One Srilanka

One Srilanka Visit Srilanka ❤️ Travel Waring - Dangerously Beautiful 🥰🤩

Sigiriya
02/08/2024

Sigiriya

Credits: Vikum Harshanaශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය 🚂🚂🚇🚦🇱🇰🇱🇰ශ්‍රී ලංකා දුම්රිය මාර්ග ජාලය කිලෝමීටර 1,450 ක් පමණ දු...
27/06/2024

Credits: Vikum Harshana

ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය 🚂🚂🚇🚦🇱🇰🇱🇰

ශ්‍රී ලංකා දුම්රිය මාර්ග ජාලය කිලෝමීටර 1,450 ක් පමණ දුරකට ව්‍යාප්තව පවතී. එහි දුම්රිය නැවතුම්පොළවල් 375 ක් පමණ ඇති අතර දුම්රිය මාර්ග 10 කින් සමන්විත වේ..

🚦ප්‍රධාන දුම්රිය මාර්ගය
(COLOMBO FORT - BADULLA)
Length : 292 km
Stations : 105

🚦උතුරු දුම්රිය මාර්ගය
(POLGAHAWELA - KANKESANTHURAI)
Length : 339 km
Stations : 55

🚦මුහුදුබඩ දුම්රිය මාර්ගය
(COLOMBO FORT - BELIATTA)
Length : 185 km
Stations : 73

🚦පුත්තලම දුම්රිය මාර්ගය
(RAGAMA - NOOR NAGAR)
Length : 120 km
Stations : 44

🚦මන්නාරම දුම්රිය මාර්ගය
(MEDAWACHCHIYA - TALAIMANNAR)
Length : 106 km
Main Stations : 11

🚦මඩකලපුව දුම්රිය මාර්ගය
(MAHO - BATTICALOA)
Length : 212 km
Stations : 31

🚦ත්‍රිකුණාමලය දුම්රිය මාර්ගය
(GAL OYA - TRINCOMALEE)
Length : 70 km
Stations : 7

🚦මාතලේ දුම්රිය මාර්ගය
(PERADENIYA - MATALE)
Length : 32 km
Stations : 25

🚦කැලණි වැලි දුම්රිය මාර්ගය
(MARADANA - AVISSAWELLA)
Length : 59 km
Stations : 25

🚦මිහින්තලය දුම්රිය මාර්ගය
(MIHINTALE JUNCTION - MIHINTALE)
Length : 14 km
Stations : 2

☹️
15/12/2023

☹️

සුද්දගෙ ශ්‍රී ලංකා ආගමනය තුලින් අපට ලැබුන තැපැල් සේවය..*************************************************දුන්නෙන් විදීම, ...
14/12/2023

සුද්දගෙ ශ්‍රී ලංකා ආගමනය තුලින් අපට ලැබුන තැපැල් සේවය..
*************************************************

දුන්නෙන් විදීම, අණබෙරගැසීම්, ඝණ්ඨාර නාදකිරීම් කඳුමුදුන්හි ගිනි දැල්වීම, කොඩි එසවීම, දූතයන් යෑවීම, ගලේ කෙටීම සීපද ගායනා කිරීම, හූ කීම ඇතුළු විවිධ ක්‍රමපායන් මගින් තොරතුරු හුවමාරු කරගත් සන්නිවේදන ඉතිහාසයක් අපට තිබේ. තැපැල් සේවය ආරම්භ වීම මෙම සන්නිවේදන මගේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි.

වසර දෙසීයකට වඩා පැරණි මෙරට තැපැල් සේවය නිත්‍ය වශයෙන් ආරම්භ කරන ලද්දේ 1798 දී ය. ඒ අනුව කාලීන අතීතයක් තැපෑල සතුව පවතී 1789 දීඕලන්ද ජාතිකයන් විසින් පනවා තිබූ තැපැල් රෙගුලාසි ඇතුළත් වේ. ලන්දේසි පාලන ප්‍රදේශයේ තැපැල් කාර්යාල පැවති අතර එම කාර්යාල භාර ප්‍රධානීන් තැපැල් ස්ථානාධිපති ලෙස කටයුතු කළ බව ලේඛනයේ සඳහන් වේ. ලන්දේසි පාලන සමයේ තැපැල් සේවයේ ආරම්භය අද වන විට පවතින තැපැල් දෙපාර්තමේන්තුවේ ආරම්භය සිදුවන්නේ බ්‍රිතාන්‍ය පාලනයයි. 1798 කැප්ටන් කෙනඩි ප්‍රථම තැපැල්පතිවරයා ලෙස කටයුතු කර ඇත. මෙම වසරේ, ගල්ල, මන්නාරම, යාපනය, ත්‍රිකුණාමලය යන ප්‍රධාන නගර තුළ තැපැල් කාර්යාල පහක් ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට තැපැල් ගාස්තු අයකරනු ලබයි 1799 වසරේදීය. රටේ ආන්ඩුකාරවරයා විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් මගින් පනවා ඇති රෙගුලාසි තුළින් ඒබව දක්‍වේ.

ආන්ඩුකාරවරයා සහ ප්‍රධාන අණදෙන නිලධාරි ඇතුළු රජයේ උසස් නිලධාරීන්ගේ අත්සන් සහිත ලිපි සහ ඔවුන් වෙත ලැබෙන ලිපි ඇතුළු රජයේ සේවයට අදාළ ලිපි තැපැල් ගාස්තුවෙන් නිදහස් කර ඇත. අනෙකුත් සියලුම ලිපි ලේඛන සඳහා තැපැල් ගාස්තු අයකර ඇත.

ලෝකයේ ප්‍රථම තැපැල් මුද්‍රණය භාවිතයට ගත් රට වශයෙන් සැලකෙන්නේ එංගලන්තයයි. පෙමි බ්ලැක් නමින් හැඳින්වූ එම තැපැල් මුද්‍රණයේ වටිනාකම පැන්ස 1 ක් විය. දැති රහිත මුද්දරයක් වූ වික්ටෝරියා රැජිනගේ ශීර්ෂය නිරුපද්‍රිත විය. ශ්‍රී ලංකාවේ ප්‍රථම තැපැල් මුද්‍රණය 1857 අප්‍රේල් මස පළමුවැනි දින නිකුත් කරනු ලැබේ. එහි වටිනාකම පැන්ස 6 ක් විය. වික්ටෝරියා රැජිනගේ රූපය නිරූපනය විය. 1857 සිට 1872 දක්වා රට භාවිත වූ මුද්දර පැන්ස සහ සිලියෙන් මුදලින් දක්වා තිබේ. ඉන් පසු තැපැල් මුද්දර රුපියල් ශත බවට පත් විය. ශ්‍රී ලංකාවේ තැපැල් මුද්දරයක් පළමු වරට මුද්‍රණය කරන්නේ 2002 වර්ෂයේ මාර්තු 15 වැනිදායි. ශ්‍රී ලංකා ආණ්‌ඩුවේ ගැසට්‌පත්‍රය මුද්‍රණාලයේ 200 වන සංවත්සරය වෙනුවෙන් මෙම මුද්‍රණය නිකුත් කර ඇත. මහනුවර මහනුවර තැපැල් ප්‍රවාහන සේවය සඳහා පළමු වරට අශ්ව රථ සේවයක් ආරම්භ කරන ලදී 1833 වර්ෂයේදී එය සහ දුම්රිය මඟින් තැපැල් මළු ප්‍රවාහනය 1892 දී ආරම්භ කරන ලද අතර එහි ප්‍රථම ස්ථානය ලෙස ලංකාවේ ප්‍රථම තැපැල් දුම්රියේ පේරාදෙණිය සිට ධාවනය විය.

ශ්‍රී ලංකාවේ පළමු තැපැල්පත 1972 වසරේදී නිර්මාණය කර ඇත. නොදියුණු මාර්ග පද්ධතියක් හා ප්‍රවාහන පද්ධතියක් පැවති ග්‍රාමීය ප්‍රථමයෙන් තැපැල් කටයුතු සිදුකිරීම මුල්කාලයේ දුෂ්කර කාර්යයක් විය. ගුවන් තැපැල් සේවය 1928 වර්ෂයේදී ආරම්භවී ඇති අතර පළමු පියවර ලෙස ඉන්දියාවත් අතර තැපැල් කටයුතු සිදුවී ඇත.

ලන්දේසි බ්‍රිතාන්‍ය අභාසයෙන් අපිට හිමි වූ තැපැල් උරුමය..

තොරතුරු සන්නිවේදනය යනු වර්තමානයේ ඉතාමත් දියුණු සහ වඩාත් වේගයෙන් දියුණු වෙමින් පවතින ක්ෂේත්‍රයකි. තාක්ෂණයේ දියුණුව, එහි වේගවත් හා ප්‍රවේශයන් ඉහළ දැමූ බව නොරහසකි.

එසේ වීමට ප්‍රථමයෙන්, තොරතුරු සන්නිවේදනයට මිනිසා ශිෂ්ටාචාර ගත වීමත් සමග විවිධ ක්‍රම අනුගමනය කළ අතර, ලිපි හුවමාරුව ආදිය ඉතා ඈත අතීතයේ සිට සිදුවූවකි.

ඒ අනුව එක් එක් රටවල්වල, ප්‍රාන්තවල තැපැල් ක්‍රමයන් ආරම්භ වන්නේ එලෙස ලිපි හා පාර්සල් නියමාකාරයෙන් හුවමාරු කරගැනීම වඩාත් විධිමත් කරවීම සඳහා ය.

ලෝක තැපැල් දිනය - ඔක්තෝබර් නවය.....

ඔක්තෝබර් නවය දින ලෝක තැපැල් දිනය සැමරෙන්නේ, 1874 දී ස්විට්සර්ලන්ත අගනුවර වන බර්න්හි විශ්ව තැපැල් සංගමය පිහිටුවීමේ සංවත්සරය සමරමින් ය.

ශ්‍රී ලංකාවේ තැපැල් ඉතිහාසය....

ශ්‍රී ලංකා තැපැල් සේවයට වසර 224 ක දීර්ඝ ඉතිහාසයක් ඇති අතර, ලන්දේසින් විසින් 1798 දී ඔවුන්ගේ පාලනය යටතේ තිබූ සමුද්‍රීය දිස්ත්‍රික්කවල තැපැල් කාර්යාල පහක් ආරම්භ කර තිබෙන අතර, 1799 දී ඔවුන් ප්‍රථම වරට තැපැල් රෙගුලාසි සහ තැපැල් ගාස්තු ප්‍රකාශයට පත් කර තිබේ.

ලන්දේසීන් විසින් ආරම්භ කරන ලද තැපැල් සේවාව "පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම" විසින් මෙහෙයවන ලද අතර එය මහජනතාව සඳහා නොව නිල භාවිතය සඳහා විය.

1815 දී බලය තහවුරු කරගැනීමෙන් පසුව ඉංග්‍රීසින් තැපැල් සේවය ප්‍රතිසංවිධානය කළ අතර 1882 දී කොළඹ ස්ථිර තැපැල් කාර්යාලයක් පිහිටුවන ලදී.

ලංකාවේ පළමු තැපැල්පතිවරයා වූයේ ගුවන් හමුදා නිලධාරියෙකු වූ ඒ. කෙනඩි ය.

ශ්‍රී ලංකාවේ පළමු තැපැල් කාර්යාලයය....

1895 දී, එවකට කිංග්ස් හවුස් ලෙස නම්කර තිබූ (දැන් ජනාධිපති මන්දිරය) ආණ්ඩුකාරවරයාගේ නිවස ඉදිරිපිට කොළඹ කොටුවේ කිංග්ස් වීදියේ (දැන් ජනාධිපති මාවතේ) මහා තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකරන තෙක්, 1882 දී කොළඹ ආරම්භ කළ පළමු තැපැල් කාර්යාලය විවිධ ස්ථානවල පවත්වාගෙන ගොස් තිබේ.

යුද්ධය නිසා මතුව තිබූ ආරක්ෂක හේතූන් මත එය වර්තමානයේ තැපැල් මූලස්ථානය පිහිටා ඇති පරිශ්‍රයට ගෙන ගොස් තිබේ.

ඉංග්‍රීසි පාලන සමයේ දී පිටකොටුව, කුරුඳුවත්ත, ගාල්ල, මීරිගම, මහනුවර, නුවරඑළිය, මීගමුව, රත්නපුර, යාපනය යන ප්‍රධාන නගරවල ඉදිකළ තැපැල් කාර්යාල අදටත් පවතියි.

සංචාරක ආකර්ෂණය දිනාගත් නුවරඑළිය රතු ගඩොල් තැපැල් කාර්යාලයය....

ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය දිනාගෙන ඇති නගරවලින් ප්‍රමුඛ නගරයක්වන නුවරඑළියේ ඇති සෞම්‍ය දේශගුණය සහ එහි ඇති යටත් විජිත පාලන සමයේ මතක සටහන් නගරයේ ශෝභමාන බව තවත් වැඩි කරයි.

1824 දී පමණ ඉංග්‍රීසීන් සැලසුම් කරන නුවරඑළිය නගරයේ ඉංග්‍රීසීන් බොහෝ ඉදිකිරීම් සිදු කර තිබේ.

වර්තමානයේ ඔබ නුවරඑළිය නගරය වෙත යමින් සිටින්නේ නම් නුවරඑළිය ප්‍රධාන බස්නැවතුම්පොළ ඉදිරිපිට ඇති රතුපැහැති ආකර්ෂණීය ගොඩනැගිල්ලක් වෙත ඔබේ ඇස් යොමුවනු නොඅනුමාන ය.

දේශීය වශයෙන් පමණක් නොව විදේශීය වශයෙන් ද සංචාරක ආකර්ෂණයක් දිනා ඇති මෙම ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකළ, අද දක්වාම ක්‍රියාත්මක වන නුවරඑළිය තැපැල් කාර්යාලයය යි.

එහි පිටත පෙනුම රතු ගඩොලින් නිර්මාණය වී ඇති අතර, එය ගොඩනගා ඇති සම්ප්‍රදාය හඳුන්වන්නේ 'ටියුඩර්' ගොඩනැගිලි සම්ප්‍රදාය ලෙස ය. 1894 දී ඉදි කර ඇති මෙම ගොඩනැගිල්ල මහල් දෙකකින් සමන්විත වන අතර, ඔරලෝසු කුළුණකින් ද සමන්විත ය.

බ්‍රිතාන්‍ය පාලන සමයේ සන්නිවේදන මධ්‍යස්ථානයක් ලෙස ගොඩනැගුණු එය වර්තමානයේ වඩාත් ජනප්‍රිය සංචාරක ආකර්ෂණය දිනූ ස්ථානයකි.තැපැල් කාර්යාලය තුළ බ්‍රිතාන්‍ය පාලන සමයට අයත් කෞතුක භාණ්ඩ එකතුවක් ද ප්‍රදර්ශනයට තබා තිබේ.

ඉහළ මහළේ, තැපැල් ස්ථානාධිපතිවරයා වෙනුවෙන් පවත්වාගෙන ගොස් ඇති නවාතැනක් පිහිටා ඇති අතර, වර්තමානයේ එය සංචාරක නිවාඩු නිකේතනයක් ලෙස පවත්වාගෙන යන බව දැනගන්නට ලැබුණි.

සංචාරකයන් හට එම අලංකාර කුඩා මන්දිරයකට සමාන ගොඩනැගිල්ලේ දිනක් ගත කිරීමේ අවස්ථාව වර්තමානය වන විට හිමි ව තිබේ.

උදෑසනටත්, සවස් යාමයටත් නගරයම සීතලෙන් වෙලාගෙන තිබෙන ඝන මීදුම අතරින් මෙම ගොඩනැගිල්ල දිස්වන්නේ එය සැබැවින් ම බ්‍රිතාන්‍යයේ ඇති පරිසරයට සමාන දර්ශනයක් ගෙන එමින් ය. එවැනි මොහොතක ඉහළ මහලේ සිට නගරය දෙස බලා සිටීම ද වෙනස් සංචාරක අත්දැකීමක් වනු ඇත.

2017 වර්ෂයේ දී මෙම ගොඩනැගිල්ල හෝටල් ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීමට යෝජනා වුවද බොහෝ පාර්ශවයන්ගෙන් එල්ල වූ විරෝධය සහ තැපැල් සේවකයන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් හේතුවෙන් රජයට එය නවතාදැමීමට සිදුවිය...

සිරි ලංකාවේ තැපෑල ගැන ගොඩක් අය නොදන්න අපූරු කාරණා 10ක්.....

ලංකාව කියන්නේ අවුරුදු 2500කටත් වඩා පරණ අතීතයක් තියෙන රටක්නේ. ලංකාවේ තියෙන කෞතුකාගාර ටික ම ඇති මේ ඉතිහාසෙට සාක්කි කියන්න. මේ කෞතුකාගාර පේළියට ම දැනට අවුරුදු හතකට වගේ කලින් එකතු වුණු එකක් තමයි කොළඹ තැපැල් කෞතුකාගාරය. මේකේ තියෙන්නේ ලංකාවේ තැපැල් සේවයේ ඉතිහාසයට සම්බන්ධ කරුණු කාරණායි.

ඉතින් මේ වෙද්දී ජාතික සම්පතක් විදියට සැලකෙන තැපැල් කෞතුකාගාරයයි, ඒකෙ ඉතිහාසයයි එක්ක බැඳිලා තියෙන විශේෂ කාරණා 10ක් ගැන කියන්නයි මේ ලෑස්තිය.

1. වැඩේ පටන් ගත්තේ ලන්දේසි....

ලංකාවේ තැපැල් සේවය පටන් ගැනුණේ ලන්දේසි පාලන කාලෙදීයි. හරියට ම කිව්වොත් 1798 අවුරුද්දේ (ඒ කියන්නේ දැනට අවුරුදු 219කට කලින්). මුහුදුබඩ පාලනය විතරක් කරපු ලන්දේසි, තමන්ගේ පාලන ප්‍රදේශයේ තැන් පහක තැපැල් කාර්යාල පහක් ඉදි කරන්න කටයුතු කළා. තැපැල් රෙගුලාසි හා ඒ ගාස්තු සම්බන්ධ කාරණා හඳුන්වා දුන්නේ ඊට අවුරුද්දකට වගේ පස්සේ.

2. රාජකාරි ලියුම් විතරයි....

ඒ කාලේ තැපැල් සේවය මහජන පාවිච්චියට සඳහා විවෘත වුණේ නැහැ. රාජකාරි කටයුතුවලට විතරයි පාවිච්චි කෙරුණේ. ලන්දේසි කට්ටිය හදපු දකුණු ඉන්දීය වෙළඳ සමාගම තමයි මේකේ වැඩ සේරම බලා කියා ගත්තේ. ආණ්‌ඩුකාරවරයා ඇතුළු රජයේ උසස් නිලධාරීන්ගේ අත්සන සහිත සහ ඔවුන්ට ලැබෙන රජයේ සේවයට අදාළ සේරම ලියුම්, තැපැල් ගාස්තුවෙන් නිදහස් වුණා. හැබැයි අනිත් සේරම ලිපිවලට ගාස්තු අය වුණා.

3. පළමුවෙනි තැපැල් ජෙනරාල් සුද්දෙක්....

තැපැල් සේවය ආරම්භ කළේ ලන්දේසි වුණාට, ඒක තවදුරටත් දියුණු වුණේ 1815න් පස්සේ. එතකොට ලංකාව ඉංග්‍රීසින්ගේ යටත් විජිතයක් බවට පත්වෙලා. ලංකාවේ පළමුවෙනි තැපැල් ජෙනරාල්වරයා වුණේ කැප්ටන් කෙනඩියි. ඔහුගේ නමට මුලින් කැප්ටන් පට්ටම ලැබිලා තිබුණේ ඔහු හමුදාවේ ප්‍රධාන නිලධාරියෙක් විදියට වැඩ කරපු නිසයි.

4. පළමුවෙනි තැපැල් කරත්තෙත් අපේ....

ආසියාවේ රටක අශ්ව කරත්තෙන් (Mail coach) මුලට ම ලියුම් අරගෙන යන වැඩේ පටන්ගත්තේ ලංකාවෙන්. ඒ 1832 අවුරුද්දේදී. මේ අශ්ව කරත්තේ දිව්වේ කොළඹ – නුවර නගර දෙක අතරෙයි. 1838දී තවත් අශ්ව කරත්තයක් තමන්ගේ වැඩ ආරම්භ කළා. ඒක පාවිච්චි වුණේ කොළඹ – ගාල්ල නගර දෙක අතරේ දුවන්නයි.

5. පවුම් 7500ක් වටින මුද්දරේ....

අපි පහුගිය දවසක මුද්දරවලින් ලංකාවේ ඉතිහාසේ කියවපු හැටි ඔයාලට මතකත් ඇති. ලංකාවේ මුල් ම මුද්දරේ බිහිවුණේ 1857දී. ඒක විකිණුනේ පැන්ස 6කට. වික්ටෝරියා රැජිනගේ බලය පැවතුණු කාලයේදී හැදුණු මුද්දරයක් නිසා ම, මේකෙත් තිබුණේ ඇයගේ මුහුණේ පින්තූරයක්. මේ වෙද්දී මේකේ වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් 7500ක් විතර වෙනවා.

6. පරණ මුද්දරේ ආයේ පාවිච්චියට...

1872න් පස්සේ පවුම්, සිලිං ගණන්වලට විතරක් නෙවෙයි රුපියල් ශතවලටත් විකිණෙන මුද්දර බිහිවුණා. ඒ වගේ ම අලුත් මුද්දර මුද්‍රණය කරනවා වෙනුවට, පාවිච්චි කරපු මුද්දර ම ආයෙත් භාවිතා කිරීමකුත් මේ කාල සීමාවේ සිද්ධවුණා. එහෙම වුණේ මුද්දරවලට තිබුණු ඉල්ලුම වැඩිවීමයි. නැවත පාවිච්චියට ගත්ත මුද්දර, ඒවයේ මුල් මිලෙන් අඩකට අලෙවි වුණා. කොහොම වුණත්, මේ හැම මුද්දරේ ම තිබුණේ වික්ටෝරියා රැජිනගේ උඩුකය රුවයි (පින්තූරයේ දක්වලා තියෙන මේ මුද්දරය හැඳින්වෙන්නේ “ඩල් රෝස්” නමිනුයි).

7. ඇවිදින තැපැල් කන්තෝරුව.....

1892 වසරත් තැපැල් ඉතිහාසයට ගොඩක් වැදගත්කමක් ඇති එකක්. මේ අවුරුද්දේදී තමයි පළමුවෙනි ඇවිදින තැපැල් කන්තෝරුව (ජංගම තැපැල් කාර්යාලය), එහෙමත් නැත්තන් කෝච්චියෙන් ලියුම් ගෙනියන එක ඇරඹුණේ. කොළඹ – පේරාදෙණිය අතරේ මේ කෝච්චිය ධාවනය වුණා.

8. ලංකාවේ ලියුම් ගෙනියන එංගලන්ත වාහනේ.....

70 දශකය වෙද්දී අපේ තැපැල් මළු ප්‍රවාහනය කරන්න අලුත් වෑන් ජාතියක් ආවා. Bedford විදියට හැඳින්වෙන මේ වෑන් ලංකාවට ලැබුණේ එංගලන්තයෙන්. අද වෙද්දී මේ වැඩේට පාවිච්චි වෙන්නේ හොඳ ජපන් වාහනයි.

ගෙවල්වලට ලියුම් බෙදන්න පියුම් මහත්තුරු ගියේ පයිනුයි. හැබැයි හැට ගණන්වලදී මේ වැඩේට බැන්ටම් මෝටර් සයිකල් යොදා ගැනුණා. ගමින් ගමට තැපැල් කන්තෝරු බිහිවෙද්දී, ලියුම් බෙදන්න තියෙන දුර අඩු වුණු නිසා ම, මෝටර් සයිකල් පාවිච්චිය ටිකෙන් ටික අඩුවෙන්න ගත්තා. ඊටපස්සේ තමයි සාමාන්‍ය බයිසිකලය මේ වැඩේට යොදා ගැනීම පටන් ගැනුණේ. බයිසිකලය වියදම් අඩු වාහනයක් වීමත් මේකට හේතුවක්. අදටත් ගෙයින් ගෙට ගිහින් බෙල් එක ගහලා ලියුම් බෙදන පියුම් මහත්තුරු අපට දැකගන්න ලැබෙන්නේ මේ නිසයි.

9. සුද්දගේ තැපෑලෙන් සුද්දාට ම ලියුම් යැවීම.....

ලංකාවේ මනුස්සයෙක් මුලට ම පිටරටකට ලියමනක් යැව්වේ 1928දී. ගුවන් තැපැල් සේවයෙන් යවපු මේ ලියුම ගියේ ඉන්දියාවට. ලංකාවේ ගුවන් තැපෑල හරියට ම පටන්ගත්තේ මෙයින් අවුරුදු අටකට වගේ පස්සෙයි.

10. කෞතුකාගාරේ හැදුණු හැටි....

ඒ කාලේ රජයේ කන්තෝරු, බැංකු, විශාල සමාගම්වල ප්‍රධාන කාර්යාල සේරම තිබුණේ කොළඹ කොටුවේ. කොළඹ කන්තෝරුවල වැඩ කරපු අය ලියුම්, මනිඕඩර් යවන්න, මුද්දර ගන්න වගේ දේවල්වලට ගියේ “ජී පී ඕ” එකට. “ජනරල් පෝස්ට් ඔෆිස්" කියන එක කෙටි කරලා තමයි මේ “ජී පී ඕ” නම් හැදුණේ.

1895දී හැදුණු මේ ගොඩනැගිල්ල හැදීමේ වගකීම ගත්තේ වෝකර්ස් පෞද්ගලික ඉංජිනේරු සමාගමයි. රජයේ කම්හල තමයි මේකේ බර යකඩ කාප්ප, යකඩ රාමු සහ වැද්දීම් එහෙම කළේ. ගොඩනැගිල්ලේ පඩිපෙළ හදන්න මුල් ම ගල් තොගය ගෙන්නුවේ පානදුරේ ගල් වළකින්. ඊට පස්සේ රත්නපුර, රුවන්වැල්ල පැතිවලින් ගල් ගෙන්වා ගැනුණා. මේ ගල් කොළඹට ගෙනාවේ කැලණි ගඟ දිගේ බේරේ වැව දක්වා පාරුවලින්.

උතුරේ කලබල වැඩිවෙද්දී කොටුව අධි ආරක්‍ෂිත කලාපයක් බවට පත් කළා. ඒ නිසා මේ තැපැල් කන්තෝරු බිල්ඩිම වහලා දාලා, මහ තැපැල් කාර්යාලය කොළඹ බ්‍රිස්ටල් වීදියට ගෙනියන්න කටයුතු සිද්ධ වුණා. අද අපි දකින තැපැල් කෞතුකාගාරය, ඉස්සර තිබුණු මේ මධ්‍යම තැපැල් කාර්යාලයයි.

රතු තැපැල් කණුවේ නිර්මාතෘ ඇන්තනි ට්‍රොලොප්.....

ඇන්තනි ට්‍රොලොප් කියන ඉංගී‍්‍රසි සාහිත්‍යධරයාගේ දෙසිය වැනි ජන්මෝත්සවය මේ වසරේ දෙසැම්බර් මාසයට යෙදී තියෙනවා. ඔහු හඳුන්වා දුන් රතු තැපැල් කණුව ලංකාවේ අපටත් හොඳට හුරුපුරුදු දෙයක්.

එක්සත් රාජධානියේ රජයේ තැපැල් සේවය ඔවුන්ගේ රතුපාට ලියුම් තැපැල් කණුව එරටට හඳුන්වා දුන් තැනැත්තා වූ ඇන්තනි ට්‍රොලොප් (Anthony Trollope) ගේ ද්විශත සංවත්සරය වෙනුවෙන් නම් එක මුද්දරයක් නෙවෙයි මුද්දර පෙළක් ම නිකුත් කරන්න එකඟ වෙලා තියෙනවා.

කවුද මේ ඇන්තනි ට්‍රොලොප් කියන්නේ එංගලන්තයේ වික්ටෝරියානු යුගයේ නවකතාකරුවෙක්. ඔහු වඩාත් ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ පැලිසර් (Palliser) හා බාචෙස්ටර් (Barchester) යන නවකතා මාලාවන් නිසයි. ඔහුගේ නවකතාවලට තේමාව වී ඇත්තේ දේශපාලනය හා ආරාමික ජීවිත වටා ගෙතූ කතායි. ඒවා දේශපාලනඥයන් හා පූජකයන් අතර ජනපි‍්‍රයයි.

ඔහුගේ කතා කියවන්නට කැමති අය අතර බි‍්‍රතාන්‍යයේ හිටපු අගමැතිවරයකු වූ සර් ජෝන් මේජර් පවා ඉන්නවා.

ඇන්තනි ට්‍රොලොප් 19 හැවිරිදිව සිටියදියි, රජයේ තැපැල් සේවයට ලිපිකරුවකු ලෙස බැඳී ඇත්තේ. ඔහු නවකතා ලියන්න පටන් ගත්තේ ඉන්පසුවයි. ඔහු තැපැල් සේවයේ උසස් වීම් ලබා තක්සේරුකරුවකු තත්වයට පත් වුණා. 1852 දී ප‍්‍රංශයේ දී තමයි තැපැල් පෙට්ටියක් ඔහු දුටුවේ. ඒ අදහස අනුව ඔහු බි‍්‍රතාන්‍ය පුරා ලියුම් එකතු කරන තැපැල් කණු ස්ථාපිත කළා. රතු තැපැල් කණුව ඔහුගේ නිර්මාණයක්. අපේ ශී‍්‍ර ලංකාව පුරා මේ රතු තැපැල් කණු තැන තැන තියෙනු ඔබ කවුරුනුත් දැක ඇති.

උපුටාගැණීම් අන්තර් ජාලය තුලිනි ස්තූතියි පලමු අයිතියට.

🟥 INFORMATION 💥 National Fuel Pass 👉 සකස් කරගන්නා ආකාරය 👇1. https://fuelpass.gov.lk/ එකට යන්න2. අවශ්‍ය භාෂාව තෝරන්න.3. R...
17/07/2022

🟥 INFORMATION
💥 National Fuel Pass
👉 සකස් කරගන්නා ආකාරය 👇
1. https://fuelpass.gov.lk/ එකට යන්න
2. අවශ්‍ය භාෂාව තෝරන්න.
3. Register බට්න් එක ඔබන්න.
4.
a) ජාතික හැඳුනුම්පත් අංකය (NIC) හරි, පාස්පෝර්ට් අංකය (Passport) අංකය හරි දාන්න.
b) ජංගම දුරකථන අංකය දාලා, Send OTP ඔබන්න
c) ෆෝන් එකට 1919 න් ආපු ඉලක්කම් හයේ OTP එක ගහලා Verify ඔබන්න.
d) නම දාන්න.
e) ලිපිනය දාන්න.
f) Next ඔබන්න.
5.
a) වාහනේ නම්බර් එක දාන්න. පළමුවෙනි කොටුවේ අකුරු දෙක හරි තුන හරි, ඊළඟ කොටුවේ ඉලක්කම් හතර. WP, SP නැතුව.
b) වාහනේ වර්ගය තෝරන්න.
c) වාහනේ චැසි අංකය දාන්න. (කැපිටල් අකුරින් දාන්න)
d) පෙට්‍රල් ද, ඩීසල් ද කියලා තෝරන්න.
e) Terms and Conditions කොටුව සිලෙක්ට් කරන්න.
f) Register ඔබන්න.
6. ෆෝන් එකට sms එකක් එයි රෙජිස්ටර් වුණා කියලා.
7. QR කෝඩ් එක ලැබෙයි.
ඔයාට හම්බවෙන්න නියමිත ඉන්ධන ප්‍රමාණයයි,
ඔයා දැනට ඒකෙන් කොච්චර අරන් තියෙනවද කියන දත්ත ටික ඉදිරියෙදි පෙන්වයි.
a) Download QR ක්ලික් කරලා එතනින්ම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.
b) Send QR to my mobile ක්ලික් කරලා අවශ්‍ය වෙලාවට බලාගන්න ඕනේ ලින්ක් එක ෆෝන් එකට ගෙන්න ගන්න පුළුවන්.

ඉන්ෆ්ලුවෙන්සා හැමතැන පැතිරෙනවා පරිස්සමෙන්සීත කාලයත් සමගම වර්ෂාපතනය ඇරැඹීම ආදී දේශගුණික සාධකවල වෙනස්වීම් මත කොළඹ සහ තදාසන...
20/06/2022

ඉන්ෆ්ලුවෙන්සා හැමතැන පැතිරෙනවා පරිස්සමෙන්

සීත කාලයත් සමගම වර්ෂාපතනය ඇරැඹීම ආදී දේශගුණික සාධකවල වෙනස්වීම් මත කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඉන්ෆ්ලුවන්සා රෝගී තත්ත්වය දැඩිව පැතිර යාමේ අවදානමක් මතු වෙමින් පවතී. කොළඹ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලින් වාර්තා වන ඉන්ෆ්ලුවන්සා රෝගී දරුවන්ගේද යම් වැඩිවීමක් මේ වනවිට කොළඹ ළමා රෝහලේ බාහිර රෝගී ප‍්‍රතිකාර අංශයෙන් වාර්තා වේ.

රෝගයේ අවදානම

ඉන්ෆ්ලුවන්සා යනු වයිරස් උණ තත්ත්වයකි. මෙය වැඩිහිටි පුද්ගලයන්ටත් දරුවන් අතරත් එක සේ පැතිර යා හැකිය. විශේෂයෙන් පෙර පාසල්, පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථානවල රැදෙන දරුවන් අතර ඉල්ලුවන්සා රෝග ලක්ෂණ මේ දිනවලදී වැඩිපුර දක්නට ලැබේ. දරුවන් අතර ඉතා ඉක්මනින් සහ පහසුවෙන් රෝගී තත්ත්වය පැතිර යාමට හැකි ඉඩකඩද වැඩිය.

රෝග ලක්ෂණ

මෙහි රෝග ලක්ෂණ බොහෝදුරට කොවිඩ් රෝග ලක්ෂණ හා සමාන වේ. උණ, ඇඟපත රිදීම, කැස්ස, හෙම්බිරිස්සාව මෙහි මූලික ලක්ෂණ වන අතර ඇතමකුට වමනය යාම වැනි තත්ත්වද තිබිය හැකිය.

රෝගී දරුවන් පාසල් යවන්න එපා.

ඉහත රෝග ලක්ෂණ ඇති දරුවන් පාසල්,පෙර පාසල් නොයවා නිවසෙහි තබා ගත යුතුයි. වැඩිහිටි ඔබට ඉෆ්ලුවන්සා රෝග ලක්ෂණ ඇත්නම් නිවැරැදිව මුව ආවරණය පැළැදීමට ක්‍රියා කරන්න. දරුවන් මෙන්ම වැඩිහිටියන් අතරත් මෙහි ව්‍යාප්තිය වේගවත් බැවින් එම තත්වය පාලනය කර ගත යුතුය. එසේ නොකළහොත් පවුල් පිටින් රෝහල් ගොස් ප්‍රතිකාර ලබාගැනීමේ තත්වය දක්වා දරුණු වී යා හැකිය.

අවදානම් කණ්ඩායම්

වැසි කාලයේදී ස්වසන රෝග අවදානම කාටත් පොදු වන අතර ස්වසන රෝගවලින් දැනටමත් පීඩා විදිනන්ගේ රෝග සංකුලතාද වැඩි වන කාලයකි. එනිසා ස්වසන රෝගවලට ගොදුරු වුවන් , ඇඳුම රෝගයෙන් පීඩා විඳින්නන්, දියවැඩියා රෝගීන්, පීනස රෝගීන් මෙන්ම ගර්භණී කාන්තාවන්ද ඉල්ලුවන්සා අවදානම් කණ්ඩායම් වශයෙන් හඳුනාගෙන ඇත. ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය අඩු මට්ටමක පැවැතීම ඊට හේතුවයි.

රෝගීන් රැක බලා ගැනීම, පෝෂණය සහ ප්‍රතිකාර

ඉන්ෆ්ලුවන්සා රෝගී ලක්ෂණ පෙන්නුම් කරන දරුවන්ට වෛද්‍ය උපදෙස් මත පැය 6න් 6ට පැරසිටමෝල් ලබාදීම කළ යුතුය. හෙම්බිරිස්සා ගතිය ඇති රෝගීන් නිතරම පිරිසුදු ලේන්සුවක් භාවිත කිරීමටත් එය සෙසු සාමාජිකයන් හා පරිහරණයෙන් ඉවත් කර තැබීමටත් කටයුතු කරන්න. ඒ වගේන්ම උණ ගතිය පවතීනම් මඳ උණුසුම් ජලයෙන් ඉකිලි සහ කිහිලි තෙත මාත්තු කොට දැමිය හැකිය. අනෙකුත් දිනවලට වඩා රෝගියාගේ පෝෂණය ගැන අවධානය යොමු කළ යුතුම කාලයකි. සිරුර වයිරසයකට එරෙහිව ප්‍රතික්‍රියා දක්වන බැවින් හොඳ පෝෂණයක් ලැබිය යුතුමයි. උෂ්ණ සහ සිසිල් යනුවෙන් ආහාර වර්ගීකරණයක් සිදු නොකොට සාමාන්‍ය පරිදි රෝගියාට ආහාර ලබා දීම කළ හැකිය. දිනකට බත්, එළවළු සමග බිත්තරයක් හෝ ප්‍රෝටීනමය ආහාරයක් ලබා දීමෙන් ප්‍රතිශක්තිකරණය දුර්වල නොවී පවත්වා ගත හැකිවේ. නිවසේදී පිස ගත් ආහාර මඳ උණුසුම තිබියදීම රෝගියාට පිළිගැන්වීම සුදුසුය. විශේෂයෙන් මේ කාලයේදී රෝගියාට දියර ආහාර වැඩිපුර ලබා දෙන්න. නියමිත පරිදි දෙනික වතුර පරිමාවත් සපුරා ගැනීමට වගබලා ගන්න. සීත කළ ජලය වෙනුවට මඳ උණුසුම් වතුර හැකිතාක් පානය කිර්ම සුදුසුයි.

ප‍්‍රතිශක්තිකරණ එන්නතක්

ලෝකයේ සෙසු රටවල නම් සෑම වසරක් පාසාම සීත සෘතුවේ උදාවත් සමඟ ඉන්ෆ්ලුවෙන්සාවෙන් වැළකීමට ප්‍රතිශක්තිකරණ එනතක් ලබා දේ. මේ සඳහා නිර්දේශිත කාණ්ඩ වන්නේ අවුරුදු 60ට වැඩි පුද්ගලයන්, කුඩා දරුවන් , රෝහල් සේවකයන් සහ පෙනහලු ආසාදනවලින් පෙළෙන්නන්ය. මෙම එන්නත අපේ රටේද ඇතැම් රෝහල්වල ඇතත් දැනට රටේ උද්ගතව ඇති බේත් හිඟය මත එන්නත තිබේද නැද්ද යන්න නිශ්චිතව කිව නොහැකිය.

සෞඛ්‍ය පුරුදු නතර කරන්න එපා

ඉන්ෆ්ලුවෙන්සා වයිරස් රෝගය කාලෙන් කාලෙට වෙනස් වෙමින් හා වැඩි දියුණු වෙමින් පැතිර යයි. එබැවින් තව දුරටත් කාවිඩ් වසංගත සමයේදී සෙඛ්‍යා අංශ විසින් හඳුන්වා දෙනු ලැබූ සෞඛ්‍ය පුරුදුවලට අනුගත විය යුතුය. ඒ අනුව ප්‍රශ්නයා ගැවසෙන තැන්වලදී නිවැරැදිව මුව ආවරණය පැළැඳීම, සමාජ දුරස්ථභාවය සේම දෑත් පිරිසුදුව තබා ගැනීම තවත් කාලයක් යනතුරු කළ යුතුවේ. යහපත් සෞඛ්‍ය පුරුදුවලට වැඩිහිටියන් සේම කුඩා දරුවන්ට නතු වීම තළ විවිධ රෝග ව්‍යාප්තිය හමුවේ අනවශ්‍ය ආකාරයට බිය වීමට හේතු නිර්මාණය නොවනු ඇත.

ළමාරෝග විශේෂඥ වෛද්‍ය - දීපාල් පෙරේරා
සටහන -මාධවී ධර්මරත්න
Copied: gossiplankanews.com

චීනයෙ ප්‍රදානම භාශාව තමා මැන්ඩරින් භාශාව.. චීන අය තමන්ගෙ භාශාව ලියනව නෙමෙයි අඳින එකනෙ කරන්නෙ.. ඉතින් ඒ අයත් අපි වගේම අකු...
27/05/2021

චීනයෙ ප්‍රදානම භාශාව තමා මැන්ඩරින් භාශාව.. චීන අය තමන්ගෙ භාශාව ලියනව නෙමෙයි අඳින එකනෙ කරන්නෙ.. ඉතින් ඒ අයත් අපි වගේම අකුරු ලස්සනට ලියන්න පොඩි කාලෙ ඉදන්ම හුරු වෙනව.. අඳින එක කලාවක් කියල හැමෝම දන්නවනෙ.. කලාවට ලැදි අය බොහොමයක්ම මොලයේ දකුනු පැත්ත වැඩි පුර භාවිත කරනව කියලත් හැමෝම වගෙ අහල ඇති..
ඒ වගේම ගණිතය ගත්තම මොලෙ වම් පැත්තට අදාල දෙයක්.. ඒ කියන්නෙ තාර්කික දැනුම තියෙන්නෙ වම් පැත්තෙ.. ඉතින් හිතන්නකො අපි 28 කියන ඉලක්කමට සිංහලෙන් විසි අට වගේම ඉන්ග්‍රිසියෙන් twenty eight කියල කිව්වට චීන අය මේ ඉලක්කමෙ සැකස්මත් සිහියට නැගෙන විදියට තමා උච්චාරණය කරන්නෙ..

28 =Èr shí bā ( 二十八) ඒකෙ සිංහල තේරුම තමා "දෙක දහය අට" .. ඔහොම තමා ඒ අය ඉලක්කම් උච්චාරනය කරන්නෙ

උදා -: 17,000 = "yī wàn qī qiān" .. ඒකෙ තේරුම one ten thousand seven thousand ( එක දහදාහයි හත දාහයි) [1 + 0,000 + 7 + 000 = 17000]

මැන්ඩරින් භාශාවෙ 10ට වැඩි හැම ඉලක්කමක්ම ඔය විදියට තමා උච්චාරනය වෙන්නෙ..

ඉතින් ආන් ඒ විදියට ඒ ඉලක්කම් වල ගණිත සැකස්ම කොටසින් කොටස එකතු වෙන විදිය සිහියට නගලා තමා උච්චාරණය කරන්නෙ .. ඒ වගේම එයලගෙ මැන්ඩරින් අකුරු ලියන්නෙ නෑ අඳිනව.. ඒ නිසා එයාලගෙ මොලෙ වම සහ දකුන යන දෙපැත්තම ඉතාමත් හොදින් ක්‍රියා කරනව වගේම දෙපැත්තෙම ක්‍රියාකාරිත්වය එකිනෙකට සමානත් වෙනව..

පහලින් ඒ අයගෙ භාශාවෙ ඉලක්කම් උච්චාරණය කරන විදිය පොඩ්ඩක් දාන්නම් කැමති අය කියවන්න

0零Líng = බින්දුව
1一Yī = එක
2二Èr = දෙක
3三Sān = තුන
4四Sì = හතර
5五Wǔ = පහ
6六Liù = හය
7七Qī = හත
8八Bā = අට
9九Jiǔ =නවය
10十Shí = දහය
11十一Shí yī = දහය එක
12十二Shí èr =දහය දෙක
13十三Shí sān = දහය තුන
14十四Shí sì =දහය හතර
15十五Shí wǔ = දහය පහ
16十六Shí liù = දහය හය
17十七Shí qī = දහය හත
18十八Shí bā = දහය අට
19十九Shí jiǔ = දහය නවය
20二十Èr shí = දෙක දහය

ලොකු ඉලක්කම් වලට යනකොට තව පොඩි පොඩි වචන කීපයක් එකතු වෙනව.. හැබැයි මේ විදියටම තමා ඒ වචනත් එකතු කරගන ඉස්සරහට ගනන් කරන්නෙ ..

14/05/2021

⦿ Sinopharm එන්නතෙන් කොවිඩ් රෝගය වැළඳිය හැකිද?

⦿ ඉදිරියේදී මව් පදවිය අපේක්ෂාවෙන් සිටින කෙනෙකුට එන්නත ලබා ගැනීමෙන් ගැටලු ඇති වේ ද?

⦿ වයස අවුරුදු 60 න් ඉහළ පුද්ගලයන් සඳහා එන්නත සුදුසුද?

⦿ Sinopharm එන්නත ලංකාවේදී ගැබිණි මාතාවන්ට ලබා නොදෙන්නේ ඇයි?

⦿ Sinopharm සාර්ථක එන්නතක් ද?

--- Sinopharm එන්නත පිළිබඳව බහුලව නැගෙන ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ---

1. Sinopharm එන්නතෙන් කොවිඩ් රෝගය වැළඳිය හැකිද?

Sinopharm එන්නතෙහි අඩංගු වන්නේ සම්පූර්ණයෙන්ම අක්‍රිය කර දමන ලද වෛරසයක්. මේ නිසා ශරීරය තුළදී කිසිම ලෙසකින් ක්‍රියා කිරීමට හෝ ගුණනය වීමට මෙයට හැකියාවක් නෑ. ඒ නිසා මෙමගින් රෝගය වැළඳීමට කිසිසේත්ම හැකියාවක් නැහැ.

2. Sinopharm එන්නත ලංකාවේදී ගැබිණි මාතාවන්ට ලබා නොදෙන්නේ ඇයි?

මෙයට හේතුව ගැබිනි මාතාවන් අතරෙහි මේ එන්නත භාවිතා කිරීම පිළිබඳ පර්යේෂණ දත්ත තවමත් ප්‍රමාණවත් අයුරින් වාර්තා වී නොතිබීමයි. කෙසේ වුවත් එන්නතෙහි ස්වභාවය හා සංඝටක සලකා බලන විට, ගර්භනී මව්වරුන් අතරෙහි ද එහි ක්‍රියාකාරිත්වය හා ආරක්ෂාකාරී බව නොවෙනස්ව පවතිනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාස කරනවා.

ඉදිරියේදී මෙම එන්නත ගැබිනි මව්වරුන්ටත් ලබා දෙනවාද, ලබා දෙන්නේ කුමන අවස්ථාවලදීද, යන කරුණු, එන්නත සම්බන්ධයෙන් යාවත්කාලින වන නවතම දත්ත පදනම් කරගනිමින් වසංගත රෝග විද්‍යායතනය විසින් තීරණය කෙරෙනවා ඇති.

3. ඉදිරියේදී මව් පදවිය අපේක්ෂාවෙන් සිටින කෙනෙකුට එන්නත ලබා ගැනීමෙන් ගැටලු ඇති වේ ද?

එන්නත ලබා දීමට ප්‍රථම ගර්භණී බව පරික්ෂා කිරීමට අවශ්‍යතාවක් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ නැහැ. මේ එන්නත කිසිම ලෙසකින්වත් මදසරුභාවයට හේතු වීමක් වෙන්නෙ නැහැ. ඒ නිසා ඉදිරියේදී මව් පදවිය බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් මෙම එන්නත ලබා ගැනීමට කිසිදු බාධාවක් නෑ. ගර්භනී තත්ත්වය තුළ දී කොවිඩ් රෝගය බලපෑ හැකි ආකාරය සළකා බලද්දි එයට පෙර එන්නතෙන් ආරක්ෂාවක් ලබා ගැනීම ඉතා නුවණැති ක්‍රියාවක් බව පෙනෙනවා.

4. වයස අවුරුදු 60 න් ඉහළ පුද්ගලයන් සඳහා එන්නත සුදුසුද?

මෙම එන්නත පිළිබඳව සිදුකරන ලද සායනික පරීක්ෂණ වලදී මෙම එන්නත කිසිදු වයස් කාණ්ඩයකට ගැටලුවක් ඇති කරන බවක් වාර්තා වී නැහැ. නමුත් ඒ සඳහා යොදාගෙන ඇති නියැදියේ (sample) වයසින් වැඩි පුද්ගලයින් සංඛ්‍යාව අඩුවීම නිසා ලංකාවට මුලින්ම මෙම එන්නත හඳුන්වා දෙන අවස්ථාවේ දී වැඩිහිටි පුද්ගලයින් සඳහා එය අනුමත කළේ නැහැ. නමුත් දත්ත තවදුරටත් සලකා බැලීමේදී සහ ලංකාවේ දැනට රෝගය පැතිරීගෙන යන අවදානම සලකාබලා කිසිදු රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නැති අවුරුදු 60 ට වැඩි සියල්ලන් සඳහා ද මෙම එන්නත ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඉහත කරුණු සියල්ලෙන්ම පැහැදිලි වෙන්නේ මහජනතාවට එන්නත් ලබාදීම පිළිබඳ තීරණය ගනු ලබන්නේ අන්තර්ජාතික මට්ටමෙන් මෙන්ම දේශීය විද්වතුන් බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් බව. නවතම දත්ත භාවිතා කරමින් සහ රටේ වසංගත ස්වභාවය අධ්‍යයනය කරමින් එන්නතක් ලබා දීමට තීරණය කරන්නේ ඉන් රෝගයට එරෙහිව ලැබෙන ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ වගවීමක් සහිතවයි.

5. Sinopharm සාර්ථක එන්නතක් ද?

කොවිඩ් රෝගය වැළැක්වීම සඳහා Sinopharm සාර්ථක එන්නතක් බව නවතම පර්යේෂණ දත්ත ඉතාමත්ම පැහැදිලිව පෙන්නුම් කරනවා. මෙම එන්නත දැනටත් භාවිතා කර ඇති බහරේන් වැනි රටවල නිරීක්ෂණ දත්ත ආශ්‍රයෙන් මෙම කාරණාව තවදුරටත් තහවුරු වෙනවා.

රටකට එන්නතකින් පමණක් වසංගත තත්ත්වයෙන් ගොඩ එන්න බැහැ. අනෙකුත් ආරක්ෂාකාරී පියවර ද මනාව අනුගමනය කළ යුතුයි. ඒ කෙසේ වෙතත් කොවිඩ් වසංගතය පිටුදැකීමේ සටනේ දී එන්නත්කරනය අපට ඇති ප්‍රබලම ආයුධයක් වෙනවා. ගෝලීය වශයෙන් විශාල එන්නත් හිඟයක් පවතින මේ අවස්ථාවේ, රටට එන්නත් ලැබෙන්නේ මහත් පරිශ්‍රමයක ප්‍රතිඵලයක් විදිහටයි.

එන්නත් කරණය කර ගැනීමට ඔබට යම්කිසි අවස්ථාවක් ලැබුනහොත් ලැබුණ පළමු අවස්ථාවෙන් ම එයට යොමු වීම වැදගත් වන්නේ ඒ නිසයි.

14/05/2021

අවුරුදු 18 දී දෙමාපියන් අහිමි දුප්පත් අනාථ තරුණයෙකු ලෙස සිය ජීවිතය ආරම්භ කළ...

ක්‍රි. ව. 1902 දී ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයන් අතරින් කෙනෙකු ලෙස අභවප්ප්‍රාප්ත වූ...

එකල බ්‍රිතාන්‍යයන් විසින් පුද කළ බස්නායක මුදලි පදවිය තෙවරක්ම ප්‍රතික්ෂේප කළ...

"කොළඹ නෝනා වාට්ටුව" ලෙස හැදින්වෙන එකල කොළඹ හැව්ලොක් ආර්යා ළමා රෝහල (වර්තමානයේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල) තුල සිය නමින් වාට්ටුවක් ඉදි කර ජනතාවට පරිත්‍යාග කළ...

ලංකාවේ මෝටර් රථයක් මිල දී ගත් දෙවන ශ්‍රී ලාංකිකයා / සිංහලයා ලෙස සැලකෙන...

නානායක්කාරගේ දොන් පවුලිස් සිල්වා මැතිදුන්...

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය සහ සමාජ විද්‍යාව පිළිබද විද්වතෙකු වශයෙන් ලෙස සැලකෙන මහාචාර්ය මයිකල් රොබර්ට්ස් (Prof. Michael Roberts) විසින් පවත්වාගෙන යන "Thuppahi's Blog" නම් වෙබ් අඩවියේ ලිපියක සදහන් කර ඇති ආකාරයට නානායක්කාරගේ දොන් පවුලිස් සිල්වා මැතිදුන් ලංකාවේ මෝටර් රථයක් මිල දී ගත් දෙවන ශ්‍රී ලාංකිකයා ලෙස සැලකෙනවා. මෙම මෝටර් රථය Oldsmobile වර්ගයේ රථයක් ලෙස තමයි සදහන් වෙන්නේ...

එම ලිපිය කියවීම සදහා පහත link එක වෙතට යන්න...

https://www.google.com/.../the-early-years-of.../amp/

ලංකාවේ මෝටර් රථයක් මිල දී ගත් ප්‍රථම
ශ්‍රී ලාංකිකයා / සිංහලයා ලෙස සැලකෙන්නේ මොරටුව දානපති සොයිසා පවුලේ එඩ්වින් ලයනල් ෆ්‍රෙඩ්රික් ද සොයිසා මැතිදුන්
(Edwin Lionel Frederick de Soysa)...

එඩ්වින් ලයනල් ෆ්‍රෙඩ්රික් ද සොයිසා මැතිදුන් පිළිබදව වැඩි විස්තර බැලීම සදහා පහත Link එක වෙතට යන්න...

https://www.facebook.com/groups/oldimages/permalink/2750399751891863/

නානායක්කාරගේ දොන් පවුලිස් සිල්වා මැතිදුන් සහ මෙතුමන්ගේ පවුලේ සාමාජිකයන් පිළිබදව විස්තර සදහන් වන ග්‍රන්ථයක් වන ආචාර්ය කුමාරි ජයවර්ධන මහත්මිය විසින් රචිත "සොක්කන් ලොක්කන් වූ වගයි" ග්‍රන්ථයෙන් උපුටා ගත් කොටස් තමයි පහළින් කියවීම සදහා පළ කරලා තියෙන්නේ...
..(244 පිටුව)...
..නානායක්කාරගේ සිල්වා...

19 වන සියවස අග භාගයේ සිටි ප්‍රධාන ම ගොවිගම ව්‍යාපාරික බලවතා 'දිලිදු' ජන්මයකින් යුක්ත වූ තැනැත්තෙකි.
නානායක්කාරගේ දොන් පවුලිස් (එන්. ඩී. පී. ) සිල්වා (1838 - 1901) නම් වූ ඔහු බද්දේගම ඉප දී වයස 18 දී මව්පියන් නැති වී අනාථ වූ වෙකි. සුළු මුදලක් රැගෙන කුරුණෑගල දිස්ත්‍රික්කයට ගිය ඔහු එහි කෝපි ගබඩාවක් ආරම්භ කළේ ය. පසු ව ඔහු මිනිරන් පතල් කර්මාන්තයට පිවිසි යේ ය. එය කොතරම් ලාභ දායක වී ඇති දැයි කිවහොත් මිනිරන් රජා යනුවෙන් ඔහු නම් කරනු ලැබිණ. මේ ලාභ යොදවමින් ඔහු සාර්ථක අන්දමින් පොල්, කෝපි, තේ, රබර්, සින්කෝනා, කුරුදු හා කුළුබඩු වගා කිරීමෙහි යෙදුනේ ය. තව ද ඔහු 1890 ගණන්වල සාර්ථක අරක්කු හා මහාමාර්ග රේන්දකරුවෙකු ද වීය. ඔහු අරක්කු රේන්දකරුවන් ගේ බලගතු සංගමයේ සාමාජිකයෙක් වීය. සිල්වා 1896 දී පවුම් 7000 කට වික්ටෝරියා පාලම් රේන්දය ද පවුම් 4100 කට බම්බලපිටිය පාලම් රේන්දය ද ලබා ගත්තේ ය. 1893 සිට 1897 දක්වා එක අවුරුද්දක දී හැර ඔහුට සියනෑ සහ හේවාගම් කෝරලවල අරක්කු රේන්දය තිබුණේ ය. අන්තිම අවුරුද්දේ දී ඒ සදහා පවුම් 7800 ක් ගෙව්වේ ය. 1893 දී හා 1894 දී ඔහු දොන් ස්පේටර් සේනානායක සමග හවුලේ ලාභදායක මීගමු අරක්කු රේන්දය අයත් ව සිටියේ ය. සිල්වා ගේ බෑණන්ඩිය වූ ඒ. සී. ජී. විජේකෝන් 20 වැනි සියවසේ ජාතික දේශපාලන කටයුතුවල නිරත වූයේ ය.
..(390 පිටුව)...තම නමින් ලේඩිහැව්ලොක් ‍රෝහලේ වාට්ටුවක් ඉදි කළ එන්. ඩී. පී. ජේ. සිල්වා මහලු නිවාසයට ද කතෝලික පාසල්වලට ද මුදල් පරිත්‍යාග කළේ ය. වෙනත් අයට වෙනස් ව "නම්බුනාම"
වලට ප්‍රිය නොකළ ඔහු බස්නායක මුදලි පදවිය තුන්වරක් ම ප්‍රතික්ෂේප කොට ඇත" (එම 594). ඒ අඩුපාඩුව පිරිමැසීමට ඉදිරිපත් වූ ඔහු ගේ පුත් එන්. ඩී. ඒ. සිල්වා පඩිකාර මුදලි තනතුර පිළිගෙන කළුතර "රිච්මන්ඩ් මාළිගය" නමින් සුවිසල් මන්දිරයක් ඉදි කළේ ය.
..(241 පිටුව)...විසිවැනි සියවස ආරම්භයේ දී ඉස්මතු වුණු ගොවිගම ධනපතීන් ගෙන් බොහෝ දෙනෙක් ඉතා සුළු ව්‍යාපාරවලින් පටන් ගෙන මිනිරන් පතල් බැසීම හා වතුවැවිලි ආර්ථිකය වැනි වෙනත් ව්‍යාපාර තුළින් තම ප්‍රාරම්භක ධනය උපයා ගෙන ඉන් පසු ඉතා ලාභ දායක අරක්කු රේන්ද කටයුතුවලට පිවිසි අය වූ හ. අරක්කු රේන්ද කටයුතු යෙදුණු එබදු පුද්ගලයන් තිදෙනෙකු නම් දොන් ස්පේටර් සේනානායක, එන්. ඩී. පී. සිල්වා සහ ඩී. සී. ජී. ආටිගලය. මේ සියලු දෙනා ම එක් පරම්පරාවකදී ඉහළ නැගුණු පවුල්වලට අයත් වූ හ. 19 වන සියවස අවසන් වන විට මේ පවුල්වලට "පළමුවැනි පන්තියේ ගොවිගම පවුල්" වූ හා තමන් දිවයිනේ "ලොක්කන්" යැයි සිතා ගෙන සිටි පැරණි මුදලි කණ්ඩායමට අභියෝග කිරීමට තරම් ධනය අයත් ව තිබුනේය.
..(379 පිටුව)...ධනවත් මිනිරන් හිමියෙකු හා අරක්කු රේන්දකරුවෙකු වූ එන්. ඩී. පී. සිල්වා ගේ දියණිය ෆ්ලොරින්ඩා බ්‍රියටිස් සිල්වා (ලන්ඩනයේ උපාධි ලබා තිබූ අධිනීතිඥයකු වූ) ජෙරාඩ් විජේකෝන් සමග 1909 දී විවාහ වූ වේලේ පුරසාරම් වශයෙන් කියන ලද්දේ මනාලිය ගේ ඇදුම් සියල්ල ලන්ඩනයෙන් ආනයනය කරන බවයි (Wijeyekoon 1951 : 57).
..(401 පිටුව)...එලෙසම 1880 සහ 1890 ගණන්වල වැදගත් ධනපතියෙකු වූ එන්. ඩී. පී. සිල්වා ගේ පුත් පඩිකාර මුදලි එන්. ඩී. ඒ. සිල්වා විජේසිංහ යුධ ප්‍රයන්තයට පවුම් 2500 ක ආධාර මුදලක් දුන්නේ ය. බෙල්ජියන්වරුන්ට ගිලන් රථ තෑගි කළේ ය. යුද්ධය ගැන දේශන පැවැත් වූයේ ය. මේ සදහා බෙල්ජියමේ රජු ඔහු වෙනුවෙන් 1918 රාජ භෝජන සංග්‍රහයක් පැවැත් වුයේ ය. එමෙන්ම ලන්ඩනයේ දී බ්‍රිතාන්‍ය රජු හා වේල්ස් කුමාරයා පුද්ගලික ව බැහැ දැකීමට අවස්ථාව ලැබුණේ ය.
..(369 පිටුව)...තමන්ට උරුම වූ පවුලේ දේපළ කෙරෙහි ධනපති කාන්තාවන් පාවිච්චි කළ පාලන බලය පිළිබද ප්‍රශ්නය වැදගත් වෙයි. මක් නිසාද යත් පවුල තුල සමාජයෙහිත් කාන්තාවන්ට හිමි වූ තත්ත්වය ද පිරිමි - ගැහැනු සම්බන්ධකම් ද එමගින් පැහැදිලි වන බැවිනි. මෙම ගණයේ කාන්තාවන් අතර ක්‍රියාරම්භක ශක්තිය ද ව්‍යවසායික ධෛර්යය ද තිබූ අය සිටිය හ. ව්‍යාපාර කටයුතු ගැන ඉවක් තුබූ ඔවුන් එම අවබෝධය අනුව කළ කටයුතු සමාජමය වශයෙන් පිළිගැනීමක් ලැබුවේ ය. තම සැමියාගේ අභාවයෙන් පසු පවුලේ විශාල ව්‍යාපාරික කටයුතු කර ගෙන ගිය සිංහල වැන්දඹුවෝ කීප දෙනෙක් සිටිය හ. එක් නිදසුනක් නම් එන්. ඩී. පී. සිල්වාගේ (1838-1901) වැන්දඹුවයි. 19 වැනි සියවසේ ප්‍රමුඛ ගොවිගම වෙළෙන්දෙකු වූ ඔහුට මිනිරන් පතල් ද පොල්, තේ සහ රබර් වතු ද අයත් ව තිබුණේ ය. ඔහු විශාල අරක්කු රේන්දකරුවන්ගේ කාටලයටද අයත් වූයේ ය. ඔහු මිය යෑමෙන් පසු ඔහු ගේ දෙවැනි බිරිද වූ ඉසබෙලා විජේසිංහ ඔහු ගේ ඉතා විශාල පරිමාණයෙන් වූ මත්පැන්, වතු හා මිනිරන් ව්‍යාපාර කටයුතුවල පාලනය සියතට ගත්තා ය. ඈ පාලනය කළ දේපළ අතර විශාල මිනිරන් පතල් 20 ක් ද 500 ක් කම්කරුවන් සේවය කළ මිනිරන් ගබඩා ද ඉඩම් වැවිලි අක්කර දහස් ගණනක් ද රටේ විශාල ම (කළුතර පිහිටි) අරක්කු ගබඩාව ද ඇතුලත් විය. මේ ගබඩාවේ ලොකු පීප්ප 40 ක් තිබිණ. එක පීප්පයක ධාරිතාව ගැළුම් 5000 ක් විය. 7000 ක් කම්කරුවන් සේවයේ යෙද වූ විශාල ව්‍යාපාරවල පාලනය සියතට ගත් "ප්‍රථම සිංහල කාන්තාව" වශයෙන් පමණක් නොව තම සැමියාගේ "පුණ්‍යාධාර කටයුතු" නො නවත්වා කර ගෙන ගිය කාන්තාව වශයෙන් ද ඇය හදුන්වනු ලැබ ඇත (Wright 1907 : 593-4)

This post was created by Selaka Pasan Gunaratne on 23. 04. 2021
Selaka Pasan Gunaratne Thank You!

Col 1-14 ඔබට eChannelling හරහා VACCINE නොමිලේ වෙන්කරවා ගත හැකිය. Col 1-14, you can book the CMC VACCINE SINOPHARM FIRST ...
11/05/2021

Col 1-14 ඔබට eChannelling හරහා VACCINE නොමිලේ වෙන්කරවා ගත හැකිය.
Col 1-14, you can book the CMC VACCINE SINOPHARM FIRST DOSE AGE 30-59 YEARS via eChannelling.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when One Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share