26/05/2020
ඔයාලාගේ ප්‍රශ්න ගොඩකට උත්තර 🌎❤️
ඉල්ලිමක් කරන්නම් කියවන්න කලින් ශෙයා කරන්න ... තව කෙනෙකුගේ ඇස් පාදන්න පුලුවන් වෙයි....
රාවණ රජු යනු කවරෙක්ද?
ක්‍රි:පූ 2517 සිට ක්‍රි:පූ 2554 දක්වා ලංකාවේ රාජ්‍යත්වය හෙබවූ රාවණා රජු යනු කවුද? ඉතිහාසය තුල රාවණා හට ඉතිරි වී ඇති හිඩැස කුමක් ද? ඔහුට සත්‍යය වශයෙන් ම හිස් දහයක් සහිතව සිටියේද? ඔහුගේ වාහනය ලෙස සැලකෙන දඬුමොණරය යනු කුමක්ද? ඔය ආදී අති විශාල ගැටලු ගණනාවක් ඉතිහාසය තුල අපට විසඳා ගන්නට බැරිව තිබේ. සමහරවිට රාවණා යනු අතීත මනු ගති පිළිබඳ අපට ඉතිරි වී ඇති එකම සංකේතය වන්නටත් පුළුවන.
හැඳින්වීම.
සිංහලේ රාජාවලියේ එන මනු රාජවංශය අවසාන වූවායින් පසුව, තවත් රාජ වංශ තුනක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා, ඒ පිළිවෙලින් තාරක, මහාබාලි, රාවණා ආදී වශයෙනුයි. මේ තිදෙනා අතුරින් රාවණා පිළිබඳව පවතින තොරතුරු ඉස්මතු වන්නේ ඉන්දියානු සාහිත්‍යයේ සඳහන් වන රාවණා තුල පවතින තාක්ෂණික හා යුධ බලය නිසාවෙන්මයි. සාහිත්‍යයේ සඳහන් වන පරිදි, රාවණා හට හිස් දහයක් සහ අත් ගණනාවක් පවතිනවා යැයි කීමෙන් පෙනීයන්නේ, ඔහු තුල තිබූ විවිධාකාර දේ කිරීමට තුබූ නිපුණතාවය මිස සැබෑ ලෙසම හිස් දහසක් තිබුණා යන්න නොවේ. එනමුදු අවසානයේ දී මේ තරම් දක්ෂතා තිබූ රාවණා රාමාගෙන් පරාජයට පත් වෙයි. ඉන්දියානු ජනතාව අදටත් "දීපාවාලී" ලෙස සමරන්නේ රාවණාව රාමගේ යටතට ගැනීමයි. රාවණා හා රාම පිලිබඳව පවතින අරුමැසිවාදී සංස්කරණ අතුරින් වාල්මිකී ගේ රාමායනය යන ග්‍රන්ථය ප්‍රධාන තැනක් ගනියි.
රාවණ පෙළපත.
මවගේ පියා - සුමාලි රජ
මව - පුෂ්පොත්කටා කුමරිය
පියාගේ පියා - පුලස්ති ඉසිවරයා
පියා - වෛශ්‍රව ඉසිවරයා
බිරිඳ - මන්දෝදරී කුමරිය
පුතා - මේඝනාද හෙවත් ඉන්ද්‍රජිත්
සොයුරන් - වෙශණ,කුම්භකර්ණ , විභීෂණ , කරන් සහ දූෂණන් (නිවුන්)
සොයුරිය - ශුර්පණඛා
මාමණ්ඩිය - කාළනෙමි ඉසිවරයා
දස රාවණ සංකල්පය.
ඌව වෙල්ලස්ස කැරැල්ලේදී සියලු සටන් ශිල්පීන් මාරගල කන්දේ භූගත රාවන දෙවොලේ දී පුද පූජා පැවැත්වූ රාවණා දෙවියන්ගේ කිරිගරුඩ ප්‍රතිමාව
වර්ග පූර්ණිකාවට අනුව රාවණා ප්‍රදේශ දහයක් පාලනය කිරීම නිසා දස රාවණ නම් වූ බවට මතයක් ඇති අතර තවත් මතයක් වන්නේ රාවණා යනු වෙදකමෙහි මෙන්ම කලාවේ ද කෙල පැමිණියෙකු වන නිසා ඔහුට හිස් දහයක් හා අත් විස්සක් ඇතැයි කීමට හේතුවක් කරගත්තා ද වන්නට ඇතැයි යන්නයි.
1. රාජාධිරාවන : - රටවල් රාශියක් පාලනය කරන ලද නිසා
2. විරුරාවන: - වීරත්වය තිබූ නිසා
3. තිර රාවන
4. රණ රාවන
5. සිරි රාවන (ලස්සන නිසා)
6. තරු රාවන (තාරකා විධායව පිළිබද ඇති දැනුම)
7. පුත්රා රාවණ (පුතුන් ඇති නිසා)
8. මනු රාවන (ජනතාවට අධිපති)
9. දික් රාවන (දික්විජය කළ)
10. රාජාවරාවන (සියලු දේට දක්ෂ නිසා)
ප‍්‍රවාහන කටයුතු උදෙසා ජල උමං
මහා රාවණ යුගයේදී ජල පීඩන තාක්ෂණය උපයෝගීකර ගනිමින්
අධිවේගී ප‍්‍රවාහන පද්ධතියක් පැවතියේය. මාතලේ සිට නවක්කන්නිය
හරහා ලංකා පුරයේ උතුරටත්, බණ්ඩාරවෙල කුඹුක්කන් ඔය හරහා
ලංකාපුරයේ ගිනිකොණ දෙසටත්, මාතලේ සිට බණ්ඩාරගම ප‍්‍රදේශය
හරහා ඉඳිකෙරුණු ජල පීඩක උමං මාර්ග පද්ධතියක් පැවතියේය.
මෙම උමං නිර්මාණය කිරීමේදී පාෂාණ වැස්මක් භාවිත කළ අතර
බොහෝවිට පොළොවේ අභ්‍යන්තර තද පාෂාණ ස්ථර භාවිත කරනු ලැබුණි.මාතලේ නාලන්දා ගෙඩිගෙයට තරමක් දුරින් අඹන්ගඟ අසල
ලූණුගෙය නමින් ප‍්‍රසිද්ධ බිම්ගෙයක් දැකගත හැකිවෙයි. මෙම ස්ථානය
රාවණ යුගයේ ඉතා දියුණු මට්ටමේ ගලිසි තොටුපොළකි. ගලිසි
තොටුපොළක් යනු උමං ජල මාර්ග පද්ධතියක් ඔස්සේ ක‍්‍රියාත්මක වන
බෝට්ටු සේවයක නැවතුම්පලකි. මෙහි පොළෝ මට්ටමේ සිට අඩි 30-35 අභ්‍යන්තරයෙන් අදටත් මෙම උමං ජල මාර්ගය දැකගත හැකිවෙයි. මෙම ජල මාර්ගය පිහිටි උමඟ වර්තමානයේදීද ශේෂ වෙමින් පවතියි.
මෙම ජල උමඟට එකල සුදුගඟ මුල්කරගනිමින් ජලය ඇතුළු කළ බව සිතිය හැකිය. මෙසේ ඇතුළු කරන ජලය උතුරු දෙසට ගමන් කර අවසානයේ මුහුදට ගලායයි. මෙම මාර්ගයේ අතරමැද ස්ථාන කිහිපයක පිටවීම් දොරටු පැවතියේය. යාපනයේ නාවක්කන්නි ළිඳ එවැන්නකි. මෙහිදී ජලය තුළ ගමන් කළ හැකි (වර්තමාන කෝච්චිවල පෙනුමට සමාන* යානා විශේෂයක් මෙම උමං මාර්ගවල ගමන් කර ඇත)
රාම - රාවණ ගැටුම සංස්කෘතික - දේශපාලනික කාරණා ගොන්නක එකතුවක්. රාවණ රජු රචනා කරපු 'ශිව තාණ්ඩව ස්තෝත්‍ර' වගේ පොත් එක්ක ලංකා රාක්‍ෂ ගෝත්‍රිකයෝ ශිව දෙවියෝ ඇදහුවා කියන එක පිළිගන්න ඕනෑ කරුණක්. එතකොට ගවයා උත්තමයි. හැබැයි යාග හෝම මෙන්ම රාක්‍ෂ පරම්පරාව පිළිගත්තේ නැහැ. ඒ අය හිටියේ විද්‍යාව එක්ක. වශිෂ්ට මුනිවරයා යාග හෝම කරන කෙනෙක්. එයා තමයි රාම ලක්‍ෂ්මන්ට ශිල්ප ඉගැන්නුවේ. වශිෂ්ට මුනිවරයාගේ අධ්‍යාපන ආයතනය වුණේ දණ්ඩකාරණ්‍යය. දැන් මේ මුනිවරයාගේ ඉල්ලීම තමයි තමන්ගේ යාග හෝම කඩාකප්පල් කරන ලංකා රකුසන් විනාශ කරන එක. ඔහු ඒ ඉල්ලීම කළේ තමන්ගේ ගෝලයෝ දෙන්න වුණ රාම - ලක්‍ෂ්මන්ගෙන්. රාවණ එයාගේ රෙජීමයේ හයියෙන් මුළු ඉන්දියාවෙම බලය තහවුරු කරගෙන ඉන්න කාලයක් මේක. රාවණ උත්තමයා ඉන්දියාවේ දේව ගෝත්‍රයේ සෙන්පති වුණ ඉන්ද්‍රව පවා අල්ලල හිර කරනවා. මේ රාක්‍ෂ බලයට විරුද්ධව ඉන්දු සහ ගංගා නදී අසල තිබුණු රාජ්‍යවල නායකයෝ එක් වෙනවා. ඒ අය රාවණට විරුද්ධව සාකච්ඡා කරනවා.
ලක්‍ෂ්මන් කියන්නේ සීතාව තියාගෙන එකගෙයි කාපු සහෝදරයෝ. අභ්‍යන්තර දේශපාලනික බල ගැටුමක ප්‍රතිඵලයක් විදියට රාමට සිදු වෙනවා වෙස්වළාගෙන තමන්ගේ රාජ්‍යයෙන් පිටතට යන්ඩ. අර කිව්ව පෙර කාරණා හින්ද ලක්‍ෂ්මන් සීතා සහ රාම එක්ක එනවා. ඒ අයට ආරක්‍ෂාව පිළිබඳ විශ්වාසයක් තිබ්බේ ජනත්ථානයේ. ඒක රාවණ රෙජීමයේ පාලනය තිබූ ස්ථානයක්. එහි පාලකයා රකා දේවියගේ දරුවෝ. ඒ කියන්නේ රාවණගේ ඥාති සහෝදරයෝ. ශූර්පණඛා තමයි පාලිකාවක් විදියට නැත්නම් නීතිය ක්‍රියා කරවන්නිය ලෙස ජනත්ථානයේ සිටියේ.
තමන්ගේ දේශ සීමාව උල්ලංඝනය කරපු රාම සීතා, ලක්‍ෂ්මන් ගැන හොයන්නේ මේ කියන ශූර්පණඛා. කොහොමත් ලක්‍ෂ්මන් සහාසික පුද්ගලයෙක්. එයා කරන්නේ ශූර්පණඛාගේ නහයයි දෙතොලයි කපාගෙන යන්න කඩු පහර දෙන එක. මෙන්න මේක තමයි රාම - රාවණ යුද්ධයට මුල. තමන්ගේ සහෝදරියගේ පරම ධනය වූ රූපස්වභාව විනාශ කරල ඇයව අංගවිකල කරපු එක විතරක් නෙවෙයි රාජ්‍ය නිලධාරිනියන්ගේ රාජකාරියට බාධා කිරීම කියන දේශපාලන කාරණය. මේ ඔක්කොම තමයි රාවණ මහරජු යුද්ධයකට ඇද දැම්මේ...
දඬුමොණරය
දඬුමොණරය කිව්වහම අපි හුඟදෙනෙකුට මතක් වෙන්නෙ රාවණ රජ්ජුරුවන්ගේ වාහනේ. ඒත් මේ වාහනය හදන්න බොහොම ලොකු තාක්ෂණයක් භාවිතා කරල තියෙනවා. අද වෙනකොට මේ තාක්ෂණය අපි කවුරුවත් දන්නේ නැති වුනාට ඒ ගැන ලියවුණු පොත් කීපයක් නම් තාමත් පරෙස්සම් වෙලා තියෙනවා.
'වෛමානික ශාස්ත්‍ර' කියල කියන්නේ ඒ වගේ එක පොතක්. ඒක ලියලා තියෙන්නේ භාරද්වාජ කියන ඉන්දියානු සෘෂිවරයා. ඒ පොත ඇත්තටම අතීතයේ තිබුණු පෙරදිග යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ලියවුණු එකක්.
දඬුමොණරයට විමානය කියලත් කියනවා. පරණ පොත්පත් වල සඳහන් වෙන්නෙත් එහෙමයි. ඒක නිසා මමත් මීට පස්සෙ දඬුමොණරය කියන වචනය වෙනුවට විමානය කියල කියන්නම්, මොකද ඒක ලියන්න ලේසි නිසා.අතීතයේ විමාන වර්ග කීපයක්ම නිර්මාණය කරලා තියෙනවා. පුෂ්පික විමාන, සුන්දර විමාන, රුක්ම විමාන, ත්‍රිපුර විමාන ආදී වශයෙන් ඒවා නම් කරලා තියෙනවා. භාරද්වාජ සෘෂිවරයා කියන විදිහට විමානයකට ගුවනින් මෙන්ම ගොඩබිමෙන් හා ජලයෙන් ද ගමන් කිරීමේ හැකියාව තිබිලා තියෙනවා...
විමාන ක්‍රමවේද
1. මාන්ත්‍රික - මේ කියන්නේ මන්ත්‍ර ක්‍රම ගැනයි. මන්ත්‍ර බල යොදා ගනිමින් විමානය ආරක්ෂා කර ගැනීමේ ක්‍රමය මේ නමින් හැඳින්වෙනවා. මාන්ත්‍රික ක්‍රමය ප්‍රගුණ කරපු ආචාර්යවරයෙකුට තම විමානය ගින්නෙන් සහ අවි ආයුධ වලින් ආරක්ෂා කර ගැනීමේ හැකියාව තිබිලා තියෙනවලු.
2. තාන්ත්‍රික - මේකත් මාන්ත්‍රික ක්‍රමය වගේම ක්‍රමයක්. විමානය බල ගැන්වීම සඳහා අවශ්‍ය වන රහස්‍ය බලවේගයන් එකතුකරගැනීම මේ නමින් හඳින්වෙනවා. මහමායා, සම්භාර ආදී වශයෙන් හැඳින්වෙන්නේ මෙවැනි බලවේගයන් තමයි.
3. අන්තරාල - අධික සුළං, වායු අවපාත, දැඩි අකුණු සහිත ප්‍රදේශ ඉහල අහසේ පවතිනවා. විමානාචාර්යවරයෙකුට මෙවැනි තත්වයන් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනෑ. එවැනි අන්තරායකර ප්‍රදේශ කල්තියා දැනගෙන යානය ප්‍රවේශමෙන් එවැනි ප්‍රදේශ හරහා ගෙනයාමේ ක්‍රමවේදය මේ නමින් හැඳින්වෙනවා.
4. ගූඪ - පුරාණ ගුවන් තාක්ෂණයට අනුව වායුගෝලයේ පවතින වායු මට්ටම් අටක් ගැන සඳහන් වෙනවා. මෙයින් අට වෙනි වායු මට්ටමේදී සූර්යයාගේ කිරණ වල තියෙන අඳුරු පදාර්ථය යනුවෙන් හඳුන්වන දෙයක් ප්‍රයෝජනයට ගන්න පුළුවන්ලු. මේ අඳුරු පදාර්ථය පාවිච්චි කරන්නේ තම විමානය සතුරු විමාන වලින් සඟවා තබන්නයි. මෙම අඳුරු පදාර්ථය ආකර්ශනය කරගැනීමේ විද්‍යාව ගූඪ නමින් හැඳින්වෙනවා. මේ සඳහා යාස, ව්‍යාස, ප්‍රයාස යන නම් වලින් හඳින්වෙන ක්‍රමවෙද භාවිතා කරලා තියෙනවා. 'වෛමානික ශාස්ත්‍ර' පොතේ මේ විද්‍යාව විස්තර කරලා තියෙන්නේ 'වායුතත්ව ප්‍රකරණ' යන නමින්
5. දෘශ්‍ය - විමාන වල ඉදිරිපස 'විශ්ව ක්‍රියා දර්පන' නමින් හඳුන්වන කන්ණාඩියක් තිබුණාලු. විද්‍යුත් ශක්තිය සුළං ශක්තිය සමඟ මිශ්‍රකර ආලෝකයක් උත්පාදනය කර ඉහත කී දර්පනය හරහා පරාවර්තනය කිරීමෙන් තම විමානය හා සමාන වෙනත් ව්‍යාජ විමානයක් මවා පෑමේ තාක්ෂණය මේ නමින් හැඳින්වී තියෙනවා.
විමාන ක්‍රමවේද
2
6.අදෘශ්‍ය - නම කියනකොටම තේරෙනවා ඇති මේ කියන්නේ යානය නොපෙනී යාමට සැලැස්වීමේ තාක්ෂණය ගැන බව. අපි බලමු කොහොමද මෙහෙම කරලා තියෙන්නේ කියලා. පැරණි පොත්පත් වල කියලා තියෙන විදිහට සූර්යයාගේ මධ්‍යයේ සිට පැමිණෙන ශක්ති විශේෂයක් තියෙනවා. මේ ශක්තිය වායුගෝලයේ තියෙන 'බලාහවිකරණ ශක්තිය' නම් සූක්ෂ්ම ශක්තිය සමඟ මිශ්‍ර කළ විට සුදු පැහැති ආලෝකමය ආවරණයක් නිර්මාණය වෙනවලු. මේ ආවරණය පිටුපස තමයි යානය සඟවන්නේ.
7. පරෝක්ෂ - විමාන වල 'ශක්ති ආකර්ශන දර්පන' නම් තවත් දර්පනයක් තියෙනවා. ඒකෙන් කරන්නේ විමානය අවට තිබෙන විවිධ ශක්තීන් ආකර්ශනය කර ගැනීමයි. වලාකුළු නිර්මාණය වීමේදී ඇතිවන ශක්තියත් මේ දර්පනය හරහා උරා ගන්න පුළුවන්. වලාකුළු බිහිවීමේ ක්‍රමය පැරණි පොත් වල හඳුන්වා තිබෙන්නේ 'මෙඝෝත්පත්ති ප්‍රකරණ' නමින්. පැරණි ගුවන් තාක්ෂණයට අනුව වලාකුළු පවතින්නේ වායුගෝලයේ දෙවන මට්ටමේ. ඉතින් මේ උරා ගන්නා ශක්තිය භාවිතා කර ප්‍රතිවාදී විමාන වල පාලන පද්ධතිය අඩපණ කිරීමේ ක්‍රමය තමයි පරෝක්ෂ කියලා හඳුන්වන්නේ.
8.අපරෝක්ෂ - 'ශක්ති තන්ත්‍ර' නම් පුරාණ විද්‍යාවට අනුව සූර්යයාලෝකය තුල 'රෝහිණී' නම් ආලෝක
කදම්භයක් තියෙනවා. මේ ආලෝක කදම්භය ඉදිරියට ප්‍රක්ෂේපණය කර, විමානය ඉදිරියේ තිබෙන වස්තූන් දර්ශනය කරගැනීමේ තාක්ෂණය මේ නමින් හැඳින්වෙනවා. මම හිතන විදිහට අදෘශ්‍යමාන තත්වයේ තිබෙන විමාන පවා මේ ක්‍රමය හරහා දෘශ්‍යමාන බවට පත්කරගන්න පුළුවන්කම තියෙන්න ඇති.
9.සංකෝච - මේකත් ආරක්ෂිත උපක්‍රමයක්. මේ ක්‍රමය භාවිතා කරලා තියෙන්නේ යානයේ පියපත් ආරක්ෂා කරගැනීමටයි. යානය ඉතා වේගයෙන් ගමන් කරන විටදී ඉදිරියෙන් මොනවාහරි අනතුරුදායක දෙයක් තිබුණහොත් එක්වරම පියාපත් හකුළාගෙන අනතුර මගහැරීමේ ක්‍රමවේදය මෙයයි. භාරද්වාජ සෘෂිවරයා කියන අන්දමට විමානයේ තිබෙන 7 වන යතුර(switch) ක්‍රියාත්මක කර මේ ආරක්ෂිත උපාය ක්‍රියාවට නඟන්න පුළුවන්.
දැන් අපි කතා කරමු විමානයක සැකැස්ම ගැන. විමානයක මූලික යාන්ත්‍රණ 18 ක් තිබිලා තියෙනවා.
1. විමානයෙන් පරිභාහිරව සිදුවන ක්‍රියා නිරීක්ෂණය කිරීම සඳහා වන 'විශ්වක්‍රියා දර්පනය'.
2. ශක්ති අවශෝෂණය සඳහා යොදා ගන්නා 'ශක්ත්‍යාකර්ශන දර්පනය‘
3. යානයේ වහලයේ පිහිටා ඇති පරිවේශ යාන්ත්‍රණය.
4. අංගෝපසම්භාර යාන්ත්‍රණය.
5. විස්තෘතක්‍රියා යාන්ත්‍රණය.
6. විරූප්‍ය දර්පනය.
7. යානයේ ඉදිරිපස පිහිටා ඇති පද්මචක්‍රමුඛ යාන්ත්‍රණය.
8. යානයේ වයඹ දෙස ඇති තමෝයන්ත්‍රය.
9. යානය ඉදිරිපස සහ දකුණුපස පිහිටා ඇති ශක්තිස්ථාන යාන්ත්‍රණය.
10. යානයේ වම් පස පිහිටා ඇති ශබ්ද-කේන්ද්‍ර-මුඛ යාන්ත්‍රණය.
11. විද්‍යුත්වාදශක යාන්ත්‍රණය.
12. යානය අයිනේ පිහිටා ඇති වක්‍රප්‍රසාරණ යාන්ත්‍රණය.
13. යානය මධ්‍යයේ පිහිටා ඇති ශක්තිපංජර යාන්ත්‍රණය.
14. යානයේ හිසෙහි පිහිටා ඇති ශිරහ්කීලඛ යාන්ත්‍ර.
15. යානයේ ඉදිරි වම්පස පිහිටා ඇති දිශාම්පති යාන්ත්‍රණය.
16. යානයේ වහලය මධ්‍යයේ පිහිටා ඇති පටිකාභ්‍රක යාන්ත්‍රණය.
17. සූර්ය ශක්ති ආකර්ශක යන්ත්‍රය.
18. ව්‍යශ්වානර නාල.
'වෛමානික ශාස්ත්‍ර' පොතේ සඳහන් වෙන විදිහට රුක්ම විමානයක් කියලා කියන්නේ රන්වන් පාට ගුවන් යාත්‍රාවක්. රුක්ම කියලා කියන්නේ රත්තරන් පාටටලු. මේ යානය රන්වන් පාට කිරීම සඳහා වර්ණ සාදාගෙන තියෙන්නේ 'රාජලෝහය' කියන ලෝහය මගින්. කිසියම් රසායනික ක්‍රියාවලියකට ලක් කිරීම තුලින් රාජලෝහයේ වර්ණය රන් පැහැයට ආසන්න පාටකට පත්කිරීමට හැකියාවක් තිබුණු බව කියැවෙනවා. විමාන තාක්ෂණයට අනුව රුක්ම විමානයක් අනිවාර්යයෙන්ම රන් පැහැයෙන් නිපදවිය යුතු නිසා එවැනි යානාවක් නිර්මාණය කිරීමේදි කර තිබෙන මුල්ම කාරිය වෙලා තියෙන්නේ රාජලෝහයෙන් රන් පැහැය නිපදවීමයි. පැරණි ඉංජිනේරුවෝ මේ රන් වර්ණය නිපදවන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා.
මේ රූප හොඳින් නිරීක්ෂනය කළොත් ඔයාලට පෙනේවි ඉහල කොටසේ තියෙන සුළං පෙති දෙක. මේ රූපයේ පේන්නේ 2 ක් වුනාට ඇත්තටම මේ වගේ සුළංපෙති 4 ක් පිහිටලා තියෙනවා. ඒවා වේගයෙන් කරකවා වේගවත් සුළං ධාරාවන් පොළොව දෙසට යොමු කරලා තමයි යානය ඉහළට ඔසවලා තියෙන්නේ. මීට අමතරව චුම්බක ශක්තියත් පාවිච්චි කරලා තියෙනවා. කොහොමද අපේ පැරණි මුතුන්මිත්තන්ගේ වැඩ.... ඒ විතරක් නෙවෙයි, මේ අය විදුලි බලයත් යොදාගෙන තියෙනවා අර සුළං පෙති කරකවන්න. කොහොමහරි ඉහලට එසවුනු යානය ඉදිරියට චලනය කරලා තියෙන්නේ යානය වටේ දිශා හතරට යොමු වෙන විදිහට සවි කරල තිබුණු තවත් සුළං පෙති හතරකින් ලු. ඒ විතරක් නෙවෙයි, මේ විමානයට බොහොම ලොකු වේගයකුත් තිබිලා තියෙනවා. ඒ කොච්චරද කියනවානම් විනාඩි 24 ක් වැනි කාලයකදි සැතපුම් 250 ක් පමණ දුරක් යන්න පුළුවන් වෙලා තියෙනවා.
සුන්දර විමාන
'වෛමානික ශාස්ත්‍ර' පොතේ සඳහන් වෙන්නේ මේ යානය ගුවන්ගත කරවීමට ඉන්ධනයක් ලෙස ජලය ද යොදාගත් බවයි. මෙහිදී අධික ලෙස රත් කළ ජල වාෂ්ප යොදාගෙන ඇති අතර ඊට අමතරව විද්‍යුත් කෝෂ මගින් විදුලි බලයද ලබාගෙන තියෙනවා. මේ විද්‍යුත් කෝෂ සවි කර ඇත්තේ යානයේ වම්පසට වන්නටයි. යානය උඩට එසවීමේ කාර්යය සිදු කර තිබෙන්නේ 'වාතප්‍රසාරණ යන්ත්‍ර' නමැති යන්ත්‍රයක් මගින්. මෙම යන්ත්‍රය සෑදීමටත් විශේෂ ලෝහයක් පාවිච්චි කරලා තියෙනවා. ඒ ලෝහය 'වාතමිත්‍ර' කියලා තමයි හඳුන්වන්නේ. මෙයත් 'රාජලෝහය' වාගේම වෙනත් රසායනික ද්‍රව්‍ය රැසක් යොදාගෙන නිර්මාණය කරනු ලබන්නක්
සුන්දර විමානයේ වේගය ගැන කතා කරනවානම්, මෙයට ඉතා කෙටි කාල පරාසයක් තුල සැතපුම් 3600 ක් දුර යාමට හැකියාව තිබිලා තියෙනවා. මෙහි සුළං පංකා වල භ්‍රමණ වේගය 'ලින්ක 2500 ක්' කියලා තමයි සඳහන් වෙන්නේ..
ත්‍රිපුර විමාන
මේ විමානය අනෙක් විමාන වලට වඩා තරමක් විශේෂයි. ඒ කියන්නේ මේ යානයට ගොඩබිම, ගුවනේ මෙන්ම ජලය මතිනුත් ගමන් කිරීමේ හැකියාව තිබිලා තියෙනවා. මූලික ඉන්ධනය විදිහට පාවිච්චි කරලා තියෙන්නේ සූර්ය ශක්තියයි. ඒ වගේම යානය ගමන් ගන්නා ක්‍රමයට අනුරූපව හැඩය වෙනස් කිරීමේ හැකියාවත් මෙයට තිබිලා තියෙනවා. මේ යානය මූලික වශයෙන් කොටස් 3 කින් යුක්ත වන බව රූපය දෙස බැලූ විට දැකගන්න පුළුවන්. මෙම කොටස් තුන අවශ්‍ය පරිදි ගලවා වෙන් කිරීමටත් නැවත එකතු කිරීමටත් පුළුවන්.මේ යානය නිර්මාණය කිරීමට යොදාගෙන තිබෙන්නේ 'තිනේත්‍ර' නම් ලෝහයක්. එයත් එකතරා අන්දමක විශේෂත්වයක්, මොකද අනෙක් විමාන නිර්මාණය කරන්න යොදාගෙන තියෙන්නේ 'රාජලෝහය' නිසා. 'තිනේත්‍ර' ලෝහය නිෂ්පාදනය කරන ආකාරය ගැන තරමක දීර්ඝ විස්තරයක් 'වෛමානික ශාස්ත්‍ර' පොතේ සඳහන් වෙනවා. මෙහි 'පීත' කොටස අඩි 100 ක් දිගට සහ අඩි 24 ක් පළලට නිර්මාණය කර තිබෙන අතර යානයේ උස අඩි 30 ක් පමණ වී තිබෙනවා...
'ශකුණ විමානය' කියලා කියන්නේ පක්ෂියෙකුගේ හැඩයට සමාන හැඩයක් ගත් විමාන වර්ගයක්.
සාමාන්‍යයෙන් විමානයක මූලික යාන්ත්‍රණ 31 ක් තිබුණත් මේ වර්ගයේ විමාන වල තිබිලා තියෙන්නේ යාන්ත්‍රණ 28 යි. සුපුරුදු ලෙසින්ම මේ යානයත් නිර්මාණය කර තිබෙන්නේ රාජලෝහයෙන්. මේ යානය ගුවන්ගත කරන්න යොදාගෙන තියෙන්නේ වත්මන් ජෙට් තාක්ෂණයට සමාන තාක්ෂණයක්. බොහෝ දුරට බටහිර ඉංජිනේරුවන් ජෙට් තාක්ෂණය ගොඩනගන්නට ඇත්තේ මේ විමාන තාක්ෂණයට අනුව වෙන්න පුළුවන්. පුරාණ හෙළ අධිරාජයා වූ රාවණ රජුගේ දඬුමොණරයත් ( පුෂ්පක රථය ) ශකුණ විමාන වර්ගයේ එකක් වන්නට ඇති බවයි මගේ අදහස.
රාම-රාවණා සිදුවීමට අදාළ ඔසු උයන්
රාම – රාවණා යුද්ධයේ දී රාවණාගේ බිහිසුණු හී පහරවල් වැදී යුදබිම මැරී වැටුණු රාම – ලක්ෂමණ හා ඔවුන්ගේ වානර හමුදාවෙන් කොටසක් ද සුවපත් කරනු වස් හනුමාන් දඹදිවට ගොස් ගෙන ආ ඖෂධ වනාන්තරයක් ලක්දිවට රැගෙන විත් ඇත.
මෙම ඖෂධ වනාන්තරය පිළිබඳ පළවන මත ගණනාවක්ම පවතී. ඉන් එක ජනකතාවකින් කියවෙන්නේ රාවණා රජු සඟවා තැබු සීතා දේවිය සොයා ගැනීමේ කාර්යය පැවරුණේ හනුමාන්ට සහ ලක්ෂමණට බවයි. මෙම කාර්යයේ දී ලක්ෂමණට තුවාල විය. එම තුවාල සුවපත් කරන්නට හනුමාන් හිමාලය කන්දෙන් ඖෂධ වනාන්තරයක් ඔසොවාගෙන ආවේය. තුවාලවලට අවශ්‍ය බෙහෙත් සපයාගෙන බෙහෙත් කන්ද මෙරට ස්ථාන තුනක පිහිටුවන්නට යෙදුණි. එම ස්ථාන තුන වර්තමානයේ දී හැඳින්වෙන්නේ රිටිගල, රූමස්සල සහ දොළුකන්ද යනාදී වශයෙනි.
රිටිගල, රූමස්සල, සහ දොළුකන්ද යනුවෙන් හැඳින්වෙන්නේ දුර්ලභ ගණයේ ඖෂධ වර්ග සහිත පැරණි වනාන්තර තුනකි. මින් රිටිගල අනුරාධපුර පෙදෙසේ පිහිටියේය. අක්කර 3777 ක විශාලත්වයකින් යුත් රිටිගල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වෙයි.
ඇත්ත වශයෙන්ම රිටිගල දැනට ද දුර්ලභ ගණයේ ඖෂධ වර්ගවලින් ගහණ වන පියසකි. එහි අරුළු, බුළු, නෙල්ලි, බිංකොහොඹ, කොතලහිඹුටු, කොහොඹ, ගම්මාලු, රණවරා, මහහැඩයා, පටිධතු, වල්නවහංදි, වේලන්ගිරිය, වනරාජ, සැවැන්දරා, සහ තවත් බොහෝ ඖෂධ වර්ග පිරී පවතී. ඖෂධ වර්ගවලින්ම පිරුණු වන පියසක් නිසාම “රිටිගලත් හරියට හනුමාන් ගෙනා ඖෂධ වනාන්තරය වගේ” යයි ආප්තෝපදේශයක් සෑදුණා ද විය හැකිය.
ලක්ගල
මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි ලග්ගල හෙවත් ලකේගල ද රාවණා පුවත හා ඈඳුණු ග්‍රාම නාමයකි. රාම – රාවණා යුද්ධයට පෙර වකවානුවේදී ලග්ගල යනු ඉතා උස් වූ කන්දකි. වර්තමානයේ දී පවතිනවාට වඩා ඉතා උස් වූ කන්දක් විය. එකල ලග්ගල හැඳින්වුණේ ලකේගල නමිනි. රාවණා රජතුමා සිය රාජධානිය පිහිටුවාගෙන තිබුණේ ලකේගල මුදුනේය.
රාවණා රජු පැහැරගෙන ආ සීතා දේවිය සඟවා තැබුවේ ලකේගල මුදුනේය. අශෝක වනය, ගල් ගුහා පද්ධතියක් ආදිය ද මෙම ගල් පව්ව මුදුනේ පැවති බව කියනු ලැබේ. සීතා සොයා මෙහි පැමිණි රාම කුමරු රාවණා රජු සමඟ පුරා දොළොස් අවුරුද්දක් යුද්ධ කළ බව කියනු ලැබේ. රාමට සිය ප්‍රතිමල්ලවයා පරාජය කරන්නට එතරම් කාලයක් ගතවීමෙන් පෙනී යන්නේ රාවණා රජුට ද ප්‍රබල යුද ශක්තියක් පැවති බවයි.
ලකේගලට සැතපුම් විසි හතරක් ඊසාන දිගින් යුදඟනා පිටිය නමින් ව්‍යවහාර කරන ස්ථානයක් තිබේ
යුදඟනා පිටියට ආසන්නව දුනුවිල නමින් හැඳින්වෙන තැනක් ද විය. එහිදි රාවණා රජු රැඳී සිටින ලකේගල සුනුවිසුනු කර දැමීම සඳහා රාම සැරයක් යවන්නැයි විභීෂණ රාම කුමරුට උපදෙස් දුන්නේය. විභීෂණ යනු රාවණා රජුගේ බාල සොහොයුරාය. සිය අයියා වන රාවණා රජුගේ දුෂ්ට ක්‍රියා ඉදිරියේ විභීෂණ ද රාමගේ පැත්ත ගතේය.
එම උපදෙස් මත ක්‍රියාත්මක වූ රාම ලකේගලට සිය දුන්නෙන් හී සැරයක් යැව්වේය. හී සරය වැදුණු ලකේගල මුදුන් කොටස කැඩී සුනුවිසුනු විය. එසේ නොවන්නට ලකේගල අද පෙනෙනවාට වඩා බොහෝ උස්ව පැවතුණි. හී සරය යැවීම සඳහා රාම දුන්න ඇදීමේ දී දුන්නේ කොන වැදී වළක් හෑරුණි. පසුකල දුනුවිල නමින් ව්‍යවහාර වූයේ එම වළයි. වැසි කාලයට දැන ද එහි වතුර පිරේ.
කේගල කන්ද සුනුවිසුනු කළ රාම එහි සඟවා සිටි සීතා දේවිය ලබාගත් බව ද සඳහන් වේ.
රාම – රාවණා යුද්ධය පැවතුණේ මාතලේ පෙදෙසේම පිහිටි දැනට රණමුරේ නමින් හැඳින්වෙන ස්ථානයේ දී බව ද පළවන මතයක් තිබේ. රණ යනු යුද්ධය යන අරුත් දෙයි. මුරේ යනු වාරයයි. රණමුරේට ඔබ්බෙන් පිහිටි හල්මිණිය ගමේ කයිකාවල නමින් ප්‍රකට ස්ථානයක් පවතී. කයිකාවල පුරාණයේ පැවති මුරපොළකි. ඊට නුදුරුව රාවණා රජුගේ බලකොටුව පැවති බව ද කියනු ලැබේ.
එසේම රණමුරේ, නාරංගමුව ආසන්නයේ ද මහමුරය නමින් මහ මුර පොළක් පැවති බව විශ්වාසයකි. එදා මහමුරය අද හැඳින්වෙන්නේ මීමුරය හෙවත් මීමුරේ නමිනි. මීමුරේ ආසන්නයේ ද රාවණා කොටුව නමින් හඳුන්වන ස්ථානයක් තිබේ. රාවණා රජුගේ බලකොටුව සහිත රාජධානිය පිහිටි ලග්ගල මුදුන අදත් හැඳින්වෙන්නේ මාළිගාතැන්න නමිනි.
වාල්මිකී නමැති ඍෂිවරයා විසින් ක්‍රි.පූ. 4 වන සියවසෙහි දී පමණ රචනා කළ ‘ රාමායනය ‘ වීර කාව්‍යය සඳහා පාදක වී ඇත්තේ රාම - රාවණ පුවතයි. සංස්කෘත ශ්ලෝක 24, 000 කින් සමන්විත රාමායනය භාරත දේශයේ රචිත ප්‍රථම පද්‍ය කාව්‍යය ලෙස සැලැකේ. වාල්මිකී හැඳින්වීම පිණිස ‘ආදි කවි’ නමැති විශේෂණය යොදා ගැනීමට හේතුව ද ‘ රාමායනය’ භාරත දේශයේ ප්‍රථම පද්‍ය කාව්‍යය වීමය. සත්‍යය හා මිථ්‍යාව සංකලනය වූ මේ වීර කාව්‍යයෙහි වීරයා රාම ය. රාම යනු විෂ්ණු අවතාරය ලෙස ද සැලැකේ. පිවිතුරු පතිවතෙහි සංකේතය සීතා ය. රාවණ යනු දුෂ්ටත්වයේ සංකේතයයි.රාවණා විසින් සීතා පැහැරගෙන ඒම සිදු වූයේ ඔහුගේ සහෝදරියට කළ නින්දාවකට පළිගැනීමක් වශයෙනි. රාමායනයේ දුෂ්ටයා ලෙස නිරූපණය කළ ද රාවණ, සීතාවන්ට කිසිදු අතවරයක් නො කළේ ය. රාවණ රජ ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක් ද ජය ගෙන සිය අණසක ඒ ප්‍රදේශයන්හිද පැතිර වූයේය. සීතා කුමරිය පැහැර ගෙන ඒම නිසා රාවණ රජු හා රාම කුමාරයා අතර යුද්ධයක් ඇති විය. දොළොස් වසරක් පුරා පැවැති ඒ යුද්ධයේ දී රාම කුමාරයා රවණාගේ සහොදරයින්ගේ සහය ඇතුව ජය ලැබිණ. එහිදී රාම කුමාරයාට දෙවියන් ගේ උපකාරය ලැබුණු බව හින්දූන්ගේ විශ්වාසයයි. නා නා විද්‍යාවන්හි හසළ බුද්ධිමතකු වූ රාවණ රජතුමා “ අර්ක ප්‍රකාශ ‘ නමැති වෛද්‍ය ග්‍රන්ථයක් සම්පාදනය කැර තිබේ. රාම - සීතා කතා පුවත සමඟ බැඳී ඇති ස්ථාන නාම ආදිය අදටත් ශ්‍රී ලංකාවේ දකින්නට තිබේ. නුවරඑළිය ප්‍රදේශයේ ඇති සීතා ඇල්ල, සීතා එළිය හා සීතා කොණ්ඩ එවැනි ස්ථාන තුනකි . සීතා නැවතී සිටි ප්‍රදේශය සීතා එළියයි. සීතා දිය නෑ ස්ථානය සීතා ඇල්ල නම් වේ. සීතා කොණ්ඩය පීරූ ස්ථානය සීතා කොණ්ඩ නම් වන බව ජනප්‍රවාදයේ කියැවේ. උඩුරාවණ හා යටිරාවණ යැයි හඳුන්වනු ලබන මහනුවර ප්‍රදේශයේ ගම් දෙක රාවණ රජුගේ වනෝද්‍යානයන්ය. රාවණ රජු දිය නෑ ඇල්ල රාවණ ඇල්ලය. ගාල්ලේ රූමස්සල කන්ද පිහිටි උණවටුනට ඒ නම ලැබී ඇත්තේ යුද බිමෙහි දී තුවාල ලත් වානරයන් සුවපත් කිරීම සඳහා හනුමාන් රැගෙන ආ ඖෂධ පර්වතය උණා වැටුණු ස්ථානය නිසා යැයි ජනවහරේ එයි. මෙසේ රාමායණය හා රාම - සීතා අන්දරය සමඟ බැඳී පවත්නා ජනප්‍රවාද ආදිය ගැන කතා කිරීමට විශේෂ හේතුවක් තිබේ..අළුවකින් ( BOW ) වැයූ ලොව ප්‍රථම සංගීත භාණ්ඩය පිළිබඳව රාමායනයේ සඳහන් වෙනවා.එය රාවණා රජු වැයූ වාද්‍ය භාණ්ඩය යි.රාවණා හත්ත යැයි කියන ඒ සංගීත භාණ්ඩය දකුණු ඉන්දියාවේ දී රාවණාහස්ත්‍රම් ලෙස හඳුන්වනවා. ‘ඉන්දියාවේ විවිධ ගෝත්‍රික ජන කොට්ඨාස එය අදටත් නිපදවනවා. ඉන්දියාවේ මහාරාෂ්ඨ හා රාජාස්ථාන් යන ප්‍රදේශ වල මෙය බොහෝ ජනපි‍්‍රයයි. ‘රාවණා යනු ලාංකික රජ කෙනෙක්. ඉතිහාසයේ ඔහු හැඳින්වෙන්නේ හිස් දහයක් සහිත රාක්ෂයකු ලෙසයි. එසේ හැඳින්වුවත් ඔහු ශ්‍රේෂ්ඨ මිනිසෙක් බවට සැකයක් නැහැ. සීතාට අතවර නො කළ රාවණා, මිය යන විට සීතා හඬන්නේ ද ඔහු යහපත් මිනිසකු නිසයි “.“මිසරයේ පිරමිඩ නිර්මාණය කිරීම සඳහා ඉංජිනේරු ඥානය දෙනු ලැබුවේ රාවණා රජු යැයි ද මතයක් තිබේ. ඔහු හිස් දහයකින් යුත් පුද්ගලයකු යැයි හඳුන්වන්නේ ඔහු සතුව තිබූ එම විශිෂ්ට ඥානය ගැන කීමට මිස යක්‍ෂයකු නිසා නොවිය යුතුයි. අළුවකින් වැයූ පැරණිම සංගීත භාණ්ඩය රාවණා හත්ත නම්, එය වයලීන පවුලේ ආරම්භකයා වේ.