18/12/2020
special offer බුන්දල bundala safari LKR 4000 morning or afternoon
හෙක්ටයාර 6200 ක භූමි වපසරියකින් සමන්විත වූ බුන්දල ජාතික වනෝද්‍යානයට හම්බන්තොට සිට ළඟාවීමට අතිශය පහසු ය. බුන්දල දී දැකගත හැකි සත්ව ජීවිතය අත්විදීමට අපි හම්බන්තොට මාර්ගය ඔස්සේම එහි ළඟා වීමු. කෙමෙන් කෙමෙන් පරිසරය වෙනස් වන විට කැලයක නියම සිරි ගත්, සතුන්ට අයත් නොයෙක් ශබ්ද, තාල තරංගයන්ද අප දෙසවන් වෙතට අනවසරයෙන්ම ගලා එන්නට පටන් ගති. හස්තීන් මෙන්ම තිත් මුවන්ද, වල් ඌරන් ද සුලභව දක්නට හැකි බුන්දල හිවලෙක් හෝ කිඹුලෙක් දැක ගැනීමට පවා ඔබ එතරම් වෙහෙස මහන්සියක් දැරිය යුතු නැත. කෙසේ වෙතත් ක්ෂීරපායි ගනයට අයත් විශාල සතුන් මිනිසුනට මුහුණ දීමටත් මිනිසුන් සමඟ හැසිරීමටත් අතිශය ලැජ්ජාශීලී භාවයක් දක්වනු ලබයි.
බුන්දල වූ කලී ජලජ පක්ෂීන්ට පාරාදීසියකි. දළ සංඛ්‍යා ලේඛනයන්ට අනුගතව ජලජ පක්ෂීන් වර්ග 18 ක් පමණ මෙම ප්‍රදේශයේදී දැක ගත හැක.සංචාරක කුරුල්ලන්ට කදිම නවාතැනක් වන බුන්දල බොහෝ සංචාරක කුරුලු රෑන් අතර සුප්‍රසිද්ධ ස්ථානයකි. සිසිර කාලය උදාවන විට ජලජ පක්ෂීන් රෑන් පිටින් නිල් අහස් කුස් තරණය කරමින් බොහෝ මඟක් ගෙවා විත් බුන්දල නැංගුරම් ලති. මෙකී නඩයේ අතිශය වර්ණවත් රණ හංසයන් වශයෙන් නම් දරා ඇති පොනිකොප්ටරස් රෑධර් බුන්දලට පැමිණිමෙන් අති විශාල වාසියක් අත්වන බව කුරුළු විශේෂඥයෝ පවසති.
Get more information bundala safari whatsapp +94770882944 www.imperialyalasafari.com
කෙසේ වෙතත් මෙම කාලය ඇතුලත පන් දහසකට අධික කුරුල්ලන් ප්‍රමාණයක් බුන්දලට සංචාරය කරන බව සොයා ගෙන තිබේ.රණ හංසයන් සතුව ගොඩනඟන ලද කුරුළු කූඩු පවා තිබීම අතිශය සුන්දර හා විස්මිත කාරණාවකි. නමුත් ඔවුන්ගේ ස්වකීය පරපුර බිහිකිරීමේ හැකියාව සහ දක්ෂතාවය පවතින්නේ කණගාටුදායක තත්ත්වයකය. සංඛ්‍යාලේඛනයන්ට අනුගතව තම වර්ගයා බෝ කිරීම පිළිබඳව කිසිදු ආකාරයක සාර්ථකත්වයකට මේ තෙක්ම ඔවුන් සමත් වී නැත.බුන්දල වූ කලී තාරාවන් උදෙසා ද කදිම නවාතැන්පොළකි. සෑම වර්ෂයකම නොවැම්බර් මාසයේ මෙකී සංචාරක තාරාවන් බුන්දලට පැමිණෙන්නේ දින දසුනක් අහල පහළක තිබුණාක් මෙනි. අඩුම තරමේ දින දර්ශනයක සේයාවක් වත් ඔවුන් ළඟ රහසේ හෝ තිබෙනවා විය හැක. ගැහනි හෙවත් අනාස් කුවෙර්තුඩුලා මෙලෙස සුලභ වශයෙන් දැකිය හැකි තාරා විශේෂයකි. ඒ කෙසේදයත් එක් උදෑසනක මෙකී තාරාවන් විසි දහසක් පමණ එම්බිලික්කලා කලපුව අසලදී දැක ගැනීමට තරම් අප පින්වන්ත වුන නිසාවෙනි.
ඉලක්කම් බොහෝ සංඛ්‍යාවක, වෙරළ ආශ්රිත පක්ෂීන් මධ්‍යම ආසියානු ආකාසය හරහා බුන්දලටද ළඟා වෙති. සිසිර කාලයට නවාතැන්පළක් ලෙසින් ඔවුන් බුන්දල සලකනු ලබයි. ප්‍රධාන වශයෙන් මෙකී සැපත් වීම් අගෝස්තු හා සැප්තැම්බර් මාස ද්විත්වය අතර සිදුවේ. ජුනි මාසයේ මුල් කාල වකවානුව තුළත් ස්වකීය සුන්දර මුහුණු බුන්දලට පෙන්වනු ලබන වෙරළ ආශ්රිත පක්ෂීන් තම පැමිණීම හෙවත් තම තෝරාගැනීම ගැන බොහෝ සංතෝෂ වනු දක්නට ලැබේ.ප්රමුඛ ලෙසින්් කළු වලිගයක් සහිත ගොඩ්විට්, පැසිපික් ගෝල්ඩන් ප්ලෝවර්, ග්‍රේ ප්ලෝවර්, කර්ලෙව් සැන්ඩ්පයිපර්..... ආදීන් බුන්දලදී දැක ගැනීමට හැකිතත්වයක් ලැබේ. මෙකී ජලයේ හැසිරෙන සත්වයන් බොහෝ සංඛ්‍යාවක් බුන්දලදී ඔබට දැකගත හැකි වන අතර සුවිශේෂයෙන්ම ඔවුන් සංක්‍රමනය වන්නා වූ කාල වපසරිය ඇතුළාන්තයේ බුන්දලට යහපත් වුවහොත් සිත් සේ ඔබට ඔවුන් දැක ගත හැකි වනු ඇත.
මුහුදු ලිහිණිඑසේම හොඳීන් වැඩුණු මුහුදු ලිහිණින් විශාල සංඛ්‍යාවක් ද ඔබට බුන්දලදී දැකගත හැකි වනු ඇත. මෙකී මුහුදු ලිහිණින් නොයෙක් වර්ගයන් බුන්දලදී දැක ගත හැකි අතර ශ්වේත පැහැ අත්තටු හිමි අපූූරු මුහුදු ලිහිණියකු දකීම ඔබේ සිහිනය නම් එකී සිහිනය සැබෑ කර ගැනීමට ඔබට බුන්දල උදව් වනු ඇත. එසේම දුඹුරු පැහැති හිසකට හිමිකම් කියන මුහුදු ලිහිණින් මෙන්ම කළු පැහැති හිසකට හිමිකම් කියන මුහුදු ලිහිණින්ද දැක බලා ගැනීමට වාසනාව මට ලැබුණි.එසේම මෙකී වෙරළ අද්දර හැසිරෙන පක්ෂීන් වස්සානය අහවරත් එහේ මෙහේ රස්තියාදුවක් ගසනු දැක ගැනීමට හැකි වනු නොඅනු මානය. මන්දයත් වසත් කාලය අහවර වූ විගසම ඔවුන් නිවෙස් බලා යාමට තරම් හදිසි නොවන බැවිනි. එසේම අළු පැහැති හිසක් සහිත රාජාලි විශේෂයක් ද බුන්දලදී දැකිය හැකි. අතර බඩවත සුදු පැහැ ගත් මුහුදු රාජාලීන්ද වෙසෙසින්ම ඔබට දැක ගත හැකිවනු ඇත.
මොනරුඅතිශය මනස්කාන්ත මොනරු විශේෂයක් ද ඔබට බුන්දලදී දැක ගත හැකි වනු ඇත. පල්ලේ මල්ලාල නැමැති ප්‍රදේශය තුලට ඔබට ඔබේ වාහනය රැගෙනම ඇතුල් විය හැක. ප්‍රධාන මාර්ගයේ සිට මිනිත්තු පහළොවක දුරින් පිහිටා ඇති මෙකී ප්‍රදේශය තුළදී සිසිර කාලයේ පැමිණෙන පක්ෂීන් අතිවිශාල ප්‍රමාණයක් ඔබට දැක ගත හැකිවනු ඇත. විශේෂයෙන්ම මහා වර්ෂාවකින් අවසන මෙකී පක්ෂීන්ව ඔබට දැක බලා ගැනීමට හැකි වනු ඇත. නමුත් මෙකී පක්ෂීන් බලන්නටදෝ අලි ඇතුන්ද මෙකී ප්‍රදේශයට ඉඳහිට කඩා වැදීම සිරිතකි. ඔබ මෙහි යාමට බලාපොරොත්තුවක් ඇත්නම් මෙකී අලි ඇතුන්ගෙන් මඳක් ප්රවේසම්වීම අතිශය වැදගත් කාරණාවකි.