02/04/2024
මේක ලිව්වේ ෆ්බී ගෘප් එකකට. මෙතනත් ලියල තියන්ඩ ඕනේ කියල හිතුන...................
---------------------------
මට හිතුණා ඕගොල්ලන්ට පොඩි කාරණයක් ලියලා තියන්න.
මේ ගෘප් එකේ දැන් වැඩි හරියක් ඉන්නේ බිස්නස් කරන කට්ටිය. කැනඩාවට එන්න හදන කට්ටියවත් එහෙම කට්ටියට උදව් කරන අයවත් මේකේ හරිම අඩුයි. එහෙම කැනඩාවට එන්න හදන කෙනෙකුට උදව් කරන බිස්නස් නම් තියෙන්නේ ඒත් කමක් නෑ. හැබැයි වැඩිපුරම තියෙන්නේ ඉඩම් විකුණන ඒවා ගෙවල් විකුණන ඒවා යන්තර මන්තර බලි හූනියම් කරන ඒවා එක්කො තමුන් කියපු සින්දුවක් ප්‍රසිද්ධ කරගන්න හදන ඒවා වගේ දේවල්. මම ගෘප් කීපයකටම ඇඩ් වෙලා බැලුවා. මේ කට්ටිය ඒ හැම ගෘප් එකකටම එයාලගේ ඇඩ් දානවා.
ගොඩක් දෙනා කතා කරන්නේ නම් රට හදන්න, හැබැයි ඊට කලින් තමුන් හැදිලා ඉන්න ඕනේ කියලා හිතන්නේ නෑ. එපා එකයි ඕන එකයි හැම මඟුලම ගිහිල්ලා අනිත් එකාගේ මූනේ උල උල යනවා. සමාජ මාධ්‍ය තුළත් නිකන් තියෙන ෆේස්බුක් එකනේ, ඔන්න ඔහෙ තියෙන ගෲප් ඔක්කොටම ඇඩ් වෙලා මට ඕන දේවල් දාගෙන දාගෙන දාගෙන යනවා කියල හිතනවා ඇති. ඒකෙන් ලොකු තෘප්තියකුත් ලබනවා ඇති මං හිතන්නේ.
තවත් සමහරු ඉන්නවා ඒගොල්ලෝ කැනඩාවට ගියා කියලා කියන්න පුදුම ආසාවක් තියෙන්නේ. හැබැයි එන්නේ ෆේක් ප්‍රොෆයිල් වලින් එහෙම නැත්නම් ප්‍රොෆයිල් ලොක් කරල නැත්නම් දාන්නේ ඇනොනිමස් පෝස්ට්. පොඩ්ඩක් හොයලා බලපුවම මේගොල්ලෝ කැනඩාවෙ නෙමෙයි ඉන්නේ. එහෙම කියන එකෙන් මොනවා බලාපොරොත්තු වෙනවද දෙයියෝ තමයි දන්නේ.
ඒ අතර තවත් කට්ටියක් ඉන්නවා ඕගොල්ලන්ට ජොබ් හොයලා දෙන්න full time, part time ඕන එකක් ඒගොල්ලෝ ලඟ තියෙනවා. හැබැයි එයාලා ෆෝන් නම්බර් එකක් දෙන්න කැමති නෑ. කෝල් එකක් ගන්නවට කැමති නෑ. ඇඩ්රස් එකක් ඇහැව්වොත් බොරු ඇඩ්රස් එකක් දෙන්නේ. වැඩි විස්තර කියන්න ටෙලිග්‍රෑම් කියන ඇප් එකෙන් එන්න කියනවා. ඔය වගේ නැටුම් ගැයුම් වැයුම් කෝටියයි.
මට කියන්න ඕන වුනේ මේකයි. මේ සමාජ මාධ්‍ය ඇතුලේ ඕන තරම් පට්ට හොරු ඉන්නවා. මේක ඇතුලේ එක එක විදිහේ ස්කෑම් තියෙනවා. සයිබර් සිකුරිටි ගැන ලෙක්‌චර් එකක් දෙන්න මගේ බලාපොරොත්තුවක් නෑ මෙතන. හැබැයි හැමතිස්සෙම ඕගොල්ලෝ පරිස්සම් වෙන්න. කවුරුවත් එවන ලින්ක් ක්ලික් කරන්න යන්න එපා. If something is fishy, it probably is!
කියමනක් තියනවා there is no such thing as a free lunch! කියලා. මේ කවුරුත් ඔයාලට ආදරේට කිසිම දෙයක් නොමිලේ කරලා දෙන්න එන්නෙ නෑ. අහුවෙන්න කලින් හොඳට හොයලා බලන්ඩ. පස්සේ දුක් වෙන්ඩ එපා.