𝘸𝘯𝘭𝘰𝘢𝘥 𝘰𝘶𝘳 𝘈𝘗𝘗 -
https://play.google.com/store/apps/details?id=lk.ruhuna.gsayesh.buseslk

නිට්ටඹුව කොළඹ ප්‍රධාන මාර්ගයේදී 01 මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක පිටුපස 15 වව්නියාව - කොළඹ මාර්ගයේ ධාවනය වූ තවත්...
26/08/2023

නිට්ටඹුව කොළඹ ප්‍රධාන මාර්ගයේදී 01 මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක පිටුපස 15 වව්නියාව - කොළඹ මාර්ගයේ ධාවනය වූ තවත් පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් මෙලෙස අනතුරක් සිදුව තිබෙනවා..

ඡායාරූප අයිතිය මුල් හිමිකරුවන් සතුයි.

87 යාපනය - කොළඹ මාර්ගයේ ධාවනය වූ සුඛෝපභෝගී බස්රථයක් පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ දලුවකොටව ප්‍රදේශයේදී ගිනිගැනීමට ලක්වී...
24/08/2023

87 යාපනය - කොළඹ මාර්ගයේ ධාවනය වූ සුඛෝපභෝගී බස්රථයක් පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ දලුවකොටව ප්‍රදේශයේදී ගිනිගැනීමට ලක්වීමෙන් මෙලෙස අනතුරක් සිදුව තිබුණා ...

ඡායාරූප අයිතිය Accident 1st ..

මැල්සිරිපුර පන්ලියද්ද ප්‍රදේශයේදී 69 ඇඹිලිපිටිය සිට යාපනය දක්වා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන්...
14/08/2023

මැල්සිරිපුර පන්ලියද්ද ප්‍රදේශයේදී 69 ඇඹිලිපිටිය සිට යාපනය දක්වා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙලෙස අනතුරක් සිදුව තිබුණා.

ඡායාරූප අයිතිය මුල් හිමිකරු සතුයි

Nothern SLTB beauty ... 🍂  💜️87/759 පේදුරුතුඩුව - රත්මලාන wpND - 9946අර්ධ සුඛෝපභෝගී ගාස්තු සේවාව  #පිටත්වීම ( කොළඹට )පේද...
09/08/2023

Nothern SLTB beauty ... 🍂

💜️
87/759 පේදුරුතුඩුව - රත්මලාන
wpND - 9946

අර්ධ සුඛෝපභෝගී ගාස්තු සේවාව

#පිටත්වීම ( කොළඹට )
පේදුරුතුඩුවෙන්
04.30am / 07.00pm / 08.00pm

රත්මලානෙන්
06.15am / 06.45pm / 06.30pm

කොළඹින්
08.20am / 09.00pm / 07.30pm

ආසන වෙන්කිරීම් සහ වෙනත් විස්තර
021 2263266

#ගමන්_මාර්ගය
පේදුරුතුඩුව, නෙල්ලියඩි, තොණ්ඩමනාරු, කොඩිකාමම්, මුරුසුවිල්, මූහමලේ, පලෙයි, අයියකච්චිය, අලිමංකඩ, උමයාන්පුර, පරන්තන්, කිලිනොච්චිය, ඉරණමඩු, මුරුකණ්ඩි, කොකාවිල්, මාන්කුලම්, පෙර්යකුලම්, කනගරායනන්කුලම්, පුලියන්කුලම්, ඕමන්තෙයි, තාන්ඩිකුලම්, වව්නියාව, ගල්කන්දේගම, සියඹලාගස්වැව, පූනෑව, මැදවච්චිය, ඉකිරිගොල්ලෑව, රඹෑව, මාන්කඩවල, සාලියපුර, යාපනය හන්දිය, නිවන්තකචේතිය, අනුරාධපුර, දහයියාගම හන්දිය, II කණුව, පණ්ඩුලගම, මහබුලන්කුලම, නොච්චියාගම, කලාඔය, සාලියවැව, කරුවලගස්වැව, පුත්තලම, මුන්දලම, මදුරන්කුලිය, හලාවත, කාක්කපල්ලිය, තෝප්පුව, මීගමුව, කටුනායක, ජාඇල, මහබාගේ, වත්තල පෑලියගොඩ, කොළඹ, කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන ... 👍👍

We are SRI LANKAN BUSES, Join with us ☺️

- 𝘓𝘪𝘬𝘦 𝘢𝘯𝘥 𝘍𝘰𝘭𝘭𝘰𝘸 𝘶𝘴 𝘰𝘯 𝘍𝘢𝘤𝘦𝘣𝘰𝘰𝘬 -
https://www.facebook.com/SLBuses/

- 𝘝𝘪𝘴𝘪𝘵 𝘰𝘶𝘳 𝘞𝘌𝘉 -
www.buses.lk

- 𝘋𝘰𝘸𝘯𝘭𝘰𝘢𝘥 𝘰𝘶𝘳 𝘈𝘗𝘗 -
https://play.google.com/store/apps/details?id=lk.ruhuna.gsayesh.buseslk

සෙමි වලින් නෝමල් වලට මාරු වෙන අය ..   💜️ 49 ත්‍රිකුණාමලය - කොළඹ epND - 7466සාමාන්‍ය ගාස්තු සේවාව  #ගමන්_මාර්ගයත්‍රිකුණාම...
05/08/2023

සෙමි වලින් නෝමල් වලට මාරු වෙන අය ..

💜️
49 ත්‍රිකුණාමලය - කොළඹ
epND - 7466

සාමාන්‍ය ගාස්තු සේවාව

#ගමන්_මාර්ගය
ත්‍රිකුණාමලය, අනුරාධපුර හන්දිය, කච්චරතිව්, සිංහකන්ද, තඹලගමුව, සාලියපුර හන්දිය, කන්තලේ, අග්බෝපුර, හබරණ, දිගම්පතහ, ඉනාමලුව, පැල්වෙහෙර, මිරිස්ගෝනියා හන්දිය, දඹුල්ල, ඉබ්බන්කටුව, පුවක්පිටිය, ගලේවෙල, ඔමාරගොල්ල, මැල්සිරිපුර, ගොකරැල්ල, තල්ගොඩපිටිය, ඉබ්බාගමුව, කුරුණෑගල, වදුරාගල, දම්බොක්ක, බුලුගොල්ල, පොතුහැර, පොල්ගහවෙල, වරකාපොල, දුම්මලදෙණිය, වේවැල්දෙණිය, රදාවඩුන්න, කජුගම, පස්යාල, නිට්ටඹුව, තිහාරිය, කලගෙඩිහේන, යක්කල, මිරිස්වත්ත, බැලුම්මහර, කිරිල්ලවල, කඩවත, කිරිබත්ගොඩ, කැළණිය, ඔරුගොඩවත්ත, හරහා කොළඹ .. 👍👍

මෙම බස්රථ චක්‍රීය පැළලි කාලසටහන් ක්‍රමවේදය අනුව ධාවනයට එක්කර ඇත.

We are SRI LANKAN BUSES, Join with us ☺️

- 𝘓𝘪𝘬𝘦 𝘢𝘯𝘥 𝘍𝘰𝘭𝘭𝘰𝘸 𝘶𝘴 𝘰𝘯 𝘍𝘢𝘤𝘦𝘣𝘰𝘰𝘬 -
https://www.facebook.com/SLBuses/

- 𝘝𝘪𝘴𝘪𝘵 𝘰𝘶𝘳 𝘞𝘌𝘉 -
www.buses.lk

- 𝘋𝘰𝘸𝘯𝘭𝘰𝘢𝘥 𝘰𝘶𝘳 𝘈𝘗𝘗 -
https://play.google.com/store/apps/details?id=lk.ruhuna.gsayesh.buseslk

එදා රණබිමෙන් කොලොම්තොට බලා ....   💜️ 87/82 කෝකිලායි - කොළඹ wpNE - 0050අර්ධ සුඛෝපභෝගී ගාස්තු සේවාව ( 87/82 Kokilai - Colo...
04/08/2023

එදා රණබිමෙන් කොලොම්තොට බලා ....

💜️
87/82 කෝකිලායි - කොළඹ
wpNE - 0050

අර්ධ සුඛෝපභෝගී ගාස්තු සේවාව

( 87/82 Kokilai - Colombo )

#පිටත්වීම
කෝකිලායි වලින් 11.30pm
මුලතිව් වලින් 12.15am
කොළඹින් 12.20pm

#ළඟාවීම
කොළඹට 07.55am
මුලතිව් වලට 08.40pm

#ගමන්_මාර්ගය
කෝකිලායි, ආලම්පිල්, පුලාමරිප්පු, මුලතිව්, ඔඩ්ඩුසුඩාන්, තච්චඅඩම්පන්, මාන්කුලම්, කනගරායන්කුලම්, පෙරියකුලම්, පුලියන්කුලම, ඕමන්තේ, කොක්එලිය, වවුනියාව, ගල්කන්දේගම, සියඹලාගස්වැව, පූනෑව, මැදවච්චිය, ඉකිරිගොල්ලෑව, රඹෑව, මාන්කඩවල, සාලියපුර, යාපනය හන්දිය, නිවන්තකචේතිය, අනුරාධපුර, දහයියාගම හන්දිය, II කණුව, පණ්ඩුලගම, මහබුලන්කුලම, නොච්චියාගම, කලාඔය, සාලියවැව, කරුවලගස්වැව, පුත්තලම, මුන්දලම, මදුරන්කුලිය, හලාවත, කාක්කපල්ලිය, තෝප්පුව, මීගමුව, කටුනායක, ජාඇල, මහබාගේ, වත්තල පෑලියගොඩ හරහා කොළඹ .. 👍👍

ආසන වෙන්කිරීම් සහ වෙනත් විස්තර සඳහා
077-6008272

ගමන් කාලය පැය 08.35
සම්පුර්ණ දුර 410km

ලියාපදිංචි අංක wpNE - 0050 දරණ Lanka ashok leyland viking turbo ආසන 58 Sundaram TVS (Global) coach builders වෙතින් බඳ නිෂ්පාදිත බස්රථය කොළඹ බැස්ටියන් මාවත දුරගමන්සේවා නැවතුම්පොළේදී ...

We are SRI LANKAN BUSES, Join with us ☺️

- 𝘓𝘪𝘬𝘦 𝘢𝘯𝘥 𝘍𝘰𝘭𝘭𝘰𝘸 𝘶𝘴 𝘰𝘯 𝘍𝘢𝘤𝘦𝘣𝘰𝘰𝘬 -
https://www.facebook.com/SLBuses/

- 𝘝𝘪𝘴𝘪𝘵 𝘰𝘶𝘳 𝘞𝘌𝘉 -
www.buses.lk

- 𝘋𝘰𝘸𝘯𝘭𝘰𝘢𝘥 𝘰𝘶𝘳 𝘈𝘗𝘗 -
https://play.google.com/store/apps/details?id=lk.ruhuna.gsayesh.buseslk

57 මීගලෑව - කොළඹ මාර්ගයේ ධාවනය වූ ලංගම බස්රථයක් සහ ප්‍රයිම් මූවර් රථයක් තුල්හිරිය ප්‍රදේශයේදී එ⁣කිනෙක ගැටීමෙන්‍ සිදුවූ අ...
02/08/2023

57 මීගලෑව - කොළඹ මාර්ගයේ ධාවනය වූ ලංගම බස්රථයක් සහ ප්‍රයිම් මූවර් රථයක් තුල්හිරිය ප්‍රදේශයේදී එ⁣කිනෙක ගැටීමෙන්‍ සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් මඟීන් රැසක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා..

ඡායාරූප අයිතිය මුල් හිමිකරු සතුයි.

98 මොණරාගල - කොළඹ මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ගොඩකවෙල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පෙරළී යාමෙන් අද උදෑසන සිදුවූ අන...
30/07/2023

98 මොණරාගල - කොළඹ මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ගොඩකවෙල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පෙරළී යාමෙන් අද උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයන් 13කට අධික ප්‍රමාණයක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා..


98 මොණරාගල - කොළඹ
wpNC - 5222

ඡායාරූප අයිතිය මුල් හිමිකරුවන් සතුයි

15/07/2023

රියදුරාගේ නොසැලකිලිමත් තකතීරු රිය ධාවනය හේතුවෙන් අනතුරට ලක්වන 99 බදුල්ල - කොළඹ බස් රථය .. 👍 CCTV දර්ශන

බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්⁣ගයේ දෙමෝදර ජල පවිත්‍රාගාරය අසලදී 99 බදුල්ල සිට කොළඹ බලා ගමන්ගත් පෞද්ගලික බස්රථයක් අද උදෑසන...
15/07/2023

බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්⁣ගයේ දෙමෝදර ජල පවිත්‍රාගාරය අසලදී 99 බදුල්ල සිට කොළඹ බලා ගමන්ගත් පෞද්ගලික බස්රථයක් අද උදෑසන මෙලෙස මාර්ගයෙන් ඉවතට පෙරලී ගොස් අනතුරට ලක්ව තිබෙනවා..

අනතුරෙන් මඟීන් කිහිපදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා..


99 බදුල්ල - කොළඹ
sgNB - 9308

ඡායාරූප අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Address


Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Buses posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lankan Buses:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share