26/04/2021
ප්‍රාණජීව - 🌱
තෙත් කලාපයේ බහුලව දක්නට ලැබුනත් ලංකාව පුරාම සියලු දේශගුණික කලාපවල වගා කරන්නට පුලුවන් ඖෂධීය වටිනාකමක් තියෙන ශාකයක්.
කිරණ වෙදකමේදී අට අනූවක් රෝග නසන ශක්තියකින් යුක්තයි.100% ක්ම සුදු කිරණ විහිදවන මේ ශාකය, ස්ජීවී /අජීවී ඕනෑම දෙයක් නිකුත් කරන සියලු කලු කිරණ අවශෝෂණය කරගැනීමේ සුවිශේෂීය හැකියාවකින් යුක්තයි.
කාබන්ඩයොක්සයිඩ් උරාගෙන වැඩිවේලාවක් ඔක්සිජන් නිකුත්කරන ශාකයක් නිසා නොපෙනෙන ලෝකයේ අමනුස්ස ආදී අදුරු බලවේගවලට මේ ප්‍රාණජීව ශාකය නයාට අදුකොල වගෙයි.
ඖෂධීය වටිනාකම ගත්තොත්, හෙළ වෙදකමේදී ප්‍රාණජීව ගහේ කොටස් යොදාගන්නවා.විස වෙදකමට,කැඩුම් බිදුම්,ස්නායු බලගන්වන,අස්ථි සහ කාටිලේජවල දුර්වලතා මගහරවන,මාංශපේශීනගේ වර්ධනයට නියමාකාරයෙන් වර්ධනය නොවන සියලු අවයවයන්ගේ නිසියාකාර වර්ධනය,ස්මරණ ශක්තිය තීව්‍ර කරන්න,කායික මානසික වර්ධනය සමතුලිත කරන්න යොදාගන්න්වා.සියලු මස් ගත, නහර ගත,සන්ධි ගත, අස්ථි ගත,ලෝම ගත, කූප ගත කලල් ගත ආදී කුමන ස්ථානවල කුමන විදියකින් හෝ ඇති සියලුම රෝග සුව කිරීමේ හැකියාවක් මේ ප්‍රාණජීව ශාකයේ ගැබ්වෙලා තියෙනවා. අතීතයේ හෙළ වෙදකමේ කැඩුම් බිදුම්වලදී අස්ථි කොටස් නිසියාකාරව තියාගන්න ගැටගහගන්න ගත්ත පතුරු හදන්න යෝදාගත්තෙත් ප්‍රාණජීව ජීව ශාකය.
දරුඵල බලාපොරොත්තුවෙන් ඉන්න අයට ඇතිවන යම්කිසි දුබලතා නිසා දරුඵල අහිමිවෙලා තියෙනවානම් ඒ අක්‍රමිකතා මගහැරීමේ විශේෂ ගුණයක් ප්‍රාණජීව සතුයි. ඒ වගේ අය නිරන්තරයෙන් ප්‍රාණජීව ආහාරයට එකතු කරගැනීම සුදුසුයි.
ඒ වගේම ප්‍රාණජීවවල තියෙන ශක්තියට පිළිකා මර්ධනය කරන්න හැකියාවක් තියෙනව.පිළිකා වලදී සිදුවන සෛලවල විකෘතිතාවයන් වහා නවත්වා සියලු සෛල ප්‍රකෘතිතාවයට පත් කරනවා.බහිස්‍රාවී පද්ධතිය සක්‍රිය කරල ශරීරයේ තැන්පත්වෙච්ච සියලු අපද්‍රව්‍ය වා පිත් සෙම් කියන තුන් දොස් කිපෙන්නෙ නැති විදිහට බැහැර කරනවා. ඒ කියන්නෙ ප්‍රාණජීව ආහාරයට ගත්තම ශරීරයට කිසිම අපත්‍යයක් අපහසුතාවයක් නැතුව ආපද්‍රව්‍ය බැහැර කරනවා. අනවශ්‍යය මේදය තැන්පත්වීම වලක්වනවා.ස්ථුලතාවය ක්‍රමයෙන් මග හරවනවා.
දිනපතා උදේ හිස්බඩ ප්‍රාණජීව කොළ ඉස්ම අඩු කෝපපයක් පමණ වතුර නොයොදා (අවශ්‍ය වුනොත් ඉතා කුඩා වතුර ප්‍රමාණයක් එකතු කර) පානය කිරීමෙන් අම්ලපිත්ත ප්‍රදාහය නිට්ටාවට සුව කරගන්න පුලුවන්.රුධිරය පිරිසිදු කරනවා.පීනස් ඇතුලු සියලු සෙම් රෝග සමනය කරනවා.ප්‍රාණජීව කොළ මිටක් ගෙන හීන් වෙන්න ලියාගෙන පළා සම්බෝලයක් ආකාරයට නිරන්තරයෙන් ආහාරයට එකතුකරගැනීමෙන් අර්ශස් රෝගය පාලනය කරගන්න පුලුවන් භගන්දරා රෝගීන්ටත් ඉතාමත් ගුණදාකයි.
ඒ වගේම ප්‍රාණජීවවලින් ශරීරය අභ්‍යන්තර ලේ ගැලීම් වලක්වනවා.ඇට මිදුලු වර්ධනය කරනවා.රතු රුධිරානු මට්ටම ඉතාමත් ඉහල අගයක පවත්වාගෙන යනවා.ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රිය කරනවා.අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා හෝ වෙනත් ප්‍රයෝග විපත්ති නිසා ඇතිවූ අකර්මණ්‍යවන් හේතුවෙන් ප්‍රදාහයට ලක්වූ අක්මාව යථා තත්වයට පත්කිරීමේ සුවිශේෂීය හැකියාවක් ප්‍රාණජීව වල තියෙනවා.
සියලු අක්මා රෝගීන්ටත්,ග්‍රහණිය අකර්මණ්‍යවීම තුලින් හටගන්නා රෝගයක් වන මාන්දම කියන රෝගයටත්.ඒ තත්වය නිසා හමේ කොරල ඇතිවූ රෝගීන්ටත් අභයරතනාලංකාර මහ තෙරුන් වහන්සේ විසින් හදුන්වාදුන් ඖෂධ වට්ටෝරුවක් පහත් සදහන් වේ.
ප්‍රාණජීව අතු කැබලි ටිකක් සමග කොල
කිලෝ 1.4 ක්
හීන් බෝවිටියා මල් සමග දලු ග්‍රෑම් 400
හීන් ගොටුකොළ සහමුලින් ග්‍රෑම් 400
ඉතා පිරිසිදු සුදු හදුන් කුඩු ග්‍රෑම් 500
සුදු හදුන් හැර ඉතිරි සියල්ල හොදින් කොටාගෙන පෙරාගෙන එන් ඉස්ම මිශ්‍රණයට සුදු හදුන් කුඩු එකතු කර අව්වේ වේලා
කුඩු මට්ටමට ගන්න.(ඉස්ම ගන්නකොට අවශ්‍යනම් නටවල හුමාලය ඉවත් වෙච්ච මට්ටමට නිවා ගත් උණුවතුර පත 1/2 එකතු කරගන්න.)ඉන්පසු මී පැණි එකතු කරගනිමින් ගුලි පදමට අනාගෙන කෝපි ගෙඩි පමණට ගුලි හදාගන්න.දැන මේ ගුලි උදේ 7.00ත් සවස 3.00 ත් අතර ඉර අව්වෙන් තෙත හිදෙනකල් වේලගෙන උදේ , දවල් ,රාත්‍රි කෑමට පෙර ගුලි 2 බැගින් මාසයක් පමණ ගන්න.වෛද්‍ය පරීක්ෂණයකින් පසු අවශ්‍ය නම් විතරක් තවත් කාලයක් ගන්න.
උපුටාගැනීමකි...