Traveler's manual

  • Home
  • Traveler's manual

Traveler's manual Our overall objective is to create knowledgeable travelers, a person who respects local culture and nature. We wish to promote Sri Lankan tourism worldwide.

Bekers Bend | Belihuloya සබරගමු පලාතේ බලංගොඩ , බෙලිහුල් ඔය ප්‍රදේශයේ සංචාරය කරන සංචාරකයන් යා යුතුම සුන්දර ගමනාන්තයක් ලෙස...
29/11/2022

Bekers Bend | Belihuloya

සබරගමු පලාතේ බලංගොඩ , බෙලිහුල් ඔය ප්‍රදේශයේ සංචාරය කරන සංචාරකයන් යා යුතුම සුන්දර ගමනාන්තයක් ලෙස Bekers Bend හැදින්විය හැක.

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලංගොඩ නගරයේ සිට කිලෝ මීටර 18ක් පමණ බදුල්ල දෙසට ගමන් කරන විට ගලගම නගරය පසුකර මද දුරක් ගිය විට හමුවන නන්පේරියල් මාර්ගය තුල ඉහලට යාමේදී ඔබට මෙම ගමනාන්තයට ලගාවිය හැක.

නන්පේරියල් ප්‍රදේශය ඔබට හමු වේ.නන්පේරියල් මාර්ගය ආරම්භ වන ස්ථානය නන්පේරියල් හංදිය ලෙස හදුන්වනු ලබන අතර එම හංදියේ සිට පටන් ගැනෙන නන්පේරියල් ප්‍රදේශය ඔබව වෙනම සුන්දර ලොවකට රැගෙන යයි. මෙම මාර්ගය ඔස්සේ ඉහළට ගමන් කරන විට අප නැරඹුම් ස්ථානය වන බේකර්ස් බෙන්ඩ් දැක ගත හැකි වේ.

නන්පේරියල් මාර්ගයේ ගමන් කරන ඔබට අතිශය මනරම් දියඇලි කිහිපයක් නැරඹීමට ද අවස්ථාව උදා වන අතර වංගු රැසකින් යුක්ත මෙම මාර්ගයේ හමුවන විශාල වංගු සදහා අංක ලබා දී ඇති අතර 23 වන වංගුව අද අපගේ සංචාරක ගමනාන්තය වන බේකර්ස් බෙන්ඩ් 23 වන වංගුව යි.

මුහුදු මට්ටමේ සිට මීටර් 1700 (අඩි 5000) පමණ ඉහළින් පිහිටා ඇති මෙම ස්ථානයේදී අතීතයේ සැමුවෙල් බේකර් නම් සුදු ජාතිකයා ඔහුගේ අශ්වයාගේ වේගය පාලනය කරගත නොහැකිව මෙම වංගුවෙහි බෑවුමෙන් පහලට වැටී මිය ගොස් ඇති බැවින් මෙම ස්ථානයට Bekers Bend යන නම ලැබී ඇතිබවයි සදහන් වන්නේ.

(සටහන -: Traveler’s manual Team)

ඡායාරූප වල හිමිකම මුල් අයිතිකරුවන් සතු වේ. එබැවින් එහි සියලු ගෞරවය ඔවුන්ට හිමි වේ.

Brakers bend is One of the best tourist destinations in Sabaragamuwa province in Sri Lanka. Baker's Bend is located on the upper side of the Non Pareil Estate, bordering the famous Horton Plains Wildlife Reserve. This viewpoint offers a wonderful view of the local lowlands towards the Indian Ocean, as well as the Butterfly Lake reservoir which can be seen from this vantage point on a clear day. This picturesque bend is surrounded by some beautiful hills of Lokantha range.

Samuel Baker - planter, settler and founder of Nuwara Eliya (known as Little England), legend has it that his horse-drawn carriage crashed and died at this bend.

🇱🇰

laxapana falls | Maskeliyaනුවරඑළිය දිස්ත්‍රික්කයේ  අඹගමුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පිහි‍ටා ඇති මෙම දිය ඇල්ල  මීටර් 125ක...
27/11/2022

laxapana falls | Maskeliya

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පිහි‍ටා ඇති මෙම දිය ඇල්ල මීටර් 125ක උසකින් යුක්ත වන අතර එය ශ්‍රී ලංකාවේ 8 වෙනියාට උසම දිය ඇල්ල ලෙස සැලකේ.
සමනළ කන්දෙන් ආරම්භව කැළණි ගඟට වැටෙන මස්කෙළිය ඔයෙන් මෙම දියඇල්ල නිර්මාණය වේ.
සාපේක්ෂව බැලූකල ලක්ෂපාන ඇල්ල පිහිටා ඇත්තේ තරමක් රට මැදට වන්නටය.

ලගාවිය හැකි මාර්ග -:

කොළඹ – ගිනිගත්හේන මාර්ගයේ කළුගල හන්දියෙන් හැරී කෙහෙල්ගමුවල හඟරාපිටිය හරහා කොත්තැල්ලෙන ගමට ගොස් කිලෝමීටරයක පමණ දුරක් අඩි පාරක් දිගේ ගොස් ලක්ෂපාන දියඇල්ල නැරඹිය හැකිය.
කළුගල හන්දිය යනු කිතුල්ගල ප්‍රදේශය පසුවෙනවාත් සමඟම ඇති හංදියයි.

හැටන්, මස්කෙළිය හරහා කිරිවන්එළියට පැමිණීමෙන්ද දිය ඇල්ලට සමීප විය හැකිය.
ගිනිගත්හේන සිට ශ්‍රීපාද මාර්ගයේ පැමිණ නෝටන්බ්‍රිජ් හරහා කිරිවන්එළිය ගමට පැමිණීමෙන්ද දිය ඇල්ල නැරඹිය හැකිය.

නෝටන්බ්‍රිජ් හරහා පැමිණෙන්නේ නම් ඔබට දිය ඇල්ල පාමුලට ගොස් දිය ඇල්ල බලනවා මෙන්ම මුදුනට ගොස් දිය ඇල්ල මුදුනේ සිට පහළ බැලීමේ හැකියාව පවතී.

ශ්‍රී ලංකාවේ වාර්ශික වර්ෂාපතනය වැඩිම ප්‍රදේශය පිහිටා තිබෙන්නේ ද අඹගමුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය තුල විම නිසා මෙම දිය ඇල්ල වසරේ වැඩිම කාලයක් ජලයෙන් පෝෂණය වී ඇද හැලේ.

ගල් ලක්ෂයක් අතරින් ගලා යන ඇල්ල යන අරුතින් ලක්ෂපාන වූවා යැයි සමහර ජනප්‍රවාදවල මේ ඇල්ල පිළිබඳ සදහන්ව තිබේ.

තවත් ජනප්‍රවාදයක කියැවෙන්නේ ලක්ෂපාන ජල විදුලි බලාගාරය පිහිටුවීම හේතුවෙන් පහන් ලක්ෂයක් දල්වන්නට අවැසි විදුලිය උත්පාදනය කිරීම නිසා පහන් ලක්ෂය යන අරුතින් ලක්ෂපාන වූවා කියායි.

පිහිටීම-: හැටන්
උස-: මීටර 126
ජල මූලාශ්‍රය-: මස්කෙළිය ඔය
උස අනූව ලෝකයේ ස්ථානය-:625

Laxapana Falls is 126 m high and the 8th highest waterfall in Sri Lanka and 625th highest waterfall in the world. It is situated in Maskeliya area in Nuwara Eliya District, about 16 km from Maskeliya town on Maskeliya-Norton Bridge road, in a village called Kiriwan Eliya.

ඡායාරූප වල හිමිකම මුල් අයිතිකරුවන් සතු වේ. එබැවින් එහි සියලු ගෞරවය ඔවුන්ට හිමි වේ.


Karma By Hila | Digana මහනුවර දිස්තිකයේ දිගන ප්‍රදේශයේ පිහිටා තිබෙන Karma By Hila නිවාඩු නිකේතනය වික්ටෝරියා ජලාශයේ මෙන්ම...
26/11/2022

Karma By Hila | Digana

මහනුවර දිස්තිකයේ දිගන ප්‍රදේශයේ පිහිටා තිබෙන Karma By Hila නිවාඩු නිකේතනය වික්ටෝරියා ජලාශයේ මෙන්ම සුන්දර කන්දක දසුන් නරඹමින් තම නිවාඩුව ගත කරන්නට කැමති සංචාරකයන්ට කදිම නවාතැන්පලකි.

Phone number-:+94 (77) 329 9449
Whatsapp - https://wa.me/message/P6PTA7Q6K7RIO1

(සටහන -: Traveler’s manual Team)

ඡායාරූප වල හිමිකම මුල් අයිතිකරුවන් සතු වේ. එබැවින් එහි සියලු ගෞරවය ඔවුන්ට හිමි වේ.

🇱🇰

Living heritage koslanda | Haputhale Living heritage koslanda පිහිටා තිබෙන්නේ මධ්‍යම කදුකරයේ ය. අක්කර 80කට හිමිකම් කියන ...
25/11/2022

Living heritage koslanda | Haputhale

Living heritage koslanda පිහිටා තිබෙන්නේ මධ්‍යම කදුකරයේ ය. අක්කර 80කට හිමිකම් කියන මෙම හෝටලයේ විශාල වනාන්තරයක් මෙන්ම දිය ඇල්ලක් ද තිබේ.

මෙහි infinity pool එකත් එහි තිබෙන panoramic view එකත් පහලින් පිහිටා තිබෙන කුඹුරු යායත් ඉතාමත් අලංකාරය.
මෙම හෝටලයේ දී ශ්‍රි ලාංකික ආහාර මෙන්ම බටහිර ආරයේ ආහාර ද ලබා ගත හැකි වේ.

මෙහි කාමර වර්ග 3ක් තිබේ.
-luxury villa suites
-pepper garden cottage
-forest pavilions

Living heritage koslanda හෝටලයට පැමිණෙන අයෙකුට

- දිය නෑමට දිය ඇල්ලක හැකි වන අතර එහි සිට දහවල් ආහාරය ලබා ගරනිමට හැකි වේ.
-වනය තුල ස්වාභාවික අසිරිය විදිමට ද අවස්ථාවක් ලැබේ.

සංචාරකයන් අතර වර්තමානයේ දි මෙම හෝටලය ප්‍රචලිත වෙමින් පවතී.

මෙහි සිට උඩු දියලුම , දියලුම ඇල්ල , හපුතලේ, වැල්ලවාය යන ස්ථාන වලට පහසුවෙන් ලගා විය හැකිය.

(සටහන -: Traveler’s manual Team)

(අවසරයකින් තොරව උපුටා දැක්වීමෙන් වළකින්න.)

ඡායාරූප වල හිමිකම මුල් අයිතිකරුවන් සතු වේ. එබැවින් එහි සියලු ගෞරවය ඔවුන්ට හිමි වේ.

Living Heritage Koslanda is a perfect blend of a beautiful, intimate and traditional accomodation, a maginicent surrounding including a pool with stunning view and private waterfalls .

Living Heritage Koslanda consists of a central reception area, with three open-sided, roofed houses, known as Ambalamas, for relaxing and dining. There are a total of six rooms at the hotel, each furnished with tasteful antiques and have a private courtyard, outdoor whirlpool bath and hot water garden shower.

There is a beautiful infinity swimming pool looking out over amazing views with all the convenience of changing rooms, a bar and barbecue area. For the more adventurous there is also a waterfall with three natural pools suitable for swimming, which is a 45-minute hike through the forest to reach.

Booking-: https://www.koslanda.com/

Address: Egodawatte Estate, Naulla, Koslanda, Sri Lanka.

Mobile: +94 (0) 779 355 785

E-mail: [email protected]

තල්පෙ බීච් /Thalpe Beach Sri Lanka 🇱🇰🌊💧🏊⛱️⛅ගාල්ල නගරයේ සිට 10 Km පමණ දුරින් පිහිටා ඇති මෙම වෙරළ තීරය , දකුණු වෙරළ තීරයේ ...
15/11/2021

තල්පෙ බීච් /Thalpe Beach
Sri Lanka 🇱🇰🌊💧🏊⛱️⛅

ගාල්ල නගරයේ සිට 10 Km පමණ දුරින් පිහිටා ඇති මෙම වෙරළ තීරය , දකුණු වෙරළ තීරයේ ඇති සුන්දරම වෙරළ තීරයන්ගෙන් එකකි. මෑත කාලයේ දේශිය සංචාරකයන්ගේ වැඩි ආකර්ශනයක් දිනා ගැනීමට මෙම වෙරළ තීරය සමත් වූ අතර මෙහි ඇති කැපී පෙනෙන සුවිශේෂිත්වය එයට හේතු වන්නට ඇත. මෙහි ඇති සුවිශේෂිත්වය වන්නේ ස්වාභාවිකව නිර්මාණය වූ ගල් තටාක කිහිපයක් පිහිටා තිබීමයි.
මෙම තටාක වල අවුරුදු 60 කට පමණ පෙර කාලයේ පොල් ලෙලි පොගවා කොහුබත් ලබාගැනීම සද්හා භාවිතා කල බව මෙහි වසන ජනයා පවසයි.

කොළඹ නගරයේ සිට පැමිණෙන ඔබට දුම්රියෙන් පැමිනෙන්නේ නම් තල්පෙ දුම්රිය ස්ථානයෙන් බැස 500m පමණ දුරක් මාතර දෙසට පයින් ගමන් කල විට මෙම වෙරළ තීරය වෙත ලගා විය හැක. එසේ නොමැති නම් Highway බස් රථයකින් ගාල්ල නගරයට පැමිණ මාතර දෙසට ගමන් කරන බසයක නැග තල්පෙ වෙරළ තීරය අසලින් බැස වෙරළ තීරයට ලගා විය හැක.

(සටහන -: Traveler’s manual Team)

ඡායාරූප වල හිමිකම මුල් අයිතිකරුවන් සතු වේ. එබැවින් එහි සියලු ගෞරවය ඔවුන්ට හිමි වේ.

ThalpeBeach is situated in the Southern province of Sri Lanka, about 10km away from the city of Galle.

There are so many natural rock pools here that anyone can bath freely.
According to the people live in here these rock pools were cut out of the corals about 50 or 60 years ago and at that time those ponds was used to soak coconut husks in order to separate the coconut coir.
You can reach here by bus or by train.
If u come by train you can directly get down from the Thalpe station and you have to walk about 600M. And if u come by bus you can get a highway bus to Galle & then has to take a bus towards Matara and then u can get down near the thalpe beach.



Gal Oya Lodge | Sri Lanka 🇱🇰 ගල් ඔය වනෝද්‍යානය මෑතකදී සංචාරකයන් අතර ජනප්‍රිය වුන තවත් එක් සොදුරු ඉසව්වක් යාල විල්පත්තුව ...
10/11/2021

Gal Oya Lodge | Sri Lanka 🇱🇰

ගල් ඔය වනෝද්‍යානය මෑතකදී සංචාරකයන් අතර ජනප්‍රිය වුන තවත් එක් සොදුරු ඉසව්වක් යාල විල්පත්තුව තරමට කාර්යබහුල නොවුනත් සුන්දරත්වය අතින් ඒ කිසිවකටත් නොදෙවෙනි පාරාදීසයක්.

ඉදින් එම පාරාදීසයේ සිරි නරබන ඹබගෙ විඩාව නිවන අති සොදුරැ නැවතුම බවට පත් වනු බව නිසැකයි.

ඒ වාගේම ආදිවාසීන්ට තෝතැන්නක් මෙන්ම ගල් ඔය ජලාශයේ පිහිනා එගොඩ වන අලි ඇතුන් ඔබගේ සොදුරු අත්දැකීම තවත් වර්නවත් කරනු නියතයි.

Gal Oya Lodge is a unique Sri Lanka ecolodge spread across 20 acres of private jungle. Take your time enjoying this natural paradise through the experiences we offer, which include a walk with our Vedda neighbours, one of the last remaining communities of the forest-dwelling, indigenous people of Sri Lanka.

Follow link in bio to find out more or email [email protected]
Call: +94 (0)76 842 4612

🇱🇰

The Barnhouse | Panadura රබර් වත්තක තුල පරිසරයට අනුකූල  විදිහට නිර්මාණය කර තිබෙන The Barnhouse එක කාර්යබහුල ඔබට ඉන් මිදී...
31/10/2021

The Barnhouse | Panadura

රබර් වත්තක තුල පරිසරයට අනුකූල විදිහට නිර්මාණය කර තිබෙන The Barnhouse එක කාර්යබහුල ඔබට ඉන් මිදී විඩාව නිවා ගැනිම සදහා අපුරු නවාතැන්පලක්

chalets 3ක් සහ rooms 2ක් සහ outdoor pool, restaurant එකකින් සමන්විතය

පානදුර අවට පිහිටා තිබෙන තියෙන The Barnhouse හි location එක Weddings, pre shoot, Outdoorevent සදහා සුදුසුම ස්ථානයක්.

Address-: No 155/9, 2nd Lane, Galpotta Road,�Kiriberiya, Panadura, Sri Lanka.

Email -: [email protected]

Phone numbers-:
+94 38 2247799
+94 70 2983173

සටහන -: Travelers manual Team
📷credit to the respective owner

The architecture of The The architecture of The Barnhouse has been constructed to harmoniously blend in with its environment rather than impede the beauty of its natural surrounding, giving the picturesque location a unique personality that fascinates each and every one of its guests.

The Barnhouse with its idyllic location and unique personality is the ultimate setting for some of life’s greatest moments, and we created incredible memories for guests on their ‘once in a lifetime’ journey.

Address-: No 155/9, 2nd Lane, Galpotta Road,�Kiriberiya, Panadura, Sri Lanka.

Email -: [email protected]

Phone numbers-:
+94 38 2247799
+94 70 2983173


උඩමාල කන්ද තරණය  | Udamala Mountain නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක මායිමේ පිහිටා ඇත. උස මීටර 1850 කි. මෙම කන්ද ආශ්‍රිතව...
16/10/2021

උඩමාල කන්ද තරණය | Udamala Mountain

නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක මායිමේ පිහිටා ඇත. උස මීටර 1850 කි.

මෙම කන්ද ආශ්‍රිතව ලංකාවට ආවේණික සතුන් සහ ශාක විශාල ප්‍රමාණයක් දැකගත හැක. මෙම කන්ද මුල් මුල් කාලෙ "නරබූටාගල" යන නමින් හඳුන්වා තිබේ.

සම්පුර්ණ විස්තරය 👇🏻
https://youtu.be/SAaZXNt5WlI


The Plains Green Bungalow | Ambewela අම්බෙවෙල කඳු වැටියක් මධ්‍යයේ තැනිතලා භුමියක පිහිටා ඇති මෙම සුන්දර නවාතැන්පල අක්කර 3...
18/09/2021

The Plains Green Bungalow | Ambewela

අම්බෙවෙල කඳු වැටියක් මධ්‍යයේ තැනිතලා භුමියක පිහිටා ඇති මෙම සුන්දර නවාතැන්පල අක්කර 30 ක විශාල භූමි ප්‍රමාණයකට උරුමකම් කියයි.
අවට ඇති සුන්දර භූ දර්ශනය සමඟ බාධාවකින් තොරව මුසු වෙමින් විවේකීව නිදහසේ තම නිවාඩුව ගත කරන්නන් හට මෙය සොදුරු තෝතැන්නක් වේ.
මල්, කුළුබඩු, බෙහෙත් පැළෑටි,පලතුරු, එළවළු සහ තේ වලින් සමන්විත අලංකාර උද්‍යාන වලින්ද මෙම හෝටලය සමන්විත වේ.
සොබාදහමට ආදරය කරන්න සංචාරකයන් සදහා මෙය සඳහා කදිම ගමනාන්තයක්.

මෙම හෝටලය ඉදිකිරීමේදී පරිසර හිතකාමී ක්‍රමවේදයන් භාවිතා කර ඇති අතර පරිසර හිතකාමි ක්‍රමවේදයන් අනුගමනය කරමින් කළමනාකරණ හා පරිපාලන කටයුතු සිදු කර ගෙන යයි.

විදුලිය උත්පාදනය වන්නේ සුළං ටර්බයිනය සහ සූර්ය බලශක්තිය හරහා වන අතර තෙත් හා වියළි අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම සිදු වන අතර සොබාදහමට අවම බලපෑමක් ඇති කරයි.

මෙහි පැමිණෙන සංචාරකයන් හට තවාන් වල ඇති නැවුම් පලතුරු හා එළවළු පමණක් භාවිතා කරමින් විවිධාකාර චට්නි, අච්චාරු සහ වෙනත් රසකැවිලි සමඟ ගෘහස්ථව පිළියෙළ කරන ලද රසවත් ආහාර වේලක රස භුක්ති විඳිය හැක.

වෙන් කරගැනීමට -: https://www.booking.com/hotel/lk/the-plains-green-bungalow.html

Located in Ambewela, The Plains Bungalow is a perfect starting point from which to explore Nuwara Eliya. The property features a wide range of facilities to make your stay a pleasant experience. Free Wi-Fi in all rooms, express check-in/check-out, luggage storage, Wi-Fi in public areas, car park are there for guest's enjoyment. All rooms are designed and decorated to make guests feel right at home, and some rooms come with television LCD/plasma screen, carpeting, linens, mirror, slippers. Entertain the hotel's recreational facilities, including hot tub, hot spring bath, golf course (within 3 km), garden, water sports (motorized). The Plains Bungalow combines warm hospitality with a lovely ambiance to make your stay in Nuwara Eliya unforgettable.

🇱🇰

බසවක්කුලම වැව | අනුරාධපුරබසවක්කුලම වැව නොහොත් අභය වැව වැව් බැදි රාජ්‍යයේ ප්‍රථම වැව ලෙස සැලකේ. පණ්ඩුකාභය රජතුමා විසින් ...
15/08/2021

බසවක්කුලම වැව | අනුරාධපුර

බසවක්කුලම වැව නොහොත් අභය වැව වැව් බැදි රාජ්‍යයේ ප්‍රථම වැව ලෙස සැලකේ. පණ්ඩුකාභය රජතුමා විසින් නිර්මාණය කර ඇති මෙය ශ්‍රී ලංකාවේ වාරිමාර්ග පද්ධතියේ ආරම්භය ලෙස සළකන අතර කෙසේ වෙතත් මේ සදහා විවිධ මතයන් පවතී

අක්කර 265ක භූමි ප්‍රමාණයක් පුරා පැතිරී පවතින බසවක්කුලම වැවේ ධාරිතාවය අක්කර අඩි 1900ක් පමණ වන අතර වැව් බැම්මේ දිග අඩි 3900කි.මෙහි සාමානය ගැඹුර අඩි 15 1/2 කි.

අභය වැව මගින් අක්කර 916ක ප්‍රමානයක් පෝෂණය කරන අතර තවද අනුරාධපුරයට පැමිණෙන වන්දනා කරැවන්ගේ අවශ්‍යතා ඉටු කර මහගු සේවාවක් මෙම වැව මගින් සපයයි.

(සටහන -: Traveler’s manual Team)

ඡායාරූප වල හිමිකම මුල් අයිතිකරුවන් සතු වේ. එබැවින් එහි සියලු ගෞරවය ඔවුන්ට හිමි වේ.

රිවස්ටන්වල  | Riverstone  අතිතයේ දා ලංකාව පාලනය කල බටහිර ජාතිකයන් විසින් මෙම ප්‍රදේශය හදුන්වනු ලැබුවේ "re western ලෙසය ....
13/08/2021

රිවස්ටන්වල | Riverstone

අතිතයේ දා ලංකාව පාලනය කල බටහිර ජාතිකයන් විසින් මෙම ප්‍රදේශය හදුන්වනු ලැබුවේ "re western ලෙසය . එයට හේතු වුයේ ඔවුන්ගේ රටවලට සමාන දේශගුනයක් පැවතිමය. නමුත් අද වන විට රිවස්ටන් ලෙස හදුන්වන අතර සංචාරකයන් අතර ප්‍රචලිත ප්‍රදේශයකි.

මාතලේ සිට 28 km පමණ දුරක් ගෙවමාන් රත්තොට හරහා රිවස්ටන් වෙත ලගාවිය හැක.(පැය 1 1/2පමණ ගත වේ)

මෙම ප්‍රදේශය නකල්ස් රක්ෂියට අයත් වන අතර මුහුදු මට්ටමේ සිට 1265m උසින් පිහිටා ඇත.
රිවස්ටන් හී දේශගුණය හෝටන්තැන්නට සමාන වේ.
පිටවල පතන අවසානයේ පුංචි ලෝකාන්තයක් තිබෙන අතර එය පාටවල පතන නිර්මානය වි ඇත්තේ ග්‍රැනයිට් පාෂාණය මගිනි.මෙම ස්ථානයේ බහුලවම තෘණ ශාක පිහිටා තිබේ.

(සටහන -: Traveler’s manual Team)

ඡායාරූප වල හිමිකම මුල් අයිතිකරුවන් සතු වේ. එබැවින් එහි සියලු ගෞරවය ඔවුන්ට හිමි වේ.
Yashoda edirisinghe & others


KINGS LANDING UNAWATUNA | UNAWATUNA BEACH සංචාරක ආකර්ශනය දිනාගත් උනවටුන වෙරළට ආසන්නයෙන් පිහිටා ඇති KINGS LANDING UNAWATU...
12/08/2021

KINGS LANDING UNAWATUNA | UNAWATUNA BEACH

සංචාරක ආකර්ශනය දිනාගත් උනවටුන වෙරළට ආසන්නයෙන් පිහිටා ඇති KINGS LANDING UNAWATUNA නවාතැන්පල, උනවටුනේ සංචාරය කරන ඔබට කදිම නවාතැන්පලක් ලෙස හැදින්විය හැක.

කාමර 4 කින් සහ පිහිනුම් තටාකයකින් සමන්විත KINGS LANDING UNAWATUNA හි සම්පුර්ණ නවාතැන්පල rs.30,000 කට වෙන්කරවා ගත හැක.

සම්පුර්ණ නවාතැන්පලම වෙන්කරවා ගැනිමේදී,

⭐️ BED & BREAKFAST 35,000/=

⭐️ HB 45,000/=

⭐️ FB 55,000/=

BOOK 2 NIGHTS AND GET 10% DISCOUNT

T/P -: 077 96 123 98

(සටහන -: Traveler’s manual Team)

කබරගල | ගම්පොලදොලොස්බාගේ කදු පන්තියේ උසින් වැඩිම ස්ථානය ලෙස කබරගල හැදින්වේ. මුහුදු මට්ටමේ සිට උස අඩි 1506 කින් පිහිටා ඇත...
03/08/2021

කබරගල | ගම්පොල

දොලොස්බාගේ කදු පන්තියේ උසින් වැඩිම ස්ථානය ලෙස කබරගල හැදින්වේ. මුහුදු මට්ටමේ සිට උස අඩි 1506 කින් පිහිටා ඇති මෙම ස්ථානය වර්තමානයේදී රාත්‍රි කදවුරු බදින්නන් අතර ප්‍රචලිත ස්ථානයක් වී තිබේ.

එමෙන්ම නොහොබිනා සංචාරකයින් නිසා මෙම සුන්දර පරිසර පද්ධතිය දිනෙන් දින විනාශ වන බැවින් එම පරිසර පද්ධතිය ‍රැක ගෙන සංචාරය කරන්න .

මෙම කන්දට මෙම නම පටබැදීමට හේතුව ලෙස මෙම කන්ද දර්ශනය වන්නේ කට ඇරං ඉන්න කබරයෙක් ගේ හරස්කඩක් මෙන් වීම බවට මතයක් පවතිනවා.

කදු මුදුනට අම්බුලුවාව කොත්මලේ ජලාශය මහවැලි මහා සෑය මෙන්ම සිරිපාදයද දැක ගත හැකිය.

ගමන් මාර්ගය-:

කොළඹ-> අවිසාවේල්ල-> රුවන්වැල්ල -> දේදුගල -> දොලොස්බාගේ-> මේරිවිල හංදිය

(සටහන -: Traveler’s manual Team)

ඡායාරූප වල හිමිකම මුල් අයිතිකරුවන් සතු වේ. එබැවින් එහි සියලු ගෞරවය ඔවුන්ට හිමි වේ.
• Busy travelers -: https://www.facebook.com/media/set/?set=a.1886265868196913&type=3

Malu Malu Resort & Spa | PasikudaMalu malu resort එක පිහිටා තියෙන්නේ පාසිකුඩා එනම් නැගෙනහිර පලාතේ මඩකලපුව ප්‍රදේශයට ආසන්...
01/08/2021

Malu Malu Resort & Spa | Pasikuda

Malu malu resort එක පිහිටා තියෙන්නේ පාසිකුඩා එනම් නැගෙනහිර පලාතේ මඩකලපුව ප්‍රදේශයට ආසන්නයේ ය . මඩකලපුවේ සිට 35km පමණ දුරකින් මෙම හෝටලය පිහිටා තිබේ.

මුහුද දෙසට මුහුණලා යෝග කිරිමට ස්ථානයකුත් spa එකක් සහ එලිමහන් pool එකක් යන ප්‍රධාන අංග කිහිපයකින් සමන්විත වේ.
Malu Malu resort එක නිර්මාණය කර තිබෙන්නේ ‘වාඩිය’ යන සංකල්පයට අනුවය. Wooden chalets මෙම හෝටලය නිර්මාණයේදි යොදා ගෙන ඇත.

මෙහි කාමර වර්ග 4 කින් සමන්විත වේ.
-Deluxe Rooms
මෙම කාමරයේ queen size double bed එකකින් සමන්විත වන අතර පුද්ගලයන් 1-2 සිටිය හැකිය.
-Deluxe attic rooms
මෙම කාමර වල queen aize bed එකක් සහ අමතර ඇදන් දෙකක් ලමුන් සදහා ලබා ගත හැකි වේ. පුද්ගලයන් 3-4 සිටිය හැකිය.
-Ocean suites
මෙම කාමර සුදුසුම වන්නේ තරුණ couples අතර වේ. මෙම කාමර වල පුද්ගලයන් 1-3 අතර සිටිය හැකිය.
-Panoramic suites
Queen size double beds දෙකකින් සමන්විත වන අතර පුද්ගලයන් 4 කුට පමණ සිටිය හැකිය.

පාසිකුඩා යන සංචාරකයෙකුට
- The old dutch fort
- Batticaloa Bazar
- Batti lagoon park
යන ස්ථානවලත් සංචාරය කල හැකි වේ.

( සටහන -: Traveler’s manual team )

ඡායාරූප වල හිමිකම මුල් අයිතිකරුවන් සතු වේ. එබැවින් එහි සියලු ගෞරවය ඔවුන්ට හිමි වේ.

Maalu Maalu was the first resort to be developed on the then deserted Kalkudah beach in Passikudah and it quickly became one of the go to places in the area. Its iconic thatched chalets are a distinctive sight on the now more populated coastline.

Maalu Maalu is unique. Dried palm and coconut branches are employed in the design to create the look and feel of a luxurious fishing village.

🇱🇰

ඇබර්ඩීන් දියඇල්ල | ගිනිගත්හේනකෙහෙල්ගමු ඔයෙන් පෝෂණය වනු ලබන ඇබර්ඩීන් ඇල්ලේ උස අඩි 322ක් වන අතර එය මීටර් වශයෙන් 98 m වේ.ශ්...
11/07/2021

ඇබර්ඩීන් දියඇල්ල | ගිනිගත්හේන

කෙහෙල්ගමු ඔයෙන් පෝෂණය වනු ලබන ඇබර්ඩීන් ඇල්ලේ උස අඩි 322ක් වන අතර එය මීටර් වශයෙන් 98 m වේ.ශ්‍රි ලංකාවේ 18 වෙනි ස්ථානය හිමි වේ.

නුවර එළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කෙහෙල්ගමුව කඳු පන්තියට ආසන්නව පිහිටා ඇති ඇබර්ඩීන් දියඇල්ල වර්තමානයේදි සංචාරකයන් අතර ප්‍රචලිත වු දිය ඇල්ලක් ලෙස සැලකිය හැකි වේ.

ජල මුලාශය -: කෙහෙල්ගමු ඔය
උස. -: අඩි 322 / 98 m
පිහිටා ඇති ප්‍රදේශය -: ගිනිගත්හේන

(සටහන -: Traveler’s manual Team)

ඡායාරූප වල හිමිකම මුල් අයිතිකරුවන් සතු වේ. එබැවින් එහි සියලු ගෞරවය ඔවුන්ට හිමි වේ.

Aberdeen Falls is a 98 m (322 ft) high waterfall on the Kehelgamu Oya near Ginigathena, in the Nuwara Eliya District of Sri Lanka.

Aberdeen is named after Aberdeen, the third largest city in Scotland and the capital of Aberdeenshire. Kehelgamu Oya is a major tributary of the Kelani River.
(Wikipedia)

Nestwood bungalow | kalawana රත්නපුර නගරයේ සිට 45km පමණ දුරකින් පිහිටා ඇත. ඉතාමත් මනරම් වු පරිසරයකට උරැමකම් කියයි. සිංහර...
04/07/2021

Nestwood bungalow | kalawana

රත්නපුර නගරයේ සිට 45km පමණ දුරකින් පිහිටා ඇත. ඉතාමත් මනරම් වු පරිසරයකට උරැමකම් කියයි. සිංහරාජ වනයෙහි එක් පිවිසුම් ස්ථානයක් වන වැද්දාගල පිවිසුමට 7.5km දුරිකින් පිහිටා ඇත.
මෙහි අවන්හලක් පිහිනුම් තටාකයක් විවේකාගාරයක් සහ උද්‍යානයකින් සමන්විත වේ. Free wifi පහසුකම් ද සපයා ඇත. මෙහි කාමරවල living area , tv හා private bath room කින් යුක්ත ය. සමහර කාමරවල kitchen එකක් ඇති අතර එහි ශිතකරණයක් හා මයික්‍රෝවේව් උදුනකින් සමන්විත වේ.

( විස්තරය -: Traveler’s manual team )

About Nest Wood Bungalow

Nest wood bungalow is located on the top of a mountain peak, surrounded by eye-catching sceneries of a range of mountains. It is a calm and quiet place with a salubrious climate with a cool and gentle breeze.

Nest Wood Bungalow has a restaurant, outdoor swimming pool, a shared lounge and garden in Kalawana. Featuring family rooms, this property also provides guests with a sun terrace. The hotel has an indoor pool and room service and free WiFi throughout the property.

The rooms at the hotel come with a seating area, a flat-screen TV with satellite channels and a private bathroom with a hairdryer and a bidet. Some rooms contain a kitchenette with a microwave and a fridge. All guest rooms have a desk.
A continental breakfast is available each morning at Nest Wood Bungalow.

Ratnapura is 30 miles from the accommodation. The nearest airport is Ratmalana, 62 miles from Nest Wood Bungalow, and the property offers a paid airport shuttle service.

📞 071 932 5995
http://www.nestwoodbungalow.com
https://www.facebook.com/nestwoodbungalow/


💎 🇱🇰

කුරුදු ඔය ඇල්ල​ හෙවත් මතුරට ඇල්ලනුවරඑළිය දිස්ත්‍රික්කයේ,වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුහුදු මට්ටමේ සිට මීටර් 1103ක උ...
30/06/2021

කුරුදු ඔය ඇල්ල​ හෙවත් මතුරට ඇල්ල

නුවරඑළිය දිස්ත්‍රික්කයේ,වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුහුදු මට්ටමේ සිට මීටර් 1103ක උසකින් පිහිටා ඇති කුරුදු ඔය දියඇල්ලේ උස අඩි 676 (206m) කි. ලංකාවේ උසින් දෙවැනි තැන හිමිවන දිය ඇල්ල මෙය වේ.
කුරුදු ඔයෙන් නිර්මාණය වන මෙම ඇල්ල මගින් මහවැලි ගග මෙන්ම රංදෙනිගල ජලාශය ද පෝෂණය කරණු ලබයි.
මෙම දිය ඇල්ල වලපනේ මතුරට පිහිටා තිබෙන නිසා මෙම ඇල්ලට මතුරට ඇල්ල යනුවෙන්ද හදුන්වනු ලබයි. කඳු හෙල් බෑවුමෙන් වට වී තිබෙන මෙම දිය ඇල්ලට ලගා වීමට තරමක් දුශ්කර වේ.

ශ්‍රී ලංකාවේ දෙවනියට උසම ඇල්ල දියලුම ඇල්ල යන්න මතයක් පැවතුනත් එහි මතයන් දෙකක් පවතින නිසා මෙම කුරුදු ඔය ඇල්ල උසින් දෙවෙනි ඇල්ල බව බොහෝ දෙනා පිලිගනී.

නුවර සිට 60Km පමණ දුරින් පිහිටා ඇති මෙම ඇල්ල වලපනේ ජපන් සාම චෛත්‍ය පසු කර එම මාර්ගයේම ටික දුරක් ගමන් කර පසුව තේ වතු මැදින් වැටී ඇති මාර්ගයේ ගමන් කර මෙම ඇල්ලට ලගා විය හැක.

(සටහන -: Traveler’s manual Team)

ඡායාරූප වල හිමිකම මුල් අයිතිකරුවන් සතු වේ. එබැවින් එහි සියලු ගෞරවය ඔවුන්ට හිමි වේ. 📷❤️

Dilushan aththanayake
&
Others

This waterfall is Located in the Nuwara Eliya District. This fall's highest is 189m, and this is the second highest waterfall in the Srilanka. This waterfall is also called as the Maturata Ella. From its source, the Kurundu River, the water cascades down into a deep ravine before later joining the Mahaweli River and Randenigala tank.

This fall located about 60km away from the Kandy. 'Walapane Pease temple' also located near this fall.

කුරුදු ඔය ඇල්ල නැරඹීමට ගිය Travelers Manual කණ්ඩායම නිර්මාණය කල වීඩියෝවක් පහත linkඑකෙන් ඔබට නැරඹිය හැක.

https://youtu.be/KKy3r3zF_qg


මාකෙලි ඇල්ල | බුලත්සිංහලමාකෙලි ඇල්ල කළුතර දිස්ත්‍රික්කයේ හොරණ බුලත්සිංහල ප්‍රදේශයේ පිහිටා තිබේ. ඉතා සුන්දර දිය ඇල්ලක් වන...
26/06/2021

මාකෙලි ඇල්ල | බුලත්සිංහල

මාකෙලි ඇල්ල කළුතර දිස්ත්‍රික්කයේ හොරණ බුලත්සිංහල ප්‍රදේශයේ පිහිටා තිබේ. ඉතා සුන්දර දිය ඇල්ලක් වන අතර දිය නෑමට නම් අනාරක්ෂිත ස්ථානයකි.

දිය ඇල්ල ප්‍රධාන පාරේ සිට 50m පමණ පයින් ගිය විට හමුවේ. ඉතාමත් පහසුවෙන් ලගා විය හැකි ස්ථානයකි. කොලඹ සිට පැය 2කින් පමණ මාකෙලි ඇල්ල වෙත ගමන් කල හැකිය

ගමන් මාර්ගය -:
කොලඹ -> කැස්බෑව -> ගෝනපල -> හොරණ -> බුලත්සිංහල (75km)

(සටහන -: Traveler’s manual Team)

ඡායාරූප වල හිමිකම මුල් අයිතිකරුවන් සතු වේ. එබැවින් එහි සියලු ගෞරවය ඔවුන්ට හිමි වේ.

Pc-: Ruchira prashan
Pc-: stephi_lk ( Instagram)
Pc-: Ashan upekshaka

🇱🇰

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Traveler's manual posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Traveler's manual:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share