28/02/2024
කාරුණිකව කරන ඉල්ලීමක් .😥😥
සිරිපා කරුණා කරන්න යනවනම් ඔය JBL /Bluetooth Speakers වගේ දේවල් අරන් එන්න එපා. සිරිපාදේ වන්දනාවට තියෙන ප්‍රධාන පාරවල් 3ක් තමයි ( රත්නපුර පාර / හැටන් පාර / කුරුවිට පාර ) ඔය පාරවල් 3නෙන් හැටන් පාර ඇරුනම රත්නපුර සහ කුරුවිට යන පාරවල් වැටිලා තියෙන්නේ අධි සංවේදී පරිසර කළාපයන් තුලින්. හැටන් පාර ගැන කතා නොකරේ දැන් ඇත්තටම ඒ මාර්ගය සංවේදී පරිසර කියන තැනින් ගැලවීගෙන ගෙන යන්නේ. bluetooth speakers ඇත්තටම මේ වන්දනාවට ඕනෙද? සිරිපා කරුණා කිරීම අද වෙද්දී එය පූජනීය කරුණාවක් නොව trend එකට කන්දක් නගින ගානට පත් වී හමාරය. මේ දේ අනිවාර්යෙන් වෙනස් විය යුතුමය.
බුදුන්ගේ සිරිපතුල වදින්න යනගමනට බජව් සිංදු කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැත. පූජණීය ස්ථානයකට සහ අධි සංවේදී පරිසර කලාපයකට ඔබ එසේ යනවානම් ඔබේ අඩු මානසික මට්ටම ගැන දෙවරක් සිත බැලිය යුතුව ඇත. මගේ අදහස නම් සිරිපා වාරයේදී ප්‍රධාන පාරවල් දෙකෙහිවත් දැඩි නීති රීති සකස්කර ක්‍රියාත්මක කර යුතුය.
පොලිතින් තැන තැන දමන අය සහ බජව් පිස්සන්ට වන්දනාවේදී විරුද්ධ වීමට ඔබට 100% අයිතියක් ඇත. රැකගන්න මේ උතුම් ශ්‍රී පදාස්ත්නය, නැතිනම් තව අවුරුදු 5කට නොඅඩු කාලයකදී මෙය නිකම්ම නිකම් කන්දක් වනු නොවනු මානයි ඉතිං හදවතින්ම අහන්න යන්නේ බුදු සිරිපා වදින්නද නැත්නම් තවත් එක විනෝද ගමනක් පමණද ?
උපුටා ගැණිමකි 🙏