Global village❤️
Global Village Dubai❤️🥀
ඩුබයි ඉන්න ඔයාලා යන්න ඕනම තැනක්. ඒ වගේම ඩුබයි විසිට් කරන්න එන්න ඉන්න අයත් දැන්ම ලිස්ට් එකට දාගන්න 😍පොඩි අයට වගේම ලොකු අයටත් විනෝද වෙන්න රෑට ලස්සන තැනක්. හවස 6න් පස්සෙ තමයි යන්න පුලුවන්....
ග්ලෝබල් විලේජ් එක ගැන කියනවනම් රටවල් ගණනාවක විවිධ සංස්කෘතීන් , ඒ ඒ රටවල් වලට ආවේණික උන ගොඩක් දේවල් එක්ක හැදුන තැනක්. හරියටම කිව්වොත් ලෝකයේ ගොඩක් රටවල් එකම තැනක් තියෙනවා වගේ😀 ඉතින් එහෙනම් ගිහින්ම බලමුකො❤️
#travelwithshenboys #dubai #globalvillage #dxb #dubailifestyle #travelling #travelphotography #travellife #holiday #vacationplanner #foryou #fypシ゚ #fypシ゚viral #foryoupage #dubai
ෂේන් බබාලගෙ ලස්සන දවස් වලින් තවත් එක දවසක්.... ❤️
ෂේන් බබාලගෙ ලස්සන දවස් වලින් තවත් එක දවසක්. ...♥️
පුංචි පැටව්ගෙ හිත් සනසන්න මහ ලොකු දේවල් ඕන නෑ... ලැබෙන හැම දවසක්ම හැම තත්පරයක්ම එයාලව සතුටින් තියන්න,ලස්සන මතක එකතු කරන්නයි අපි උත්සහ කරන්නේ♥️🥹
එන්න බලන්න එයාලා සතුටු උන විදිහ එහෙනම්☺️
Zip Line Experience❤️
Zip Line experience ❤️
නුවරඑළියේ යන්න ඉන්න අය යන්න ඕනම තැනක් මෙන්න...
🍓🍓🍓Jagro Farm Fresh Strawberries - Nuwaraeliya 🍓🍓🍓
නුවරඑළියේ සිට Blackpool - අඹේවෙල - පට්ටිපොල - හෝර්ටන් තැන්න මාර්ගයේ පිහිටා තිබෙන Jagro strawberries 🍓 ගොවිපොළ ඉතාමත් රසවත් සහ ගුණාත්මක භාවයෙන් ඉහළ අතුරුපස වර්ග මෙන්ම strawberries ඇසුරින් සෑදූ විවිධ ආහාර වර්ග සහිත අවන්හලකි. ලන්කාවේ වෙනත් ගොවිපලවල් සමග සැසදීමෙදී, මෙහි ඇති strawberries රසයෙන් මෙන්ම ගුණාත්මක බවෙන්ද ඉහලය. Jagro strawberries සහ අතුරුපස, මිලෙන් අධික උවත් ඉහල ගුනාත්මක බවකින් පාරිභෝගියාට ලබාදෙන නිසා එහි මිල ගනන් සාදාරන යැයි සිතේ.
Cheesecakes, Brownies, Pancakes, Cookies, Waffles, Ice cream, Tart's සහ Cakes සමග මුසු කල strawberries සහිත අතුරුපස රස නහර පිනා යන රසකින් යුක්ත වේ. විවිධාකාරෙයේ අතුරුපස වලින් සමන්විත මෙම අවන්හල, ඉතාමත් අලන්කාර මල් වත්තකින් මෙන්ම හිත නිවන වටපිටාවකින් සමන්විත වේ.
📷goprohero11black
𝘛𝘢𝘬𝘦 only 𝘮𝘦𝘮𝘰𝘳𝘪𝘦𝘴, 𝘭𝘦𝘢𝘷𝘦 only 𝘧𝘰𝘰𝘵𝘱𝘳𝘪𝘯𝘵𝘴.....👣🍂🌿
#travelwithshenboys #jagrofarm #freshstrawberries
ඔන්න ඉතින් අපි මුලින්ම ගියේ නුවරඑළියේ ෂේන් බබාලාගෙ අප්පච්චිගෙ යාළුවෙක්ගෙ නවාතැනකට. අපි නවතින්නනම් නෙවෙයි ගියේ නිකන් බලලා යන්න. හැබැයි එතනදි බබාලා දෙන්න ආසම දෙයක් කන්න හම්බුනා නැවුම් පිටින්ම😋🥕🥕🥕🐰🐰🐰
මේ දෙන්නා හරිම ආසයි කැරට් කන්න. ඉස්කෝලේ කෑම එකේ ව්‍යාංජන වලට ගොඩක් වෙලාවට අමු කැරට් අනිවාර්යයෙන් එකතු වෙනවා. ගෙදර ඉද්දිත් න්තරම කැරට් කනවා.ආසාවෙන් කන එලවළුවක් තියෙනවනම් කැරට් තමයි උඩින්ම තියෙන්නෙ.
ඉතින් ෂේන් බබාලට ලස්සනම ලස්සනට හදලා තිබුන පාත්ති වලින් එයාලගෙ අතින්ම ගලවලා නැවුම් පිටම කැරට් කන්න අවස්ථාවක් හම්බුනා. අයියයි මල්ලි හාවෝ දෙන්නෙක් වගේ කැරට් කන්න ගත්‍තා. 🤣උදේම උනත් බඩ පිරෙනකන්ම කැරට් කෑවා දෙන්නා🥕🥕🥕🐇🐇🐇
කැරට් විතරක් නෙවෙයි රතු අලත් වගා කරලා තිබුනා.
📷goprohero11black
𝘛𝘢𝘬𝘦 only 𝘮𝘦𝘮𝘰𝘳𝘪𝘦𝘴, 𝘭𝘦𝘢𝘷𝘦 only 𝘧𝘰𝘰𝘵𝘱𝘳𝘪𝘯𝘵𝘴.....👣🍂🌿
#travelwithshenboys #nuwaraeliya #visitSriLan
ඔන්න ෂේන් බබාලගෙ ඊලග travel එක අරන් එන්නයි හදන්නෙ.
මේ පාර අපි ගියේ ෂේන් බබාලා යන්නම ඕන කියලා ආසාවෙන් හිටපු තැනකට. ඒතමයි අපි කවුරුත් ආස සීතල නුවරඑළිය එහෙම නැත්නම්
පුංචී එංගලන්තේ | Little England - Sri Lanka
📌️ Nuwara Eliya | Sri Lanka 🇱🇰👣🌳
එහෙනම් අපි බලමු නුවරඑළියේ බබාලා එක්ක පරිස්සමින් ගිහින් බබලා එන්න පුළුවන් ලස්සන තැන් මොනවද කියලා.❤️
📷goprohero11black
𝘛𝘢𝘬𝘦 only 𝘮𝘦𝘮𝘰𝘳𝘪𝘦𝘴, 𝘭𝘦𝘢𝘷𝘦 only 𝘧𝘰𝘰𝘵𝘱𝘳𝘪𝘯𝘵𝘴.....👣🍂🌿
#travelwithshenboys #nuwaraeliya #visitSriLanka🇱🇰 #wonderofasia #travelling #travelphotography #travellife #holiday #vacation
දකුණේ පින් ඇති පින්බිම
වැවුරුකන්නල.❤️🙏☸️🇱🇰📷#_වැවුරුකන්නල_බුදුරජ_මහා_විහාරය
මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයේ දික්වැල්ල නගරයට පෙනෙන දුරින් මෙම සුප්‍රකට විහාරය ඉදිකොට ඇත. එකල වැව් දෙකකට සමීපව පිහිටි කුඩා කඳුගැටයක් මත ගිමන් හලක් පිහිටා තිබූ නිසා වැවුරුකන්නල නම ව්‍යවහාරයට පැමිණ තිබේ. විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩහිඳින නිසා මෙම ඉපැරණි පුදබිම වැවුරුකන්නල බුදුරජ මහා විහාරය ලෙස 1969 මාර්තු 2 වැනි දා සිට නම් කොට තිබේ. ඊට පෙර මෙම විහාරය සුදස්සනානන්ද විහාරය නමින් හඳුන්වන ලදී.
වැව්රුකන්නල බුදුරජ මහා විහාරයේ ඉතිහාසය මහනුවර යුගයේ රාජාධිරාජසිංහ යුගය දක්වා දිව යයි. එම රජතුමාගේ මඩකුඹුර වාසල දේවියගේ පුතා වැවුරුකන්නල පිහිටි ඉපැරණි ගිමන්හලෙහි භකෂූන් වහන්සේ කෙනෙකු ලෙස වාසය කොට ඇත. මහනුවරින් දුර ප්‍රදේශයක එලෙස වාසය කොට ඇත්තේ ආරකෂාව සඳහාය. උන්වහන්සේ ’රජකුමාර හි
හුම්මානය 🌊🏔🐾🐠🏕🧗♂️💦🕸🍃🧭🏊♂️🏖🌍
Blow Hole Hummanaya-Dikwella
දකුණු වෙරලේ පිහිටි ස්වභාව ධර්මයා විසින් කරන ලද අපුරු නිර්මාණයකි. හුම්මානයට දකුනේ බස් වහරෙන් “ කරිජ්ජමාලාව ” කියා ද හදුන්වයි. මාතර –හම්බන්තොට මාර්ගයේ 184 කි.මි කනුව අයත් වන්නේ නාකුළුගමුවටයි.
නාකුළුගමුවෙන් හැරී වෙරල තීරයට පිවිසිමට ප්‍රධාන මාර්ගයෙන්හැරී කි.මි1.5 පමන දුර ගෙවන විට කුඩා වැල්ල - වැලි කැලේ වෙරළ තීරයේ කදු ගැටයක් මත මෙම අපුරු ජල මල ස්ථානගතවේ. මුහුදු රැල්ලේ පීඩනයත් සමග විහිදී යාමට පෙර එක දිගට “ හුම්” ලෙසින් මුමනන හඩක් පිට කරනා බැවින් හුම්-ගාන ය හුම්මානය වු බවකි. අපේ රටේ ඇති මෙම හුම්මානය ලෝකයේ වෙනත් රටවල ඇති හුම්මාන හය අතරින් විශාලත්වයෙන් දෙවන තැන ගන්නා බව වාර්තා වේ.
නිරිත දිග මෝසම් වාරකන් සමයේ මුහුදු රල වේගවත්වු විට හුම්මානය වඩාත් ක්‍රීයාශීලි වි අඩි 40-50 පමන උසට අහස දෙසට ජල මලක්ව විහිදී යන අය
මිරිස්ස | Mirissa Beach 🌴🌊🏄♀️
Sri Lanka 🇱🇰
මිරිස්ස කියන්නේ ලංකාවේ දකුණු වෙරළ තීරයේ පිහිටි කුඩා නගරයකි,
දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මිරිස්ස කොළඹ සිට දකුණට ආසන්න වශයෙන් කි.මී 150 ක් දුරින් පිහිටා ඇති අතර
මුහුදු මට්ටමේ සිට මීටර් 4 ක උන්නතාංශයක පිහිටල තියෙනවා.
මිරිස්ස වෙරළ සහ රාත්‍රී ජීවිතය එය ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත් කරලා තියෙනවා.
මිරිස්ස ධීවර වරායක් වන අතර දිවයිනේ ප්‍රධාන තල්මසුන් සහ ඩොල්ෆින් නැරඹුම් ස්ථාන වලින් එකකි.
මිරිස්ස දකුණු වෙරළ තීරයේ ඇති විශාලතම ධීවර වරාය වන අතර එය tuna, mullet, snapper and butter fish සඳහා ප්‍රසිද්ධය.
1979 දී ප්‍රථම සංචාරක නවාතැනක් ඉදිකරන ලද නමුත් 1990 ගණන්වල මැද භාගයේදී නගරයට සංචාරක ව්‍යාපාරය ඉහළ යාමට පටන් ගත්තා.
- Copied -
📷gopro hero 9
𝘛𝘢𝘬𝘦 only 𝘮𝘦𝘮𝘰𝘳𝘪𝘦𝘴, 𝘭𝘦𝘢𝘷𝘦 only 𝘧𝘰𝘰𝘵𝘱𝘳𝘪𝘯𝘵𝘴.....👣🍂🌿
#travelwithshenboys #coconuttreehill #mirissa #visitSriLanka🇱🇰 #wonderofasia #travelling #travelphotography #travellife #holiday #vacation
නිලාවරී ළිඳ 🤴
Nilavarai Well 🐟
Jaffna, Sri Lanka 🇱🇰
🗺️🐎🏚️🍒🌳⛲🌻🗾
අපේ රටේ උතුරු කොටසේ පිහිටා තිබෙන යාපනය අර්ධද්වීපයට ඈත අතීතයේ පටන්ම ආර්ථික, දේශපාලනික හා පුරාවිද්‍යාත්මක වශයෙන් රටේ අනෙකුත් ප්‍රදේශ වලට වගේම වැදගත් තැනක් හිමිවෙනවා. මෑත කාලයේදී සිදුකරන ලද පර්යේෂණ වලින් උතුරු පළාත තුල නිෂ්චිතව හඳුනාගත් සහ දැනට හඳුනා නොගත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන 250 කට ආසන්න ප්‍රමාණයක් ඇති බව සොයාගෙන තිබෙනවා. මේ බොහෝමයක් ස්ථාන අද වෙනකොට දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ සංචාරක පාරාදීසයන් වෙලා තියෙනවා.
ඉතින් මේ කියන්න යන්නෙත් ඓතිහාසික පුරාවෘත්ත කිහිපයකටම නෑදෑකමක් තියෙන සුවිශේෂී ළිඳක් ගැන. ඒ තමයි යාපනය දිස්ත්‍රික්කයේ කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නවක්කන්නි ග්‍රාම නිලධාරි වසමේ පිහිටා තිබෙන නිලාවරී ළිඳ.
මේ ළිඳත් එක්ක බැඳී පවතින ජනප්‍රවාද කිහිපයක්ම තියෙනවා. ඒවගෙන් 3 ක් ව
ඉතින් බබලා රියෝ අයිස්ක්‍රීම් 🍦 කන්නත් ගියා. මලයාන් කැෆේ එකටත් ගියා. එතනදි ගත්ත පොඩි වීඩියෝ දෙකක්.😁 රියෝ අයිස්ක්‍රීම් ගන්නනම් ඉතින් ගොඩක් වෙලා ඉන්න ඕන. ඒ තරමටම සෙනග. මලයාන් කැෆේ එක ගැන කියනවන්ම් අපිට හරියට අපිට ඕන කරපු දේවල් ලැබුනෙ නෑ ඔවුන්ගෙ සිදුවූ අතපසුවීමක් නිසා😣
𝘛𝘢𝘬𝘦 𝘮𝘦𝘮𝘰𝘳𝘪𝘦𝘴, 𝘭𝘦𝘢𝘷𝘦 𝘧𝘰𝘰𝘵𝘱𝘳𝘪𝘯𝘵𝘴.....👣🍂🌿
#travelwithshenboys #rioicecream #malayancafe #jaffana #visitSriLanka🇱🇰 #wonderofasia #travelling #travelphotography #travellife #holiday #vacation