දරේගේ සුවිසැරිය

  • Home
  • දරේගේ සුවිසැරිය

දරේගේ සුවිසැරිය Experience and Knowledge sharing around the world

බොනවනම් මෙන්න බීම
29/12/2024

බොනවනම් මෙන්න බීම

Trip ගැන විස්තර අවශ්‍යනම් පහත social media links වලින් message එකක් දාන්න.-------------------------------------------------------------------------Social Med...

Airbus 380 :- දැනට ලොව ඇති විශාලතම මගී ප්‍රවාහන ගුවන් යානයයි. තට්ටු 2කින් යුත් මෙහි වරකට මගීන් 525 කට ගමන් කල හැක. දැනට ...
22/12/2024

Airbus 380 :- දැනට ලොව ඇති විශාලතම මගී ප්‍රවාහන ගුවන් යානයයි. තට්ටු 2කින් යුත් මෙහි වරකට මගීන් 525 කට ගමන් කල හැක.
දැනට මෙවැනි ගුවන් යානා 237ක් ලොව සමාගම් 16ක පමනක් භාවිතා වේ. එයින් වැඩිම ප්‍රමානයක් Emirates ගුවන් සමාගම සතු වේ.

සිංගප්පූරුවේදි කාපු තාරාමස් ආහාරය ..  අමුතුම තමා ඉතින්.
20/12/2024

සිංගප්පූරුවේදි කාපු තාරාමස් ආහාරය .. අමුතුම තමා ඉතින්.

Trip ගැන විස්තර අවශ්‍යනම් පහත social media links වලින් message එකක් දාන්න.-------------------------------------------------------------------------Social Med...

Singapore යනවද..  අඩුවට බඩු ගමුද.  Duty free එකටත් අඩුවෙන් chocolate ගමුද
15/12/2024

Singapore යනවද.. අඩුවට බඩු ගමුද. Duty free එකටත් අඩුවෙන් chocolate ගමුද

Trip ගැන විස්තර අවශ්‍යනම් පහත social media links වලින් message එකක් දාන්න.-------------------------------------------------------------------------Social Med...

අත්ලාන්තික් සාගරය Atlantic Ocean :-  ලෝකයේ ඇති සාගර 5න් දෙවන විශාලතම සාගරය වන මෙය, ලෝකයේ වර්ග ප්‍රමාණයෙන් 17% හා ලෝක ජල ...
05/12/2024

අත්ලාන්තික් සාගරය Atlantic Ocean :- ලෝකයේ ඇති සාගර 5න් දෙවන විශාලතම සාගරය වන මෙය, ලෝකයේ වර්ග ප්‍රමාණයෙන් 17% හා ලෝක ජල ප්‍රමාණයෙන් 24% කට උරුම කියයි.
සුප්‍රසිද්ධ අතුරුදන් වූ Atlantis නගරය මෙහි තිබෙන්නට ඇතැයි සැලකේ. 1492දී ක්‍රිස්ටොපර් කොලොම්බස් විසින් තරණය කරන ලද්දේ මෙයයි.
(චායාරූපය Ghana වේදී ගන්න ලද්දකි)

Kenkey කෙන්කෙ - ඝහනා රටේ සාම්ප්‍රදායික ආහාරය ;- මෙය බටහිර අප්‍රිකාවේ ප්‍රධාන සාම්ප්‍රදායික ආහාරවලින් එකකි. සතියක් පමන වත...
03/12/2024

Kenkey කෙන්කෙ - ඝහනා රටේ සාම්ප්‍රදායික ආහාරය ;- මෙය බටහිර අප්‍රිකාවේ ප්‍රධාන සාම්ප්‍රදායික ආහාරවලින් එකකි. සතියක් පමන වතුරේ දමා තබන ලද බඩඉරිඟු පසුව පිටිකර ගුලි ලෙස සදා ගනු ලබයි. ඉන්පසු මෙම බඩඉරිඟු පිටිගුලි දින 3-4 පමන පැසවීමට තබා තම්බා ගනී. ඉන්පසු මාලු, සුප් හා ලුනුමිරිස් වැනි දෙයක් සමග පිලිගන්වයි.

Ghana ගහනාව :- මා පය තැබූ 31 වන රටයි. බටහිර අප්‍රිකාවෙ අත්ලාන්තික් සාගරයට එක් පසකින් සම්බන්ධ වූ රටකි. ලංකාව මෙන් 3.5 ක ප...
01/12/2024

Ghana ගහනාව :- මා පය තැබූ 31 වන රටයි. බටහිර අප්‍රිකාවෙ අත්ලාන්තික් සාගරයට එක් පසකින් සම්බන්ධ වූ රටකි. ලංකාව මෙන් 3.5 ක පමන විශාලත්වයකින් (239,000 ව. කි) යුතු මෙහි අගනුවර Accra - අක්‍රාර් නම් වේ. භාශා 80ක් හා ජනවර්ග 75ක් ඇති මෙහි ප්‍රධාන ජන කොටස Akan වන අතර සමස්ත ජනගහනයෙන් 71% ක්‍රිස්තියානි ආගම අදහයි. මෙය ලංකාව මෙන් එංගලන්ත යටත් විජිතයක් ලෙස පැවත 1957 දී නිදහස ලබා ඇත. මෙහි මුදල් ඒකකය Cedi වෙයි.
රත්තරං අපනයනය ප්‍රධාන ආදයම් මාර්ගය වන අතර එය ලොව 7 වන විශාලතමයද වේ.
ලොව කොකෝ නිශ්පාදනයෙන් 2වන ස්ථානය ගන්නේද ගහනා (Ghana) රාජ්‍යයයි.
පාපන්දු ප්‍රදාන ක්‍රීඩාව වන අතර සෑම අවස්ථාවකදීම FIFA තරගාවලිය නියෝජනය කරයි. එසේම boxing ද මෙහි ජනප්‍රිය ක්‍රීඩාවක් වේ.

30/11/2024
Ghana වේ Banku කෑම වේල :- මේ චායාරූපයෙන් පෙන්වන්නේ ගහනා (Ghana 🇬🇭) රටේ දේශීය ආහාරයක් වන Banku (බංකු) නැමති ආහාරයයි. එය බ...
28/11/2024

Ghana වේ Banku කෑම වේල :- මේ චායාරූපයෙන් පෙන්වන්නේ ගහනා (Ghana 🇬🇭) රටේ දේශීය ආහාරයක් වන Banku (බංකු) නැමති ආහාරයයි. එය බඩඉරුගු හා මංනොක්කා පිටිවලින් සාදන ලද්දකි. මෙහි විශේෂය නම් , බංකු ආහාරය බංඩක්කා ව්‍යාජනයක ඔබා හපන්නෙ නැතිව ගිලදැමීමයි .

National Museum, cambodia (ජාතික කෞතුකාගාරය, කාම්බෝජය :- khmer පංසල් සම්ප්‍රදාය අනුව සාදාඇති මෙම කෞතුකාගාරය තුල භාණ්ඩ 14...
19/11/2024

National Museum, cambodia (ජාතික කෞතුකාගාරය, කාම්බෝජය :- khmer පංසල් සම්ප්‍රදාය අනුව සාදාඇති මෙම කෞතුකාගාරය තුල භාණ්ඩ 14,000 වඩා ප්‍රදර්ශනයට තබා ඇත. Khmer අධිරාජ්‍යයාගේ කාලයේ තිබූ බොහෝදෑ මෙහි දක්නට ලැබේ. ලී, ලෝකඩ හා ගලින් නිමවනලද හින්දු හා බෞද්ධ පිලිම විශාල ප්‍රමානයක් දැකිය හැක. අග්නිදිග ආසියාවේ සොයාගන්නා ලද විශාලතම ලෝකඩ ප්‍රතිමාවද (පහල වම් පිංතූරය) මෙහි ප්‍රදර්ශනයට තබා ඇත. 9-11 සියවස්වල පුරාවස්තූන් බොහෝ ගනනක් නැරබිය හැක. ටිකට් පතක් 10USD වේ.

ලංකාවෙ කෝපි ☕ වලින් හදන සුපිරි cappuccino දැන් airport එකෙන් බිව්වෙ මෙහෙමයි
08/10/2024

ලංකාවෙ කෝපි ☕ වලින් හදන සුපිරි cappuccino දැන් airport එකෙන් බිව්වෙ මෙහෙමයි

Trip ගැන විස්තර අවශ්‍යනම් පහත social media links වලින් message එකක් දාන්න.-------------------------------------------------------------------------Social Med...

Burj Kalifa, Dubai, UAE :- මීටර් 829.8 (අඩි 2722) වන මෙය ලොව උසම ගොඩනැගිල්ලයි. Burj යනු tower යන්නයි. මෙය සෑදීමට ගතකර ඇත...
06/10/2024

Burj Kalifa, Dubai, UAE :- මීටර් 829.8 (අඩි 2722) වන මෙය ලොව උසම ගොඩනැගිල්ලයි. Burj යනු tower යන්නයි. මෙය සෑදීමට ගතකර ඇත්තේ වසර 5වැනි කෙටි කාලයකි. ආරම්භයේදි Burj Dubai ලෙස නම් කලත් ගොඩනැගිල්ල සෑදිමේදී ඇතිවූ ආර්ථික අපහසුතාවයන් මගහැරීම සදහා Abu Dhabi හි පාලකයා වන Kalifa විසින් මුදල් යොදවා ඇති නිසා ඔහුගේ නම අවසන යොදන ලදී. මෙහි සෝපානයන් 57 හා තට්ටු 167 වේ. මෙම ගොඩනැගිල්ලේ 144 වන තට්ටුවෙ ලොව උසින්ම පිහිටි රාත්‍රි සමාජ ශාලාවද, 122 වන තට්ටුවේ ලොව උසම ආපනශාලාවද පිහිටා ඇත. දිනකට ජල ලීටර් ලක්ශ 9 පරිභෝජනය කරන මෙහි ජලනල 100km දිගින් යුතු අතර ගිනි ආරක්ශණය සදහා 213km දිගින් යුතු නල භාවිතා කර තිබේ. මෙම ගොඩනැගිල්ල අවට හෙක්ටයාර 27 විශාල කෘතීමව ගොඩනැගූ ජල හා ගොඩබිම් උද්‍යානයක් වේ. රාත්‍රී කාලයේ මනහර ජල හා ආලෝක සංදර්ශනයක් දැක බලාගත හැක.

Petra - 7 wonders of the world (Jordan)දකුණු ජෝර්දානයේ රෝස-රතු කඳුකරයේ කැටයම් කර ඇති පුරාණ නගරය වන පෙට්‍රා හි වඩාත් වැදග...
02/10/2024

Petra - 7 wonders of the world (Jordan)
දකුණු ජෝර්දානයේ රෝස-රතු කඳුකරයේ කැටයම් කර ඇති පුරාණ නගරය වන පෙට්‍රා හි වඩාත් වැදගත් හා විශ්මය ජනක ව්‍යුහයන්ගෙන් එකකි. ක්‍රි.ව. 1 වැනි සියවස දක්වා දිවෙන මෙම ස්මාරක ගොඩනැඟිල්ල, එම ප්‍රදේශයේ වාසය කළ අරාබි ගෝත්‍රිකයන් වන නබාටියානුවන්ගේ ඇදහිය නොහැකි ශිල්පීය හැකියාව නිදර්ශනය කරයි. Ed-Deir Nabataean ශිෂ්ටාචාරයේ වාස්තු විද්‍යාත්මක දක්ෂතාවය සහ සංස්කෘතික පොහොසත්කම පිළිබඳ සාක්ෂියක් ලෙස පෙනී සිටින අතර, එහි ඓතිහාසික හා කලාත්මක වැදගත්කම ගවේෂණය කිරීමට ලොව පුරා සිටින අමුත්තන් ආකර්ෂණය කරයි.

The Royal Tombs ( රාජකීය සොහොන් පෙල) Petra, Jordan :- ක්‍රි.පූ. 1 වන සියවසත් ක්‍රි. ව. 70 අතර කාලයේ නිර්මානය කර ඇති Petr...
27/09/2024

The Royal Tombs ( රාජකීය සොහොන් පෙල) Petra, Jordan :- ක්‍රි.පූ. 1 වන සියවසත් ක්‍රි. ව. 70 අතර කාලයේ නිර්මානය කර ඇති Petra නගරයේ දක්නට ඇති විශිෂ්ඨම නිර්මානයක් වන මෙම සොහොන් සමුහය සම්පූර්ණයෙන්ම පිහිටි ගල විද නිර්මානය කර ඇත. මෙහි ඇති Urn සොහොන එවකට රජකල දෙවන Mulchus රජුගේ බව හදුනාගෙන ඇති අතර ක්‍රි . ව. 447 දී පමන එය කිතුනු පල්ලියක් බවට පරිවර්තනය කර තිබේ. මීට අමතරව Silk, Corinthion, Palace, Unayashu ආදී විශාල පරිවාරක සොහොන් සමූහයක් ද දැකිය හැක. මෙම සමස්ථ සොහොන් බලාගැනීමට ප්‍රධාන මාර්ගයෙන් හැරී කි. මී 3.5 ඇවිද යා යුතුවේ.

The Siq (පටු මග) Petra, Jordan :-  පුරාණ Nabatean නගරය දක්වා ගමන් කිරීමට ඇති මෙම ඉතා කුඩා පටුමග මෙය කි.මී. 1.2 පමන දිගින...
26/09/2024

The Siq (පටු මග) Petra, Jordan :- පුරාණ Nabatean නගරය දක්වා ගමන් කිරීමට ඇති මෙම ඉතා කුඩා පටුමග මෙය කි.මී. 1.2 පමන දිගින් යුතු වේ. මෙය වසර මිලියනයකට පමන පෙර පොලොතල වෙන්වීමේදී ස්වාභාවිකව ඇතිවූ පැලීමකින් සෑදී තිබේ. මෙහි බිත්ති මීටර් 180 පමන් උස් වෙයි. මෙම මග දෙපස වසර 2000කට පමන පෙර සිදුකල මනරම් නිර්මාන දක්නට ලැබේ. දකුනු පසින් මැටියෙන්කල නල තුලින් ජලය රැගෙන ගිය ආකාරය අදටත් දැකිය හැක. මෙහි ඇති ස්වාභාවික පාශාන බිත්තීන් විවිධ වර්ණයන්ගෙන් යුතු බැවින් ඇවිද යාමේදි මනහර දසුන් ලබාදේ.

Petra (Rose-Red city), Jordan :- ලොව පුදුම 7 න් එකෙක් වන මෙම පෙට්‍රා නගරය එහි ඇති විශ්මිත පාශාන නිසා රෝස-රතු නගරය ලෙසද හ...
22/09/2024

Petra (Rose-Red city), Jordan :- ලොව පුදුම 7 න් එකෙක් වන මෙම පෙට්‍රා නගරය එහි ඇති විශ්මිත පාශාන නිසා රෝස-රතු නගරය ලෙසද හදුන්වයි. ක්‍රි.පූ.9000 දී පමන ජනාවාස ආරම්භවී ක්‍රි.පූ. 4 වන සියවසේදී Nabataen රාජ්‍යයේ අගනුවර බවට පත්වින විට 20,000 පමන ජීවත්වී තිබේ. එවකට විසූ රජවරුන්ගේ සොහොන් සදහා නිමවූ පිහිටි ගලෙන් නිමවූ ගොඩනැගිලි බොහෝමයක් මෙහි වෙයි. එවකට මිසපොටේනියාවත් ඊජිප්තුවත් අතර ප්‍රධාන වානිජ මාර්ගය හා වානිජ නගරයක් වූ මෙය පසුව රෝම අධිරාජ්‍යට යටත්වී ඇත. ක්‍රි.ව. 363 දී ඇතිවූ භූමිකම්පාවෙන් විනාශවූ පෙට්‍රා නගරය ඉතා කුඩා ජනතාවක් සමගින් ලොවින් අතුරුදන්වූ නගරයක් බවට පත්විය. 1812 දී සංචාරකයෙක් වූ ස්විඩන් ජාතික Johannes Burckhardt අරාබි ජාතිකයෙක් ලෙස සැරසී එහි ජීවත්වූ වැසියෙකු රවටා මෙම සැගවුනු නගරය බලාගැනීමට අවස්ථාවක් සලසාගෙන ඇත. ඉන් පසු නැවතත් මෙම විශිෂ්ඨවූ නිර්මානය ලොවට නිරාවරණය වන ලදී. නැරබීම සදහා ප්‍රධාන ස්ථාන 15 තිබේ. (ඒවා ගැන විස්තර පසුව ලියා ඇත). මෙම සමස්ථ නිර්මානය බලාගැනීමට කි.මී 22 පමන ඇවිදීමට හෝ නැතිනම් අශ්වයන්, බූරුවන් හො ඔටුවන් කුලියට ගත යුතුවේ. සංචාරකයෙකුට USD 60 පමන වූ ටිකට් පතක් ගත යුතු වුවත් ඔබට ජෝර්දාන් වැසියෙකිගේ හෝ මෙහි රැකියාවට පැමිනි අයෙකුගේ සේවාපතෙන් USD 1.5 කට ටිකට් පතක් ගත හැක.

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when දරේගේ සුවිසැරිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share