Travel Vibes

Travel Vibes "Traveling Locations - Sri Lanka" page will share with you the most famous traveling locations in Sri Lanka.

වැඩිය කවුරුත් දන් නැති  #පැල්මඩුල්ලේ තියෙන ලස්සන තැනක් 😍😮🌿🌻🐆🍃🌾🌺මේ The estate 1920 ❤️ᶜʳᵉᵃᵈⁱᵗ ᵍᵒᵉˢ ᵗᵒ ᵒʳⁱᵍⁱⁿᵃˡ ᵖʰᵒᵗᵒᵍʳᵃᵖʰᵉ...
18/07/2024

වැඩිය කවුරුත් දන් නැති #පැල්මඩුල්ලේ තියෙන ලස්සන තැනක් 😍😮🌿🌻🐆🍃🌾🌺
මේ The estate 1920 ❤️

ᶜʳᵉᵃᵈⁱᵗ ᵍᵒᵉˢ ᵗᵒ ᵒʳⁱᵍⁱⁿᵃˡ ᵖʰᵒᵗᵒᵍʳᵃᵖʰᵉʳ. 📸

මෙන්න යනවනම් තැනක්. Down south පැත්තට යන්න ඉන්න Couples වලට නතර වෙන්න පුළුවන් සුපිරි Place එකක්. 😍 මේ තමයි   Beach Villa...
17/07/2024

මෙන්න යනවනම් තැනක්. Down south පැත්තට යන්න ඉන්න Couples වලට නතර වෙන්න පුළුවන් සුපිරි Place එකක්. 😍

මේ තමයි Beach Villas - MATARA,MADIHA

 #අම්බෝ මෙතනටනම් යන්නම ඕනේ 🙈😱🙏💪❤️උදේ දවල් රෑ කෑමත් එක්කම  #රු_5750ක් විතරයි😍 මේ   හබරණ 🇱🇰 කටට රසට කෑම කන්න.. Tree House ...
13/07/2024

#අම්බෝ මෙතනටනම් යන්නම ඕනේ 🙈😱🙏💪❤️

උදේ දවල් රෑ කෑමත් එක්කම #රු_5750ක් විතරයි😍

මේ හබරණ 🇱🇰

කටට රසට කෑම කන්න.. Tree House අත්දැකීමක් ගන්න සෙට් වෙන්න මරු 😍
🏊 Free swimming pool

දෙස් විදෙස් ආකර්ශනය ඇති ත්‍රිකුණාමලයේ තියෙන ලස්සනම hotel එක..😱🤩🏖️️🌿🌴🍒🐬🦅මේ Uga Jungle Beach  Uga Jungle Beach ❤️පරිසරය එක...
11/07/2024

දෙස් විදෙස් ආකර්ශනය ඇති ත්‍රිකුණාමලයේ තියෙන ලස්සනම hotel එක..😱🤩🏖️️🌿🌴🍒🐬🦅
මේ Uga Jungle Beach Uga Jungle Beach ❤️
පරිසරය එක්ක ජීවිතේ විදින්න කැමති අයට යන්න ඔනේ නියම Place එකක්.😍💆

හනිමූන් යන්න කියාපු තැනක් 😮🥰 මාලුන්ට විතරයි පේන්නේ..🙈මේ මාලදිවයිනේ මුහුද යට හදපු වෙනස්ම විදියෙ hotel එකක් 🥲
05/07/2024

හනිමූන් යන්න කියාපු තැනක් 😮🥰
මාලුන්ට විතරයි පේන්නේ..🙈

මේ මාලදිවයිනේ මුහුද යට හදපු වෙනස්ම විදියෙ hotel එකක් 🥲

ලංකාවෙන් ඈත දූපතක රාත්‍රියක්😱🥰මේකනම් යන්නම ඕන ගමනක්😮🌿🏖️☘️🌼🦀ගොඩක් දෙනෙක් යන්න ආසාවෙන් බලන් ඉන්න, කල්පිටියේ ඉඳලා කිලෝමීටර්...
20/06/2024

ලංකාවෙන් ඈත දූපතක රාත්‍රියක්😱🥰

මේකනම් යන්නම ඕන ගමනක්😮🌿🏖️☘️🌼🦀

ගොඩක් දෙනෙක් යන්න ආසාවෙන් බලන් ඉන්න, කල්පිටියේ ඉඳලා කිලෝමීටර් 38ක පමණ දුරින් පැයක පමණ මුහුදු ගමනකින් පසුව බත්තලංගුණ්ඩුව නම් මේ සුන්දර දූපතට ලගා වෙන්න පුලුවන්
මේ Baththalangunduwa Beach Camping ❤️

යාලුවො එක්ක පවුලේ අය එක්ක නාලා කාලා දූපතක රැයක් ඉදලා විනෝද වෙන්න සුපිරිම place එකක්

⭕ Package Details
✅ LKR 8000/= PP | Minimum 6 Pax

⭕ Package Includes
✅ කල්පිටියෙන් යන්නයි එන්නයි දෙකටම ඔයාල වෙනුවෙන් වෙන් කරපු Boat එකක් (ගමන් කාලය පැයක් වගේ)
✅ රාත්‍රිය ගත කිරීම සඳහා අවශ්‍ය camping tent, camping lights, chairs and table
✅ උච්චමුනේ තුඩුව සහ පරාමුනේ දුපත් නැරඹිම.
✅ කෑම වේල් 3 ක් (Lunch, Dinner & Breakfast)
✅ Evening Tea.
✅ Morning Tea.
✅ Safety Jackets.
✅ Parking Facilities.
✅ Toilet Facilities.
✅ Well Experienced Boat Operator.
✅ 24h/24h සේවාව

ඔයාලට තියෙන්නේ කල්පිටියට එන්න විතරයි.(එන,යන වෙලාව කතා කරලා ලෑස්ති කරගන්න පුළුවන්). දූපතට එක්ක ගිහින් පරිස්සමට බලාගෙන ජීවිතේ ලස්සනම දවස් දෙකක් ඔයාලට දීලා ආයේ කල්පිටියට අපි එක්කගෙන එනවා.

දෙන්නටම 3000/- කට නුවර ගිහින් නතර වෙන්න පුලුවන් බජට් Hotel එකක්😮🌿🐬🦀🐦🍃 මේ Seven Kandy Hills නිදහස් වටපිටාවක, ලස්සන View එ...
20/06/2024

දෙන්නටම 3000/- කට නුවර ගිහින් නතර වෙන්න පුලුවන් බජට් Hotel එකක්😮🌿🐬🦀🐦🍃
මේ Seven Kandy Hills

නිදහස් වටපිටාවක, ලස්සන View එකක් එකක් තියෙන තියෙන සුපිරි තැනක් තමයි මේ. Couples වලට වගේම Family වලටත් නිදහසේ ඉන්න පුලුවන් සුහදශීලි සේවාවක් සමග හොඳම Kandy වල හොදම Reviews තියෙන්න Hotel එකක් තමයි මේ.

⭕ Package Details
✅ LKR 3,000/- Day Use Per Couple
✅ LKR 4,500/- Night Use Per Couple
✅ Couple Day outing Packages
Starting From LKR 3,000/-
✅ LKR 7,500/- Family Room (4 Pax)
✅ LKR 40,000/- Full Resort (20 Pax Max)

⭕ Facilities
✅ Comfortable A/C & Non A/C Bedrooms
✅ Attached bathroom
✅ Hot water Facility
✅ Tv Facility
✅ Balcony
✅ Opan warenda
✅ Safely parking Facility
✅ BBQ Facility
✅ Fully Equipped Kitchen

ඔයාලට අවශ්‍ය කෑම බීම ඕනම දෙයක් මෙයාලගෙන් ගන්නත් පුලුවන් නැත්තන් ඔයාලටම උනත් හදාගන්න Fully Equipped kitchen පහසුකම් තියෙනවා.❤👌
දළදා මාලිගාවට යන අයට කිරි ආහාර වගේම කුඩා දරුවන්ට ආහාර මුදල් අය කිරීමකින් තොරව ඔයාලට සකසා ගන්න පුලුවන් ❤
මෙතනට ආවොත්,

📌️ Dalada maligawa (1.5km)
📌️ Bahirawa kanda
📌️ Hanthana Birds park (7km)
📌️ Sandagiri seya (6km)
📌️ Kandy View point (3km)
📌️ Peradeniya Botanical garden
📌️ Nelligala
📌️ Ranawana Temple, වගේ locations ගොඩක් බලන්න පුලුවන්, ඒ වගේම නුවර ඕනම තැනකට Travel කරන්න Scooter එකක් උනත් මෙයාලගෙන් Rent එකට ගන්න පුලුවන්🛵

තව ඔයාලාට අවශ්‍යනම් Office Party, Meeting, Bathday Party වගේ ඒවත් මෙහෙ Arrange කරගන්න පුලුවන්🥳
______________________

20/05/2024

ඒ ෆීලින් එක 😍❤️🙊😲

මැරෙන්න කලින් යන්නම ආස places වලින් එකක් 😍
21/02/2024

මැරෙන්න කලින් යන්නම ආස places වලින් එකක් 😍

එතන missනොකර යන්නම ඕන place එකක්....💦💦
10/01/2024

එතන missනොකර යන්නම ඕන place එකක්....💦💦

07/01/2024

❓ •I think it's green and blue 🍃
Ananya Resort ❤

15/12/2023

ඔව් මේ ලංකාවේ 😍🙊😲
කොහෙද කියමු බලන්න 🙂🖤

📌 ඔබගේ සංචාරක නවාතැන (Hotel/Resort/Villa/Cabana) හෝ ඕනෑම සංචාරක ව්‍යාපාරයක ප්‍රචාරණය කටයුතු අපගේ page එක හරහා සිදුකර ගැනීමට අවශ්‍ය නම් Inbox පණිවිඩයක් යොමුකරන්න. . .

මේ තියෙන්නෙ ගාල්ලේ කළහේ සෙට් වෙන්න නියම තැනක්.පවුලේ අයත් එක්ක හොදට විනෝද වෙලා එන්න පුලුවන් ❤️✌️ දවල් කෑමත් එක්ක රුපියල්_...
14/12/2023

මේ තියෙන්නෙ ගාල්ලේ කළහේ සෙට් වෙන්න නියම තැනක්.පවුලේ අයත් එක්ක හොදට විනෝද වෙලා එන්න පුලුවන් ❤️✌️

දවල් කෑමත් එක්ක රුපියල්_3000 යි..වෙන්නේ
සෙට් එකත් එක්ක ගිහින් පට්ට ෆන් එකක් ගන්න සුපිරි ප්ලේස් එක.. 😍
Welcome Drink ඒකේ ඉඳලා හැම දෙයක්ම සපයන්නේ වෙනම සිස්ටම් එකකට. හෝටලයේ කිසිම සේවකයෙක් ඔබේ ළඟට නෑවිත් සියලු සේවා අඩුවක් නැතුව ලබාදෙන්න සිස්ටම් එකක් හදලා තියෙන්නේ. අනික Day out එකකට යනවා නම් ඔයාලට විතරක් වෙනමම swimming pool එකක් දෙන්නත් ලෑස්තියි. Water activities ගොඩාක් එක්ක තව ගොඩාක් දේවල් මෙතනදි කරන්න පුලුවන්.

කාලෙකින් පවුලේ අය එක්ක නිවාඩුවකට කොහේවත් ගියේ නෑ නේද මේ තෙල් ප්‍රශ්න නිසා. ඒ්කට විසඳුමක් විදිහට කෝච්චියේ ගිහිල්ලා හොඳ Family day out එකකට මෙතන නියම තැනක්. මේ ප්ලේස් එක තියෙන්නේ ගාල්ලේ කලහේ. කෝච්චියෙන් ගාල්ලට ගිහිල්ලා අකුරැස්ස බස් එකේ ගියාම විනාඩි 5කින් මෙතනට යන්න පුළුවන්. මෙතන තියෙන්නේ water park එකක්. ලංකාවේ ලස්සනම Swimming pool එක තියෙන්නේ මෙතන කිව්වොත් හරි. පවුලේ කට්ටිය එක්ක ගිහිල්ලා water games ටිකක් කරලා නිදහසේ ගත කරලා එන්න මෙතන නියම තැනක්.
Welcome Drink, Lunch, Evening Snacks එක්ක මෙතන අය කිරීම එක්කෙනෙකුට රුපියල් 3000/-යි. හැබැයි එන්න කලින් වෙන් කරගන්න ඔන..

යන්න සුපිරිම තැනක් තමයි මේ.කාලා බීලා චිල් එකේ ඉඳල එන්න යාලුවෝ සෙට් එකත් එක්ක මරුම place එක.❤️✌️👏🙋‍♀️🙋

📌 ඔබගේ සංචාරක නවාතැන (Hotel/Resort/Villa/Cabana) හෝ ඕනෑම සංචාරක ව්‍යාපාරයක ප්‍රචාරණය කටයුතු අපගේ page එක හරහා සිදුකර ගැනීමට අවශ්‍ය නම් Inbox පණිවිඩයක් යොමුකරන්න. . .

05/12/2023

කවුද දන්නෙ මෙ Place එක? 😍🌳🌺🌿

සති අන්තයේ ඉතා සහනදායී මිළකට එක්දින විනෝද සංචාරයක්! 😯🥰 "සීතාවක ඔඩිසි" ධාවනය ඇරඹේ! 🚂🚂🚂සීතාවක ඔඩිසිය Seethawaka Odyssey 20...
28/11/2023

සති අන්තයේ ඉතා සහනදායී මිළකට එක්දින විනෝද සංචාරයක්! 😯🥰 "සීතාවක ඔඩිසි" ධාවනය ඇරඹේ! 🚂🚂🚂

සීතාවක ඔඩිසිය Seethawaka Odyssey 2023 පෙබරවාරි 26 සිට සෑම ඉරිදාවකම ධාවනයට එක් කිරීමට කටයුතු කරනු ලැබුවා ! මේ අනුව කොළඹ සිට S12 වර්ගයේ සුඛෝපභෝගී දුම්රියකින් වග හා අවිස්සාවේල්ල දක්වා ගමන් කරයි. සංචාරය ආරම්භ වන්නෙ වග දුම්රිය ස්ථානයෙනි. එතැන් සිට එකාබද්ද බස් සේවාවක් හරහා සංචාරක ස්ථාන නැරඹීමට සංචාරකයන් ප්‍රවාහනය සිදු කරයි.
ඉන් අනතුරුව සවස් වරුවේ නැවත මෙම දුම්රිය වග සිට කොළඹ දක්වා ගමන් කරයි.
⭕ දුම්රිය කාලසටහන ( සෑම ඉරිදා දිනකම )

✅ කොළඹින් පිටත් වීම : පෙ.ව. 7.15 ට
✅ වගට ලගා වීම : පෙ.ව. 9.02
✅ අවිස්සාවේල්ලට ලගා වීම : පෙ.ව. 9.35
එදිනම සවස
✅ අවිස්සාවේල්ලෙන් පිටත් වීම : ප.ව. 05.25
✅ වගට ලගා වීම : ප.ව 06.05
✅ කොළඹට ලගා වීම : ප.ව 08.03

⭕ දුම්රිය ටිකත් ගාස්තු
මෙම දුම්රියේ සියලුම ආසන කලින් වෙන් කර ලබා ගත යුතුය.
✅ One Way Tickets
1st Class - LKR 500/=
2nd Class - LKR 300/=
3rd Class - LKR 200/=
✅ Return Tickets
1st Class - LKR 800/=
2nd Class - LKR 500/=
3rd Class - LKR 350/=
⭕ වග සිට ඔබව බස් රථ මගින් ප්‍රවාහනය සදහා packages පහත පරිදි වේ.
මෙම packages වග දුම්රිය ස්ථානයේ සිට සියලුම සංචාරක ස්ථාන නරඹා නැවත පුවක්පිටිය දුම්රිය ස්ථානය දක්වා පැමිණීම සදහා වේ.
Full Ride Package
✅ A/C = LKR 630/=
✅ Non A/C = LKR 430/=
මෙමගින් ආවරණය කරන සංචාරක ස්ථාන සහ නැරඹුම් වේලවන්.
📌️ වක් ඔය
පෙ.ව. 10 සිට 10.45 දක්වා
(නැරඹීමට ගාස්තු අය නොකෙරේ)
📌️ ලඹුගම, කලටුවාව ජලාශය
පෙ.ව. 11.10 සිට 11.50 දක්වා
(නැරඹීමට ගාස්තු අය නොකෙරේ)
📌️ රන්මුදු ඇල්ල
ප.ව. 12.15 සිට 12.45 දක්වා
(නැරඹීමට ගාස්තු අය නොකෙරේ)
📌️ කුමාරි ඇල්ල
ප.ව. 2 සිට 2.45 දක්වා
(නැරඹිමට ගාස්තු අය නොකෙරේ)
📌️ සීතාව උද්හිත උද්‍යානය
ප.ව. 3 සිට 4.45 දක්වා
ඇතුල් වීමේ ගාස්තු.
✅වැඩිහිටි - LKR 100
✅12ට අඩු - LKR 20
✅ජේශ්ඨ පුරවැසි - LKR 20
✅විදේශීය - LKR 2000

📌️ සංකෘතික සංදර්ශනය
ප.ව. 5 සිට 5.45 දක්වා
(නැරඹීමට ගාස්තු අය නොකෙරේ)
දුම්රිය ටිකට්පත් Online ක්‍රමයට හෝ ලගම ප්‍රධාන දුම්රිය ස්ථානයෙන් ලබාගත හැක.

© RDMNS.Lk

මීදුමෙන් වැහෙන සීතල කැලෑවක් මැද ලී වලින් වෙනස්ම විදිහට හදපු Cottage එක 🥹🌿️🛖❤️මේ The Forest Retreat - දෙනියායනිස්කලංක පරි...
22/10/2023

මීදුමෙන් වැහෙන සීතල කැලෑවක් මැද ලී වලින් වෙනස්ම විදිහට හදපු Cottage එක 🥹🌿️🛖❤️

මේ The Forest Retreat - දෙනියාය
නිස්කලංක පරිසරයක නිවාඩුවක් ගත කරන්න මේ වගේ තැනක් නම් ලංකාවේ වෙන කොහෙවත් නෑ. සිංහරාජෙට මායිම්ව තියන මෙතන ඔක්කොම 9 දෙනෙක්ට ඉන්න පුලුවන් ලී වලින් හදපු Cottage 3ක් තියනවා 😀🥳

Honeymoon එකට සීතලත් එක්ක නිදහසේ ඉන්න තැනක් හොයන අයට මෙතන මරු. ඒ වගේම natural pool එකක්, සිංහරාජ Forest එකේ Safari එකකුත් දෙනවා 🤩🌿🛻

Double | Full Board LKR 24,000
Triple | Full Board LKR 27,000
Reservations - 077 1217 294

මේ වගේ ලංකාවේ වෙනස්ම hotels ගැන දැනගන්න එක පාරක් හරි යන්නම ඕන Hotels & Restaurants අපේ page එකට like එකක් දාන්න ❤️

මීදුමෙන් වැහෙන සීතල කැලෑවක් මැද ලී වලින් වෙනස්ම විදිහට හදපු Cottage එක 🥹🌿️🛖❤️මේ The Forest Retreat - දෙනියාය නිස්කලංක පර...
15/10/2023

මීදුමෙන් වැහෙන සීතල කැලෑවක් මැද ලී වලින් වෙනස්ම විදිහට හදපු Cottage එක 🥹🌿️🛖❤️
මේ The Forest Retreat - දෙනියාය

නිස්කලංක පරිසරයක නිවාඩුවක් ගත කරන්න මේ වගේ තැනක් නම් ලංකාවේ වෙන කොහෙවත් නෑ. සිංහරාජෙට මායිම්ව තියන මෙතන ඔක්කොම 9 දෙනෙක්ට ඉන්න පුලුවන් ලී වලින් හදපු Cottage 3ක් තියනවා 😀🥳

Honeymoon එකට සීතලත් එක්ක නිදහසේ ඉන්න තැනක් හොයන අයට මෙතන මරු. ඒ වගේම natural pool එකක්, සිංහරාජ Forest එකේ Safari එකකුත් දෙනවා 🤩🌿🛻

මේ වගේ ලංකාවේ වෙනස්ම hotels ගැන දැනගන්න එක පාරක් හරි යන්නම ඕන Hotels & Restaurants අපේ page එකට like එකක් දාන්න ❤️

📍  Leisure Land  - Galle 🍃🏝️මේ ගාල්ල කළහ LESIURE LAND ECO VILLA.විනෝදයෙන් දවස ගත කරන්න WATER ACTIVITIES ගොඩාක් එක්ක තව ග...
01/10/2023

📍 Leisure Land - Galle 🍃🏝️

මේ ගාල්ල කළහ LESIURE LAND ECO VILLA.
විනෝදයෙන් දවස ගත කරන්න WATER ACTIVITIES ගොඩාක් එක්ක තව ගොඩාක් දේවල් මෙතන තියෙනවා.

හැබැයි යන්න කලින් ඔයාගේ කථාකරලා BOOKING එකක් දාගන්න වෙනවා. මෙතන SWIMMING POOLS 2 ක්ම තියෙන නිසා හොදට විනෝද වෙන්න පුළුවන්.
ඒ වගේම customer servise එකත් ගොඩාක්ම හොදයි. ❤️ යන්නම ඕනි ලස්සනම තැනක් 😍
මෙතන WELCOME DRINK (Fruit juice) + SWIMMING POOL + ACTIVITIES +LUNCH + EVENING COFFEE එක්ක එක්කෙනෙකුට පැකේජ් එක LKR 3,500/- යි.

Enjoy.. 😉

-  මාදුගගේ බෝට්ටු සවාරි 🌊🛶☘️ දවසේ ට්‍රිප් එකක් යන්න ලස්සන තැනක් 🌊🐊🦐🦀🐟දකුණු පළාතේ බලපියටි ප්‍රදේශයේ පිහිටා ඇති මාදුගග, ලං...
12/08/2023

- මාදුගගේ බෝට්ටු සවාරි 🌊🛶☘️ දවසේ ට්‍රිප් එකක් යන්න ලස්සන තැනක් 🌊🐊🦐🦀🐟

දකුණු පළාතේ බලපියටි ප්‍රදේශයේ පිහිටා ඇති මාදුගග, ලංකාවේ පරිසර හා ජෛව විවිධත්වය ගැන උනන්දුවක්දක්වන අයගේත්, නිස්කලංකව විචිත්‍ර දසුන් මැද විවේකය ගෙවන්න කැමති අයගේත් අවධානය දිනාගත් සංචාරක කළාපයක් කිව්වොත් ඒක වැරදි නැහැ.

ගංගා නම් ලංකාවේ ඕනැ තරම් තියෙන්නේ කියලා අපිට හිතන්නත් පුලුවනි. ඒත් ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ කඳු මුදුනකින් පටන් අරගෙන සැතපුම් හයක් පමණ කෙටි දුරක් ගෙවාගෙන පැමිණෙන මාදුගග ලංකාවට මෙතරම් වැදගත් වන්නේත්, එය දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් මෙතරම් ඇද බැඳ ගන්නේත් මන්දැයි කිසිවෙක් කල්පනා කරන්නත් පුලුවනි. ඒ ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ.

දූපත් රැසක්.
මාදුගගෙ ඇති සුවිශේෂම අංගය වන්නේ එය දූපත් රැසක් පරිසරයට බිහි කරන්නට සමත්වීම නිසයි. මෙම දූපත්ප්‍රමාණය 64ක් බව කියැවෙනවා. ඒ අතර සමහරු කියන්නේ දැනට ඉතිරිව ඇත්තේ දූපත් 25ක් පමණක් බවයි.

කොහොම වුනත් මාදුගගේ සවාරිය යන කිසිම සංචාරකයෙක් මෙහි ඇති දූපත් සංඛ්‍යාව ගැන එතරම් සැලකිලිමත්වෙන්නේ නැහැ. එයට හේතුව ඒ සියලුම දූපත්වලට යාමට ඔවුන්ට අවශ්‍යතාවයක් නොදැනෙන නිසයි. මොකද එකිවෙනකට විවිධ වූත්, විවිධ කාර්යයන්ගේන් හා පරිසර සුවිශේෂතාවලින් යුක්ත වූත් දූපත් වල ඇති චමත්කාරය මෙහිදි සිත් සේ විඳින්න පුලුවන්.

කුරුඳු දූව, කොත් දූව, මා දූව, දික් දූව, තල් දූව, කඩාපාන දූව, සතපහෙම් දූව, පෙරියමරක්කල දූව, එරවන දූව, මීමා දූව, කිනිය දූව, මියම් දූව, මුවන් දූව, අප්පල දූව, ආදිය මෙහි ඇති ප්‍රධාන දූපත් ලෙෂ හඳුන්වන්න පුලුවන්. මෙම දූපත්වල කෙරෙන විවිධ සම්ප්‍රදායක වෘත්තීන් සංචාරකයන්ට ලබා දෙන්නේ සොඳුරු අත්දැකීමක්.

මේ අතරින් කුරුඳු දූව වෙන්ව ඇත්තේ කුරුඳු තැලීමේ වෘත්තියන් දකින්න ලබෙනවා. සාමාන්‍යයෙන් සම්ප්‍රදායිකව කුරුඳු තලන ආකාරය දැකලා නැති අයට මේක ඉතාම සුන්දර අත්දැකීමක්.
අපනයනය පිණිස කුරුඳු නිෂ්පාදනය කරන ආකාරය, කුරුඳු තෙල් හිඳින ආකාරය හා වෙනත් කුරුඳු ආශ්‍රිත නිපැයුම් මෙහිදි දකින්නත්, මිළදී ගන්නත්අවස්ථාව සංචාරකයන්ට සැලසෙනවා.
මේ හැරෙන්නට ඇති අනෙකුත් දූපත්වලත් දකින්න, බලන්න බොහෝ දේවල් තියෙනවා. ඒ අතර ප්‍රධාන වන්නේ ජෛව හා ශාක විවිධත්වයයි. මෙතරම් තෙත්බිම් කලාපීය විවිධත්වයන් ලංකාවේ ඇති ස්ථාන ඉතාම අල්ප වීම එයට හේතුවයි.

මාදුගගේ දුපත් පද්ධතිය අතරින් විශාලතම දුපත වන්නේ මා දූවයි. හෙක්ටයර් 38ක් පමණ විශාල මෙහි පවුල් 150ක් විතර පදිංචිව ඉන්නවා. එහි ඇති පෞරාණික පන්සල වසර 400කට පමණ අතීතයකට නෑකම්කියන්නක්. පුරාවෘත්ත අනුව කියැවෙන්නේ එය සංචාරකයන්ගේ ආධාර මුදල් මත ඉදිවූවක් කියලයි. එහි ඇති බෝධිය වසර 600ක් පමණ වන බවයි ගම් වැසියන් පවසන්නේ.
මේ දූපත් වාසීන්ගේ ජීවන වෘත්තිය වන්නේ ධීවර කර්මාන්තය හා කුරුඳු තැලීමයි. ඒ අතරින් දිනපතා නගරයේ රැකියා සඳහා පිටත්ව යන පිරිසකුත් ඉන්නවා. දූපත් පංතිය අතරින් කොත් දූප ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ එහි ඇති රජමහා විහාරය නිසයි. ඉතිහාසයේ කිසියම්කාලයක පර සතුරු උවදුරුවලින් ආරක්‍ෂා කරගනු පිණිස දළදා වහන්සේ මෙහි සග’වා තිබූ බවට ජනප්‍රවාදයකුත්තියෙනවා.
මෙම දූපත් අතරින් ඉතාම කුඩා දූපත වන්නේ සතපහේ දූපතයි. එහි කතරගම දෙවියන් වෙනුවෙන් කැපවුන දේවාලයක නටඹුන් තාමත් දැකිය හැකියි. සමහර ගැමියෝ අදටත් එහි පුද සිරිත් කරනු දකින්න පුලුවන්. මාදුගගෙ ’්සිට සතපහේ දූපත ඉතාම සුන්දර දසුනක් කියලා කිව්වොත් එය අතිශයෝක්තියක් නම් නෙමෙයි.

දූපත් අතරේ ඇති නයි දූවට බොහෝ සංචාරකයන් යන්නේ නැහැ. මොකද තැන තැන සැරිසරන සර්පයන් අසු වූ විට ඔවුන් රැගෙනගොස් අතහරින්නේ නයි දූවටලු. මේ නිසා සංචාරකයන් මෙම දූපතට නොගියත් කමක් නෑ කියලා කියන එක වඩාත් හොඳයි.

ලංකාවේ කිසිම තැනක දකින්නට නොහැකි විරල දසුනක් දකින්නත් මාදු ගගෙ’් සවිරියේ යෙදෙ සංචාරකයන්ට අවස්ථාව තිබෙනවා. ඒ දූපත් තුනක් යා කරමින් ඉදිකර ඇති ලෝහමය පාලමයි. මෙම පාලම පටු නිසා ත්‍රිරෝද රථයකට වඩා පළල වාහනයකට ගමන් කළ නොහැකියි.

මාදුගග’ ආශ්‍රිතව තවත් කෙරෙන කාර්යයක් තමයි ඉස්සන් වගාව. එහි ඇති ඉස්සන් කොරටු සංචාරකයන්ට දැක ගන්න පුලුවන්. මෙම ඉස්සන් කොරටු රාත්‍රි කාලයේ රැකබලා ගන්නට හිමිකරුවන් විසින් පැල්පත් සාදාගෙන මුර කරන ආකාරය සාමාන්‍ය දසුනක්. ඇතැම් ඉස්සන් කොටු නැරඹීමට සුළු මුදලක් අය කළත්, එය ගෙවා හෝ නරඹන්නට බොහෝ සංචාරකයන් අමතක නොකරන්නේ එය දැනුම, අත්දැකීම් සොයන අයට කදිම අත්දැකීමක්නිසයි.

මාදු ගගෙ’් කිඹුල්ලු සිටින බව සමහරු කියනවා. මෙය ඇත්තකද බොරුවක්ද කියන එක පැහැදිලි නෑ. ඒ වුනත් එය ඇත්තක් කියලා ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන එක සංචාරකයන්ගේ ශරීර සෞඛ්‍යයට යහපත් වන බවයි අපේ හැග’ීම.

ඒ කෙසේ වෙතත් කිඹුල්ලුන්ගේ කතාව පැත්තක තියලා ඉතාම අලංකාර මිරිදිය මසුන් මෙහිදි
දකින්නට සංචාරකයන්ට පුලුවන්. හුංගා, කපු හෙන්දා, කාවයියා, තෙලයා, කොරලියා, කකුළුවන් හා පොකිරිස්සන්මෙහි බහුලව දැකිය හැකි මිරිදිය සතුන්. ඒ හැරෙන්නට කඩොලාන, රතමිල්ල වැනි ශාක මෙහි දකින්නට අවස්ථාව තිබෙනවා.

මාදු ගගෙ’් දූපත් සවාරිය සඳහා බෝට්ටු එහි තිබෙනවා. ඒ නිසා සංචාරකයන්ට ඔවුන්ගේ මගපෙන්වීම ලබාගැනීමට අනිවාර්යයෙන් සිදුවන්නක්. ඒ නිසා කල් ඇතිව ඔවුන් සම්බන්ධ වී ගාස්තු ආදිය ගැන කතා කරගන්න එක වඩාත්සුදුසුයි. කොස් වුවත් ඔවුන් බොහෝ අය බෙහෙවින් මිත්‍රශීලි අය බව නම් සඳහන් කිරීම වටිනවා. ඒ නිසා ඔවුන්ගේ මගපෙන්වීම හා උපදෙස් මත මෙම සංචාරය ඉතාම සුන්දර මතක සටහන් සහිත ගමනක් කරගන්නට ඔබට අවස්ථාව සැලසෙනවා.

- උපුටා ගැනිමකි-

📸 මුල් හිමිකරුවන් සතුයි.

Day Out එකක් යන්න නියම තැනක් 😍 🌿🍂🍀හොරන කදු ගැටයක් උඩ පිහිටා තිබෙන  අපුර්ව නවාතැනක් 😍🍀👣🍂
09/07/2023

Day Out එකක් යන්න නියම තැනක් 😍 🌿🍂🍀
හොරන කදු ගැටයක් උඩ පිහිටා තිබෙන අපුර්ව නවාතැනක් 😍🍀👣🍂

30/06/2023

නවසිලන්තේ නෙවෙයි මේ ලංකාවේ 😍

තලවතුගොඩින් COUPLE DAY OUTING එකක් යන්න පුළුවන් නිඳහස් තැනක්.මේ Hide Out - Thalawathugoda 𝗡𝗼 𝟯𝟰𝟮/𝗘, 𝗬𝗼𝘂𝗻 𝗣𝗹𝗮𝗰𝗲, 𝗞𝗮𝗻𝗮𝘁𝘁𝗮 ...
28/06/2023

තලවතුගොඩින් COUPLE DAY OUTING එකක් යන්න පුළුවන් නිඳහස් තැනක්.
මේ Hide Out - Thalawathugoda

𝗡𝗼 𝟯𝟰𝟮/𝗘, 𝗬𝗼𝘂𝗻 𝗣𝗹𝗮𝗰𝗲, 𝗞𝗮𝗻𝗮𝘁𝘁𝗮 𝗥𝗼𝗮𝗱, 𝗛𝗼𝗸𝗮𝗻𝗱𝗮𝗿𝗮 𝗦𝗼𝘂𝘁𝗵, 𝗧𝗵𝗮𝗹𝗮𝘄𝗮𝘁𝗵𝘂𝗴𝗼𝗱𝗮


.

රු. 3750ට සුන්දර නකල්ස් කඳුපන්තියට මායිම්ව නිවාඩුවක් ගත කරන්න සුපිරි Cottage එකක් 😮😍🔥මේ දුම්බානා Dumbanaa cottage - නකල්...
21/06/2023

රු. 3750ට සුන්දර නකල්ස් කඳුපන්තියට මායිම්ව නිවාඩුවක් ගත කරන්න සුපිරි Cottage එකක් 😮😍🔥

මේ දුම්බානා Dumbanaa cottage - නකල්ස්

මීදුමෙන් වැහෙන කඳු මුදුන් වල හිත හිරි වැටෙන view එකකුත් එක්ක නිදහසේ ගතකරන්න සුපිරිම තැනක්. ඒ වගේම වන ලැහැබේ සැඟවුනු ස්වභාවික නාන තටාක එහෙමත් තියනවා.
බස් එකේ එනවා නම් තෙල්දෙනියට ඇවිල්ලා තන්ගප්පුව බස් එකෙන් එන්න පුළුවන්. එතන ඉදන් 1km වගේ hike එකක් තියනවා. කැමති නම් රු. 2500ක් දීලා safari jeep එකක cottage එකට එන්න පුළුවන්.

පෞද්ගලික වාහනේක එනවා නම් cottage එක ගාව parking එකට එන්න පුළුවන්.
Minimum 8 people 👇

•Only Cottage with Chef
LKR 30000
•Full Board
LKR 6500 Per person (1500/- for BBQ)

🔥Special Couple package for Weekdays
LKR 16000 ( Double / Full board )

දැන්ම කතා කරලා ඔයාගෙ දවස වෙන් කරගන්න 🥳😍

*** Daiya Food Restaurant *** ⭕ සවලෙන් කන්න කැමති අයට ගාල්ලෙ තියෙන සුපිරි තැනක් මේ..⭕ Restaurant එකේ නම වගේම තමා කෑමත් "...
20/06/2023

*** Daiya Food Restaurant ***

⭕ සවලෙන් කන්න කැමති අයට ගාල්ලෙ තියෙන සුපිරි තැනක් මේ..
⭕ Restaurant එකේ නම වගේම තමා කෑමත් "දයියා"..
⭕ Price එකට Set වෙන්න හොද Potion එකක් සවලෙන් කන්න ඔයත් පවුලේ අයත් එක්ක මෙතනට එන්නම ඕන..

~මේක තියෙන්නෙ~

🛑 ගාල්ලෙ..

➡️ Daiya Food Restaurant

𝐃𝐚𝐢𝐲𝐚 𝐅𝐨𝐨𝐝 𝐑𝐞𝐬𝐭𝐮𝐫𝐚𝐧𝐭 😍
#දයියාFood #දයියාFood

18/06/2023

මතක අව්ස්සන, සොදුරු මතක පමනක් ඉතිරි කල නගරය
#ගාල්ල ❤️

18/06/2023

ඒ Feeling එක ගන්න මේ පාරෙ යන්නම ඕන ❤️🥰

ඡායාරූප හිමිකරුවන් නොදනී. ඒ ගැන සමාව ඉල්ලා සිටිමි. ➡️ විශ්ව විද්‍යාල සිසුන්ම විශ්ව විද්‍යාලය තුල පවත්වාගෙන යන අවන්හල... ...
11/06/2023

ඡායාරූප හිමිකරුවන් නොදනී. ඒ ගැන සමාව ඉල්ලා සිටිමි. ➡️ විශ්ව විද්‍යාල සිසුන්ම විශ්ව විද්‍යාලය තුල පවත්වාගෙන යන අවන්හල... 👉The KIOSK 🤩🍃🍽️

Students for Students සංකල්පය අනුව මෑතකදී පේරාදෙණිය සරසවියේ කෘෂි පීඨයේ ඉදිවූ, වෙනස්ම කැෆේ එකක්..👩‍🍳🍄(කැන්ටිමක් නෙමේ)

වැදගත්කම තමා මේ කැෆේ එක මැනේජ් කරන්නෙ ඇග්‍රි ෆැකල්ටි එකෙම සිසුන්.. එයාලට ෆ්‍රී වෙලාවල් වල part time shifts වලට වැඩ කරන්න පුළුවන්.(පිටරටත් මේ සංකල්පය ගොඩක් ජනප්‍රිය යි)

බොහොම නිදහස් , සුවපහසු වටපිටාවක් තියෙන
ඕනෙම කෙනෙක් ට විවෘත කැෆේ එකක්..
සාධාරණ මිල ගනන් යටතේ පිරිසිදු ආහාර ,බීම වර්ග, අතුරුපස වර්ග, කේක්, අයිස් කොෆී,Mojito, ඩෝනට්ස්,Soup ජාති, ක්‍රිස්පි චිකන් බර්ගර්,හොට්ඩෝග්, නූඩ්ල්ස් වගේ තව කෑම ජාති ගොඩක් තියෙනවා .☕🍰🍩🍝️🍗🥪
අමතක උනා නේ..Vet farm එකෙන් එදා උදේම දොවාගෙන එක fresh milk වලින් හදන රසම රස මිල්ක්ශේක් (Chocolate / strawberry ) එකකුත් තියෙනවා ..ඒකනම් මාරම රසයි..😋
විශේෂත්වය තමයි වෙන තැන් වල වගේ ආහාර රස ගන්වන්න MSG (අජිනමොටෝ) වගේ කෘතිම රසකාරක මුකුත්ම පාවිච්චි කරන්නෙ නෑ..ස්වාභාවික රසකාරක වලින් තමා කෑමට රස එකතු කරන්නෙ....😇

එදිනෙදා අවශ්‍ය එළවළු ජාති නැවුම් පිට එදාම අරන් එනවා..කල් යව යව ෆ්‍රිජ් වල දාන පරන වුණු එළවළු කිසිවක් යොදාගන්නෙ නෑ..ඒ නිසාමා කෑම ජාති ගොඩක් ෆ්‍රෙශ්..🥕🥦🌶️🍄
Open kitchen එකක් තියන නිසා ඔයාගේ කෑම වේල හදන්නෙ කොහොමද කියලා ඇස් දෙකෙන්ම බලාගන්නත් පුළුවන් ..(Chef Uncle හරිම කඩිසරයි)
යාලුවො එක්ක, දෙමව්පියෝ එක්ක, GF/BF එක්ක ඇවිත් නිදහසෙ කෑම කන්න, කතා කරන්න , වගේම
යාලුවොන්ගෙ birthday වලට, විශේෂ අවස්ථාව වලදි ඇවිත් කේක් එකක් කපලා, පොඩි පාටියක් එහෙම දාලා, සින්දුවක් කියලා යන්නත් පුළුවන් 🎂🍹
මනස ටිකක් රිලැක්ස් කරගන්න , පාඩුවෙ පාඩම් වැඩක් කරගන්න හිතුනොත්, නිස්කලංක පරිසරයක් වගේම, free WIFI තියෙනවා ..👩‍💻🙇

හැම සිකුරාදාම් හවසට කැම්පස් එකේම ලමයින්ගෙ ලස්සන entertainment event එකක් කරනවා..මනස සන්සුන් කරන ලස්සන සිංදු ටිකක් අනිවාර්යයෙන් ම අහන්න පුළුවන් එදාට ආවොත් ..💆🏻‍♀ 🎶
ඉතින් ඔයාලත් ෆ්‍රී වෙලාවක ඇවිත් යන්න අමතක කරන්න එපා..😁♥️

සතියෙ දවස් පහම වගේම සෙනසුරාදා ඉරිදා ත් 9am - 8 pm විවෘත යි..

උපුටා ගැනීමකි.

කවුරුත් වැඩිය නොදන්න ලස්සන තැනක්...😍පොල්ගහවෙල මෙහෙම තැනක් තියෙනවා කියලා දන්නවාද..පොල්ගහවෙල සුන්දර වනලැහැබක් මැද ලස්සන තැ...
08/06/2023

කවුරුත් වැඩිය නොදන්න ලස්සන තැනක්...😍

පොල්ගහවෙල මෙහෙම තැනක් තියෙනවා කියලා දන්නවාද..
පොල්ගහවෙල සුන්දර වනලැහැබක් මැද ලස්සන තැනක්

ස්වභාවික නාන තටාකයේ නාල විනෝද වෙන්නත් පුලුවන් සුපිරිම තැනක් තමයි මේ ගිහින්ම බලන්න
Birds Park පොල්ගහවෙල

බාලි වල වගේ ගැමි සුන්දරත්වය විදින්න වැවක් ඉස්මත්තේ තියෙන අමුතුම තැන 😍🍃🥺 banyan camp - හම්බේගමුවකැලයක් මැද Eco-friendly ව...
06/06/2023

බාලි වල වගේ ගැමි සුන්දරත්වය විදින්න වැවක් ඉස්මත්තේ තියෙන අමුතුම තැන 😍🍃🥺

banyan camp - හම්බේගමුව

කැලයක් මැද Eco-friendly විදිහට වැවක් අයිනේ, ආකර්ශනීය ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව හදලා තියෙන වෙනස් තැනක්. පරණ බෙන්ස් ලොරියක් ඇතු‌ලේ හදපු කබානා එකක්, තල් අතු වහලක් තියන අමුතු විදිහට හදපු තවත් කබානා කිහිපයක්ම තියෙනවා ⛺🍃

Photo credit goes to owners 🖤

03/06/2023

සමහරක් තැන් තියේ එවා සැගවිලාම තියෙන තරමට හොදයි කියලා හිතෙන 🌏💚
පුලුවන් නම් කියන්න මේ කොහෙද කියලා ? 😇😎

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Travel Vibes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share