25/06/2020
Leisure Land Eco villas - ගාල්ල
නිවාඩු කාලයේ යාලුවො එක්ක,පවුලෙ අය එක්ක විනෝද වෙන්න තැනක් හොයනවද? හිතේ හැටියට ජල ක්‍රීඩා කරන්න, පිහිනන්න, පාරු පදින්න, කොට්ට පොර සෙල්ලම් කරන්න, ලිස්සලා යන්න වගේ තවත් බොහෝ ක්‍රියාකාරකම් රැසක් තියෙන මේ තැන තියෙන්න #ගාල්ල නගරය ආසන්නයේමයි. ගාල්ල නගරයේ ඉදල කිලෝමීටර් 8ක් වගේ දුරක් තමයි තියෙන්නේ.
මේක ඇත්තටම විශේෂිතවූ Swimming Pool එකක් සමග Water Adventures වලටම හදපු තැනක් කියලා කිව්වොත් නිවැරදියි.මේ Swimming Pool එකේ පාරු පදින්න වගේම Pool එකේම ඉඳගෙන කොට්ට පොර සෙල්ලම් කරන්නත් ඔබට අවස්ථාව ලැබෙනවා කියලා කිව්වොත් සමහර විට ඔබ පුදුම වෙන්නත් පුලුවන්.😍
තේ වත්තකට මැදිව, සුන්දර වෙල් යායක් අසල තිබෙන මේ තැන පුංචි දරුවන්ට වගේම වැඩිහිටි අයටත් හිතේ හැටියට විනෝද වෙන්න, ඝෝෂාකාරී වටපිටාවෙන් මිදී නිදහසේ කාලය ගත කරන්න පුළුවන් සුපිරි තැනක්❤
කන්ද උඩට නැගලා ලිස්සගෙන ඇවිල්ලා Swimming Pool එකට පනින්න වගේම සකස් කරපු ඉතා මනරම් දිය ඇල්ලකින් නාන්නත් ඔබට පුළුවන්. ඒ වගේම මේ දිය ඇල්ලේ විශේෂත්වයක් තියෙනවා. ඔයාලා අහලා ඇති නේ Water Therapy ගැන. සිංහලෙන් කියනවානම් ජල සම්භාහනය. මේ දිය ඇල්ලෙන් නාන අයව සම්භාහනය වෙන විදියට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නෙ.
තව ජීවිතේ කවදාවත් ඔබ ගිහිල්ලා නැති අතුරේ යන්න, උණ බම්බු වලින් හදපු පාරුවක් පදින්න, Tree House එකක ඉඳලා ස්වභාවික සිසිල විඳින්න, වෙල් එළියේ සරුංගල් යවන්න, ටයර් එකක එල්ලිලා යන්න, කුරුල්ලන් බලන්න යන්න, දුවන්න පනින්න වගේ තවත් විනෝද විය හැකි ක්‍රියාකාරකම් රාශියක් මේකෙ තියනව..
නාගරික පරිසරයක ජීවත්වෙන කුඩා ළමුන්ට වගේම වැඩිහිටි ඔබටත් මෙය අමුතුම අත්දැකීමක් වේවි. ගාල්ල අධිවේගී හුවමාරුවවේ ඉඳලා තියෙන්නේ කි.මි. 2.5ක් වගේ දුරක් නිසා කොළඹ ඉන්න අයටත් පහසුවෙන්ම මෙම ස්ථානයට එන්න පුළුවන්. ඒ වගේම මෙහි ඇති සුන්දර ගැමි පරිසරය, වටපිටාව වගේම නිස්කලංක බව ඔබේ මනසට ආශ්වාදයක් ගෙන එනු නොඅනුමානයි.
ඒ වගේම එක් පුද්ගලයෙකුට රුපියල් 2000/- පමණ මුදලක් තමයි අය කරන්නේ. ඒ රුපියල් 2000/-ට Welcome Drink එක + දවල් කෑම + හවස තේ එක එයාලා ලබා දෙනවා.** ඒ නිසා කෑම ගැන වද වෙන්න අවශ්‍ය වෙන්නෙත් නෑ. තවත් දෙයක් කියන්න ඕන. අවුරුදු 3 ට අඩු අයට ගාස්තු අය කරන්නේ නෑ. අවුරුදු 3 – 10 අතර අයට රුපියල් 1500/- ක් අය කරනවා. අවුරුදු 10 ට වැඩි නම් වැඩිහිටි පුද්ගලයෙක් විදියට සලකලා ගාස්තු අය කරනවා. මෙහි ඇති ක්‍රියාකාරකම් කරනවාට අමතරව ඔබට අවශ්‍ය නම් වෙනම මුදල් ගෙවා කාමර පහසුකම් වුනත් ලබා ගන්න පුලුවන්.
නිවාඩු කාලයේ කිසිදා අමතක නොවෙන අත්දැකීමක් ලබන්න, සුන්දර නිවාඩුවක් ගත කරන්න මේක ඔබට කදිම අවස්ථාවක්. කාටත් දරන්න පුළුවන් සාධාරණ මුදලක් අය කරන නිසා ඔබටත් පවුලේ අය එක්ක ඇවිල්ලා හිතේ හැටියට විනෝද වෙන්න, ගැමි සුවඳ විඳින්න, ස්වභාවික පරිසරයේ සිසිල – ආශ්වාදය ලබන්න වගේම මෙහි තියෙන ක්‍රියාකරකම්, විශේෂයෙන් Water Adventures කරන එකත් ටිකක් වෙනස් අත්දැකීමක් වේවි.😘❤
විශේෂයෙන් මතක තබා ගත යුතු දෙයක් තියෙනවා. ඔයාලා මේ ස්ථානයට එනවානම් අනිවාර්යෙන්ම කලින් කතා කරලා වෙන් කර ගන්න ඕන. මොකද මෙතනට ගන්නේ දවසකට සීමිත පිරිසක් පමණයි.🙏❤
**Travel Dreams**
)
#එකට #වෙන්න
Prwahanaya sha methana wenkara ganimata amathanna
077 6085020 ( prawahana pahasukm salasa diya haka)