02/12/2023
උද්දමනය අඩුවෙලාලු ආන්ඩුව කයිය ගහනවා.
ඇත්තටම උද්ධමනය අඩුවෙලාද. තමතමන්ගෙ ගෙදර වියදම් ගැන හිතලා කතා කරමුද. ළංකාවෙ රැකියා කරන අයගෙ තත්වය මන් දන්නෙ නැහැ. මොකද මම රැකියාව කරන්නෙ ඉතාලියෙ නිසා. මාසෙකට ලක්හ 4 ක වගෙ මුදලක් නිසට යවනවා. ලොකුවට ගෙයක් හදලා ලොකු වහනෙකින් ගමන බිමන් යනවා , ඒ දෙකෙ නය වාරික සහ ෆිනැන්ස් ලබන වසරෙ අනසාන වෙනකන් ගෙවන්න ඹනි, බඩගින්නෙ හිටියත් ඒවා කරන්න ඹනි. ඉතින් අපි අපෙ අනිත් වියදම් තමයි කපා හරින්නෙ මොකද වැඩිවුන මිල ගනන් එක්ක .
විදුලිබිල 17, 000 ක් පමන එනවා. දැන් සාලෙ ලයිට් එක දාලා අනිත් ලයිට් නිවලා ඉන්නවා , උනුවතුර, විදුලි පංකා දාන්නෙම නැති තරම්, ඉස්සර වහනෙට 40000 ක තෙල් ගැහුවා , දැන් ඒක 20000 ට අඩු කරලා වයිෆ් ලමයි අරන් පන්ති ගියාම ආයිත් ගෙදර එන්නෙ නැහැ , දෙන්නගෙම පන්ති ඉවර වෙනකන් පැය දෙක තුන අනිත් ලමයා වහනෙට වෙලා ඉන්නවා. මොනවා උනත් ළමයින්ගෙ අද්යාපනයට යන වියදම් නතර කරන්න බැහැ. හැම විශයටම අමතර පන්ති
ගියෙ නැත්නම් ලකුනු අඩු වෙනවා. පියො ටිවි තාවකාලිකව නැවැත්තුවා, අන්තර්ජාල පැකෙජය නවත්තලා ඩෙටා වලින් අනතර්ජාලය බාවිතාවට පෙලබුනා, මස්මාලු කැම හරි අඩකින් අඩුකරලා,අලුත් ඇදුම් ගැනිම අඩුම කරලා, මසකට වරක් කොහෙ හරි හොටලයකට බුෆෙ ගිය ඒවා නවත්තලා, දනට පිනට දිපුවා නවත්තලා, පන්සල්වලට අදාර පත්‍රිකාවලට දිපු ප්‍රමානෙන් බාගයයි දැන් දෙන්නෙ. ඉතින උද්දමනය අඩුවෙලාද. නැහැ අපි පාරිබොජනය නවත්තලා
අපි කරපු අමතර වියදම් එහෙමපිටින්ම නවත්තලා, මගෙ බිරිද වසරකට වරක් කරපු කොන්නඩා හදන එක මෙ පාර නවත්තලා, අපි ගෙවල පින්තාරු කරකරන ඒවා අලුත්වැඩියා කිරිම් නවත්තලා, ඉස්සර හැම මාසෙම අපෙ ගෙදර කුමක් හො වැඩකට අහල පහල කුලි වැඩ කරන මිනිස්සු ආවා දැන් ඒවා නවත්තලා. බිරිද මොනවා හරි ගෙදර වැඩක් කරමු කිව්වම මම ළංකාවට ආවම කරන්නම් කියලා දැන් මන් කියන්නෙ. ඉස්සර ඔනිම දෙකට වියදම් කරන්න හා කිපු මම දැන් වියදමක් කරන්න ඇහුවම බිරිදට නැතිවෙන්න බනිනිවා .
ඉතින් රනිල් හාමු උද්දමනය අඩුවෙලා කියලා උදම් අනන එක හරිද. නැතිනම් අපි ලැල්ලටම පටි තද කරලද.
ඹබලාගෙ නිවසෙත් මෙ තත්වයමද කමෙන්ට් කරගෙන යන්න