පිටරට විස්තර Pita Rata Visthara

  • Home
  • පිටරට විස්තර Pita Rata Visthara

පිටරට විස්තර Pita Rata Visthara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from පිටරට විස්තර Pita Rata Visthara, Travel Company, .

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා පිටත්ව යන පළමු කණ්ඩායම අද(18) රාත්‍රියේදී කටුනායක ගුවන්තොටුපලින් පිටත්ව ගිය අතර  ගුවන...
19/12/2023

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා පිටත්ව යන පළමු කණ්ඩායම අද(18) රාත්‍රියේදී කටුනායක ගුවන්තොටුපලින් පිටත්ව ගිය අතර ගුවන් ටිකට්පත් හා ලේඛණ අමාත්‍යවරයා විසින් ප්‍රධානය කරනු ලැබුවා.

මෙම ටිකට්පත් හා ලේඛණ ලබාදීම අද දිනට යෙදී තිබුණ ජාත්‍යන්තර සංක්‍රමණික දිනයට සමගාමීව සිදු කළ අතර එහිදී අමත්‍යවරයා විදේශගත වීමට නියමිත පිරිස සමග සුහඳ පිළිසඳරකද නිරත වුනා.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා රජය සහ ඊශ්‍රායල රජය අතර පවතින අවබෝධතා මත මෙම රැකියා අවස්ථා හිමිවූ බවයි. ඒ අනුව කිසිඳු අවස්ථාවක මෙම රැකියා සඳහා කිසිඳු පාර්ශවයකට මුදල් ලබා දීමේ අවශ්‍යතාවක් නොමැති බවද අමාත්‍යවරය පෙන්වා දුන්නා.

එබැවින් යම් ආකාරයකින් කවරෙකු හෝ මෙම රැකියා අවස්ථා ලබා ගැනීමට මුදල් දීමක් කර ඇති බවට විදේශ ගත වීමෙන් පසුව අනාවරණය වුවද ඔවුන්ව යලි මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් ඊශ්‍රායල රජය සමඟ සාකච්ඡා කර එකඟතාවයන්ට පැමිණ ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා

29/04/2023
15/04/2023

උදව් කරන්න ඉක්මනින් මේ පෝස්ට් එක ශෙයා කරන්න

#පිටරටවිස්තර

10/04/2023

ප්‍රවේශමෙන් හොරු හැම තැනම 🙏

මේක හරි හරියට වෙනවා කොහොමත් AIR PORTS වල !
මම නම් ZIP තියෙන Luggages පාවිච්චි කරන්නේ නෑ CARGO වලට එහෙත් HAND LUGGAGES එකකට නම් අවුලක් නෑ.

දැනුවත් වෙන්න

#පිටරටවිස්තර

 #පිටරටවිස්තර   Mohamed Ali Sabry Manusha Nanayakkaara
05/04/2023

#පිටරටවිස්තර

Mohamed Ali Sabry Manusha Nanayakkaara

රුමේනියාවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්අපේ පේජ් එකේ දාපු පෝස්ට් එකෙ ප්‍රතිඵල අද  වෙන විට ලැබී ඇත share කරපු සියලුම දෙනා...
05/04/2023

රුමේනියාවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්

අපේ පේජ් එකේ දාපු පෝස්ට් එකෙ ප්‍රතිඵල අද වෙන විට ලැබී ඇත share කරපු සියලුම දෙනාට ස්තුතියි...

Read more>>> https://bit.ly/3GeLCPm

01/04/2023

😍😍😍 #පිටරටවිස්තර

හුඟක් අය මේ දවස් වල ලංකාවෙන් පිටරට වලට යන නිසා ඔයාලගෙ අවශ්‍ය සහතික සහ ලියකියවිලි (certificates & documents ) සාමාන්‍යයෙන...
15/03/2023

හුඟක් අය මේ දවස් වල ලංකාවෙන් පිටරට වලට යන නිසා ඔයාලගෙ අවශ්‍ය සහතික සහ ලියකියවිලි (certificates & documents ) සාමාන්‍යයෙන් උප්පැන්න සහතික (Birth Certificate ) , විවාහ සහතික (Marriage Certificates), ප්‍රතිඵල ලේඛන ( result sheets), වෛද්‍ය වාර්තා (medical reports), පොලිස් වාර්තා( police reports ) වගේ ගොඩක් ලිපි ලේඛනවල මුල්පිටපත් (original copy) සහ පරිවර්තන (translated copy) පිට රටවලට අරං යන්න කලින් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් (Ministry of Foreign Affairs) ඒ හැම එකක්ම අවශ්‍යතාව අනුව අනිවාර්යයෙන් සහතික කරගන්න ඕන 👈🏼

ඉතින් එහෙම සහතික කරගන්න යන ගොඩක් අයට ගැටලු තියන නිසා සහ මම මේ දවස් ටිකේම ඒවට ඇවිදපු නිසා ලිපියක් ලියල දාන්න හිතුවා. වැදගත් වෙයි කියල හිතල
මුලින්ම කියන්න ඕන ඔයාගෙ මොන සහතිකේ උනත් ඒව මාස 6ක් ඇතුලත ගත්තු සහතික වෙන්න ඕන. ඊට වඩා පරණ උප්පැන්න සහතික විවාහ සහතික, වගේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් ( Divisional Secretariat Office) ගන්න ඕනම සහතිකයක් එතනට අරං ගියොත් ඔයාට මුල් පිටපත අලුතින් අරං ආයෙ දවසක එන්න කියනව. මට එහෙම උනා පලවෙනිම දවසෙ. ඉතින් ඒ හින්ද ඔයා යනකොට අනිවාර්යයෙන් අලුතින් මාස 6ක් ඇතුලත ගත්ත සහතික අරං යන්න අමතක කරන්න එපා.

දෙවෙනි එක තමයි ඔයා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් ගන්න සියලුම සහතික පිලිගත් පරිවර්තක (Translator) කෙනෙකුට කියල ඉංග්‍රීසියට (සමහරවිට වෙනත් භාශා අවශ්‍ය වෙනවත් ඇති ඒ ගැන මම දන්නෑ) පරිවර්තනය කරලා ඔවුන්ගෙන් සහතික කරගෙන තමයි අරං යන්න ඕන. මේක අනිවාර්යයෙන් කරන්න ඕන.

දැන් ඔයා මෙහෙම පරිවර්තනය කරගත්ත සහතික ටික අරගෙන මුලින්ම යන්න ඕන විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සලර් සෙක්ශන් (Ministry of Foreign Affairs, Consular Section) එකට තමයි යන්න ඕන. ඒක තියෙන්නෙ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ලඟ තියෙන ලංකා බැංකුවේ ප්‍රධාන කාර්‍යලය ඉස්සරහ. ගෝල් ෆේස් එකේ පැත්තෙ ඉඳන් එන කෙනෙක් නම් කිංග්ස්බරි හෝටලය පහු කරල ලංකා බැංකු ප්‍රධාන කාර්‍යාලය ඉස්සරහ තියෙන ගොඩ නැගිල්ලෙ දෙවෙනි තට්ටුවට තමයි යන්න ඕන.

https://maps.app.goo.gl/93J9pEqc9iRC8VCH6
මේ දවස් වල මිනිස්සු ගොඩක් එන හින්ද එතන දැන් ටෝකන් දෙනවා දවසකට දෙන්නෙ ටෝකන් 800යි දැන් වැඩි කරලද දන්නෑ.ඒ ටෝකන් එකක් ගන්න පෝලිමක ඉන්නත් වෙනව ඒ ටෝකන් එක ගත්තොත් තමයි ඔයාලට ඇතුලට යන්න පුලුවන් වෙන්නෙ. මම රාගම ඉඳන් උදේ 4.39 කෝච්චියේ ගිහිල්ලත් මට හම්බුනේ අංක 60 ඒ වෙද්දිත් එතන මිනිස්සු පෝලිමක් හදාගෙන හිටියෙ එලියෙ දකුණු පැත්තෙ තියෙනව වාඩි වෙලා ඉන්න සිමෙන්ති බංකු එහෙම තියන කොටසක් එතන තමයි පෝලිම තියෙන්නෙ. ඔන්න උදේ 6.10ට වගේ පෝලිම ඇතුලට ගන්නව මුලින්ම 200ක් වගෙ ඇතුලට ගන්නව. ඒ අරගෙන එයාල ඇතුල් වෙද්දි ඔය පලවෙනි පොටෝවෙ තියෙනව වගෙ උඩින් අංකයක් ගහපු ටෝකන් එකක් ඔයාලට දෙනවා ඒ දෙන ටෝකන් එකේ ඔයාගෙ නම(Name), හැඳුනුම්පත් අංකය (ID Number ), දුරකථන අංකය (TP number ), සහ ඊමේල් ඇඩ්‍රස් (Email address) එකක් ලියන්න තියෙනව. මතක ඇතුව තමන්ට පෑනක් අරං යන්න. මිනිස්සු ගොඩක් අයට ඕක අමතක උනාම ලඟ ඉන්න අයගෙන් ඉල්ලන්න ඕන එතකොට ඒ මිනිස්සුන්ටත් කරදරයි. ඒ හින්ද පෑනක් අරං යන්න ගෙදරින් යනකොට.

එයාල උදේ 6.40 - 7.00 වගෙ වෙද්දි වැඩ පටන් ගන්නව. මම දැක්ක පුදුම කාර්යක්ෂමතාවයකින් වැඩ කරන ආයතනයක් ඒක. මුලින්ම ඔයාලව නම්බර් පිලිවෙලට පෝලිමකින් වම් පැත්තෙ exit එක තියෙන පැත්තෙ කවුන්ටර් 4කින් ඔයාලගෙ ටෝකන් එක අරං ගෙනාපු ඩොකියුමන්ට් හරිද කියල චෙක් කරනව.

සාමාන්‍ය පෙල, උසස් පෙල වගේ විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ප්‍රතිඵල ලේකන ගන්න ඕන නම්.එතනදි ඔයාල පිට රටවලට ඔන්ලයින් අයදුම් (apply) කරලා දවස් දෙක තුනකට පස්සෙ ඔයාගෙ සහතික එතනට ඇවිල්ල තියෙන්නෙ කියල ඔයාට එන මැසේජ් එකේ අංකෙ එතනට ලියල දෙන්න ඕන ඔයාගෙ ටෝකන් එක පිටිපස්සෙ. ඔයාගෙ හැඳුනුම්පත එක්ක එතනට දෙන්න ඕන. CM- AK2612 වගේ අංකයක් තියෙන්නෙ. ( සහතික ඔන්ලයින් ගන්න විදිහ ඕන නම් තව ලිපියකින් ලියල දාන්නම්.) ඒක දුන්නාම ඔයාලගෙන් අහනව කොපි කීයක්ද කියල. එකකට රු.500ක් යනව.ඉතින් ඔයාට ඕන ගාන කිව්වාම එයාල
ඒක සිස්ටම් එකට දානව.

ඔයා සහතික කරගන්න යන්නෙ විවාහ සහතික හෝ වෙන මොනව හරි පොලිස් වාර්තා , වෛද්‍ය වාර්තා නම් ඒවට යන ගනන් වෙනස්. මතක ඇතුව මුල්පිටපත් අරං යන්න.
ඔයා ගන්න යන්නෙ වෙන කෙනෙක්ගෙ ලියකියවිලි නම් එයගෙන් පැවරුම් ලිපියක් අරං යන්න අමතක කරන්න එපා. ඒකත් එක්ක එයාගෙ හැඳුනුම්පතේ සහ පාස්පෝට් එකේ පොටෝකොපි ඒකට අමුනලා සහතික කරගන්න ඕන ඒවගෙ පරිවර්තන, සහ මුල්පිටපත් එක්ක එතනට බාර දෙන්න.
දැන් ඒ ටික බලල ඉවර උනාම ඔයාගෙ ඔක්කොම ටික හරි නම් එයාල ඔයාට එතනින් අංකයක් දෙනව තව. මොනව හරි ලියකියවිලි වල අඩුවක් තිබුනොත් හදාගෙන එන්න කියනව එදාම පුලුවන් එකක් නම් ලඟපාතින් කරගෙන අරං යන්නත් පුලුවන් එහෙම බැරි නම් අනිත් දවසෙ එන්න වෙනව. කොපි පෙන්නුවට පොටෝ පෙන්නුවට වැඩ කරල දෙන්නෑ එයාල නීතිමය විදිහට මුල්පිටපත් බලලම තමයි කරන්නෙ.

ඉතින් එතනින් දෙන අංකෙත් අරගෙන ඔයා ඊලඟට ආයෙ අර පුටුවල වාඩි වෙලා ඉන්න ඕන කවුන්ටර් 19ක් තියෙනව ඒකෙන් එකකට ඔයාගෙ අංකෙට යන්න තියෙන්නෙ ඒක ඔයාලට එතන තියෙන ස්ක්‍රීන් එකේ පෙන්නනව වටේටම TV ස්ක්‍රීන් 5ක් වගේ තියෙනව ඒ හින්ද ඒවගෙන් ඔයාලට බලාගන්න පුලුවන් අංකෙ සහ කවුන්ටර් එක පැහැදිලිවම.
ඒකට ගියාම ආයෙත් ඔයාගෙ හැඳුනුම්පත, පාස්පෝට්, පැවරුම් ලිපි, සහ අනිත් ලියකියවිලි බලලා ඔයාගෙ ඇඟිලි සලකුණු එතනින් ගන්නව. ඊට පස්සෙ ඉක්මනට වැඩේ කරල දෙනවා. ඔයාට සල්ලි ගෙවන එක සල්ලි වලින් හරි කාඩ් එකෙන් හරි කරන්න පුලුවන් ඒත් කාඩ් එකෙන් කරද්දි ගානට අමතරව 1.5%ක් ද කොහෙද එකතු වෙනව. ඒ හින්ද සල්ලි වලින්ම ගෙවන්න. ඒකලාම ඔයාට පහල දාල තියෙනව වගේ එයාලගෙ දියසලකුණක් එක්ක ඔයාගෙ ලියකියවිලි එතනින් ලබා ගන්න පුලුවන්. හරි ඉක්මනට වැඩ ටික කරල දෙනව.

ඊට පස්සෙ ඔයා ඕව අරං ආයෙ Embassy එකට ගිහින් සහතික කරගෙන stamp කරගන්න ඕන. ඉතින් ඒක කරගන්නත් එදාම පුලුවන් නම් වැඩේ ලේසි ඒ හින්ද ඒකටත් ලෑස්ති වෙලාම යන්න. ඒක කරගන්න විදිහ තවත් ලිපියකින් දාන්න ඕන්නම් කියන්න.
අවශ්‍ය Document
1.මාස 6ක් ඇතුලත ගත්තු සහතික වල මුල්පිටපත්..
2.ඒවගෙ පරිවර්තන
3. පාස්පෝට් එක
4. ජාතික හැඳුනුම්පත
වෙන කෙනෙක්ගෙ ඒව ගන්න යනව නම්
1.පැවරුම් ලිපිය
2. එයාගෙ පාස්පෝට් පොටෝකොපි
3. එයාගෙ ජාතික හැඳුනුම්පත් පොටෝකොපි
සහ අනිවාර්යයෙන් පෑනක් වතුර බෝතලයක් මාස්ක් එකක් අරං යන්න.

Comment ✅ Share ✅

@උපුටා ගැනීමකි
සියලු ගෞරවය මුල් අයිතිකරුවන් සතුයි

08/03/2023

මං කියන්නෙම නෑ. ඒකට උත්තරේ දන්නෑ😀😂😂😂😂😂😂😂

ලංකවේ ගොඩක් අය පිටරට ගිහින් පැය 12-15 වැඩ කරනවා.ලංකාවෙ පැය 8න් 6 ක්වත් හරියට වැඩ කරන්නේ නෑ.ලංකාවෙ හැම තැනම කුණු දාන අය ප...
07/03/2023

ලංකවේ ගොඩක් අය පිටරට ගිහින් පැය 12-15 වැඩ කරනවා.ලංකාවෙ පැය 8න් 6 ක්වත් හරියට වැඩ කරන්නේ නෑ.

ලංකාවෙ හැම තැනම කුණු දාන අය පිටරට ගියාම ලස්සනට ටොෆී කොලයක් බිම නොදා ඉන්නවා.

ලංකාවෙ අවුරුද්දකට අමතර නිවාඩු 20-30ක් ගන්න අය (මමත් ඇතුලුව)පිටරටකට ගියාම අවුරුදු 2-3 ක් වැඩ කරනවා නිවාඩු එකක්වත් ගන්නේ නැතුව.

ඊට පස්සේ කියනවා ඒ රටවල් දියුණුයි කියලා.

ශ්‍රී ලංකාව කියන්නේ හොද ඉඩමක්.
හොද රටක් වෙන්න නම් මිනිස්සුන්ගෙ ඔලු ටික හැදෙන්නම ඕන.

#පිටරටවිස්තර

02/03/2023

සාමාන්‍යයෙන් අපිහොරෙන්බෝඩර් වලින් ආවේ කිව්වට සීන් එක දන්නේනෑනේ...මේඇමරිකන් බෝඩරේ ක්‍රොස් කරන අයට මෙක්සිකන් ජාතික කාන්තාවෝ ආහාර පානලබාදෙන අයුරු..

#පිටරටවිස්තර #රට

02/03/2023

බෝට්ටුවෙන් ඇවිත් පනිනවා කිව්වට දැකලා නෑනේ..🙄🙄🙄
(2021.5.20 👉PORT RICO)

#පිටරටවිස්තර
#රට

🙏❤️   #පිටරටවිස්තර    #රට
27/02/2023

🙏❤️

#පිටරටවිස්තර
#රට

01/02/2023

caregiverලට ජපානයේ රැකියා අවස්ථා තියෙනවා
තුර්කිය මැද පෙරදිග රටවල තවත් රැකියා අවස්තා

#පිටරටවිස්තර
#රට

🇮🇹ඉතාලියට වීසා නීතිය සදහා අයදුම් කල හැකි දිනය මාර්තු 27 වනදා ලෙස නම් කර තිබෙනවා.උපරිම කෝටාව 82,70544,000ක් සෘතුමය වීසා (...
27/01/2023

🇮🇹ඉතාලියට වීසා නීතිය සදහා අයදුම් කල හැකි දිනය මාර්තු 27 වනදා ලෙස නම් කර තිබෙනවා.

උපරිම කෝටාව 82,705

44,000ක් සෘතුමය වීසා ( කෙටි කාලින වීසා)

38,705 සෘතුමය නොවන සහ ස්වයං රැකියා සදහා. මේක යටතේ තමයි ස්පොන්සර් වීසා තියෙන්නේ.

මේ පාර වෙනස් විදියකට මෙම කෝටාව නිකුත් කරන්නේ. ඉහත සදහන් රැකියා පුරප්පාඩු වලට ඉතාලියෙන් පුද්ගලයින් සොයාගැනීමට නොහැකි නම් තමයි වීසා නීතියට අයදුම් කරන්න පුලුවන්.

මේ සදහා il Centro per l’impiego ආයතනයෙන් පලමුව විමසීමක් කරන්න ඕනා. අදාල ප්‍රදේශයේ රැකියාව සදහා පුද්ගලයින් ලියාපදිංචි වෙලා නැත්නම් ඒ සේවායෝජකයට පුලුවන් වෙනත් විදේශ රටකින් කෙන්ක් ගෙන්වන්න..

වැඩි විස්තර ඉක්මනින් අපගේ වෙබ් අඩවිය මාර්ගයෙන් ගෙන එන්නම්.

එකවුන්ට් එක ෆලෝ කරලා තියාගන්න.

25/01/2023

රුමේනියා යන්න කොළඹට රැස්වූ රැවටුණු තරුණයින්

#පිටරටවිස්තර
#රට

රුමේනියාවේ ඉන්න අය අනිවාර්යෙන් මේ පෝස්ට් එක ශෙයා කරන්න ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සේවය කරන රුමේනියා රාජ්‍යයේ ශ්‍රී ලං...
22/01/2023

රුමේනියාවේ ඉන්න අය අනිවාර්යෙන් මේ පෝස්ට් එක ශෙයා කරන්න

ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සේවය කරන රුමේනියා රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාදිපති කාර්යාලයක් නොමැත ලාංකිකයන්ට රැකියාව කරන ආයතන වලින් වෙන අසාධාරනකම් වලට කතා කිරීම සඳහා රුමේනියාව රටේ කිසිදු අවස්ථාවක් සලසා නොමැත කොටින්ම කිව්වොත් ලංකාවේ පුද්ගලයෙක් මරණයට පත් වුණොත් බොඩි එක වත් ලංකාවේ සිටින ඔහුගේ ඥාතීන්ට යවන්න බැහැ අපි මේ ප්‍රශ්නේ එන එන හැම රජයකටම කිව්වත් කිසිඳු විසඳුමක් අපට ලැබුණේ නෑ අපි ලංකාවට යවන ඩොලර් වලින් තමයි මේ වෙලාවේ ලංකාවට තෙල් ගෑස් ගේන්නේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමාටත් විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනුෂ නානායක්කාර මැතිතුමාටත් අපි මේ දේ කිහිප විටක දී පැවසුවත් බීරි අලින්ට වීනා වයන සේ ඔවුන් සිටි ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමනි ඔබතුමා හරි මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා රුමේනියා රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාදිපති කාර්යාලය පිහිටවල දෙන්න රුමේනියාවේ සිටින සියලුම දෙනා වෙනුවෙන් අපගේ ඉල්ලීම

ස්තුතියි...

Ranil Wickremesinghe
Manusha Nanayakkaara
Mohamed Ali Sabry
Harin Fernando
Ranjan Ramanayake
Sajith Premadasa
Namal Rajapaksa

#පිටරටවිස්තර
#රට

රැකියා කොන්ත්‍රාත්තු෴🇮🇹 ඉතාලියෙ රැකියාවක් කියන්නෙ නොම්මර එක. අපි හිනාවෙන්නෙ, විනෝද වෙන්නෙ, කෙනෙකුට උදව් කරන්නෙ හැමදේම කර...
17/01/2023

රැකියා කොන්ත්‍රාත්තු෴🇮🇹

ඉතාලියෙ රැකියාවක් කියන්නෙ නොම්මර එක. අපි හිනාවෙන්නෙ, විනෝද වෙන්නෙ, කෙනෙකුට උදව් කරන්නෙ හැමදේම කරන්නෙ රස්සාව හින්ද. ඉතාලියෙ රස්සාවක් නැති එකෙක් කියන්නෙ නිකමෙක්. ඇ‌ත්තටම රස්සාවක් නැති කෙනෙක් දන්නවා ඉතාලියෙ රස්සාවක් නැති ජීවිතය මොන වගේද කියල. රස්සාවක් විතරක් නෙවෙයි තමන් ප්‍රිය කරන රස්සාවක් කොන්ත්‍රාත්තුවක් සමග කරන්න පුලුවන් වෙනවා කියන්නෙ වාසනාවක්.
මම මේ කතාවට අද පිවිසෙන්නෙ මගෙ බිරිඳ OSS කෙනෙක් උනේ කැපවීමකින් වගේම පුදුම ආ‌සාවකින්. මාස හත අටක් ගියත් රස්සා තිබ්බ බව හැබැයි ඒ‌ත් රැකියා කොන්ත්‍රාත්තු ලැබුනෙ මාස කිහිපයෙන් කිහිපයට. ඒ‌ත් අද එයාට ජීවිතේ සතුටුදායක දවසක්. ඒ‌ තමයි සීමාවක් නොමැති කොන්ත්‍රාත්තුවක් රැකියාව සදහා අත්සන් කරන්න ලැබීම.
ඉතාලියෙ රැකියා කොන්ත්‍රාත්තුව කියන්නෙ හරිම වැදගත් ලියවිල්ලක්. ඒ‌කත් දිගුකාලීණ නැත්නම් දින නියමයක් නැති කියන්නෙ සෑහෙන දෙයක් කර ගන්න පුලුවන් දෙයක්. ගෙයක් සල්ලි වලට ගන්න මුතුවා කියන නිවාස ණයක් ගන්න, වාහනයක් ගෙවන්න ගන්න විතරක් නෙවෙයි සමහර ගෙවල් කුලියට ගන්න පවා දැන් මේ දිගුකාලීණ රැකියා ගිවිසුම බලනවා.
රැකියා ගිවිසුම් සාමාන්‍යයෙන් වර්ග දෙකකට බෙදෙනවා. එකක් යම් කාලයකට රැකියාව මේකට කියන්නෙ කොන්ත්‍රාත්තො දිතෙර්මිනාතො(contratto di terminato) මේකෙදි රැකියාව අවසන් වන දිනයක් සදහන් වෙනවා. සමහර රැකියා වල වසරට වරක් දෙවරක් පවා මේ විදිහට කෙටි කාලීනව ගිවිසුම් අත්සන් කරනවා. සමහර රැකියා වසරකට නැත්නම් දෙකකට. සමහර රැකියා නම් දිගින් දිගටම අලුත් කරනවා.
ඒ‌ත් මේ කොන්ත්‍රාත්තුව තියෙනවා කියන්නෙ ඔබ යම් තැනකට මේ ලියවිල්ල ඉදිරිපත් කලත් පිලිගන්නෙ ඔබ රැකියාව අස්ථාවර පුද්ගලයෙක් හැටියට.
රජයේ රැකියාවල මේ විදිහට අස්ථාවර ගිවිසුම් අලුත් කරන්න පුලුවන් උපරිම වසර තුනකට. එතනින් එහාට ඔබ කොපමණ හොදින් රැකියා කලත් අදාලත්වයක් නෑ.
වැදගත්ම දේ දින නියමයක් නැති රැකියා ගිවිසුමක්. මේකට කියන්නෙ කොන්ත්‍රාත්තො ඉන්දිතෙර්මිනාතො(contratto indeterminato)
අනික තමයි අකමැත්තෙන් උනත් අපේ අය වැඩියෙන්ම කරන රස්සා වන ඩොමැස්ටික, බදාන්තෙ රැකියා සදහා වන රැකියාගිවිසුම් දින නියමයක් නැති උනාට. සමහර දේවල් කරගන්න ගිහාම පිළිගන්නෙ අස්ථාවර රැකියා විදිහට. කාලයක් ඉන්න තැනකින් නම් ලෝන් එකක් ගන්න වගේ පොඩි වැඩක් කරගන්න මේකෙන් හැකියාව තිබ්බට. නිවාස ණයක් ගන්න වැනි දෙයක් කරන්න නම් ගැටලු පැණ නගිනවා.
ඒ‌කට හේතුව වයසක කෙනෙක් නම් මරණයත් සමඟම රැකියා අහිමි වෙන අවදානම, බේබි සිටර් නම් දරුවො ලොකු වෙද්දි අවදානම තියෙන එක. මේ කොයි දේ නැති උනත් වචනයක් වැරදුනත් දවස් දාහතරක පඩිය සමඟ ගෙවීම් කරල එක රැයෙන් එළියට දාන එක සුළබ කාරණයක්. මම අවුරුදු හතක් වැඩ කල තැන රැකියාවෙන් ඉවත් කරන බව කිව්වෙ රෑ 8ට පහුවෙනිදා උදේ වෙනකොට මට එළියට බහින්න උනා. හැබැයි මාසයක් ඉස්සරහට පඩියකුත් එක්ක සියලුම ගෙවීම් එළියට බහින්න කලින් දුන්නා.
අනික තමයි රැදී සිටීමේ බලපත්‍රය අලුත් කිරීමට මේ රැකියා ගිවිසුම සහ INPS ආ‌යතනයට ගෙවන ලද ගෙවීම් අනිවාර්යයි. සමහරු දිගුකාලීන දින නියමයක් නැති රැදී සිටීමේ බලපත්‍රය (permesso illimitato)ගත්තාම හිතන දෙයක් තමයි දැන් රැකියා කොන්ත්‍රත්තුවක් තිබ්බත් එකයි නොතිබ්බත් එකයි කියන එක. සමහර වෙලාවට හදිසි කරුණක් මේ ලියවිල්ලෙ වෙනස් කරන්න ගිය විට, රැකියා කොන්ත්‍රාත්තුව නැති කම නිසා සාමාන්‍යය කෙටිකාලීන රැදී හිටීමේ බලපතක් බවට දිගුකාලීන බලපත හරවන අවස්ථා තියෙනවා. මෙහෙම ඉල්ලගෙන නාගත්ත අයත් ඉන්නවා. අපේ අය හිතන දෙයක් තමයි අද අතට ගන්න මුදල
ඉතාලියෙ දිගින් දිගටම ඉන්න බලාපොරොත්තු වන අය උනාම. මේ කරුණු ගැන ටිකක් හිතන්න. තමන්ට කියල ගෙයක් දොරක් ගන්න සිහින මවනවා නම් අනිවාර්යයෙන් රැකියා කොන්ත්‍රාත්තුව නැත්නම් ගිවිසුම ගැන සැලකිලිමත් වෙන්න.

#පිටරටවිස්තර
#රට

Address


Website

Alerts

Be the first to know and let us send you an email when පිටරට විස්තර Pita Rata Visthara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share