Travel with viraj

  • Home
  • Travel with viraj

Travel with viraj Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel with viraj, Travel Company, .
(2)

Please wait ✋
18/12/2019

Please wait ✋

විනාඩියක් නැවතිලා කියවලා යන්න..👇🏽කෙල්ලෙක් අවුරුදු දහයක් දොළහක්  වෙනකොට ලොකු ලමයෙක් වෙනවා ඉට මාස ගානක් ගතවෙනකොට හෝමෝනවල බ...
18/11/2019

විනාඩියක් නැවතිලා කියවලා යන්න..👇🏽

කෙල්ලෙක් අවුරුදු දහයක් දොළහක් වෙනකොට ලොකු ලමයෙක් වෙනවා ඉට මාස ගානක් ගතවෙනකොට හෝමෝනවල බලපෑම නිසා උබෙ ඇග හැදිලා හමෙ පාට වෙනස් වෙලා තැඹිලි ගෙඩිය වගේ පීදෙන්න ගන්නවා.

උබ පාරෙ බැහැලා යද්දි වටේ පිටේ ඉන්න කොල්ලො කුරුට්ටන් කතා කරන්නෙ උඹෙ ලස්සන ඇග ඇදගෙන යන ඇදුම ගැනමයි.

ඒ ඇරෙන්න උන්ට වෙන මාතෘකාවක් හොයා ගන්නම බෑ.

උඹ උන් ළගින් යනකොට කාටත් නෑහෙන්න උඹට විතරක් ඇහෙන්න ''ඔයා මාර ලස්සනයිනේ සුදු '' මුමුනන්න කොල්ලන්ට තියෙන්නෙ මාර හැකියාවක්.

අපි ඒකට පට්ටයි කියමු.

උන්ගෙ කතා ඇහෙන කොට ඉතින් උඹට මෙච්චර කල් නැති ලැජ්ජාවක් ඇගට එනවා පාරෙ යන්නෙ බිම බලාගෙන.

ඊට පස්සෙ හොටු පෙරාගෙන උඹ පස්සෙ කොල්ලො පෝලිමේ..
උදේට එකෙක් පස්සෙන් එනවා..
හවසට තව එකෙක්.

උඹටත් ඊට වඩා දෙයක් නෑ.
මම තමයි ලස්සනම.(හිතින් හින මවනවා)

කුලී වැඩ කරලා කොහොම හරි පංති යන්න ඉගන ගන්න හම්බ කරලා දෙන අම්මට තාත්තට පිං සිද්ද වෙන්න ගෙනත් දෙන සොච්චමෙන් ඇගටම ඇලිච්ච ලෙගින් එකයි ටී ෂර්ට් එකයි බෑග් එකයි ෂූස් දෙකයි කෑලි කරලා කපා ගත්ත කොණ්ඩෙ එහෙමත් නැත්නම් අයන් කරලා කෙලින් කරපු කොණ්ඩෙ උඩට කරලා විහිදිලා යන්න බැඳ උඹ පාරෙ යනකොට.

උඹව දකින කොල්ලො කියන්නෙ "පට්ට කෑල්ලක්.." කියලා.

එක දිගට පස්සෙන් එනකොට කොහොම හරි උඹව යාළු කර ගන්නෙ අනුන්ගෙ ඩෙනිම ඇදන් ඇවිත් කියලා උඹ දන්නවනම්. උඹ වහ කනවා බං කෙල්ලේ.

ඊට පස්සෙ පංති යනවා කියලා මගට ආවම උන් අහන්නෙ.

"ඔයාට මාව විස්වාස නැද්ද..?

හැමදාම මෙහෙම හම්බෙලා ඇද්ද.?

අපිට පොඩ්ඩක් නිදහසෙ කතා කරන්න වෙලාවක් නැද්ද.?

අනේ අහින්සක උඹත් ඒ වචන වලට රැවටෙනවා..නෑ උඹ මෝඩයි..ඒකයි..

ඊට පස්සෙ බස් එකක මුල්ලට,බිච් එකෙ ගල් වැටියකට, පාර්ක් එකක ගහක් යටට වෙලා උඹලා උඹලගෙම ලෝකෙ..

උස ශීට් බස් එකට,බිච් එකෙ ගල් තලාවට,පාර්ක් එකේ කූඩෙට මුවා වෙලා ඌ උබව ඉබින්න ගත්තම උබටත් මෙලෝ සිහියක් නෑ.

අම්මා අප්පච්චි ඇස් දෙක වගේ රැක්ක උඹගෙ හැට්ටෙ බොත්තම් දෙක තුනක් ගැලවෙලා අරු උඹේ හැට්ටෙ අස්සට අත තාගෙන කරන දෙවල් උඹේ පීදෙන පපුව දිහා වටෙ ඉන්න අයගෙ ඇස් දහාක් බලන් ඉන්නේ කියලා උඹ දන්නෙ නෑ..
අරූගෙ පහසට උඹ ඒ තරම් මත් වෙලා..

ඒ පහස එක වරක් දැනුනම...පිස්සු වගේ..

කොල්ලා කාමරේකට යන් කියන්නෙ කීයටද කියලා උඹ බලන් ඉන්නෙ..
කියපු ගමන් හා..

ඒ පහසට ඒ තරම් කැමති..

පළවෙනි දවසෙ උඹෙ ගෑණු කම ඌ ලග දිය වෙනකොට ඒ පුන්චි ඇගට දැනුන අමාරුව.

ඒත් දවසක් දෙකක් යනකොට උඹටත් ගානක් නෑ..හැමදාම ඕනි..

ටික දවසක් යනකොට උඹලා අතර ආදර කතාබහක්වත් නෑ.අවශ්‍යතාව විතරමයි.
එදා සුදු මැණික කියලා කතා කරපු උඹ බැල්ලි,වෙසි,පරට්ටි වැනි ගෟරව නාම ගොඩකින් උප්පැන්න සහතිකෙ ලියන තැනට පත් වෙන්නෙ උඹවත් නොදන්න හෙතු හදාගෙන.

රණ්ඩු වෙනවා බැන ගන්නවා.

ඒ අතර මාස දෙකක් මෙන්සස් වෙලා නෑ..අරූට කියන්නත් බයයි...ඇයි ඌ දැන් රණ්ඩු වෙනවා..

යාළුවෙක්ට කියලා යනවා බඩ රිදෙනවා කියලා බෙහෙත් ගන්න.

උඹලගෙ වයසෙ උන් මොන ලෙඩේට ආවත් ඩොක්ටර් නිකමෙට හරි යූරින් ටෙස්ට් එකක් කරනවා.

උබලා ඒ තරම් ශුවර් කියලා ඩොක්ටර් දන්නවා.

ටෙස්ට් එක පොසිටිව්.

කොහොමද ගෙදරට කියන්නෙ.

"අයියෙ මම ප්‍රෙග්නන්ට්''

මම කොහොමද දන්නෙ මගේ කියලා.

මාත් එක්ක කියුව ගමන් ආවා වගේ තව කීයක් එක්ක යන්න ඇතිද..?

උබලගෙ අල්ලපු ගෙදර එකත් පස්සෙන් ආවෙ..
ඌ පස්සෙන් ආපු එකියක් කාමරේකට නොගිහින් බේරිලා නෑ.

අනේ ඇයි ඔහොම..??

මේ වදයක් වෙන්න එපා.

"කරන්න දෙයක් නෑ..දරුවා නැතිකරපන්.." (ඒ යාළුවො )

ඉතිං කොහෙ හරි ඉන්න හොර ඩොකෙක් ලගට යනවා දරුවා නැති කරන්න..

ඒක නිකන් කුකුල් ෆාම් එක වගේ...දොර ගාවදි වමනෙ යන්න එනවා.. (ඒ තරම් පිරිසිදුයි...)

අනේ උබලගෙ පව්කාර කම් නොදත් අර පොඩි එකා මරලා ඇදලා දානවා..බලු පැටියෙක් වගේ..

ගෙදර ඇවිත් ඉන්නවා බබා වගේ.

දවස් ගානක් යනකොට උණ..
බඩේ කැක්කුමක් තියනවා දරා ගන්න බැරි.
අනේ අම්මා බය වෙලා.
එක්කන් යනවා බෙහෙත් ගන්න.

"මේ දරුවගෙ ගර්භාෂට විසබීජයක් ගිහින්...ගර්භාෂෙ අයින් කරන්න වෙයි..නැත්නම් ජීවිතේ බේර ගන්න අමාරුයි.."

"ඒත්" අම්මට ඕනි උඹෙ ජීවිතේ රැක ගන්න.

"හා ඩොක්ටර් මගෙ කෙල්ලගෙ ජීවිතේ බේරලා දෙන්න"

"හැබැයි ලක්ෂ පහළවක් යනවා"

"කමක්නෑ මහත්තයෝ ..අපි ඉඩම හරි උකස් කරලා සල්ලි ගෙන්නම් මහත්තයො.."

අන්න..ඒකයි නංගියෝ කියන්නෙ.
දෙපාරක් නෙමෙයි..සිය පාරක් හිතන්න.

ඔන තරම් A/C බස් වල පිටිපස්සෙ සීට් එකෙ, බිච් එකෙ පදුරු අස්සේ, පාර්ක් වල ගස් අස්සෙ ඉන්න තරුන තරුනියො දැකලා තියනවා ඒ තරම් අශෝබනයි...

අනේ වදින්නම්....මල්ලියේ කෙල්ලට ආදරෙයිනම් එහෙම හැසිරෙන්න එපා.

පව් බං උන් දෙ දෙමව්පියො.

උන් එකිව හැදුවෙ දෙවාලෙ බිල්ලට දෙන කුකුළා,එළුවා වගෙ ⁣ලමිස්සියෙක් උනාම උඹෙ බිලි පුජාවට දෙන්න නෙවෙයි.

තෙරුම් ගනින්..ආදරේ කරපන්..මාල හත දාලා පොරුවක නග්ගලා පිලිවෙලකට කැන්දන් වාරෙන්..

එ හැමදෙටම කලින් හොදට ඉගනගෙන හොද රක්ෂාවක් කරපන් නැත්තන් එකි එක්ක අතිනුයි කටිනුයි පැටවු ටිකත් එල්ලන් පාරේ හිගා කන්න වෙයි.

සමහර අයට රිදෙයි.
සමහර අය ස්තුති කරයි.

තවත් සමහරු තරහවෙයි
ඒත් මට ඒවා අදාලම නෑ.

හැදෙන එකෙක් හරි ඉන්නවනම් එක වචනයක් හරි හිතට අරන් හැදියන්.

උපුටා ගැනීමකි ....

ඇගේ නම,Nanda Malani - නන්දා මාලනී❤️අගමැතිවරයා ප්‍රමුඛ (සම්භාවනීය) අමුත්තෝ උත්සවයේ ආරාධිතයෝය. මේ පිරිස අතර ශ්වේත වර්ණ සාර...
02/11/2019

ඇගේ නම,
Nanda Malani - නන්දා මාලනී❤️

අගමැතිවරයා ප්‍රමුඛ (සම්භාවනීය) අමුත්තෝ උත්සවයේ ආරාධිතයෝය. මේ පිරිස අතර ශ්වේත වර්ණ සාරියක් ඇඳගෙන හුන් කාන්තාවගේ රුව කොටහේනේ ගම්මුන්ට හොඳට හුරු පුරුදුය. ඈ නන්දා මාලිනීය. වාරය පැමිණි විට ඇය වේදිකාවට ගොඩ වී මයික්‍රෆෝනය අතට ගත්තේ මුව පුරා සිනාවක් තවරාගෙනය. බොහෝ දෙනෙක් සිතුවේ ඈ බොදු ගීතයක් ගයනු ඇති බවය. එනමුත් බොදු ගීතයට පෙර ඈ සිය ජීවන ගීතය මෙසේ ගැයුවාය.

‘කොටහේනේ හැට දෙකේ වත්ත මගේ ගම. උප්පත්තියෙන්ම මට උරුම වෙලා තිබුණේ දුප්පත්කම විතරයි. මගේ තාත්තා කෝට් බාසුන්නැහේ කෙනෙක්. පුංචි කා‍ලේ අපට කන්න අඳින්න නැති වුණාම දීපදුත්තමාරාමයේ නායක හාමුදුරුවෝ අපට උදව් කළ හැටි මට කවදාවත් අමතක වෙන්නේ නෑ.’

මේ කතාව අසාගෙන් හුන් අගමැතිවරයා කම්මු‍ලේ අත තියා ගත්තේය. (සම්භාවනීය) අමුත්තෝ මුව නොපියා නන්දා මාලිනිය දෙස බැලුවේ විශ්මයෙනි. ගී ලොව මිණි කිරුළ දරා සිටින ඈ මුඩුක්කුවක උපත ලැබුවායි අසන්නට ලැබිම ඔවුන් විශ්මයට පත් කැරන්නට ඇත. හැරත් ඒ කතාව නොබියව කීමට තරම් නන්දා මාලිනියට මේ සා ආත්ම ශක්තියක් නිහතමානීකමත් ලැබුණේ කොහොමදැයි අමුත්තෝ කල්පනා කරන්නට ඇත.

අපේ කල්පනාවේ හැටියට නන්දා මාලිනියගේ මධුර ස්වරයෙන් ගයන ගී අසා තිබුණද ඇගේ ජීවන ගීතය ඔබ නොඅසන්නට ඇත. මේ කතාව හරියට හින්දි චිත්‍රපටයක් මෙනි. එනමුත් අපේ වීරවරියගේ කතාවේ සත්‍ය පිටපතයි මේ.

මිරිහාන ආරචිචිගේ නන්දා මාලිනි පෙරේරා මෙලොව එළිය දුටුවේ රිදී හැන්ද මුව දරාගෙන නොවේ. එක්දහස් නවසිය හතළිස් තුනේ අගෝස්තු විසිතුන් වැනිදා ඈ උපන්නේ අන්ත දරිද්‍රතාවකින් පෙළුණු පවුලකය.

නව දෙනකුගෙන් යුත් පවුලක ඈ සිව්වැනි දරුවා වූවාය. නන්දාගේ මව ලියනගේ එමලින්ය. පියා වින්සන්ට් පෙරේරාය. ඔහු සන්නාලියෙකි. පනහ දශකයේ ලංකාවේ සුප්‍රකට නිමි ඇඳුම් කම්හලක් වූ හයිඩ්‍රමනි සමාගමේ ඔහු රැකියාව කළේය. නිවාඩු පාඩුවට අමතර ආදායම් උපයා ගැනීමට වින්සන්ට් පෙරේරා ගෙදරද ඇඳුම් මසා කොටහේනේ වතුවල හුන් අයට වික්කේය. මේ නයින් ඔහු ‘කොටහේනේ කෝට් බාසුන්නැහේ’ ලෙස ප්‍රසිද්ධියට පත්වූයේය.

‘ඒ කා‍ලේ තාත්තා මහන ඇඳුම් වත්තේ ගෙවල් ගානේ ගිහින් විකුණුවේ මම. මේ ඇඳුමේ බකල් හයියයි. බොත්තම් හොඳයි. ලස්සනට මහලා තියනවා කියලා කියමින් මම ඇඳුම් වික්කා. ඇඳුම් මල්ල කරතියාගෙන යන මාව ඒ කා‍ලේ ගමේ ගෙවල් ඇතුළටවත් ගත්තේ නෑ. දොරකඩ ළඟ ඉන්න කියලා හෙට්ටු කර කර බොහෝ අඩු මුදලකට ඇඳුම් ඉල්ලනවා. ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා ඔවුන් ඉල්ලන ගණනටම ඇඳුම් දෙන්න සිද්ධ වුණා. ඒ මුදලත් මට ලැබුණේ එක සැරේ නෙවේ. මම දෙතුන් වතාවක් ගිහින් පින්සෙණ්ඩු වුණාමයි සල්ලි ලැබුණේ. එදා මට එහෙම මදිපුංචිකම් කරපු අය අද මම දැක්කාම කටපුරා හිනාවෙලා ගේ ඇතුළට එන්න කියලා දොරවල් ඇරගෙන බලා ඉන්නවා. මට ඒ ගැන තරහක් හෝ කම්පාවක් නෑ. ජීවිතේ කියන්නේ දුක සැප දෙකටමයි. මම දැන් ප්‍රසිද්ධ නිසා මේ අය මට ගරු සත්කාර කළත් මම නම් එදා සිටි නන්දා මාලිනීමයි’

නිහතමානීකමෙන් කිරුළු පළන් සිටින මේ මහා ගායිකාව කියන්නේ තනතුරු තිබුණද නැතිවුණද ජීවත් වීමේ කලාව උපේක්ෂා පාරමිතාව පිරීම බව පසක් කැරමිනි.

කුකුළු කොටුවක් මෙන් ඉඩ නැති නන්දා මාලිනිලාගේ ගේපැ‍ලේ තිබුණේ එක කාමරයකි. ආලින්දය, සාලය, කුස්සිය යන මේ කියන කෝකටත් තිබුණේ එක බිමකි. ගෙදර තිබූ එකම ඇඳ වෙන්කැර තිබුණේ දහඩිය කඳුළු වගුරා දරුවන් උස් මහත් කිරීමට මහන මැෂිම පාගා ගෙදරට එන තාත්තා වෙනුවෙනි. නන්දා පැදුර රැගෙන නිදන්නට යන්නේ සාලයේ මේසය යටටය. ඒ හැංගි මුත්තන් සෙල්ලම් කිරීමට නොවේ. මේසය යටට නොගියොත් නිදා ගැනීමට ඒ නිවසේ වෙන ඉඩක් නැති නිසාය.

පුංචි කාලයේ සිටම නන්දා මාලිනිට තාත්තා ගැන තිබුණේ මහා භක්තියකි. ඒ ගෙදර බුදුන් වූයේ තාත්තාය. බුදුන් හැර නන්දා මාලිනිය වන්දනාමාන කැරෙන තවත් චරිතයක් මෙලොව වෙතොත් ඒ ඇගේ තාත්තාය. නන්දා මාලනියට සංගීතය කියා දුන් බොහෝ ගුරුවරු හුන්නද ඈට ජීවිතයේ රිද්මය කියා දුන් මහා ගාන්ධර්වයා තාත්තාය.

‘මගේ පරමාදර්ශය තාත්තා අප ජීවත් කරවන්න ඔහු ගත් උත්සාහය කිසි දෙයකට සම කරන්න බෑ. ඔහු පුදුමාකාර ධෛර්යවන්ත මනුෂ්‍යයෙක්. ඒ කා‍ලේ තාත්තාට ලැබුණේ සතියේ පඩිය. ඔහු ඒ මුදල අතට ගත්තාම මුළු සතියම ජීවත් වෙන්නේ කොහොමද කියලා සැලසුම් කර අරපරිස්සමට වියදම් කරනවා. මට මේ සා දුර ගමනක් ඒමේදී තාත්තාගේ දිවියෙන් ලැබුණු පාඩම් අනන්තයි. අප්‍රමාණයි’ ඈ කියන්නීය.

තාත්තා දුක්මහන්සියෙන් හම්බ කැර ගත් කාසි පනම් බොහෝ අරපරිස්සමෙන් වියදම් කිරීමට නන්දා මාලිනී වගබලා ගත්තාය. එකල ගෙදරට අවැසි හාල් තුනපහේ, එළවළු, කරවල ගෙනෙන්නේ තොටළඟ ‍පොළෙනි. පැටි වයසේ හුන් ඈ මව හෝ වැඩිමහලු සොයුරියක සමග ‍පොළට
යන්නීය. කොටහේනේ අතුරු පාරවල්, වැටකඩුලු අතරින් ඇති කෙටි පාරකින් ඈ යන්නේ පාද යාත්‍රාවෙනි. ලාබෙට තිබෙන එළවළු දෙක තුනක් මල්ලට දමා ගන්නා ඕ ගෙදර යන ගමන් ග්‍රෑන්ඩ්පාස් මහ වගුරේ (වර්තමාන සුගතදාස ක්‍රීඩාංගණය පිහිටි බිම) හොඳට වැවී තිබෙන පළා නෙලන්නීය.පෙරේරා පවු‍ලේ සියලු සාමාජිකයන්ගේ බඩට කෑමක් වැටෙන්නේ රාත්‍රී වේ‍ලේදීය. අම්මා කෑම පිස අහවර වූ විට බෙදීමේ වැඩේ පැවරෙන්නේ ලොකු අක්කාටය. පිඟන් ටික එකට තබා ඕ සම සේ බත් හා වෑංජන බෙදන්නීය. බඩ පිරුණත් නැතත් ලැබුණු බත් හැන්ද සියල්ලෝම කා සැණහුනේ වැඩිපුර ඉල්ලුවාට දෙන්නට මුට්ටියේ දංකුඩවත් නැති බව දන්නා නිසාය.

‘අපි සරල ජීවිතයකට හුරු හුනේ නැතිබැරිකම නිසා. කෑවේ එක වේලයි. අඳින්න මහ ලොකු ඇඳුම් ගොඩක් තිබුණේ නෑ. හැබැයි තියන ඇඳුම පිරිසිදුවට මැදලා පිළිවෙළකට ඇන්දා. අද වුණත් මට මහ ලොකු ඇඳුම් තොගයක් නෑ. මගේ ජීවිතය හරිම චාම් සරලයි’ ඈ කීවාය.

පන්සලට ගියද, මළ ගමට ගියද, රජ ගෙදරට ගියද, සිනමා සම්මාන රාත්‍රියකට ගියද ඈ අඳින්නේ ශ්වේත වර්ණ සාරියයි. නන්දා මාලිනිය ශ්වේත වර්ණයෙන් පමණක් සැරසීමට පටන්ගෙන දැන් තිස් අවුරුද්දක් ගෙවිලාය. කොටහේනේ මුඩුක්කුවේ හුන් අසල්වැසියාටද මහේශාඛ්‍ය රජ මැදුරේ හුන් ජනාධිපතිවරයාටද දක්වන සැලකිල්‍ලේ උස් මිටිකම් ඈට නැත. තරාතිරම කුමක් වුවද කොයි කාටත් ඇගේ නිරහංකාර සිනාව කොයි කාටත් සමානය.ලක්ෂ ගණන් වටිනා සාරිද රන් රිදී මුතු මැණික් පිරුණු අභරින් සැරසුණු ගායිකාවන් නානා විදි කොණ්ඩා මෝස්තරවලින් සැරසෙන විට නන්දා මාලිනිය කොහේ ගියද යන්නේ කොණ්ඩය තනි කරලට ගොතා ගෙනය. ඈ කොණ්ඩයට මෝස්තරයක් දමා ඇත්තේ නම් ඒ විවාහ වූ දිනයේ පමණි.

මධුර මනෝහර සිය ස්වරයෙන් මුළු රටක් මෝහනයට පත් කළ ඇය මේ සා නිහතමානී වූයේ කෙසේද?

‘මම කවදාවත් මුල අමතක කළේ නෑ. අමතක කරන්නෙත් නෑ. දුප්පත්කම මම මගේ ගමනට ආශිර්වාදයක් කර ගත්තා මිසක් ලැජ්ජාවට පත්වන කාරණාවක් ලෙස හිතුවේ නෑ’ ඈ කියන්නීය.

නන්දා මාලිනි අකුරු කරන්නට ගියේ ගෙදර පෙනෙන තෙක් මානයේ පිහිටි කොටහේනේ ගුණානන්ද විදුහලටය. ඒ පාසල නම් කැර ඇත්තේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි නමටය. උන්වහන්සේ එකල වැඩ හුන්නේ කොටහේනේ දීපදුත්තමාරාමයේය. බෞද්ධ කොඩිය මුල් වරට
එයැවුණේද ඒ බිමේය. ගුණානන්ද විදුහ‍ලේ ඉගෙන ගත් නන්දා සපත්තු නොපැළඳුවාය. දරුවන්ට සපත්තු ජෝඩුවක් මිලදී ගන්නට කෝට් බාසුන්නැහේට කාසි නැතිය. ඒ බව දන්නා ඈ තාත්තාගෙන් කවදාවත් සල්ලි නොඉල්ලුවාය. නානා මාදිලියේ වළලු, මාල, අරුංගල්
විකුණන්නට වත්තට එන වෙළෙඳුන් දෙස ඈ නොබැලුවාය. අයිස්පලම්, කඩචෝරු, බූන්දි ගැන නොසිතුවාය. ‘තාත්තාට කාසි තිබෙනවා නම් අපට අරන් දෙනවනේ’ යැයි ඕ කල්පනා කළාය. සල්ලි නැතිනම් කෝට් බාසුන්නැහේ දරුවන්ට ඒ බව කියයි. එසේ නොමැතිව ඒවා කන්න හොඳ නෑ යනුවෙන් බේගල් නොකියයි. තාත්තාගේ මේ ක්‍රියාවෙන් ඈ ජීවිතයට පාඩමක් ඉගෙන ගත්තා. ඒ ඇත්ත ඇති සැටියෙන් කීමටය.

නන්දා මාලිනී පාසල් යන විට මිරිවැඩි සඟල ලෙස දැම්මේ ‘කට්ට සෙරෙප්පු’ ජෝඩුවකි. ලීයෙන් නිම කැර ඇති මේ සෙරෙප්පු විවිධ වර්ණයෙන් පාට කැර තිබේ. මිල සත තිහකි. ‘කට්ටා සෙරෙප්පු’ දමා ඇවිදින විට දුර තියාම ඈ එන විට ‘ටකස් ටකස්’ ශබ්දය ඇසේ.
මේ නයින් පාසල් ළමෝ නන්දාට ‘කට්ටයා’ යනුවෙන් නම් පට බැන්දහ. ඈ ඒ ගැන කම්පා නොවූවාය.

මෙකල ‘කට්ටයාගේ’ කටහඬ පිළිබඳ මාග්‍රර්ට් පෙරේරා පන්ති භාර ගුරුතුමිය අවධානයෙන් හුන්නාය. සතියකට වරක් හැම බදාදාවකම පැවැත්වෙන සමිතියේ ගී කවි කියන නන්දා මාලිනී ‘හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනෙන’ බව පසක් කළාය.

හය වැනි පන්තියේ අකුරු කරන නන්දා දීප්තිමත් අනාගතයකට උරුමකම් කියන බව අවබෝධ කැර ගෙන හුන් මාග්‍රර්ට් පෙරේරා ගුරුතුමිය ඈ කැටුව රේඩියෝ සිලෝන් හි (වර්තමාන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව) සරස්වතී මණ්ඩපයට ගියාය. ඒ වැඩසටහන මෙහෙය වූවෝ කරුණාරත්න අබේසේකර හා සරත් විමලවීරය. බොහෝ කාලයක් යනතුරු නන්දාට සිද්ධ වූයේ අනුන් කියන ගීවලට අත්වැල් දෙන්නටය. එනමුත් ඕ ඒ ගැන කල්පනා නොකළාය. ‘මම කොහොම හරි තනියම සිංදුවක් කියනවා’ ඈ අදිටන් කැර ගත්තාය. නන්දා මුලින්ම ගැයූ ගීතය ලීවේ අශෝක කොළඹගේය. සංගීතය ඩී.ඩී. ඩැනීගෙනි. ‘බුදු සාධු බුදු සාධු මම සඳුන් ගසක් වෙන්නම්. සමන් වැළක් වෙන්නම්…..’.

නන්දාගේ මිහිරි කටහඬ වෑයර්ලසයෙන් මුළු රටටම ඇසුණි. ගොඩෙහි තිබුණත් මඩෙහි තිබුණත් මැණික මැණිකමය. එහි වටිනාකමේ අඩුවක් නැත්තේය. මෙකල රේඩියෝ සිලෝනි හි ‘සුපර් ස්ටාර්’ ගීත තරගයක් තිබුණි. එය නම් කැර තිබුණේ ‘එයාර් ශිප් ගීත තරගය’ යනුවෙනි. ජයග්‍රාහකයාට ලැබෙන්නේ බොම්බායට යාමට ගුවන් ප්‍රවේශපත්‍රයකි. ආරියසේන මිල්ලවිතානාචිචි නිෂ්පාදනය කළ එයාර් ශිප් ගීත තරගයේ නිවේදකයා ‍ප්‍රොස්පර් ප්‍රනාන්දුය. මේ තරගයේ ‘සුපර් ස්ටාර්’ වූයේ නන්දා මාලිනීය. දෙවැනියා වික්ටර් රත්නායකය. බොම්බායට යාමට ගුවන් ප්‍රවේශ පත්‍රය ලැබුණු විට නන්දා කල්පනා කළේ නිකරුණේ රට යනවාට වඩා ඒ මුදලෙන් ගෙදරට යමක් කැර ගන්නට මගක් ගැනය. ඈ පියා සමග ගුවන් ප්‍රවේශ පත්‍ර සමාගමට ගියාය. එහි හුන් ලොකු මහත්තයකු හමු වී නන්දා මෙසේ කීවාය.

‘සර් අපි හරිම දුප්පත්. ඉන්දියාවට ගිහින් අපට තේරුමක් නෑ. මේ ටිකට් එකේ සල්ලි දෙනවා නම් අපට හරිම වටිනවා’

මේ ‍පොඩි කෙල්ලගේ ආයාචනය ඇසූ ඔවුන්ගේ හද උණුවිය. ඔවුහු ඈට ප්‍රවේශ පත්‍රයේ මුදල දුන්හ. සල්ලි ලැබුණු ඈට රටක් රාජ්‍යයක් දිනුවාක් මෙන් සතුටක් දැනුණි. ඒ සමග කලක් හිතේ තියාගෙන තිබූ කාරණාවක් මතක් විය.

‘තාත්තේ අපි බොමු රස සරුවත් දෙකක්’ නන්දා කීවාය.

ඈ ඊළඟට කල්පනා කළේ මේ මුදලින් කැරෙන දේ ගැනය. ‘තාත්තා ‍පොල්කටු අඟුරු ඉස්තිරික්කයෙන් ඇඳුම් මදින්නේ පුදුමාකාර දුකක් විඳලා. මම තාත්තාට විදුලි ඉස්තිරික්කයක් අරන් දෙනවා’ නන්දා තාත්තාට කීවාය.

‘විදුලි ඉස්තිරික්ක ගහන්න ගෙදර ලයිට් තියනවාද ළමයෝ’ තාත්තා ඇසුවේ ඇගේ හිස පිරිමදිමිනි. ‘එහෙනම් අපි ලයිටුත් ගනිමු’ ඈ යෝජනා කළාය. අතට ලැබුණු මුදලින් ගෙදරට විදුලියත් විදුලි ඉස්තිරික්කයත් ගත් නන්දා ඉතිරි වූ මුදලද වෙන් කළේ තාත්තාට උණු වතුර බෝතලයක් මිලදී ගන්නටය.

‘රෑ වෙනකම් තාත්තා ඇඳුම් මහන නිසා තේකක් හදලා දාලා තියන්න පුළුවන්’ ඕ මවට කීවාය.

නන්දා මාලිනිගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය සිද්ධ වූයේ එක්දහස් නවසිය හැට දෙකේදීය. ඒ ‘රන්මුතු දූව’ චිත්‍රපටයේ පසුබිම් ගීතයට තෝරා ගැනීම නිසාය. ඒ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව නන්දා මාලිනීව තෝරා ගත්තේය. ‘ගලන ගඟකි ජීවිතේ’ ගීතය කීමට නන්දා මයික්‍රෆෝනය ළඟටවත් උස නැති නිසා සංගීතය පටිගත කළ මර්වින් රුද්‍රගෝ ඈට ලී පෙට්ටියක් ගෙනැවිත් දුන්නේය. පෙට්ටිය උඩ නැග කියූ ගීතයට ඈට සරසවි සම්මාන උළෙ‍ලේදී හොඳම ගායිකාව ලෙස සම්මානයට පාත්‍ර වූවාය. එතැන් සිට ඈට සම්මාන ලැබුණේ ගඟ ගලන්නාක් මෙනි. ජනපති සම්මාන, සරසවි සම්මාන දුසිම් ගණන් පමණක් නොවැ ගත වූ සිව් අවුරුද්දේම පිටපිටම ජනතා සම්මානයට පාත්‍ර වූ ගායිකාව ඇයයි. බලයට පත් වූ රාජ්‍ය නායකයෝ තමන්ට නැති වංශයක් මවා පාන්නට ඉතිහාසය අලුතෙන් ලියන
රටක මුඩුක්කුවක උපන් නන්දා මාලිනිය මේ කියන කතාව බොහෝ දෙනාගේ ඇස් ඇරෙනු ඇත.

‘මනුෂ්‍යයකු පීඩාවට පත් කිරීම හේතුවෙන් ලබන වේදනාව පුංචි කා‍ලේ මම හොඳට ලැබුවා. මම ජීවිතේ පන්නරය ලැබුණේ දුප්පත්කමින්. අතීතය අමතක කරන කිසිම කෙනෙකුට අනාගතයක් නෑ. අපි වැරදි වැඩ කරන්නේ නැතිනම් ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නෑ.
කොටහේනේ මුඩුක්කුවක ඉපදුණු මම මේ තරම් දුර ආ ගමන ගැන කල්පනා කරන කොට දැනෙන්නේ ලොකු සතුටක්. මට මේ තරම් දුර ගමනක් යන්න ලැබුණේ උත්සාහය හා කැප කිරීම නිසා.මගේ තාත්තාගෙන් ලැබුණු නිවැරදි මගපෙන්වීම නිසයි.අද සල්ලි තිබුණා කියලා මගේ ජීවිතේ ලොකු වෙනසක් වෙලා නෑ. මම මගේ දුවලා දෙන්නා පාසල් යැව්වෙත් පයින්. ගෙදර වාහන තිබුණත් අපි ළමයි හැදිය යුත්තේ ‍පොළොවේ පය ගහලා ජීවත් වෙන්න ඕන විදියට. මම ඉපදුණේ මුඩුක්කුවක. මගේ තාත්තා කෝට් බාසුන්නැහේ කෙනෙක් කියන එක මට ආඩම්බරයක් මිසක් ලැජ්ජාවක් නොවේ’ නන්දා මාලිනී කියන්නීය.

මීට සති කීපයකට ඉහතදී ඈ පන්නල මාස් ඇඟලුම් කම්හ‍ලේ උත්සවයකට ගියේ ප්‍රධාන අමුත්තිය ලෙසය. ගීතයෙන් තරුණ සිත් සුවපත් කළ මේ මහා ගායිකාව ගැන සිත පැහැදුණු තරුණියෝ ඇගේ කටහඬ ඇසීමට මහත් සේ ප්‍රිය කළෝය. නන්දා මාලිනිය සිය ජීවන ගීතය ගැයුවාය. ‘ගාමන්ට් එකක වැඩ කරන එක ලැජ්ජාවකට කාරණාවක් නොවේ දුවේ. මගේ තාත්තත් කෝට් බසුන්නැහේ කෙනෙක්’ ඈ කීවාය. තරුණියෝ ඒ කතාව අසා අලුත් හුස්මක් ගත්හ. මහා ආත්ම ශක්තියක් තම සිරුරට ඇතුළු වෙනවාක් මෙන් ඔවුනට දැනුණි.

නන්දා මාලිනී අද හෙළයේ මහා ගායිකාවකි. ඇගේ මධුර ස්වරයෙන් ගැයෙන ගී මිනිසුන්ගේ සිත් සුවපත් කැරෙන දිව ඔසුවක් වැනිය. ජීවිතය වූ කලී රෝසමල් ඇතිරූ මාවතක් දිගේ වැටී ඇති මාවතක් නොවේ යැයි පසක් කැරෙන ඇගේ ජීවන ගීතය ජීවිතය ජය ගන්නට වෙර දරන ඔබට පරමාදර්ශී කතාවකි. ඒ ලෝකයටම ඇතේතේ එක නන්දා මාලිනියක් වීම නිසාය.

ඈ ගයන්නීය මෙසේ..

“දහසක් ඉපදී මිය යන ‍පොළොවේ
මමත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි
මම මළ බව මුළු රටට දැනෙන ලෙස
මිය යන්නට මම පෙරුම් පුරන්නෙමි”

(අන්තර්ජාලයෙන් උපුටාගැනීමකි )
Travel with viraj

කෙල්ලෙක් දැක්කම එකිගෙ හෙළුව හොයන උන් එකි එක්ක s*x කරන්න හිතන උන් එකිගේ මාසික ඔසප් වෙදනාව ගැන කතා කරනවද නෑ එගැන කතා කරන්න...
30/10/2019

කෙල්ලෙක් දැක්කම එකිගෙ හෙළුව හොයන උන් එකි එක්ක s*x කරන්න හිතන උන් එකිගේ මාසික ඔසප් වෙදනාව ගැන කතා කරනවද නෑ එගැන කතා කරන්න පුලුවන් එකෙක් නෑ ගැනිගේ අහවල් එක කලු සුදු හොයන පිරිමි ගැනි ඔසප් උනාම කඩෙන් ආර්යා පැකට් එකක් ගෙනත් දෙන්න ලැජ්ජයි ...

ගැනුන්ට පිරිමින්ගෙ යට ඇඳුමේ ඉදන් හොදන්න පුලුවන් එත් ගැනියෙක් මෙන්සස් උනාම එකි අමාරුවෙන් ඉන්නකොට එකිගේ යට ඇඳුම හෙදුවොත් ඌ පොන්නයෙක් කියලා හංවඩු ගහන සමාජයක් මේක..

මාසයක් ගානෙ වේදනා විදලා විදලා බැරිම තැන පෙනඩොල් පෙත්තක් බිලා ඒඅමාරුවත්‍ යට කරන් සියලුම දෙවල් කරනවාඑත් ගැහැනියටවටිනාකමක් දෙන්න මේ සමාජයකැමති නෑ ඒ ගැන උබලා දන්නෑ ඒ ගැන උබලා නිකමටවත් හිතන එකක් වත් නෑ..

බැඳපු ගැනියෙක්නම් වෙදනාවන් ඔක්කොම අකුල ගෙන ඉවසන්න බැරිම තැන ටිකක් හාන්සි උනොත් ඉව්වෙ නැද්ද රෙදි හෙදුවේනැද්ද කියලා ගුටි කන්න වෙන සමාජයක් මෙක උන් දන්නෑ අර ගැනිගේවෙදනා එත්...
ඒ දවසට ඒ ගැනිව එපා වෙනවා මොකද එදාට අර පිරිමියට උගේ ඇගෙතියෙන ශුක්‍රාණු පිට කර ගන්න බෑ එනිසා ඌ යනවා වෙන ගැනියෙක්ගේ පහස හොයන් ඒ ගැනිගේ එක රහා වෙනකොට මේ ගැනි ජරාව වෙනවා එතකොට අර ගැනි ඔසප් වෙන්නෙ නැතුව ඇති..

යොනියෙන් ඉපදිලා යොනියටම ගරහන සමාජයක් මේක...
Travel with viraj
#උපුටා_ගැනුමකි🔥🔥

(දැහැමි සිතුවිලි )කටින චීවර පූජාව
30/10/2019

(දැහැමි සිතුවිලි )කටින චීවර පූජාව

(කොළඹ අහස යට) නෙලුම්  කුලුන හැදුනේ මෙන්න මෙහෙමයි 🌏🌏🌏🌷🌷🌷
28/10/2019

(කොළඹ අහස යට) නෙලුම් කුලුන හැදුනේ මෙන්න මෙහෙමයි 🌏🌏🌏🌷🌷🌷

ගාලු කොටුවගාල්ල කිව්වාම මුලින්ම මතක් වෙන්නේ ගාලු කොටුව. 1588දී පෘතුගීසින් විසින් හදපු, පසුව ලංදේසීන් විසින් දියුණු කරපු ...
28/10/2019

ගාලු කොටුව
ගාල්ල කිව්වාම මුලින්ම මතක් වෙන්නේ ගාලු කොටුව. 1588දී පෘතුගීසින් විසින් හදපු, පසුව ලංදේසීන් විසින් දියුණු කරපු ගාලු කොටුව අද ලෝක උරුමයක්. මේක ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිටම පේන්න තියෙනවා. ඇතුල් වෙන්න දොරටු දෙකක් භාවිතා වෙනවා. ප්රදීපාගාරය, පැරණි ඔරලෝසු කණුව (ලංකාවේ පැරණිම ඔරලෝසු අතරින් එකක්.), ලන්දේසින් විශාල කළු ගල් පාවිච්චි කරලා ඉදිකරපු දැවැන්ත පවුරක් , පරිපාලනයට අවශ්ය ගොඩනැඟිලි, ලන්දේසි පල්ලිය(මෙහි විශේශත්වය විදියට දක්වන්න පුලුවන් මුලු පල්ලියම ගොඩනැගිලා තියෙන්නේ සොහොනක් මත. අල්තාරය දක්වා ඇවිද යන්න තියෙන්නේ ලංදේසි නිලදාරීන්ගේ සොහොන් පලක උඩින්. මතක විදියට ලංකාවේ පැරණිම පියානෝ අතරින් එකක් මේ පල්ලියේ තියෙනවා), ජාතික කෞතුකාගාරය, සමුදු කෞතුකාගාරය සහ කොටුව පන්සල තමයි ඇතුලේ බලන්න තියෙන්නේ. ලංදේසි යුගය සිහිගන්වන ගොඩනැගිය තමයි සියල්ලම. මොකද කොටුව ඇතුලේ ආකෘතිය වෙනස් වෙන විදියට නව ගොඩනැඟිලි නිර්මාණයට අවසර නැහැ. ප්රසිද්ධ සමනල පාලම තියෙන්නෙත් කොටුව සහ පාර්ක් එක අතර මෝඩ ඇලට උඩින්.

ප්රදීපාගාරය ගාවින් පහලට ගියාම කුඩා දරුවෙක්ට උනත් නාන්න පුලුවන් ආරක්ශිත තැනක් තියෙනවා.

කොටුව කියන්නේ නයිට් රෝමින් වලට හොදම ප්ලේස් එකක්. සේෆ්ටි එක ඉහලයි. මොකද ඇතුලේ හමුදා සහ පොලිස් බැරැක්ක තියෙනවා. නිතර පොලිස් නිලදාරීන් සැරිසරනවා.
Like us trawal with viraj

ලොකයේ තියන සුන්දරතම දුම්රිය මාර්ග 10 🚆🚆🚆🚆🚈🚈🚈🚈🚞🚞🌏🌏🌏
28/10/2019

ලොකයේ තියන සුන්දරතම දුම්රිය මාර්ග 10
🚆🚆🚆🚆🚈🚈🚈🚈🚞🚞🌏🌏🌏

28/10/2019

Mathara HONDA fun time

Trevel with viraj  (දඹකොළපටුන)
28/10/2019

Trevel with viraj (දඹකොළපටුන)

28/10/2019

Hello

28/10/2019
ඉදල්ගස්හීන්න සොදුරු නවාතැන්පල 🌳🌴🌳🌴🌳🌴🦗🐞🌼🌸🐝
27/10/2019

ඉදල්ගස්හීන්න සොදුරු නවාතැන්පල
🌳🌴🌳🌴🌳🌴🦗🐞🌼🌸🐝

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Travel with viraj posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share