J'Pura Hiking

  • Home
  • J'Pura Hiking

J'Pura Hiking J'Pura Hiking is a team of active hikers which promotes and protects hiking trails ,their surroundin
(2)

14/07/2022
 #නකල්ස්_මැදින්_මීමුරේට... නිරොදායන සමය අවසන් නොවුනත් දීර්ග නිවාඩුව අවසන්කර නැවතත් අපි වනලැහැබෙ සිසිලස, දියඇල්ලේ සුන්දරත...
14/07/2020

#නකල්ස්_මැදින්_මීමුරේට...
නිරොදායන සමය අවසන් නොවුනත් දීර්ග නිවාඩුව අවසන්කර නැවතත් අපි වනලැහැබෙ සිසිලස, දියඇල්ලේ සුන්දරත්වය වීදීමට ගමන ආරම්භ කලා... මෙවර අපේ මාර්ගය වූයේ නකල්ස් හරහා මීමුරේ ගම්මානයේ දක්වා වූ කටුක නමුත් සුන්දර මාර්ගයකි.
#බබරැල්ල_ලෙබනන්වත්ත_රත්නගිරිය_KMPවාඩිය_තුන්හිස්ගල_රැහැනකෙටුවපතන_දියකැරැල්ල_උඩවන්නිමාන_හරහා_මීමුරේට ආපු ඒ සුන්දර ගමන දවස් දෙකක් පුරාවට කිලොමීටර් 30ට වැඩි ගමනකින් අවසන් වූයේ මීමුරේ සිව්රාල මාමාගේ නිවසින්. සිව්රාල මාමා සහ ඒ නැන්දා දැක්වූ ආගන්තුක සත්කාර සහ උපකාර වලට ස්තුතිවන්ත වීමටත් මේක අවස්ථාවක් කර ගන්නවා... ගමනේදී අපට හමු වූ සොඳුරු මතක...

නකල්ස් වන පෙතේ තවත් සොඳුරු මතකයන්....
09/05/2020

නකල්ස් වන පෙතේ තවත් සොඳුරු මතකයන්....

ගිගාපික්සල් 365 කින් යුතු ,ලොව විශාලම ඡායාරූපය  ❤🙄✔http://www.in2white.com/
05/05/2020

ගිගාපික්සල් 365 කින් යුතු ,ලොව විශාලම ඡායාරූපය ❤🙄✔
http://www.in2white.com/

The astonishing majesty of this impressive white giant is too wide to be represented either in words or images.

Alberta _ Canada ❤
04/05/2020

Alberta _ Canada ❤

Who wants?
27/04/2020

Who wants?

කොළඹට පෙනෙන ලංකාවේ කඳු.ශ්‍රී පාදය,බෑන සමනල,සප්තකන්‍යා ඇතුලු කඳු මුදුන් රැසක් අපට දැකිය හැකියි.Shaminda Ranshan - සමනල කන...
24/04/2020

කොළඹට පෙනෙන ලංකාවේ කඳු.
ශ්‍රී පාදය,බෑන සමනල,සප්තකන්‍යා ඇතුලු කඳු මුදුන් රැසක් අපට දැකිය හැකියි.
Shaminda Ranshan - සමනල කන්ද රසික එකමුතුව ඇසුරිනි.

අද හවස ඉදල්ගස්හින්නෙ ස්ටේෂන් එක ලඟින් යන ගමන් ගත්ත ෆොටෝ ටිකක්.සති ගාණක් කෝච්චි රෝද නොගැටුණු නිසා රේල් පීලි හොඳටම මල බැඳි...
24/04/2020

අද හවස ඉදල්ගස්හින්නෙ ස්ටේෂන් එක ලඟින් යන ගමන් ගත්ත ෆොටෝ ටිකක්.සති ගාණක් කෝච්චි රෝද නොගැටුණු නිසා රේල් පීලි හොඳටම මල බැඳිලා.පයින් ගස් පේලිය මීදුමින් වැහිලා ගිහින්.පුංචි ස්ට්‍රෝබෙරි ගෙඩි නොයෙක් මල් වර්ග වැවිලා.අපි සොබාදහමට කරපු බලපෑම කොයිතරම් කියලද පෙනෙන්නෙත් මිනිස් පහස නොලැබෙන පරිසරය කොයිතරම් අලංකාරද කියල දැනෙන්නෙත් මේ වගේ කාලෙකම තමයි.

22/04/2020

කිලිමන්ජාරෝව ගැන දැන ගනිමු.
අප්‍රිකාවේ ටැන්සානියාවේ පිහිටි කිලිමන්ජාරෝ අක්‍රීය ගිනිකන්ද මුහුදු මට්ටමේ සිට මීටර් 5895 ක් පමණ උසැති වන අතර ලොව තනිව නැගී සිටින උසම කඳු මුඳුන වේ.
මෙහි දැක්වෙනුයේ කිලිමන්ජාරෝව ගැන පවතින මිත්‍යා මත කීපයක්.

https://www.tusker.com/Geografica/5-myths-about-kilimanjaro/

Separating Mount Kilimanjaro facts from the myths and misconceptions surrounding it is as tricky as climbing the infamous mountain, but Tusker has the 411 on the top five legends. Get to know the real Kilimanjaro instead of believing the hype. 5 Myths (and Facts) About Mount Kilimanjaro | Tusker Tra...

There were days we were together, then there are days I miss us being together.-Richa Bhatia
22/04/2020

There were days we were together, then there are days I miss us being together.
-Richa Bhatia

12/04/2020

්ෂිතේ_ඇති_කඳු_කිහිපයක_උස,
GPS පිහිටීම (දැනුම පිණිස පමණි)

සමනල කන්ද (2243m) -6.809442, 80.499388
මහාමුණි කන්ද (2060m) -6.763427,
80.587461
උතුරු බගවන්තලාව කන්ද (2055m) -
6.769158, 80.659051
බෑන සමනල (2010m) -6.798479, 80.488412
බෙල්ලන්කන්ද (1990m) -6.755442,
80.659268
ගවරවිල කන්ද (1985m) -6.791023,
80.569886
යකා ඇඩු කන්ද (1950m) - 6.830219,
80.495122
දොතුරුගල (1950m) -6.776332, 80.541637
බල්ලා බැඳීගල(1935m) -6.838176,
80.504357
කුඩා බෑන සමනල (1910m) -6.802759,
80.484739
රත්ස්ක න්ද (1855m) -6.774883, 80.516328
දෙතනගල (1837m) -6.748021, 80.674945
මරියකොටේ(1836m) -6.761208, 80.601705
රජමාලේකන්ද (1815m) -6.807748,
80.521305
ගවරවිල තැන (1811m) -6.782155,
80.566499
යකා ඇඩු ගල (1810m) -6.830927, 80.504900
මහා පිදුරුතලාව (1800m) -6.843085,
80.490565
දකිනපුර (1795m) -6.843516, 80.527786
පිදුරුතලාව (1790m) - 6.856050, 80.483251
හීන් පිදුරුතලාව(1600m) -6.836758,
80.453016
කුණු දිය පර්වතය (1580m) -6.812945,
80.450528
උඩ ලක්ෂපාන ගල(1569m) -6.883509,
80.498332
පැදුරුතලාගල (1485m) -6.836460,
80.449797
කටු කිතුල් ගල (1490m) -6.864323,
80.514915
බඹරගල (1370m) -6.875358, 80.477835
ගැටනිටුල්ල කන්ද (1307m) -6.809683,
80.459809
කෝඳුරු ගල (1249m) -6.742797, 80.554279

තවත් කුඩා කඳු කිහිපයක් සමනල අඩවියේ ඇති නමුත් ඉහත සඳහන් සියල්ල මිනින්දෝරු සිතියමට අනුකුලව උස ප්‍රමාණයන් අනුව මගේ ගූගල් සිතියමේ ලකුණු කරන ලද සමනල රක්ෂිතයේ දත්තයක් වන අතර මිනින්දෝරු සිතියමේ සඳහන් නොවන කඳු කිහිපයක උස අප විසින් Altitude උපකරණ මගින් සංඛයානය කරනු ලැබූ සහ භූවිෂමතා සිතියමට(Terrain) අනුව සමාන වූ ඒවා වේ.

©Shaminda Ranshan (Author ශ්‍රී ලංකාවේ ක්‍රියාදාම චාරිකා)

ෆූජියාමා කතාව.ඈත අතීතයේ ජපානයේ ජීවත් වුණා ලස්සන කුමාරිකාවක් ❤ ඇගේ  මහලු දෙමව්පියන් එක්ක.ඇය කොයිතරම් තම මවටත් පියාටත් ආදර...
07/04/2020

ෆූජියාමා කතාව.
ඈත අතීතයේ ජපානයේ ජීවත් වුණා ලස්සන කුමාරිකාවක් ❤ ඇගේ මහලු දෙමව්පියන් එක්ක.ඇය කොයිතරම් තම මවටත් පියාටත් ආදරය කලේදැයි කියතොත් ඈ ආවාහ කරගැනීමට පැමිණි කඩවසම් කුමාරවරු ප්‍රතික්ෂේප කලා.☺️ඇයට ඕනි වුණා හැමදාමත් දෙමවුපියන් හා රැඳෙන්න.
හිමවන් පැහැයෙන් යුතු කුමරිය විසිවන වියට ඇවිදින්.කාලය නොදැනිම ගෙවී ගිහින්..ඇගේ මහලු මව මිය ගියා.😭
ගිම්හානයේ පාලු හැන්දෑවක සඳලුතලේට වෙලා කුමරිය ඉකිබිඳින්නට පටන් ගත්තා.මහලු පියා සෙමෙන් සෙමෙන් අවුත් හේතු විමසා සිටිනවා.
"පියාණනි ..මට දැන් අවුරුදු විස්සක් .මා පැමිණියේ සඳ ලොව සිටයි.දැන් කාලය පැමිණ ඇත.ඔවුන් මා ගෙනියන්නට ලඟදීම පැමිණේවි."
මහලු පියා කම්පාවට පත් වුණා.
"දුවේ..ඔබ ගෙනයාමට මා ඉඩ දෙන්නේ නෑ..මට සිටින්නේ ඔබ විතරයි ."
තමාට නිසැකවම මෙලොව හැර දමා සඳ ලොව වෙතයාමට සිදුවන බව දැනසිටියත් කුමරිය නිහඩ වුණා.
තම දියණිය ආරක්ෂා කර දෙන ලෙස පියා අධිරාජයාගෙන් හඬමින් ඉල්ලා සිටියා.
උණුවූ සිත් ඇති අධිරාජයා දහසක සෙබලු යොදවා කුමරියගේ මැදුර ආරක්ෂා කලා...............................................................
අහසේ සඳ දීප්තිමත් ලෙස පායා තිබුණු දිනයක්.කුමරිය සඳ දිහා බලා හිටියා.
ඔව් ! ඔවුන් ඇවිදින්.
අධිරාජයාගේ සෙබලුන් ගල් පිලිම බවට පත් වුණා. කුමරියගේ දෑසේ කඳුලු.. නිදාසිටි පියා දෙස මොහොතක් බලා සිටි ඈ හඬමින් ම ඔහුගෙන් සමුගත්තා.
සඳලුතලයේ සිට සඳලොව වෙතට ධවල පැහැයෙන් යුත් ලස්සන පාලමක් හැදිලා.
දහස් ගනණක් පිරිවර කුමරිය එනතුරු මග රැස්ව බලා සිටියා. කුමරියට ලස්සන සුදුපැහැ පියාපත් දෙකක්.....
ඈ පාලම දිගේ පියඹා ගියා ෆූජි කන්ද මුදුනට.මවත් පියාත් සිහිකොට ඈ කඳුලු සැලුවා .සේලයක් වගේ සුදු පාට වලාකුලු ෆූජි කඳු මුදුන වටේ එතී ගියේ ශෝකයෙන්.ෆූජි කන්දෙන් නික්මුණු ඈ සදහටම නොපෙනී ගියා.අදටත් ෆූජි කන්ද වටේ දුක් වුණු වලාකුලු සුදු සේල තනමින් බලා සිටිනවා ඈ එයි කියා..

ෆූජිකන්ද ගැන ඕන තරම් ජනප්‍රවාද ජපානයට ගියොත් අහගන්න පුලුවන්😁
ෆූජියාමා කියන්නෙ ඇත්තටම යමහල් ගිනිකන්දක්.මීටර වලින් නම් 3776ක් උසයි.ජපානෙ සංස්කෘතික සංකේතයක් විදියට සැලකෙන්නෙ.ඕනම දිශාවකින් කිලොමීටර සියගානක් දුර ඉඳන් බැලුවත් ෆූජි කන්ද පේනව.
මේ කන්ද ගැන ලියැවුණු නවකතා ,නාට්‍ය ,සිනමාකෘති,ගීත බොහෝමයි.
ෆූජි යන්නෙහි පැරණි ජපන් අදහස Immortality එනම් සදාකාලිකබව හෝ අමරණීයබවයි.🙏
පැහැදිලි දිනෙක නම් ටෝකියෝවේ ඉද වුවත් කන්ද බලන්න පුලුවන්.ඇත්තටම ටෝකියෝව තිබෙන්නෙ ෆූජිකඳු හෙවනෙ කියල තමයි කතාවට කියන්නෙ.
ෆූජි ඉපදුණේ,නැත්නම් පොලොවෙන් මතුවුනේ අදින් අවුරුදු හයලක්ෂයකට කලින්.කොයිතරම් ලස්සන වුණත් ලෝක ඉතිහාසෙ ක්‍රියාකාරී සහ විනාශකාරී ගිනිකන්දක් විදියට සැලකෙන්නෙ ..😪🌎
864 දී පුපුරා ගිය කන්දෙ බලපෑම ටෝකියෝවටත් ඇවිත් තියෙන්ව.කන්දෙන් ගලා ගිය ලාවා සම්පූර්ණයෙන් විශාල විලක් පිරෙනකම් ගලල තියෙනව.ලාවා වල තියෙන සාරවත් බව නිසාම මේ විල උඩ විශාල ගස් ඇති වනාන්තරයක් හැදුණා.අද ඒ වනාන්තරය හඳුන්වන්නේ Aokigahara කියල නැත්නම් වෘක්ෂ සාගරය කියල.😐😐🙄
අවසන් වරට ෆූජි කන්ද සක්‍රිය වෙලා පුපුරා ගියේ 1707.ඒ රිච්ටර් පරිමාණ 8.6 ක භූකම්පනයක් නිසා.එයින් වෙච්ච ජීවිත හානිය 5000කට අධිකයි.
ගතවෙච්ච අවුරුදු 1300 ක කාලයක් තුල කන්ද සක්‍රිය වුණේ 16 වතාවයි.ඒ වගේම සක්‍රිය වීම් දෙකක් අතර තිබුණු උපරීම නිහඬ කාලය නැත්නම් interval එක අවුරුදු 400.දැනට අවුරුදු 300ක කාලයකින් සක්‍රිය වෙලා නෑ.එහෙනම් තව අවුරුදු 100 කාලයක් ඇතුලත ෆූජි කන්ද පිපිරෙන්න පුලුවන් .ඔව් මේ දැන් වුණත්..😶

ඉතින් කොයි කන්ද වුණත් නගින මිනිස්සු ඉන්නවනේ.
ෆූජියාමා නගින සංචාරකයො ගණන අවුරුද්දකට ලක්ෂ තුනක් විතර.මේ ගමනට ලොකු හැකියාවක් ඕන නම් නෑ.හැබැයි උස වැඩිවෙන්න වෙන්න සමහරුන්ට Altitude Sickness හැදෙන්න පුලුවන්.බොහෝවිට මේ ගමන ගිම්හානයේ තමයි සිදුවෙන දෙයක්.කන්ද මුදුනට මාර්ග පහකින් ලඟා වෙන්න පුලුවන් වුණත් ජනප්‍රිය වෙන්නෙ පස්වෙනි පාර.
කැමති නම් ජාපානයේ ෆූජි පාමුල resort එකකට වෙලා ලස්සනට කන්ද දිහා බලා ඉන්නත් පුලුවන්.ඒත් ඒක ඉතින් නගිනව තරම් ලස්සන නෑ.☺️❤
-Umesh
(Photographs were taken from Internet)

05/04/2020

The cold and crystal clear water, it falls gently on the sleeper, cleansing the mind and soothing the soul...

Middle Earth❤ 🌎 වංගෙඩිගල-බලතුඩුව-ගොම්මොල්ලිය නිම්නය Pc
02/04/2020

Middle Earth❤ 🌎 වංගෙඩිගල-බලතුඩුව-ගොම්මොල්ලිය නිම්නය
Pc

❤
01/04/2020

View from Pitawalapathana- පිටවලපතන  pc
01/04/2020

View from Pitawalapathana- පිටවලපතන
pc

 #අලගල්ල 😭
27/03/2020

#අලගල්ල 😭

25/03/2020

A frosty landscape sweetens our sense of wonder and warms the heart. (jm)

(NPS Photo/Grossman)

24/03/2020

 Diyaluma falls(220m) are located in Sri Lanka's Badulla district on the Colombo-Badulla highway, about 6km east of the ...
22/03/2020


Diyaluma falls(220m) are located in Sri Lanka's Badulla district on the Colombo-Badulla highway, about 6km east of the regional town of Koslanda, and around 30km south of Ella.
Diyaluma falls were originally formed by Kirindi Oya, a river that starts near Bandarawela and flows through central Sri Lanka.
During the summer months when the water levels have dropped, you can enjoy a refreshing swim at the various natural pools, including right on the edge of the main waterfall. It's basically the best infinity pool in the world, and definitely worth a chilly dip.
Alternatively, there are a number of larger, safer pools at the upper Diyaluma falls, but again, take precautions before diving in.

21/03/2020
  is One of the dreamy destinations among active hikers in Sri Lanka.It is the 7th highest mountain in the island  and i...
19/03/2020

is One of the dreamy destinations among active hikers in Sri Lanka.It is the 7th highest mountain in the island and is ranked as "difficult" due to its steep incline and unclear path.
We took 3 hours to reach the top and the scenery was unbelievable.

 ැදින්_කිලෝමීටර්_60ක් #කූඬැල්ලන් සුරතලුන් බවට පත් වූ නකල්ස් ගමන.ලංකාව පුංචි දූපතක් උනත් කොයි තරම් විවිධත්වයක් තියෙනව ද ක...
18/03/2020

ැදින්_කිලෝමීටර්_60ක් #
කූඬැල්ලන් සුරතලුන් බවට පත් වූ නකල්ස් ගමන.
ලංකාව පුංචි දූපතක් උනත් කොයි තරම් විවිධත්වයක් තියෙනව ද කියල බලා ගන්න නම් ඔබේ කකුල් දෙක රට වටේ ඇවිදල තියෙන්නම ඕනි.
වැහි කාලෙක නකල්ස් තරම් අප්‍රසන්න තැනකුත් ඒ තරම් ලස්සන තැනකුත් නැති තරම්...
නකල්ස් ගමන ගැන අදහස ඇවිත් සති කීපයක් ම අපි ලෑස්ති වුණා.හැමදේම ප්ලෑන් කලා.කලිං වතාවෙ බඹරැල්ලෙන් නැගල five peaks පැත්තෙ ගිහින් තංගප්පුව රංගලින් බැහැපු නිසා මේ සැරේ අදහස තිබුණෙ වත්තේගමින් ලෙබනන් වත්ත හරහා KMP වාඩිය,දූවිලි ඇල්ල බලන්න යන්න.සමහර කස්ටිය ගමන ටිකක් අමාරු බව ඉව වැටුණු නිසාම පොඩ්ඩ්ක් ෆිට්නස් ඒම හදා ගත්ත(ලු)😂
ගමන දවස් තුනක් රෑ දෙකක්.කලින් සැරේක ග්‍රේට් වෙස්ටර්න් ගිහින් හම්බ වුණු සුපිරි යාලුවෝ දෙන්නෙක් පේරා කැම්පස් එකෙන් විශ්වයි අසංගයි ත් සෙට් වුණා.අපෙන් මං,චමිය,අමරෙ,සඳා,රොම්බා,ID,වන්නි..ඔය ටික තමා ගියේ.

පලවෙනි දවස Feb 22 Colombo - Pera
බෑග් ටිකත් උස්සගෙන අපි කොටුව ස්ටේශන් එකට යනකොට 3 ට විතර ඇති.අපි හිතාගෙන ගියෙ 3.30 නුවර එක්ස්ප්‍රස් එකේ යන්න ඒත් ටිකට් ගන්න බැලින්නම් ටිකට් ඔක්කොම ඉවරයි😖බස් එකේ හරි පස්සෙ ට්‍රේන් එකේ හරි යන්න හිත හදාගෙන හිටියත් කොහෙන්දෝ වාසනාවක් පාත් වුණා.මුස්ලිම් මාමලා වගයක්😂 නව දෙනෙක්ට ටිකට් අරන් ඒ සෙට් එකම පොල්ල තියලා ඉතින් කරගන්න දෙයක් නැතුව ෆ්ලැට් ෆෝම් එක ලග ඉන්නකොට අපිව හම්බ වුණා..රුපියල් 250 ගානෙ ඒ ටිකට් අරන් අපිට second clas s එකේම පේරාදෙනියට එන්න පුලුවන් වුණා.පේරා ස්ටේෂන් එකේ ඉඳන් සරසවි උයන වෙනකම් අපි ගියේ පයින්.හවස හයහමාරට විතර මහවැලි ගග උඩින් පාලමෙන් ගිය ගමන...😂
කෝම හරි විශ්ව අපිට නවතින්න තැනක් ලෑස්ති කරා..හැමෝම හවස් වෙලා පේරාදෙනියට ගිහින් ඕන කරන කෑම ජාති ටික ගත්තා.භූමිතෙල් හොයාගෙන විශ්වයි මමයි සෑහෙන්න ඇවිද්දත් හම්බවුණේ නම් නෑ.ලොකූ ගමනක් යන්න තියෙන නිසාම රෑට කාපු ගමන් අපි නිදා ගත්තා.ඇත්තටම ඒ ගමන අපි හිතුවටත් වඩා සුන්දරත්වයෙන් පිරී තිබුණා.

දෙවෙනි දවස Feb 23 Peradeniya-Kandy-Wattegama-knuckles KMP
ඉතින් හැමදාමත් වගේ උදේ එලාම් එක උනේ චමියා..😂කුකුල් නින්දට පින් සිද්ද වෙන්න කුකුලත් අතේ අරන් උදේ 4 විතර පේරාදෙනියෙන් නුවර බස් එකක එල්ලෙන්න පුලුවන් වුණා.ලොකූ ප්‍රස්නයක් වෙලා තිබ්බ භූමිතෙල් ප්‍රස්නෙ විසදගන්න පුලුවන් වුණු නිසා හිතට දැනුනෙ සහනයක්☺අපි 5.30 වගේ මාතලේ දිහාට යන ට්‍රේන් එකෙන් පිටත් වුණා.නැවතුම උණේ වත්තේගම.යන ගමන් කස්ටිය කතා වුණේ මෝටර්බයික් ගැන.තවත් බයික් පික්කෙක් වෙච්ච අයි.ඩි.ඒ කතාවෙ ලොක්කා.😎 වත්තේගමින් බැහැපු අපි බඹරැල්ල බස් එක එනකම් හිටිය හිටිය බස් එකේ හෝන් එකක් වත් නෑ...ඒත් වාසනාව ආයිමත් ආවා..මෙන්න බඹරැල්ල බස් එකක්..
ඇත්තටම ලෙබනන් වත්ත ලඟට එනකම් වෙච්ච කිසි දෙයක් මන් දන්න් නෑ අපි හැමෝටම නින්ද ගිහින්..පරිසරය සෑහෙන්න වෙනස් සීතලක් පැතිරිලා නුවරඑලියට සමාන කාලගුනයක් තිබ්බෙ.😇
ලෙබනන් වත්ත කියන්නෙ මහලොකු ගමක් නම් නෙවෙ.පුංචි වතු ජනාවාසයක්.පාර වැටිල තිබුනෙ ලෙබනන් වත්ත මැද්දෙන් උඩට.හෙමින් හෙමින් අපි නොදැනුවත්වම ඇතුලු වෙන්නෙ නකල්ස් රක්ෂිතයෙ එක මායිමකට.ඒ රත්නගිරිය වත්ත.රත්න ගිරිය වත්තට එන පාර තේ වත්තක් මැදින් වැටුණු පාරක්.ගමේ අයිය කෙනෙක් අපිට පාර පෙන්නුවා ටික දුරක් පස්සෙන්ම ඇවිත්."ඇයි මල්ලිලා මේ දවස් වලම ආවෙ වැස්සනෙ කලුපහන දිහාට වහිනව හොදටම.කමක් නෑ ආපු ගමන යන්න ඔයාල"ඒ මනුස්සෙය ඒක නම් ඇත්තටමයි කිවුවෙ.අපි පොඩි ගානක් දෙන්න හැදුවත් නිහතමානීව ඒක ප්‍රතික්ෂේප කරේ "සල්ලි එපා මල්ලි අපි ටවුන් එකේ හරි කවද හරි හම්බවෙයිනේ කියල". දිරල ගිය මල බැදුණු ඉසුසු එල්ෆ් වෑන් බොඩිය ලගින් උඩට නැගපු අපි එකම ගමන් වේගෙකට එන්න නම් සෑහෙන්න වෙලාවක් ගියා.
ඔන්න අපි දැන් රත්නගිරිය ගමේ.ඈතින් ඈතින් ගෙවල් තියෙන හරිම නිස්කලංක තැනක් දෙමල මිනිස්සු තමයි ඉන්නෙ.

ඉතින් ඔන්න නායක චමිය😂 වෙනද වගේම ගහක අත්තක් ඒම කඩන් ඇවිත් එල්ලලා බාර වෙලා එහෙම යන්නයි ලෑස්තිය..රත්නගිරිය ගමේ කෝවිලකුත් තිබ්බ නිසා මේ වැඩේට චමිය තෝරගත්තෙ එතන තමයි.ඉතින් මේ කෝවිල පරණ කොස් ගස් දෙකක් මැද්දෙ හදල තිබුණ සුදු හුණු ගාපු ගෙයක් වගේ.දේව රූපයකුත් දොරේ එල්ලලා තිබුණ.ඉතින් පූජාව පටන් අරන් විනාඩියක් ගියේ නෑ කෝවිල ඇතුලෙන් එලුවෙක් "බෑ.."කියාල කෑ ගැහුව😂ඒත් එක්කම එහා ගෙදර් ආච්චිඅම්ම දුවගෙන ආවෙ"අයියෝ ඕකට වඳින්ඩ එපා ඕක අපේ එලුගාල" කියාගෙන😂😂😂ඇත්තම කෝවිල තිබිල තියෙන්නෙ තව දුරින්.
හිනාවෙවීම කට්ටිය උඩට ඇදෙන්න ගත්තෙ කෝම්පිට්ටුවක හැඩය ගත්ත රත්නගිරිය කන්දත් පහු කරන්.රත්නගිරිය කන්දෙ එක ලොකු ගහක්වත් තිබුනෙනෑ.මුලුමනින්ම වැහිල තිබුණෙ කහපාට තණ පදුරු වලින්.පිනි බිංදු මුහුවෙලා ඒවයින් ගලා ආවෙ අමුතු සුවඳක්.නකල්ස් වනාන්තරය පැත්තෙන් ආව හුලන් කන්ද වටේ වට දෙකතුනක් කැරකිල වතුකරය පැත්තට හමාගෙන ගියා.
පොඩි චකිතයකුත් හිතේ තියාගෙන අපි වනාන්තරය ට ඇතුලු වුනා.ආක්‍රමණික කුරුඋණ,ගල් ගොරක,නෙලු අපිට නිතර හම්බ වුණා.
වැහි කාලෙට සක්‍රිය වෙන දිය කඩිති,ඉඳහිට හම්බවුණු පතන් පහු කරමින් වතුර බෝතල් බිස්කට් පැකට් හිස් කරමින් අපි ඉස්සරහට ගියා.සමහර වෙලාවට හිරු එලිය බිංදුවක් නොවැටුනු ඝන කලුවර රූස්ස ගස් ගොමු අතරින් අපි ගමන් කරා.
මුලින් දැනෙන නුහුරු බව අඩුවෙලා ගිහින් අපේ ඇස් ටිකෙන් ටික ගස් කොලන් වලට හුරු වෙලා.
KMP වාඩිය ට ඇති දුර කිලොමීටර 18කට ආසන්නයි.KMP කියන එකේ තේරුම කෝනාර මුදියන්සේ ලාගේ පියදාස😇
අපි කේ.එම්.පී දක්වා ගිය ගමන දුෂ්කර වගේම හරි අපූරු එකක් වුනා.මග දිගට ඉඳහිට හම්බවුණ පතන් වල තමයි අපි මහන්සි අරින්න නැවතුනේ.ගමනේ බාගයක් දුර එනකොට චිරිචිරි වැස්ස කඩා පාත් වුණා.හැමෙෝම වගේ පයින් ගමනට ටිකක් හුරු වෙලා හිටපු නිසා වැස්ස මැද්දෙ වුණත් සැලකිය යුතු වේගකෙින් යන්න පුලුවන්..කවදාවත් අමතක වෙන්නැති අමරගෙ වීර ක්‍රියාව මෙතනදි නොකිය බෑ ඉතින්..කූ ඬැල්ලො අයින් කරගන්න හිතාගෙන ගලවපු මගෙ සපත්තුව එකපාරම මහ වේගෙන් ගලන වතුර පාරකට වැටුන..ඒක හරි භයානක තැනක් ලිස්සනවා..බැවුමත් වැඩියි.බලපොරොත්තු අත් ඇරල සෙරෙප්පු දෙකට බහින්න ලැස්ති වෙනකොට තමයි දවසෙ වීරය අමරේ දොලපාරට පැනල දුවගෙන ගිහින් ඒක උස්සන් ආවෙ..තැන්ක්ස් මචං.💓
නකල්ස් එනව නම් ඒක අභියෝගයක්.අපි විනෝද වුණේ කූඬැල්ලො එක්ක කිවුවොත් හරි.සපත්තු ඇතුලෙ ගිය එවුන් පොදි ගනන් අපේ ලේ උරා බොන්න ඇති ලීටර ගානක්.ඉඳල හිටල හම්බවුණු අං කටුස්සො Leaf nosed lizards(Ceratophora tennentii) කිසි බයක් නැතිව අපේ අත්ල උඩ නැගල හිටියෙ හරියට පුරුදුකාරයො වගේ.ඔය දුම්බර කටුස්සා නැත්නම් පෙති අං කටුස්ස කියන්නෙත් එයාටම තමා.
අත් ඇරල දාපු එනසාල් වගා පහු කරන්,බරට බරේ බැක්පැක් උස්සගෙන අපි කේම්පී වලට එනකොට හවස් වෙන්නත් අරන්.සුදුපාට ගරා වැටිච්ච බිත්තිය උඩ කටු අකුරින් K.M.P.නම ලියල තිබුණා.හැමෙෝටම පට්ට සතුටුයි දවසෙ ටාගට් එකනේ බාගයක් හරි.
වැහැපු වැස්සට වාඩිය ඒ තරම්වත් ඉතිරි වෙලා තිබුනු එක පුදුමයක්.කවුරු හරි වාඩිය බලා ගන්න කෙනෙක් ඇති කියල ආරංචියක් තිබුණු නිසා මහතුන් මාමේ..කියල හැමෝම කෑ ගැහුව කවුරුවත් ඉන්නවද බලන්න.ඇත්තටම මහතුන් මාමගෙ සරමක් ඇරෙන්න කිසි දෙයක් තිබුනෙ නම් නෑ.
ඇතතටම කේ.ව්ම්.පී.කියන්නෙ ඒ කාලෙ හැටියට ලොකු ගෙයක්.වටේ තිබුණ ගෙවල් දෙකක් ගරා වැටිල විනාස වෙලා,කාමර කීපයක් තියෙනව.හැබැයි වැහි තෙතමනය නිසා මුලු බිමම වතුර ගලලා වගේ දිය බත් වෙලා තිබුණෙ.ඉතින් අපි හැමෝම එකට හිටිය නිසා ඒ කිසි අඩුවක් අපිට දැනුනෙ නෑ.
මහ වැස්සෙම උණත් අපි 9 දෙනා ආයිමත් එලියට බැස්සෙ තුන්හිස් ගල නගින්න බලාගෙන.ඒක හිතන තරම් ලේසි නැති බව අපි දැනන් හිටිය.එනසාල් වත්ත මැද්දෙන් පාරවල් හොයාගෙන අපි තෙමිතෙමි සෑහෙන්න් උත්සාහයක් ගත්තත් අඩුම තරමෙ කන්ද තියෙන ඉසව්වක් වත් හොයා ගන්න බැරි වුනා😖.කා ලගවත් ජීපීඑස් ට්‍රැක් එකක් තිබුණෙත් නැති නිසා කඳු නගින්නන්ගේ සිහිනයක් වුණූ තුන්හිස්ගල අපේ ගමනෙන් කපා දාන්න වුණා.
හැමදේම හොඳටයි කියන්වනේ...
තෙත්බරවෙච්ච ඇඳුම් හෝදල දාල නාලා එහෙම(අමරෙයි මමයි විතරයි අනිත් එවුන් නෑවෙ නෑ)😂 පිලිවෙලක් වෙනකොට රෑ වුණා.අපි හවස සැන්ඩ්විචස් කාලා හිටියත් පොඩි බඩගින්නකුත් ආව.අඳුර වැටීගෙන එද්දි අපේ නවාතැන අමුතුම එකක් වුණා.ජීවිතේ රසම කෑම කුස්සිය පැත්තෙ හැදෙන්න ගත්තෙ වන්නිගෙ දැනුමෙන් තමා.දවල්ට වගේ නෙවෙයි එතන රෑට තිබුණෙ මහ අමුතු ගුප්ත ගතියක්.කුස්සියෙ ගහපු ගිනිමැලේ වටේ අපි ඔක්කොම ඉදගෙන හිටිය.රමේෂ්ගෙ හොල්මං කතා වලින් හිතේ බයකුත් එන්න ගත්තා.ඒ කතා අහගෙන හිටිය "සමහරු" නම් ඊට පස්සෙ තනියෙන් කොහෙවත් නොගිහින් කුස්සියටම වෙලා හිටියෙ.😂ඒ අතරේ සඳා කලේ ආරක්ෂාවට දිග හෙල්ලයක් හදපු එක.ඒක කොයි තරම් මුවහත් ද කිවුවොත් ඕන සතෙක්ට එක පාරයි.
රෑට නිදා ගන්න සීන් එක ඊලඟට අභියෝගයක්.අයි.ඩි.ගෙ 4පර්සන් ටෙන්ට් දෙකයි අනිත් 2 පෙර්සොන් ටෙන්ට් එකයි ගේ ඇතුලෙම ගැහුව.ගෙයක් ඇතුලෙ වහලක් යට අපි එදා කෑම්පින් කරා.😎හෙට දූවිලි ඇල්ලට යන ගමන....

3 වැනි දවස Feb 24 KMP-Duwili Ella

එලාම් එකට පින් සිද්ද වෙන්න උදේ පාන්දරම නැගිටලා අපි ඇඳුම් එහෙම ලෑස්ති කරල යන්නයි දැන් හදන්නෙ.එලාම් එක කිවුවෙ ඉතින් චමිය.දූවිලි ඇල්ල පැත්තට ජීපීඑස් ට්‍රැක් එක තිබුණු නිසා අපි ඒ දිහා බලාගෙනම ඉස්සරහට ගියා.පාර මුල් ටිකේ නම් ටිකක් පැහැදිලි.ට්‍රැක් එක වුනත් නිශ්චිත එකක් වුණෙ නෑ.සමහර තැන්වලදි සිග්නල් අවුල් වුණා.අපි අතරමං වුණා.එක තැන රවුම් ගහල ඔලුව විකාර වුණා.ඔය හැම දෙයක් ම වුණා.ඇත්තටම හොද සිහියකින් නොගියොත් සෑහෙන්න අවුල් වෙන්න පුලුවන්.දූවඉලි ඇල්ලට යන පාර හුඟක් දුෂ්කරයි.මැරෙන්න නම් ඕන තරම් අවස්තා තිබුණා.අපි හැමකෙනාගෙම උදව්වෙන් ලොකු ඔයපාරවල් දෙකක්ම පැන්නා,සමහර වෙලාවට ඔය හරහ ගියේ ලොකු වැලක එල්ලිලා,ඒ අතරෙදි අපේ පිහියත් ගඟට වැටිලා නොපෙනී ගියා. හැබැයි ඒ තරම් ල්ස්සන පරිසරයක් ලංකාවෙ කොහෙවත් නැති තරම්.ඒ තරම්ම නොඉඳුල්.
අපි ගිය පාරෙ සමහර තැන් වල අලි සැරිසරන බව කියාපු සාක්ෂි තිබුන.ඒ වගේමයි දරුණු සතෙක් කාලා දාපු අලුත් ඇටකටු සමහර තැන් වල තිබුණා.මෙතනදි දැකපු අමුතුම සංසිද්දියක් නොලියම බෑ.පුංචි ස්වාභාවික ඇල පාරක් උඩින් අපි යද්දී එක පාරම සද්දයක් ඇහෙන්න ගත්තා.
අපි බැලින්නම් මෙන්න ඇලේ එක පාරම වතුර පාරක් ගලාගෙන එන්න පටන් ගත්තා.😮

එතැනින් එහාට ගමන තවත් දුෂ්කර වුණා.කටු කිතුල් වැල් ඇතුලු නොයේකුත් කටු පඳුරු අපේ හම සිදුරු කරන අතරේ කඳු පල්ලම් අපි පහු කරේ ඇඟේ හයියෙන් නෙවේ.හිතේ හයියෙන්.කැම මහලොකු ප්‍රමාණයක් තිබුණෙ නැති නිසා අපි ඒව පාවිච්චි කලේ අරපරිස්සමෙන්.උදේ කඩල කාල සඳාගෙ ගෙඹි සුප් එකත් බීල ආපු නිසා ලොකු බඩගින්නක් තිබුනෙ නම් නෑ.අපි ගෙනාපු චොකොලට් ටිකත් සෑහෙන්න උදව්වක් වුනා.දවල් වෙනකොට අපි දූවිලි ඇල්ලෙ හඬ ඇහෙන මානයට ම ඇවිත්.හිතේ පුදුම සතුටක්.☺️ඒත් ඇත්තටම ඇල්ල හොයාගෙන යන එක හිතුව තරම් ලේසි වුණේ නෑ.වැරදි පාරවල් වල කිලෝමීටර ගාණක් කැරකුනා.කෝමින් කෝම හරි මෙන්න අපි දිය ඇල්ල මුදුනෙ..
දූවිලි ඇල්ල මුදුනට නගින එක අපේ ප්ලැන් එකේ තිබුනෙ නෑ,ඒක අහම්බයක්.පාර වැරදිලා ලොකූ පර්වතය වටේ අපි ගිහින් තියෙන්නෙ උඩටම.එතන භයානක වුණේ වෙන කිසි හේතුවක් නිසා නෙවෙයි කිසිම ආධාරකයක් තිබුනෙ නැ අල්ල ගන්න. වැරදිලාවත් ලිස්සුවොත් පඩි පෙලක් වගේ ඇල්ලෙන් පහලට යන්න තිබුණා.ඇල්ල පාමුල නම් එතනට පෙනුනෙ නෑ.වතුරෙ තිබුනෙ අමුතුම සීතලක්.අපි ඇල්ල ලඟ ෆොටෝ අරන් ගෙනත් තිබුණ කඩල ටිකත් කෑවා.මෙච්චර වෙලා ඒව උස්සන් ආවෙ අසංග තමයි.
මිනිස්සු නොඑන තැනක්ම නිසාදෝ පරිසරයෙ අමුතුම ලස්සනක් ෆ්‍රෙශ් ගතියක් ඉතිරි වෙලා තිබුනෙ.ඇල්ල උඩ තැනිතලා ගතියක් තියෙන්නෙ.තනිකරම ගල් තලාවක් උඩින් තමයි වතුර ගලාගෙන එන්නෙ.ඒක උඩින් ඇවිදගෙන යද්දි නිතරම දැනුනෙ පහලට ඇදල ගන්න ගතියක්මයී.ගඟ දෙපැත්තෙ ගස් වල අතු දිය ඇල්ලට බර වෙලා හෙවන වෙලා.ඇල්ල වැටුණෙ තට්ටු විදියට.අපි ඇවිත් තිබුනෙත් වැහි කාලෙක නිසා හොද වතුර පාරකුත් ගලනවා.අපි හවස් වෙන්න කලින් දූවිලි ඇල්ල ගුහාව හොයාගන්නත් ඕන නිසා වගේම ඇල්ලෙ වතුර පාර ටිකක් අසාමාන්‍ය විදියට වැඩි වෙන්න ගත්ත නිසාත් හැමෝම ආපහු පල්ලම් බහින්න ගත්තා.
වාසනාවට අපිට මේ දවස් දෙකේම වැස්සක් ආවෙ නෑ.
ඊලගට දූවිලි ඇල්ල ගුහාව හොයාගෙන අපි බහින්න ගත්තෙ මොහොර බෑවුමක්.ජී.පී.එස්. එකේ සමෝච්ච රේඛා එක මත වැටිල තිබුණෙ.බෑවුමේ තිබ්බ ගස් ටික නැතිනම් ඒක දිගේ යනව කියන්නෙ තනිකරම මරාගෙන මැරෙන වැඩක්.අන්තිමේ අපි හරි ට්‍රැක් එක හොයාගෙන අර ගල් පර්වතයට සමාන්තරව දිය ඇල්ලෙ හඬහොයාගෙන ඉස්සරහට ගියා.
දිය ඇල්ලෙ ගුහාව දැකපු ගමන් "යුරේකා"කියල කෑ ගැස්සුනා😘😘😘😘😍.ඇත්තටම දැනුනෙ මාර සතුටක් එක්කෙනෙක්ට නෙවේ අපි හැමෝටම.
දූවිලි ඇල්ල ගුහාවට තියෙන්නෙ සුවිශේෂ පිහිටීමක්.සිරස්ව වැටෙන ඇල්ලෙ හරි මැදක වගේ ගල් බිත්තිය ඇතුලෙන් හැදිච ස්වාභාවික පාරක් තිබුණ.ඒක මැද හොඳට ඉඩ තියෙන විදියට ගුහාව හැදිල තිබුනෙ.එතැනිනුත් ඉස්සරහට ගියොත් අපිට දිය ඇල්ල ඇතුලෙන් ඇල්ලට පිටිපස්සෙන් යන්න පුලුවන් පුදුම පාරක් ඒක.ගුහාවෙ බඩුටික තියල ඇඳුම් පිටින් අපි දුවගෙන ගියේ ඇල්ලට.ලොකූ වතුර පාරක් ගලනවා.දිය ඇල්ලෙ පිටිපස්සෙ ඉඳන් බැලුවම ඈත නිම්නයම පේනවා,ඒක තවත් ලස්සන වෙන්නෙ දිය ඇල්ලෙ වතුර ඒ අතරෙන් වැටෙන දර්ශනය නිසා.ඇල්ලට උඩින් හැදුණු වැල් ගොන්නක් වතුර එක්කලම පහලට එල්ලිලා.ඒවගේ තැනක් කොහොම හැදුණද කියල හිතාගන්නත් බැරි තරම්.
ජීවිතේ ගෙවපු ල්ස්සනම දවසක් ඒක.ප්ලේන්ටියක් හදාගෙන බොන ගමන් අලුත් ඇඳුම් දෙකකුත් ඇඳගෙන හවස් වෙලාවෙ ගල් බිත්තියට හේත්තුවක් දාගෙන ඈත නිම්නය දිහා බලන් ඉන්න එක...මිනිස් පුලුටක් නැති පාලු පැත්තක..☺️
ඉර අවුව නිසා ඇගට සනීපයක් දැනුනෙ.අපි ඇල්ලෙන් නෑවා.වතුර වැටෙන්නෙ පිහිපාරවල් අනිනව වගේ.ඒ තරම් වේගෙන්.එදා අපි හැමෝම පට්ට හැපි එකේ අර ලස්සන ගව් ගානක වීව් එක බලාගෙනම පැය ගානක් හිටිය.පුදුම නිදහසක් ඒක.

හවස් වෙද්දි අපි ටෙන්ට් තුන අටව ගත්තා.කූඬැලු කරදරෙන් බේරෙන්න හිතාගෙන අපේ බිම් මායිම අලු වලින් වටේටම සලකුණු කරා..වැඩේ සාර්ථකයි.ආයෙ කූඬැල්ලො ටෙන්ට් දිහා ඇහැක් ඇරල බැලුවෙ නෑ.සඳාගෙ ඇන්ටි ලීච් ලෙමන් ස්ප්‍රේ එක ,ඩෙටෝල් සහ අලු වලින් තමයි කූඬැල්ලන්ට අපි පහර දුන්නෙ.ඇන්ටි ලීච් ලෙමන් ස්ප්‍රේ එක හැදුවෙ දොඩම් ගෙඩි ලුනුත් එක්ක කවලම් කරල.
එදා රෑ සැමන් පරිප්පු එක්ක බත්..රස නම් තාම මතකයි😋.ඉතුරු පාන් අපි ටෝස්ට් කරා.කලින් ආපු කවුරුහරි දාල ගිය පරණ සෝස් බෝතලයකුත් තිබුන.ඒකත් අතෑරියෙ නෑ ඉතින්.වැඩිපුරම කෑවෙ අයි.ඩී.ද මන්දා..කාල ඉවර වෙලා ඔන්න පුරුදු විදියටම රමේෂ්ගෙ කතා අහන්න කට්ටිය වටවුණා.භූතයො,හොල්මන් එතකොට පෙරේතයො වෙන්නෙ කෝමද තව..රොම්බගෙ සීය කෙනෙක් පොලොව හාරනකොට දේවාලයක් මතු වුණ හැටි😂..ඕව තමා ඉතින් මාතෘකා..ඊට පස්සෙ සින්දු කියන්න පටන් ගත්තා..සිංදුකාරයො ගොඩාක් හිටපු නිසා පැය ගාණක් සිංදු ඇදිලා ගියා.ලිපේ ගින්දර පත්තු වෙලා තිබුන නිසා අපිට සීතලක් දැනුනෙ නෑ.
"සුලඟේ පාවී...ඈ වෙත යාවී...මා පැතූ පැතුම්.."

4 වැනි දවස Feb 25 Duwili Ella Cave- Infinity Pool - Etanwala- Matale
පහුවදා එලිවෙන්න ලං වෙලා අන්තිම පැයේ හොඳම නින්දක ඉන්නකොට තමයි එලාම් එක වැදුණෙ.අද තමයි අපි එලියට යන්න හදන දවස.ඉතිරි වෙලා තියෙන කෑමත් අඩුයි.
රඹුක්ඔලුව,ඇටන්වල,රණමුරේ වගේ පැති කීපයක්ම තිබුණත් අපේ අයිඩියා එක වුණේ ඇටන්වල ගමට ගිහින් මාතලේට පැනගන්නයි.මේ ගමන අපි සැලකුවේ සෑහෙන්න සුලුවෙන්.ඇත්තටම ඒක වැරදීමක් කිව්වොත් හරි.මගදි අපි සෑහෙන දේවල් වලට මූන දුන්නා..
උදේ හයට නැගිටල දූවිලි ඇල්ලට සමු දීල පිටත් වෙනකොට හතහමාරට විතර ඇති.දූවිලි ඇල්ලෙදි වැඩ පෙන්නන්න ගිහින් මගේ ජීශොක් ඔරලෝසුවට වතුර ගිහින් තිබුණෙ.😂
පහලට ඇවිදගෙන ආපු අපි හරියටම පඩි පේලියක් විදියට ගලන තට්ටු ඇලි වලට ලඟා වුණා.එහෙම තැනක් මීට කලින් දැකලම නෑ.අඳුරු වනාන්තරය මැද්දෙන් ගලාගෙන ආපු විශාල වතුර පාර වැටෙන්නෙ හෙල්මලු වලින්.පඩිපේලි දහයක් විතර.ප්‍රසිද්ද ඉන්ෆිනිටි පූල් එක තිබුණෙ ඊට මීටර් විස්සක දුරින් පහලට වෙන්න.ෆොටෝ එකක් ගන්නවනම් අන්න තැන.පූල් එකක් කිවුවට මේක වතුර පිරිල තියෙන තැනක් නෙවේ.වතුර ගලන වේගෙ අඩුයි.තැන්නක ගලාගෙන ආව වතුර කඳ එක පාරම ඇල්ලකින් පහලට වැටෙනව.තටාකය මැද්දෙ ඉඳන් බලන කෙනෙක්ට නම් පේන්නෙ ගඟ එතැනින් එහාට අතුරුදන් වෙලා වගේ.හරියට වෙරලෙ ඉඳන් ක්ෂිතිජය දිහා බැලුවම අහස ගාවින් මුහුද ඉවරයි වගේ පෙන්නෙ...අන්න ඒ වගේ..😳
ඒක නිසා තමයි එතැනට ඒ නම වැටෙන්න ඇත්තෙ.ඉන්ෆිනිටි පූල් එකත් ලිස්සන සුලුයි.පරිස්සමින් යන්න ඕන තැනක්.පහලට වැරටෙන ගංගාව වනාන්තරයෙ රූස්ස ගස් මැද්දෙන් අතුරුදන් වෙලා යනවා.අපි තාම හිතන්නෙ මේ වගේ තැන් හැදුණෙ කොහොමද කියලා...මේ වගෙ පුදුම හිතෙන තැන්..අපි ඉතින් පෝස් දදා ෆොටෝ තොගයක් ම ගත්තා
අපි ආයෙත් ලොකු බෑවුමක් දැන් බහින්නෙ.පල්ලම් බහිද්දි දැනුනෙ ඇත්තටම බයක්.මොකද ඊලඟට අනිවා මහා ලොකු කන්දක් සෙට් වෙනව කියල අත්දැකීමෙන් දන්න නිසා.
කඳු පල්ලම් බැහැල නැගල පැය ගණ්න් වතුර විතරක් බිබී යන ලෝන්ග් රේන්ජ් පෙට්‍රෝල් එකට වැස්සට අහු නොවීමත් පාර පැහැදිලි වීමත් ලොකු උදව්වක් උනා.අපි කීපදෙනා ගානෙ බෙදිල ගියේ.ඒත් කවුරුවත්ම දාල ගියේනෑ.හැමෝටම වගේ දවස් ගාණක් ඇවිද්ද නිසාදෝ පොඩිපොඩි ජොඉන්ට් අමාරු ඇවිත් තිබුණෙ.
අපි දුම්බර ඇලි පහු කරගනෙ ඉස්සරහ ආව.සමහර තැන් වල තැනිතලා තිබුණ නිසා ගමන වේගවත්.කලින් දවස් දෙකට වඩා ඇවිදින්න ලේසියි.එන අතර මඟ සමහර තැන් වල අරුම පුදුම රූස්ස ගස් වගේම අවුරුදු ගානක් පරණ නටඹුන් පේන්න තිබුණා.පොඩි දොලපාරක් ලඟ නැවතිලා අන්තිමට ඉතුරු වෙලා තිබුන පාන් පෙති ටික අපි කෑවෙ චීස් කෑළි අටක් එක්ක.වෙන කිසිම දෙයක් ඉතුරු වෙල තිබුණෙ නෑ.හවස් වෙන්න කලින් ඇටන්වල ගමට යන එක තමා අභියෝගයක් වුණේ.😒
වෙලාව ගත වෙද්දිම බඩගින්න වැඩිවෙන්න ගත්තා.අවසාන කඳු කීපය නගින්න වෙනදට වඩා ලොකු ගේමක් දෙන්න වුණා.නිතර කෑ ගහල හූ කියල තමයි කස්ටිය රීගෲප් කරගන්න වුණේ.
අපි වැද්දහේනට ආවා.මේ යන විදියට නම් බස් එකක් අල්ල ගන්න ඇටන්වලට යන්න බැරි බව දැනෙන්න පටන් ගත්තා.වැද්දහේනෙන් මානිගල පැත්තට පාරකුයි ඇටන්වලට පාරකුයි බෙදෙනව.
වැද්දහේනෙට පස්සෙ අතෑරලා දාපු ලස්සන ගමක් වෙච්ච වල්පොලමුල්ල හම්බ වෙන්නෙ.වල්පොල මුල්ලෙ අතෑරල පුරන් වෙලා ගිය ලස්සනහෙල්මලු වෙල් යායක් තියෙනව.අමරෙයි මායි මහන්සි නොබල දුවගෙන ඇවිත් අතෑරල දාපු කුඹුරට සේන්දු වුනා.ඒ වීව් එක නම් පට්ට..අපි නැවතිලා හිටපු දූවිලි ඇල්ල..යන්න බැරි වුන තුන්හිස්ගල ඈතින් පෙන්න තිබුනා.දූවිලි ඇල්ලට උඩින් විහිදුණු කඳු පංතිය ඒ දර්ශනයට ගාම්භීර ගතියක් දීල තිබුණෙ.ඈත කඳුවලින් ගලන දිය ඇලි ගොඩක් එතනට පේනවා.එතනදි තව දෙයක්..වෙල්යායෙ අයිති අයිතිකාරයා ලොකු මී හරකෙක්.ඌ ඕනිම වෙලාවක එතන ඉන්න පුලුවන්.අමරෙ රතු ටී ශර්ට් එකක් ඇඳගෙන ගිහින් තව පොඩ්ඩෙන් නිස්කාරනේ මැරුම් කනවා.😂
බඩගින්න නිසා ඩවුන් වෙලා හිටපු අපිට වල්පොලමුල්ල ගම ලොකූ උදව්වක් උණා.යන්තම් මිනිස් ජනාවසෙක ලකුණූ මතුවෙන්න අරන්...ලංකාවෙ දැකපු හොඳම මිනිස්සු දෙන්නෙක් අපිට හම්බවුනා💓.අලි කරදර නිසා අතෑරලා දාපු ගමේ,නිපුන් එයාගෙ තාත්ත එක්ක එකතු වෙලා පොඩි පහේ නැවතුම්පොලක් හදල තිබුනා.
දවස් ගානකට පස්සෙ මිනිස්සු දැක්කෙ.අපේ බඩගින්න ඒ මිනිස්සුන්ට තේරිලා..හැමෝටම තේ හදල දුන්න.අපි තේ බිවුවෙ කවදාවත් තේ නොබීපු මිනිස්සු වගේ.නිපුන්ලගෙ පොඩි හෝටලේ හදල තිබුනෙ මැටි බිත්ති වලින්.දූවිලි ඇල්ලට එනව නම් මෙහෙ දවසක් නැවතිල ඉඳල යන්න පුලුවන්.කියල ගූගල් එකෙත් තියෙනවා.https://www.google.com/travel/hotels/Ella%20Eco%20Lodge/entity/CgoIpaGy6-SdmNxmEAE?g2lb=2502548%2C4258168%2C4260007%2C4274032%2C4276710%2C4305595%2C4306835%2C4308216%2C4317915%2C4322164%2C4326763%2C4328159%2C4329288%2C4330862%2C4341278%2C4358541%2C4360927%2C4361952%2C4270859%2C4284970%2C4316256%2C4356900&hl=en&gl=lk&un=1&q=duwili%20ella%20eco%20lodge&rp=EOzJvP6W-IG4oAE4AkAASAI&ictx=1&utm_campaign=sharing&utm_medium=link&utm_source=htls
අපි එන්න ලෑස්ති වෙලා සල්ලි දෙන්න හැදුවත් නිහතමානීව ඒවා ප්‍රතික්ෂේප කරා.
ඇටන් වල ගමට එන්න පැයක් යන්න ඇති.පරිසරය සෑහෙන්න වෙනසක් පෙන්නුවා.තෙතබරිත පොලොව,කොලපාට ගස්,අඳුරු පරිසරය වෙනුවට ටිකක් වියලි පරිසරයක් තමා තිබුනෙ.ගහ කොල පවා වෙනස් වෙලා.ඇටන්වලට ආපු ගමන් කරේ තිබුන එකම කඩේ හිස් කරන එක.බිස්කට් ඔක්කොම අපි කාගෙන කාගෙන ගියා.දවස් ගානක් කැලේ ඉඳලම දැන්නම් මනුස්සයෙක් දැක්කත් නුහුරුයි.ඇටන්වල කියන්නෙ දුෂ්කර ගමක්.ඒත් ලස්සනෙන් අඩුවක් නෑ.
අපි ගමට එන්න කලිං වාහනේකට කතා කරා රත්තොටට යන්න.රත්තොටින් මාතලේට පැනගන්න පුලුවන්නේ...ඇටන්වල ගම මැද්දෙන් ගිහින් පාලම ලඟට ඇවිත් තිබුණ බොලෙරෝ එකට නැග ගත්තෙ පුලුවන් තරම් ඉක්මනට රත්තොටට එන්න.ඉන්දියාවෙ හදපු මේ රෝද හතර උඩින් මීදුම් මැද්දෙන් වංගු පාරවල් දිගේ කිලෝමෝටර 20ට වැඩියෙන් ආව..රිවස්ටර්න් හරහා රත්තොටට ඇවිත් අපි ඉස්සෙල්ලම කරේ බඩ පැලෙන්න කන එක.රත්තොට ඉඳන් මාතලේට බස් එක ආව නෙවෙයි පියෑඹුවා කිව්වොත් හරි.බීපු මනුස්සයෙක් ඩ්‍රැයිවර් තැනට ගේමක් දාපු නිසා ඩ්‍රැයිවර් තැන තරහ ගැනීම තමයි ඒකට හේතුව.😂ඉතින් රෝලර් කෝස්ටරේක අත්දැකීමත් අරගෙන අපි මාතලේට ආව.එතැනින් නුවරට ඇවිත් හොඳ නින්දක් දාගෙනම කොලඹ එනකොට රෑ දොලහෙ කෑලිත් නෑ.
ට්‍රෙකින්,හයිකින්,කෑම්පින්,වෝටර්ෆෝල් හන්ටින්..මේ හැමදේම තිබ්බ පට්ට ගමනක් ඒ විදියට ඉවර වුනා.අපි ඇවිදපු දුර කිලොමීටර වලින් නම් 60ක් විතර.
ඒත් එයා එක්ක නම් අපි තාම තරහයි😒..ඔව් ඔව් තුන්හිස්ගල තමයි.😘

ʜᴏʀᴛᴏɴ ᴘʟᴀɪɴᴤ ɴᴀᴛɪᴏɴᴀʟ ᴘᴀʀᴋ♥️♥️♥️ලංකාවේ ඉහළම බිම්කඩක විවිධ වූ දේශගුණික තත්ත්වයන් සමග රැඳෙන්නට ඔබත් කැමති නම් ඒ සඳහා ඔබ න...
17/03/2020

ʜᴏʀᴛᴏɴ ᴘʟᴀɪɴᴤ ɴᴀᴛɪᴏɴᴀʟ ᴘᴀʀᴋ♥️♥️♥️

ලංකාවේ ඉහළම බිම්කඩක විවිධ වූ දේශගුණික තත්ත්වයන් සමග රැඳෙන්නට ඔබත් කැමති නම් ඒ සඳහා ඔබ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය සිට කිලෝමීටර් 32ක් දුරින් පිහිටි හෝර්ටන්තැන්න හෙවත් ලෝකාන්තය වෙත යා යුතුය.
මෙය ජාතික වනෝද්‍යානයක් වන අතර, තවත් සුවිශේෂී කරුණු ගණනාවක් අනුව ජෛව විවිධත්ව ලක්ෂණයන්ගෙන් අනූන බිම් යායකි. ලෝකාන්තයට ඔබට පිවිසිය හැකි ප්‍රධාන මාර්ග තුනකි. එකක් නුවරඑළිය සිට අඹේවෙල හරහා මාර්ගයයි. අනෙක තලවකැලේ පසුකර ලිඳුල හන්දියෙන් ආගරපතන සිට ඇති මාර්ගයයි.
අනෙක ඔහිය ඉදල්ගස්හින්න හරහා ඇති මාර්ගයයි. මෙයට අමතරව බලන්ගොඩ නන්පේරියල් වතුයාය සිට තවත් මගක් තිබේ. එය මේ වන විට වැඩිදියුණු කිරීමට සබරගමු පළාත් සභාව කටයුතු කරමින් සිටී.
මෙම බිම 2010 අගෝස්තු 02 දින ලෝක උරුමයක් බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලදී. එයටත් පෙර 1969 ජනවාරි 15 දින මෙය ස්වාභාවික රක්ෂිතයක් ලෙසත්, 1988 මාර්තු 16 වැනි දින වනෝද්‍යානයක් ලෙසත් නම් කර තිබේ.
මෙය මුහුදු මටට්මේ සිට අඩි 6,900-7,500 අතර හෙක්ටෙයර් 3,160ක විහිද ගිය ස්වභාවධර්මයාගේ අපූර්වතම නිර්මාණයක් වන අතර, මෙහි වාර්ෂික වර්ෂාපතනය මි.මී.2,000ක් වේ.
මෙහි සාමාන්‍ය උෂ්ණත්වය සෙ.ග්‍රේ. අංශක 12-13 දක්වා පමණ වූ කාලගුණික තත්ත්වයක් ඇති අතර, ඔබ මවිතයට පත් කරමින් විටෙක එය සෙ.ග්‍රේ. අංශක 5 දක්වා පහළ යන අවස්ථාද තිබේ.

ලෝකාන්තයට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ සිට කි.මී. හතහමාරකට ආසන්න දුරක් මෙහි ඇතුළත එක් පසෙකින් ඇතුළත්ව අනෙක් පස මාර්ගයෙන් පිටවන අවස්ථාව දක්වා පයින් ඇවිද යෑමට ඔබට සිදුවන අතර,
එනිසා ලෝකාන්තයට ඇතුළුවන අවස්ථාවේදී පොලිතින්, ප්ලාස්ටික් අැසුරුම් එය ඇතුළට ගෙන යාමට නොහැකි තරමට ආරක්ෂක අංශ ඔබවසෝදිසියට ලක් කරයි.

අදාළ ගමන සම්පූර්ණයෙන්ම පාගමනේ යෙදෙන ඔබට බෑවුම් සෝදා යෑම් සහිත තැන්ද තැනෙක හමුවෙනු ඇත. එනිසා රෝගී, මහලු, හෘද රෝගී හෝ අධිරුධිර පීඩනය ඇති අය සම්බන්ධයෙන් ඔබ ප්‍රවේශපත් කවුන්ටරය අසලදීම විමසිලිමත් විය යුතුය.
වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය වියළි කාලගුණික තත්ත්වයක් පවතින නිසාම මෙම ස්ථානය නැරඹීමට එම කාලය තෝරා ගනී.
මෙම තැන්න ඇසුරෙන් නිර්මාණය වී ගලා බසින ජල ධාරාවන් කිහිපයකි.බෙලිහුල්ඔය, අග්‍රාඔය, උමා ඔය බගවන්තලා ඔය ඒවාය.

ක්‍රි.ව.1831-1837 කාලයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ සර් රොබර්ට් විලියම් හෝර්ටන් සහ සබරගමුව රටේ රාළ සතුන් දඩයමේ පැමිණි අවස්ථාවක මේ ස්ථානය සොයාගෙන තිබේ. මෙම ස්ථානය 1836දී එසේ හඳුනා ගැනීමෙන් පසු එය හෝර්ටන්තැන්න ලෙස නම් කෙරිණි.
එහෙත් එයට පෙර මහ එළියතැන්න යනුවෙන්ද ලේඛනයන්හි මෙය දක්වා ඇතැයි පරිසරවේදීහු පවසති. දුරාතීතයේ මෙහි මිනිසුන් ජීවත්ව ඇතැයි පැවසෙන අතර, රාවණා චරිතයට අදාළ සිදුවීම් පිළිබඳවද ඒ අතර පැවසේ.
ඈත අතීතයේ මෙම තැන්න පුරාවට විශාල අලි ගහනයක් වාර්තා වී ඇති අතර, බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ මේජර් තෝමස් රොජර් විසින් එකල මෙහි සිටි අලි ඇතුන් 1400ක් දඩයම් කළ බව ඔහුගේ 1850 පමණ රචිත ග්‍රන්ථයක් උපුටා දක්වයි.
කළ පවු පලදෙනවා යැයි කියන ලෝදහම අනුව තෝමස් රොජර් අකුණු සැර වැදී මිය ගොස් ඇති අතර, ඔහුගේ සිරුර මිහිදන් කර ඇති නුවරඑළිය ගොල්ෆ් පිටියේ ස්මාරකයටද අකුණු සැර වැදී ඇති බවට ඇතැම්හු පවසති.

අදාළ වාර්තා අනුව යටත් විජිත සමයේ සිට 1960 මාර්ගය ඉදිකරන තුරු අශ්වාරෝහකයන් මගින් ප්‍රවාහන පහසුව සපයාගෙන ඇති මෙම ප්‍රදේශය තුළ දුම්රිය සේවයට අවශ්‍ය සිල්පර කඳන් වෙනුවෙන් යුකැලිප්ටස් වගාව සිදුකර තිබේ. එය මෙහි පුවරුවක දක්වා තිබේ.
ආක්‍රමණික ශාකමෙහි ආක්‍රමණික ශාක කිහිපයක් හඳුනාගෙන ඇතත්, බරපතළ හානි සිදුකරන විශේෂ දෙකක් කෙරෙහි ඔබ දැනුම්වත් කළ හැක. තැන්න පුරා පැතිර යමින් තිබෙන කහපැහැති මල් හටගන්නා කටු සහිත උස යුරෝපීය කටු පඳුරු (Ulex euvopaeus)
මෙහිදී ඔබ නෙත ගැටෙනු ඇත. එය එක් ආක්‍රමණික ශාකයකි. අනෙක දීප්තිමත් කොළ ඇති පර්ණාංග ශාකයක් වන (Pteridium aqulinium) යනුවෙන් හැඳින්වෙන ශාකයයි. මේ වර්ග දෙකම ලංකාවට ආවේණික ශාක නොවේ.

ලෝකාන්තය ජෛව විද්‍යාත්මක සහ ශාක පරිසර සත්ත්ව ආදී වශයෙන් විවිධ අංශ යටතේ නිරීක්ෂණය කළ යුතු පරිසර පද්ධතියකි. අප යම් හැදෑරීමක් කළයුත්තේ ඒ සාධක තුළ රැඳෙමිනි. ලෝකාන්තය වලාකුළු වනාන්තර ක්‍රියාත්මක වන ආකාරය දැක ගැනීමට මෙන්ම එය ඇඟ කිලිපොලා යන සීතල විඳ ගැනීමටද සුදුසු ස්ථානයක් ලෙස ඔබට සිතිය හැක.
හෝර්ටන් තැන්න ලංකා කොටියාගේ (Lanka Leopard / Panthera pardus kotiya) වාසභූමියක්
යාල/විල්පත්තු වගේ උෂ්ණාධික පැතිවල ඉන්න කොටියන්ට වඩා පුෂ්ඨිමත්, ලෝම ඝණයි, සීතලට වුනු අනුවර්තනයක් මම හිතන්නේ. ඒ උනාට camp site වල ඉදලා කොටියා බලන්න බැහැ. දකින්න වෙන්නේ අඩි පාරවල් විතරයි. කොටියා බලන්න ඕනි නම් හවසට Far Inn Bungalow
(ඒ කියන්නේ දැන් හෝර්ටන් තැන්නේ සංචාරක තොරතුරු මධ්‍යස්ථානය) තියෙන පැත්තේ ඇවිදලා බලන්න.
කඳුකරයේ ඇති අසිරිය වචනයෙන් විස්තර කළ නොහැක. මෙය ජල පෝෂක ප්‍රදේශයක් හා ජෛව කලාපයක් වන නිසාත් ආරක්ෂා කළ යුතුව ඇත. ඔබත් දිනක මෙම ප්‍රදේශයේ ගවේෂණය කරන බව නොඅනුමානය. එහිදී පරිසරය රැකගනිමින් ඔබගේ පා සටහන් පමණක් තබා එන ලෙස ට ඔබට ආයාචනා කරන්නෙමි.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when J'Pura Hiking posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share