29/04/2024
රන්තැන්නට හරියටම යන්නේ මෙහෙමයි 🌳🏞️🔥☘️🌸🌤️😍
ප්රවේශ පත්රය LKR 200/=
රන්තැන්න පිහිටා ඇත්තේ මහනුවරට ආසන්න වත්තේගම පන්විල හුලුගග ප්රදේශයේ..
මහනුවර නගරයේ සිට මෙම ස්ථානය 20km ත් 22 km ත් අතර දුරකින් පිහිටා තිබෙනවා.
මෙම ප්රදේශයේ හුලුගග පිහිටි අලකොළ තේ වතු යාය මැදින් වැටී ඇති මාර්ගයේ 10km පමණ ගමන් කල විට මෙම ස්ථානයට ලගා විය හැක.
Ranthanna Resort ලෙස මෙම ස්ථානය හදුන්වන මෙයට ඇතුල්වීමට සුලු මුදලක් ටිකට් පතක් සහ අවසරයක් ලබගත යුතුය. වර්තමානයේ මෙම ස්ථානය සංචාරකයන් අතර ජනප්රිය සංචාරක ගමනාන්තයක් බවට පත්ව තිබේනවා.
මෙම ප්රදේශය නකල්ස් රක්ෂිතයට මායිම්ව පවතින නිසා ඉතාමත් සංවේදී පරිසර කලාපයක මෙම ස්ථානය පිහිටා තිබෙනවා.එම නිසා පරිසර පද්ධතියට කිසිදු වෙනසක් සිදු නොකර සිටීමට සංචාරය කරන අප සැම වග බලා ගත යුතුය.
📷 credit goes to original photographers