𝗧𝗿𝗮𝘃𝗲𝗹 𝗜𝗻𝗳𝗶𝗻𝗶𝘁𝘆

  • Home
  • 𝗧𝗿𝗮𝘃𝗲𝗹 𝗜𝗻𝗳𝗶𝗻𝗶𝘁𝘆

𝗧𝗿𝗮𝘃𝗲𝗹 𝗜𝗻𝗳𝗶𝗻𝗶𝘁𝘆 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝗧𝗿𝗮𝘃𝗲𝗹 𝗜𝗻𝗳𝗶𝗻𝗶𝘁𝘆, Tour Agency, .

4 පාරක් ඉවත් වෙන බවට ලිපිය දුන්නත් කිසි respond එකක් ලැබුන නැති තැන අන්තිමට ඔහු ලියපු suicidal notice එක අද හැමතැනම shar...
03/12/2022

4 පාරක් ඉවත් වෙන බවට ලිපිය දුන්නත් කිසි respond එකක් ලැබුන නැති තැන අන්තිමට ඔහු ලියපු suicidal notice එක අද හැමතැනම share වෙන….

ඔහුට විතරක් නෙමෙයි.අපි දැකලා අහලා තිබුන මේ වගේ කතා ගොඩයි….ඇයි එහෙම වෙන්නේ??? මේ ඒ ගැන

ඔබත් තව කෙනෙක් තළාපෙළා සතුටු වන අයෙක් ද?
🔴 " පර පිඩන මානසිකත්වය" 🔴

"අපිත් ඔය දවස් වල ඕනතරම් වැඩ කලා. මහන්සි උනා. අපේ කාලේ අපිට ඕවා හම්බුනේ නෑ. අපි හොඳට කටු කාල තමයි මෙතෙන්ට ආවේ." කියමින් තමන් යටතේ සිටින අය පිඩාවට පත් කරයි නම් එම තත්ත්වය පර පිඩන මානසිකත්වය යි. මෙය ඉතා දුර්වල මානසිකත්වය ක් බව විශේෂයෙන් කිව යුතුයි.

🔵 අද නම් බොස් ගෙ මුණ අප්සට්. අද නම් කතා කරන්න බැරි වෙයි. අද කාලේ බොහෝ රැකියාවල ඔබ මෙය අසා ඇති. එපමණක් නොව පාසලේ, විශ්වවිද්‍යාල නිවසේ සුලබව මෙය දැකිය හැක. නමුත් රැකියාවක් නිරත වුවත් අප තවත් අයෙක් නිසා දුකට පිඩාවට පත් විය යුතු ද. ඔවුන්ගේ හිස් තුළ පුරවා ගත් පුහු ආටෝප, තනිකම, ඊර්ෂ්‍යාව වැනි දුර්වල පෞරුෂ ලක්ෂණ නිසා ඔවුන් තුළ පවතින පිඩාව නිසා අන් අයද පිඩාවට ලක් කරයි.

🔵සාමාන්‍යයෙන් සතුටින් සිටින පුද්ගලයන් අන් අයටද සතුටින් සිටින්නට ඉඩ දේ. දුකින් සිටින පුද්ගලයන් හටද දුකින් මිදීමට උපකාර කරයි. අවට පරිසරය සතුටින් පුරවායි.

🔵 ආයතනය ක ප්‍රධානියා නිසා සිත් කරදරේ න් ඉන්න අයෙක් පිළිබඳව ගත් විට විශේෂයෙන් ඔහු තරමක් වයසින් වැඩි අයෙක් නම් අලුතින් පැමිණි අයගෙන් හැකි තරම් වැඩ ගැනීමට උත්සාහ කරයි. තම තරුණ අවධිය ගත කර අවසන් නිසා" අපිත් ඔය දවස් වල ඕනතරම් වැඩ කල" කියමින් අධිකව වැඩ පැ ටවීමට උත්සාහ කරයි. මෙය මනෝ විද්‍යාව දි Torture (වද දීම) ලෙසද කාන්තාවන් පවා ලිංගික වශයෙන් පිඩාවට පත් කිරීම Sa**sm ලෙසද හඳුන්වයි. මෙවැනි තත්ත්ව විකුර්ති මානසික තත්ව ලෙසින් හැඳින්විය හැකිය.

🔵 කුඩා කල දි අසාධාරණ කම් වලට මුහුණ දුන් හෝ දෙමාපියන් ගෙ නිතරම සැර වැර වලට හසුවී ආදරය අහිමි වුව න් දිනෙක වැඩිහිටියන් වි සමාජය ට වෛර කරයි. එවිට මෙම තත්ත්වය ඇති වේ.

🔵ජානමය බලපෑම් මගින් ද මෙය සිදු විය හැක.

🔵 අවබෝධ යේ පවතින දුර්වලතා නිසාද මෙය ඇති විය හැක. දුර්වල පෞර්ෂය ක් ඇති අය මෙලෙස අන් අය ත ලා පෙ ලා දැමීම මගින් තමන් ශක්තිමත් පුද්ගලයෙක් බව අන් අයට ඒත්තු ගැන්වීමට උත්සාහ කරයි.

🔵 මෙවැනි තැනැත්තා න් ප්‍රතිකාර සඳහා යොමු කිරීම ඉතා අපහසුය. ඔවුන් තමාට මානසික පසුබෑමක් තිබෙන බව පවා පිළිගැනීමට සූදානම් නැත. ඔවුන් හට කුමන හෝ ක්‍රමයක් මගින් ටිකින් ටික වටහා දි ප්‍රතිකාර සඳහා යොමු කල යුතුය. එසේ නොවුවහොත් එය සමස්ත සමාජය ට ම විශාල කරදරයක් බවට පත් වේ.

🔵 පිඩාවට පත් වන පුද්ගලයා ගත් කල තමන් පිඩාවට පත් කරන පාර්ශවය පිළිබඳව කල් තියා අවබෝධ කර කටයුතු කිරීම වැදගත් වේ.
කාර්යාල වල පමනක් නොව පාසල් වලද විශ්වවිද්‍යාල වලද මෙය දැකිය හැකියි.

🔴🔴 මෙහිදී කිව යුතු මූලික ම කරුණ නම් හොඳ වැදගත් පවුල ක, වැදගත් ලෙස ද, හැගිම් දැනීම් වලට සුදුසු අවස්ථාව වල සංවේදී ව හැදුණු පුද්ගලයන් කිසිම දිනක අන් අය ව පිඩාවට පත් නොකරයි. ❤️......................... ❤️

NimeSha De Silva උපුටා ගැනීමකි
& respective owners

26/11/2022

ජංගම දුරකතනයකින් ඔබ ගත් ස්වභාවධර්මයේ ලස්සනම ඡායාරූපය 📸👇
🌸🍂⛰️

😥😥
26/11/2022

😥😥

කතාව කෙටියෙන් 😤

ලංකාවෙ උසම ගම්මානයේ ලස්සන wooden cottage එහක night ඉන්න එක්කෙනෙක්ට  #2000 😍😮 11කට ඉන්න පුලුවන් මේ ශාන්තිපුරMisty Wood Co...
27/10/2022

ලංකාවෙ උසම ගම්මානයේ ලස්සන wooden cottage එහක night ඉන්න එක්කෙනෙක්ට #2000 😍😮 11කට ඉන්න පුලුවන් මේ ශාන්තිපුර
Misty Wood Cottage
ඔන්න සෙට් එකත් එක්ක නිවාඩුව ගතකරන්න සුපිරි cottage එකක්😍💖

✴️22000/= full cottage
✅11 pax can accomadate

✴️8000/= for a couple

❤️‍🔥 ශ්‍රී ලංකාවේ උසම ගම්මානයේ ස්ථානගතව පැවතීම.

❤️‍🔥නුවරඑළිය නඟරය වෙත විනාඩි කිහිපයක් තුල ලගාවීමට ඇති හැකියාව ඇත.

❤️‍🔥සියලුම පහසුකම් වලින් සහ සනීපාරක්ෂක පහසුකම් වලින් යුක්ත වීම.

❤️‍🔥අවශ්‍ය පරිදි කෑම සකසා ගැනීම සඳහා මුළුතැන්ගෙය, ගෑස් සිලින්ඩර් පහසුකම් මෙහි ඇත.

❤️‍🔥නැතහොත් උදේ,දිවා,රාත්‍රී ආහාර ආකර්ෂණීය සහ ඉතා ප්‍රනීත ලෙස ආහාර ඔබ වෙත සැපයිය හැක.

[ ] ❤️‍🔥 Special Offer ➡️ Free BBQ Machine 😍❤️

❤️‍🔥ඔබගේ අවශ්‍යතාවය සදහා අප සම්බන්ධ කර ගැනීමට අමතන්න...

දිනුක - +94762029700

Whatsapp - +94762029700

❤️‍🔥කාමර තුල පහසුකම්

🧡දිනපතා පිරිසිදු කිරීම්
🧡Hot water facilities
🧡විශාල ප්‍රමාණයන් සහිත ඇදන් (King size Beds & Spring Metres)
🧡ලොන්ඩ්‍රි මගින් දිනපතා පිරිසිදු කරන ලද බෙඩ්ශීට්ස් ඇතුලු සියලුම දේ...

නිදහසේ නතරවෙන්න සුපිරිම place එක❤

Credit goos to respective owners

කට්ටිය රැල්ලට නුවර ලස්සනයි කිව්වට, මට නම් හැමදාම ලස්සන කොළඹ ♥️මතක රැඳුණ මාවත් ❤️❤️❤️❤️
23/10/2022

කට්ටිය රැල්ලට නුවර ලස්සනයි කිව්වට,
මට නම් හැමදාම ලස්සන කොළඹ ♥️
මතක රැඳුණ මාවත් ❤️❤️❤️❤️

නොකිව්වට හැමෝම ආසයි 😍😍
23/10/2022

නොකිව්වට හැමෝම ආසයි 😍😍

ජයවේවා කොල්ලනේ♥️🥺🇱🇰කප් එක ගේමු කොල්ලනේ ඔය ගැම්මෙන්♥️🥺 Srilanka Cricket Audience
23/10/2022

ජයවේවා කොල්ලනේ♥️🥺🇱🇰
කප් එක ගේමු කොල්ලනේ ඔය ගැම්මෙන්♥️🥺 Srilanka Cricket Audience

Google Map දාගෙන මහ රෑ යන්න එපා..ඇයි අහන්න එපා යන්න එපා..😉😉😁😁😊😊😊😊😊
12/10/2022

Google Map දාගෙන මහ රෑ යන්න එපා..
ඇයි අහන්න එපා යන්න එපා..😉😉😁😁😊😊😊😊😊

පහුගිය 07වන දා ලංකා ගුරු සේවා සංගමයේ ජාතික සමුළුව පැවැත්වුණා. ඊට කලින් අපේ ගුරු සේවා සංගමේ අපි කීප දෙනෙක් ඒ ගැන ගුරුවරුන...
12/10/2022

පහුගිය 07වන දා ලංකා ගුරු සේවා සංගමයේ ජාතික සමුළුව පැවැත්වුණා. ඊට කලින් අපේ ගුරු සේවා සංගමේ අපි කීප දෙනෙක් ඒ ගැන ගුරුවරුන් හා විදුහල්පතිවරුන් දැනුම්වත් කරන්න පාසල්වලට ගියා. අපේ පෞද්ගලික නිවාඩු අරගෙන. කුරුණෑගල නගරය අවට පාසල් කීපයකට තමයි ගියේ. ඒ ගමනෙ දි ලබපු හැබෑ අද්දැකීම් කීපයක් බුකියෙ ලියන්න හිතුණා.

එකක්...

මේක කුරුණෑගල නගරය ආසන්න පාසලක්. අපි ගියෙ යතුරුපැදිවල. ගේට්ටු මුරකාරයෝ නෑ. ඒක මං කිව්වෙ පාසලේ තත්ත්වය පැහැදිලි කරන්න. ඒ පාසලේ ගුරුවරුන්ට තියෙන ප්‍රශ්නය දරුවන් පාසලට ගෙන්වා ගන්න එක. උදේට කන්නයි පාසලට ගේන්නයි කෑම නැති නිසා ගොඩක් දරුවන් පාසලට එන්නෙ නෑ. එක ගුරු මවක් එයාගෙ සමාජ මාධ්‍ය විදේශීය මිතුරු කණ්ඩායමක උදව් අරගෙන පාසලේ කෑම දෙන වැඩපිළිවෙළක් හදලා. දිනපතා දරුවන්ට උදේට ආහාර වේලක් දෙන්න පටන් අරන්. එයාට එක කෑම වේලකට රුපියල් හැත්තෑපහක් අර මිතුරු කණ්ඩායම ලබා දෙනවා. ඒ ගුරු මව ඒකට සරිලන කෑම වේලක් දරුවන්ට දෙනවා. හැමදාම ඒ කෑම එකේ පින්තූරයක් මිතුරු හවුලේ සමාජ මාධ්‍යට එකතු කරනවා. ලොකු වැඩක්. දරුවන් පාසල් පැමිණීම සතුටු දායකයි.

ඇය අප සමඟ මේ ගැන කියද්දී මල් ගවුමක් ඇඳගත්ත පුංචි දැරියක් ගේට්ටුව අද්දර වෙලා පාසල දිහා බලාගෙන ඉන්නවා. එයා ළඟ එයාගෙ අම්මා කියලා අනුමාන කළ හැකි කාන්තාවකුත් ඉන්නවා. ගුරුතුමිය අපට පොඩියකට ඉන්න කියලා ගේට්ටුව ළඟට ගියා. මමත් ජංගම දූරකථනය කනේ ගහගෙන කතා කරනව වගේ පෙන්නගෙන එතෙන්ට කිට්ටු වුණේ එතන මොකක් හරි වෙන බව දැනුණු හින්දා.

" ටීචර්, අද දුව ඉස්කෝලෙ එව්වෙ නෑ. ඇඟ ටිකක් රත් වෙලා. ඒත් එයාට ඉස්කෝලෙ දෙන බත් එක කන්න ඕන ලු. "

ඒ අම්මා බිම බලා ගෙන කියනවා. ගුරුතුමිය ගේට්ටුවෙන් එළියට ගිහිං පුංචි දැරියගෙ අතින් අල්ලාගෙන පාසල ඇතුළට එක්ක ගියා. ටික වෙලාවකින් ආයෙ ම ගුරුතුමිය වැට ළඟට ආවෙ ඒ දරුවත් එක්ක ම. අර අම්මා අතට පාර්සලයක් දුන්නා. ඒ දෙන්නා ගුරුතුමියට අහිංසක විදියට හිනා වෙලා යන හැටි මම බලාගෙන හිටියේ හිතේ කුතුහලයක් එක්ක. ආපහු ගුරුතුමිය ළඟට ගියපු මම ඇහුවෙ එයා අර අම්මට දීපු පාර්සලය ගැන.
" දරුවට කන්න දුන්නා. ඒත් එයා ඒක ඔතාගෙන යන්න ඕන කිව්වා. ඇයි කියලා ඇහුව ම ගෙදර කන්න දෙයක් නෑ. ඊයේ රෑටත් තේ වතුර බීලා නිදා ගත්තෙ. අම්මටත් බඩගිනි ඇති කිව්වා. මම දරුවට කන්න කියලා අම්මට බත් එකක් දෙන්නම් කීවා. ඒ දරුවා බත් ටික කෑවා සර්. මම දවල්ට කන්න ගෙනාපු මගෙ බත් එක තමයි ඒ අම්මට දුන්න පාර්සලය. "

අර අම්මා තමන්ගෙ දරුවත් අරගෙන පාසලට එන්න ඇත්තේ තමන්ගෙ බඩගින්න නැතත් දරුවගෙ බඩගින්න නිවන්න වෙන ක්‍රමයක් නැති හින්දා. ඒ අයට ස්ථිර ආදායමක් නැති බවත් කුලී වැඩ කරලා දවස ගෙවන බවත් දැන ගත්තේ අර ගුරුතුමියගෙන්.

තව එකක්...

මේ පාසලට යද්දි පුංචි දරුවෙක් වෙන ම තැනක තියාගෙන ගුරුතුමියක් ඒ දරුවා සතුටු කරන්න උත්සාහ කරනවා. දරුවගේ ඇස්වල කඳුළු. ගුරුතුමිය හිනා වෙනවා. දරුවා හිනස්සවන්න එක එක දේවල් කරනවා. අපි එතනින් විදුහල්පති කාර්යාලයට යද්දි මම ඒ දිහා බලාගෙනයි ගියේ. එතකොටයි මම දැක්කේ ඒ ගුරුතුමිය මගේ මිතුරියක්. අපි ආපහු එද්දි ඒ දෙන්න එතන ම. හැබැයි අර දරුවා හිනස්සවන්න උත්සාහ කරපු ගුරුතුමිය ඒ දරුවා තුරුළු කරගෙන එයාට නොපෙනෙන්න අඬනවා. මාව දැකපු මගේ මිතුරිය කඳුළු හංගාගෙන මට හිනාවක් පෙන්නුවා. මම එදා හවස මගේ මිතුරු ගුරුතුමියට දූරකථන ඇමතුමක් ගත්තේ ඒ ගැන දැන ගන්න. ඒක මහ දුක හිතෙන කතාවක්. ඇය මට කියූ කතාව.

"මේ දරුවා දවස් ගණනක් එක දිගට පන්තියේ ඇඬුවා අයියේ. කාටවත් කියන්නෙ නෑ. ඊට පස්සෙ ඒ දරුවා මිතුරු කරගෙන හේතුව හොයා ගන්න මට තමයි පැවරුණේ. දවස් ගාණක් උත්සාහ කළා. එදා අයියලා ආපු දවසෙ තමයි එයා හේතුව කීවෙ. ඒ දරුවගෙ තාත්තා නෑ අයියෙ. අම්මට රස්සාවක් නෑ. දන්නව ද ඒ අම්මා කරන රස්සාව. එයාගෙ ස්කූටිය හන්දියේ තියාගෙන මිනිස්සු හයර් කරනවා. පොඩි එකා මට කියනවා අම්මට කරදරයක් වෙයි කියලා බයයි ලු. නපුරු මිනිහෙක් අම්මව මරයි ද ටීචර්... කියලා ඇහුවා අයියෙ. මගෙ පපුව කඩා වැටෙන්ඩ ආවා. ඒ දරුවගෙ බය නැති කරන්ඩ මට බෑ. අපි හරි අසරණයි. අවසානෙට ඇහුවෙ මට අම්මත් නැතිවුණොත් ටීචර්... කියලා. මම ඔයාව බලාගන්නම් කියලා මම ඒ දරුවා තුරුළු කරගත්තා."

මම දුරකථනය විසන්ධි කළා.

ළමා දිනේට නැටුවෙත් ඒ ටීචර්ලා ම තමයි. ටීචර්ලා කියන්නෙ කටු අකුලක පිපුණු මල්.

Credit goos to respective owners

සුභ උදෑසනක් වේවා හැමෝටම ... 🌄Good morning everyone ... 🌄බකමූණ පැත්තෙන් යන හැමෝටම නාගන්න , ලෙස්සල යන්න හදපු බොහෝම ලස්සන ත...
07/10/2022

සුභ උදෑසනක් වේවා හැමෝටම ... 🌄
Good morning everyone ... 🌄

බකමූණ පැත්තෙන් යන හැමෝටම නාගන්න , ලෙස්සල යන්න හදපු බොහෝම ලස්සන තැනක් ගැන කියන්න තමා මේ යන්නේ .

ඉතින් මේතැන බකමූණ නගරයේ ඉඳල කිලෝමීටර් කීපයක් දුරින් ප්‍රධාන මාර්ගයට කිට්ටුවෙන්ම තමා තියෙන්නේ . Location එකේ photo එකක් අන්තිමට දාලා ඇති.

ගාල්ලේ පැට්නා වගේ නෙවේ මෙතන සල්ලි ගන්නෑ. අඩි 200 ක් විතර දුරක් එකසැරේ 3 න් දෙනා ගානෙ වගේ යන්න පුලුවන් .හොඳ වතුර පාරකුත් එනවා.

ඉතින් මේ පැත්තෙන් ගියොත් මෙතනෙන එකත් ඔයාලගේ list වලට දාගන්න අමතක කරන්න එපා.

I am going to tell everyone about a very beautiful place that is made to bathe and slide in the water.

So here it is close to the main road, a few kilometers away from Bakamoona town. A photo of the location has been posted at the end.

it is not like Patna, no need to bring money here. You can go about 200 feet from 3 people at once. There is also a good stream of water.

So if you go this way, don't forget to add the one here to your list.



Credit goos to respective owners

පෙට්ටියක් ගන්නවත් සල්ලි නැති තැනට මිනිස්සු පත් උණානෙ දෙයියනේ 🥺💔
07/10/2022

පෙට්ටියක් ගන්නවත් සල්ලි නැති තැනට මිනිස්සු පත් උණානෙ දෙයියනේ 🥺💔

කායික සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ අපි නිතරව 😊😊😊😊
20/09/2022

කායික සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ අපි නිතරව 😊😊😊😊

20/09/2022

මිනිස්සු
තමන්ගෙ FB Cover Photo එකට දාන්නෙ තමන්ගෙ ජීවිතේ වටිනම
දෙයක්.

ට්‍රැවල් කරන දොස්තර නෝනා Credit goos to respective owners
14/09/2022

ට්‍රැවල් කරන දොස්තර නෝනා

Credit goos to respective owners

😊😊😊😊😊😊🙈🙈🙈🙈🙈
06/09/2022

😊😊😊😊😊😊🙈🙈🙈🙈🙈

🌿😍 තිස්සමහාරාමය නුවරඑළියක් කළ තුඹයාගෙන්, කොළඹ අහස යටටත් නුවරඑළියක් 💪🌱වචනයේ පරිසමප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක්❤️ආඩම්බරයි මේ තමයි...
02/09/2022

🌿😍 තිස්සමහාරාමය නුවරඑළියක් කළ තුඹයාගෙන්, කොළඹ අහස යටටත් නුවරඑළියක් 💪🌱
වචනයේ පරිසමප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක්❤️ආඩම්බරයි මේ තමයි අපේ රටේ සම්පත් 💪😍

තුඹ කරවිල තුඹ කරවිල
තුඹයා එක්ක වවමු
තුඹයා
තුඹ කරවිල තුඹ කරවිල
https://www.facebook.com/profile.php?id=100044148789418
බත්තරමුල්ල ජයවඩනගම
0762529430 whatsApp

Credit goos to respective owners

🔴ඇත්ත තිත්තයි🙄😐• හොදම බඩුකාරයෝ කවදාවත් වෝල් එකේ කුනුහර්ප කිව්වේ නෑ හොද මූන පෙන්නලා ගේම ගහන එක තමා උන් කරා මිසක්• හොදම අඩ...
29/08/2022

🔴ඇත්ත තිත්තයි🙄😐

• හොදම බඩුකාරයෝ කවදාවත් වෝල් එකේ කුනුහර්ප කිව්වේ නෑ හොද මූන පෙන්නලා ගේම ගහන එක තමා උන් කරා මිසක්

• හොදම අඩිකාරයෝ අඩි ගහද්දි බෝතල් වල පොටෝස් එෆ්බී දැම්මෙත් නෑ.. ඉදලා හිටලා බොන උන් තමා මැජික් වගේ එහම
කරේ

• සල්ලි තියන උන් කවදාවත් කන තැනේ නමපෙන්නන්න ස්ටාර් කැටගරි එක පේන්න checking in status දැම්මේ නෑ. කාලා ගිහින් සද්ද නැතිව නිදියගත්තා මිසක්

• බඩු කවදාවත් බඩු විදිහට පේන්න හිටියේ නෑ.. පත්තිනි වේසෙන් හිටියා මිසක්❤️❤️❤️

• චංඩි කවදාවත් තමන් චංඩි කියලා සමාජෙට පෙන්නන්න උත්සහ කරෙත් නෑ.. මෙලෝ දෙයක් කරගන්න බැරි කටින් චංඩි විතරයි කෑ ගැහලා එහම වෙන්න හැදුවා මිසක්

• ඩේලි පාටි බහින උන් පාටි බැස්සම ලයිව් ආවේ නෑහ් වීඩියෝ කරේ නෑ බයෝ ඒක පාටි ලයිෆ් උනේ නෑ තමන්ගේ ආතල් එක අරන් පාඩුවේ කැපුනා මිසක්

• ඩ්‍රග්ස් මැජික් නොවෙන උන් ඒවගේ පොටෝස් බුකියේ දැම්මේ නෑ උන්ට මොකද ඒක සාමන්‍ය දෙයක්

• ඇත්තට ආදරේ කරපු උන් රිලේසන් දැම්මේ නෑ. තමන්ට ලැබෙන හැම තත්පරේම ලග ඉන්න කෙනෙක් ඉන්න නිසා බුකිය උන්ට වැඩක් නැති දෙයක්..

හැමදේම මේ ලෝකේ කණපිට මචං.. තේරුම්
ගනින් ඒක ටිකක් අමාරු දෙයක්.🗣️❌

❤️💪

යට ෆොටෝ එක දැම්මෙ නිකම්...මොකද උබල මේක කියවන්නම ඕනි එකක් හින්ද...😉
Credit goos to respective owners

24/08/2022
අද අළුයම ඇතුගල්පුර අධිවේගයේදී සිදුවූ මා_රාන්තික රිය අ_නතුරකින් තුවාල ලැබූ අපේ ආදරණීය දිනේෂ් මුතුගල සර් මේ වන විට රෝහල්ගත...
21/08/2022

අද අළුයම ඇතුගල්පුර අධිවේගයේදී සිදුවූ මා_රාන්තික රිය අ_නතුරකින් තුවාල ලැබූ අපේ ආදරණීය දිනේෂ් මුතුගල සර් මේ වන විට රෝහල්ගතව සිටිනවා..
තෙරුවන් සරණින් ඉක්මන් සුවයම ලැබේවා සර් 🙏

ලංකාවෙ  ලාබම වාසිම Dayout  එක😮  /= ක් විතරයි 💚 joined 👉 Travel & Hotel Guides Sri Lanka 🌍❤️ කරන්ට් එක නැති නිසා Trip එකක...
20/08/2022

ලංකාවෙ ලාබම වාසිම Dayout එක😮 /= ක් විතරයි 💚

joined 👉 Travel & Hotel Guides Sri Lanka 🌍❤️

කරන්ට් එක නැති නිසා Trip එකක් යන්න බැරිද? මෙන්න නියම තැන! Solar Power නිසා කිසි ප්‍රශ්නයක් නෑ .😍😍 Rangala tree house ස්වභාව සෞන්දර්යට ආදරේ ඔයාලම වෙනුවෙන් Packages රැසක් සමගින්🤩. ගල් ගුහා, දිය ඇලි, Tree house, Natural Pool ඒවයෙන් ටිකක් විතරයි.
⛔Day out
✅Welcome drink & lunch
✅Changing room
✅Two waterfalls and five natural pool access

⛔Package 1 - 750/= LKR per person (10-50 pax)
✅Lunch
✔️Egg and vegetable fried rice
✔️Vegetable chop sue
✔️Chili paste
⛔Package 2 - 1100= LKR per person (10-50 pax)
✅Lunch
✔️Fried rice fried noodles
✔️Devilled chicken fish or pork black curry one to select
✔️Chop sue
✔️Chili paste vegetable salad

ඒ වගේම Anniversary, Birthday parties, Photo shoot ඇතුලු ඕනෙම Function එකක් arrange කරගන්න පුලුවන්

Call for reservation - 072 062 2555
මිල ගනන් නිතරම වෙනස් වන බව කරණාවෙන් සලකන්න 🖤

උපුටාගැනිම - White Rose

පේරාදෙණිය කදුමුදුනක් උඩ view එහක තියෙන couple එහකට breakfast එක්ක 4900/= night එකක් ඉන්න ඔන්න😍😲 Hill Top View Point - Go...
15/08/2022

පේරාදෙණිය කදුමුදුනක් උඩ view එහක තියෙන couple එහකට breakfast එක්ක 4900/= night එකක් ඉන්න ඔන්න😍😲 Hill Top View Point - Golden Villa

පිස්සු හැදෙන View එකක් සහිත ලස්සන කඳු මුදුනක් උඩ🏔️🌅🗽 පේරාදෙණිය මේ වගේ ප්ලේස් එකක් තියෙන එකම තැන Golden Villa විතරමයි 🏘️🌄♥

couple වලට මරුම තැන වගේම සීතලට නවතින්න මරුම place එකක් වගේම සුරක්ෂිත තැනක් .♥️♥️BBQරසය වගේම ඕනම කෑමක් ඇණවුම් කරන්නත් පුළුවන්.🍔🍟️🥗🌮

✅living room
✅beautiful view balcony
✅Mini kitchen
✅main kitchen
✅small salon
✅5 people arrangement bedroom,
✅TV
✅music 🎯📻🎶🎸☎️🎞️📺

♥️♥️ මධුසමය නිදහසේ ගතකරන්න කියාපු තැනක් ,ඒ විතරක් නෙවෙයි ,🎊️විවාහ සංවත්සර ,🎈🎈උපන්දින සාද ,පවුලේ අනෙක් කුඩා උත්සව,වලට කියාපු තැන❤

☎️0713720660

Post credit - respective owners
Copied

ලඟම ඉන්න කෙනාවත් විශ්වාස කරන්න එපා, ඇයි එාහම කරන්නේ පව් අහිංසකයා 😥😥😥😥😥😥😥😥😥😥😥
15/08/2022

ලඟම ඉන්න කෙනාවත් විශ්වාස කරන්න එපා, ඇයි එාහම කරන්නේ පව් අහිංසකයා 😥😥😥😥😥😥😥😥😥😥😥

උඹට ගොඩක් පින් අයියේ! 💙🙏🦋☘️බස් රියදුරන්ගේ වැරදි පෙන්වනවා වගේම අගය කලයුතු දෑ අගය කළ යුතුමයි..  ඇලහැර සිට මුතුපබලු බස් රථය...
12/08/2022

උඹට ගොඩක් පින් අයියේ! 💙🙏🦋☘️
බස් රියදුරන්ගේ වැරදි පෙන්වනවා වගේම අගය කලයුතු දෑ අගය කළ යුතුමයි..

ඇලහැර සිට මුතුපබලු බස් රථයෙන් පොළොන්නරුව රෝහල බලා ගමන් කරමින් සිටි ගැබිණි මාතාවක් බස් රථය තුලදී ( water bag damage ) වීම නිසා හැකි ඉක්මණින් ලඟම තිබූ රෝහල ( දියබෙදුම ) දක්වා සෙසු මගීන්ද සමගම ධාවනය කොට එම මවගේ සහ බිලිඳාගේ ජීවිත දෙකම බේරාගැනීමට ක්‍රියාකල රියදුරු මහතාට ප්‍රණාමය.
මව රෝහලට ඇතුලත් කල පසුව සෙසු මගීන්ව බැස්වීම සඳහා ඔහු රථය නැවත හරවා ගොස් තිබුනා...

( මව රෝහලට ඇතුලත් කොට ඉතා සුළු වේලාවක් තුලදී,ප්‍රසූත කිරීමේ පහසුකම් නොමැති දියබෙදුම ප්‍රාදේශීය රෝහල තුල දරුවා මෙලොව එලිය දැක ඇති අතර ඉන් පසු පොළොන්නරුව මූලික රෝහල වෙත මාරු කර යවා තිබුනා. )

උපුටාගැනීමකි
credit - respective owners

-   නැවතත් 😍🌿❤️🌴🇱🇰- මේකනම් යන්නම ඕනේ ගමනක්A new luxury train service for tourism will run  from colombo to Badulla and b...
12/08/2022

- නැවතත් 😍🌿❤️🌴🇱🇰
- මේකනම් යන්නම ඕනේ ගමනක්

A new luxury train service for tourism will run from colombo to Badulla and back again.
Passengers who wish to travel in this train should reserve their tickets.

2022/08/13 දින සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම , අංක 1041/1042 දරණ ELLA ODYSSEY සංචාරක නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය #කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිත ව ඇත.

🚆දුම්රිය අංක 1041

⭕සෑම සෙනසුරාදා දිනකම කොළඹින් පිටත් වේ.

කොළඹින් පිටත්විම - පෙ.ව. 05.30
මහනුවරින් පිටත්වීම - පෙ.ව.08.25
බදුල්ලට ලඟා වීම - ප.ව. 03.53

නවත්වනු ලබන දුම්රිය ස්ථානයන්,
🚦ගම්පහ
🚦වේයන්ගොඩ
🚦පොල්ගහවෙල
🚦රඹුක්කන
🚦පේරාදෙණිය හංදිය
🚦මහනුවර
🚦පේරාදෙණිය හන්දිය
🚦නාවලපිටිය
🚦හැටන්
🚦ග්‍රේට් වෙස්ට(ර්)න්
🚦නානුඔය
🚦ඔහිය
🚦ඉදල්ගස්හින්න
🚦හපුතලේ
🚦දියතලාව
🚦බණ්ඩාරවෙල
🚦ඇල්ල
🚦දෙමෝදර
🚦හාලිඇල
🚦බදුල්ල

📍මෙම දුම්රිය නවතනු ලබන නැරඹුම් ස්ථාන [View points]

🔸හෝස් ටේල් ඇල්ල
🔸ශ්‍රී පාද නැරඹුම් ස්ථානය
🔸සෙන්ට්ක්ලෙයාර් ඇල්ල
එල්ජින් ඇල්ල
🔸දුම්රිය මාර්ගයේ ඉහළම ස්ථානය (Summit level)
🔸ඔහිය 18 වන බිංගෙය
🔸ඉදල්ගස්සින්න හුලං කපොල්ල
🔸කිතල් ඇල්ල
🔸ආරුක්කු 09 පාලම
🔸දෙමෝදර බිංගෙය සහ පාලම

🚆දුම්රිය අංක 1042

⭕බදුල්ල දුම්රිය ස්ථානයෙන් සෑම ඉරිදා දිනකම ආරම්භ වේ.

බදුල්ලෙන් පිටත්වීම - පෙ.ව. 09.50
මහනුවර ලඟා වීම - ප.ව. 4.22
කොළඹට ලගාවීම - ප.ව. 7.20

⭕නවත්වනු ලබන දුම්රිය ස්ථානයන්

🚦ඇල්ල
🚦බණ්ඩාරවෙල
🚦දියතලාව
🚦හපුතලේ
🚦නානුඔය
🚦තලවකැලේ
🚦හැටන්
🚦නාවලපිටිය
🚦පේරාදෙණිය හන්දිය
🚦මහනුවර
🚦පේරාදෙණිය හංදිය
🚦රඹුක්කන
🚦පොල්ගහවෙල
🚦වේයන්ගොඩ
🚦ගම්පහ
🚦මරදාන
🚦කොළඹ කොටුව

මෙම දුම්රියේ මැදිරි සැකැස්ම

පළමු පන්තියේ මැදිරි 04 ක්
දෙවන පන්තියේ මැදිරි 03 ක්
භෝජනගාර මැදිරියක්
S14 බලවේග මැදිරි කට්ටලයක්

🛑සියළුම මැදිරිවල ආසන කලින් වෙන් කරවා ගත යුතුවේ. (ඉදිරියේදී සංශෝධනය සිදුවිය හැක)

🛑දුම්රියන් ඉහළ සහ පහළ දෙසට හුවමාරුව සිදුවන බැවින් එම තත්ත්වයට අදාල නැවතුම් ස්ථානයන් දුම්රිය ප්‍රමාදයන් මත සංශෝධනය විය හැක සහ මැදිරිවල සංශෝධනයන් සිදුවිය හැක.

දුම්රියට අදාල ආසන වෙන්කිරීමේ ගාස්තු

- ප්‍රවේශපත් මිල ගණන්
🛑කොළඹ කොටුව - බදුල්ල
පළමු පංතිය රු. 5000.00
දෙවනි පංතිය රු. 4000.00
තුන්වන පංතිය රු. 3000.00

🛑කොළඹ කොටුව - නානුඔය
පළමු පංතිය රු. 4000.00
දෙවනි පංතිය රු. 3000.00
තුන්වන පංතිය රු. 2000.00

🛑කොළඹ කොටුව - මහනුවර
පළමු පංතිය රු.3000.00
දෙවනි පංතිය රු. 2000.00
තුන්වන පංතිය රු. 1500.00

🛑මහනුවර - නානුඔය
පළමු පංතිය රු.3000.00
දෙවනි පංතිය රු. 2000.00
තුන්වන පංතිය රු. 1500.00

🛑නානුඔය - බදුල්ල
පළමු පංතිය රු. 4000.00
දෙවනි පංතිය රු. 3000.00
තුන්වන පංතිය රු. 2000.00

මෙය ඔබගෙ දුම්රියක් බැවින් ආරක්ෂා කර ගැනීම ඔබගේ වගකීමක් වේ. කැලිකසල නිසි ලෙස බැහැර කිරීමට කාරුණික වන්න. කිසිලෙසක දුම්රියෙන් පිටතට හෝ දුම්රිය තුල නොදමන්න..
Copied from Fantastic Travelers
_________________________________________

පාවලා දෙන්න 😊😊😊🤣🤣🤣
05/08/2022

පාවලා දෙන්න 😊😊😊🤣🤣🤣

රටක් සිනාසුවා වගේම ඔයාලා දෙන්නත් හැමදාම හිනාවෙලා සතුටින් ඉන්නෝනේ හැමදාම. ❤️❤️❤️❤️💓💓💓💓මේ තමයි එතෙක් මෙතක් ලංකාවෙ වැඩිපුරම...
05/08/2022

රටක් සිනාසුවා වගේම ඔයාලා දෙන්නත් හැමදාම හිනාවෙලා සතුටින් ඉන්නෝනේ හැමදාම. ❤️❤️❤️❤️💓💓💓💓
මේ තමයි එතෙක් මෙතක් ලංකාවෙ වැඩිපුරම ආශිර්වාද ලබා ගත් couple එක.. තෙරුවන් සරණයි දෙන්නටම!! යුග දිවිය සුබ වේවා!! ♥️🙏

ගෙදර ඉන්න එකේ
27/07/2022

ගෙදර ඉන්න එකේ

Historical Day - 09.07.2022 ❤️ Mother Sri Lanka ❤️💪 අරගලයට ජය Photo Credit Goes To 📷 respective owners                  ...
13/07/2022

Historical Day - 09.07.2022 ❤️ Mother Sri Lanka ❤️
💪 අරගලයට ජය
Photo Credit Goes To 📷 respective owners

මැනිකලා,රැජිනලා,කුමාරිලා ඔක්කොම කොලඹට 💪❤️🇱🇰 අද හවස හරි ලස්සනයි නන්දේ  🤭😊😊❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪
09/07/2022

මැනිකලා,රැජිනලා,කුමාරිලා ඔක්කොම කොලඹට 💪❤️🇱🇰
අද හවස හරි ලස්සනයි නන්දේ 🤭😊😊❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪

දෙකක් මදි නේත 😊😊😊😊😉😉
22/06/2022

දෙකක් මදි නේත 😊😊😊😊😉😉

අද වෙන කොට අපිට තියන රටට තියන එකම සතුට  #ස්තූතී_අපේ_ටීම්_එකට 🇱🇰💖🌸😇✨️👌🤟🔥🔥❤️❤️❤️💪💪💪💪💪💪💪
21/06/2022

අද වෙන කොට අපිට තියන රටට තියන එකම සතුට

#ස්තූතී_අපේ_ටීම්_එකට 🇱🇰💖🌸😇✨️👌🤟🔥🔥❤️❤️❤️💪💪💪💪💪💪💪

🤣🤣🤣🤣🤣
23/04/2022

🤣🤣🤣🤣🤣

22/04/2022

අපේ රටට 225ක පාර්ලිමේන්තුවක් අවශ්‍ය ද......???

25ක් මදිදි

 අරගලය දිනපු දවසට පාරක් ගානෙ කිරිබත්කමු❤️
14/04/2022



අරගලය දිනපු දවසට පාරක් ගානෙ කිරිබත්කමු❤️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when 𝗧𝗿𝗮𝘃𝗲𝗹 𝗜𝗻𝗳𝗶𝗻𝗶𝘁𝘆 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share