Rattota Sri Lanka

  • Home
  • Rattota Sri Lanka

Rattota Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rattota Sri Lanka, Travel Service, .

අවුරුද්දට ලා⁣බෙටබඩු ගන්න ඔබත් එන්න
06/04/2024

අවුරුද්දට ලා⁣බෙට
බඩු ගන්න ඔබත් එන්න

මුල් ළමාවිය සංවර්ධන නියමුවන්ටධාරිතා සංවර්ධන වැඩමුළුවක් •••••••••••••••••••••••••••••••••••••••••••••රත්තොට ප්‍රාදේශීය ලේ...
05/04/2024

මුල් ළමාවිය සංවර්ධන නියමුවන්ට
ධාරිතා සංවර්ධන වැඩමුළුවක්
•••••••••••••••••••••••••••••••••••••••••••••

රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ගුරුවරුන් සඳහා දෙදින ධාරිතා සංවර්ධන වැඩමුළුවක් දන්කන්ද මහා විද්‍යාලයේ දී පැවැත්විණි.

මාර්තු 29 සහ 30 යන දෙදින වැඩමුළුව පැවැත්විණි.

මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ගුරුවරුන්ගේ දැනුම , කුසලතා, ආකල්ප සංවර්ධනය කිරීම මෙන්ම සුහදතාව වර්ධනය කිරීමේ අරමුණ ඇතිව රත්තොට එකමුතු පෙරපාසල් ගුරු කමිටුවේ මූලික දායකත්වය ඇතිව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතර ගුරුවරුන් ගේ සුහදතාව මත අඹන්ගගකෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගුරුවරුන් ද මේ සඳහා ඇරයුම් ලබා සහභාගි වූහ.

නාවුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන නිලධාරි මේනකා ප්‍රියදර්ශනී,රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තරුණසේවා නිලධාරී
හර්ෂ වීරසිංහ,මාතලේ විජයපාල විද්‍යාලයේ ආචාර්ය
ලයනල් බණ්ඩාර,මාතලේ විජයපාල විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳව ආචාර්ය
සුසන්ත .., සහ දන්කන්ද මහා විද්‍යාලයේ ක්‍රීඩා ආචාර්ය දුලාජ් කලුආරච්චි යන මහත්වරුන් වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දුන්හ.

දන්කන්ද මහා විද්‍යාලයේ විදුහල්පති චාන්දනී තිලකරත්න,අඹන්ගගකෝරළේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරි
ටිකිරි රස්නායක,රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී අරුණි විජේසිරි යන මහත්ම මහත්මීන් වැඩසටහන සඳහා ආරාධිතයන් ලෙස සහභාගී වූහ.

වැඩසටහන මෙහෙය වූයේ රත්තොට ප්‍රාදේශීය ළමා රක්ෂක නිලධාරී අනූෂි සෝමරතන මහත්මිය විසිනි.

රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමා විය සංවර්ධන නිලධාරී ඉරෝෂා ද අල්විස් මහත්මිය වැඩසටහන සම්බන්ධීකරණය කළාය.

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්ආයුර්වේද සායනයක්••••••••••••••••••••••••••••••••••••••••••••••••••ජාත්‍යන්තර කාන්තා දින...
09/03/2024

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්
ආයුර්වේද සායනයක්
••••••••••••••••••••••••••••••••••••••••••••••••••

ජාත්‍යන්තර කාන්තා දින නිමිත්තෙන් කාන්තාවන් සඳහා ආයුර්වේද සායනයක් රත්තොට මැදවත්ත ෆෝරුට් ගොඩනැගිල්ල පරිශ්‍රයයේ දී ඊයේ (08)පැවැත්විණි.

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය,මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව,මැදවත්ත රාජ්‍ය වතුයාය,මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

වසමට එක් ව්‍යාපාරයක් ගොඩනගමු•••••••••••••••••••••••••••••••••ඔබත් අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න හීන දකින කෙනෙක්ද? ඒත් ඒක...
01/03/2024

වසමට එක්
ව්‍යාපාරයක් ගොඩනගමු
•••••••••••••••••••••••••••••••••

ඔබත් අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න හීන දකින කෙනෙක්ද? ඒත් ඒකට කාගෙන්වත් උදව්වක් නැද්ද? පටන්ගෙන තියෙන පොඩි ස්වයං රැකියාව දියුණු කර ගන්න ඕනිද?

වසම් මට්ටමින් අපි ඔබව සොයාගෙන එනවා..

*පල්ලේ වේරගම
*විහාරගම
*කයිනැක
*මැදවේරගම
*උඩ වේරගම
*ඉකිරියගොල්ල
*පහළ ඕවල
*ඉහළ ඕවල
*කයිකාවල
*උල්පතපිටිය

යන වසම් වල දැනට කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමග සම්බන්ධ වී නොමැති වයස අවු.18-50 අතර අයෙක් නම් එන්න ඒකට අපි හොදම දවසක් වෙන් කරා ඔබ වෙනුවෙන්..

2024 මාර්තු මස 05 වෙනි දින පෙ.ව. 9.00ට පල්ලේ වේරගම ධම්ම මකුඨාරාම විහාරස්ථානයට එන්න.

අපි කතා කරමු..ඔබේ ගැටලුවට අපි එදිනම විසදුමක් සොයමු..

දිනන්නට අත්වැලක් අපෙන්

අපි රත්තොට කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය

විමසීම් 0706250610/611

22/02/2024
රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසඅන්තර් ක්‍රීඩා සමාජ තරඟ
20/02/2024

රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
අන්තර් ක්‍රීඩා සමාජ තරඟ

15/02/2024

රට යන අයටත්-රට ගිය අයටත්
"පිටරට" නමින් රේඩියෝවක්
••••••••••••••••••••••••••••••••••••••••••

විදේශ රැකියාවන් හි නියුක්තව විදේශගතව සිටින ආදරණීය ශ්‍රී ලාංකිකයන් සහ විදේශ රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් " පිටරට " නමින් රේඩියෝවක් පෙබරවාරි 07 වන දා සිට ආරම්භ විය. එය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ජනගත කරනු ලැබීය.

මෙම රේඩියෝ ව මගින් විශේෂයෙන්ම විදේශ රැකියා පිළිබඳව දැනුවත් කිරීම, විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ පුවත් සහ නිවේදන විකාශය කිරීම, රැකියාවක් සඳහා විදේශ ගත වීමේදී දැනගත යුතු විශේෂ කරුණු, ඒ ඒ රටවල සංස්කෘතිය සහ භාෂාවන් පිළිබඳව කරුණු, නීතිමය කටයුතු පිළිබඳව දැනුවත් කිරීම් ඇතුළු වැඩසටහන් රැසක් විකාශය වනු ඇත.
මීට අමතවර ගීත ඉල්ලීම් වැඩසටහන් , රස වින්දන , සෞන්දර්යාත්මක හා විනෝදාත්මක වැඩසටහන් ද විකාශය කෙරේ.

විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ගැටලු අදාළ වගකිවයුත්තන්ට යොමු කිරීම සහ ඒවාට විසඳුම් වැඩසටහන් මගින් ඉදිරිපත් කිරීම ද මෙම රේඩියෝව මගින් සිදු කෙරේ.

විදෙස් ගත ආදරණිය ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් ගේ ගැටලු සඳහා අමාත්‍යතුමන් විසින් පුද්ගලිකවම පිළිතුරු ලබා දීමේ ක්‍රම වේදයක්ද ළඟදීම මේ ඔස්සේ ක්‍රියාත්මක වීමට නියමිත ය.

www.pitarata.net යන වෙබ් අඩවියට පිවිසීමෙන්
https://pitarata.net/?radio_player=1 ඔස්සේ
මෙම රේඩියෝවට සවන් දීමට ඔබට හැකියාව තිබේ.

මෙම වෙබ් පිටුව ඔස්සේ රේඩියෝවට අමතරව ශ්‍රී ලංකාව පිලිබඳ පුවත්, ටෙලි නාට්‍ය, වෙනත් රුපවාහිනී වැඩසටහන් ආදී බොහෝ විශේෂාංග ඉදිරිපත් කෙරේ.

මේ වන විට වෙබ් පිටුව ඔස්සේ මේ සියල්ල ඔබට ලැබෙන අතර නුදුරේදීම මේ සඳහා ඇප් එකක්ද ඔබ අතට පත්වනු ඇත.

අපෙන් උණුසුම් සුබ පැතුම්••••••••••••••••••••මධ්‍යම පළාත් රට හරහා දිවීමේ තරගාවලිව පසුගිය දා දිගන ගොල්ෆ් ක්‍රීඩාංගන යේ දී ...
13/02/2024

අපෙන් උණුසුම්
සුබ පැතුම්
••••••••••••••••••••

මධ්‍යම පළාත් රට හරහා දිවීමේ තරගාවලිව පසුගිය දා දිගන ගොල්ෆ් ක්‍රීඩාංගන යේ දී පැවැත්විණි.

මේ තරගය සඳහා රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ අතර මධ්‍යම පළාත් රට හරහා දිවිමෙි කණ්ඩායමට සුදුසුකමි ලැබ මෙවර පැවැත්වෙන 48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගිවිම නියමිතව සිටි.

ඔවුනට අපෙන් උණුසුම් සුබ පැතුම්!!!

76 වන නිදහස් සැමරුම් වෙනුවෙන් මාතලේ දී සංවිධානය කල මාර්ග ධාවන තරඟයේ දෙවන ස්ථානය ලබා ගැනීමට බණ්ඩාරපොල බී ජනපදයේ ජී.ඒ.කේ.ප...
11/02/2024

76 වන නිදහස් සැමරුම් වෙනුවෙන් මාතලේ දී සංවිධානය කල මාර්ග ධාවන තරඟයේ දෙවන ස්ථානය ලබා ගැනීමට බණ්ඩාරපොල බී ජනපදයේ ජී.ඒ.කේ.පී ප්‍රභාෂණි ක්‍රීඩකයා සමත් විය.

ඔහුට අපෙන් උණුසුම් සුබ පැතුම් !!!

Pongal
23/01/2024

Pongal

රත්තොට නව පරිපාලන ග්‍රාම නිලධාරී වැඩ බාර ගනී••••••••••••••••••••••••••••••••••••••••••••••••••රත්තොට නව පරිපාලන ග්‍රාම න...
22/01/2024

රත්තොට නව පරිපාලන ග්‍රාම නිලධාරී
වැඩ බාර ගනී
••••••••••••••••••••••••••••••••••••••••••••••••••

රත්තොට නව පරිපාලන ග්‍රාම නිලධාරී ලෙස නිශ්ශංක ජයසිංහ මහතා අද (22) පෙරවරුවේ වැඩ භාර ගත්තේය.

ඒ අවස්ථාවට මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වූහ.

"දිලෙන නෙතු රංග ප්‍රතිභා"උත්කර්ෂවත්ව••••••••••••••••••••••••••••••••කයිකාවල දිලෙන නෙතු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ ...
19/01/2024

"දිලෙන නෙතු රංග ප්‍රතිභා"
උත්කර්ෂවත්ව
••••••••••••••••••••••••••••••••

කයිකාවල දිලෙන නෙතු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ "මියැසි රංග ප්‍රතිභා" වාර්ෂික විවිධප්‍රසංගය අද පෙරවරුවේ රත්තොට ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

රාජ්‍ය නිලධාරින්ගේ දරුවන්ට සෙවණක් වන රත්තොට දිලෙන නෙතු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටා තිබේ.

රත්තොට සහකාර ප්‍රාදේශීය ලේකම් අංජලා දිසානායක මහත්මිය වසරක කාලයක් දැනුම කුසලතා ආකල්ප වලින් සංවර්ධනය වූ මුල් ළමාවිය දරුවන්ගේ " දිලෙන නෙතු මියැසි රංග ප්‍රතිභා" ප්‍රසංගයයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූවාය.
ඉනෝකා ඒකනායක පාලකතුමියගේ සහ උප පාලිකාවන්ගේ අප්‍රහතිහත ධෛර්යේ සහ කැපවීමේ ප්‍රථිපළයක් ලෙස ප්‍රසංගය උත්කර්ෂවත්ව පැවැත්විණි.

රත්තොට මුල් ළමා විය සංවර්ධන නිලධාරී ඉරෝෂා අල්විස් මහත්මිය මෙම වැඩසටහන සම්බන්ධිකරණය කළාය.

රිවස්ටන් යළි විවෘතයි
03/01/2024

රිවස්ටන් යළි විවෘතයි

රිවස්ටන් සංචාරය කරන්නටබලාපොරොත්තුවන ඔබට කරනදැනුම් දීමයි••••••••••••••••••••••••••••••••••••••••••••
02/01/2024

රිවස්ටන් සංචාරය කරන්නට
බලාපොරොත්තුවන ඔබට කරන
දැනුම් දීමයි
••••••••••••••••••••••••••••••••••••••••••••

02/01/2024
අලුත් අවුරුද්දෙ තේ මේසයට අවශ්‍ය රස කැවිලි•••••••••••••••••••••••••••••••••••••••••••••••පිරිසිදුව, රසවත්ව අඩු මුදලට ලබා ...
30/12/2023

අලුත් අවුරුද්දෙ තේ මේසයට අවශ්‍ය
රස කැවිලි
•••••••••••••••••••••••••••••••••••••••••••••••

පිරිසිදුව, රසවත්ව අඩු මුදලට ලබා ගන්න.

1 කොකිස් 1ක් රු. 12යි
2 කුරක්කන් කොකිස් 1ක් රු. 20යි
3 පොල් ගුලි 1ක් රු. 30යි.

ඇනවුම් කිරීමට අමතන්න
0773689809
(කුසුමලතා, කම්බිඅ⁣ඩිය, කයිකාවල)

🍪🍪🍪🍪🍪🍪🍪🍪🍪☕☕☕☕☕☕☕☕

1 දොදොල් කි. 1ක් රු. 900යි
2 මුං කැවුම් 1ක් රු. 30යි
3 අතිරස 1ක් රු. 25යි
4 තල කැරලි 1ක් රු. 10 යි

ඇනවුම් කිරීමට අමතන්න
071 2545599 හෝ 0712548312
(ගගන්ති කෞෂල්‍යයා බස්නායක, ගන්සරපොල, කයිකාවල)

රත්තොට වනිතා සංවර්ධන සංසදයේ පණිවිඩයකි

රත්තොට ට සමස්ත ලංකා ජයග්‍රහණ දෙකක්••••••••••••••••••••••••••••••••••
30/12/2023

රත්තොට ට සමස්ත ලංකා
ජයග්‍රහණ දෙකක්
••••••••••••••••••••••••••••••••••

හෙට (29)  පෙ.ව 09.30 කිවුල සංස්කෘතික මධ්‍යස්ථානයේ දී
28/12/2023

හෙට (29) පෙ.ව 09.30
කිවුල සංස්කෘතික මධ්‍යස්ථානයේ දී

හෙට උදේ 09.00 ට (29) ඔබත් රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එන්න
28/12/2023

හෙට උදේ 09.00 ට (29) ඔබත්
රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එන්න

26/12/2023

අපි නොදන්න භයානක පැත්ත 😳

ආදරණිය කිතුනු මිතුරනිඔබ සැමට සුබ නත්තලක්!!!
24/12/2023

ආදරණිය කිතුනු මිතුරනි
ඔබ සැමට සුබ නත්තලක්!!!

පොදු ආකෘතිරාජ්‍ය සේවා විභාගවලටත් වැදගත්••••••••••••••••••••••••••••••••••••••••••••••Share කරලා තියාගන්න
23/12/2023

පොදු ආකෘති
රාජ්‍ය සේවා විභාගවලටත් වැදගත්
••••••••••••••••••••••••••••••••••••••••••••••

Share කරලා තියාගන්න

පාසලට නිවාඩු දෙන්නේ ඇයි .?••••••••••••••••••••••••••••••••
23/12/2023

පාසලට නිවාඩු දෙන්නේ
ඇයි .?
••••••••••••••••••••••••••••••••

දීර්ඝ කාලීන සමථ මණ්ඩලසේවයට උපහාර•••••••••••••••••••••••••••••••••••
18/12/2023

දීර්ඝ කාලීන සමථ මණ්ඩල
සේවයට උපහාර
•••••••••••••••••••••••••••••••••••

පැය 100/ 150 දෙමළ කෝස් එක කරන අයට••••••••••••••••••••••••••••••••••••••මේ සටහන් අනිවාර්යයෙන් වැදගත්උපුටනයකි.මුල් හිමිකරු...
18/12/2023

පැය 100/ 150
දෙමළ කෝස් එක කරන අයට
••••••••••••••••••••••••••••••••••••••

මේ සටහන් අනිවාර්යයෙන් වැදගත්

උපුටනයකි.මුල් හිමිකරුට ස්තුතියි!!!

Unlocking Your Potential වැඩසටහන කොළඹ දීලාංකේය එකම සම්පත් දායකත්වය රත්තොටින්••••••••••••••••••••••••••••••••••••••••••••...
12/12/2023

Unlocking Your Potential වැඩසටහන කොළඹ දී
ලාංකේය එකම සම්පත් දායකත්වය රත්තොටින්
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ විභවතාවන් ඉස්මතු කර ගැනීම සඳහා වෘත්තීය ව්‍යාපාර මඟපෙන්වීම ලබා දීම පිළිබඳව වැඩසටහනක් Jetwing Colombo Seven හෝටල් පරිශ්‍රයේ දී අද (12) පැවැත්විණි.

මේ සඳහා සම්පත් දායකත්වය ලිබි ඔවේන්,ඔමාර් ඛාන්,ෆැස්ඛුවෙල් ගුවාටෝ,ත්‍යාගවේල් ශක්තිවේල් සහ රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංචාරක ප්‍රවර්ධන නිලධාරි චාමර රුචිරංග යන මහත්ම මහත්මීන් ලබා දුන්හ.ශ්‍රී ලංකාව නියෝජනය කළ එකම සම්පත් දායකත්වය රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංචාරක ප්‍රවර්ධන නිලධාරි චාමර රුචිරංග මහතා ලබා දීම විශේෂත්වයකි.

වෘත්තීය ව්‍යාපාර මඟපෙන්වීම තුළින් සාර්ථක වූ ව්‍යවසායකයින්ගේ අදහස් සහ අත්දැකීම් බෙදා ගැනීමට ද මෙහිදි ඉඩකඩ සැලසිණි.

Australian Aid, S4IG, Sri Lanka Tourism Alliance සහ Jetwing Hotels විසින් මේ සඳහා අනුග්‍රහය ලබා දෙන ලදි.

රත්තොට දී ජංගම සේවයක්•••••••••••••••••••••••රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ එක්ව අධිකරණ අමාත්‍යාංශය සංවිධානය කළ ජංග...
11/12/2023

රත්තොට දී ජංගම
සේවයක්
•••••••••••••••••••••••

රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ එක්ව අධිකරණ අමාත්‍යාංශය සංවිධානය කළ ජංගම සේවය පසුගිය සෙනසුරාදා (09) රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.

ඒ ඔස්සේ ජාතික හැඳුනුම්පත්,විවාහ සහතික සහ උප්පැන්න සහතික ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සැලසිණි.

අඩු ආදයම්ලාභින් සඳහා නොමිලේ සේවා දියත්කළ අතර මේ සඳහා ප්‍රදේශයේ හැඳුනුම්පත්,විවාහ සහතික සහ උප්පැන්න සහතික අවශ්‍ය පුද්ගලයන් විශාල පිරිසක් පැමිණ එම සහතික ලබා ගත්හ.

රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින් සහ ග්‍රාම නිලධාරින් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරින් මේ සඳහා අවශ්‍ය පහසුකම් සැපයූහ.

බතික් පුහුණු පාඨමාලාව•••••••••••••••••••••••••••••••••දින අටක පාඨමාලාවට ඔබත් එන්නආසන සීමිත බැවින් කඩිනමින් අමතන්න
07/12/2023

බතික් පුහුණු පාඨමාලාව
•••••••••••••••••••••••••••••••••

දින අටක පාඨමාලාවට ඔබත් එන්න
ආසන සීමිත බැවින් කඩිනමින් අමතන්න

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Rattota Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share