Travel with Takey

  • Home
  • Travel with Takey

Travel with Takey let's travel

කරගහතැන්න විකාශනාගාර සංකීරණය.ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සතු එෆ්.එම් විකාශනාගාර අතරින් ශ්‍රී ලංකාවේ උතුරු මැද සහ නැගෙ...
05/07/2023

කරගහතැන්න විකාශනාගාර සංකීරණය.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සතු එෆ්.එම් විකාශනාගාර අතරින් ශ්‍රී ලංකාවේ උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අසන්නන් වෙත පැහැදිලි ශ්‍රවණ තත්වයක් ලබාදීම වෙනුවෙන් කරගහතැන්න එෆ්.එම් විකාශනාගාරය ක්‍රියාත්මක වේ. 1983 වසරේ දී වැඩකටයුතු ආරම්භ කර 1985 දී නිමවා ඇති මෙම විකාශනාගාරය පිහිටා ඇත්තේ රත්තොට නගරයට ආසන්න කරගහතැන්න කඳු ශිඛරය මතයි.

ගමන් මග..
මෙම විකාශනාගාරය නැරඹීම සඳහා මාතලේ නගරයේ සිට රත්තොට හරහා ගම්මඩුව දක්වා ඇති මාර්ගයේ ගමන්කර, එතැන් සිට කරගහැන්න කඳු ශිඛරය දක්වා වැටී ඇති තරමක් දුෂ්කර මගක යායුතු වෙයි. රත්තොට නගරයේ සිට විකාශනාගාරය දක්වා කිලෝමීටර් 22ක පමණ දුරක් ඇත. ලිලාන් පුද්ගලික සමාගම යටතේ පාලනය වන තේ සහ කරඳමුංගු වගාවන් රැසක් පවතින වතු යායක් මැදින් කරගහතැන්න දක්වා වූ මාර්ගය වැටී ඇත.

කරගහතැන්න විකාශනාගාර සංකීරණය.
කරගහතැන්න කඳු මුදුනෙහි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ එෆ්.එම් විකාශනාගාරයට අමතරව ස්වාධීන රූපවාහිනී විකාශනාගාරය, ටී.එන්.එල් (ටීවී සහ රේඩියෝ) විකාශනාගාරය, ශ්‍රි ලංකා ගුවන් හමුදා ප්‍රති විකාශනාගාරය සහ ශ්‍රි ලංකා නාවික හමුදා විකාශනාගාරයක් ද ඇත. එබැවින් මෙම ස්ථානයට ප්‍රවේශ වීම සඳහා අදාල ආයතනයකින් ලබාගත් අවසරයක් අවශ්‍ය වේ.

ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවේ විකාශනාගාරය මගින් සිටි එෆ්.එම්, වෙළඳ ‌සේවය, ස්වදේශීය සේවය, තෙන්ඩ්‍රල් , රජරට සේවය සහ රේඩියෝ ශ්‍රී ලංකා ඇතුළු ගුවන් විදුලි සේවාවන් 07ක් නැගෙනහිර වයඹ සහ උතුරු මැද පළාත් ආවරණය කරමින් විකාශනය කරනු ලබයි. කිලොවොඩ් 10ක ප්‍රබලත්වයෙන් යුතු RDS සහිත නවින සම්ප්‍රේෂණ යන්ත්‍ර මේ සඳහා උපයෝගී කරගෙන ඇත.

සිටි FM 89.6
වෙළඳ සේවය 94.3
ස්වදේශීය සේවය 91.7
Commercial Service 97.4
Thendral 104.7
Thesiya Seveyi 102.1
රජරට සේවය 107.3 තරංගමාලා ඔස්සේ කරගහතැන්නේ සිට විකාශනය කරනු ලබයි.

ස්වාධීන රූපවාහිනී විකාශනාගාරය හරහා ස්වාධීන රූපවාහිනී සේවය, වසන්තම් ටීවී, ලක්හඬ රේඩියෝව විකාශනය කරනු ලබන අතර ටී.එන්.එල් විකාශනාගාරය හරහා ටී.එන්.එල් රූපවාහිනී නාලිකාව සහ ඉසිර ගුවන්විදුලියත්, රිදම් එෆ්.එම් නාලිකා විකාශනය කෙරේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ප්‍රබලම විකාශනාගාරය කරගහතැන්න විකාශනාගාරය වේ. එමගින් සහ නාවික හමුදා විකාශනාගාර මගින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ස්ථාපිත කර ඇති ගුවන් හමුදා කඳවුරු සහ නාවුක හමුදා කඳවුරු අතර රේඩියෝ සන්නිවේදන කටයුතු සිදුකරනු ලබයි.

ගම්මඩුව විකාශනාගාර

කරගහතැන්න ආසන්නයේම ඇති තවත් කඳු ශිඛරයකි ගම්මඩුව. මෙම කඳු ශිඛරය මත ද සම්ප්‍රේශන කුලුනු 07ක් පමණ පවතින අතර පුද්ගලික ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා රැසක් උතුරුමැද,වයඹ,නැගෙනහිර පළාත් ආවරණය කෙරෙමින් එහි සිට විකාශනය කෙරේ. හිරු එෆ්.එම්,ෂා එෆ්.එම්,ගෝල්ඩ් එෆ්.එම්, සිරස එෆ්.එම්, රංගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලිය, රංගිරි රූපවාහිනී සේවය, හිරු ටීවී, සිරස ටීවී, දෙරණ, වර්ණම් ටීවී ආදී රේඩියෝ සහ ටීවී චැනල් රාශියක් ගම්මඩුව ඔස්සේ විකාශනය කරනු ලබයි.

කරගහතැන්න ගම්මඩුව ඔස්සේ විකාශනය කරන ඇතැම් ගුවන්විදුලි නාලිකා ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලටද ග්‍රහණය කරගත හැකි බවට අපට තොරතුරු වාර්තාවී තිබේ.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Travel with Takey posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share