19/11/2022
නකල්ස් නොහොත් දුම්බර ,
කවුරුහරි ඇහුවොත් ලංකාවේ ලස්සනම දියඇල්ල මොකද්ද කියලා මම නම් කියන්නේ නකල්ස් දුම්බර ඇල්ල කියලා 🖤
ලස්සන කියන දේ පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපෙක්ශයිනේ
වෙන කෙනෙක්ට වෙන අල්ලක් වෙන්න පුලුවන්
නමුත් දුම්බර ඇල්ල සියසින් දුටු කෙනෙක් නම් එහි ඇති සුන්දරත්වය කිසිදා අමතක වනු නොඅනුමානය .
දුම්බර ඇල්ල
දුම්බර ඇල්ල ඉස්සල්ලාම මම දකින්නේ 2020 , තනියම නකල්ස් ආපු සංචාරයක , හවස 4 ට වගේ , ඉතාම විඩාබරව සහ එදා සතියේ දවසක් මට කිසිවෙකු හමුවූයේ නෑ . මාගේ සහ ඇගගේ ආදරනීය හමුවීම මාගෙ සිතුවිලි වලට දැනුනු විදිහ මෙලෙස ලියන්නම්
රැහැයියන්ගේ හඩ ඉදිරියට යන්න යන්න තවත් වැඩිවිය , වනපෙතේ කුඩා ඝෝශාකාරි හඩක් ගවු ගානක් ඈතින් ඇසුනු අතර ,එය හුලන් ශබ්දයද දිය ඇල්ලක ශබ්දයද යන්න බේරුම් කර ගැනීමට අපහසු විය , තව තවත් ඉදිරියට හනික පාතැබූ මට එන්න එන්නම සොභාදමේ හරිත වර්නය වැඩි වෙනවා පෙනුනු . ඝෝශාකාරි බව තවතවත් වැඩිවන විට . වනපෙතේ අති දැවැන්තයෙන් ඇති බව ස්තීර විය . බෑවිමක වම්පසින් ගමන් ගන්නා මට, එහි අවසානයේ ගලාගන ජලදාරාවක් ඇති බවට නොඅනුමානය, නමුත් එය මට නොපෙනෙන්නේ සශ්ශ්‍රීක ඝන තුරු වැස්ම නිසාවෙනි . තව තවත් ඉදිරියට යත්ම තුරු වැස්ම මදක් ඉවත්වූ, ආලෝකදාරා පොලොවට පතිත වී ඇති ආකාරය ඈතට දිස්වූයේ තෘන පතකට පිනි වැටී දිලිසෙන ආකාරයටය . තැනින් තැන අක්‍රමවත්ව විහිදී ඇති ජලයත් සමග වසර ගනනාවක් සටන්කොට මටසිනිටු වී සුමුදු වූ කලු ගල් රාශ්‍යක්ද දිස්විය . මා ඉන්මනින්,ඉක්මනින් පියනැගුවේ පෙර විඩාව පසෙකලා දුම්බර මනාලිය සොයාගැනීමේ අරමුනිනි . ගල් මතින් මතට පැන පැන ගොස් අවසානයේ මා නතර විය . අදහා ගැනීමට නොහැකි විය
ඉතාම වේගයෙන් ඇදහැලෙන ජලදාරාවක් සමග , ඒ ජල ඝට්ටනයෙන් ඇතිවන පිනි , තුහින මතට ආලෝක දාරාවක් වැටී ඇල්ලට ප්‍රතම බැබලෙන දේදුන්නකි . එය අභියස කෙතරම් ගැබුරු උයද පතුල පෙනෙන තරම් පිරිසිදු ජලයෙන් වැසුනු පාරාදීසයකි . ඇල්ලේ වම්පස යෝද ගල් කුට්ටියට ඇල්ලේ පිනි වැටී එහි මතුපිටින් බිංදු බිංදු ගලාවිත් නැවත තටාකයටම එක්වෙති . වටේම තුරු වැස්මක් ඇති අතර ඇල්ලට ඉහලන් පමනක් අහස විවෘත වී එහි අලංකාරය තවතවත් ඔප්නංවයි . වටේ සුවිශල් ශාක වල, අලංකාර අතු ඇල්ල පැත්තට නැවී ඇත්තේ දුම්බර මනාලියට ආචාර කරන අයුරිනි .
බොහෝවෙලාවක් එහි නැවතී එහි සුන්දරත්වය නැරබිමට මට හැකිවිය . එය අති සුන්දරය . එහි මිනිසුන්ගේ නිර්මාන නොමැත, ඇත්තේ සොභාදම් මාතාවගේ අතිපූජනීය නිර්මාන පමනි . සංචරකයෙක්ගේ පා සටහන් පමනක් තබා එතනින් නික්මූයේ කනස්සල්ලෙනි . එමෙන්ම නැවත පැමින එතනම රාත්‍රියක් පහන් කිරීමේ අරමුනිනි . 🖤