11/04/2024
මාදු ගඟ ආශ්‍රිත ජීවත්වන සත්ව විශේෂ ගත් විට ක්ෂීරපායී විශේෂ 18ක් පමණ මේ ආශ්‍රිතව ජීවත් වන බවට සොයා ගෙන තිබේ.කළුවදුරන්, වව්ලන්, මීයන්, දිය බල්ලන්, නරියන්, හදුන් දිවියන් ,ඉත්තෑවන්, මුගටින්, හෝතඹුවන් ,උරුලෑවන්, කලවැද්දන් එම ක්ෂීරපායීන් අතර වේ.එසේම පිඹුරා, ඇහැටුල්ලා, ආහරකුක්කා, නිදිමාපිලා, ගැරඩියා, දිය නයා, තිත් පොළඟා, කුණකටුවා ,ගල් ඉබ්බා, කිරි ඉබ්බා, පළාකටුස්සා, ගරාකටුස්සා, පිනුම්කටුස්සා, කබරගොයා, තලගොයා ආදී උරග හා උභයජීවී සාමාජිකයෝද රැසක් සිටිති. ලෝක සංරක්ෂණ සංගමය සිදුකරන ලද අධ්‍යයනයකදී උරග විශේෂ 28ක් ද උභයජීවී විශේෂ 13ක් ද සිටින බව හෙලි වී තිබේ. එමෙන්ම සමනල විශේෂ 60ක් ද ජලජ ගොළුබෙලි විශේෂ රාශියක් හා කිවුල්දිය හා මිරිදිය මත්ස්‍ය විශේෂ 50ක් පමණද සිටින බව සොයාගෙන ඇත.