17/06/2020
#අවාරේ සිරිපා කරුණාව ☸️🙏
🌳🌱🌿🍂🌼🌻🌸🍀☘️🦜🐘🐅🍃♥️♥️
#𝚂𝚛𝚒 𝙻𝚊𝚗𝚔𝚊 🇱🇰
මේ එළඹ තිබෙන්නේ ශ්‍රී පාද අවාර සමයයි. වාර සමයේදී බැතිමතුන් බහුල වශයෙන් සිරි පා කරණා කරති. අවාර සමයේදී සමනළ කන්ද කරුණා කිරීමට දේශීය හා විදේශීය වශයෙන් බොහෝ දෙනා කැමැත්තක් දක්වති. අවාර සමයේදී සමනළ කන්ද කරුණා කිරීම තරමක් අපහසු කාරණයකි. වැසි සහිත කාලගුණ තත්වය, සතා සිව්පාවන් ගැවසීම වැනි කාරණා ඊට හේතු වේ. නමුත් අවාරයේ සිරි පා කරුණාව වෙනස්ම අත්දැකීමක් ගෙන දෙන්නකි.
අධික සුළං, වර්ෂාව, මීදුම මැදින් ජීවිතයේ කෙදිනක හෝ අත් විදිය යුතුම ගමනක් අවාරේ සිරිපා කරුණාව❤❤.
ජීවිතේ එකම එක පාරක් හරි විඳින්න ඕන අත්දැකීමක්😇.
හොද කරන්න බැරි ...
හොද වෙන්නේ නැති...
අමුතු ලෙඩක්. ...
ඔව් ඔව්..
එක පාරක් හරි බෝ කරගන්නම.....
වටින....
අමුතු ලෙඩක් අවාරේ සංචාරේ...
🙏❤️
පරිසරයට කිසිදු බලපෑමක් නොවන ලෙස යෑමෙන් ඔබෙන් පරිසරයටද, පරිසරයෙන් ඔබටද කිසිදු අනතුරක් සිදු නොවේ🙏.
ඒත් මතක තියාගන්න. අරන් යන කිසිම දෙයක් දාලා එන්න එපා😏. පරිසරයට ආදරේ කරන්න❤️....
අවාරේ යනව නම් විනාඩියක් අරන් අනිවාර්යයෙන්ම කියවන්න👇
දැන් ආරම්භ වුනේ සිරිපා අවාරේ සමයයි. මේකේ තියෙන ෆොටෝ දකිද්දී කිසිදා අවාරේ නොගිය අයට පවා මෙවර අවාරේ යන්න ආසාවක් ඇති වෙන්න පුළුවන්, එත් හැම වෙලේකම මතක තබාගන්න අවාරේ යාම සරල පහසු දෙයක් නෙවෙයි. ආතල් එකට වාරේ ගියාට අවාරේ ආතල් හොයන් යන්න බැහැ. එක නිසා අවාරේ යන්න හිතන අය පොඩ්ඩක් පහත කරුණු ගැන අවධානය යොමු කරන්න. මේ දේවල් වෙලා තියෙනවා, එක නිසා ඔයාලා යද්දිත් වෙන්න පුළුවන්. කොහෙන් කොහොම ගියත් ජිවිත ආරක්ෂාව තමයි හැමෝටම වැදගත් වෙන්නේ.
- ක්ෂණික ගංවතුර/ ගංගා පීටාර ගැලීම්😌
කුමන මාර්ගයකින් ගියද මෙය සිදුවිය හැකි සුලභ දෙයක් වර්ෂාව වැටුනොත්. ඒ වෙලේට කිසිම විටක ගග හරහා යන්න එපා. ගල් උඩින් යද්දී ලිස්සන්න පුළුවන් අනිවාර්යෙන්ම. හදිසියේ හෝ ලිස්සා වැටුනොත් හෝ ගහගෙන ගියෝට් ඔයාලගේ සගයන්ටවත් ඔයාලව හොයාගන්න බෑ, ඒ බව වෙන කෙනෙක්ටවත් කෝල් කරලා කියන්නත් බෑ.
- ගස් කඩා වැටීම්😌
රජ මාවත, මුක්කුවත්ත, දැරණියගල හරිම සුලබයි ගස් වැටෙන එක. අනිත් මාර්ගත් එහෙමමයි මහා රූස්ස ගස් ක්ෂණිකව වැටෙන්න පුළුවන්. එක ගහක් වැටෙද්දී ඒ අසල අනික් ඒවත් ඇදන් වැටෙන්නේ, දුවන්නවත් පැත්තක් හිටන්න බැහැ ඒ වෙලේට.
- අකුණු ගැහීම්😌
එරත්න, හැටන් සහ රජ මාවතේ අන්තිම හරිය යද්දී වගේම මහගිරිදබ නගිද්දී අකුණු සැර වැදෙන්න පුළුවන්, මොකද සමහර වෙලේට වැස්ස නැහැ එත් කළු විදුලි රේඛා මැවෙන්නේ හිතන්න බැරි වේගෙන්. සිරිපාදේ අවට ගම් වලට අවාරේ පැව්වට බොහෝවිට මහගිරිදබ අවට සැරට අකුණු ගගහා වහින්න පුළුවන්. එක නිසා හිස් අවකාශ වලදී ගමන් කිරීමේදී සැලකිලිමත් වෙන්න.
- නායයාම්😌
හැටන් පාරේ නායයන්නේ කුණු කදු ටික, එරත්න පාරේ පස් කන්ඩි සහ අනිත් පාරවල් වල වර්ෂා ජලය ගලාගෙන යද්දී පස් කැඩිලා නය යන්න පුළුවන්. මේ නාය යන තැන් වරෙටත් කලින් අයෙ දළුලා ගස් වැවෙනවා. වැස්සේ පස් සහිත මාර්ග වලින් වගේම ඉහල කදු සහිත තැන් වලින් යද්දී නාය යම් ගැන අනිවාර්යෙන් අවදානෙන් ඉන්න ඕන.
- වන සතුන්ගෙන් වන අනතුරු😌
මේ කියන්නේ , කැලෑ කොටි, වල් ඌරන් සහ සර්පයන් ගැන. සාපේක්ෂව සිරිපාදේ සර්ප අනතුරු දුලබ උනත් ගම්මාන අශ්රිතවාදී වෙන්න පුළුවන්. හැබැයි අනිත් තුන් දෙනාගෙන් නම් ඕනෑම විටක අනතුරක් වෙන්න පුළුවන්. සාමාන්යෙන් අලි කොටි දකින්නත් බැහැ, උන් මිනිස් ගදට එන්නෙත් නැහැ, එත් කොටියා අනිවාර්යෙන් මුණගැහෙන්න පුළුවන්, උ මිනිස්සුන්ව දැක්කම මග හැරලා යන සතෙක්. එත් නොසිතන විටක පහර දීමක් වෙන්න පුළුවන්. හදිසියේ හෝ එහෙම අනතුරක් උනොත් ලගම රෝහලකට හෝ ගම්මානෙට ගෙනියන්න පැය ගානක් යනවා. එක නිසා අවරේදී විශේෂයෙන්ම රාත්‍රියේ අම්බලමෙන් එලියට එන්න එපා කිසිම හේතුවකට.
- අධික මිදුම/ අතරමං වීම්😌
මේක නම් අනිවාර්ය අංගයක් සම්පුර්ණ අවරේම. විශේෂයෙන් වහින්න ගත්තම අවට තියෙන ගස් පවා වැහෙන්න මිදුම පිරෙනවා මුළු කැලේම. මේ මීදුමෙන් පරිසරය වැහෙද්දී හිතට දැනෙන්නේ මහා ගුප්ත බවක්. අනික මේ මිදුමේදී ඔයාලට හිතාගන්න බැරි ගුප්ත දේවල් වෙන්න පුළුවන් සමන්දෙවි අඩවියේ. මිදුම කොපමණද කියනවනම් ආදී දෙක තුනක් ඉදිරියෙන් යන කෙනෙක්ව පවා නොපෙනෙන තරම්. ඒ නිසාම අතරමන් වෙන්න පුළුවන්. නඩයේ කට්ටිය වෙන් වෙන්න පුළුවන්.
- අධික සීතල😌
රාත්‍රියේ අවාරේ සීතල දරාගන්න ගොඩක් අමාරුයි, ඊටත් වඩා උදේට නැගිටිද්දී තියෙන සීතල. අනිවාර්යෙන්ම පොරෝන 2ක් වත් අරන් යා යුතුමයි. සමහරවිට වස්සේදී උදේ හෝ දහවල් කාලයේ වුව සීතල අධික වෙන්න පුළුවන්. කටවල්, කන් අගුලු වැටෙනවා වගේම අත්පා ගල් වෙන තරම්
උපුටා ගන්නා ලද්දකි. 🙏😊
මෙහි ඇති අසිරිය කැමරා කාචයට 📸 හසු කරගත් මෙම චායාරූප ගත් මුල් හිමිකරුවන්ට බොහොමත්ම ස්තුතියි 🙏😘♥️