Hithu mathe

Hithu mathe Travelling with Hithu Mathe

23/01/2022

මුලින් ම ආරක්ෂාව

1 - බයික් එක හොඳට හදාගන්න (ටයර් කට්ට, ටයර් pressure, head lamp, tail lamp, engine / brake oil, clutch / accelerator cable හොඳට check කරගන්න. අරන් යන්න පුළුවන් අමතර කොටස් අරන් යන්න (උදා - මගේ bag එකේ clutch, accelerator cables දෙකටයි, spark plug එකටයි ඉඩක් වෙන් කරලා තියෙන්නේ)

2 - අනිවාර්යයෙන් ම full face helmet එකක් දාන්න, ජැකට් එකක් දාන්න, බයික් එකේ toolkit එක අරන් යන්න (බයික් එකේ basic troubleshooting දැනගෙන ම යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි)

3 - යන තැන හෝ තැන් කිහිපය ගැන google search එකක් දාන්න, ඒ අවට, යන route එකේ තියන hospitals, පොලීසි තියන තැන් දැනගෙන යන්න, අඳුරන අය ඉන්නවා නම් කලින් කියලා තිබ්බත් කමක් නෑ... (specially තනියම යනවා නම්), ඒ වගේ ම යන route එකේ තියන petrol shed ගැනත් බලාගෙන යන්න. රෑ traveling පුළුවන් තරම් අඩු කරන්න

4 - පොඩි first aid kit එකක් බෑග් එකේ හෝ බයික් එකේ දාගන්න, ඊට අමතරව වෙනත් බෙහෙත් (උදා - මට migraine තියන නිසා flunarin 5mg කාඩ් එකයි Iodex headfast එකයි අනිවාරෙන් ගෙනියනවා). ඒ වගේම Panadol

දෙවෙනියට, යන ගමන

5 - ගමනාන්තයේ වගේ ම යන අතරමග බලන්න තියන තැන් ගැන පුළුවන් තරම් කරුණු හොයාගන්න. Google map locations 100%ක් විශ්වාස කරන්න එපා (උදා - සප්තකන්‍යා plane crash memorial monument එක ඇත්තටම තියෙන්නේ නෝටන්බ්‍රිජ් හන්දියේ, map එකේ පෙන්නන්නේ ලක්ෂපාන ඇල්ල ලග)
ඒ වගේ ම Google maps live route දාගෙන යනවා නම් driving mode එක bike දාන්න එපා car දාන්න. bike දැම්මොත් bike එකක් දාන්න පුළුවන් පඩිපෙල් පවා route එකට දාගන්නවා, අතරමං වෙයි

6 - මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් ගන්න හොද map එකක්, phone signal හෝ battery ප්‍රශ්නවල දි සෑහෙන උදවුවක් වෙයි, අඩුම තරමේ google offline map එක වත් download කරගෙන යන්න

7 - සමහර දකින දර්ශන ආයේ ජීවිතේට ඒ තැනට ම ගියත් දකින්න නොලැබෙන්න පුළුවන්, ඒ නිසා කැමරා ටික ready කරගන්න, specially GoPro එකක් Helmet එකට සෙට් කරගෙන යන්න, පුලුවන් හැම තැනදිම video recording දාගෙන යන්න. Drone එකක් නම් Register කරගෙන යවන්න බලන්න පුළුවන් තරම්.. ලංකාවේ drone සම්බන්ධ නීතිය අවුල් එකක් වුණත්, legally ම යවනවා නම් කරදර අඩු වෙයි

8 - නවාතැන් කැමති විදියට කතාකරගෙන යන්න, බයික් එකක් safely park කරලා තියන්න පුළුවන් ද කියන එක දැනගෙන යන්න. ඒ වගේ ම bike එක මග දාලා පයින් බලන්න යන්න තියන තැන් ගැන පුළුවන් තරම් කලින් හොයාගෙන ඒකට පිළියමක් සකස් කරගෙන යන්න (උදා - අදාල තැන ගැන post එකක් දාලා මීට කලින් ගිය අයගෙන් විස්තර ගන්න පුළුවන්)

9 - කට්ටියක් යනවා නම් double දාලා යන්නැතිව පුළුවන් තරම් වෙන වෙනම බයික්වල යන්න බලන්න

10 - අවසාන වශයෙන්, කැමති නම් විතරක් බලන්න යන තැන් ගැන documentary කරුණු ටිකක් දැනගෙන ගිහින්, එහෙනුත් දැනගන්න පුළුවන් කරුණු රැස්කරගෙන එන්න (උදා - මම යන පැතිවල දකින කඳුවල නම, උස දැනගන්න හරි ම ආසයි, කලින් හොයාගන්න පුළුවන් ඒවා හොයාගෙන, බැරි ඒවා ගමේ අයගෙන් අහගන්නවා)

එහෙනම් සුබ පැතුම්

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Hithu mathe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share