09/06/2020
#මාතලේ ❤️ තියෙන තවත් ලස්සන තැනක් 🤘😍
#අම්බොක්ක_කන්ද ❤️😘😍 පොටෝ ටික නම් බලන්නම විටිනවා 📷👌
මටනම් හිතෙන්නෙම ශ්රී ලංකාවේ පිහිටි ලස්සනම තැන් අතුරින් වැඩි ප්රමාණයක් පිහටලා තියෙන්නෙ මාතලේ කියලමයි.. මම අද ඔයාලව එක්ක යන්නෙ ඒ වගේ ලස්සන තැනකට.
මාතලේ දිස්ත්රීක්කයේ මාතලේ නගරය පහු කරන් ගලේවෙල,මාදිපොල පාරෙ යද්දි හම්බෙන මානින්ගමුව කියන ගමෙන් ඇතුලට ගියපුවාම තියනවා අම්බොක්ක කියල ලස්සන ගමක්. මෙය ඉතාම ප්රසිද්ධ තැනක්, මෙය ප්රසිද්ධ වෙන්නෙ පත්තිනි දෙවියන්ගේ අඩවිය විදියටයි. වසර ගණනාවක් පැරණි දේවාල භූමියක් මෙහි දකින්න පුලුවන්. ඉතින් පැරැණ්නන්ගේ කියමනක් තියෙනවා මේ වගේ කැලෑවකට, වනයකට ඇතුල් වෙනකොට. ඊට කලින් ඒ ඒ ප්රදේශය ට අයත් දෙවියන්ගෙන් අවසර ගන්න ඕන කියල. ඇත්ත නැත්ත දන්නෙ නෑ.. මම හිතනවා ඒක තමන්ගෙ විශ්වාසය කියල. ඉතින් අපිත් ඒ විදියටම පත්තිනි දෙවියන් කෙරෙහි හිතේ භක්තියෙන් ආශීර්වාදයෙන්, අවසරයෙන්, විශ්වාසයෙන් ගමන පටන් ගත්තා..
මමයි මගේ යාලුවෝ 15 දෙනෙක් මේ ගමන යන්න එකතු වුනා. ගමන ගොඩක් දුෂ්කරයි. මොකද කියනවානම් ප්රදානම දේ තමා යන පාර. ඉතින් ප්රදාන පාරෙ ඉදල කි.මි 02 ක් වගේ දුරක් පාර තියනවා හැබැයි වාහන යන්න බෑ කෑලෑපාරක්. එතනින් එහාට කී.මී 10 ක් විතර කන්ද මුදුනටම යනකම් අපි හදාගත්ත පාරවල් වලින් තමා අපේ ගමන අවසන් කරන්නෙ.
යන අතරමග ගොඩක් ලස්සන තැන් දකින්න පුලුවන් කුඩා දියපහරවල්, නොයෙක් මල් වර්ග අඹ,ජම්බු,වෙරලු, පේර,පැෂන්, ඇඹුල් පේර, වරකා, උගුරැස්ස, දූරියන්. වැනි පළතුරු වර්ග මේ හැමදේම ඝන කැලෑව ඇතුලෙ දකින්න පුලුවන්. කන්ද මුදුනට යන්න යන්න වතුර නම් නෑ. ඒ නිසා වතුර වැඩිපුර ගෙනියන්න අමතක කරේ නෑ ☺️
පැය 04 ක පමණ වෙහෙසකර ගමනක අවසානයේ කන්දේ ඉහලම කොටසේ සීතල හුලග ඇගේ වදිද්දි දැනෙන ඒ ෆීලින් එක වචන වලට පෙරලෙන්නෙ නැති තරම් එකක්. 😍 වැස්ස පොඩ්ඩක් තිබුන නිසා මීදුමෙන් මුලු කන්දම වැහිල තිබුනෙ. රාත්රි කාලයේදී නම් අවට කිසිම දෙයක් බලාගන්න බැරි වුනා.. 😭
වටපිටාවේ සුන්දරත්වය දකින්න තවත් එක් බලාපොරොත්තුවක් ඉතිරි කරගෙන ඉවසාගත නොහැකි සීතලේ කලුවරේම අටව ගත්ත කූඩාරම ඇතුලටවෙලා සිංදුවක් කියල. රොටියක් පුච්චගෙන කාල උදේම අවදි උනේ ඉර නැගෙන දසුන් බලන්න. හැබැයි අවාසනාවකටද කොහෙදෝ දැඩි මීදුම නිසා පහල සහ අවට කිසිම දෙයක් පෙනුනේ නැහැ.
උදේ 10.30 ට විතර කන්දෙන් පහලට බහින්න පටන්ගත්තෙ කන්ද නැගපු පාරෙන් නම් නෙවේ. ඒක වෙනස්ම පාරක් ඉතාම දුෂ්කර එකක් හැබැයි ලස්සනයි ❤️😍 කන්දෙන් බාගයක් වගේ පහලට එද්දි නම් මීදුම අඩුවෙලා වටපිටාවේ සුන්දරත්වය බලාගන්න පුලුවන් වුනා.
දුෂ්කර ගමනක අවසානයේ මේ වගේ සතුටක් විනෝදයක් ආස්වාදයක් ලබන්න පුලුවන්නම් මම හිතනවා ඒක ඒ ගමනේ සාර්ථකත්වය තීරණය කරනවා කියල.
ඔයාලත් එන්න මේ සුන්දරත්වය විදින්න, ඒ වගේම පරිසරයට ගහකොලට සතා සිව්පාවට ආදරය කරන්න. එවිට ඔව්නුත් ඔබට ආදරය කරනු ඇති. ඔබ රැගෙන යන පා සටහන් හැර කිසිම දෙයක් දාල එන්න නම් එපා. ඒක මගේ වගේම අපි හැමෝගෙම ඉල්ලීමක් මේ සුන්දරත්වය. අපේ අනාගතයට භාර කරමු ❤️
කූඩැල්ලන්ගෙන් නම් ගොඩක් පරිස්සම් වෙන්න 😁😂
Copied by
Sampath Wijayarathne ✍️✍️✍️