Fantastic Travelers

  • Home
  • Fantastic Travelers

Fantastic Travelers Join with us to visit beautiful places around the Sri Lanka. It also provides information on hotels, villas & camping sites where you can find accommodation.

This page has been created for the convenience of local travelers as well as foreign tourists in Sri Lanka. Beautiful places to visit for local as well as foreign tourists are shared with you through our page. In addition, we bring you clear information about places of ancient and religious value in Sri Lanka. Accordingly, we are obliged to give the necessary instructions to anyone traveling with

in the Sri Lanka to easily visit the relevant place. If there is a business related to your tourism industry, we will also advertise it through our page. Finally, I would like to thank our Followers for joining our page to promote the tourism industry in Sri Lanka.

අද නම් ලැබුන රිදියගම සිංහ පොඩිත්තෝ🥺🌿❤️🐅🍇🍎🍀🦚ඩෝරා සහ ලාරා යන සිංහ ධේනුන් දාව උපන් පුංචි සිංහ දඟයන්ට නම් තැබීමේ උත්සවය අද ද...
12/02/2025

අද නම් ලැබුන රිදියගම සිංහ පොඩිත්තෝ🥺🌿❤️🐅🍇🍎🍀🦚

ඩෝරා සහ ලාරා යන සිංහ ධේනුන් දාව උපන් පුංචි සිංහ දඟයන්ට නම් තැබීමේ උත්සවය අද දින රිදියගම සෆාරි උද්‍යානයේ දී, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තුමන් සහ සෆාරි උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ඇතුළු කාර්ය මණ්ඩලයේ ප්‍රාදානත්වයෙන් පැවැත්විය.

"ලාරා" සහ "සූලා" දාව උපන් පිරිමි සිංහ පැටවා සහ ගැහැණු පැටව් දෙදෙනා

පිරිමි සිංහ පැටවා
මේඝ 🦁
ගැහැණු සිංහ පැටවුන්
ටාරා 🦁
අඝ්‍රා (අඝ්‍රා) 🦁

"ඩෝරා" සහ "වොලී" දාව උපන් ගැහැණු සතුන් තිදෙනා

භූමී 🦁
අකීරා 🦁
එල්සා 🦁

©Ridiyagama Safari park

මුළු නුවරම පේන ලස්සන තැනකින් රු4950ට සුපිරිම Hotel එකක්😮🐙🌿🐬🦀🐦🍃 ශ්‍රී දළදා මාලිගාවට පයින් යන දුරින් තියෙන නිසා මාලිගාව වන...
12/02/2025

මුළු නුවරම පේන ලස්සන තැනකින් රු4950ට සුපිරිම Hotel එකක්😮🐙🌿🐬🦀🐦🍃

ශ්‍රී දළදා මාලිගාවට පයින් යන දුරින් තියෙන නිසා මාලිගාව වන්දනා කරන්න වගේම, නුවර Travel කරන්න එන අයට ගොඩක් පහසුම තැනක්🥰

මේ Kandy City Stay ❤️

කෝච්චියේ එන අයට නුවර Station එකේ ඉදලා පයින් එන්න පුලුවන් දුරකින් තියෙන එකපාරක් ගියොත් ආයේ යන්න හිතෙන තැනක් තමයි මේක.

⭕ Package Details
✅ Package Starting LKR 4950/- PP / Deluxe Room Only / Double Basis

මීට අමතරව මෙයාලගෙ,
✅Deluxe Double king Room
✅Double king Room with balcony
✅Double king room with Mountain view
✅Oriental Fusion Double king Room
✅Deluxe Family Room

වගේ Room Types ගොඩක් සහ BB | HB | Dayouting | Honeymoon වගේ Packages ගොඩක් තියෙනවා. පහල Number එකට Call එකක් හරි whatsapp message එකක් හරි දාලා විස්තර දැනගන්න පුලුවන්😍

⭕ Facilities (Depend on Packages)
✅ Comfortable A/C Bedrooms
✅ Mount view bedrooms
✅ TV facility
✅ Complimentary Wi-Fi access
✅ Hot water availability
✅ En-suite bathroom with attached facilities
✅ Tea and coffee making provisions
✅ Complimentary bottled water
✅ Free bathroom amenities
✅ Bath tub
✅ Roof Top Restaurant
✅ Safety Parking space, වගේ Luxury පහසුකම් ගොඩක් බජට් Price එකට මෙයාලගෙන් ඔයාලට හම්බෙන නිසා මේකනම් වාසිම Place එකක්😎

තව මෙයාලගෙ සුපිරිම Restaurant එකකුත් තියෙන නිසා කෑම බීම ගැන නම් බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ

මෙහෙ ආවොත් ඔයාලට,
📌️ Sri Dalada maligawa 1KM
📌️ Kandy railway station 300M
📌️ Kandy town 1Km
📌️ Peyadeniya Botanical Garden
📌️ Bahirawakanda
📌️ Kandy View Point
📌️ Sandagiri seya, වගේ Location ගොඩකට ඉක්මන්ටම යන්නත් පුලුවන්😍

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 0812228080

📲 Whatsapp : wa.me/+94778982843

©Fantastic Travelers

ත්‍රිකුණාමලයේ යන අයට  #හොඳම සුපිරිම බජට් Resort එකක්😲🍃🐙🐬🌻🦀🌿A budget resort where those who go to   can have a comfortabl...
12/02/2025

ත්‍රිකුණාමලයේ යන අයට #හොඳම සුපිරිම බජට් Resort එකක්😲🍃🐙🐬🌻🦀🌿

A budget resort where those who go to can have a comfortable vacation🌻

මේ Trinco Blue Waves Resort ❤️

ත්‍රිකුණාමලය Beach එක කිට්ටුවෙන්ම තියෙන, Couples වලට, Family වලට වගේම යාලුවෝ සෙට් එකකටම උනත් බොහොම සුවපහසුව නවාතැන් ගන්න පුලුවන් #හොදම_තැනක් තමයි මේක.

⭕ Package Details
මෙයාලගේ Packages LKR 6000/- ඉදන් පටන් ගන්නවා. ඔයාලගේ එන පිරිස සහ අවශ්‍යතා අනුව කැමති විදිහට Arrange කරගන්න පුලුවන්.

⭕ Facilities
✅ 05 Comfortable A/C Rooms
✅ King size bed and twin beds with clean and luxurious bed linen
✅ Living area
✅ Sofa
✅ Smart LED TV
✅ Dining area
✅ Wifi fiber optic
✅ Kitchen
✅ Basic utensils and cutlery
✅ Pots, pans, mugs, dishes and glasses
✅ Microwave, fridge, on top
✅ Parking available

කෑම බීම ඕනම දෙයක් මෙයාලගෙන් ගන්නත් පුලුවන්, එහෙම නැත්තන් ඔයාලට උනත් හදාගන්න Kitchen Facility මෙහෙ තියෙනවා.

මෙහෙ ආවොත් ඔයාලට,
📌️ පරවි දුපත
📌️ ෆෙඩ්‍රික් බලකොටුව
📌️ ගෝකන්න විහාරය
📌️ ශ්‍රී තිරුකෝනෙශ්වරම් කෝවිල
📌️ නිලාවැලි වෙරළ
📌️ ලංකා පටුන සමුද්‍ර විහාරය
📌️ රාවණා කැපුම
📌️ නාවික කෞතුකාගාරය
📌️ අසිරිමලේ වෙරළ තීරය
📌️ ගිරිහඬු සෑය
📌️ සේරුවිල මංගල මහා #විහාරය
📌️ මාර්බල් බීච්, වගේ Location ගොඩකටම බොහොම ඉක්මන්ටම යන්නත් පුලුවන්😍

ඔන්න මේකනම් ඉක්මන්ටම Book වෙනවා. ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න,
☎️ 0779009581
☎️ 0262223350
☎️ 0262228013

📲 Whatsapp : wa.me/+94772763503

©Fantastic Travelers

12/02/2025
අද එලිය දකින උමන්දාවේ මහා සැතපෙන බුද්ධ ප්‍රථිමාවහන්සේ🥺🙏Photos Credit goes to Respective Owners | DM for Credit or Remova...
12/02/2025

අද එලිය දකින උමන්දාවේ මහා සැතපෙන බුද්ධ ප්‍රථිමාවහන්සේ🥺🙏


Photos Credit goes to Respective Owners | DM for Credit or Removal

පුංචි කාලේ මේවා කාපු කෙනෙක් නම් ඔයත් ලස්සන ළමා කාලයක් තිබුන කෙනෙක්😍🌿🌻🦀🌺
12/02/2025

පුංචි කාලේ මේවා කාපු කෙනෙක් නම් ඔයත් ලස්සන ළමා කාලයක් තිබුන කෙනෙක්😍🌿🌻🦀🌺

නුවරඑළියේ උසම ගමේ තියෙන සුපිරි Hotel එක 😮❤️
12/02/2025

නුවරඑළියේ උසම ගමේ තියෙන සුපිරි Hotel එක 😮❤️

බදුලු පුරවරයේ තියන සුන්දරම ගම්මානයක් - පූනාගල 🌸🍇🦚🌞🌈🍃🌲❤️𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐨𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚💚DM For Credit Or Removal, Credit Always Goes ...
12/02/2025

බදුලු පුරවරයේ තියන සුන්දරම ගම්මානයක් - පූනාගල 🌸🍇🦚🌞🌈🍃🌲❤️

𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐨𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚

💚DM For Credit Or Removal, Credit Always Goes to respective owners💚






🇱🇰


දවසක හැබෑ කර ගන්නම ඕනේ හීනයක් මේක😱😮😍🌿🌺🍃❤️බාලි කියන්නෙ ලංකාව වගේම දුපතක්, හැබැයි ඊට වඩා පොඩි නිසා ලොකු area එකක් සතියකින්...
12/02/2025

දවසක හැබෑ කර ගන්නම ඕනේ හීනයක් මේක😱😮😍🌿🌺🍃❤️

බාලි කියන්නෙ ලංකාව වගේම දුපතක්, හැබැයි ඊට වඩා පොඩි නිසා ලොකු area එකක් සතියකින් දෙකකින් වගෙ cover කරන්න පුලුවන්.අනිත් එක ලොකු budget එකක් ඕනෙ වෙන්නෙත් නෑ.හොටෙල් room එකක් පොඩි ගානක් වගෙ එක දවසකට. (AC රූම් එකක් breakfast එක්ක,free wifi, satalite TV ගොඩක් වෙලාවට පූල් එකකුත් තියෙනවා) ඊට අඩුවෙන් උනත් හොයාගන්න පුලුවන්.

Bali වල travel කරන්න හොදම ක්‍රමය scooter එකක් රෙන්ට් කරගන්න එක. බය වෙන්න දෙයක් නෑ. එහෙ පොලිසියෙන් license check කරන්නෙ නෑ. (international license තියෙනව නම් check කලත් අවුලක් නෑ) දවසට රු.500-600 වගේ වෙන්නෙ(2019). මේකත් Kuta වලින්ම කරගන්න. Kuta කියන්නෙ party spot එකක්.
Bali යනව නම් යන්නම ඕනෙ Island එකක් තමයි Nusa Penida කියන්නෙත්.
මේකනම් ලස්සන travel අත්දැකීමක් වෙයි. දවසක ඔයාගෙත් ඒ හීනය හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏

සටහන Fantastic Travelers
Photos Credit goes to Respective Owners

නුවර තියෙන මේ පාරාදීසය ගැන දන්නවද👇😍🌸🌈🌺🐢🌲🧚🏻‍♀️👣❤️ All Right Reserved ©Fantastic Travelers ඔන්න අද අලුත්ම සංචාරක පාරාදීසයක...
12/02/2025

නුවර තියෙන මේ පාරාදීසය ගැන දන්නවද👇😍🌸🌈🌺🐢🌲🧚🏻‍♀️👣❤️

All Right Reserved ©Fantastic Travelers

ඔන්න අද අලුත්ම සංචාරක පාරාදීසයක් ගැන තමයි Fantastic Travelers අපි කියන්න යන්නේ.

මේ තමයි පන්විල කියන සුන්දර ප්‍රදේශය.
Fantastic Travelers

මේක තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ. පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේය. නකල්ස් කදුවැටිය ආසන්නව දුම්බර මිටියාවතේ තියෙන මේ සුන්දර ප්‍රදේශයේ දිය ඇලි, නැරඹුම් ස්ථාන ඇතුලු කදු පන්ති කිහිපයක්ම බලාගන්න පුලුවන්.

මෙහෙ ආවොත් ඔයාලට,

දියඇලි විදිහට,
📌️හුන්නස්ගිරි ඇල්ල
📌️තලිය වැටුන ඇල්ල
📌️හුළු ගඟ ඇල්ල
📌️ජෝඩු ඇල්ල
📌️ලෙබනන් ඇල්ල
📌️කලු වල ඇල්ල
📌️සාරී ඇල්ල
📌️නකල්ස් ඇල්ල, බලන්න පුලුවන්.
Fantastic Travelers

කදු විදිහට,
📌️හුන්නස්ගිරිය කන්ද
📌️ගෝමරය ගල කන්ද
📌️Knuckles Five Peak බලන්න පුලුවන්

ඊට අමතරව,
🍀කැලෑබොක්ක
🍀හා තලේ පුංචි ලෝකාන්තය
🍀කබරගල End View point
🍀ලස්සන තේවතු
🍀පුංචි දිය පහරවල් ඇතුලු ලස්සන කොළපාට පිරුණ මං මාවත් වල ඇවිදින්න ඔයාට අවස්ථාව හම්බෙනවා🥳.

මේ තැන් වලට යන විදිහ මන් කෙටියෙන් කියන්නම්, Google map දාගත්තම ලේසීම ක්‍රමය හොයාගන්න පුලුවන්.

✅හුන්නස්ගිරි ඇල්ල

පන්විල සිට කිලෝමීටර් 6.5 ක පමන දුරි මෙය පිහිටා ඇති අතර එනවනම් පන්විල සිට හුන්නස්ගිරි කන්ඳ තරණය කරන්න පැමිණෙන #මාර්ගයේ එක් පසක මෙම ඇල්ල පිහිටා අත.

✅තලිය වැටුණු ඇල්ල (Fantastic Travelers)

හුළුගඟ නගරයෙන් වම් පසට ඇති අළකොල මාර්ගයේ කිලෝමීටර් 03 ක් පමණ ගිය පසු හමුවන අලකොල වතුයාය තුල මෙම ඇල්ල පිහිටා ඇත.

✅ලෙබනන් ඇල්ල

ගෝමරය නම රාජ්‍ය වතුයාය තුළ මෙම ඇල්ල පිහිටා ඇති අතර හුළුගඟ නගරයේ සිට බඹරැල්ල මාර්ගයේ ගොස් හාගල හන්දිය පසුකොට හමුවන කුඩා පාලම ලගින්ම වමට තියෙන ලියංගල නම් වතු නිවාස පාරේ ගිය පසු මෙම ඇල්ලට යන්න පුලුවන්.

✅කලුවල ඇල්ල

මේකටත් ලෙබනන් ඇල්ලට ගියා වගේ හුළුගඟ බඹරැල්ල මාර්ගයේ හාගල හන්දිය පසුකොට හමුවන කුඩා පාලම පසුකර ගිය පසු හමුවන තේ වතුයාය මැදින් ඇති පාරේ ගිය පසු මෙම ඇල්ල හමුවේ.

✅හුළුගඟ ඇල්ල

පන්විල සිට කිලෝමීටර් 10 පමන දුරින් ඇති හුලු ගග නම් සුන්දර නගරයේම මෙම ඇල්ල පිහිටා ඇත. ලේසීයෙන්ම හොයාගන්න පුලුවන් ඒ නිසා. නෑම නම් අනතුරුදායක වේ.

✅ජෝඩු ඇල්ල

හුළුගඟ නගරයේ සිට ගෝමරය මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ පැමිණි විට හමුවන සඳුන් අරණ භාවනා නම් මධ්‍යස්ථානයට පිවිසෙන මාර්ගයේ ටික දුරක් ගිය පසු මෙම ඇල්ල හමු වේ.

✅සාරි ඇල්ල

මේකටනම් හුලුගග ඉදන් කිලෝමීටර් 6ක් වගේ තියෙනවා. හුළුගඟ නගරයෙන් බඹරැල්ලට ඇවිත්, බඹරැල්ල ඉදන් නකල්ස් දෙමළ පාසල අසලින් වමට තියෙන පාරේ ගියාම මේ ඇල්ල හම්බෙනවා

✅නකල්ස් ඇල්ල

හුළුගඟින් බඹරැල්ල හරහා දවටගලට ‍යන පාර හරහා ඇති නකල්ස් දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර් 9ක් වගේ යද්දි මේ ඇල්ල හම්බෙනවා.

කදු නගින්න කැමති අයට මේ ටික
Fantastic Travelers

📌️නකල්ස් Five Peak

මේක ගොඩක් කදු නගින අයගෙ හිනයක් කොහෙම මෙහෙට යන්නේ. යන්නෙ මෙහෙමයි.පන්විල නගරයට ඇවිත් හුළුගඟ නගරය හරහා දවටගලට යන පාරෙන් දවටගලට ආවට පස්සෙ එතන ඉදන් Five Peak තරණය කරන්න පුලුවන් ඔයාලට.

📌️හුන්නස්ගිරි කන්ද

පන්විල නගරයේ Post office එක ලගින් වමට තියෙන පාරේ කිලෝමීටර් 07 ක් වගේ යද්දි මේ කන්ද හම්බෙනව.

📌️ගෝමරය ගල (කන්දසාමි කන්ද)

හුළුගඟ නගරයෙන් #ගෝමරයට ඇවිත් ගෝමරය දෙමළ පාසල #අසළින් වමට තියෙන පාරේ යද්දි මේ කන්ද හම්බෙනවා. තව මේකට කන්දසාමි කන්ද කියලත් කියනවා. Fantastic Travelers

📌️ කබරගල End View Point

පන්විල ඉදන් මඩුල්කැලේ නගරය හරහා කබරගල බස් නවත්තන අන්තිම තැනට ආවට පස්සෙ, එතන ඉදලා මාතලේ පැත්තට පොඩි දුරක් යද්දි මේක හම්බෙනවා.

තව,
📌️හාතලේ පුංචි ලෝකාන්තය
📌️ කැළෑබොක්ක 360° View Point

තැන් දෙක බලන්න යන්නත් අමතක කරන්න එපා.

නුවර පැත්තේ අයට නම් දවසින් උනත් ගිහින් එන්න පුලුවන්, දුර අයට නම් දවස් දෙකකින් වගේ ම් ඔක්කොම කවර් කරන්න පුලුවන් ( කදු හැර ). Plan එකක් හදාගෙනම යන්න.

හැබැයි මේ පන් විල කියන්නේ ගොඩක් අය නොදන්න තාම නොඉඳුල් සුන්දර සංචාරක පාරාදීසයක්. ඒ ලස්සන බලන්න ලංකාවේ හැමෝටම අවස්ථාව තියෙනවා. ඒ නිසා තමා විස්තර ගෙනාවේ. ඒ වගේම ඔයාලා මේ ලස්සන තැන් සුරකින්නට වගකීමෙන් බැදෙනවා.

ඒ නම් ලස්සන ට්‍රිප් එකක් ගිහින් එන්න.

Good luck ❤️

සටහනේ සම්පූර්ණ අයිතිය Fantastic Travelers සතු බැවින් අනවසරයෙන් උපුටාගැනීම තහනම්🛑.

Some Photos Credit goes to Respective Owners | DM for Credit or Removal

දවසක යන්නම ඕනේ ලංකාවේ ලස්සනම Round Trip එකක්😮🌿🐬🦀🐦🍃 ඔන්න දැන් එන්නේ නිවාඩු කාලෙනේ, ගොඩ දෙනෙක් ඉල්ලුවා දවස් දෙක තුනක ට්‍රි...
12/02/2025

දවසක යන්නම ඕනේ ලංකාවේ ලස්සනම Round Trip එකක්😮🌿🐬🦀🐦🍃

ඔන්න දැන් එන්නේ නිවාඩු කාලෙනේ, ගොඩ දෙනෙක් ඉල්ලුවා දවස් දෙක තුනක ට්‍රිප් ප්ලෑන් දෙන්න කියලා, ඔන්න අද Fantastic Travelers අපි කියන්න යන්නේ ලංකාවේ ලස්සනම Locations ගොඩාක් බලන්න පුලුවන් Round Tour එකක් ගැන.

මම ගමන් මාර්ගය සහ බලන්න තියෙන තැන් කියන්නම්, ඔයාලා ගමනාරම්භය සහ දින ගනන Plan කරගන්න. අවම දවස් 3ක් වත් ඕනේ මේ ගමන ලස්සන කරගන්න නම්.

ගමන් මාර්ගය
පේරාදෙණිය ➡️ ගලහා ➡️ රිකිල්ලගස්කඩ ➡️ මන්දාරම්නුවර ➡️නුවර➡️ හැටන් ➡️ මස්කෙලිය ➡️ ගිනිගත්හේන නාවලපිටිය ➡️ ගම්පොල ➡️ පේරාදෙණිය

මේක තමා ගමන් මාර්ගය සම්පුර්ණ දුර 220KM වගේ, ඒත් location වලට යන දුරත් එක්ක මේක වැඩි වෙනවා.

ඒ වගෙම කොළඹ පැත්තේ අයට මේකට ගිනිගත්හේනෙන් හෝ නුවරින් එකතු වෙන්න පුලුවන්😍

එහෙනම් ගමන පටන් ගමු,

අපි පටන් ගන්නේ නුවරින්

නුවර ඇවිදින්න ආස කෙනෙක්ට නුවර ඇවිදලා එහෙම මේ ගමන පටන් ගන්න පුලුවන්.

නුවර ආවොත් මේ තැන් බලන්න පුලුවන්,
⭕බහිරව කන්ද විහාරය
⭕උඩවත්ත කැලේ
⭕Kandy View point
⭕හන්තාන සදගිරි සෑය
⭕හන්තාන කුරුළු උයන
⭕පේරාදෙණිය මල් වත්ත
⭕නෙල්ලිගල පන්සල
⭕රණවන පන්සල

ඊට පස්සේ අපේ ගමන පටන් ගමු.

පේරාදෙණිය මල් වත්ත #ඉස්සරහින් තමා ගලහා පාර පටන් ගන්නේ. මේකේ ඇවිත් ඔයාලට ලස්සන ලස්සන තැන් ගොඩක් බලන්න පුලුවන්.

අනිත් එක තමා මේ පාර ස්වභාව සෞන්දර්යත්වයෙන් අනූන ලස්සනම පාරක්. එක පාරක් ගියොත් ආයෙත් යන්නම හිතෙයි.

බලන්න පුලුවන් තැන්👇
Fantastic Travelers

පටන් ගන්න තැනින්ම පේරාදෙණිය මල් වත්ත බලන්න පුලුවන්.

ඊට පස්සේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය හම්බෙනවා. ඒකත් බලාගෙන එන්න පුලුවන්. පේරාදෙණිය කියන්නේ ලංකාවේ ලස්සනම කැම්පස් එකක්🥰

ඊට පස්සෙ සරසවිගම පැත්තට ගියොත් හන්තාන කදු පන්තියේ අනෙක් කෙලවර බලන්න පුලුවන්. ඒ අතර,

✅ කටුසුකොන්ද
✅ ගිරා හොට ගුහාව සහ
✅ ඌරාගල කන්ද විශේශයි.

කටුසුකොන්ද කියන තැන නම් #ගොඩක් අවදානම් ගමනක් ඒ නිසා පරිස්සමෙන් යන්න ඕනේ. මේ ඌරාගල කියන්නේ හන්තාන කදුපන්තියේ අවසාන කන්ද.

ඔය ටික බලාගෙන ගලහා පැත්තට එන්න පුලුවන්. නාන්න තැන් කිහිපයක් එහෙම තියෙනවා. ප්‍රදේශවාසීන්ගෙන් අහලා ආරක්ශිත නම් නාන්න පුලුවන්.

ඊටපස්සෙ ඔයාලට පුලුවන්,
Fantastic Travelers

✅ භද්‍රාවති විහාරය බලන්න යන්න

මේකට කියන්නේ භද්‍රාවති #ජාතික භික්‍ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථානය කියලා.

ගලහ නගරයට ඇවිල්ලා පුපුරැස්ස පාරේ
එනකොට තමා මේ පුදබිම හමුවෙන්නේ. හරිම ලස්සන සුන්දර පින් බිමක් මේක. කදුමුදුනට යන්න පඩි 847ක් නගින්න ඕනේ.

ඊට පස්සෙ ඔයාලට බලන්න යන්න පුලුවන්,
✅ ලූල් කදුර වතු යාය.
මේ තමා ලංකාවේ පලවෙනි වාණිජමය තේ වත්ත.

✅ එතනම ලග කොන්ඩගල තියෙනවා. Hike කරන්න කැමති අයට #නගින්න පුලුවන්.

✅ තව ජේම්ස් ටේලර්ගේ ආසනය කියලා එකක් තියෙනවා. ලස්සන View point එකක්. Lipton Seat වගේ.

තව ගලහා නගරය ආසන්නයේ තියෙන අබ්බලමාන කියන ප්‍රදේශයද ඉතා ලස්සන ප්‍රදේශයක්.

එහෙ ගියොත්,
✅ යක්ශයාගේ ආසනය කියන තැන
✅ ගලහා මිටියාවත
✅ තිරිවාණා නිදියක් එහෙම බලන්න පුලුවන්.

ඊට පස්සෙ ඔයාලට ඕනේ නම් ගලහා ඉදන් බෙල්වුඩ් පැත්තට යන්න පුලුවන්. මුතුකෙලින වැව එහෙම තියෙන්නෙ මෙහෙ. මේකත් ලස්සන පරිසර පද්දතියක්. Camping කරන්නත් පුලුවන්.

ඊට අමතරව ඔයාලට,
✅ ඉගුරු ගල් ඔය ජලාශය හා අමුණ
✅ මඩවල ඇල්ල,

වගේ ඒවා බලාගෙන පොරමඩුල්ල, රිකිල්ල ගස්කඩ පැත්තට ආවොත්, එතනින් පදිය පැලැල්ල හරහා මන්දාරම්නුවර යන්න පුලුවන්😍

මන්දාරම්නුවර යනවනම් මේක කියවන්න, සම්පුර්ණ විස්තරයක් එහි ඇත.👇
https://m.facebook.com/story.php?story_fbid=498637355995244&id=100075469527035&mibextid=Nif5oz

ඔය ඔක්කොමත් බලලා ඊටපස්සෙ ඔයාලට පුලුවන් රාගල පැත්තෙන් නුවරඑළියට එන්න පුලුවන්

නුවරඑළියේ ඇවිත් මේ තැන් ටික බලන්න පුලුවන්,
📌සීතා කෝවිල
📌අඹේවෙල
📌ශාන්තිපුර ගම්මානය
📌හෝර්ටන්තැන්න
📌සදතැන්න
📌ග්‍රෙගරි වැව
📌බෝඹුරු ඇල්ල
📌පිදුරුතලාගල කන්ද
📌හග්ගල මල්වත්ත
📌වික්ටෝරියා park
📌Single tree hills

හරි ඔන්න නුවරඑළියේ ටිකත් බලාගෙනම ඔයාලට පුලුවන් හැටන් පැත්තට එන්න.

මේ එද්දි,
නානුඔය දුම්රිය ස්ථානය
නානුඔය අයිස් ඇල්ල
සෙන්ට් ක්ලෙයාර් ඇල්ල

ඔය ටික බලාගෙන හැටන් හරහා මස්කෙලියට එන්න. වෙලාව තිබ්බොත් අප්කොට් පැත්තෙත් යන්න.

මස්කෙලිය අවටින්,
මාවුස්සාකැලේ ජලාශය
කාසල්රි ජලාශය
මෝහිනී ඇල්ල
ගාට්මෝර් ඇල්ල
මොරේ ඇල්ල බලාගෙන ගිනිගත්හේන පැත්තට එද්දි,

ලක්ශපාන
සප්තකන්‍යා
ඇබර්ඩීන් ඇල්ල බලන්න පුලුවන්

ඒ ටික බලාගෙන නාවලපිටිය ගල්පොත්ත ත් බලාගෙන ගපොල එන්න පුලුවන් කැමති කෙනෙක්ට අම්බුලුවාවේ යන්න පුලුවන්

හරිම ලස්සන ගමනක් #ඔයත් දවසක ගිහින් බලන්න. මීට වඩා බලන්න තැන් නම් තියෙනවා. එහෙම උනොත් මේ ගමන මාසයක් වත් දා ගන්න වෙනවා. මීටවඩා ඔයා දෙයක් දන්නව නම් පහලින් දාගෙන යන්න.

යන හැම විටෙම පරිසරයේ ආරක්ශාව ගැන සැලකිලිමත් වන්න‼️

මේ ගමනෙදි නතර වෙන්න Hotels ඕනේ නම් අපේ Whatsapp Channel එකට join වෙලා මිලගනන් සමගම බලාගන්න පුලුවන්

Travel කරන අය Hotel s හොයන අය Join වෙන්න👇
https://whatsapp.com/channel/0029VaACxX9K0IBkgbgoEv2w

එහෙනම් Good luck ❤️

සටහනේ අයිතිය Fantastic Travelers සතු බැවින් අනවසරයෙන් උපුටාගැනීම තහනම්🛑.

Some Photos Credit Always Goes to respective owner | DM For Credit Or Removal

පෝයට විතරක් යන්න පුලුවන්, ගමන් මග දුශ්කර වුවත් යන්නම ඕන ලස්සන පන්සලක් ☸️🍓🌿🍎🦚🍇🦀නිකවැව නාගල රජමහා විහාරය 🏔🌸🙏Nikawewa, Sri ...
12/02/2025

පෝයට විතරක් යන්න පුලුවන්, ගමන් මග දුශ්කර වුවත් යන්නම ඕන ලස්සන පන්සලක් ☸️🍓🌿🍎🦚🍇🦀

නිකවැව නාගල රජමහා විහාරය 🏔🌸🙏
Nikawewa, Sri Lanka | 🇱🇰

දේවානම්පියතිස්ස රජසමයට අයත් මෙම විහාරය දර්ශණීය කදු ශිකරයක පිහිටා ඇත.එහි පිළිම සහිත කන්ද තරනය කිරීම සදහා සෑදූ කිලෝමීටරයකට ආසන්න දුරක් සහිත ගල් පියගැට පෙලකි..තුරු ලතා වලින් වටවූ මෙම පියගැට පෙල නගින විට ඇත්තටම අප සිටින්නේ දේවානම් පියතිස්ස යුගයේ යැයි හැගීමක් ඇතිවේ.


#ලංකාවේචාරිකාවිස්තර
#ලංකාවේචාරිකාවිස්තරbyfantastictravelers


📷 Credit goes to Respective Owners

11/02/2025

Trip එකක් ගිහින් අමතක වෙලා දාල ආව දේවල් මොනාද?

😌
11/02/2025

😌

මන් ආසම ඔයත් එක්ක මේ විදිහට ඇවිදින්න😍❤️
11/02/2025

මන් ආසම ඔයත් එක්ක මේ විදිහට ඇවිදින්න😍❤️

😅
11/02/2025

😅

ආසම කෑමක් 🤩🍀🌝❤️
11/02/2025

ආසම කෑමක් 🤩🍀🌝❤️

Address


Telephone

+94705132564

Website

Alerts

Be the first to know and let us send you an email when Fantastic Travelers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Fantastic Travelers:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share