14/08/2021
ලංකාවේ කෙල්ලන්ගෙයි කොල්ලන්ගෙයි හමුවීම් වලදි මම සෑහෙන ලොකු අඩුපාඩුවක් දකිනව.
සාමාන්‍යයෙන් බං දෙන්නෙක් සෙට් වෙන්නේ, ප්‍රේමාන්විත වෙන්නේ ඒ දෙන්නාගේ සෝල් එකටම උන් දෙන්නා දැනෙන නිසානේ. එහෙව් මිනිහෙක් එක්ක ඩේට් එහෙකට ගියාම, උන් එක්ක අමුතුවෙන් කතා කරන්න ලබ්බවල් නෑ. ඒ කියන්නේ රූම් එකක් ඇතුළේ උනත්, එළියේ වෙන කොහේදි උනත් කතා කරන්න කියලා විශේෂ ලබ්බවල් නෑ.
හැබැයි අපි හැමෝම කැමැතියි, තමන් ආසම මනුස්සයා එක්ක කාලය ගත කරන්න.
සාමාන්‍යයෙන් ලංකාවේ හැම කෙල්ලෙක්ම උයනව. හැම එකෙක්ම වගේ උයන්න දන්නව. තේ හදන එක, කිරි හදන එක, කෝෆි එකක් හදන එක උන්ට නතින්.. ඒ අතරේ උන් එක එක ජාතියේ කෑම ජාතිත් හදනව. අත්හදා බලන්න හරි උන් ඒවා කරනව.
ඒත් මම ලංකාවේ කොහේදිවත්, කාගෙන්වත් මේවා දැකලා නෑ.
ඒ තමයි, උන් කවදාවත්ම තමන් ආසම කරන මනුස්සයා මුණ ගැහෙන්න එනකොට තමන්ගේ අතින්ම කෑමක් හදාගෙන එන්නේ නෑ. තඩි බෑග් එකක්නම් එල්ලාගෙන එනව. ඒ මඟුලේ මොනවා තියෙනවද මම දන්නේ නෑ. ඒත් උන්ට ට්‍රැවලින් ප්ලාස්කුවකට කෝපි පුරවලා අරගෙන එන්න බැරි ඇයි කියලා මම දන්නේ නෑ.
උන්ගේ අතින් හදාපු බිබික්කමක්වත් අරගෙන ඇවිදින් අර කොල්ලට කවන්න බැරි ඇයි කියලා මට හිතාගන්න බෑ.
කොල්ලෝත් එහෙම තමයි. උන් දන්නේ නෑ, තමන්ගේ කෙල්ල ඇත්තටම ආස මොනවටද කියලා. මම දන්නව, කවදාහරි මේ රටේ මිනිස්සු ලස්සනට ආදරය කරයි, ඒ ෆාමසියට කලින් මල් කඩේකට ගිහිං සූරියකාන්ත මල් හොයන දවසට.. ඩේසි මල් ඉල්ලලා ගේම ඉල්ලන දවසට..
"මොකටද මල්ලි ඩේසි මල්.."
"කෙල්ලගේ කොණ්ඩේ ගහන්න.." මිනිස්සු හිනා වෙයි. ඒත් ඒක තමයි ඇත්ත ඕයි.. අපි ගණුදෙනු කරන්නේ අපි ආසම මනුස්සයාගේ ඇතුළේ ඉන්න සංවේදීම චරිතයේ, අහිංසකම හැඟීමත් එක්කයි. ඒක මල් වලටත් වඩා පාරිශුද්ධ දෙයක්..
දැන් අනෙක් එවුන් කියයි, කඩවල් තියෙන්නේ ඒකටය. ඒවායේ කෑම තියේය. අරක මේක.. !
එහෙම නෙමෙයි බං. අපි ආසම කරන කෙනත් එක්ක ජීවත් වෙනකොට අපිට අහන්න බෑ, ඔයා ආස කොහොමද කියලා. අපි තේරුම් ගන්න ඕනේ එයත් එක්ක පවතින සම්බන්ධය ඇතුළේදි එයා මොන වගේ කෙනෙක්ද කියලා. එයා ආස මොනවටද කියලා.
මම දන්නේ නැහැ. අපේ රටේ ආදර සම්බන්ධතා පවත්වන අය, අනෙක් කෙනා කන්න කැමැති කෑමවත් මොනවද දන්නවද කියලා. අඩුම ගානේ අනෙක් කෙනා තේ එකක් බොනකොට එයා එකතු කරගන්න කැමැති සීනි හැඳි ප්‍රමාණය කොච්චර ද වගේ සරල දේවල්වත් දන්නවද මම දන්නේ නෑ.
ඒත් ඊට කලින් අනෙක් හැම කෙනෙක්ම හොයල බලන්නේ, ඉනේ සයිස් එකයි, බ්‍රා සයිස් එකයි, ජංගියේ පාටයි, අංගජාතයේ දිගයි වගේ දේවල් බව මම දන්නව.
එහෙම බලලා කසාද බැන්දත් අපේ රටේ වැඩියෙන්ම තියෙන්නේ දික්කසාද නඩු. ඒ කිසිම නඩුවකදි කියැවෙන්නේ නෑ කායික සම්බන්ධතාවයේ දුර්වලකම් නිසාවෙන් වෙන් වෙනවාය කියලා. ඒ හැම තැනකදීම කියැවෙන්නේ, ඔවුනොවුන් මානසික වශයෙන් තනි වූ බවයි.
මමනම් කියන්නේ සෙක්ස් කරන්න පස්සේ පුළුවන්. ඒකට හදිස්සියක් නෑ. නිමාඩුව පාඩුව කරන කොට තමයි ඒක ලස්සන.
ඉතිං මිනිස්සු එකිනෙකා තනි වෙන්න ඕනේ, කාමරයක් ඇතුළේ උනත් පිටත වුණත්, සෙක්ෂුවල් විදියට ඉන්න නෙමෙයි. අපි එකිනෙකා දැන අඳුර ගන්නවාය, අපි එක දවසක් එකට ජීවත් වෙලා ඉන්න බලනවාය කියන අයිඩියාලොජි එක ඇතුව..
අපේ රටේ කොල්ලෙක් විදියට තමන් ජීවිතය දකින විදිය, තමන් ජීවත් වෙන්න කැමැති ඇත්ත විදිය කවදාවත්ම කෙල්ලෙක් එක්ක කියන්න ඉඩ ලැබෙන්නේ නෑ. ඒක මහා කරුමයක්.. මොකද ප්‍රේමය ඩිපෙන්ඩ් වෙන්නේම ඇතිනැතිකම මත. මිනිහෙකුට නැත්නම් ප්‍රේම කරන්න බැහැයි කියනව වගේ, අයිඩියා එකක් මේක ඇතුළේ හැදිලා තියෙනව.
ඕනේම මිනිහෙක් ආසයි තමන් වෙන්න. ඇත්ත තමන් වගේ නිදහස් වෙන්න. හිරකරගෙන ඉන්න හැමදේම නිදහස් කරන්න. ඒ නිදහසවත් අද කාලේ ප්‍රේමයන් ඇතුළේ නෑ. ආසම මනුස්සයා ගාවට ගිහිනුත් සමහර මිනිස්සු කරන්නේ බොරුව..
මිනිස්සු හරි බයෙන් ආදරේ කරන්නේ. එයාල බයයි තමන් ගැන ඇත්ත කීවෝත්, අනෙක් කෙනා ප්‍රතික්ෂේප කරාවි කියලා. අනෙක් කෙනා වෙනස් වේවි කියලා. අනෙක් කෙනා තමන්ව අත අරීවි කියල. තමන්ගේ ඇත්තට අනෙක් කෙනාගෙන් ඉඩක් නොලැබේවි කියලා.
ඒක ඇත්ත. එහෙම ප්‍රතික්ෂේප කරනව. එහෙම අත ඇරලා දානව. එහෙම කවදාවත්ම අනෙකාගෙන් තමන්ගේ ඇත්තට ඉඩක් ලැබෙන්නේ නෑ. 😅
ඒත් බොරු මිනිහෙක්ව තමන් ආස කරන මනුස්සයා ගාව ජීවත් කරවලා පෙන්වනවට වඩා, ඇත්ත මනුස්සයෙක් විදියට එයා ගාව ඉන්න තියෙනවානම් ඒ හෘද සාක්ෂිය පිරිසිදුයි. එතැනදි තමයි මිනිස්සු ඇත්තටම පාරිශුද්ධව ආදරය කරන්නේ..
-------------------------------------------
මට සතියකට කලින් ආදරය කරලා බැඳපු දෙන්නෙක්ගේ ප්‍රශ්නයක් අහන්න ලැබුණා. වයිෆ් හස්බන් එක්ක තරහයි. තරහා වෙන්න හේතුව, වචනයක් වැරදිලා. එකම එක වචනයක් හින්දා, මේ දෙන්නා දවස් දෙකක් විතර පිච්චෙනව. නිකංම නිකං වචනයක් නිසා.
දෙන්නම මගේ යාළුවෝ නිසා, මම දෙන්නටම කතා කළා.
කොල්ලාගෙන් අහනකොට කීවා,
"මචං, මට ගෑණු හුරතල් කරන්න වෙලාවක් නෑ.. ලව් කරන කාලේ නෙමෙයිනේ මේක" කියලා.
"ඒකිව ලව් කරන කාලේ හුරතල් කළානම්, උඹ හිතුවේ නැත්ද කසාද බැඳපුවාමත් ඒ හුරතල් වචන, ඒ තේරුම් ගැනීමම දෙන්න ඕනේ" කියලා. මම ඇහුවා.
මම වෙන මොනා අහන්නද, ආදරේ කරන කාලේ අරකිව ඉස්මුදුනේ තියාගෙන, පස්සේ ඒකිත් එක්ක හුරතල් වෙන්න බැහැයි කියනව. සමහරවිට ඒකි ඌව බඳින්නම ඇත්තේ, ඌ තමන්ගේ සංවේදීත්වයට ගැළපෙන සිරා පොරක්ය කියන අදහස ඇතුවයි. ඒ ආකල්පය බිඳෙනකොට, ඒක මවාපෑමක්ය කියලා දැනෙනකොට අර කෙල්ලට දරුවෝ පහක් හයක් ඉඳලා ඒකි පරිනත ගෑණියක් උනත් රිදෙනව.
සමහර වෙලාවට, ඒ ප්‍රශ්නය ඇති ඩිවෝස් වෙලා ඒකි වෙන කොල්ලෙකුට ආදරය වෙන්න. මානසික සම්බන්ධයේ දුර්වලකම් නිසා ඕනේ තරම් ගෑණු වෙන පිරිමිත් එක්ක අනියමයෙන් බැඳෙනව. ඒකට වැරදි ගෑණුම නෙමෙයි. කවදාවත්ම උන්ගේ ආශාවන් දිහා සංවේදිව බලපු නැති පිරිමියි.
--------------------------------------------
මම ඒකයි කියන්නේ,
තමන් ආසම මනුස්සයා මොන වගේ එකෙක්ද කියලා තේරුම් ගන්න. ඒකි සනී ලියෝන් වගේ උනත්, ටොමී ෂෙල්බි වගේ උනත් මොකා වගේ උනත් අවුලක් වෙන්නේ නෑ. අවුලක් වෙන්නේ, එකට ජීවත් වෙන්න බැරි වෙන්නේ ඇතුළේ ඉන්න සතාව හරියට අඳුර ගත්තේ නැති උනාමයි.
--------------------------------------------
හමුවීම් කියන්නේ, ජීවත්වීම්..
එක දවසකදි මම ඔයාව මුණ ගැහෙනව කියන්නේ, මම ඔයත් එක්ක මගේ ජීවිතයේ ලස්සනම දවස ගෙවූවාය කියන එක. ඒ තප්පර කටු, මිනිත්තු කටු ඇතුළේ ජීවිතයේ සදාකාලිකවම තියෙන මතකයන් ගොඩ ගැහෙනව. මම ඔයාව තේරුම් ගන්නව. මම ඔයාව අවබෝධ කරගන්නව. වෙන කිසිම මනුස්සයෙක් ඉස්සරහා මානසිකව නිරුවත් වෙන්න බැරි මම, මට සදාතනිකවම පක්ෂග්‍රාහීයි කියා මම විශ්වාස කරන ඔයා ඉදිරියේ නිරුවත් වෙනව.
මම එළියේ ජීවත් වෙන්නේ අනෙක් මිනිස්සු වගේම බොරුවට. හැබැයි, මම ඇත්තටම ජීවත් වෙන්නේ ඔයා ගාව. ඔයා උනත් එහෙමයි.
ඉතිං මිනිස්සුන්ගේ ජීවිතවලට වැඩියෙන්ම වටින්නේ ඇත්තටම ජීවත් වෙච්ච තප්පර ද? එහෙමත් නැත්නම් වෙන් වෙන්ව බොරුවට ජීවත් වෙන දවස් ද?
මම ජීවිතය කියන්නේම නුඹ මගෙත් එක්ක හිටපු මොහොතවල් වලට.. 🖤 මොකද මම ඒවායේ ඇත්තටම ජීවත් වෙන හින්දා..
උපුටාගැනීමකි❤️
(මුල් අයිතිය සදරු දසනායක)