03/04/2023
සුභ දවසක් ඔයලා හැමෝටම!!
ඉතින් යාලුවනේ ,අද මම ඔයා ලත් එක්ක කියන්න යන්නේ ඔයාලට බොහෝම වැදගත් වෙන තොරතුරු ටිකක්...
මෙවෙනකොට ගොඩාක් පිරිසක් ලන්කාවෙන් පිටට ගිහින් පිට් රටක රැකියාවක් කරන්න ජිවත් වෙන්න සිහින දකිනවා.ඉතින් මම හිතුවා ඔයාලා හැමෝටම ලෙසියෙන්ම එන්න පුලුවන් එක්සත් අරාබි එම්ර් රාජ්‍ය ගැන බොහෝම වැදගත් තොරතුරු ටිකක් ඔයාලා එක්ක බෙදාගන්න.
ඇත්තටම UAE නැතිනම් එක්සත් අරාබි එම්ර් රාජ්‍ය කියන්නේ එමිරේට්ස් හතක් එකතුවෙලා ගොඩනැගුන ගල්ෆ් රටවල් අතරින් බලවත්ම රාජ්‍යයක් .
එමිරේට්ස් හත නම් වශයෙන් පිලිවෙලට කියන්වනම්
අබුඩාබි - Abudhabi
ඩුබායි - Dubai
සාර්ජහා - Sharjah
රස අල් කයිමහා - Ras Al Khaimah
අජ්මාන් - Ajman
ෆුජේරහා - Fujairah
උම් අල් කුවේන් - Umm Al Quwein
අල් එන් - Al Ain
ඉතින් ගොඩාක් වේලාවට අපි මේ එමිරේට්ස් හතෙන් හොදටම අහල තියෙන්නේ ඩුබායි එමිරේට් එකේ නම.මොකද ගොඩාක් UAE නැතිනම් එක්සත් අරාබි එම්ර් රාජ්‍යයට එන පිරිස කියන්නේ ඩුබායි යන්නේ කියලා.එත් ඇත්තටම මෙතනදී තමන් ජිවත් වෙන්න හරි රැකියාවට හරි එන එමිරේට් එක මම අර කලින් කියපු එමිරේට් වලින් එකක් වෙන්න පුලුවන්. ඉතින් යාලුවනේ අපි මුලින්ම දැන්ගන්න ඔනේ දේ තමා ඩුබායි කියන්නේ එක්සත් අරාබි එම්ර් රාජ්‍යයේ එකම එක නගරයක් විතරයි කියන එක.මේ රටේ හරිම නම එක්සත් අරාබි එම්ර් රාජ්‍යය ( United Arab Emirates).
දැන් අපි බලමු ඔයාලා ජොබ් හොයන් UAE එන්වනම් එන්න පහසුම ක්‍රමය මොකක්ද කියලා සහ හරි විදියට තමන්ගේ ලියකියවිලි හදාගන්නේ කොහොමද කියලා ..
සංචාරක විසා / විසිට් විසා.
(වර්තමානයේ ශ්‍රි ලාංකික අයට විසිට් විසා ලබා දෙන්නේ මාස 02 සදහා පමනි.)
*වලංගු ගමන් බලපත්‍රය සහ රැකියා තනතුර
වර්තමානයේ UAE වල පවතින තත්වය එක්ක ඔයාලගේ ගමන් බලපත්‍රය කල් ඉකුත්වීමේ දිනය අඩු තරමෙ මාස 06 වත් වඩා තියෙන්න ඔනේ.එත් එක්කම ගමන් බලපත්‍රය තමන්ගේ රැකියාව තනතුර සදහන් කරල තිබිම වඩා වැදගත් වෙනවා.මොකද ඔයා එන්නේ රැකියාවක් හොයාගෙනනම් ඔයාට විසා කාලය ඉක්මවා රටේ සිටිමට නොහැකි අතර ඔබට කාලය දිගු කරගනිමට නම් වර්තමානයේ එම අවසරය ලබ දී ඇත්තේ
ඉහළ යැයි සැලකෙන රැකියා සදහා පමනි.
(High professional and white coller jobs).එසේ නොවන සියලු අන් අයට විසා කාලය ඉක්ම්මට පෙර රටින් පිට විය යුතු බව අවධාරණය කර ඇත.
* සහතික සනාත කර තිබිම.
මෙතනදී ඔබ සතු සියලුම සහතික පත් සනාථ කිරිම අවශ්‍ය නොවන අතර ඔබගේ උසස්තම ඉගෙනුම් සහතික පත සනාථ කිරිම පමණ ප්‍රමානවත්.එනම් අවසන් උපාධි සහතික පත් ශ්‍රි ලංකාවේ කන්සියුලර් සේවා අංශයෙන් සාහතික කර ගත යුතුය .ඒ සදහා ඔබගේ සහතික පතහි මුල් පිටපත් සමග සත්‍යාපනය කරන ලද පිටපතක් ඔවුන් වෙත ඉදිරිපත් කල යුතුය .
පහත ලින්ක් එක මගින් ඔබට ලියකියවිලි වල ස්වභාවය අනුව එවා සහතික කර ගැනිම පිලබද වැඩි විස්තර පිලිබද දැනුවත් විය හැකිය .
https://mfa.gov.lk/online-consular-services/
මෙසේ ශ්‍රි ලංකාවේ කන්සියුලර් සේවා අංශයෙන් සහතික කරගත් ලියකියවිලි ශ්‍රි ලංකාවේ UAE තානාපති කාර්‍යාලයෙන් සනාථ කිරීම් අත්‍යවශ්‍ය වේ.
පහත ලින්ක් එක මගින් ඔබට ලියකියවිලි වල ස්වභාවය අනුව එවා සහතික කර ගැනිම පිලබද වැඩි විස්තර පිලිබද දැනුවත් විය හැකිය .
https://www.mofaic.gov.ae/en/missions/colombo
*ඒ වගේම ඔබගේ ජිවදත්ත පත වඩාත් පලදායි ලෙසින් පිලිවෙලට සකස් කරගැනිම කල යුතුමය.
පහත ලින්ක් එක මගින් ඔබට වැඩි විස්තර පිලිබද දැනුවත් විය හැකිය .
https://www.gulftalent.com/resources/dubai-jobs-guide/building-your-profile
*ඔබගේ රැකියා සදහා ඉල්ලුම් කිරිමට නිර්මාණය කර අති වෙබ් අඩවි කීපයක් පහතින් සදහන් කර ඇත.
Naukri gulf
Gulf talent
Gulf salary
Indeed
Bayut
* අවසාන් වශයෙන් වැදගත් ම දේ ඔබ විසිට් විසා සිටින කාලය සදහා ප්‍රමානවත් තරම් මුදලක් අතේ තබා ගැනිමට ඔබ කල්පනාකරි විය යුතුමය .
මේ කාලයත් සමග බලනවිට අඩුම තරමෙ රූපියල් ලක්ශ 6 ත් 7 ත් අතර මුදලක් විසිට් විසාමගින් ඩුබායි එන ඔයාලට අවශ්‍ය වෙන බව කාරුණිකව කියන්න ඕනේ.
ඉතින් මූලික් ලෙස ඔන්න ඔය විදියට තමයි UAE එන්න සුදානම් වෙන්න ඕනේ.
ඉතින් යාලුවනේ UAE එන්න බලන් ඉන්න ඔයලට මේ සම්බන්ධයෙන් තවත් දෙවල් ගැන් දැනුවත් වෙන්න අවශ්‍ය නම් ඒ පිලිබද ඔබට පුලුවන් කමේන්ට් කරන්න .
ඔයාලට ජය වේවා!!!
තවත් තොරතුරු සමගින් නැවත හමුවෙමු!!
SLME
🖊️📝