ThaproHabibi

ThaproHabibi Especially for Sri Lankans In UAE.

26/04/2023

ඩුබායි යන්න හිතන් ඉන්නවද❓

එහෙනම් මේ ටිකත් කියවලා තියා ගන්න එක වැදගත්❗️

ඔයා ජොබ් එකක් කරන්න නම් යන්නෙ මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයා ඔයා ගැනම ඔයාගෙ හැකියාවන් ගැන සුදුසුකම් ගැන හිතල බලන්න.
ඊට පස්සෙ ඩුබයි වල ජොබ්ස් තියෙන වෙබ් සයිට් වල බලන්න ඔයාගෙ සුදුසුකම් අනුව කොහොම ජොබ් එකකටද යන්න පුලුවන් මොනාද ඔයාට කරන්න තියෙන්නෙ වගේ දළ අදහසක් ගන්න. Glassdoor, Gulftalent, වගෙ ඇප් පාවිච්චි කරන්න. ඒ වගේම අනිවාර්‍යෙන් LinkedIn Account එක update කර ගන්න අමතක කරන්න එපා.

මොනාද ඕනෙ කරන Documents ❓

✅ Passport
පාස්පෝට් එක කොහොමත් ඕනෙනේ ඉතිං. passport එක Expire වෙන්න ලගයි නම් අනිවාර්යයෙන් අලුත් කර ගන්න. අඩුම අවුරුද්දක් වත් තියෙනව නම් හොදයි.
✅ Certificate
සාමාන්‍යයෙන් තියෙන certificate ටික පිලිවෙලකට ලෑස්ති කර ගන්න. (ගම හරහා දුවපු එව කනා මුට්ටි ගහපු ඒව නෙවෙයි) professional courses කරපු certificate. ඔයා කරන්න බලාපොරොත්තු වෙන ජොබ් එකට ආදාල Qualifications Proff කරන්න පුලුවන් සහතික ලෑස්ති කර ගන්න.
- Degree Certificate
- MBA Certificate
- Diploma Certificate
- A/L certificate
වගේ තියෙන ඒවගෙන් වැඩිම වටිනාකමක් තියෙන සහතිකය හෝ දෙක UAE එම්බසි එකෙන් සහතික කර ගන්න ඔනෙ ලංකාවෙදිම. ඒකට මුලින්ම් කරන්න ඕනෙ ඔයා ඒ සහතික ගත්ත ආයතනයෙන් ඉල්ලීමක් කරලා සහතිල කල සහතිකයක් නැවත ලබා ගන්න ඕනෙ.
ඊට පස්සේ ඔයා ඒක ලංකාවේ විදේශ සේවා දෙපාර්තමේන්තුවෙන් සහතික කර ගන්න ඕනෙ.
ඊට පස්සෙ ඔයා ඒ සහතික කල ලියකියවිලි එක්ක UAE එම්බසි එකට ගිහින් සහතික කර ගන්න ඕනෙ.

✅Driving License
License එක ඉන්ටනැශනල් කර ගන්නම ඕනෙද? අත්තටම ඒක එහෙම කර ගත්ත කියල Dubai වල Drive කරන්න බෑ. ඕනෙ නම් කරන් එන්නත් පුලුවන් ඉතිං. Driving ජොබ් එකකට වගේම නම් එන්නෙ කරන් එන එක කෝකටත් හොදයිනෙ.

✅ Covid 19 Certificate
දැන් නම් එච්චරම වැදගත් නැති උනත්. ලගම තියෙන MOH එකට ගිහින් ගන්න පුලුවන්. හැමදේම ලෑස්ති කරන් ගියාම ඔයාට පහසුයි.

✅ ලියකියවිලි වල නිවැරදි බව.
ගොඩක් වෙලාවට එන ප්‍රශ්නයක් තම නම් ගම් වාසගම් සහතික එක්ක බලද්දි එකින් එකට වෙනස්. ඩුබායි ගියාට පස්සෙ ඔයාගෙ හැමදේම හැදෙන්නෙ පාස්පෝට් එකේ තියෙන විදියයට නිසා පාස්පෝට් එකත් එක්ක ඒව සංසන්දනය කරල බලන්න. වෙනස්කම් තියෙනව නම් ඒවා සංශෝදනයන් කරගෙන තියා ගන්න.

✅ උප්පැන්න සහතික විවාහ සහතික එහෙමත් Translater කෙනෙක්ගෙන් Tranlate කරගෙන විදේශ සේවා එකෙන් සහතික කර ගන්න. (එතන translate කරන ඔෆිස් තියෙනවා එතනින් කර ගන්න එක හොදයි. මොනා හරි වැරැද්දක් තිබුනොත් ඉක්මනට එතනින්ම කර ගන්න පුලුවන්. හැබැයි ටිකක් වෙලා යන වැඩක් නිසා උදෙන්ම යන්න)

✅ work Experience
ඩුබයි වල ජොබ් එකකට ගද්දි ගොඩක් තැන් වල work experience බලනවා. ඉතිං work experience certificate ටික පිලිවෙලට හදං එන්න මතක ඇතුව.

✅ CV එක.
CV එකත් හොදට පිලිවෙලට හොද ෆෝමැට් එකකින් හදන් soft copy එකක් අරං එන්න. Print කරං ඇවිත් තේරුමක් නෑ මම නම් කියන්නෙ. මොකද ඩුබායි ඇවිත් ඔයා අලුත් සිම් එකක් ගන්න ඕනෙ නවතින තැන ඇඩ්ඩ්‍රස් ඇඩ් කරන්න වෙනවා. ඒ නිසා ඩුබායි ඇවිත්ම CV එක update කරලා Print out ගන්න.

✅ ඇදුම් මොනාද?
ඩුබායි කාන්තාරයක් තමා හැබයි හැමතැනම AC කරල තියෙන්නෙ. ගෙවල් ඇතුලෙ ජැකට් දාන් ඉන්න වෙන තරමට සීතලයි. එලියෙ යන්න නම් ලංකාවෙ වගේම තමා ඉතිං. දෙසැම්බර් ජනවාරි පෙබරවාරි කියන්නෙ එලියෙත් හොදටම සීතල කාලයක්. සීතලට අදින්න ඇදුම් අරං එන්න. ලංකාවෙ මිලටම වගේ ජැකට් වගේ ඒව නම් ගන්න පුලුවන් ඩුඩුබායි වලදිත්. කොහොමත් ෆ්ලයිට් එකේ එඩ්දී සීතල නිසා සීතලට හොද ඇදුමක් ඇදන් එන්න.

✅ VISA
Visit visa නේ ගොඩක් එන්නෙ ඉතිං. මතක තිය ගන්න visit visa එක මාස දෙකයි. ඒ මාස දෙක ඇතුලත ජොබ් එකක් හොයා ගන්න වෙනවා. ඒ නිසා ආපු දවසෙ ඉදන්ම ගේමට බහින්න ඕනෙ.
Visit visa එක ල්ංකාවෙ ඒජන්ට් කෙනෙක්ගෙන් කර ගන්න පුලුවන්. පොඩ්ඩක් හොයල බලල කර ගන්න. ඔයා සල්ලි දීලානෙ visa එක කර ගන්නෙ. ඉතිං ඔයා ඕනෙ හැමදේම එයගෙන් අහගන්න.

✅ Air Tickets
Visit visa එක ගහපු ගමන් පිටත් වෙන්න ඕනෙ නෑ. Visa එක ගහලා පිටත් වෙන්න කාලයක් තියෙනවා ඒ කලය visa කරන කෙනාගෙන් අහන්න. ඊට පස්සෙ ඔයා Air Ticket eka කර ගන්න. හරියටම යන දවසක් බලලා ටිකක් කලින් ටිකට් එක දා ගන්න දවස් ලං වෙන්න ලං වෙන්න ticket ගනං වැඩි වෙනවා. Visit යන නිසා යන්න සහ එන්න දෙකටම ටිකට් ඕනෙ වෙනවා. ඒකට ඔයාට එයාල ඩමි ටිකට් එකක් දෙනවා. ඒකත් කතා කර ගන්න.

ඩුබායි   අඩුම මිලට දැන් අපෙන්. සියලුම ගාස්තු සමගින් ඔබ දැනටමත් ඩුබායි පැමිනීමට බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකාවේ රැදී සිටින අ...
26/04/2023

ඩුබායි අඩුම මිලට දැන් අපෙන්.
සියලුම ගාස්තු සමගින් ඔබ දැනටමත් ඩුබායි පැමිනීමට බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකාවේ රැදී සිටින අයෙක් නම් AED.8000 ක් පමණී.

🔴 සියලුම ගාස්තු ඇතුලත් වේ.

🔴 අදියර වශයෙන් ගෙවීමේ හැකියාව ඇති අතර ඉතාම විනිවිද භාවයෙන් අප සමග ඔබේ සේවාව ලබා ගැනීමෙ හැකියාව ඇත.

🔴 පහත සියල්ල ඔබට ලබා ගත හැක.
✅ Medical
✅ e-Visa
✅ Emirates Identify Card
✅ Labor Card
✅ Visa Stamping
✅ Bank Statement
✅ Salary Certificate
✅ No Objection Certificate
✅ Change Status

*ඔබ දැනටමත් ඩුබායි සිටින අයෙක් නම් AED.8500 ක් පමණී.

වැඩි විස්තර සදහා 👉
📱 Https://wa.me/+971522784301


🛑දැන් Spouse Visa AED3300 ක් පමණී..🇰🇼 ඩුබායිහි සේවයේ නියතු ඔබට ඔබේ ආදරණීය බිරිඳ/සැමියා අවුරුදු 2ක පදිංචි වීසා සමගින් ඔබ ...
21/04/2023

🛑දැන් Spouse Visa AED3300 ක් පමණී..

🇰🇼 ඩුබායිහි සේවයේ නියතු ඔබට ඔබේ ආදරණීය බිරිඳ/සැමියා අවුරුදු 2ක පදිංචි වීසා සමගින් ඔබ වෙත ගෙන්වා ගැනීමට හොදම මාර්ගය සහ වාසිදායකම වීසා එක ලබා ගැනීමට අප සමග එක් වන්න.

අපගේ විශේෂත්වය
👉 සාධාරණ සහ අවම ගාස්තු සහිත වීම
👉 සැඟවුණු ගාස්තු නොමැති වීම
👉 කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව
👉 අවම ලියකියවිලි
👉 විශ්වාසනීය සේවය
👉 සුහදශීලී සේවය
👉 ඔබට අවශ්‍යය ඕනෑම අවස්තාවක අප සමග සම්බන්ධව ඔබේ ගැටලුව නිරාකරණය කර ගැනීමේ හැකියාව.

දැන්ම අමතන්න
📱whatsapp
Https://wa.me/+971522784301

19/04/2023


19/04/2023

Address


Website

Alerts

Be the first to know and let us send you an email when ThaproHabibi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share