𝐂𝐄𝐘𝐋𝐎𝐍

  • Home
  • 𝐂𝐄𝐘𝐋𝐎𝐍

𝐂𝐄𝐘𝐋𝐎𝐍 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝐂𝐄𝐘𝐋𝐎𝐍, Travel Service, .

අවාරයේ සිරිපා කරුණාව 🍃🌼❄️📸 - Padindu dilanka
01/10/2023

අවාරයේ සිරිපා කරුණාව 🍃🌼❄️
📸 - Padindu dilanka

16/12/2022
පහන්තුඩාව ඇල්ල 🌿⛰🌼🍃පහන්තුඩාව ඇල්ල පිහිටා ඇත්තේ බෙලිහුල්ඔය නගරයේ සිට A4 මාර්ගයේ බලංගොඩට කිලෝමීටර් 19ක් පමණ දුරින් කිලෝමීට...
04/11/2022

පහන්තුඩාව ඇල්ල 🌿⛰🌼🍃

පහන්තුඩාව ඇල්ල පිහිටා ඇත්තේ බෙලිහුල්ඔය නගරයේ සිට A4 මාර්ගයේ බලංගොඩට කිලෝමීටර් 19ක් පමණ දුරින් කිලෝමීටර් 2ක් පමණ දුරිනි. බෙලිහුල් ඔයෙන් සමනල වැව ජලාශයට එක්වන දිය ඇලි මාලාවේ අවසාන එක මෙයයි. මෙම දිය ඇල්ල පතුලේ කුඩා නමුත් ගැඹුරු තටාකයක් නිර්මාණය කරයි, එය සැලකිය යුතු ගැඹුරකින් යුක්ත වන අතර එය පහන් කූඩුවක හැඩයෙන් යුක්ත වේ - එහි මාතෘකාව (පහන - ආලෝකය) ලබා ගැනීමට උපකාරී වේ. ඇල්ලට ළඟා වීමට නම්, සුප්‍රසිද්ධ බෙලිහුල්ඔය තානායමෙන් ආරම්භ වී, කුඩා ජල විදුලි බලාගාරයට යන මාර්ගයේ ඉහළ ගලගම මාර්ගයේ කිලෝමීටර් 1.5 ක් පමණ යා යුතුය. දියඇල්ල පසුකර ගොස් උඩුගං බලා යන බෑවුම් සහිත නිම්නයට යා යුතු බැවින් දිය ඇල්ල නැරඹීම තරමක් අභියෝගාත්මක ය.

සටහන - අන්තර්ජාලයෙන් උපුටාගැනීමකි .

ඡායාරූපවල අයිතිය එහි මුල් හිමිකරුවන් සතුය '

🇱🇰

ගොංගල 😍🌳🌄🌼ගොන්ගල කදු මුදුන පිහිටා ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ මායිමේ පිහිටි දෙනියාය නගරයට ආසන්නයේය. එමගින් සබරගමුව පළාත හා...
03/11/2022

ගොංගල 😍🌳🌄🌼

ගොන්ගල කදු මුදුන පිහිටා ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ මායිමේ පිහිටි දෙනියාය නගරයට ආසන්නයේය. එමගින් සබරගමුව පළාත හා දකුණු පලාත මායිම් වීමද සිදුවේ. මෙම කදු මුදුන ඔබට දෙනියාය රක්වාන මාර්ගයේ ගමන් කිරීමේදී නිසැකවම දැකිය හැකිවේ. මෙම කදුකර කලාපයේ එක් කොටසක් ලෝක උරුම සිංහරාජ වනාන්තරයට මායිම්ව පවතී. එසේම ගිං ගග පෝෂණය කරන ප්‍රධාන ගංගා දෙකක් මෙම කදුකර කලාපයෙන් ආරම්භ වේ.

ගොන්ගල යන ලැබීමට හේතුවී ඇත්තේ මෙම කදු මුදුනේ ගොනෙකුගේ හිස ආකාර ගල් පර්වතයක් පිහිටීමත් එකල මෙම ප්‍රදේශය ගෝනුන්ගේ රාජධානියක් වීම නිසාත් යැයි කියැවේ. ඔබ කොළඹ සිට මෙම කදු මුදුන තරණයට පැමිණෙන්නේ නම් මාර්ගය මෙසේය.

පැල්මඩුල්ල – මාදම්පේ – රක්වාන – සූරියකන්ද – බොරලුවගේඉන්න – Hayes Estate හරහා ගොන්ගල

එසේ නොමැතිනම් මාතර හරහා දෙනියායට පැමිණද මෙම කලාපයට සේන්දු විය හැකිය.

මෙහිදී ඔබට Hayes තේ කර්මාන්ත ශාලාව දක්වා වාහනයකින් ගමන් කළ හැකිවේ. එතැන් සිට ගමන සිදුකළ යුත්තේ පාගමනිනි. තේ වතු අතරින් ගමන් කරන මාර්ගයේ දිගටම ගමන් කළ විට කදු මුදුනට සේන්දු වන අතර එහිදී රූපවාහිනී කුලුණු හා නාවික හමුදා කදවුරක් හමුවේ. ගොන්ගල දක්වා ගමන් කිරීමට නම් ඔබ එම නාවික හමුදා කදවුර දැනුවත් කර ඔවුන්ගේ අවසරය ලබා ගැනීම අනිවාර්‍ය වේ. ඉන්පසුව වනාන්තර මගක ගමන් කිරීම තුළින් ගොන්ගල කදු මුදුනේ උසම තැනට ලගා විය හැකිය. එම යන මග අතරමං වීමට ඉඩ තිබෙන බැවින් මාර්ගය දන්නා කෙනෙකු සමග ගමන් කරන්නේ නම් උචිතය.

උසම ස්ථානයේ තිබෙන ගල් තලාව වෙත ප්‍රවිශ්ඨ වූ විට ඔබට දකුණු පළාතේ හා සබරගමුව පළාතේ විශාල ප්‍රදේශයක් මෙහි සිට නිරීක්ෂණය කළ හැකිවේ. එසේම මෙම කදු මුදුන වෙත යන ගමනේදී කුඩා ජල පහරවල් හමුවන නිසා ඒවායෙන් ජලය සපයා ගැනීමද කළ හැකිවේ. මෙහි අත්හරින ලද එනසාල් වගාවක්ද දැකිය හැකිය. ශීත මිහිදුමෙන් බොහෝ විට වැසෙන මෙම කදු මුදුනේ ඇත්තේ ඉතාම සෞම්‍ය කාලගුණයකි.

මෙම කදුමුදුනට පෙනෙන ප්‍රදේශ අතර රක්වාන කදු, කලවාන දෙසට ඇති කදු, සිංහරාජ වනාන්තර කලාපය, උඩවලව ජලාශය, දෙනියාය, කෑල්ල හා බලංගොඩ කැපී පෙනේ. කදු තරණයට හා දිගු දුර ඇවිදීමට කැමති සංචාරකයිනට මෙම ගොන්ගල යනු කදිම ස්ථානයකි. එසේම දෙනියාය අවට සංචාරය කරන්නට ඔබ අදහස් කරන්නේ නම් මෙහිද පැමිණ යාමට අමතක නොකරන්න. එසේම මෙහි ගමන් කරන ඔබ පොලිතින් හ ප්ලාස්ටික් දමා සිංහරාජයට මායිම්වන මෙම පරිසර කලාපය විනාශ නොකිරීමටද අදිටන් කරගන්න.

සටහන - sltraveler.lk

ඡායාරූපවල අයිතිය එහි මුල් හිමිකරුවන් සතුය '

🇱🇰

31/10/2022
🇱🇰
23/10/2022

🇱🇰

මීදුම පිරුණු සුන්දර ඔහිය 😍🌿🌼❄️ඔහිය යනු ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටා...
17/10/2022

මීදුම පිරුණු සුන්දර ඔහිය 😍🌿🌼❄️

ඔහිය යනු ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ගම්මානයක් .

එය හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට වඩා සමීප යි. සුන්දර කොළඹ – බදුල්ල දුම්රිය ඔහිය හරහා දිව යයි.

සීත මීදුම වගේම ඇස පිනවන දසුන් ඇති ඔහිය දෙස් විදෙස් සංචාරකයන් ගේ නොමඳ ආකර්ශනය ලබන තැනක්
ඔහිය සිට හෝර්ටන් තැන්නට කිලෝ මීටර් අටක් දහයක් වගේ ඇති.

ඔහිය හරහා උඩවේරිය වත්ත සහ ඒ ආශ්‍රිතව තිබෙන ඔහිය වනාන්තරය බලන්න යන්නත් පුළුවන්.
ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල වන බඹරකන්ද ඇල්ල තියෙන්නේත් මේ කිට්ටුව.

සටහන - Lady.lk

චායාරූප වල අයිතිය එහි මුල් හිමිකරුවන් සතුය .

🇱🇰

හවසට ' ලස්නන උඩවලව 😍✨🍃📸- Merenchi's photo journey      🇱🇰
16/10/2022

හවසට ' ලස්නන උඩවලව 😍✨🍃
📸- Merenchi's photo journey

🇱🇰

පිටවල පතන 🌿🌦🌼🍃මාතලේ නග‍රයේ සිට රත්තොට ට පැමිණ එතැන් සිට මී. 15 ක් පමණ දුෂ්කර මාර්ගයක ගමන් ගත් කල රිවස්ටන් සම්ප්‍රේෂණ කුළ...
14/10/2022

පිටවල පතන 🌿🌦🌼🍃

මාතලේ නග‍රයේ සිට රත්තොට ට පැමිණ එතැන් සිට මී. 15 ක් පමණ දුෂ්කර මාර්ගයක ගමන් ගත් කල රිවස්ටන් සම්ප්‍රේෂණ කුළුණ ට පැමිණිය හැක. මෙම ප්‍රදේශය නකල්ස් රක්ෂිත වනාන්තරයට අයත් වන ප්‍රදේශයකි. මෙම මාර්ගය ඔස්සේ පැමිණෙන විට විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ දැකිය හැකි විවිධ දේශගුණික කලාප දැකිය හැකි වීමයි.

මෙම ප්‍රදේශයේ විශේෂත්වය වනුයේ පස් තට්ටුව අගල් එකක් පමණ තුනී වීමයි. සමහර ස්ථාන වල ගල් තට්ටුව පෑදී ඇත. එබැවින් ප්‍රදේශයම වැවී ඇත්තේ තෘණ වර්ග පමණක් වේ.

පිටවල පතන අක්කර කීපයකට පමණක් සීමා වේ. නමුත් එහි ඇති පාරිසරිත වැදගත් කම අති මහත්ය. ඒ නිසාම රජය විසින් එම ප්‍රදේශය අධ්‍යාපනික, පර්යේෂණ සහ සංරක්ෂණ කටයුතු සදහා වෙන්කල කලාපයක් ලෙස නම් කර ඇත.

මෙහි ඇති විශේෂම වැදගත් කම වන්නේ පිටවල පතනට පමණක් ආවේණික ශාක වර්ගයක් පැවතීමයි. ඒ ‘පතන් අල” ලෙස හදුන්වන ශාක විශේෂයයි. අගල් දෙකකට වඩා උස නොවන මෙම ශාඛය කොළ පැහැති දිගැති පත්‍ර වලින් සමන්විත වේ. නියං කාලයට ‍මෙම ශාඛය වියලී යන අතර එහි අලය නොමැරී පවතී. නැවත වැසි ලැබුණු විට අලයෙන් පැලය මතුවේ.

මෙම ප්‍රදේශයේ දැකිය හැකි කදුලැස්ස ශාකය නකල්ස් කදු පන්තියට ආවේනික ශාකයකි. මෙම ශාකයේ විශේෂත්වය වන්නේ එය මාංශ භක්ෂක ශාකයක් වීමයි. මෙම ශාකයේ ඇති දිගැටි රේනු වැනි පත්‍ර සියුම් කෙදි හා මැලියම් වර්ගයකින් සමන්විත වේ. එහි සුවදට ඇදී එන කුඩා කෘමීන් එහි ඇති මැලියම් වල ඇලෙයි. ශාකය මගින් එම සතාව ජීර්ණය කර යුෂ ශාකයට උරා ගැනෙයි.

නිල් මොණරැස්ස” ශාකය ද නකල්ස් කදු පන්තියට ආවේණික මාංශ භක්ෂක ශාක විශේෂයකි. මෙහි ඇති ලා නිල් පැහැති මල ඉතා කුඩා වන අතර කෘමියෙකු මල තුලට රිංගා ගත් විට මලෙහි පියන වැසී යයි.
“වටැස්ස” ද මෙම ප්‍රදේශයේ දැකිය හැකි නකල්ස් කදු පන්තියට ආවේණික මාංශ භක්ෂක ශාකයකි.

මෙම ප්‍රදේශයේ දැකිය හැකි “රළු ගම්පර මැඩියා” නකල්ස් ආවේණික සත්වයෙකි.

දර්ශනීය මෙන්ම දුර්ලභ සමනල විශේෂ රාශියක් ම මේ ප්‍රදේශය ආශ්‍රිතව දක්නට හැකියාව ඇත.

පිටවල පතනේ එක් කෙළවරක් අධික බෑවුම් සහිත හෙලකි. එය බෙ‍ාහෝ දෙනා හදුන්වන්නේ “පුංචි ලෝකාන්තය” යනුවෙනි. එහි සිට සෘජුවම බෑවුම් වූ අඩි 100 ක් පමණ ප්‍රපාතයන‍ෙයන් පහල දර්ශනය නැරඹීමට බොහෝ සංචාරකයින් මෙම පතන හරහා යයි
හුදු විනෝදය පිණිස පමණක් මෙහි පැමිණෙන පරිසරය පිළිබද නොතකන සංචාරකයින් හේතුවෙන් පිටවල පතන දැඩි අනතුරුදායක තත්වයකට මුහුණ පා ඇත. මෙවන් පාරිසරික උරුමයන් මතු පරපුර වෙත ද දායාද කිරීම අප සැමගේ යුතුකමයි.

සටහන අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි,

චායාරූප වල අයිතිය එහි මුල් හිමිකරුවන් සතුය.

🇱🇰

𝐇𝐨𝐫𝐭𝐚𝐧 𝐏𝐥𝐚𝐢𝐧𝐬 , 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 🇱🇰🌿🌼හෝර්ටන් තැන්න මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ඉතා සුන්දර භූමියකි. මෙය නුවර...
12/10/2022

𝐇𝐨𝐫𝐭𝐚𝐧 𝐏𝐥𝐚𝐢𝐧𝐬 , 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 🇱🇰🌿🌼

හෝර්ටන් තැන්න මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ඉතා සුන්දර භූමියකි. මෙය නුවරඑළිය හා හපුතලේ අතර මධ්‍යම කදුකරය පුරා පැතිර ඇත. මෙයට ප්‍රවේශවන ස්ථාන නුවරඑළියේ සිට යන විට පට්ටිපොළ දී ද හපුතලේ සිට යන විට ඔහිය දී ද හමුවේ.

19 වන ශතවර්ෂයේ මුල් කාලයේ දී තෝමස් ෆර් විසින් සොයගත් අතර එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයාව සිටි සර් රොබට් විල්බට් හෝටන්ට (1831 - 1837) ගෞරව පිණිස මෙය හෝර්ටන් තැන්න ලෙස නම් කෙරිණි.

හෝර්ටන්තැන්න ලංකාවේ වඩාත් ශීත හා සුළං වැඩිම ස්ථානයයි.මෙය කදුකර සදාහරිත වනාන්තර, තෘණ බිම්,වගුරුබිම් හා ජලජ පරිසර පද්ධතියක් ලෙස පවතී. මුහුදු මට්ටමේ සිට මීටර් 2100 පමණ ඉහළින් පිහිටා ඇත. හෙක්ටයාර් 3.169ක්පුරා ව්‍යාප්තව ඇත. මෙහිදී ලංකාවට ආවේණික ශාක හා සත්ව විශේෂ විශාල පිරිසක් දක්නට ලැබේ. මෙය 2010 ජූලි මස 30 වැනිදා යුනෙස්කෝ ලෝක උරුම අඩවිය ප්‍රකාශයට පත් කරන ලදී.

මෙය ලංකාවේ වඩාත්ම වැදගත් ජල පෝෂක ප්‍රදේශයක් ලෙස පවතී. එමෙන්ම ඉතා පොහොසත් ජෛව විවිධත්වයකින් සමන්විත වන අතර අධ්‍යාපනික හා පර්යේෂණ කටයුතුවල යෙදී සිටින්නන් සදහා වටිනා ස්ථානයකි.

හෝර්ටන්තැන්න කදුකර තෙත් වනාන්තරවලට අයත් වේ. එහි සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මි.මි.5000ට වඩා වැඩි වේ.මෙය මහවැලි,කැළනි,වලවේ යන ගංගාවල පෝෂක ප්‍රදේශය ද වේ.හෝර්ටන්තැන්නට අයත් කිරිගල්පොත්ත කන්ද (මීටර් 2389) හා තොටුපල කන්ද(මීටර් 2357)යන කදු අතර උසින් දෙවන හා තුන්වන ස්ථානවලට අයත් වේ. ගැඹුර මීටර් 900ක් පමණ වන ලෝකාන්තයට හෝර්ටන්තැන්නේ පිහිටා ඇත. දර්ශනීය ස්ථාන වන බේකර්ස් ඇල්ල හා චිමිනි පොකුණ ද මෙහි දක්නට ලැබේ.

සටහන - e-තක්සලාව.lk

චායාරූපවල අයිතිය එහි මුල් හිමිකරුවන් සතුය.

🇱🇰

11/10/2022

Sigiriya , Sri Lanka 😍🇱🇰
📸 - Travel ජෝඩුව

සූරියකන්ද,රක්වාන,ශ්‍රී ලංකා 😍🌿🇱🇰රක්වාන සහ දෙනියාය අතර ස්ප්‍රිනවුඩ් වතු යාය හරහා කඳු වැටි, දිය ඇලි අතරින් පුංචි දහඅට වංගු...
11/10/2022

සූරියකන්ද,රක්වාන,ශ්‍රී ලංකා 😍🌿🇱🇰

රක්වාන සහ දෙනියාය අතර ස්ප්‍රිනවුඩ් වතු යාය හරහා කඳු වැටි, දිය ඇලි අතරින් පුංචි දහඅට වංගුව කියා හඳුන්වන ඉතා උස රූස්ස ගස් මැදින් වැටී ඇති වැලමිටි වංගු 10 කින් සමන්විත ඉතා අලංකාරවත් හුදකලා මාර්ගක් වන රක්වාන-දෙනියාය මාර්ගයේ ඉහලට ඇදෙන විට මුහුදු මට්ටමේ සිට අඩි 800ක උසින් පිහිටි සූරියකන්ද යනු තවත් සුන්දර ගම් පියසකි.

සිංහරාජයේ නැගෙනහිර මායිමේ පිහිටි එක්තරා සුවිශේෂි කුඩා බිම් කඩක් වන හිමිදිරි පෙදෙස(Morning side) සූරිය කන්ද ඇසුරු කරමින් පිහිටා ඇත. මෙම ප‍්‍රදේශය හිමිදිරි පෙදෙස(Morning side) ලෙස හඳුන්වන්නේ උදේ සිට සවස අඳුර එනතුරුම එම සීමිත ප‍්‍රදේශය හිමිදිරි උදය මෙන් පැවතීම නිසාවෙනි. පරිසරයේ කාලගුණය හා වටපිටාව දහවලටත් සවසටත් එකම ලෙස දිස්වේ. නිතරම මීදුම් සළු අහස් වියනේ ගෙත්තම් කරගෙන සිටින අලංකාර පෙදෙසකි හිමිදිරි පෙදෙස.

මේ සදහා රත්නපුර සිට හෝ බදුල්ල ප‍්‍රදේශයේ සිට පැමිණෙනවානම් පැල්මඩුල්ලෙන් කහවත්ත හරහා රක්වානට පැමිණ රක්වනේසිට සූරියකන්දට පැමිණෙන විට මාර්ගයේ දකුණු පසින් කුඩා තේ වත්තක් මැද හිමිදිරි පෙදෙස ගැන නාම පුවරුවකි. එතැන් සිට ඉතා අබලන් දුෂ්කර කඳුකර මගක් ඔස්සේ කි.මී. 7ක් ගෙවමින් හිමිදිරි පෙදෙසට ළඟා විය හැකිය.එමෙන්ම ගාල්ල,මාතර ප‍්‍රදේශයේ සිට පැමිණෙනවානම් දෙනියාය හරහා සූරියකන්දට පැමිණ සූරියකන්ද ප‍්‍රදේශයේ දකුණු පෙදෙසට වන්නට සම්මත මගක් තිබෙන අතර ඒ ඔස්සේ ගමන් කිරීමෙන් මෙම පෙදෙසට ලගාවිය හැක.

සටහන - Newsisland.lk

චායාරූපවල අයිතිය එහි මුල් හිමිකරුවන් සතුය.

🇱🇰

මාකෙලි ඇල්ල 🌿🇱🇰මාකෙලි ඇල්ල බස්නාහිර පළාතේ කළුතර දිස්ත්රික්කයේ ජනප්‍රිය දිය ඇල්ලකි. මෙම කුඩා දිය ඇල්ල කළු ගඟට අයත් මාකෙලි...
10/10/2022

මාකෙලි ඇල්ල 🌿🇱🇰

මාකෙලි ඇල්ල බස්නාහිර පළාතේ කළුතර දිස්ත්රික්කයේ ජනප්‍රිය දිය ඇල්ලකි. මෙම කුඩා දිය ඇල්ල කළු ගඟට අයත් මාකෙලිය ඔය ශාඛාවකින් නිර්මාණය වේ.

මෙයට ප්‍රධාන මාර්ගයකින් පහසුවෙන් ළඟා විය හැකි ය. මතුගම මාර්ගයෙන් ගමන් කරන විට, ඔබට ලත්පඳුර හමුවනු ඇත. ලත්පඳුර දී මොල්කාව මාර්ගයේ කෙලින් කන්ද දෙසට ගමන් කළ යුතුය.

කෙලින් කන්ද ප්‍රදේශයේ පාර ඉතා සන්සුන් වන අතර ඔබට මෘදු දේශගුණයක් දැනෙන සෙවණැලි වනාන්තර හරහා ගමන් කරයි.

මාකෙලි ඇල්ල දියඇල්ල අසල ඉදිකරන ලද වේදිකාවක් ඔබට දිය ඇල්ලේ හොඳ දර්ශනයක් ලබා ගත හැකිය. එහෙත් ස්නානය කිරීමට යාම භයානකය. අනපේක්ෂිත සිදුවීම් හේතුවෙන් මෙම ස්ථානයේ මියගිය සංඛ්යාව ඉහල අගයකි, එමෙන්ම මාකෙලි ඔය බලාගාරයද ඒ ආසන්නයේම පිහිටා ඇත.

සටහන - Gamana.lk

චායාරූප වල අයිතිය එහි මුල් හමිකරුවන් සතුවේ .

🇱🇰

සුන්දර ඇබර්ඩීන් ඇල්ල 😍☘️ඇබර්ඩීන් ඇල්ල කියන්නෙ ලංකාවේ උසම දිය ඇලි ලැයිස්තුවේ 18 වෙනි උසම දිය ඇල්ල. අයත් වන්නේ නුවරඑළිය දි...
10/10/2022

සුන්දර ඇබර්ඩීන් ඇල්ල 😍☘️

ඇබර්ඩීන් ඇල්ල කියන්නෙ ලංකාවේ උසම දිය ඇලි ලැයිස්තුවේ 18 වෙනි උසම දිය ඇල්ල. අයත් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයට. ඇත්තටම කිව්වොත් මේ දිය ඇල්ල ගොඩාක් ලස්සන එකක්. ලංකාවෙ තියෙන ලස්සනම දිය ඇලි ලැයිස්තුවේ නම් මේ ඇල්ලට උඩම ස්ථානයක් අනිවාර්‍යයෙන්ම ලැබෙන්න ඕනෙ. මොකද ඒ තරම්ම මේ දිය ඇල්ල ලස්සනයි. නිකන් පිටරටක ගියපු හැගීමක් තමා එන්නෙ.

මේ දිය ඇල්ලට මේ ඇබර්ඩීන් කියන නම ලැබිල තියෙන්නේ ස්කොට්ලන්ත ජාතිකයෙක් නිසා. මේ ඇල්ල අවට තිබුනු තේ වත්තකට දාපු නමක් තමා මේ ඇබර්ඩීන් කියන්නෙ. ඉතින් ඒකට ඒ නම යොදලා තියෙන්නෙ අයිති කාර සුදු මහත්තයා ජීවත් වුනු ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් නගරය සිහිවෙන්න. ඉතින් ඒ නමින්ම මේ දිය ඇල්ලටත් නම වැටුනා කියලා තමා කියන්නෙ.

ඉතින් මේ ඇබර්ඩීන් දිය ඇල්ල නිර්මාණය වෙන්නෙ කැළණි ගගේ අතු ගංගාවක් වුණු කෙහෙල්ගමුව ඔයෙන්. මේ දිය ඇල්ල ආසන්න ප්‍රදේශයක තමා ලක්ෂපාන දිය ඇල්ල පිහිටලා තියෙන්නෙත්. ඉතින් මේ දිය ඇල්ලට යනවනම් ඔයාලා කොළඹ හැටන් පාරෙ කිතුල්ගල පහුකරාම තියෙන කලුගල මංසන්ධියත් පහුකරලා යන්න ඕනෙ. කලුගල පහුකරාම ටිකක් දුර ගියාම මේ ඇල්ලට යන මාර්ගය තියෙනවා. එතනින් කිලෝමීටර 15ක් විතර ගියාම කලවැල්දෙණියේ තියෙන පිවිසුම ඔයාලට හමුවෙනවා. ඉතින් මේ දිය ඇල්ලට යන තවත් පාරක් තියෙනවා ගිනිගත්හේන නගරයට ඇවිල්ලා හැරිලා යන එකකුත්. ඇබර්ඩීන් ඇල්ල පිහිටලා තියෙන්නෙ අඹගමුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ.

කෝමහරි දිය ඇල්ල අසල ඇල්ලේ සුන්දරත්වය බලන්න පීඨිකාවකුත් තියෙනවා. එහි ඉදන් ඉතින් ඇල්ලේ ලස්සන බලන්න පුලුවන්. කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නෑ. ඒ තරම් ලස්සන දිය ඇල්ලක් තමා මේක. ඉතින් දිය ඇල්ලේ පහලට යන කෙනෙක්ට එහි ගල්තලාවට යන්නත් පුලුවන්. එතන ඉදන් ඇල්ලේ ලස්සන බලන්න පුලුවන් නම් ඒක අමුතුම ලස්සනක්.

දිය ඇල්ලේ එක පැත්තක ස්වභාවික හුණුගල් ඛාදනය වෙලා හැදුනු ගුහාවකුත් තියෙනවා. එතනට දිය ඇල්ලේ ලස්සන වෙනම විදියකට බලන්න පුලුවන් ඔයාලට. හැබැයි ලංකාවේ අනෙක් දිය ඇලි වගේම මෙතනත් දිය නාන එකනම් සුදුසු කටයුත්තක් නෙමේ. මෙතන්දී නාන්න ගිහින් මැරුණු අය ගැන ඕනෙ තරම් සාක්ෂි තියෙනවා කියලයි ආරංචිය. ඒ නිසා යන ඔයාලා තමන්ගේ ආරක්ෂාව ගැන බලාගන්න.

ඉතින් ඔයාලා ශ්‍රී පාදය නරඹන්න හරි කොලඹ හැටන් පාරෙ හරි යනවනම් ලස්සන ඇබර්ඩීන් දිය ඇල්ලේ ලස්සන බලන්නත් යන්න අමතක කරන්න එපා.

සටහන - Sltraveler.lk

චායාරූපවල අයිතිය එහි මුල් හිමිකරුවන් සතුය.

🇱🇰

Address


Website

Alerts

Be the first to know and let us send you an email when 𝐂𝐄𝐘𝐋𝐎𝐍 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share