Travel with chana

  • Home
  • Travel with chana

Travel with chana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel with chana, Travel Company, .

ගල්බොඩ දියඇල්ල 👫🌼❤️🏞️🐕🐐🐦🐠🦋🐛              🗻 පස්බාගේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැවේගම ග්‍රාමයෙහි ගලබොඩ ඇල්ල පිහිටා ඇ...
23/11/2022

ගල්බොඩ දියඇල්ල 👫🌼❤️🏞️🐕🐐🐦🐠🦋🐛

🗻 පස්බාගේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැවේගම ග්‍රාමයෙහි ගලබොඩ ඇල්ල පිහිටා ඇත. වටවල ප්‍රදේශයෙන් ආරම්භ වන කෙන්දෝ ගඟ මූලාශ්‍ර කර ගනිමින් මෙම දිය ඇල්ල නිර්මාණය වී ඇත. ඇල්ල උසින් මීටර 30ක් පමණ වේ. එමෙන්ම මුහුදු මට්ටමේ සිට උස මීටර 950ක් පමණ ඉහළින් පිහිටා ඇත.

🚂 කොළඹ සිට ගමන් කරන අයෙකු⁣ට උදෑසන 5.55 පොඩි මැණිකේ දුම්රියෙන් උදෑසන 10.30 පමණ වන විට ගලබොඩ දුම්රිය ස්ථානයට ළඟා විය හැකිය. දුම්රිය ස්ථානයේ සිට පයින් විනාඩි 45ක පමණ වේලාවකින් දිය ඇල්ල වෙත ළඟා විය හැකිය. දිය ඇල්ල නැරඹීමට සංචාරකයින් රු.50/- ක ප්‍රවේශ පත්‍රයක් ලබා ගත යුතු වේ. නැවත ගලබොඩින් 2.28 ට සහ 4.06 ට කොළඹ දෙසට දුම්රිය දෙකක් ධාවනය වේ.

🍩 ඉතින් පැය 3ක වගේ කාලයක් තියෙනවා අසිරිය නැරඹීමටත්, නෑමටත්, කෑමටත්, හැබැයි ගලබොඩ කඩවල් නම් මුකුත් නැහැ ඒ නිසා තමන්ට අවශ්‍ය දේවල් රැගෙන යනවා නම් හොඳයි.

😍 ගල්බොඩ දිය ඇල්ල ආශ්‍රිත ප්‍රදේශය අදටත් හරිත පැහැයෙන් දිස්වෙනවා වගේම, පරිසර දූෂණයට ලක් නොවෙමින් පැවතීම විශේෂත්වයකි. ඉතින් සුන්දරත්වයෙන් අනූන මෙම සංචාරක ස්ථානය රැක ගැනීම එහි යන අප සැම අමතක නොකළ යුතු කරුණකි..... 🙏

👫 🌼 ඩන්සිනන් ඇල්ල / ශීන් ඇල්ල 🌄 🛵                      ( පූඩළුඔය )           ඩන්සිනන් ඇල්ල නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්...
01/08/2022

👫 🌼 ඩන්සිනන් ඇල්ල / ශීන් ඇල්ල 🌄 🛵
( පූඩළුඔය )
ඩන්සිනන් ඇල්ල නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබෙන ඉතා සුන්දර දිය ඇල්ලකි. පූඩළුඔය - නුවරඑළිය මාර්ගයේ 2km පමණ දුරක් ගිය පසු එම මාර්ගය අසලම පිහිටා ඇති මෙය පියවර දෙකකින් කඩා හැලේ. ඇල්ලේ උස අඩි 328ක් පමණ වේ.

අඩි 7000ක් පමණ උස ග්‍රේට් වෙස්ටර්න් කඳු පන්තියෙන් පෝෂණය වන පූඩළුඔය අතර මැද දී ඩන්සිනන් ඇල්ල ලෙස කඩා හැලෙමින් කොත්මලාඔයට ගලා බසී. ඇල්ල මධ්‍යයේ සරස්වතී මෑණියන්ගේ පිළිරුවක් මෙන්ම ඊට පසෙකින් හින්දු භක්තිකයන්ගේ කෝවිලක්ද ඉදිකර ඇති බැවින් ඉන් ඇල්ලට පූජනීය බවක් මෙන්ම අමුතුම චමත්කාරයක් ගෙන දෙමින් ගලා යයි.

🛣️ ඩන්සිනන් ඇල්ලට ලඟා වීමට මාර්ග කිහිපයකි.
🛵 මහනුවර සිට - තවලන්තැන්න - පූඩළුඔය - ඩන්සිනන්
🛵 තලවකැලේ සිට - වටගොඩ - පූඩළුඔය - ඩන්සිනන්
🛵 නාවලපිටිය සිට - හපුගස්තලාව - නියන්ගංදොර - කුඹල්ඔළුව - පූඩළුඔය - ඩන්සිනන්
🛵 නුවරඑළිය සිට - කිකිළියාමාන - ඩන්සිනන්
නුවරඑළිය සිට 24km පමණ දුරකින් ඇල්ල පිහිටා ඇත.

නිවාඩුවකට ඔබත් ගොස් අවට පරිසරයට හානියක් නොවන අයුරින් හැසිරීමට වගබලා ගනිමින් එහි චමත්කාරය රිසි සේ විඳගන්න.

27/07/2022

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Travel with chana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share