Mashi

Mashi නිදහසේ ඉන්න ගමන්

දරුවන්ට දැනෙන්න ආදරේ කරන්න  ❤️දරුවන් කියන්නේ  මේ ලෝකෙම අනාගතය .  බැදීම් ලස්සන කරන හැරවුම් ලක්ශය.😍 ආදරණීය බන්ධනය. එකී මෙක...
30/05/2023

දරුවන්ට දැනෙන්න ආදරේ කරන්න ❤️

දරුවන් කියන්නේ මේ ලෝකෙම අනාගතය . බැදීම් ලස්සන කරන හැරවුම් ලක්ශය.😍 ආදරණීය බන්ධනය. එකී මෙකී නොකී හැමදේම දැරුවන්. පුංචිම වයසෙදි එයාලා සුදුපාට කඩදාසියක් වගේ. 🥺හරිම පිරිසිදුයි. ඒ කඩදාසිය ලස්සනට පාට කරන්නේ හෝ අවලස්සන කරන්නේ වැඩිහිටියන් . හිම පියලි වගේ පිරිසිදු නැවුම් පුංචි මනස පොඩ්ඩ පොඩ්ඩ විසෙන් හෝ ගුණෙන් පුරවන්නේ වැඩිහිටියන් . 😯

දරුවන් අහිංසකයි . එයාලා හරි ආසයි අම්මා තාත්තා ළඟ උණුසුම් වෙන්න. උණුසුම ලබන්න . ඒ වගේම අම්මා තාත්තා ආදරෙන් ඉන්න හැටි දකින්න. සංසාර හුරුවට කුසට ආව දවසේ ඉදලා එයාලට ආදරණීය දේවල් දැනෙන්න ඕනී. අම්මා තාත්තා ගෙ ආදරණීය බව විශේශයෙන්ම. එයාලා ආදරෙන් ඉන්න එක තමයි දරුවන්ගේ ලොකුම සතුට.😍

දරුවන්ට දැනෙන්න ආදරේ දෙන්න ඕනී. එයාලට ආදරණීය ස්පර්ශය තරම් බලගතු දෙයක් නැහැ. 🥺 දරුවන් ඉදිරියේ රණ්ඩු වෙනවා නම් රණ්ඩු දකිනවා නම් ඇත්තටම ඔබ දරුවන්ට දෙන ආදරේ අපරාධයක් .😑 අම්මා තාත්තා අතර ගැටුම් වචන හුවමාරු කියන්නේ දරුවන්ට විශාල මානසික පීඩාවක්.දරුවාගේ පුංචි මනස වර්ධනය වෙන අවදියේ නොදැනුවත්ව ම ඔබ දරුවා මානසික කම්පනයක් සහිතව සමාජගත කරන බව නම් නොඅනුමානයි. 🤨

අනේ පුංචි හිත් හරිම මෘදුයි. හරි අහිංසකයි . එයාලට වැරදි ස්පර්ශය හා නිවැරදි ස්පර්ශය කියා දෙන්න. පිටස්තර බැදීම් වල භයානක පැති අවුරුදු 4ක් 5ක් වෙද්දි කියා දෙන්න. ස්වාධීන කරන්න . හොද කශේරුකාවක් සහිතව. පිරිමි දරුවෙක් ද ගැහැණු දරුවෙක් ද අදාල නෑ මානසික රෝගියෙක් නොකර දරුවා ආදරණීය ලෙස ලෝකයට දෙන එකේ ලොකුම වගකීම් තියෙන්නේ අම්මා සහ තාත්තා ට. 👨‍👩‍👧‍👧

එතනින් එහාට හැම වැඩිහියෙක්ම හැම දරුවෙක්ට ආදරණීය විය යුතුමයි. මගේ දරුවා ඔබේ දරුවා ලෙස වෙන් නොකර ආදරණීය වෙනවනම් පුංචි පැටව් ආදරෙන් ලොකු වේවි. 💓 ඔවුන්ට නිතරම දැනෙන්න ආදරේ දෙන්න. ආදරණීය තරවටු , ආදරණීය දඩුවම් පමණක් දෙන්න. හැම මොහොතක්ම අත්දැකීමක් කරන්න. ජීවිතේ ඔවුන්ම ඉගන ගනීවි.🤗

පුංචි දරුවන් එක්ක කරන ගනුදෙනුවෙදි වැදගත් ම දේ ආදරේ .❤️ ආදරේ විතරමයි.
අම්මා තාත්තා රණ්ඩු වෙනවනම් , ඔවුන් නිතරම argument විතරනම් මතක තියා ගන්න කෝටි ගනන් වියදම් කරත් දරුවන්ට ආස දේ දුන්නත් ඔබ නිර්මාණය කරන්නේ මානසික ආතතියෙන් පිරුණු දරුවෙක් බව.🥺 ඔබ මොනවා නොදුන්නත් positive හැගීම් එක්ක අම්මා තාත්තාගේ ශක්තිමත් බැදීම දරුවට කෝටියකට වඩා වටින බව මතක තියා ගන්න. 😍මොකද දරුවන් අනුගමනය කරන්නේ අම්මා තාත්තා විතරමයි. 🥰

පුතෙකු නම් අම්මාට ආකර්ෂණ වෙමින් තාත්තා අනුගමනය කරන්නත් 😊දුවෙකු නම් තාත්තා ට ආකර්ෂණ වෙමින් අම්මා අනුගමනය කරන්නත් පටන් ගන්නේ කුඩාම අවදියේ ඉදලයි. ❤️ඉතිං ආදරණීය බැදිමක් ඔවුන් ආදරණීය ශක්තිමත් වැඩිහිටියන් කරාවි. 🤗

මතක තියා ගන්න දරුවන්ට දැනෙන්න ආදරේ කරන්න .❤️

ලිපිය අපිට එව්වේ 🙏🙏🙏🙏

Sajana Perera

21/05/2023

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Mashi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share