18/09/2023
ප්‍රසූත නිවාඩු සදහා කාල සටහනක්
වර්තමානයේ පාසල්වල ගුරුසේවයේ යෙදෙන බොහෝදෙනෙකු ගුරුවරියන් ය. ඔවුන් විවාහ වීමෙන් පසු ඔවුන්ට දරුවන් ලැබීම පාසල පවත්වාගෙන යාමට මහත් බාධාවක් බවට බොහෝ විදුහල්පතිවරු මැසිවිලි නගති. මේ අතර විදුහල්පතිනියන් ද සිටීම පුදුමයට කරුණකි.
ගුරුවරියන්ට දරුවන් ලැබීමෙන් පසු පාසල් පවත්වාගෙන යාම පහසු වීම සදහා සමහර විදුහල්පතිවරුන් අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් වන්නේ අඩ වැටුප් සහිත හා වැටුප් රහිත ප්‍රසූති නිවාඩු ලබා ගැනීමට බාධා කිරිම ය. මෙහි පුදුමය වන්නේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් අඩ වැටුප් හා වැටුප් රහිත ප්‍රසූති නිවාඩු ගුරුවරියන්ගෙ හිමිකමක් බවට ප්‍රකාශයට පත් කර තිබීයදීත්, සමහර විදුහල්පතිවරුන් විසින් මෙම නිවාඩුව ලබා ගැනීමට බාධා පැමිණවීමයි. ඔවුන් නිදහසට කරුණක් ලෙස පවසන්නේ එක් දරුවෙක් නිසා දරුවන් සිය ගණනකගේ අධ්‍යානය කඩාකප්පල් කළ නොහැකි බවයි. මෙවැනි දෙකේ පන්තියේ තර්ක ඉදිරිපත් කරන අය සමග මෙතරම් ප්‍රසූති නිවාඩු මවකට ලබා දෙන්නේ ඇයි දැයි පැහැදිලි කිරීමේ තේරුමක් නැත. මක්නිසාද යත් ඔවුන්ට මොළය තිබුනත් බුද්ධිය නොමැති හෙයිනි.
මෙම ගැටලුව නිරාකරනය කිරිම සදහා විදුහල්පතිවරුන් විසින් කළ යුතුව ඇත්තේ පාසල්වල ගුරුවරියන් සදහා එක් වර්ෂයක දී එක් ගුරුවරියක් විසින් එක් දරුවකු ප්‍රසූතකිරිමට හැකිවන පරිදි දරුවන් ලැබීමේ කාලසටහනක් සකස් කිරිමයි. එවිට ප්‍රශ්නය ඉතා පහසු වෙන් විසදා ගත හැකි ය.
මෙම අදහස මා වෙත ඉදිරිපත් කළේ ගුරුවරියන්ට ප්‍රසූති නිවාඩු ලබා දීමට අකමැති විදුහල්පතිවරුන්ගේ අමනෝඥ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කලකිරීමෙන් කථා කළ විදුහල්පතිවරයෙකු ම විසිනි.