Feet With Sandy

  • Home
  • Feet With Sandy

Feet With Sandy Difficult roads often lead to beautiful destinations.
(1)

මල් දෙකක්..Next one 👣👣
22/12/2023

මල් දෙකක්..

Next one 👣👣

26/11/2023

මම මේ ගමන උදේ 8ට විතර නුවරින් පිටත් වුණා.. නුවරින් ගම්පොල හරහා නාවල පිටියට යන එක තමයි මගේ අරමුණ වුණේ.. මොකද මගේ තිබුණ ලොකු dream එකක් තමයි කවදා හරි bike එකකින් තනියම සීතල පැත්තක රවුමක් යනවා කියන එක.. ඒ නිසා bike එකේ යන ගමන් අවට පරිසරය විඳින එක තමයි මගේ ප්‍රධානම අරමුණ වුණේ.. මම නාවලපිටිය town එක පහු කරලා යද්දිම ලොකු වැස්සක් වැස්සා.. town එකේ ලොකු වෙලාවක් මම වැස්ස අඩු කරනකන් හිටපු නිසා මගේ ගමන ටිකක් පරක්කු වුණා.. නාවලපිටියෙන් මාවනැල්ල පාර හරහා බතලේගලට යන එක තමයි මගේ ඊළඟ අරමුණ වුණේ.. යන පාර දෙපැත්ත වචනෙන් කියන්න බැරි තරම් ලස්සන වුණත් යනගමන් තිබුණ වැස්ස නිසා මගේ ෆෝන් එක තෙමාගන්නෙ නැතුව යන්න ඕන නිසාත් මට ඒ පාර දෙපැත්ත ඔයාලට පෙන්නන්න විදිහක් තිබුණෙ නෑ.. යන මඟ කඳු වල තියෙන පස් පාරටම කඩන් වැටෙනවා මම දැකපු නිසා බතලේගල ගිහින් risk එකක් ගන්න මට මට ඕන වුණේ නෑ.. ඉතින් මම ඒ වෙනුවට යන්න තෝරගත්ත තැන තමයි දෙවනගල .. ඔයාලට වැඩිදුර විස්තර video එකෙන් බලන්න පුලුවන්.. දෙවනගල කියන්න ලොකු ඉතිහාසයක් තියෙන ගොඩක් ප්‍රසිද්ධ නැති ඒත් ගොඩක් ලස්සන තැනක්.. වැස්ස දවස්වලට ටිකක් ලිස්සනවා ඒත් පරිස්සමෙන් ගියොත් ප්‍රශ්ණයක් නැතුව යන්න පුලුවන්.. වැස්ස දවස්වල ඇරෙන්න අනිත් ඕනම දවසම පොඩි ළමයි එක්ක වුණත් යන්න පුලුවන් ලස්සනම ඓතිහාසික තැනක්.. ඒ වගේම ලේසියෙන්ම තරණය කරන්න පුලුවන් කන්දක්.. මාවනැල්ල හරහා දෙවනගලට යනකොට අම්බුලුවාව , බතලේගල වගේ තැන් ඔයාලට දැකගන්න පුලුවන් ඉතින් මම තව විස්තර ලියන්නෙ නෑ..ඔයාලට video එකෙන් බලන්න පුලුවන් මම ගිය ගමන මොන තරම් නම් ලස්සනයිද කියලා..

https://youtu.be/GLrE1bg-YpU?si=AQXIGGAgIk4vB4cq
26/11/2023

https://youtu.be/GLrE1bg-YpU?si=AQXIGGAgIk4vB4cq

මම මේ ගමන උදේ 8ට විතර නුවරින් පිටත් වුණා.. නුවරින් ගම්පොල හරහා නාවල පිටියට යන එක තමයි මගේ අරමුණ වුණේ.. මොකද මගේ තිබුණ .....

15/11/2023

මම මේ ගමන යන්න පිටත් වෙලා කොළඹින් බස් එකට නැග්ගෙ පාන්දර 5.30ට විතර.. කොළඹින් කෙලින්ම නුවර බස් එක අරන් නුවරට ගියා . නුවර ඉඳන් මම මගේ නුවර ඉන්න යාළුවෙක්ගෙ bike එකේ තමයි මාවනැල්ලට ගියේ.. මම ගෙදරින් යද්දි නම් plan කරන් ගියේ උදේ උතුවන් කන්දට ගිහින් හවස bible rock යනවා කියලා.. ඉතිං මම නුවර ඉඳන් කෑගල්ල කොළඹ මාර්ගය හරහා මාවනැල්ලට ඇවිත් තමයි සරදියෙල් ගම්මානයට ඇතුල් වුණේ.. ඔයාලට ඒ ටික video එකෙන් බලා ගන්න පුලුවන්.. මම වැඩි විස්තර මේකෙ ලියන්නෙ නෑ ඒ නිසා.. ඉතින් මම උතුවන්කන්ද නඟින්න පටන් ගත්තෙ හොඳට ඉර එළිය තියෙන උදේ වරුවක .. මම bike එක ඒ කිට්ටුව තැනකින් දාලා උදේ 10.30ට විතර මම මේ කන්ද නඟින්න පටන් ගත්තා.. හිතපු තරම් ලේසි වුණේ නෑ වැඩේ.. ඒකට එක හේතුවක් තමයි මිනිස්සු මේ තැනට පැමිණීම දැන් අතහැර දමා තිබෙන නිසා සහ බලදාරීන්ගේ අවදානය මෙම ඓතිහාසික ස්ථානයට යොමු නොවනත් නිසා මේ වන විටත් මෙම ස්ථානයට යන පාර සහ ඒ අවට වනබත් වෙමිනුයි පවතින්නෙ.. ඒ වගේම මට මේ ගමන අසීරු වෙන්න තවත් හේතුවක් තමයි මේ දවස් වල ලංකාව පුරා හවස්කාල වල පවතින අධික වර්ෂාව.. මම ගියේ උදේ කාලයක වුණත් එදිනට පෙර දින ලංකාව පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් ඒ වන විටත් පස් තෙත් වී තිබූ නිසා මම උඩට පය තබන බොහෝ වේලාවන් වල යළිත් පහලට මාව ලිස්සා යාම හේතුවෙන් මේ ගමන මට හිතුවටත් වඩා අසීරු වුණා.. වර්ෂාව හේතුවෙන් කැලයද බොහෝ සෙයින් වැඩී තිබූ ණිසා මට සරදියෙල් කන්ද එහෙමත් නැත්නම් උතුවන්කන්ද පෙනි පෙනී තිබියදීත් උඩට නඟින්න එක පාරක් හොයාගන්න නොහැකිව පැය ගණනාවක් අතරමං වුණා.. අමාරුවෙන් කැළෑව පීරගෙන ගල ලඟට ගියත් උඩට නඟින්න තැනක් හොයා ගන්න මට ලොකු වෙලාවක් කැලය ඇතුලෙ සක්මන් කරන්න වුණා ඒ හේතුව නිසා මට bible rock යන්න වුණේනෑ.. ඉතිං වැඩි විස්තර video එකෙන් බලාගන්න පුලුවන් ඔයාලට..
Full YouTube video- https://youtu.be/r89pTH9jlY0?si=BQaoX-oBbx2cbdex

https://youtu.be/r89pTH9jlY0?si=e2R3baBqfTk0NQ4b
15/11/2023

https://youtu.be/r89pTH9jlY0?si=e2R3baBqfTk0NQ4b

මම මේ ගමන යන්න පිටත් වෙලා කොළඹින් බස් එකට නැග්ගෙ පාන්දර 5.30ට විතර.. කොළඹින් කෙලින්ම නුවර බස් එක අරන් නුවරට ගියා . නුවර ...

25/10/2023

❤️

25/10/2023

❣️

25/10/2023

මට මම නොවී ඉන්න ලෝකෙන් ඉඩක් නොදෙන...
ඈතට වෙලා අපිම අපි වී ඉතිං..🌻💜️

ආදරණීය අපේ උන් එක්ක...🌻

Within three days we traveled 666km by bike..🖤

First day - 03/06/2023
Colombo➡️ Kandy➡️Alawatugoda

The second day - 04/06/2023 Alawatugoda➡️Matale➡️Kandy➡️Ratnapura➡️Avissawella

Last day- 05/06/2023
Avissawella➡️Kandy➡️Colombo

බොහෝ හරිත වර්ණ මනරම් දසුන් ඇසින් නොඅඩුව විදීමට අවැසි වූ නිසා කැමරා කාචයට අසුවූ තැන් බොහොම සීමිතය.. කැමරාව තුළ සටහන් වූ දේට වඩා සිත තුළ සටහන් වූ දර්ශන අගනේය..🖤 මනරම්ය...

25/10/2023

මල් සමය කිසි දිනක නිම නොවෙනු ඇත.... 🥰☘️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Feet With Sandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share