Best Travel Adviser of Sri Lanka

  • Home
  • Best Travel Adviser of Sri Lanka

Best Travel Adviser of Sri Lanka Welcome to the Best Travel Adviser of Sri Lanka page of Sri Lanka Traveler.
(1)

Thought the group would like thisTourism is one of the key industries that help attract foreign currency to Sri Lanka, w...
29/08/2022

Thought the group would like this
Tourism is one of the key industries that help attract foreign currency to Sri Lanka, which in turn contributes immensely towards the recovery, transformation and development of the nation. All Sri Lankans could work together and participate in this process of recovery by helping to build the brand images of Sri Lanka through positive messaging and communications through all social media platforms, in order to attract more tourist to our beautiful island.

සංචාරක කර්මාන්තය, ශ්‍රී ලංකාවට විදේශ විනිමය ආකර්ෂණය කිරීමට උපකාර වන ප්‍රධානතම කර්මාන්ත වලින් එකක් වන අතර එය ජාතියේ ප්‍රකෘතිය, පරිවර්තනය සහ සංවර්ධනය සඳහා ඉමහත් දායකත්වයක් සපයයි.අපගේ සුන්දර දිවයිනට වැඩි වශයෙන් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා සියලුම සමාජ මාධ්‍ය ඔස්සේ ධනාත්මක පණිවිඩ යැවීම සහ සන්නිවේදනයන් හරහා ශ්‍රී ලංකාවේ සන්නාම ප්‍රතිරූප ගොඩනැගීමට උදව් කිරීමෙන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට එක්ව ක්‍රියා කර මෙම ප්‍රකෘති ක්‍රියාවලියට සහභාගී විය හැකිය.

இலங்கைக்கு வெளிநாட்டு நாணயத்தை ஈட்ட உதவும் முக்கிய தொழில்களில் சுற்றுலாத்துறையும் ஒன்றாகும். எமது தேசத்தின் மீட்பு, மாற்றம் , மற்றும் வளர்ச்சிக்கு பெரும் பங்களிப்பை வழங்குகிறது. அனைத்து இலங்கையர்களும் ஒன்றிணைந்து செயற்படுவதன் மூலம் எமது அழகிய தீவிற்கு அதிகமான சுற்றுலாப் பயணிகளை ஈர்க்கமுடியும். அனைத்து சமூக ஊடக தளங்கள் ஊடாகவும் நேர்மயமான செய்திகள் மற்றும் தகவல்தொடர்புகள் மூலம் இலங்கையின் பிராண்ட் பிம்பங்களை உருவாக்க உதவுவதன் மூலம் இவ் மீட்புச் செயல்பாட்டில் பங்கேற்க முடியும்.

SLTDA
Coped .

🇮🇹 Italy - Universities✅ Free Online Courses✅ Certificate➡️ www.europe.study/italy
05/07/2022

🇮🇹 Italy - Universities
✅ Free Online Courses
✅ Certificate
➡️ www.europe.study/italy

For a list and description of these positions and to apply, please visit : http://jobs.iub.edu.bd
04/07/2022

For a list and description of these positions and to apply,
please visit : http://jobs.iub.edu.bd

අවශ්‍යය අය උත්සාහ කරන්න. Scholarship එක Fully Funded නිසා Part Time වැඩ කරන්නත් පුලුවන්. ඒ වගේ ම Wife/Husband/Partner සහ...
04/07/2022

අවශ්‍යය අය උත්සාහ කරන්න. Scholarship එක Fully Funded නිසා Part Time වැඩ කරන්නත් පුලුවන්. ඒ වගේ ම Wife/Husband/Partner සහ දරුවන්වත් ගන්න පුලුවන්. Partner ට Fulltime Work කරලා හම්බකරන්නත් පුලුවන්.

1) MEXT Scholarship in Japan 2022-23 | Fully Funded
Link: https://scholarshipscorner.website/mext-scholarship/

2) Malaysian Government Scholarship 2022-23
Link: https://scholarshipscorner.website/malaysian-international-scholarship/

3) DAAD Scholarship 2022-23 in Germany | Fully Funded
Link: https://scholarshipscorner.website/daad-scholarship-in-germany/

4) University of Salford Scholarship in the UK 2022
Link: https://scholarshipscorner.website/salford-international-excellence-scholarship-uk/

5) University of Miami Scholarships 2022 in USA | Fully Funded
Link: https://scholarshipscorner.website/university-of-miami-stamps-scholarship/

6) the University of Waikato Scholarship in New Zealand 2022-23
Link: https://scholarshipscorner.website/university-of-waikato-international-excellence-scholarship/

7) Sydney Scholars Award in Australia 2022-23
Link: https://scholarshipscorner.website/sydney-scholars-awards-australia/

(8) Chulalongkorn University Scholarship 2022 in Thailand | Fully Funded
Link: https://scholarshipscorner.website/chulalongkorn-university-scholarship/

9) DAAD Helmut-Schmidt Scholarship Programme 2022 in Germany | Fully Funded
https://scholarshipscorner.website/daad-helmut-schmidt-programme/

10) SINGA Scholarships in Singapore 2023 | Fully Funded
Link: https://scholarshipscorner.website/fully-funded-singapore-international-graduate-award/

11) Scottish Government Scholarship 2022-23
Link: https://scholarshipscorner.website/scottish-government-scholarship/

12) Central Queensland University Scholarship 2022-23 in Australia
Link: https://scholarshipscorner.website/central-queensland-university-rtp-scholarship-australia/

Join with us for a memorable air tour experience !Contact us now to confirm your booking! Book Now 👉 077 047 3278, 076 5...
02/07/2022

Join with us for a memorable air tour experience !
Contact us now to confirm your booking!
Book Now 👉 077 047 3278, 076 545 5112
..✈️

PhD (STEM) කරන්න ඇමෙරිකාවට යන්න බලන් ඉන්න අයට උදව්වක් වෙයි කියලා ලියන්න හිතුනේ. |🇱🇰🤝|🇺🇸.🎓1. ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක උ...
30/06/2022

PhD (STEM) කරන්න ඇමෙරිකාවට යන්න බලන් ඉන්න අයට උදව්වක් වෙයි කියලා ලියන්න හිතුනේ. |🇱🇰🤝|🇺🇸.🎓

1. ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය උපාධියකට (ඒ කියන්නේ Masters එකක් හරි PhD හරි) apply කරනවා නම් ඒක කරන්න ඕනි Graduate school එකක් හරහා.

Graduate school කියලා කියන්නේ කැම්පස් එකක graduate degrees වලට අදාල මූලික පරිපාලන කටටුතු ටික කරන තැන. ඒ නිසා මුලුන්ම යන්න ඕනි කියලා හිතෙන කැම්පස් ටික තෝරා ගත්තට පප්සේ ඒ අදාල කැම්පස් එකේ gradute school එක ගැන තියෙන web page එකට යන්න මුලින්ම.

2. ඒ page එකේ බලන්න Graduate degree programs සහ requiremnents මොනවද කියලා. සාමාන්‍යයෙන් Bachelors degree එකේ GPA එක 3.0 ට වඩා වැඩි වෙන්න ඕනි. Class එක වැදගත් වෙන්නේ නැ. හේතුව ඇමෙරිකාවේ classes දෙන්නේ නැ. ඒ නිසා එයාලා ඒක දන්නේ නැ. අවුරුදු 4ක උපාධියක් තියෙනවා නම් ගොඩාක් ලේසියි. අවුරුදු 3ක ඩිග්‍රි එකකට ගොඩාක් දුරට Masters එකක් කරන්න කියලා තමයි කියන්නේ. නමුත් PhD එකකට තේරෙන අවස්ථා නැතුව නෙවෙයි.

3. අමතරව TOEFL හරි IELTS හරි ඒ ඒ කැම්පස් එක පිලිගත් වෙනත් ඉංග්‍රිසි විභාගයක අදාල කඩඉම් ලකුණු මට්ටම තියෙන්න ඕනි. සමහර කැම්පස් GRE එකත් ඉල්ලනවා. මේ කාරනා තුන සම්පූර්ණ කරගෙන තියෙනවා නම් වැඩේ ලේසියි.

4. උඩ කියපු කාරනා වලට අමතරව ඕනි වෙන්නේ Transcrip එකයි, Statement of Purpose (SOP)එකයි, recommendation letters තුනක් ඕනි වෙනවා.

5. මේ කියන ටික ඔක්කොම එක්ක application එක submit කලාට පස්සේ graduate program එකට admission බොහෝ දුරට හම්බ වෙනවා. ඒ කියන්නේ හරියට අපි අතින් සල්ලි ගෙවලා graduate degree එකකි කරන්න පුළුවන් වැඩක්.

6. අපිට අතින් ගෙවලා PhD එකක් කරනවා කියන්නේ අවුරුද්දකට $35000-60,000ක් වගේ ගෙවන්න වෙන සිද්දියක් 🤭🤣 ඒක කරන්න බැ නේ. ඔන්න දැන් තමයි හොඳම හරිය සහ ගොඩාක් අයට පැටලෙන තැන.

7. මේ PhD කරන අයට assitanships දෙනවා. ඒ කියන්නේ ටටියුෂන් වලට යන ගානත් ගෙවලා තව ජීවත් වෙන්න කියලා අමතර ගානකුත් දෙනවා කියන එ. Scholarship එකක් හම්බවෙනවා කියන්නේ ඒක. මේකේ දෙවිදියක් තියෙනවා. Graduatte Teaching Assistantships (GTA) සහ Graduate Research Assistantships (GRA). GTA කෙනෙක් කරන්නේ තමන්ගේ PhD එකට අදාල වැඩ ටික කර ගන්න ගමන් සතියකට පැය 20ක් undergrad class එකකට උගන්‍නන එක. GRA කෙනෙක් කරන්නේ full time ම research එක කරන එක PhD එකේ අනිකුත් අවශ්‍යතා සපුරා ගන්න ගමන්.

8. මෙතනදි මේ scholarship එකට apply කරන වැඩේ කරන්න ඕනිත් අපිමයි. ගොඩාක් වෙලාවට admission application එකේම අහලා තියෙනවා scholarship එකක් ඔනිද කියලා. තව සමහර කැම්පස් වල ඒකට වෙනම application එකක් තියෙනවා. ඒ නිසා මතක් කරලා ඒකත් deadline එකට කලින් දාන්නම ඕනි.

9. සාමාන්‍යයෙන් GTA කෙනෙක් විදියට පලවෙනි අවුරුද්දෙදි හැමාවම වගේ ගන්නේ. හේතුව අපි කොච්චර හොඳට research කරනවද කියලා Professors ලා දන්නේ නැති නිසා සහ external grant එකකින් ගෙවලා ගන්නවා නම් credits කිහිපයක් තියෙනවා සම්පුර්ණ කරන්න. එහෙම මුකුත් නැති නිසා GTA option එක තමයි ලැබෙන්නේ.

10. තව එකක්, admisssion දෙන්න GPA එක සාමාන්‍යයෙන් 3.0 ඇති උනාට GTA එකක් දෙන්න GPA එක ටිකක් වැඩිපුර බලනවා. උදාහරණයක් විදියට 3.2 වගේ.

මේක තමයි සාමාන්‍ය විදිය apply කරන. මීට අමතරව පහලින් තියෙන ටික කලොත් ඔයාලගේ application එක ශකිත්මත් වෙනවා.

1. Undergraduate research එකෙන් මොන විදියේ හරි publication ගන්න බලන්න. Full papers ම ඕනි නෑ, conference abstract උනත් කමක් නැ.

2. SOP එක ලියද්දි තමන් වැඩ කරන්න කැමති Professors ල කිහිප දෙනෙක්ගේ නම් ලියලා ඒ ඇයි කියලත් ලියන්න. උදාහරනයක් විදියට එයාලගේ research/field එක තමන් කලින් කරපු එකට සම්බන්ධයි හරි, එහෙම නැත්තනම් තමන් අලුතින් දෙයක් ඒ field එකේ ඉගෙන ගන්න ආසයි වගේ දෙයක් ලියන්න. මේක ලියන්න නම් මුලින් ටිකක් අදාල කැම්පස් වල Professors ලා ගැන ටිකක් කියවලා ඉන්න ඕනි 🤭

3. දැන් මේ SOP එකට නම දාන Professors ලට email එකක් දාන්න එයාලගේ research වලට ආසයි, ඒ නිසා ඒ කැම්පස් එකට apply කරනවා, ගන්න පුළුවන් හැකියාවක් තියෙනවද වගේ දෙයක් අහල. මේකේ අරමුණ තමයි තමන් මේ වැඩේට හරි උනන්දුයි කියන එක පෙන්වන එක. තව දෙයක්, එක සැරේ එකම program එකේ professors ලා දෙන්නෙක්ට ලියන්න එපා 🤭🤣 එක්කෙනක්ට ලියලා එයාගෙන් උත්තර ආවට පස්සේ දෙවෙනි එක්කෙනෙක්ට ලිය්නන 🤭 එහෙම නැති වුනොත් එයාලා කතා වෙනවා මේවා ගැන 🤣

3. Recommendation letters ගන්න කොට තමන් එක්ක මොන විදියේ හරි collaboration එකක් තිබුනු කෙනෙක්ගෙන් ගන්න. Personal reference එපා.

4. Professorලාට email කරනකොට ඒ කැම්පස් වලට සතියේ දවසට උදේ 8-10 ත් අතරේ වගේ යවන්න. ලංකාවේ වෙලාවෙන් නෙවෙයි හොඳෙ 🤭 එහේ වෙලාවෙන්. හේතුව ඒ වෙලාවට තමයි ගොඩාක් වෙලාවට email බලන්නේ. සාමාන්‍යයෙන් professors ලාට email 100කට වඩා එන දවස් තියෙනවා. ඒ නිසා එයාලගේ වෙලාවෙන් රෑට වගේ යැව්වොත් ඒ email එක list එකේ යටටම ගිහින් මඟ ඇරෙන්න තියෙන හැකියාව අඩුයි.

5. Email එකක් ලියන කොට subject line එක හොඳ desciptive විදියට ලියන්න. උදාහරණයක් විදියට “A student from Sri Lanka looking for a PhD position” වගේ දෙයක්. හේතුව අපේ නම් සහ ඉන්දියාව ඇතුළු අනිකුත් ආසායාතික රටවල් වල නම් එයාලට වෙන් කරලා හදුනා ගන්න බැ. ඉන්දියාවෙන් දවසකට ලමයි මහා ගොඩාක් email කරනවා. නමුත් අපේ රටේ ලමයින්ට ලොකු පිලිගැනීමක් තියෙනවා USA වල. ඒ අපි දක්ෂතාවයයි කැපවීමයි නිසා. සමහර කැම්පස් තියෙනවා මුලින්ම offers දෙන්නේ ලංකාවේ ලමයින්ට. ඒ නිසයි ලංකාව highlight වෙන්න ලියන්න කිව්වේ.

6. ගොඩාක් කැම්පස් වල Application window එක සාමාන්‍යයෙන් අගෝස්තු අන්තිම ඉදන් ජනවාරි අන්තිම වගේ තියෙන්නේ. ඒත් අන්තිම වෙනකන් ඉන්න එපා. පුළුවන් තරම් ඉක්මනට apply කරන්න.

7. Application fee එකක් ගෙවන්න තිබුනට ගෙවන්න කලින් අහන්න fee එක wave කරන්න පුළුවන්ද කියලා. එහෙම ඇහුවා කියලා application එකට හානියක් වෙන්නේ නැ. ගොඩාක් කැම්පස් waive කරනවා ඇහුවොත්.

මේ ටික ලිව්වේ මම දැනට එහේ කැම්පස් එකක වැඩ කරන, grad student recruitment committee එකක ඉන්න නිසා 🤭. ඉතින් පැහැදිලි නැති දෙයක් තියෙනවා නම් අහන්න. SOP යවන්න කලින් correct කර ගන්න ඕනි නම් මැසේජ් එකක් දාන්න. ඒවා කරලා දෙන්නම්. වැදගත්ම දේ මං දන්නේ STEM field එක ගැන විතරයි හොඳෙ 🤭 අනිත් ඒවා ගැන ලොකු අවබෝධයක් නැ. නමුත් මූලිකව වෙන්නේ මේ හා සමාන දෙයක්ම තමයි.

Good luck!

Copied,
පවිත්‍රා පතිරත්ත ✍️

කෝච්චියේ ආසනයක් වෙන් කරගෙන සුව පහසුවෙන් ගමනක් යන්න ඔබත් අදහස් කරනවාද? 🚈🚂එහෙනම් පොඩ්ඩක් නැවතිලා කියවලා යන්න. දුම්රිය දෙපා...
22/06/2022

කෝච්චියේ ආසනයක් වෙන් කරගෙන සුව පහසුවෙන් ගමනක් යන්න ඔබත් අදහස් කරනවාද? 🚈🚂

එහෙනම් පොඩ්ඩක් නැවතිලා කියවලා යන්න.

දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සලසා ඇති වෙන්කල හැකි ආසන වර්ග මොනවාද? ඒවායින් ඔබට ලැබෙන පහසුකම් මොනවාද? මෙම පහසුකම් සලසා ඇති දුම්රියන් මොනවාද? අද මේ ගැන ටිකක් කතා කරන්න හිතුවා.....

පහසුවෙන්, නිදහසේ, ආරක්ෂාකාරීව, අඩු වියදමින් සහ ඉක්මනින් ගමනක් යෑමට අවශ්‍ය නම් ඔබ නිසැකවම ⁣තෝරා ගන්නේ දුම්රියයි. නමුත් ඒ සමඟම ඇතිවන ගැටලු වන්නේ සීට් එකක් හම්බවෙයිද? මුළු ගමනම හිටගෙන යන්න වෙයිද? Foot board එකේද යන්න වෙන්නේ.....
මෙම ගැටලු මඟහරවා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ඔබට කලින් ආසන වෙන්කිරීමේ පහසුකම හදුන්වා දී තිබෙනවා.
මෙනිසා ආසනයක් ලබා ගැනීමේ අදහසින් පොරකමින් දුම්රියට නැගීමට අවශ්‍ය නොවන අතර මෙම මැදිරි සදහා ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නේ ආසන ගනනට පමණක් බැවින් මැදිරිය තුල නිදහසේ ගමනාන්තය තෙක් ගමන් කිරීමටද හැකිය.

වෙන්කල හැකි ආසන නම්,
01. වායුසමනය කල පළමු පන්තිය (AFC)🚂☬
02. නැරඹුම් මැදිරිය (OFV)🚂☬
03. පළමු පන්තියේ වෙන්කල ආසන (FCR)🚂☬
04. පළමු පන්තියේ නිදන මැදිරිය (FCB)🚂☬
05. දෙවන පන්තියේ වෙන්කල ආසන (SCR)🚂☬
06. දෙවන පන්තියේ නිදන ආසන (SCS)🚂☬
07. තුන්වන පන්තියේ වෙන්කල ආසන (TCR)🚂☬
08. තුන්වන පන්තියේ නිදන ආසන (TCS)🚂☬

01. වායුසමනය කල පළමු පන්තිය (AFC)🚂😍

ආනතිය වෙනස් කල හැකි වඩාත් සැපපහසු ආසන වේ.
මැදිරියම වායුසමනය කර ඇත.
මැදිරිය මනා ආලෝකකරණයකින්ද යුක්ත වේ. ආසනයකට කුඩා මේසය බැගින් ඇති අතර කවුළු තිර රෙදි යොදා අලංකාර කර තිබේ. ජංගම දුරකථන, ලැප්ටොප් චාර්ජ් කරගැනීමේ හැකියාවද ඇත. ආසනද සිත් ගන්නා ලෙස කුෂන් කවර යොදා අලංකාරවත් කර ඇත..සුඛෝපභෝගී නගරාන්තර දුම්රියන්හි AFC වල රූපවාහිනී නැරඹීමටද ගීත ශ්‍රවනය කිරීමට ද පහසුකම් සපයා ඇත. එමෙන්ම තම ආසනය තමාට රිසි ඕනෑම ප්‍රමාණයකට ආනත කීරීමට වගේම අංශක 360කින්ම භ්‍රමණය කිරීමට ද හැකිය. සැබවින්ම මෙම මැදිරියක ගමන් කිරීම ගුවන් යානයක ගමන් කිරීමට සර්වසමවේ.

කන්කසන්තරය සුඛෝපභෝගී නගරාන්තර දුම්රියේ හා මහනුවර සතිඅන්ත සුඛෝපභෝගී නගරාන්තර දුම්රියේ මැදිරි සියල්ල AFC වන අතර උඩරට මැණිකේ, පොඩි මැණිකේ සහ මහනුවර හා මාතලේ සීඝ්‍රගාමි දුම්රියේ( from colombo fort @ 10.35am) එක් මැදිරිය බැගින් ඇත. මීට අමතරව කන්කසන්තරේ රාත්‍රී තැපැල් දුම්රියේ හා මීනගයා රාත්‍රී නගරාන්තර දුම්රියේද එක් මැදිරිය බැගින් ඇත. තවද මරදාන -මාතර සීඝ්‍රගාමි දුම්රියේද (from colombo fort @6.55am) AFC මැදිරියක් පවතින අතර එහි සුවි⁣ශේෂිතාවය වන්නේ ආසන එකිනෙක ආවරණය කර පැවතීමයි..

02, නැරඹුම් මැදිරිය (OFV)🚂😍

පළමුවන පන්තියට අයත් වන මෙම මැදිරිවලද සැපපහසු ආසන, ⁣ඒවාට මේසය බැගින් සපයා ඇති අතර වටපිටාව හොඳින් නිරීක්ෂණය වන සේ ආසන ප්‍රේක්ෂකාගාරයක මෙන් ස්ථාපනය කර ඇත. තවද දුම්රිය ධාවනය වන දිශාවට විරුද්ධ දිශාවට ආසන පිහිටුවා ඇති අතර මෙය දුම්රියේ අවසන් මැදිරිය වේ. තවද දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ අධික ඉල්ලුමක් ඇති මෙම මැදිරි සාමාන්‍යයෙන් යොදවන්නේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන ගමනාන්ත කරායි. ලංකාව තුල දුම්රියන් 6ක මෙම මැදිරිය ඇතුළත් වේ. කොළඹ කොටුවෙන් පෙ.ව 9.45ට බදුල්ල බලා ධාවනය වන සීඝ්‍රගාමි දුම්රියේත්, මහනුවර දෛනික නගරාන්තර දුම්රියන් දෙකේත්, මහනුවර සතිඅන්ත නගරාන්තර දුම්රියේත්, මහනුවර- බදුල්ල මිශ්‍ර දුම්රියේත් ඇතුළත් වේ. මෙයට අමතරව යාපනය සහ කන්කසන්තරේ බලා ධාවනය වන යාල්දේවී සීඝ්‍රගාමි දුම්රියේ ද නැරඹුම් මැදිරියක් ඇත. සාමාන්‍යයෙන් නැරඹුම් මැදිරිය වායුසමනය නොකරන අතර මහනුවර දෛනික නගරාන්තර දුම්රියන්හි නැරඹුම් මැදිරි වායුසමනයද කර ඇත. ලංකාවේ උඩරට දුම්රිය මාර්ගයේ සොඳුරු අත්දැකීම් හොදින්ම විඳගැනීමට නම් නැරඹුම් මැදිරියක ගමන් කල යුතුමය.

03. පළමු පන්තියේ වෙන්කල ආසන (FCR)🚂😍

ආනතිය වෙනස් කල හැකි වඩා සැපපහසු ආසන වේ. ආහාර ගැනීමට කුඩා මේසය බැගින්ද තිබේ. මෙම මැදිරියක් දක්නට ලැබෙන්නේ යාල්දේවී දුම්රියේ පමණි.

04. පළමු පන්තියේ නිදන මැදිරිය (FCB)🚂😍

සැබවින්ම මෙය ඇදන් 2ක් සහිත කුඩා කාමරයකි. මේස, පුටු, ⁣කබඩ් එකක්, ඇදුම් එල්ලනයක්, කන්නාඩියක්, විදුලි පංකාවක් ආදී කාමරයක අන්තර්ගත සියල්ල මෙහි තිබේ. තවද කාමරයටම සම්බන්ධිත කුඩා නාන කාමරයක්ද ඇත. එක් ඇදක් බිම් මට්ටමේ ඇති අතර අනෙක ඉහලින් ඇත. ඉනිමඟක් ආධාරයෙන් එයට නැගිය යුතුය.
ඉතා දීර්ඝ ගමනාන්ත සහිත දුම්රියන් වලට යොදවන මෙම මැදිරි ලංකාව තුල කන්කසන්තරේ, බදුල්ල , ත්‍රිකුණාමලය බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියන් වලට එක් කර ඇත. තවද මඩකලපුව බලා ධාවනය වන මීනගයා රාත්‍රී නගරාන්තර දුම්රියේ ද මෙම මැදිරියක් දක්නට ලැබේ.
ජීවිතයේ එක් වරක් හෝ මෙම Berth මැදිරියක ගමන් කරන්න. එය ජීවිතයට මහඟු අත්දැකීමක් වනු නොඅනුමානයි.

05. දෙවන පන්තියේ වෙන්කල ආසන (SCR)🚂😍

සාමාන්‍ය මුදලකට පහසුවෙන් ගමන් කල හැකි ආසන මෙහි ඇත. බොහෝ දුම්රියවල SCR මැදිරි වල මේස සපයා නොමැත. වැඩිම දුම්රිය ප්‍රමාණයක සපයා ඇති ආසන වෙන්කිරීමේ ක්‍රමයයි. නගරාන්තර දුම්රියන් සමන්විත වන්නේ මෙම වර්ගයේ මැදිරි කට්ටලයකිනි. අමතර වශයෙන් වෙනත් වර්ගවල මැදිරි 2,3ක් එක් කරයි.
මෙම පහසුකම සහිත දුම්රියන් වන්නේ.
- වව්නියාව ICE
- මහනුවර ICE (උදෑසන )
- මහනුවර ICE ( සවස)
- මහනුවර සතිඅන්ත ICE
- උත්තර දේවි ICE
- යාල්දේවී සීඝ්‍රගාමි දුම්රිය
- උදය දේවි සීඝ්‍රගාමි දුම්රිය
- උඩරට මැණිකේ සීඝ්‍රගාමි දුම්රිය
- පොඩි මැණිකේ සීඝ්‍රගාමි දුම්රිය
(ICE = Intercity Express )

06. දෙවන පන්තියේ නිදන ආසන (SCS)🚂😍

සැපපහසු ආසන වේ. ආසනය සයනක ආකාරයෙන් ආනත කර නිදාගැනීමට හැකි ලෙස සකසා ඇත. එමෙන්ම ආසන අතර සැලකිය යුතු පරතරයක්ද පවත්වා ඇත. රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන් සදහා විශේෂයෙන් සකස්කර ඇත.
ගාල්ල රාත්‍රී තැපැල් දුම්රිය හැර අනෙක් සියලු රාත්‍රී තැපැල් දුම්රියන්හි( බදුල්ල, ත්‍රිකුණාමලය, කන්කසන්තරය හා තලේමන්නාරම) මෙම Second Class Sleeperets දක්නට ලැබේ. මීනගයා රාත්‍රී නගරාන්තර දුම්රියටද මෙම මැදිරියක් යොදවා ඇත.

07. තුන්වන පන්තියේ වෙන්කල ආසන (TCR)🚂😍

මෙහිදී ආසනයක් මගියා වෙනුවෙන් වෙන්කර දීම පමණක් සිදුවේ. අමතර පහසුකම් සපයා නොමැත. ආසනද සුවපහසු බවින් තරමක් අඩුය. ආසන පේලි අතර පරතරයද සාපේක්ෂව අඩුය. නමුත් අඩුම මුදලට වෙනකර ගත හැකි ආසන වර්ගය වන්නේ TCR ය.
ලංකාව තුල මෙම පහසුකම ඇත්තේ උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියන් දෙකේ පමණි.

08. තුන්වන පන්තියේ නිදන ආසන (TCS)🚂😍

TCR මැදිරි වලට සමාන වන අතර වෙනසකට ඇත්තේ ආසන ස්වල්පයක් ආනත කර සාදා තිබීමයි. රාත්‍රී දුම්රියන් වෙනු⁣වෙන් ⁣සකසා ඇත. සාමාන්‍ය මගියෙකුට අඩු මිලකට නිදන ආසනයක් වෙන්කර ගැනීමේදී TCS වැදගත් වේ...
බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ, ත්‍රිකුණාමලය රාත්‍රී තැපැල් දුම්රියේ සහ මීනගයා රාත්‍රී නගරාන්තර දුම්රියේ මැදිරිය බැගින් ඇති අතර කන්කසන්තරය රාත්‍රී තැපැල් දුම්රිය මැදිරි 2කින් යුක්තය.

උපුටාගැනීම
සටහන හා ඡායාරූප -
R.M. තරිඳු නිශාදව මධුවන්ත

පසුව ලියමි...

ගොඩක් දෙනෙක් අහන දුම්රිය ආසන වෙන්කිරීම පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු මෙතන තියනවා

http://gic.gov.lk/gic/index.php/si/component/info/?id=432&task=info

http://www.railway.gov.lk/web/index.php?option=com_content&view=article&id=127&Itemid=156&lang=

📸 Credit goes to respective owner

ලොව පුරා යන එන හැම තැනම එකට ඇවිදපු මිතුරන් දෙදෙනා රිය අනතුරකින් අවසන් ගමනත් එකටම ගිහින්..😓💔බ්‍රසීලියානු influencerකෙනෙක්...
27/05/2022

ලොව පුරා යන එන හැම තැනම එකට ඇවිදපු මිතුරන් දෙදෙනා රිය අනතුරකින් අවසන් ගමනත් එකටම ගිහින්..😓💔

බ්‍රසීලියානු influencerකෙනෙක් වන ජෙසී කෝස් ඔහුගේ ආදරණීය බල්ලා Shurastey සමඟ 1978 VW Vocho මෝටර් රථය භාවිතා කරමින් රටවල් වල සංචාරය කිරීම වෙනුවෙන් ප්‍රසිද්ධ වූ කෙනෙක්.

තමන්ගේ Golden retriever වර්ගයේ Shurastey නම් බල්ලාද සමඟින් ඔහුගේ ගමන 2017 දී ආරම්භ කල අතර ඔහුගේ සමාජ මාධ්‍යවල 300,000 කට අධික ප්‍රේක්ෂක පිරිසක් නිර්මාණය වී සිටියා.

රටවල් 16 කට වැඩි ප්‍රමාණයක් තුල සංචාරය කල ඔහු පසුගිය 23 සඳුදා දිනයේ ඇලස්කාවේදී ඔහුගේ හොඳම මිතුරා වන බල්ලා සමඟ ඛේදජනක රිය අනතුරකින් ජීවන ගමන නිම කොට තිබුනා..
RIP 🏳️😭🙏

   ..✈️🏖️️|🇱🇰
27/05/2022

..✈️🏖️️|🇱🇰

19/05/2022

මෙරට සංචාරක කර්මාන්තය තවත් ආගාධයට..😔

17/05/2022
14/05/2022

ඩොලර් මිලියන 417 කට ස්විට්සර්ලන්තයට දුන් කල්පිටියේ, උච්චමුනි දූපතේ ඇත්ත කතාව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල්, ධම්මිකා විජේසිංහ කියයි..
Copied,

 #සුන්දර_හදවත්_තියන_අපේ_මිනිස්කම…❤අද හවස බදුල්ල -  කොළඹ පොඩිමැනිකේ දුම්රිය පේරාදෙණිය හන්දිය ස්ටේශන් එකේ ඉඳන් 5km වගේ දුර...
03/05/2022

#සුන්දර_හදවත්_තියන_අපේ_මිනිස්කම…❤
අද හවස බදුල්ල - කොළඹ පොඩිමැනිකේ දුම්රිය පේරාදෙණිය හන්දිය ස්ටේශන් එකේ ඉඳන් 5km වගේ දුරකින් හදිස්සි පීලිපැනීමකට ලක්වුනා. යන්න ගොඩක් ප්‍රමාද වුන නිසා අහල පහල ගෙවල් වල ගමේ අය කෝච්චියේ අයට බිස්කට් දීලා කෝපි හදල දුන්නා.❤

ඡායාරූප - විමාන් වික්‍රමසිංහ
————————————————

Original owner Fantastic Travelers

ඩෙන්මාකයේ පාසැල් යන මගේ අවුරුදු 10 දුවගෙ දින සටහන7. 00  ඇහැරීම7.30   බයිසිකලයේ නැගී පාසැල් යෑම .. මඟ නැවතී බයිසිකල් වල බ...
03/05/2022

ඩෙන්මාකයේ පාසැල් යන මගේ අවුරුදු 10 දුවගෙ දින සටහන

7. 00 ඇහැරීම
7.30 බයිසිකලයේ නැගී පාසැල් යෑම .. මඟ නැවතී බයිසිකල් වල බලාසිටින කෙල්ලො රොත්ත සමඟ
8.00- 2.00 පාසැල (සතියටම ගණිතය පීරියඩ් 3කි . සඳුදා උදයවරුව ක්‍රීඩා, බදදා උදයවරුව පිහිනුම්, අඟහරුවාදා හවස්වරුව අත්කම් සහ නිර්මාණ/design, සිකුරාදා හවස්වරුව චිත්‍ර )
2 .00- 6.00 දක්වා කැමති වෙලාවක් පාසැලෙන් පසු පාසැල් club එකේ යහළුවන් සමඟ සෙල්ලම් /අත්වැඩ/ කැරෝකේ/ ක්‍රීඩා
හවස ගෙදර පැමිණීම, 2න් පසු හිතුන විටෙක. ( පාසැලට ඇතුළුවන විට සහ පිටවන විට sms පණිවිඩයක් පාසැලෙන් ලැබේ.)
හවස ගෙදර -කතා පොත් කියවීම , චිත්‍ර ඇදීම , TV බැලීම. තොර තෝංචියක් නැති පාසැල් විස්තර. යාළුකම්.. තරහමරහ විස්තර
8.30 නිදාගැනීම
ටියුෂන් ගෙදර වැඩ වාරවිභාග නැත.
ගිය අවුරුද්දේ මාස 6 ක් පාසැල් නොගියද (ලංකාවේ සිටි බැවින්) විශේෂ වෙනසකුත් නැත. නමුත් ඇයට භාෂාව අමතක වේ යැයි ඇගේ ගුරුවරිය සතියකට හෝ දෙකකට වරක් පාසැල් වෙලාව අතරතුර පැය එකහමාරක් අනිත් දරුවන් සමඟ වීඩියෝ සංවාද පැවැත්වූ බව නොකියාම බැරිය. එනම් ඇය උගන්වන අතරම වරකට දරුවන් 3න් දෙනා බැගින් දුව සමඟ කතාවට එවන්නීය. ඒ කිසිවක් මගේ ඉල්ලීම් නොවුනි. එසේම නිතරම පහනි ට ගෙදරදී කතා කරන්න කියා දරුවන්ට ඇය කියා තිබිණි. ඒ සඳහා මගේ දුරකථන අංකය දෙමව්පියන්ට දුන්නාට කමක් නැද්දැයි වරෙක ඇය මගෙන් විමසුවාය. තවද දියණියට චොකලට් පාර්සලයක්, ඊලඟ පාසැල් පොත සහ සියළුම දරුවන් දියණියට ලියූ ලිපි ඇතුලත් පාර්සලයක්ද ඇය ලංකාවට එව්වාය. (සැබවින්ම ඇයද මගේ දියණියට මවකි )
ගුරු දෙගුරු රැස්වීම්වල හවස කළු කෝපි බොමින් මහා බරපතල ලෙස සාකාච්ඡා කරනුයේ දරුවන්ට තව තවත් නිවාඩු දිනවලදීද සෙල්ලම් කිරීමට සෙල්ලම් group සැදීම , යහළුවන් කල්ලි ගැසීම එනම් එකම යහළුවන් කොටසක් ඇසුරු කිරීම වැලැක්වීම වැනි කාරණාය.

පාසැලට එවන් කිසියම් කටයුත්තක් සඳහා එන හැමවිටම makeup නොදා සරල සාමාන්‍ය ඇඳුමකින් සැරසී එන ලෙසද දියණිය මගෙන් උදක්ම ඉල්ලයි. (අන් බොහෝ දෙමව්පියන් එසේ ඉතාම සරලව පැම්ණෙන බැවින් )
හවස කෑම පාසැලෙන් සැපයෙන අතර හවස පාසැල් club එක සඳහා ගෙවීම දෙමව්පියන්ගේ ආදායම් මට්ටම අනුව විචල්‍ය වේ. ඇතැම් විට එය ඉතා සුළු ගනනකි. පාසැල් අධ්‍යාපනය , පෙලපොත් විශ්වවිද්‍යාල/කාර්මික විද්‍යාල අධ්‍යාපනය නොමිලේ. ඒ හැර මාස 3කට වරක් සෑම දරුවෙකු සඳහාම රු 90000/=ආසන්න මුදලක් දරුවාගේ අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් මවගේ හෝ පියාගේ ගිණුමට රජයෙන් ලැබේ.
මේ සියල්ල අතරේ ඉඳහිට ඇගේ ගනන් පොතේ විස්තර අසන ලංකාවේ ගණිතය ගුරුවරයෙකු වූ මගේ අයියා සමහරවිට කියනුයේ නංගි අපි ඔය සිද්ධාන්තය touch කරන්නෙ 9 වසරේදි /10 වසරේදී කියාය. ඇතැම් විට එය ලංකාවෙ 6 වසරේදීය.
මෙය කියවන මගේ හිතවත් වියත්මග උගත් ඔබ ලංකාවේ නව රජය යටතේ දරුවන්ට මේ නිදහස , මේ හුරතල් ළමාවිය ඔවුනට නැවත ලබාදෙන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට නව රජයට යෝජනා ඉදිරිපත් කරන්න. මගේ ලිපියේ සැබෑම අරමුණ එයයි. විශේෂයෙන්ම ලමාරෝග මහාචාර්ය රස්නායක මුදියන්සේ සර් ඔබට මේ සඳහා පෙරමුණ ගත හැකිමයි.
නන්දනී විජයබන්ඩාර ගෙනි.
උපුටා ගැනීමකි🙏

Travelvoice..✈️
29/04/2022

Travelvoice..✈️

🚂ELLA ODYSSEY🚂මහනුවර - දෙමෝදර සංචාරක දුම්රිය සේවය 2022 මාර්තු 5 සිට ඇරඹේ.🚋 දුම්රිය  අංක 1041මහනුවරින් පිටත්වීම  - පෙ.ව. ...
05/03/2022

🚂ELLA ODYSSEY🚂

මහනුවර - දෙමෝදර සංචාරක දුම්රිය සේවය 2022 මාර්තු 5 සිට ඇරඹේ.

🚋 දුම්රිය අංක 1041

මහනුවරින් පිටත්වීම - පෙ.ව. 07/00
දෙමෝදරට ලඟා වීම - ප.ව. 02/45

නවත්වනු ලබන දුම්රිය ස්ථානයන්,

🚦පේරාදෙණිය හන්දිය
🚦ගෙලිඔය
🚦නාවලපිටිය
🚦හැටන්
🚦ග්‍රේට් වෙස්ට(ර්)න්
🚦නානුඹය
🚦පට්ටිපොල
🚦ඔහිය
🚦ඉදල්ගස්හින්න
🚦හපුතලේ
🚦ඇල්ල
🚦 දෙමෝදර

මෙම දුම්රිය නවත්වනු ලබන සංචාරක ස්ථාන [View points]

🔸හොස්ටේල් දියඇල්ල
🔸ශ්‍රී පාද කන්ද
🔸ශාන්ත ක්ලෙයාර් දියඇල්ල
🔸එල්ජින් දියඇල්ල
🔸සමිට් ලෙවල්
🔸අංක 18 බිංගෙය
🔸සුළං කපොල්ල (ඉදල්ගස්හින්න - හපුතලේ)
🔸කිතල් ඇල්ල දියඇල්ල
🔸ආරුක්කු 9 පාලම

🛑 අංක 1041 දුම්රිය ඉහත ස්ථානයන් වල විනාඩි 02 - 15 අතර කාලයක් නවත්වනු ලැබේ

🚋 දුම්රිය අංක 1042

දෙමෝදරින් පිටත්වීම - ප.ව. 03.40
මහනුවර ලඟා වීම - රාත්‍රී 09/35

🚦ඇල්ල
🚦බණ්ඩාරවෙල
🚦ඉදල්ගස්හින්න
🚦නානුඔය
🚦හැටන්
🚦නාවලපිටිය
🚦පේරාදෙණිය හන්දිය
🚦 මහනුවර

🛑අංක 1042 දුම්රිය සංචාරක නැවතුම් වල නවත්වනු නොලැබේ.

මෙම දුම්රියේ මැදිරි සැකැස්ම

පළමු පන්තියේ මැදිරි 04 ක්
දෙවන පන්තියේ මැදිරි 03 ක්
භෝජනගාර මැදිරියක්
S14 බලවේග මැදිරි කට්ටල 02 ක්

🛑සියළුම මැදිරිවල ආසන කලින් වෙන් කරවා ගත යුතුවේ.

🛑දුම්රියන් ඉහළ සහ පහළ දෙසට හුවමාරුව සිදුවන බැවින් එම තත්ත්වයට අදාල නැවතුම් ස්ථානයන් දුම්රිය ප්‍රමාදයන් මත සංශෝධනය විය හැක.

දුම්රියට අදාල ආසන වෙන්කිරීමේ ගාස්තු

🛑 පළමු පන්තිය
මහනුවර - ඇල්ල අතර

මහනුවර/නානුඔය - රු. 2000/=
මහනුවර/දෙමෝදර/ඇල්ල - රු. 5000/=
නානුඔය/දෙමෝදර/ඇල්ල - රු. 4000/=

ඇල්ල - මහනුවර අතර

ඇල්ල/නානුඔය - රු. 2000/=
ඇල්ල/මහනුවර - රු. 3000/=
නානුඔය/මහනුවර - රු. 1000/=

🛑දෙවන පන්තිය

මහනුවර - ඇල්ල අතර

මහනුවර/නානුඔය - රු. 1500/=
මහනුවර/දෙමෝදර/ඇල්ල - රු. 4000/=
නානුඔය/දෙමෝදර/ඇල්ල - රු. 3000/=

ඇල්ල - මහනුවර අතර

ඇල්ල/නානුඔය - රු. 1000/=
ඇල්ල/මහනුවර - රු. 2000/=
නානුඔය/මහනුවර - රු. 1000/=

10/02/2022
W O R L D  T O U R I S M  D A Y .. ✈️🌍Tourism for Inclusive Growth..🎯
27/09/2021

W O R L D T O U R I S M D A Y .. ✈️🌍
Tourism for Inclusive Growth..🎯

විවාහය සෙරප්පු කුට්ටමකි  , මා පැළඳ ගත්තේ මට පහසු සෙරප්පු කුට්ටමයි !!!37 වියැති මාර්ක් එලියට් සකර්බර්ග් කියන්නේ ඇමරිකානු ...
21/08/2021

විවාහය සෙරප්පු කුට්ටමකි , මා පැළඳ ගත්තේ මට පහසු සෙරප්පු කුට්ටමයි !!!

37 වියැති මාර්ක් එලියට් සකර්බර්ග් කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 84 ක වත්කමකට හිමිකම් කියන ෆේස් බුක් හිමිකරු .

ඔහුගේ බිරිඳ ප්‍රිසිලා චෑන් , ඇය චීන ජාතික කාන්තාවක් .
සකබර්ග් සිය ෆේස් බුක් පිටුවේ ඇය ගැන ලස්සන සටහනක් ලියනවා .

බොහෝ දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ලොව ධනවත්ම පුද්ගලයෙක් වෙලත් ප්‍රිසිලා වගේ ලස්සන නැති කෙනෙක්ව විවාහ කර ගත්තේ ඇයි කියලා ? ඔවුන්ට අනුව මම වගේ ධනවත් පුද්ගලයෙක්ගේ බිරිඳ ගොඩක් ලස්සන කෙනෙක් වෙන්න ඕනේ .( මගේ ප්‍රිසිලා ට වඩා ලස්සන කෙනෙක් විය යුතුයි )

බොහෝ අයට ප්‍රශ්නයක් වුන ඒකට මම උත්තර දෙන්නම් .ලස්සන සහ අවලස්සන කියන්නෙ මොකක්ද කියලා මම පැහැදිළි කරන්නම් !!

මගේ ජීවිතේදී රූපරාජිණියෝ වගේ ලස්සන කාන්තාවො ඕන තරම් මුණගැහිලා තියනවා .බාහිරෙන් කොච්චර ලස්සනට පෙනුනත් ඒ කිසි කෙනෙක්ගේ හදවත මුහුණ තරම් ලස්සන වුනේ නෑ , ඒ හැමෝටම ඕන උනේ මගේ සල්ලි වලින් සැප විඳිමින් පුරාජේරුවට ජීවත් වෙන්න .ලෝකෙට ලස්සනට පෙන්නලා හදවත ලස්සන නැති කෙනෙක් එක්ක ජීවත් වෙන්න මම කැමති නැහැ .

මගෙ ආදරණීය බිරිඳ ප්‍රිසිලා චෑන් ව මට මුලින්ම හමුවුනේ වොෂ් රූම් පෝලිමකදී , ඇය ඒ වනවිට මගේ ධනය ගැන දන්නේ නැහැ , නමුත් ඇයගේ සුන්දර හදවත , ආදරණීය නිරහංකාර බව , සරළ බව මම එදා අඳුරගත්තා .මට හරියටම ගැලපෙන කෙනා ප්‍රිසිලා බව මම ඒ වෙලාවේම තීරණය කළා .

හාවඩ් විශ්ව විද්‍යාලයේ උපාධිය ලත් වයිද්‍යවරියක් වුවත් , ලොව ධනවත්ම කෙනෙක්ගේ බිරිඳ වූවත් ඒ කිසිවක් නිසා ඇය කිසිම විටක උඩඟු වෙලා නැහැ .ඇය මන් වෙනුවෙන් බොහෝ දේවල් කැප කලා ,ඇයගේ පවුලේ අය එක්ක සම්බන්ධතාවය ලේසි වෙන්න මම චීන භාෂාව ඉගන ගත්තා .

බාහිර ලස්සන දවසින් දවස මොහොතින් මොහොත ක්ෂය වෙනවා , ඒත් අභ්‍යන්තර ලස්සන එහෙම ක්ෂය වෙන්නෙ නෑ ඒක දවසින් දවස වැඩිවෙනවා .

මුහුණ යනු හදවතේ කැඩපතයි ,ප්‍රසිලා ගේ සරළ බව , බුද්ධිමත් බව , ආදරණීය බව , ඇගේ පරාර්ථකාමී අවංක හදවතට මම ගොඩක් ආදරෙයි .දරුවෝ ලැබෙන්න ඉන්න කාලේ ඇගේ රූපය වෙනස් උනා ,නමුත් වෙනදා වගේම මට ඇයව ලස්සනට පෙනුණා .හැමදාම මට ප්‍රිසිලා ව එකවගේම ලස්සනයි .

ඔබට මගේ ප්‍රිසිලා ව ලස්සන නැතුව ඇති .නමුත් මට මේ ලෝකේ ඉන්න ලස්සනම කාන්තාව මගේ බිරිඳ ,ඇය තමයි මට හරියටම ගැලපෙන කෙනා ,

විවාහය පා යුගළක් වගේ , පිටත ඉන්න අයට කොහොම පෙනුනත් ඒ ගැන වද විය යුතු නැහැ ,ඒක කකුල් දෙකට දාන කෙනාට සැපට පහසුවට දැනුනම හොඳටම ඇති .

අපේ සරළත්වය අපිට සුන්දරයි ''මේ ලෝකෙ ආදරණීය ම යුවළ මමයි මගේ ප්‍රිසිලයි .ඒක හැමදාම එහෙමම තමයි .

...............................

සත ගණන් වලින් ජීවත් වෙවී ඉඳලා මොණර කොළ අතගාන්න පටන් ගත්ත ගමන් ගොඩක් අයට ඉස්සල්ලාම අමතක වෙන්නෙ දුප්පත් කාලෙ තමන් ළඟ හිටපු ගෑණි ,

ෆුට් බයිසිකලේ පැදගෙන ගිය කාලෙ තමන් ළඟ හිටපු කෙල්ල තමන් කාර් එකක් ගත්ත ගමන් තමන්ට ගැළපෙන්නේ නෑ කියල හිතෙනවා ,

ලස්සනට තිබ්බ ෆිගර් එක ළමයි දෙතුන් දෙනෙක් හැදුවම කැත වෙලා ඇදිලා ගිය ගමන් ගෙදර ගෑණි කැත වෙලා මගදී දකින කෙල්ලො සුරංගනාවියෝ වගේ පේන්න ගන්නවා .

ඕකෙම අනිත් පැත්තත් වෙනවා ,ගමේ හිටපු ආදරණීය පෙම්වතා කැම්පස් ආපු ගමන් ගොඩයෙක් වෙලා පේනවා .

සල්ලි ඉස්සරහ , ලස්සන ඉස්සරහ බොහෝ විට ගැහැණුත් පිරිමිත් දෙගොල්ලොම වෙනස් වෙනවා .

සල්ලියි ලස්සනයි දෙකම තාවකාලිකයි .දවසක නැති වෙනවා , හැබැයි හදවතේ සුන්දරත්වයට ආදරේ කරන මිනිස්සු කවදාවත්ම වෙනස් වෙන්නෙ නෑ .මැරෙනකන් ආදරෙන් ඉන්නවා .

කෙනෙක් විවාහ වෙන්න ඕනෙ ලෝකෙට ලස්සනට පෙන්නන්න පුළුවන් කෙනෙක් නෙමයි තමන්ට ලස්සනට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්ව ,

මේ ආදර්ශමත් තරුණ ධනවතා මාර්ක් සකබරග් තව දෙයක් කියනවා ..

"ගැහැණු කිහිප දෙනෙක් කෙරෙහි අවධානය යොමු කරන එක නවතා සොඳුරු හදවතක් තියන එකම එක කාන්තාවකට පමණක් පරිපුර්ණව ආදරේ කරන්න ,ඇය ඔබව ජීවිතේ බොහෝ දුර ආදරෙන් රැගෙන යාවි ''


අන්තර්ජාලයෙන් උපුටාගනු ලැබූවකි.✍️

A magical waterfall in Vietnam..🌱😍
12/08/2021

A magical waterfall in Vietnam..🌱😍

One day with someone 📸🌿😍
10/08/2021

One day with someone 📸🌿😍

ලෝකයේ විශිෂ්ටතම අධ්‍යාපන ක්‍රමය ඇත්තේ Scandinavian රටවල ය. එම රටවල අධ්‍යාපන ක්‍රමය අනුගමනය කරන්නේ පින්ලන්තයේ අධ්‍යාපන ර...
07/08/2021

ලෝකයේ විශිෂ්ටතම අධ්‍යාපන ක්‍රමය ඇත්තේ Scandinavian රටවල ය. එම රටවල අධ්‍යාපන ක්‍රමය අනුගමනය කරන්නේ පින්ලන්තයේ අධ්‍යාපන රටාවයි. ස්විඩනයෙ ද ඇත්තේ එම අධ්‍යාපන රටාවයි.. දරුවකු පාසලකට ඇතුළත් වන්නේ වයස අවුරුදු 7 සම්පූර්ණ වූ පසුවයි අවුරුදු 1 සිට 7 දක්වා දරුවන් පෙරපාසලේ කාලය ගත කරති.

අපේ රටවල මෙන් වයස අවුරුදු 1 1/2 දී ක්‍රීඩා පාසල් (Play School), අවුරුදු 2 1/2 දී නිදහස් බාලාංශය (Free K.G.), අවුරුදු 3 දී ප්‍රාථමික බාලාංශය (L.K.G.), අවුරුදු 4 දී ඉහළ බාලාංශය (U.K.G.) ආදී වශයෙන්ම දරුවන්ට දරුණු වධ දීමක් ස්විඩනයෙ දක්නට නැත.

මවගේ ගර්භාෂයෙන් පිටතට පැමිණි වහාම දුව ගොස් පන්ති කාමරයක වාඩිවීමේ හදිසියක් හෝ අවස්ථාවක් මෙහි දරුවන්ට නැත.

නින්දෙන් තොර වූ සෑම මොහොතකම දරුවෙකු ඉගෙනීමක් ලබයි. කඩිසරව ක්‍රියාත්මක වන දරුවාගේ කුඩා මොළය, තම පරිසරයේ දක්නට ලැබෙන සෑම චලනයකින්ම සෑම ශබ්දයකින්ම යමක් ඉගෙන ගනී. ගසකින් කොළයක් බිම වැටීම, කුඩා බීජයකින් පැළයක් හටගැනීම, සංගීතයෙන් බිහිවන ශබ්දය හා පක්‍ෂීන් පියාසර කිරීම දියෙ පීනන මාළුවන් වැනි දේවල්වලින් ද දරුවෙක් යමක් ඉගෙන ගනී.

එලෙස ඉගෙනීමට අවස්ථාවක් ලබා නොදී දරුවා නමැති මුල උදුරා ඔවුන්ව පන්ති කාමරවල ගාල් කිරීමෙන්
දරුවන්ගේ දැනුම වැඩිවෙනු ඇතැයි සිතීම ඉතාම සාවද්‍ය විශ්වාසයකි.

පෙර පාසැල සහ 1-9 දක්වා දරුවන් ඉගෙන ගත යුත්තේ නිවසට ළඟම පාසලේය. මේ දරුවන් අනිවාර්යයෙන්ම පාසල වෙත පයින් යා යුතුමය. අසනීප තත්වයක් වැනි විශේෂිත වූ අවස්ථාවක හැර අව්ව , වැස්ස , සීතල , හිම යන කුමන කාලගුණික තත්වයක් යටතේ වුවද උදේ තම නිවසේ සිට පාසලටත් සවස පාසලේ සිට නිවසටත් පයින්ම ආ යුතුය. එය නීතියකි.
දරුවන් නිවස ආසන්නයේ පාසලට ඇතුළු කළ යුතුය කෙසේ වෙතත් කිසිම හේතුවකින් දුර පාසලකට දරුවා ඇතුල් කළ නොහැක.

සාමූහිකව දරුවන් නිවසේ සිට පයින් ගමන් කිරීමේදී ඉගෙනීමට අමතරව ජීවිතයට බොහෝ දේ එකතු කරගන්නා ආකාරයක් දැකිය හැකිය. ඕනෑම කාලගුණික තත්වයකට ඔරොත්තු දීමේ හැකියාව...පයින් යාම ශරීර සෞඛ්‍යයට ව්‍යායාමයක් වීම පයින් යන විට යන එන පාර අවට ඇති ගස් කොළන් සතා සිවුපාවන් දැකීම ,එක් එක් කාලවල්දී ගස්කොළන් වල පවා සිදුවන වෙනස් කම් වැනි දෑ වල ඇස නිරන්තරයෙන් ගැටීම නිසා පරිසරය ගැන අවබෝධයක් ලැබීම.
යහළුවන් සමග කණ්ඩායම් වශයෙන් ඇවිද ගෙන යාමේදී එකමුතුකම ඇති වීමට හුරු වීම වෙනි බොහෝ දෑ හුරු වෙ.

අවුරුදු 7දි පාසලට ඇතුළත් වන දරුවා ඊළඟ අවුරුදු තුනක කාලය තුළ, පාසලට යන්නේ අවුරුදදෙන් මාස හයක් පමණි. අවුරුද්දේ ඊළඟ මාස හයම ඔහුට නිවාඩු කාලයකි.දිනපතාම පාසලෙහි ඉගෙනුම් කටයුතු කෙරෙන්නේ ද සීමිත පැය කීපයක් පමණි. ඒ සීමිත කාලය තුළ පවා අධ්‍යාපනයට ලබාදෙන කාලය හා සමාන කාලයක් සංගීතය, චිත්‍ර හා ක්‍රීඩාවලට වෙන් කෙරේ.

සෑම පාසලකම විවේක කාමර ඇත. ඉගෙනීමට කැමැත්තක් (රුචියක්) නොදක්වන හා විඩාවට පත්වන දරුවන් එම විවේක කාමරවලට ගොස් විවේක සුවය ලබාගත හැකිය.

විශේෂයෙන් දරුවන්ගේ වයස 13 වන තෙක් ප්‍රාථමික හා ද්විතියීක ලෙස ඔවුන්ගේ පන්ති බෙදීම සිදු කෙරේ. ශ්‍රී ලංකාවේ මෙන් දරුවන්ට ප්‍රගති වාර්තා නැත.

ඒ වා මව්පියන්ට ලබාදී ඔවුන්ගේ අත්සන් ලබාගැනීමේ ක්‍රමයක් ද ක්‍රියාත්මක නොවේ.තම දරුවාගේ අධ්‍යාපන තත්ත්වය පිළිබඳ දැන ගැනීමට අවශ්‍ය වූ මව්පියකුට ඒ සඳහා පුද්ගලිකව ඉල්ලුම් කර තනිවම වෙලාවක් තීරණය කරගෙන පාසලට ගොස් පාසල් වේලාවෙන් පසු අදාල ගුරුවරුන් හමුවිය හැක .
අධ්‍යාපනයෙහි තරගයක් නොපවතින බැවින් විභාගවලදී තමන් උපරිම ලකුණු ලබාගත යුතුය යන සිත් තැවුලක් මෙම රටවල ශිෂ්‍යයන්ට නැත.

අනෙකුත් ශිෂ්‍යයන් තමන්ගේ තරගකාරයන් ලෙස දැකීමේ සිරිතක් මේ ශිෂ්‍යයන් අතර නැත. ශිෂ්‍යයන්ට ‘ගෙදර වැඩක්’ දෙනු ලබන්නේ ද නැත. ශිෂ්‍යයන් කැමති විෂයක් තෝරා ඒ විෂයෙන් ඔවුන්ට අවශ්‍ය නම් ගෙදර වැඩ කළ හැකිය. එය ද අනිවාර්ය නොවේ.

එක් පාසලකට ගන්නා ශිෂ්‍යයන්ගේ උපරිම ගණන 600 කි. ස්විඩනයෙ පුද්ගලික පාසල් නැත. අධ්‍යාපනය මුළුමනින්ම රජය සතුය.
ශිෂ්‍යයන් සියලු දෙනාටම සම තත්ත්වයක අධ්‍යාපනක් ලබාදීම රජයේ වගකීමකි. එබැවින් ශිෂ්‍යයෝ 99%ක්ම සුඛෝපභෝගී අධ්‍යාපනයේ නිරත වෙති.
එයින් 94%ක් උසස් අධ්‍යපනය කරා යති. ටියුෂන් (අමතර පන්ති) නමැති අශික්ෂිත සංස්කෘතිය මෙම රටවල හඳුන්වා දී නැත.

විභාග සමත්වීමේ පදනමකින් තොරවූ මෙවැනි අධ්‍යාපනයක් ලබන මෙ රටේ ශිෂ්‍යයෝ ජාත්‍යන්තර මට්ටමින් පවත්වනු ලබන විභාගවලදී වැඩියෙන්ම ලකුණු ලබා උසස් ප්‍රතිඵල ලබාගනිති.අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙවැනි ජයග්‍රහණයක් ලබාගන්නේ කෙසේ ද?

මෙවැනි අධ්‍යාපන ක්‍රමයේ ජයග්‍රහණ පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ සිටින අධ්‍යාපනඥයෝ පුදුමයට පත් වී සිටිති. මෙම විප්ලවයට හේතු සොයන්නට ඔවුහූ පෙලඹෙමින් සිටිති. එහෙත් එක්සත් ජාතීන්ගේ සමුළුව (UNO) විසින් ඒ සඳහා පර්‌යේෂණ රාශියක් පවත්වා ඊට හේතූන් සොයාගෙන ඇත.

ලෝකයේ සිටින දරුවන්ගෙන් ඉතාමත් සතුටින් කල් ගෙවන අය පිළිබඳව වාර්ෂිකව පර්‌යේෂණයක් පවත්වා එය ලැයිස්තු ගත කර ඇත. එම ලැයිස්තුවේ කවදත් මුල් තැන ලබා ඇත්තේ ෆින්ලන්ත අධ්‍යපන ක්‍රමයයි

ඉතාමත් සතුටින් කල් ගෙවිය හැකි පරිසරයක ජීවත්වන දරුවෝ විවිධාකාර දැනුමක් ලබාගැනීමට උද්‌යෝගයක් දක්වති. ෆින්ලන්තයේ ආභාෂයෙන් දක්නට ලැබෙන මෙම අධ්‍යාපන ක්‍රමය පිළිබඳව දැනුම්වත් වීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් සිටින විද්වත්හු හා අධ්‍යාපනඥයෝ ඒ රටේ සංචාරය කරති. සමහරු එම රටවල සංචාරය කර ලබා ගන්නා දැනුම තම රටවලට ගෙනගොස් ක්‍රියාත්මක වන්නේදැයි යන්න ගැටලුවකි..

-උපුටාගැනීමකි.

The Vasa warship sank at the occasion of his inaugural journey in Stockholm in 1628. After 333 years at the bottom of th...
31/07/2021

The Vasa warship sank at the occasion of his inaugural journey in Stockholm in 1628. After 333 years at the bottom of the sea, the impressive warship was recovered and he could finally continue his journey. Today, the VASA is the best-preserved 17th century ships and can be admired within a museum structure specially built in Stockholm. The Vasa is a unique artistic treasure, consisting of 98 percent of original parts, including hundreds of wooden sculptures.
Archaeology

රත්නපුරයෙන් සොයාගත් ලොව විශාලතම නිල් තරු මැණිකේ කතාව...රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයෙකු වන ගමගේ නැමැත්තා  මෙයට වසරකට පෙර ...
28/07/2021

රත්නපුරයෙන් සොයාගත් ලොව විශාලතම නිල් තරු මැණිකේ කතාව...
රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයෙකු වන ගමගේ නැමැත්තා මෙයට වසරකට පෙර සිය ගෙවත්තේ ළිදක් කණින විට කැනීම් කටුයුතු වල නිරත කම්කරුවන් විසින් හිමිකරුට අස්වාභාවික පාෂාණ මතු වෙන බව දැනුම් දී ඇත ..
තෙවන පරම්පරාවේ මැණික් ව්‍යාපාරිකයෙකු වූ ගමගේ නැමැත්තා පැමිණ අදාල පාෂාණ නිරීක්ෂණය කිරීමේදී මෙහි විශාල පාෂාණයක් සොයා ගෙන ඇති අතර පසුව ඔහුගේ දැනුම පදනම් කරගෙන මෙය වටිනා මැණිකක් බවට තහවුරු කරගෙන ඇත ..
පසුව එය ඉවතට ගෙන වඩාත් සියුම්ව පරික්ෂා කරන විට ඔහුට එය සිතා ගැනීමටත් නොහැකි වී ඇත .. එනම් මෙතරම් වටිනා මැණිකක් තමන්ගේ භුම්යෙන් මතු වීම ඔහු ඉතා විමතියට පත් කර ඇත .. පසුව වඩ වඩාත් හොදින් පරික්ෂා කර ඇති අතර ඔහුගේ දැනුම අනුව එය මැණිකක් බවට තහවුරු කර ගෙන ඇත ..එහෙත් එවන් විශාල මැණිකක් ඔහුට සිතා ගැනීමටත් නොහැකි වී ඇත .පසුව මෙය නිල වශයෙන් තහවුරු කර ගැනීමට බලධාරීන්ට දැනුම් දී නිසි ලෙස පාෂාණය පිරිසිදු කර එය
ස්ථිර ලෙසම සනාථ කර ගෙන ඇත ..මෙසේ පාෂාණය පිරිසිදු කරන විට කඩා වැටුණු කොටස් ද පරික්ෂා කිරීමේ සනාථ වී ඇත්තේ මෙය ඉතා වටිනා නිල් තරු මැණිකක් බවයි ..
මෙය දැනට වාර්තා වන ලොව විශාලතම තරු නිල් මැණික බවට තහවුරු වී ඇති අතර එය බරින් කිලෝග්‍රෑම් 510( කැරට් මිලියන 2.5) යුක්ත වන අතර මෙම මැණික ජාත්‍යන්තර වෙළද පොළේ ඇමරිකානු ඩොලර් මිලයන 100 හෙවත් ශ්‍රීලංකා මුදලින් බිලියන 20 ක් පමණ වන බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි ..
මෙම මැණික "SERENDIPITY SAPPHIRE "" යන නම තබා ඇති අතර හිමිකරුගේ ආරක්ෂාව සදහා අනන්‍යතාවය හෙළිකර නොමැත ..
ශ්‍රී ලංකාව වසංගත තත්වයෙන් ඉතාමත් පිඩාවට පත්ව සිටින පසුබිමකත් එහි බලපෑම් ශ්‍රී ලංකා මැණික් කර්මාන්තයටත් තදබලව බලපා ඇති සමයක මෙම පුවත මෙරට ජනතාවටත් , මැණික් කර්මාන්තයේ නියුතු පිරිසටත් මහත් අස්වැසිල්ලකි .. මන්ද බරින් කිලෝග්‍රෑම් 510 ( කැරට් මිලියන 2.5) යුක්ත වන මෙම "SERENDIPITY SAPPHIRE "" මැණික කෙරෙහි ජාත්‍යන්තර මාධ්‍ය වෙතින් ප්‍රචාරණයක් ලැබීමේ හේතුවෙන් ශ්‍රී ලංකාවටත් , මැණික් කර්මාන්තයටත් නැවතත් දැඩි අවධානයක් යොමු වන හෙයිනි ..
උපුටාගැනීම
ජෝසප් ඩයස් (Joseph Dias )
JSD Newsline

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Best Travel Adviser of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Best Travel Adviser of Sri Lanka:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share