Travel With Laka - ලකා එක්ක රෝන්දේ

  • Home
  • Travel With Laka - ලකා එක්ක රෝන්දේ

Travel With Laka - ලකා එක්ක රෝන්දේ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel With Laka - ලකා එක්ක රෝන්දේ, Tour Agency, .

මේ පාර Black Peak Expedition  එකට ඉන්දියාවට ගියපු වෙලාවේ මට අවස්ථාව ලැබුනා IMF ( Indian Mountaineering Foundation ) එකත්...
14/07/2024

මේ පාර Black Peak Expedition එකට ඉන්දියාවට ගියපු වෙලාවේ මට අවස්ථාව ලැබුනා IMF ( Indian Mountaineering Foundation ) එකත් එක්ක වැඩ කරන්න.
ඉන්දියානු කඳු නැගීමේ පදනම (IMF) යනු කඳු නැගීම සහ ඒ ආශ්‍රිත ක්‍රීඩා සඳහා වන ඉහළම ජාතික ආයතනයයි. 'චෝ ඔයු ගවේෂණයේ අනුග්‍රහක කමිටුව' ලෙස මුලින් පිහිටුවන ලද එය අද අප දන්නා පරිදි 1961 ජනවාරි 5 වන දින IMF බවට පරිවර්තනය විය. IMF ඉන්දියාවේ ජාතික සහ ජාත්‍යන්තර කඳු නැගීම සහ කඳු නැගීම සඳහා සහය දක්වයි, ප්‍රවර්ධනය කරයි සහ නියාමනය කරයි සහ UIAA (ජාත්‍යන්තර කඳු නැගීමේ සහ කඳු නැගීමේ සම්මේලනය) වෙත අනුබද්ධ වේ. IMF යනු තරඟකාරී ඔලිම්පික් ක්‍රීඩාවක් වන Climbing ක්‍රීඩාව සඳහා වන නියාමන ආයතනය වන අතර එය IFSC (International Federation of Sport Climbing) වෙත අනුබද්ධ වේ. IMF කඳු ආරක්ෂණ කටයුතු, දැනුම ගොඩනැගීම සහ ඉන්දියානු හිමාලය පිළිබඳ දැනුවත් කිරීමෙහි ද නිරත වේ.
IMF ප්‍රධාන කාර්‍යාලය තියෙන්නේ නවදිල්ලි අගනුවර.. මේපාර මමයි නලින්දයි එහේ ගිය වෙලාවේ අපිට ලැබුනේ අති උත්කර්ෂවත් පිළිගැනීමක්. එයාලගේ දැනට ඉන්න සභාපතිතුමාත් ආවා අපිව පිළිගෙන අපට ගමන් ගැන සංක්ෂිප්ත විස්තර කිරිමකට. ඉන්දියාවේ වෙන හැම expedition එකක්ම( Trek නෙවී) IMF අනුමැතියට යටත්ව කරන ඕන. ඉන්දියාවේ තියන expedition කරන හැම හිමාල කදු මුදුනක්ම අයිති වෙන්නේ ජාතික වනෝද්‍යානයකට. එවාට ඇතුල් වෙලා කදු මුදුන් තරණය කරනවනං IMF අනුමැතිය ඕන. IMF අනුමැතිය තියන ලියුම දැක්ක්ම ඉන්දියාවේ ඕන තැනක ඉහලින්ම පිළිගැනීමක් තියෙනවා .
පිටරටින් එන අය expedition කරනවානං IMF එකෙන් සම්බධීකාරක නිලධාරීවරයෙක් ( Liason Officer)ලැබෙනවා මුලු ගමන පුරාවට. ඔව්න්ට expedition පිලිබද මනා අත්දැකීීම් සහ පලපුරුද්දක් තියෙනවා. ඒ වගේම කදුනැගීම ගැන් තියෙන අයතන මගින් පවත්වන BMC, AMC, BRC, ARC වගේ පාඨමාලා සහතික ලත් අය. ඔවුන් එක්ක expedition එකක් යන්න ලැබෙනවා කියන්නේ කදු නැගීම ගැන අපි නොදන්න ගොඩක් කරුණු දැනගන්න පුළුවං.
ඒවගේම තමා Liason Officer ත් කණ්ඩායම් නායකත් වෙන වෙනම expedition report ද්‍ර්න්න ඕන IMF එකට. ඒක පාවිච්චි කරනවා එයාල ත පහසුකම් , අඩුපාඩු හදා ගන්න.
IMF ප්‍රධාන කාර්‍යාල සංකීර්ණය කෞතුකාගාරයක්, පුස්තකාලක්, කදුමැගීම් පුහුනුවෙන උස් තාප්ප, නේවාසිකාගාර සහිතයි. කෞතුකාගාරය නං කදුනැගීම පිලිබද විශ්වකෝෂයක්. අපිට වාසනාව ලැබුනා ඒකේ සම්පුර්ණ සංචාරයකට.

අපිත් ලංකාවේ ඉන්න High Altitude Mountaineering කරන සහ කරන්න ආසාව තියන අය එකතුවෙලා මේ වගේ body එකක් පිහිටුවාගන්න ඕන. එතකොට අපිට පුලුවන් මේ ක්ෂේත්‍රයේ අලුත් අලුත් දේවල් කරන්න. දැනුම බෙදාගන්න. එකිනෙකාට උදවු කරගන්න.

ගියපු ගමං ගැන කතා ලියල එච්චර පුරුදු නෑ  ඒත් මේ පාර හිතුනා ලබපු අත්දැකීම් ටිකක් අනික් අයත් එක්ක බෙදා ගන්න ඕන කියල .හැමදාම...
04/07/2024

ගියපු ගමං ගැන කතා ලියල එච්චර පුරුදු නෑ ඒත් මේ පාර හිතුනා ලබපු අත්දැකීම් ටිකක් අනික් අයත් එක්ක බෙදා ගන්න ඕන කියල .
හැමදාම Treking කර කර හිටියා ඇති, expedition වලට බහින්න කාලේ ඇති කියල හිතිලා ටිකක් කල්. ඒත් expedition වලට කාලය හා මුදල් දෙකම ටිකක් වැඩිපුරම යන නිසා ඒ දෙකම හරියට සෙට් වෙනකං බලං හිටියා.
මීට අවුරුදු 2 කට විතර කලිං මමයි, කර්පෞ Kedarkantha trek එකේදී දැකපු Black Peak ( Kala Nag) එක මගේ හිතේ දැකපු ගමං උත්සාහ කරල බලන්න ඕන කියල හිතපු expedition එකක්. කලිං කරපු EBC, Goechala, Stok Kangri, Kedarkantha trek වගේ නෙමේ expedition එකක් කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් විදියකට ලෑස්තිවෙන්න උනා. Fitness හදා ගන්න හැමදාම 10 km වගේ දුවල සතියේ දවස් 5 තට්ටු 32 නග්ගා.
Black Peak, කාලා නාග් එහෙමත් නැත්තංං කලු නයා කියන්නේ ඉන්දියාවේ උත්තර්කන්ඩ් ප්‍රාන්තයේ , උත්තරාක්ශි දිස්ත්‍රික්කයේ බන්දර්පුන්ච් කියන කියන හිමාල උප කදු පන්තියේ උසම කන්ද , උස කිවුවොත් මුහුදු මට්ටමේ ඉදල මීටර් 6387 ක්. ගොඩක් අය උත්සාහ නොකරන ටිකක් අසීරු කන්දක්.

මගේ කදු සගයා ත් වැඩේට කැම්ති වෙච්ච නිසා මේ පාර ඔන්න වඩේට. ලෑස්ති වුනා ඒ පැත්තේ expedition කරන කණ්ඩායක් එක්ක.
සම්පූර්ණ expedition එක දින 14 ක්.
කන්ද නගින්න මුලින්ම ඉන්දියාවේ අග නගරය වන දිල්ලියෙන් බැහැල එහේ තියන IMF (Indian Mountaineering Foundation) එකට ගියා expedition approval සහ IMF Liason Officer හම්බෙන්න. ( ඉන්දියවේ foforeigners ල expedition කරනවනං දෙන්නෙක්ට එක්කෙනෙක් ගානේ LO ල IMF එකෙන් assign කරන්න ඕන). අපේ LO උනේ Arun Nanda. එයාට BMC( Basib Mountaineering Course), AMC ( Advance Mountaineering Course), Search and Rescue ගැන් සුදුසුකම් සහ පලපුරුද්ද තියෙනවා. එයත් එක්ක දිල්ලි ඉදල කි.මි 245ක් ඈතින් තියන දෙහ්රදූන් කියන නගරයට (පැය 4-5 අතර ගමනක්. බස් දුම්රිය් වගේම ප්‍රාදේශීය ගුවන් මගිනුත් යන්න පුලුවන් ) එතන ඉදං කි.මි. 200 ක් විතර ඈතින් තියන සාන්ක්‍රී කියන පොඩි ගමට යන්න ඕන ( බස්, බොලෙරෝ ට්‍රක් සහ පැසෙන්ජර් වෑන් වලින් යා හැක). සාන්ක්‍රි සිට ගංගෝත්‍රි කියන පොඩි ගමට යන්න ඕන ( දුශ්කර කදුකර මාර්ග ඔස්සේ 4 x 4 ට්‍රක් රථ පමනි).
ටීම් එක ( Sonam Dai - Lead Sherpa[ Nepal ], Rakesh Reddi - Lead Climber [ Trrck OOrganizing Company], Suresh - Lead Climber [Trek Organizing Company], මම[Team Leader], නලින්ද[ member], Arun [ Liason Officer from IMF], Aravind [member], Rohit [member], Aditya [member] )ගංගෝත්‍රි වලිං පටං අරං පලවෙනි දවසේ යන්න ඕන සීමා කියන්න ගමට (කි.මි. 11 විතර, පැය 6 ක් විතර). අතරින්පතර මිනිස් ජනාවාස තියන නිසා අඩු බෑවුමේ තමා යන්න තියෙන්නේ ( 2600 මීටර). එදා එහේ කෑම්ප් කරල ඊලග දවසේ පැය 8 ක විතර ගමනකින් කි.මි. 13 විතර එහා තියන රුයින්සාරා කියන කෑම්ප්සයිට් එකට එන්න ඕන ( 3600 m).එදා රුයින්සාරාවල කෑම්ප් කරල ඊලග දවසේ 4200 m ( කි.මි 8) ක් උඩින් තියෙන ක්‍යාර්කොටි කියන බේස් කෑම්ප් එකට ගියා.
එතන් දවස් 2ක් එකලයිමටයිස් උනා දවස් 2 ක්. ඒ අතර අයිස්බූට්, හානස්, ක්‍රෑම්පෝන් දාලා ලනු දිගේ 70° ආනතිය තියන කදුනගින ටෙක්නිකල් පුහුණුව ලැබුනා. ඊටපස්සේ අපි අපේ ආම්පන්න, ටෙන්ට්, ස්ලීපිං බෑග්, කෑම ටිකයි ඇදුං ටිකයි දෙපාරකට Advance Base Camp ( 4900 m) ට ගෙනිච්චා. 25 kg විතර අරං පල්ලේ පේන්නේ නැති කදුබැවුම් වල යනකොට සැප තමා. එතන ඉදං අපි 5400 m උඩිං තියෙන Summit කෑම්ප් එකට බඩුටික ඇද්දා ඊලග දවසේ. දවස් දෙක්ක තිබ්බත් summiting වලට පලවෙනි දවසෙම window එක හොදට තිබ්බ නිසා එදා උදේ පාන්දර 12 ට විතර summit එකට පිටත් උනා. අංශක 70°ක විතර ආනතියකින් විතර එක දිගට accent එක. තැනිං තැන crevasse තිබුනත් ඒවා මග ඇර ඇර 4 විතර වෙනකං ගියා. වටාපිටාව හොදට පැහැදිලිව තිබ්බත් හුලග හොදටම සැරට තිබ්බා. උඩින්ම සෝනම්, ඊලගට රාකේශ් , අරුන් , සුරේශ් මම සහ අරවින්ද් පිලිවෙලට rope එකේ හිටියේ. Route එකේ මුලිං හිටියේ අපි නිසා route එක හොයාගෙන open කරන්න උනෙත් අපිට. මේක එච්චර ජනප්‍රිය expedition එකක් නොවෙන නිසා fixed ropes නෑ. සෝනම් sherpa කෝම්හරි crevasse මග හරිමින් 5:00 විතර වෙනකං ගියත්, peak එක පෙනි පෙනි (6100 -6150 m) අතර වගේ ලොකුබ් crevasse ර්කක් සෙට් උනා. ඒක cross කරන්නම වෙන පාටක් තිබ්බා summit කරන්න. ඒකේ කනේ තියන අඩියක් විත්‍ර පලල ridge එකක් තිබ්බා, ඒත් එතනින් පල්ලේ මහා ප්‍රපාතේ, fixed ropes නැතුව ඒක try කරන එක ටිකක් අවදානම් වගේ කියල හැමෝම තීරණය කරපු නිසාත්, summit කරල බහිනකොට දවල් උනොත් 70° බෑවමේ fixed rope නැතුව බහින එක අවදානං නිසාත් summit නොකර හැරෙන්න තීරණය කලා. මේ දවස්වල දවල්ට හිරු රශ්මිය අධික නිසා උඩ් ඝ්ණ අයිස් ලේයරය දියවෙන්න ගන්නවා. එතකොට බණ්ඩක්කා වගේ තම surface එක. Crampon තිබ්බත් fixed rope නැති නිසා වැරදිලා හරි ලිස්සුවොත් පල්ලේ තියන crevasse එකකට සෙට් වෙන්න පුලුවං.

9-10 විතර වෙනකොට summit කෑම්ප් ඇවිත් මැගී කාලා එහෙමම පිටත් උනා පල්ලෙ බහින්න. ABC පහුකරල එකකොට කරුවල වැටිච්ච නිසා අතරමග කෑම්ප් කරල ඊලග දවසේ බේස් කෑම්ප ආවා. එදා බේස් ඉදලා ඊලග දවසේ රඉන්සාරා, සීමා පහුකරල කෙලින්ම ගංගෝත්‍රි වෙනකං ආවා හැල්මේ.

එදා ගංගෝත්‍රි වල Homestay ඉදලා ඊලග දවසේ සාංක්‍රී ආවා ජිප් එකේ.
කියනවනේ expedition එකකදී Summiting කියන්නේ Bonus එකක් කියල.

වැඩිය ලියන්න තෙරෙන්නේ නෑ . නැවත තව expedition එක්කිං හමු වෙමු.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Travel With Laka - ලකා එක්ක රෝන්දේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel With Laka - ලකා එක්ක රෝන්දේ:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share