I travel

I travel Travel Host

අපට බුදු දහමේ දායාදය ලැබුණු පින්බර පොහොන් දිනය අදයි..!!
24/06/2021

අපට බුදු දහමේ දායාදය ලැබුණු පින්බර පොහොන් දිනය අදයි..!!

Making mistakes is better than faking perfection
08/06/2021

Making mistakes is better than faking perfection

World Environment Day🌍5th June 2021
05/06/2021

World Environment Day🌍
5th June 2021

26/05/2021
ධර්මා ලෝකයෙන් සිත්සතන් ආලෝකමත් වෙනපින්බර වෙසක් මංගල්‍යක් වේවා!
26/05/2021

ධර්මා ලෝකයෙන් සිත්සතන් ආලෝකමත් වෙන
පින්බර වෙසක් මංගල්‍යක් වේවා!

🌞 සුභ අලුත් අවුරුද්දක් වේවා 🌞     2021/04/14 දින උදාවන සිංහල දමිළ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි නිරෝගීමත් සියලු රෝ දුක් ...
13/04/2021

🌞 සුභ අලුත් අවුරුද්දක් වේවා 🌞

2021/04/14 දින උදාවන සිංහල දමිළ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි නිරෝගීමත් සියලු රෝ දුක් බිය දුරු වන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.!

- - - - - - - - - - - - - - - - - - - -


2021/04/13

Subscribe Us https://youtu.be/yH5ipMLxv4Q

Follow us on
https://www.instagram.com/tv/CK742RDBPVa/?igshid=zn0qejsvh5ze

Like our page 👍
https://www.facebook.com/itravelus/

ශ්‍රේෂ්ඨ රතු ඉන්දියානු නායක සියැටල්,  මිහිමත තිබෙන ජලය උපමා කලේ තමන්ගේ රුධිරයටයි.මිනිසාට ජීවය දෙන්නේ පිරිසිදු වාතය සහ ජල...
22/03/2021

ශ්‍රේෂ්ඨ රතු ඉන්දියානු නායක සියැටල්, මිහිමත තිබෙන ජලය උපමා කලේ තමන්ගේ රුධිරයටයි.
මිනිසාට ජීවය දෙන්නේ පිරිසිදු වාතය සහ ජලයයි.
ලොව වටා සිටින මිනිසුන් මිලියන 783ක් බීමට පිරිසිදු ජලය නොමැතිව පීඩා විඳිති.
අප රටේද දැවැන්ත වන විනාශය හමුවේ ස්වභාවික ජල උල්පත් සිදීයාමේ තර්ජනයට ලක්ව ඇත. මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා ඇළ දොල ගංගා අපවිත්‍රවී ඇත.
මධ්‍යම කඳුකරය මෙන්ම තෙත් සදාහරිත වනාන්තර ආරක්ෂාකර නොගතහොත් බීමට ජලය සපයන ස්වාභාවික ජල උල්පත් සියල්ලක්ම සිඳී යනු ඇත.
එසේ වුවහොත්
සිඳී යන්නේ ජලය නොව ඔබට ජීවය දෙන රුධිරය බව සිහියේ තබා ගන්න.
අද ලෝක ජල දිනයයි. ස්වාභාවික ජල මූලාශ්‍ර අප පණ මෙන් සුරකිමු.

2012 නොවැම්බර් 28 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් යෝජනාවක් ඉදිරිපත් කරමින් මාර්තු 21 වන දින ජාත්‍යන්තර වනාන්තර ...
21/03/2021

2012 නොවැම්බර් 28 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් යෝජනාවක් ඉදිරිපත් කරමින් මාර්තු 21 වන දින ජාත්‍යන්තර වනාන්තර දිනය ස්ථාපිත කරන ලදී. මෙහිදී සෑම වසරකම සියලු වර්ගවල වනාන්තරවල වැදගත්කම සහ වනාන්තරවලින් පිටත ගස් පිළිබඳව දැනුවත් කිරීම හා විවිධ සිදුවීම් සැමරීම සිදු කරයි. , ජාත්‍යන්තර වනාන්තර දිනයේදී වර්තමාන සහ අනාගත පරම්පරාවන්ගේ ප්‍රයෝජනය සඳහා වනාන්තර හා ගස් සම්බන්ධ වන දේශීය, ජාතික හා ජාත්‍යන්තර ක්‍රියාකාරකම් වන ගස් සිටුවීමේ ව්‍යාපාර වැනි ක්‍රියාකාරකම් විවිධ රටවල් තුල සංවිධානය කරනු ලැබේ. එක්සත් ජාතීන්ගේ වන සංරක්ෂණ සංසදයේ ලේකම් කාර්යාලය, ආහාර හා කෘෂිකර්ම සංවිධානය සමඟ එක්ව, රජයන්, වනාන්තර පිළිබඳ සහයෝගී හවුල්කාරිත්වය සහ ජාත්‍යන්තර, කලාපීය සහ උප කලාපීය සංවිධාන සමඟ සහයෝගයෙන් මෙවැනි සිදුවීම් ක්‍රියාත්මක කිරීමට පහසුකම් සපයයි. ජාත්‍යන්තර වනාන්තර දිනය පළමු වරට 2013 මාර්තු 21 දින සමරන ලදී.

The International Day of Forests was established on the 21st day of March, by resolution of the United Nations General Assembly on November 28, 2012. Each year, various events celebrate and raise awareness of the importance of all types of forests, and trees outside forests, for the benefit of current and future generations. Countries are encouraged to undertake efforts to organize local, national, and international activities involving forests and trees, such as tree planting campaigns, on International Day of Forests. The Secretariat of the United Nations Forum on Forests, in collaboration with the Food and Agriculture Organization, facilitates the implementation of such events in collaboration with governments, the Collaborative Partnership on Forests, and international, regional and subregional organizations. International Day of Forests was observed for the first time on March 21, 2013.

International Day of Forests

Today is International Tourist Guide Day.This is held on 21st February each year. Celebrations were held for the first t...
21/02/2021

Today is International Tourist Guide Day.
This is held on 21st February each year. Celebrations were held for the first time in 1990 by the World Federation of Tourist Guide Associations (WFTGA) at which time only 15 countries around the world participated and jointly celebrated this special day.
අද ජාත්‍යන්තර සංචාරක මාර්ගෝපදේශ දිනයයි.
මෙය සෑම වසරකම පෙබරවාරි 21 දින පැවැත්වේ. ලෝක සංචාරක මාර්ගෝපදේශ සංගම් (WFTGA) විසින් 1990 දී ප්‍රථම වරට සැමරුම් පවත්වන ලද අතර එම අවස්ථාවේදී ලොව පුරා රටවල් 15 ක් පමණක් සහභාගී වී මෙම විශේෂ දිනය සැමරීය.
📸 🧗🏻‍♀️🎈🌐🔦🧭📲🗽🗼🗿🛶🛥🛩🚊🐾🥽🕶🧢⛑🥾🤠✍🏻 🎒🏔💶🔪💝➿♾🕤

නුවරගල ගමන 2021 අලුත් අවුරුද්දේ මුලින්ම යන්න සෙට්වුණේ නුවරගල යන්න. දැන් මේක යනව කියපු ගමන් කට්ටියගෙ මුල්ම ප්රශ්ණෙ වුණේ න...
22/01/2021

නුවරගල ගමන
2021 අලුත් අවුරුද්දේ මුලින්ම යන්න සෙට්වුණේ නුවරගල යන්න.
දැන් මේක යනව කියපු ගමන් කට්ටියගෙ මුල්ම ප්රශ්ණෙ වුණේ නුවරගල තියෙන්නෙ නුවරද කියලා.
මගේ පිළිතුර ; නෑ, ඒක තියෙන්නෙ නුවර නෙමේ 😄
හරි ඉතින් දැන් ගමන යන්න හා හා පුරා කියල සෙට්වුණා කියමුකො. යන දවසේ යන්න පටන් ගත්තු වෙලේ ඉදන් පොඩි පොඩි බාධක. ඒත් මම සැලුණද. නෑ.. කොහොම හරි රෑ 11.15 වගේ වෙද්දී කටටියට සෙට්වුණා. ඊට පස්සෙ ගමන පටන් ගත්තා. පාන්දර 2.45 ට විතර කට්ටියට තේබොන්න නතර කළා. ඒ වෙලාවෙ ඈතින් පෙනුණ බුදුපිළිමෙ පොටෝ එකකුත් ඇති මෙතන. ඊට පස්සෙ ආයිත් ගමන පටන් අරන් උදේ 6 විතර වෙද්දී නුවරගල ආසන්නයට ආවා මගපෙන්වන ඇත්තන්ගෙ නිවසට. උදේ කෑම අරන් යන්න පිටත් වෙන්න හිටියත් උදේ 8 වෙනකනුත් වැස්ස. කාගෙදෝ කේන්දරයක දෝෂයක් කියල ඒ අස්සෙ ඇහෙන්න පටන් ගත්තා 🤣🤣
හරි ඉතින් ඊට පස්සෙ වැස්ස කියල බැලුවේනෑ කට්ටිය රේන්කෝට් එහෙමත් දාගෙන වෝටප්රූෆ් බෑග් අරන් ගමන පටන් ගත්තා. ඒව නැති අයට වෙනම ආතල් එකක් 🙊.
ගල නගින්න කලින් ඒ හරියට යන්න සීමිත දුරක් යන්න ඕන. රඹකැන් ඔය ජලාශය හරියෙ වතුරපාරෙන් එගොඩවෙලා අලිවැට දිගේ කට්ටිය දැන් හරි හරියට යනවා. වැස්සනම් මොකද, අර පුංචි පුංචි දියපාරවල්, ඒකියන්නෙ වැස්සට උතුරන ඇලවල් වලින් පීනගෙන වගේ කට්ටිය ඒවගෙන් එගොඩ වුණා.
දැන් තමා හොදම හරිය. අපේ මගපෙන්වන ඇත්තො කිව්වෙ පොඩි ඇලක් තියේ ඒකෙන් එගොඩ වෙන්න ඕනය කියල. ඇලක් කෙසේ වෙතත් අපි ගගක් දැක්කා. (ඇත්තටම වැස්ස නිසා ඒක උතුරල යනවා). දැන් ඉතින් කරන්න දෙයක් නෑ මේකෙන් එගොඩ වෙන්න අපිට උඩහපැත්තට යන්න වුණා. හැබැයි ඒ ගමන හරිම සුන්දරයි. එතන තමයි එක තිබ්බෙ මම දැකපු විධියට. සේරම බාධක හමුවේ කට්ටියම මෙතනින් එගොඩ වුණා. ඊට පස්සෙ ටික දුරක් ගියාම දිගටම තිබ්බෙ තැන්න වගේ ප්රදේශයක්. එතනින් තව ටිකක් ඉදිරියට ගියාම හම්බුණේ නම් සද්ධන්ත අලි 🙊 (එයාලව මග හරින්න ඉතින් අපිට පුංචි උපක්‍රම පාවිච්චි කරන්න වුණා.)
අවසානයේදී ගලනගින හරියට ආවා. මේ හරියෙදි නම් අපිට ගල මුදුණෙ තියෙන Cave එක පවා දැකබලාගන්න හැකියාවතිබුණා. දැන්නම් ටිකක් මහන්සිත් නිසා Energy pack එකෙන් පොඩි boost එකක් දාගෙනම ගල නගින්න පටන් ගත්තා. මේ වෙනකොට ගලේ තැන් තැන් වලින් දියසීරා ගලා බහිනවා. සමහර තැන් දියඇලි වගේ. ඔහොම කොහොමහරි ඒ සුන්දරබාධක ගොඩක් මැද ගල මුදුණේ Cave එකට ආවා.
වැස්සෙම නුවරගල Cave එකට ආපු අපිට දකින්න ලැබුණෙ Cave එකේ භාගයක්ම වතුර. ඉන්න තියෙන්නෙ සීමිත ඉඩක්. කට්ටියම ගෙනාපු බඩු unpack කරල බැලුවා, මොකද මගදි ගමන්මලු ඇතුලට සෑහෙන වතුර ප්රමාණයක් යාමේ ඉඩකඩ තිබ්බ නිසා. මගේ නම් ඇදුම් ටික යන්තම් පරිස්සම් වෙලා තිබුණා Garbage bag එකක් ඇතුලෙ දාල ගමන් මල්ලට දාපු නිසා. ඒත් දවල්ට කන්න දීපු බත් එකේ නම් වතුර ගිහිල්ලා නිසා ඒකෙ තිබ්බ මාලු කෑල්ල විතරක් කෑවා. වැස්සට තෙත්වෙලා හිටපු නිසා ගෙනාපු කූඩාරම් ඇතුලට ගිහින් ඉක්මනටම ඇදුම්මාරු කරගන්න වුණා. එක කට්ටියක් වැස්ස කියල නෑ පොටෝ ෂූට් එකක්. තවත් කට්ටියක් රාත්‍රි කෑම වේල සූදානම් කරනවා. අනෙක් කට්ටිය රෑට නිදාගන්න තැන් සූදානම් කරනවා (වතුර පිරුණ තැන් වල වතුර අයින් කරල ඒ තැන් හදාගන්න වුණා)
රෑ වෙනකොටම තද සීතල. අපි ඉක්මනටම හදල දීපු නූඩ්ල්ස් එකෙන් සප්පායම් වුණා. දවල්ටත් කන්න බැරිවුණ අපිට ඒක දිව්‍ය භෝජනයක්. ඇත්තටම රසයි. Cave එකේ පිහිටීම ගැනත් හිත හිත රජකාලෙත් මේ වගේ රාජභෝජන අනුභව කරන්න ඇති කියල මවාගෙන කෑම ටික කෑවා. ඇත්තටම අපේ හිතහොද යාලුවෙක් අපි කට්ටියටම කැව්වා. ඒකට නං ගොඩක් පින්..
කෑම එහෙම කාල ඉවරවෙලා කට්ටියම ඊළගට සෙට් වුණේ කැලිප්සො කණ්ඩායම ගායනා කරන සිංදු අහන්න. අපේ නඩයෙ මේ තරම් දක්ශ අය ඉන්නවා කියල දැනගත්තෙ එතකොටයි. සමහර සිංදු මං ඇහුවෙත් පළමු වතාවට. ඒ වුණත් අපිත් පුලු පුලුවන් විධියට සිංදු කියන්න සහභාගී වුණා. පාන්දර වෙනකම්ම සිංදු ටික අහපු අපි ටික වෙලාවකට මහන්සිය අඩුකරගන්න කූඩාරම් ඇතුලෙ පොඩි නින්දක් දැම්මා. ඒ පාන්දරම ඉරු උදාවත් නරඹන අදහසත් ඇතිව.
උදෑසන ඉරු උදාවත් සමගම තමයි අපේ පොටෝ ෂූට් එක පටන්ගත්තෙ. දැනටමත් ලස්සන ලස්සන පොටෝ දකින්නත් ඇති. Cave එක ඇතුලෙ සහ පොකුණ අසලත් ඡායාරූප විශාල ප්රමාණයක් අපිට ගන්න පුලුවන් වුණා. උදේට මූණ එහෙමත් සෝද ගත්තෙ මෙන්න මේ පොකුණෙන්. ලැබුණ උදේ කෑම ටිකත් කාල දහවල් 12 විතර වෙනකම්ම පොටෝ ෂූට්.. මෙතනදි ඉතින් දුක හිතෙන සිද්ධියකුත් වුණා. ⁣ගෙනාපු Drone එකක් අවසාන වතාවට දකින්න වුණේ මෙතනදි. ඒ පොටෝ එක අරගෙන Drone එක පහළට ඇදවැටෙනව දැක්ක අපි හැමොගෙම හදවත නැවතුණා.!
දහවල් 12 පහුවෙනවත් එක්කම අපි පහළට බහින්න පටන් ගත්තා. මොකද තද වැස්සක් ආවොත් අපිට ඊයෙ දවසෙ වගේම නාගෙන යන්න වෙන නිසා. වැහැල නැවතිල නිසා ගොඩක් තැන් දැන්නම් ලිස්සනවා. ඊයෙ දකින්න තිබුණ දිය සීරා වුණත් දැන් අඩුයි. බොන්න වතුර එහෙමත් ඕන නිසා ඊයෙ දවසෙ තරමක දිය ඇල්ලක් ඇද වැටුණ තැනින් බොතල් වලට බොන්න වතුර එකතුකරගත්තා. ආපහු එන ගමනෙදිත් අපිට අලි ටික මග හරින්න උපක්‍රම නැවත භාවිතා කරන්න වුණා.
තැන්න ළගට ළගා වුණ අපි එතන තරමක වෙලාවක් නැවතිලා හිටියෙ Drone එක වැටුණ යාලුව ඒක හොයාගන්න ගිය හේතුවෙන්. ඒත් ඒක නම් හම්බවෙලා තිබුණෙ නෑ. මෙතන සෑහෙන වෙලාවක් රැදුණ අපි විශාල ඡායාරෑප ප්රමාණයකට හිමිකම් කියන්න නම් අමතක කලේ නෑ.
නැවතත් වැස්සක් එන ළකුණු නිසා අපිට ආපහු ගමන ඉක්මන් කරන්න වුණා. එනකොට මගඇරල ආපු මාන පදුරු සහිත මාර්ගය තමයි අපි යනකොට භාවිතා කලේ. මාන පදුරු අතර තියෙන ගල් අස්සෙ මගේ පාදයක් ගිය නිසා ටික දුරක් යනකම් ඇවිදීමේ අපහසුතාවයකුත් ආවා. නැවතත් ගගෙන් එගොඩවෙන තැන ආසන්නයට ආපු අපිට ගගේ නාන්න තමයි අදහස. මඩවුණ මහඔය අතු ශාකාවට පැනපු හැමෝම හිතේ හැටියට නාගත්තා. හැබැයි ඉතින් එහෙම නෑවත් මඩේ නාන්න වෙන ඊළග Challenge එක එයාල දැනුවත් වෙලා හිටියෙ නැහැ. අපි පස් දෙනෙක් විතරක් ගගේ නාන්නෙ නැතිව වෙලෙන් එගොඩ වෙලා මඩ නාගෙනම මගපෙන්වන ඇත්තන්ගෙ ගෙදරට ඇවිත් නාගත්තා. ඊට මද වේලාවකට පස්සෙ ගගේ නාපු කට්ටියත් mud bathing එකකුත් දාගෙනම ඇවිල්ල මගපෙන්වන ඇත්තන්ගෙ ගෙදරට ඇවිත් නාගත්තා. දිවා ආහාරයෙන් සප්පායම් වුණ අපි ආපහු බස්රථයට ගොඩවුණේ ඉක්මනින්ම නිවෙස් බලා යන අදහසින්. පැය 7 ක පමණ ගමනකින් පසුව අපි අපේ ගමනාන්තයට ළංවුණා. සුන්දර අත්දැකීම් ගොඩක් තිබුණ මේ ගමන අමතක කළ නොහැකි තවත් ලස්සන ගමනක්.
[ පහත ලින්කුවෙන් නුවරගල ගැන ඉතිහාසයෙන් බිදක්. ලංකාදීප පත්තරේ පළවුණ ආටිකල් එකකින් තමයි තොරතුරු ගත්තෙ.
https://www.facebook.com/1270016489732750/posts/3633439576723751/?d=n ]
ඊළග ගමනින් නැවතත් හමුවෙමු.
ගිහින් එන්නම්
සටහන
Special thanks to being the valuable Travel partner
Travel Dates : 2021 Jan 8-10
II.

Traveling – it leaves you speechless, then turns you into a storyteller.” – Ibn Battuta. Pic by
14/01/2021

Traveling – it leaves you speechless, then turns you into a storyteller.” – Ibn Battuta.
Pic by

හින්දු දින දර්ශනයට අනුව අදින් ආරම්භ වන්නේ අලූත් අවුරුද්දේ සූර්ය දිව්‍ය රාජයාට ප්‍රථම අස්වැන්න පූජා කිරීමේ දිනයයි. ඔවුන් ...
14/01/2021

හින්දු දින දර්ශනයට අනුව අදින් ආරම්භ වන්නේ අලූත් අවුරුද්දේ සූර්ය දිව්‍ය රාජයාට ප්‍රථම අස්වැන්න පූජා කිරීමේ දිනයයි. ඔවුන් මෙම උත්සය සමරනු
මෙලෙස දින හතක් ඔවුන් මෙම උත්සය සමරනු ලබනවා.

ඒ , කෘෂිකාර්මික ජීවිතය හා බැදුණු ජනයා අස්වනු නෙලන අවස්ථාවේ සිට සමරන තෛපොංගල් උත්සවයෙන් තමන්ට උපකාර කළ සුර්යයා, වර්ෂාව සහ ගවයා, කපුටා වැනි සතුන්ට කෘතවේදීත්වය පළ කරමින්.
wishing you Happy Thai Pongal

මිහින්තලයට 2018 වර්ෂයේ දී
31/12/2020

මිහින්තලයට 2018 වර්ෂයේ දී

2020           වසරක අවසානයේ චාරිකා මතකයන් ආවර්ජනය1 - Jan 15, 2020 • පෙට්ටිගල (තෙල්දෙණිය, සෙනරත්වල)• වික්ටෝරියා ජලාශය• බහ...
31/12/2020

2020

වසරක අවසානයේ චාරිකා මතකයන් ආවර්ජනය

1 - Jan 15, 2020
• පෙට්ටිගල (තෙල්දෙණිය, සෙනරත්වල)
• වික්ටෝරියා ජලාශය
• බහිරව කන්ද
• දළදා මාළිගාව
• උඩවත්ත කැලේ

2 - Jan 17, 2020-
• කොත්මලේ ජලාශය, දෙහදු කඩුල්ල, මහවැලි මහා සෑය, රණමුණේ පිහිල්ල, හනුමාන් කෝවිල,
• පූනා ඇල්ල, රම්බොඩ ඇල්ල සහ උමග, St. Clair ඇල්ල, ඩන්සිනන් ඇල්ල, නාවලපිටිය දූම්රිය ස්ථානය

3 - Feb 9, 2020
• මාතර beach (දෙවරක්)
• පරෙවි දූපත
• වැලිගම
• මිරිස්ස (Whale watching)

4 - Feb 20, 2020
• අම්බලන්ගොඩ
• තංගල්ල
• හම්බන්තොට
• යුධගනාව
• මාළිගාවිල
• දෙමටමල් විහාරය
• ගලබැද්ද පැරණි පොකුණ
• අම්පාර
Feb 22, 2020
• පියංගල
• රජගල තැන්න
• බුද්ධංගල
• සේනානායක සමුද්‍රය
• දීඝවාපිය
Feb 23, 2020
• ආරුගම්බේ වෙරළ
• මුහුදු මහා විහාරය
• මගුල්මහා විහාරය (ලාහුගල)
• නීලගිරි ස්ථූපය

[නිරෝධායන කාල සීමාවට පසු
After time period]

5 - June 18, 2020-
• බදුල්ල, (දෙවරක්)
• මුතියංගණ චත්‍ය,
• ඇල්ල චාරිකාව (9 arch, පුංචි සිරීපාදය, Flying රාවණා, ඇල්ල Rock, දෙමෝදර loop)
• හපුතලේ Tea State, කොස්ලන්ද heritage
• දියලුම, රාවණා ඇල්ල

6 - July 24, 2020-
• ස්ත්‍රී පුර - ගලිගමුව
• මීයන් ඇල්ල සහ අලගල්ල කන්ද තරණය - (ඉහලකෝටේ, පොත්තපිටිය, පිළිමතලාව)
• පින්නවල (කරදුපාන හන්දියෙන් හැරී)

මෙවර 2020-2021 ශ්‍රීපාද වන්දනා සමය අදින් ඇරඹුණ අතර ශ්‍රීපාද වන්දනාව ආරම්භක සති කිහිපය තුළ බැතිමතුන් පැමිණීමේ දැඩි අවධානම...
29/12/2020

මෙවර 2020-2021 ශ්‍රීපාද වන්දනා සමය අදින් ඇරඹුණ අතර ශ්‍රීපාද වන්දනාව ආරම්භක සති කිහිපය තුළ බැතිමතුන් පැමිණීමේ දැඩි අවධානමක් පැවතීම හේතුවෙන් ජනවාරි මාසයේදී ශ්‍රීපාද වන්දනාවේ පැමිණීමෙන් වැළකී සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලැබ තිබෙනවා..

වසංගත තත්ත්වය හමුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් වතු ආශ්‍රිත ප්‍රදේශ වල කොවිඩ් පැතිර යාමේ දැඩි අවධානමක් පවතිව අතර ඇතැම් ප්‍රදේශ සදහා සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ මැදිහත්වී සංචරණ සීමා පැනවීම ද සිදු කර තිබෙනවා.

එමෙන්ම මේ අතර සිරිපා කරුණා කරීමේදී සැලකියයුතු කරුණු ඇතුලත් විශේෂ ගැසට් පත්‍රයද නිකුත් කරනු ලැබ තිබෙනවා.

ශ්‍රී පාද වන්දනා වාරය - 2020/2021

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශෙෂ ගැසට් පත්‍රය - 2020.12.26

ඉහත සඳහන් වන්දනා සමය 2020 දෙසැම්බර් මස 29 වැනි දින සිට 2021 මැයි මස 27 දින දක්වා පවත්වන බව මහජනයාගේ දැනගැනීම සඳහා මෙයින් නිවේදනය කරමි.

01. විශ්‍රාම ශාලා/අම්බලම්

1.1 ලිහිණිහෙල, පළාබද්දල විහාරස්ථානය, හැරමිටිපාන, ආඬියාමලතැන්න, වර්ණගල, සීතගඟුල, මැදහින්න, ඉඳිකටුපාන යන විශ්‍රාම ශාලා/ අම්බලම් නවාතැන් ලෙස භාවිතා කළ යුතු ය.

1.2 තාවකාලික නවාතැන් සකස් කිරීම හෝ පවත්වාගෙන යාම නොකළ යුතු ය.

02. ගොඩනැගිලි ඉදිකිරීම

මාගෙන් හෝ බලයලත් නිලධාරියකුගේ ලිඛිත අවසරයකින් තොරව කිසිවකු විසින් හෝ 2020 දෙසැම්බර් මස 29 දින සිට 2021 මැයි මස 27 දින දක්වා කාලය තුළ ස්ථිර හෝ තාවකාලික ගොඩනැගිල්ලක් හෝ නවාතැනක් හෝ වෙළඳසැලක් ඉදිකිරීම නොකළ යුතු ය.

03. යාචකයෝ

සිරිපා මළුව ප්‍රදේශයේ හෝ අම්බලම්/ විශ්‍රාමා ශාලා ප්‍රදේශයේ කිසිම තැනක දී යාචකයන් විසින් හිඟමන් ඉල්ලීම හෝ ලබාගැනීම ද කිසිවෙකු විසින් හිඟමන් දීම හෝ බෙදාදීම ද නොකළ යුතු ය.

04. නෑම සහ සේදීම

4.1 දැනටමත් වනජීවී සංරක්ෂණ දෙපාර්මේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ පළාත් පාලන ආයතන මගින් හඳුනාගෙන නම්කර ඇති ආරක්ෂිත ස්ථානවල දී හැර දියනෑම හෝ රෙදි සේදීම නොකළ යුතු ය.

4.2 පෞද්ගලික ආයතන මගින් දියනෑම හෝ රෙදි සේදීම සඳහා පහසුකම් සැලසීමට බලාපොරොත්තු වන්නේ නම්, ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතනය සහ මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් විධිමත් පූර්ව ලිඛිත අවසරයක් ලබා ගත යුතු ය.

05. වාහන/ගමන් මාර්ගය

5.1 ප්‍රාදේශීය සභාව හෝ අදාළ පළාත් පාලන ආයතනය විසින් වෙන්කර ඇති ස්ථානවල හැර වෙනත් ස්ථානවල වාහන ගාල් කිරීම හෝ ඇතුළු කිරීම නොකළ යුතු ය.

5.2 වන්දනා සඳහා වෙන්කර ඇති ප්‍රධාන මාර්ග වන්නේ රජමාවත (පලාබද්දල මාර්ගය), හැටන්- නල්ලතන්නිය මාර්ගය හා කුරුවිට එරත්න මාර්ගයයි.

06. පරිසරය හා සනීපාරක්ෂාව

6.1 වන්දනා මාර්ගයේ හෝ සිරිපා මළුව පරිශ්‍රයේ හෝ විශ්‍රාම ශාලා අවට හෝ පරිසරයට පොලිතින්, ප්ලාස්ටික අවිධිමත් පරිදි බැහැර කිරීම නොකළ යුතු ය.

6.2 ශ්‍රී පාදය අඩවිය තුළ කිසිම හේතුවක් නිසා ගින්නක් ඇතිවන ආකාරයේ ගිනි මැල සැකසීම හෝ ගිනි දැල්වීම සිදු නොකල යුතු ය.

6.3 වන්දනා වාරය තුළ බැතිමතුන් සඳහා සනීපාරක්ෂක පහසුකම් සැලසීම හා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු පළාත් පාලන ආයතනවලට හා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට පවරමි.

6.4 මාර්ගයේ අත්වැට විෂබීජහරණය කිරීමේ වගකීම පළාත් පාලන ආයතනවලට පවරමි.

07. වෛද්‍ය පහසුකම්

පෞද්ගලික ආයතන මගින් පැවැත්වීමට අදහස් කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර/ප්‍රථමාධාර මධ්‍යස්ථාන සඳහා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ සහ පළාත් පාලන ආයතනයේ පූර්ව ලිඛිත අවසරයෙන් ලබාගත යුතුය.

08. වෙළෙදාම සහ දන්සල්

8.1 පවතින Covid - 19 වසංගත තත්ත්වය නිසා සිරිපා මළුව, විශ්‍රාම ශාලා ප්‍රදේශයන්හි මෙන්ම ගමන් මාර්ගයේ ද සංචාරක වෙළෙ`දාම තහනම් ය.

8.2 මවිසින් හෝ බලයලත් නිලධාරියෙකු විසින් අවසර දුන් ස්ථානවල හැර පූජා භාණ්ඩ, පූජා වට්ටි හෝ වෙනත් ද්‍රව්‍ය අලෙවි නොකළ යුතු යි.

8.3 මත්පැන්, දුම්වැටි හෝ වෙනත් කිසිදු මත්ද්‍රවයක් ගමන් මාර්ගවල රැගෙනයාම හෝ වෙළෙඳසැල්වල තබා ගැනීම, විකිණීම, මිලදී ගැනීම හෝ භාවිතා කිරීම තහනම් ය.

8.4 පිවිසුම් මාර්ගයන්හි දෙපස අවසර දී ඇති ස්ථානවල හැර කිසිදු ස්ථානයක තාවකාලික හෝ ස්ථිර වෙළෙඳසැල් තැනීම හෝ පවත්වාගෙන යාම හෝ වෙළඳාම් කිරීම නොකළ යුතු ය.

8.5 සෑම වෙළෙඳසැලකම, සෑම ගොඩනැගිල්ලක ම කසළ බඳුන් තැබිය යුතු අතර, අපද්‍රව්‍ය සියල්ල එහි බහාලිය යුතු ය.

8.6 විකිණීමට තබා ඇති සියලු සකස් කළ ආහාර ද්‍රව්‍ය මැස්සන්ගෙන් ආරක්ෂා වන පරිදි ආවරණ සහිතව රඳවා තැබිය යුතු ය.

8.7 ආහාරපාන, දන්සැල් ලබාදීම සඳහා අවසර නැත, අත්‍යවශ්‍යම කෙනෙක් සිටී නම් මුඛ ආවරණ හෝ සනීපාරක්ෂක ද්‍රව්‍ය දන්සැල්, ගමන් මාර්ග ආරම්භක ස්ථානවල පැවැත්විය හැකි ය.

8.8 ඒ සඳහා මාගේ හෝ බලයලත් නියෝජිතයකුගේ පූර්ව අවසරය ලබාගත යුතු ය.

09. කොවිඞ් -19 වසංගතය තත්ත්වය තුළ ගතයුතු ක්‍රියාමාර්ග

9.1 නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් මුඛ ආවරණ පැළඳීම හා දුරස්ථභාවය පවත්වා ගනිමින් වන්දනාවේ යෙදීම.

9.2 (i) වන්දනාවේ පැමිණීමට අදහස් කරන පිරිස් තම වන්දනා නඩවල තොරතුරු ඉදිරිපත් කර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි විය යුතු ය.

(ii) නිරෝධායනය නොවන බවට තහවුරුව සමඟ එම ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපත් රැගෙන ආ යුතු ය.

(iii) එක් පිටපතක් ගමන් ආරම්භයේ පරීක්ෂා කරන ස්ථාන (නල්ලතන්නිය, වර්ණගල, පලාබද්දල මාර්ගවල දී) පරීක්ෂක නිලධාරීන්ට ලබා දිය යුතු ය.

(iv) සති අන්ත දිනවල පැමිණීම අවම කළ යුතු ය.

(v) වැඩිහිටි, වයස්ගත අය වන්දනාවේ කැඳවාගෙන ඒම අවම කළ යුතු ය.

9.3 ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් ශ්‍රී පාද මළුව තුළ නවාතැන් නොගෙන වන්දනාකොට නික්ම යා යුතු ය.

මාලනී ලොකුපෝතාගම,

රත්නපුර දිස්ත්‍රික් ලේකම්/දිසාපති.

2020 දෙසැම්බර් මස 22 වැනි දින,

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ය.

https://cdn.fbsbx.com/v/t59.2708-21/135427770_439627504073233_6789177117127311149_n.pdf/Samanala-Entrance-Form.pdf?_nc_cat=107&ccb=3&_nc_sid=0cab14&_nc_ohc=374sqycZvOIAX9s0GW6&_nc_ht=cdn.fbsbx.com&oh=73671aed9119afb3032723a003d57fdb&oe=602A4CC1&dl=1

අද පුන්බර පොහෝදිනයේ අන්තර්ජාලයෙන් හමුවූ සුන්දර ඡායාරූප පෙළක්..නෙල්ලිගල පුදබිමේ ඉදි වූ සුමන සමන් දෙව් රජාණන් වහන්සේගේ පිළ...
29/12/2020

අද පුන්බර පොහෝදිනයේ අන්තර්ජාලයෙන් හමුවූ සුන්දර ඡායාරූප පෙළක්..
නෙල්ලිගල පුදබිමේ ඉදි වූ සුමන සමන් දෙව් රජාණන් වහන්සේගේ පිළිරුව සහ ඊට නෙත් තැබීමේ මංගල්ලයේ ඡායාරෑප .. 🌸☸️🌿
සාදු සාදු සාදු ... 🙏☸️💐

International Buddhist Centre
wish you a peaceful Uduwap full moon poya day..!

කොට්ටාව ඉදන් පැය 1 1/2 කින් විතර ලගාවෙන්න පුලුවන් ඇලි 3 ක් තමයි • කුමාරි ඇල්ල• රන්මුදු ඇල්ල• ඇල්ල උඩ ඇල්ලකියන්නේ. මේ ඇලි...
29/12/2020

කොට්ටාව ඉදන් පැය 1 1/2 කින් විතර ලගාවෙන්න පුලුවන් ඇලි 3 ක් තමයි
• කුමාරි ඇල්ල
• රන්මුදු ඇල්ල
• ඇල්ල උඩ ඇල්ල
කියන්නේ. මේ ඇලි තුනම සීතාවක උද්‍යානයට ආසන්නයේ තමයි තියන්නේ. දවසේ ගමනකට මෙතන ඉතාමත් සුදුසුයි. පිරිසිදු වතුරෙන් නාලා දිය ඇලි බලලා එන්න පුළුවන්. මේ දිය ඇලි පිහිටලා තියෙන්නේ අවිස්සාවේල්ලේ පුවක්පිටිය කියන ප්‍රදේශයේ.

කොට්ටාව අධිවේගී මාර්ගයෙන් ඇවිල්ලා කඩුවෙලට ඇවිත් නවගමු දේවාලයටත් ගිහින් තමයි අපි නම් මෙතැනට ගියේ. කඩුවෙල ඉඳලා එනකොට විට පුවක්පිටිය දුම්රිය ස්ථානය පහුකරලා ටික දුරක් ගියාම හම්බවෙන තුම්මෝදර පාරේ ගියාම හරි.ඒ පාරේ කිලෝමීටර් 2ක් විතර ගියාම හම්බවෙන පළවෙනි දිය ඇල්ල කුමාරි ඇල්ල කියලා හඳුන්වන්නේ. මේකට කථාවක් තියෙනවා. ඒ තමයි සීතාවක රාජසිංහ රජුගේ දියණිය වුන කුමාරි මේ දිය ඇල්ල අසල දියේ ගිලී මිය ගිහින් තියෙනවා. එතන ඉඳලා මේ ඇල්ල කුමාරි ඇල්ල වුණා කියලයි කියන්නේ. මේ ඇල්ලේ උස මීටර් 4ක් විතර වුනත් අමුතු සුන්දරත්වයක් තියෙනවා. ගිහිං බලන්න.මේ කාලේ වැහි කාලේ නිසා කූඩැල්ලන් නම් ඇති. ඒත් අපි ගියාම නම් එයාලව හම්බුණේ නෑ 😁😂

කුමාරි ඇල්ලට පස්සේ යන්න තියෙන්නේ ඇල්ල උඩ ඇල්ල බලන්න.මේ තුන්මෝදර පාරෙන්ම ඉලුක්ඕවිට හන්දියෙන් වමට ගියාම මේ දිය ඇල්ලට යන්න පුළුවන්.ඉලුක්ඕවිට හන්දියේ ඉඳලා මීටර් 800 ක් විතර වෙන්නේ.මේ ඇල්ලට යන්නත් නිශ්චිත පාරක් නෑ. පාර අහගෙන තමයි යන්න වෙන්නේ.දිය ඇල්ල දිහා බලපු ගමන්ම අපිට කියන්න පුළුවන් මේ ඇල්ලට ඇල්ල උඩ ඇල්ල කියලා නම් ලැබිලා තියෙන්නේ ඇයි කියලා හිතාගන්න පුළුවන්. මේකේ උසත් මීටර් 4කට 5කට වැඩි නෑ.

ඇල්ල උඩ ඇල්ලේ ඉඳලා තුම්මොදර පාරේ තවත් කිලෝමීටර් 3ක් විතර ගියාම තමයි රන්මුදු ඇල්ල මුණ ගැහෙන්නේ.මේ ඇල්ලටත් ඉතිහාස කථාවක් තියෙනවා.ඒ තමයි සීතාවක රාජසිංහ රජතුමාගේ රත්තරං මුදුව මේ ඇල්ලට වැටුනට පස්සේ මේ නම ලැබුණා කියන එක. මේ ඇල්ල මීටර් 15ක් විතර උසයි. මේක තියෙන විදිහ අනුව ගත්තම අපිට එක තැනක ඉඳලා මුළු ඇල්ලම බලන්න අමාරුයි.එ් කොහොම වුනත් මේ ඇල්ලත් සීතාවක ලස්සන කරන තවත් සුන්දර දිය ඇල්ලක්.

ලින්ක් එකේ ගිය ගමනේ වීඩියෝ එකකුත් එකතු කරල තියෙන්නේ. 👇👇👇

https://youtu.be/kNg-gT2OFHo

Merry xmas to all of you!  Stay blessed!!
25/12/2020

Merry xmas to all of you! Stay blessed!!

Nature never goes out of styleමාකෙලිඔය
13/12/2020

Nature never goes out of style
මාකෙලිඔය

 - These pictures captured in yearsback
13/12/2020

- These pictures captured in yearsback

මල්ට්නෝමා දිය ඇල්ල යනු එක්සත් ජනපදයේ ඔරිගන්හි කෝබට් සහ ඩොඩ්සන් අතර ට්‍රොට්ඩේල්ට නැගෙනහිරින් කොලොම්බියා ගංගා ගෝර්ජ් හි මල...
13/12/2020

මල්ට්නෝමා දිය ඇල්ල යනු එක්සත් ජනපදයේ ඔරිගන්හි කෝබට් සහ ඩොඩ්සන් අතර ට්‍රොට්ඩේල්ට නැගෙනහිරින් කොලොම්බියා ගංගා ගෝර්ජ් හි මල්ට්නෝමා ක්‍රීක් හි පිහිටි දිය ඇල්ලකි. දිය ඇල්ලට ප්‍රවේශ විය හැක්කේ ඓතිහාසික කොලොම්බියා ගංගා අධිවේගී මාර්ගයෙන් සහ අන්තර් රාජ්‍ය 84 නි. බාසල්ට් කඳු බෑවුම්වල තට්ටු දෙකක් පුරා විහිදී ඇති මෙය ඔරිගන් ප්‍රාන්තයේ අඩි 620 (මීටර් 189) ක උසකින් යුත් උසම දිය ඇල්ල වේ.

Another dream hotel. Must visit soon 😍
28/11/2020

Another dream hotel. Must visit soon 😍

14/11/2020






Wishing you all happy Diwali 💕
14/11/2020

Wishing you all happy Diwali 💕

කොවිඩ් සම්බන්ධ හදිසි සම්බන්ධතා
08/11/2020

කොවිඩ් සම්බන්ධ හදිසි සම්බන්ධතා

වසංගත තත්වය පාලනය කර ගැනීම උදෙසා... ආයුර්වේදයෙන් හෙළ උපදෙස්
08/11/2020

වසංගත තත්වය පාලනය කර ගැනීම උදෙසා... ආයුර්වේදයෙන් හෙළ උපදෙස්

Aliya resort is not really my thing, but I kind of loved it. 😍
06/11/2020

Aliya resort is not really my thing, but I kind of loved it. 😍

23/10/2020

Walk on the wild side as you embark on a virtual safari of Sri Lanka's wildlife parks. Sit back and join the ride when visiting the luscious parks of Minneri...

Address


Alerts

Be the first to know and let us send you an email when I travel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to I travel:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share