10/01/2023
ප්‍රවේසම් වන්න ⚠️ Elements Beach & Nature Resort කල්පිටිය ( තලවිල)
පින්තුරයේ ඉන්න මොහු සමිත,
ආයතනයෙන් ගෙස්ලා දවස් 05 ක් මේ හොටලයට දාලා තිබ්බා, කයිට් සර්ෆින් කරන්න. ගෙස්ලා Cheaking වෙන්කොට මේ පුදගලයා මට කිව්වේ,
"ඔයාලගේ මහ තැනින් මට කතා කරා, ඔයාට මොනවා හරි කිව්වාද ? ගෙස්ලා කියනවලු මේ කල්පිටිය නෙවෙයි තලවිල කියලා, ඔයා කියන්න එයාලට මෙහේ කයිට් සර්ෆින් කරන්න පුලුවන් කියලා වින්ඩ් එක කොහොමද අහනවා කම්පැනි එකෙන්, මෙතන අපේ තැන වින්ඩ් එක හොඳයි"
මම කිව්වා " වින්ඩ් එක හොඳයි නම් ප්‍රශ්නක් නෑ කරන්න, මෙතන ලෙසී නේ" කියලා මම ගියා
එතකොටම ආයතනයෙන් කෝල් එකක් ආවා ගෙස්ලා දැම්මද ? ගෙස්ලා අහලා තිබ්බා මේ කල්පිටිය නෙවේද කියලා? මේ හොටෙල් එකේ කෙනා කියනවා ගයිඩ් තමා ඕවා කියන්න ඇත්තේ කියලා, මම කිව්වා අපේ එන්නේ සිනීයර් ගයිඩ් කෙනෙක් කියලා එතකොට හොටෙල් එකේ කෙනා කිව්වා ආහ් සිනීයර් ගයිඩ්ලාගේ හැටි හොඳට දන්නවා අපි කියලා, ඊට පස්සේ ආයතනයෙන් කිව්වේ ලෙශර් හිටියට ගෙස්ලා කොහේ හරි යන්න ඕනී කිව්වොත් එක්ක යන්න කියලා, ඊට පස්සේ අකමඩේශන් කෑම දෙන්නෙත් නැති නිසා කිලෝමීටර් 05 ක් විතර නොරොච්චොලේ පැත්තට ගියා, පලවෙනි දවසේ ගෙස්ලා මැසෙජ් කරේ නෑ දෙවනි දවසේ රෑ ගෙස්ලා මැසෙජ් එකක් දානවා අපිට කල්පිටියට යන්න ඕනී අපිව පික් කරන්න පුලුවන්ද කියලා, එයාලම තැනක් තොරලා මට කිව්වා මම එක්කන් ගියා ඉතුරු දවස් ඔක්කොම හැමදාම උදේට ගිහින් හවස ආවේ, ගෙස්ලා කිව්වා අරහේ වින්ඩ් එක නෑ අපි සල්ලි ගෙව්වට වැඩක් නෑ කියලා,
ඇත්‍තටම එතන කයිට් ප්ලෙස් එකේ 30,40 ක් විතර කයිට් සර්ෆින් කරනවා, හොටෙල් එකේ තැන කවුරුත් නෑ මොකද එතන වින්ඩ් එක නෑ,
අන්තිම දවසේ එයාපොර්ට් යනකොට ගෙස් මගෙන් ඇහුවා හොටෙල් එකේ කෙනා මොනවා හරි කිව්වාද කියලා,
මං කිව්වා " ආයතනයෙන් මෙහෙම අහලා තිබ්බා ක්ලයිමේට් එක වින්ඩ් එක ගැන එතකොට මෙයා කියලා තිබ්බා එතන හොඳයි, ඊට පස්සේ මටත් එකම කිව්වා, මං කිව්වා හොඳයි නම් කරන්න කියලා, ගෙස්ගෙන් මං ඇහුවා ඇයි කියලා
ගෙස් කිව්වා " නෑ අපිට හොටෙල් එකේ සමිත කියන කෙනා කිව්වා උබව ගයිඩ් මෙතනින් වෙන තැනකට එක්කන් යන්නේ කමිශන් ගන්න ඕනී නිසා කියලා"
ඊට පස්සෙ ගෙස් ඌට කියලා
" නෑ අපේ ගයිඩ් එහෙම නෑ, අපි යන්න ඕනී කිව්ව නිසා තමයි එයා එක්කන් ගියේ කියලා"
අපේ අනිත් ගයිඩ් මහත්තුරු රියදුරු මහත්තරු පරිස්සම් වෙන්න මේ කල්පිටිය තලවිල Elements Beach & Nature Resort එකෙන්, මගේ පාටිය නම් කපන්න බැරි උනා ඌට, මොක්ද අපි ගෙස්ලාව හැන්ඩ්ල් කරන්නේ වෙනම විදියකට, ඒත් හැමොම එහෙම නොවෙන නිසා පරිස්සම් වෙමු...! මෙකෙන් වෙන්නේ රටේ නම පවා කැත වෙන එක, ඔබේ ආයතනයේ නම පවා කැත වෙයි මෙවැනි මිනිස්සු නිසා, ලොකු හෝ පොඩි ආයතනයක් වේවා හොඳය හිතලා බලලා මුට බුකින් දාන්න,
අනිත් දේ ඕපන් රූම් තියෙන නිසා ගෙස්ලාගේ මැස්සෝ මදුරුවෝ කාලා පිට සහ බඩ ගන්න දෙයක් නෑ.