20/05/2024
සංචාරක කර්මාන්තයේ ලැබෙන පුංචි විරාමයේ නවකතාවක් කියවමු. "කළුපාට සමනළී" බිංකුණ්ඩෝ ෆේස්බුක් පිටුවෙන් සතිපතා ...
කළුපාට සමනළී - කුළුඳුල් ඉගිලීම
දින ගාණක් එක දිගට වෙහෙසීම, නිදිමැරීම හින්දා අධික තෙහෙට්ටුව හා නිදිමත දැනුණු නිසා ඇඳට විත් නිදාගන්නට සැරසුණද ,
සත්පාලි ට නින්ද වෙනුවට සිතුවිලි අවදි වීම හින්දා ඕ මතක ඔස්සෙ ඇවිදින්නට ගියා...
ඇඳ වියලට කොට්ටයක් තබා ජනේලෙන් එලිය බැලූ සත්පාලිට සුළගට ඔහේ වැනෙන පාලං කොඩිය පෙණුනා.
තමන්ගේ ජීවිතයත් ඔහේ වැනෙන එකක් උණා නේදැයි දැණුනු සත්පාලිට දිගු සුසුමක් පිට උණා.
ඒ සත්පාලිගෙ තාත්තගෙ මරණෙට "සුපිපි මල්" සමිතියෙං දාපු පාලං කොඩි.
හොරතල් පේඩිගේ සුවඳරත්න වූ සත්පාලිගෙ තාත්ත,
සත්පාලිටයි , මල්ලිටයි , නංගිටයි "තාත්ත" ත්
සත්පාලිලෑ අම්මට සුවඳෙ ත්
නෑයොන්ට ,ගමේ උන්ට සුදා ත් උණා.
සුදා ගෙ රස්සාව පොල්ලෙලි ගැහීම මිල්ටන් මුදලාලි ගාව.
සුදා අඩි හයක් තරම් උස කඩවසම් ශක්තිවන්ත මනුස්සයෙක් ඉස්සර.
ඒ කාලේ ගහපු පොටෝ එකක් දාල, මිදුලෙ පොල් ගහේ අලෝල තියෙන මරණ දැන්වීම අතරින් ,
වැඩ ඇරිල ලොකු පතහෙන් මාලුත් අල්ලගෙන
කවදාවත් නොගැලවෙන , අම්මා පෝර උරවලින් කවර්කර මසා දීල තිබ්බ, විට කළ මනා සහ "ජලබෝල" නමින් කා අතරත් ජනප්‍රිය කසිප්පු එහෙමත් නැත්තං හැලි අරක්කු පුරවා ගැටගැපූ ග්‍රොසරි බෑක්කෙකක් දෙකක් දැමූ "සින්ත මල්ල" හැඩල් එකේ එල්ලාගත්,විසිදැල ලැකෙජ් එකේ උඩ තබාගත්, පදින්නට බැරි හින්දා, පවුලේ නිල රතය වූ ලුමාලා බයිසිකලේ තල්ලු කරගෙන ගමේ අරක්කු තිප්පොල වන නිමාලි නැන්දලගෙ ගෙදරින් , අම්මගෙ වචනෙන් කියනව නං "නිමාලියගෙ හුජ්ජ බීල" වැනි වැනී ගෙදර එන තාත්තා සත්පාලිට මැවී පෙනුණි.
ජනෙල් කූරූ බොඳ විණි
ඇසින් කඳුළු ගලා වැටුණි.
"අක්කේ.... අක්කේ "
-ආයෙත් ඉගිල්ලෙමු ඉක්මනින්
ඇත්ත කතාවක තිත්ත පද පෙළගැස්ම
#සඳකසිත්මල්ගෞරවනායක
ප්‍රේමණීය තුරුණු නවකතාකරු
කොළඹ අහස යට
14-05-24/JJ/HRPGBKBB