18/10/2023
මේ අපේ ගෙඩිගේ ගැන හැමෝම කියවන්න share කරන්න
මාතලේ පළාතට අයත් නාලන්දේ ගමෙහි කලින් කුඹුරක් මැද පිහිටා තිබුණු ( දැනට කඩිනම් මහවැලි ව්‍යාපාරයේ ජලාශයකට යටවන හෙයින් එය පිහිටා තිබුණු තැන ම පස් ගොඩ කර කුඩාදූපතක් තනා ඒ මත පැරණි කළුගල් කුට්ටි වලින් ම ගොඩ නඟාච තිබෙන ) "නාලන්දේ ගෙඩිගේ"නැමැති ගොඩනැඟිල්ල පිළිබඳ ව අපේ පුරෝගාමී ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන් කර ඇත්තේ ඉතා උදාසීන විස්තරයකි.
ලංකාවේ ථේරවාද ශාසන ඉතිහාසය දක්වන පාලි දීපවංස මහාවංස ආදී වංශකතා පොත්වල හෝ පාලි අටුවා පොත්වල හෝ නාලන්දේ ගෙඩිගේ ගැන කිසි ම සටහනක් මෙතෙක් අපට හමු වී නැත.
ප්‍රමුඛාචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමා ද නාලන්දේ ගෙඩිගේ පිළිබඳ ව ලියා ඇත්තේ ඉතා කෙටි සටහනකි. එය මෙසේය:
(අ)" ලක්දිව මුළුමනින්ම ගලින් තනන ලද පළමු වැනි ගොඩනැගිල්ල නම් නාලන්දේ ගෙඩි ගෙය යි. මේ ගෙඩි ගෙය අපර පල්ලව ශෛලියේ ගොඩනැගිල්ලක් වන හෙයින් අටවැනි සියවස පමණ කාලයට අයත් විය යුතුය. පැහැදිලි ලෙසටම තන්ත්‍රයානයට නැඹුරු මහායාන පිළිවෙත් සඳහා කැප කරන ලද මේ සිද්ධස්ථානයේ ඉතිහාසය අප්‍රකටය. මෙහි මුල් නම පවා දැන ගන්නට නැත."
"අනුරාධපුර යුගය "නම් ඉතිහාස ග්‍රන්ථයෙහි ගෘහනිර්මාණ ශිල්පය යන උපන්‍යාසය යටතේ පරණවිතාන මැතිතුමා අනුරාධපුරයෙහි පැරණි ජේතවනාරාම විහාර භූමියෙහි ඇති ගඩොල් බිත්තිවලින් යුත් විශාල පිළිම ගෙය විස්තර කරමින් මෙසේ පවසා ඇත.
(ආ)"1892 දි මෙම ගොඩනැගිල්ලේ නටබුන් සොයා ගන්නා විට ගැමියන් අතර මෙහි නාමය ප්‍රචලිත වී තිබුණේ "ගෙඩිගේ "යනුවෙනි.මෙය අතිවිශාල බිත්තිවලින් යුත් ගඩොල් ගෙයකට ( ගඩොල්වලින් ගොඩ නංවන ලද ගෙයකට ) ව්‍යවහාර කරන නමකි. එසේම අනුරාධපුරයෙහි ඇතුළු නගරයෙහි රාජමාලිගය පිහිටි භූමිය අසල තිබී සොයා ගත් නටබුන් අතර අණ්ඩාකාර වහලක් තිබුණු බවට සලකුණු ද ඇත. ගඩොල් හෝ කළු ගලින් නිම වූ ගොඩනැගිලි කීපයකටම ගෙඩිගේ යන නාමය දී තිබේ. රූපසිද්ධි සන්නයෙහි ගෙඩිගේ යන වචනයේ සමානාර්ථ ඇති වචනය හැටියට දී තිබෙන්නේ ගිඤ්ජකාවසථ යන පාලි වචනයයි. පෙළ පොත් වල එන මෙම වචනය අටුවාචාර්ය බුද්ධඝෝෂ හිමියන් විසින් විස්තර කර තිබෙන්නේ ගඩොලින් පමණක් නිම වූ ගොඩනැඟිල්ලකට ව්‍යවහාර කරන වචනයක් හැටියටයි. ඒ නිසා අණ්ඩාකාර වහලක් ඇති ප්‍රතිමා ගෙය ඉතා ඈත අතීතයට අයත් වන බව පෙනේ."
ඉහත (අ),(ආ) සංකේත යටතේ දක්වා ඇති. පරණවිතාන මැතිඳුන්ගේ "ගෙඩිගේ" විස්තර දැක්වෙන ඡේද දෙකින් පැහැදිලි වන්නේ ගඩොලින් පමණක් නො ව, කළුගලින් ද පොළොව මට්ටමේ සිට වහල තෙක් ගොඩ නැගූ ගොඩනැඟිලි විශේෂයට ජනවහරෙහි "ගෙඩිගේ" යන නම අවිශේෂයෙන් යොදා ඇති වග යි. නමුත්, එය අටුවාචාර්ය බුද්ධඝෝෂ හිමියන්ගේ ගිඤ්ජකාවසථ නිරුක්තියට විරුද්ධ ය . ගිඤ්ජක යනු මැටියෙන් තනා පුලුස්සා ගන්නා ගඩෝලවලට පාලි භාෂාවෙන් යොදන වචනය බැවිනි. "ගිඤ්ජකා ආවස්ථ" යන ශබ්ද දෙකේ තෙරුම "ගඩොල් ආවාසය" යනු යි. කළුගල් කුට්ටිවලින් තැනූ "නාලන්දේ ගෙඩිගේ" සඳහා ඉහත කී ගිඤ්ජකාවසථ නිරුක්තිය කිසිසේත් යෙදිය නො හැකි ය .
එ සේ නම් නාලන්දේ "ගෙඩිගේ" යන්න සඳහා වෙනත් නිරුක්තියක් සෙවිය යුතු ය. මේ සඳහා පාලි සංස්කෘත භාෂාවල එන වචන හාරා අවුස්සන්නේ නැති ව සිංහල වචනවලින් ම අර්ථකථනයක් කිරීම වඩා නිවැරදිය යනු අපගේ අදහස යි. "ගෙඩිගේ" යන සිංහල පදය නිපදවා ඇත්තේ "ගෙඩි -ගෙය"යන සිංහල වදන් දෙක සමාස ක්‍රමයට එක් කිරීමෙනි.
මෙහි දී සිංහල "ගෙඩි" ශබ්දයෙහි තේරුම් වටහා ගත යුතු ය. සිංහල "ගෙඩි" ශබ්දය ප්‍රධාන තේරුම් 9ක යෙදෙන බවත්, එයට ගේ ,දඬු ,බැට, යතුරු යන ශබ්ද සතර එක්කොට සමාස කළ විට වෙනත් තේරුම් ද ලැබෙන බවත් වැලිවිටියේ ශ්‍රී සෝරත නාසමිඳුන් ගේ ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයේහි දැක්වේ .
ගෙඩි ශබ්දයෙහි එන මුලික තේරුම් 9 ය මෙසේ ය.
01 ගස්වැල්වල හටගන්නා ගෙඩි (පල )
02 ලේ නරක් වීම නිසා ශරීරයෙහි
හටගන්නා ගෙඩි (ගඩුව )
03 ආරාමවල භික්ෂූන් රැස්කිරීමට නාද කරවන ගෙඩිය (ගන්ඩිය)
04 අතින් පයින් ගසන පහර (ගුටිය )
05 පාත්‍රයෙහි සිදුර වැසීමට යොදන කුඩා ලී ඇණය ඇණය (ගණ්ඨිය)
06 ලිවීම සඳහා සකස් කළ පුස්කොළ මිටිය (පොත් ගෙඩිය )
07 විස (වස) ගෙඩිය
08 ගඩොල් (ගිඤ්ජකා)
09 ඝටය (කළගෙඩිය )
යන මේ මූලික තේරුම් නමයයි.
එම ගෙඩි ශබ්දයට අගින් " ගේ, දඬු, බැට ,යතුරු "යන ශබ්ද සතර සමාස ක්‍රමයට එක්කළ විට ලැබෙන තේරුම් මෙසේය:
01 ගෙඩි + ගේ = ගෙඩිගේ
ගඩොලින් තැනූ වහල හා බිත්ති ඇති ගෙය හෝ පොල් වලු තැඹිලි වලු එල්ලා සාදන තොරණ .
02 ගෙඩි + දඬු = ගෙඩිදඬු
ඝණ්ටාවෙහි දිවත , ගණ්ඩිය නාද කරවන දණ්ඩ .
03 ගෙඩි + බැට = ගෙඩිබැට
පහර, ගුටිය (ගුටිබැට ).
04 ගෙඩි + යතුරු = ඉබියතුර
යන මේවා යි .
ඉහත දැක්වූ සිංහල "ගෙඩි" ශබ්දයෙහි අර්ථ නවය අතුරෙන් අංක 3 යටතේ දැක්වුණු "ආරාමවල භික්ෂූන් රැස් කිරීමට නාදකරවන ගෙඩිය" හෙවත් ගණ්ඩි යන පදය නාලන්දේ ගෙඩිගේ නිරුක්තිය සඳහා යොදා ගත යුතුය යනු අපගේ නිගමනය යි .
මොනියර් විලියම්ස් පඬිවරයාගේ සංස්කෘත ඉංග්‍රීසි ශබ්ද කෝෂයෙහි ගණ්ඩ,ගණ්ඩි ශබ්දවලට ( 341 පිටුව 1 තීරුව ) ද ඉහත දැක් වූ ශ්‍රී සුමංගල ශබ්දකෝෂයෙහි සිංහල "ගෙඩි" ශබ්දයට දුන් තේරුම් සියල්ල ම වාගේ දි අතිරේක වශයෙන් "ගණ්ඩ" ශබ්දයට A mark > සලකුණක් A spot > ස්ථානයක් යන තේරුම් දෙක දී තිබේ .
රීස් ඩේවිස් පඬිතුමාගේ පාලි ඉංග්‍රීසි ශබ්දකෝෂයෙහි
01 ගණ්ඩිකා ආකෝටන සද්දෝ > ගෙඩිය ගසන හඬ.
02 ගණ්ඩිං පහරති > ගෙඩිය ගසයි.
03 ගණ්ඩිං ආකෝටෙත්වා > ගෙඩිය ගසා යන උද්ධෘත වාක්‍ය ඛණ්ඩයන් ද දක්වා ගණ්ඩි ශබ්දයට a lump කුට්ටිය a block of wood > ලී කොට යන තේරුම් ද දී ඇත.
සංස්කෘත දිව්‍යාවදානයෙහි අංක 23 දරණ සංඝරක්ෂිතාවදානයෙහි එන අගසව් සැරියුත් මහරහතන් රහතන් වහන්සේලාගේ උගත් තරුණ ශිෂ්‍යයකු වන සංඝරක්ෂිත හිමියෝ තමන් කුඩා කල සිට එකට හැදුණ වැඩුණ තරුණ වෙළෙඳ කණ්ඩායමක් සමග නැව් නැඟී රත්නද්වීපය (ලංකාව )බලා පිටත් වූහ .මුහුදු මැදදී නාග භවනයේ නාගයෝ එම නැව නතර කරවා සංඝරක්ෂිත හිමියන් තමන්ගේ නාග භවනයට කැඳවාගෙන ගොස් තමන්ගේ නාග ළමයින් සිව් දෙනෙකුට දීඝගම,මජ්ඣිමාගම සංයුත්තාගම අංගුත්තාගම යන සඟපොත් ඉගැන්වූ හ.(මෙය මන:කල්පිත ප්‍රබන්ධයක් නො ව ,ලංකාවේ පැරණිම ලෙන් ලිපියක් ලෙස පුරාවිද්‍යාඥයන් විසින් පිළිගනු ලබන මහවැලි ගඟේ විල්ලුවක පිහිටා තිබෙන රුවල් නැවක සංකේතය සහිත "බරත ශගරකිත ලෙනේ (භාරත හෝ හදන්ත සංඝරක්ෂිතගේ හෝ ලෙන යනුවෙන් ) ඛරොෂ්ටි අක්ෂර ලියන ක්‍රමයට (එනම් දකුණේ සිට වමට කියවන ලෙස ලියා ඇති )දූවේගල පුරාණ බ්‍රාහ්මීය අක්ෂර අක්ෂර ලිපියෙන්ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගෝනගල තිබෙන ඉහත කී රුවල් නැව් සංකේතය සහිත බ්‍රාහ්මීය අක්ෂර ලිපියකින් ද සත්‍ය සිද්ධියක් ලෙස අප සනාථ කර තිබෙන්නකි ).
[ ] එම සංඝරක්ෂිත හිමියෝ ආපසු යන ගමනේ දී තම තම යහළු වෙළඳ කණ්ඩාමේ සංචාරයේ දී එක්තරා ගමක සල් වනයක පිහිටි ආරාමයකට ගියහ. එම සංචාරයේ දී එක්තරා ගමක සල් වනයක පිහිටි ආරාමයකට ගියහ. එහි සිටි භික්ෂූහු උන්වහන්සේ සාදරයෙන් පිළිගෙන දවල් වී තිබුණ හෙයින් දන් වළඳන ලෙස ඇරයුම් කළහ .එවිට එම ආරාමයෙහි ගණ්ඩිය (ගෙඩිය ) හැඬවිණි.ඒ සංඥාවෙන් එහි සිටි භික්ෂූහු දන් වැළදීම සඳහා දාන ශාලාවට රැස්වූහ .එම කථාවෙහි "යාවත් තේෂාං ගණ්ඩිරාකෝටිතා තේ ස්චක ස්චාකානි පාත්‍රාන්‍යාදාය යථාගත්‍ය නිෂණ්ණා:-> ගණ්ඩිය (ගෙඩිය ) ගැසූවිට ඔවුහු තම තමන්ගේ පාත්‍ර රැගෙන පැමිණ ඉඳ ගත්තාහුය ."යනුවෙන් ගණ්ඩි: ශබ්දය (207 පිටුව නාගර අකුරු දිව්‍යාවදානය) ද 208 වන පිටුවෙහි තේෂාං ගණ්ඩ්‍යාකෝට්තා යනුවෙන් ගණ්ඩි ශබිදය ද යොදා ඇති හෙයින් ගණ්ඩ:ගණ්ඩි යනුවෙන් ප්‍රථමා විභක්ත්‍යන්ත රූප දෙකක් යෙදී ඇති බැව් පෙනේ .
දිව්‍යාවදානයෙහි අංක 12 දරණ දරන ප්‍රාතිහාර්ය සූත්‍රයෙහි ප්‍රසේනජිත් කෝශල රජ තම අන්තඃපුර දූෂණයක යෙදුණේයැ යි සැක කොට " කාල" නැමැති තම සොහොයුරාගේ අතපය කෑලි කෑලි (කුට්ටි) වලට කපා දැමීම විය .ඒ පිළිබඳ විස්තරයෙහි" යත්‍රාස්‍ය ශරීරං ගණ්ඩං කෘතමි තස්‍ය ගණ්ඩක ආරාමික ඉතින් සංඥා සංවෘත්තා" යනුවෙන් "කුට්ටිය" යන අරුතෙහි ද ගන්ඩ ශබ්දය යොදා ඇත.
ලංකාවේ බෞද්ධ ආරාමවල සාමණේර භික්ෂූන්ගේ දින චර්යාව දැක්වෙන සාමණේර බණ දහම් පොතෙහි "ගෙඩිය ගැසු කල සතං හත්ථි සතං අස්සා යනාදීන් සිහිකරමින් දාගැබ් මහා බෝ වෙත එළඹ වන්දනාමාන කළ යුතු බව සඳහන් වේ .
අදත් ලක්දිව පන්සල් වල ඝණ්ටා, සීනු යන ශබ්ද වෙනුවට ව්‍යවහාර කරන්නේ "ගෙඩිය" යන වචනයයි. යටත් පිරිසෙයින් පිරිවෙනක දිනයේ අධ්‍යාපන කටයුතු පටන් ගැනෙන්නේත් අවසන් කරන්නේත් ගෙඩිය ගැසීමෙනි.( සීනු නාමය ව්‍යවහාරය වන්නේ ඉතා කලාතුරකිනි) තඹ පිත්තල ආදී ලෝහ භාවිතයට පෙර ආරාමවල "ගෙඩිය" (ඝණ්ටාව) සාදා තිබුණේ ඉක්මනින් නො දිරන දැව කඳක මැද හාරා ඇතුළත විශාල කුහරයක් සිටින සේ ය. එයට ගෙඩි දඬුවෙන් (දැවමුවා අතකොළුවකින්) පහර දීමෙනි, නාද කරවන්නේ, පැරණි පන්සල්වල දැනුත් කෞතුකවස්තු ලෙස එම පුරාණ "ගෙඩි"( ඝණ්ටා) ආරක්ෂිත ව තිබේ .
එබැවින් මාතලේ නාලන්දේ ගෙඩිගේ ශබ්දය ගිඤ්ජකාවසථ (ගඩෙලු ආවාසය) යන ශබ්දයෙන් නො ව"ගණ්ඩිගේහ,ගණ්ඩිගෘහ යන පාලි සංස්කෘත ශබ්දයන්ට සමානාර්තවත් හෝ එයින් තද්භව ග්‍රාමයට නිපදවා ගත් ශබ්දයකි".යනු අපගේ නිගමනය යි. අදත් ලංකාවේ පන්සල්වල දන්ගේ (දානය උයන හෝ තබන ගෙය) බුදු ගේ, පිළිමගේ හෝ විහාරගේ (බුද්ධප්‍රතිමාව තිබෙන ගෙය) පොත් ගේ (පුස්තකාලය ) යනාදී හෙළවදන් ව්‍යවහාරයෙහි හැටියට ඝණ්ටා ස්තම්භයට (ඝණ්ටාර කුලුනට) හිමි වෙි.උපෝසථකර්මයට භික්ෂුන්පෝයගෙට(උපෝෂතාගාරයට)කැදවන්නේත් දන් ශාලාවට භික්ෂුන්"" රැස්කරවන්නේත් ගමෙි උපාසක- උපාසිකාවන් හදිසි අවස්ථාවක පන්සලට කැඳවන්නේත් ,ශ්‍රී පාද වන්දනාවේ ගිය විට තමන් සිරිපා වන්දනා කළ වාර ගණන සන්නිවේදනය කරන්නේත් ගණ්ඩිය හෙවත් ඝණ්ටාව නාද කරවමිනි. ලංකාවේ පුරාණ ආරාමවල අදත් අවුරුදු උත්සවය සඳහා නියමිත නැකැත් වේලාව තම දායකපේරැ සතරට දන්වන්නේ පන්සලේ"ඝණ්ටාව"හැඬවීමෙනි.
"නාලන්ද ගෙඩිගේ අද පිහිටා තිබෙන්නේ ජාලෙයේන් වට වූ කුඩා දූපතක් මැද ය. මහවැලි සංවර්ධන ව්‍යාපාරයට පෙර එය පිහිටා තිබුණේ කුඹුරු යායක් මැද ය. එය විහාරස්ථානයක් ගොඩ නැගීමට සුදුසු ගොඩ බිමක් නො වේ. කඳු පර්වත තිබෙන පළාත්වල. පුරාණ විහාර පන්සල් ගොඩ නගා ඇත්තේ කඳු පර්වත මුදුන්වල ය. මාතලේ පළාතෙහි ඕනෑතරම් කඳුපර්වත ඇතත් මේ ගෙඩිගෙය පිහිටුවීමට කුඹුරු යායක් මැද පිහිටි පහත් බිම් කඩක් තෝරා ගෙන ඇත්තේ කුමක් නිසාද? මේ ප්‍රශ්ණයට සාර්ථක පිළිතුරක් දීමට වසර දහස් ගණනක් තිස්සේ ලාංකික ජනතාවගේ මුවින් මුවට එන ජනප්‍රවාද හැර වෙනත් කිසි ම ලිඛිත සාධකයක් අප හමුවේ නැත.
ලංකා නාමය
නූතන ලෝක සිතියමෙහි උත්තරාක්ෂ අංශක 5 සහ කලා 55 ටත් යනුයි නැගෙනහිර දේශාන්තරාංශක 79 සහ කලා 42 ටත් අතර පිහිටා ලෙස සලකුණු කර තිබෙන, දකුණේ සිට උතුරට සැතැපුම් 270 ක් දිගින් ද නැගෙනහිර සිට බටහිරට සැතපුම් 140 ක් පළලින් ද වර්ග සැතපුම් 25481 ක භූමි ප්‍රමාණයෙන් ද යුත් විවිධ වාකවානුවල දී රත්නද්වීපය, තාම්‍ර ද්වීප, සිංහල ද්වීප ආදී නම් වලින් හැඳින්වූ ආදී නම් වලින් හැඳින්වූ දැනට ශ්‍රී ලංකා නමින් හඳුන්වන මේ දිවයිනේ පැරණිම නාමය "ලංකා "යනු යි.
"ලංකා" යන පදයේ නිෂ්පත්තිය දක්වන සංස්කෘත ශබ්දතෝම මහානිධිය (669 පිටුව 1 තිරුව) "සලකුණු කිරීම" යන අර්ථවත් යන අර්ථවත් ස්වරාන්ත "ලක" ධාතුවෙන් පරව අ(ව්) ප්‍රත්‍යය එක් කිරීමෙන් හා මුමාගමයෙන් ලංකා යන නාමය නිපන් බව දක්වයි. එම රටෙහි අගනුවර ද (ස්වනාමාඛ්‍යාතායං පුර්ය්‍යාම්) ලංකාපුර යන නමින් හැඳින්වෙන බව සඳහන් කරයි. එහි තේරුම "සලකුණු කළ තැන" යනු යි.
"ලංකා" යන පදයට පරිකථා ලියන මොනියර් විලියම්ස් පඬිවරයා (සං.ඉං.ශ.කෝ 894 පිටුව 3 තීරුව) ceylon සිලෝන නමැති රටේ ප්‍රධාන නගරය හැඳුන්වු නම යි. නැතහොත් මුළු දිවයින ම හැඳින්වීමට යෙදු නමයි. එය ශ්‍රේෂ්ඨ (grade )රාක්ෂස රාජයා වූ රාවණයන්ගේ අගනුවර ලෙස ප්‍රසිද්ධ ය.
ලෝකයේ ප්‍රථම මධ්‍යාහ්න රේඛාව (The fist meridian of longitude)මේ දිවයිනත් ඉන්දියාවේ උජ්ජයිනි නගරයත් හරහා ලකුණු කොට තිබුණු බව මහාභාරත, රාමායණ ආදී මූලාශ්‍රයන්හි සඳහන් වන හෙයින් මේ දිවයින "ලංකා" යන නමිත් හැඳින්වූ බවත් දක්ව යි. රාවණ භ්‍රද නමි සුවිශාල විලක් (වැවක්) ද එහි පැවති බව වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අනුව මධ්‍යන රේඛාව (Meridian of longitude) ලකුණු කිරීමේ ලක්ෂ්‍යය හෙවත් ස්ථානය ලෙස දක්ෂිණාර්ධගෝලයේ ඈත ම මුහුදේ (පාර සමුද්‍රස්‍ය) පිහිටි ලංකා දිවයිනේ මාතලේ නාලන්දේ කුඹුර මැද (ගෙඩිගේ පිහිටි තැන) තෝරා ගත් බවට කිසිම සැකයක් නැත. මධ්‍යාහ්න රේඛාවෙි දක්ෂිණ ලක්ෂ්‍යය (ලකුණු කළ තැන) එතැන යි. මේ අනුව මොනියර් විලියමිස් පඬිවරයා "ගන්ඩ" ශබ්දයට දෙන A Mark>( සලකුනක්)A Spot> ස්ථානයක්) යන තොරතුරු ද යෝග්‍ය ය.
"නාලන්දේ ගෙඩිගේ පිහිටි තැන ලංකා දිවයිනේ හරි මැදය" යන්න අවුරුදු දහස් ගණනක් තිස්සේ ජනතාවගේ මුවින් මුවට ආවේ මේ නිසාය. දැන් ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව නාලන්දේ ගෙඩිගේ පිහිටි තැන "ලක් පොලවේ හරි මැදය" යන්න පිළිගෙන තිබේ.
මේ ස්ථානයට ඉර මුදුන් වූ විට ලංකාවේ දහවල් 12:00 හෙවත් මධ්‍යහ්නය ගණන් ගන්නා ලදී. ගෙඩිගය මුදුනට සූර්යයා මුදුන් වූ විට ඒ බව අවට පරිසරයේ විසූ අයට දැන ගැනීම සඳහා එතැන සවිකොට තිබූ ගණ්ඩිය හෙවත් ගෙඩිය ගැසිය. ඒ හඬ ඇසෙන තෙක් මානයේ අනෙකුත් ස්ථානවල ගෙඩි ද නාද කරවන්නට ඇත. එවිට සුළු වේලාවක් තුළදී මුළු පළාතටම පමණක් නොව මුළු දිවයිනට ම තනා තිබුණු එම "ගෙඩිය" වැස්සෙන් පින්නෙන් ආරක්ෂා කිරීමටත්, එය ආකෝටනය කොට නඟන නාදය ප්‍රතිරාව නැංවීම පිණිසත් පදනමෙි සිට වහල තෙක් කලුගල් කුට්ටිවලින් ම ගොඩනැඟූ කුඩා ඕඩරයකයක් එහි තනන්නට ඇත. ඒ නාලන්ද ගෙඩිගෙය යි.
සිංහලයන්ගේ විශේෂයෙන් රුහුණු සිංහලයන්ගේ මුතුන් මිත්තන් වන යක්ෂ, රාක්ෂ, නාග ගෝත්‍රිකයන්ගේ නිජබිම වූ ශ්‍රී ලංකාව හා එහි මුළු ලොව ම විශ්මයට පත් කරමින් ගොඩ නැඟු අගනුවර ද "ලංකා" යනුවෙන් නමි කළ කාලයේ දී ම නාලන්දේ ගෙඩිගේ තිබෙන තැන දිවයිනේ හරි මැද "ලක්ෂය" ලෙස සලකුණු කරන්නට ඇත. යක්ෂයන්ගේ අගනුවර වූ ලංකා පුරය ගොඩ නඟා තිබුණේ ද "මාතලේ පළාතට අයත් නූතන සීගිරිය යි." පළමුවන කාශ්‍යප රජතුමා සීගිරිය ගොඩ නැඟුවේ ඒ යක්ෂ ගෝත්‍රයන්ගේ ලංකා නගරය පිහිටා තිබුණු ස්ථානයන්හි ය.
නාලන්දා ගෙඩිගෙයි ඕවරකය මත පුවරුවෙහි ඇති මකුටයක් යෙදු හිස් පළඳනාව හා වම්උර හිසින් නෙළුම් දඬුවක් දරන පිළිමය පුරාවිද්‍යාඥ බෙල් මහතා විසින් විස්තර කරන ලද්දේ දේවතා ප්‍රතිමාවක් ලෙස ය. එය සූර්ය දේව ප්‍රතිමාවක් බව උරහිසෙන් පහතට වැටී ඇති නෙළුම් දණ්ඩ අනුව විශ්වාස කෙරේ. ගෙඩිගෙයි දොටුව පිහිටුවා ඇත්තේ නැඟෙනහිර දෙසට යි. එයින් ඉර උදාවන විට ඕවරකය මත පතිත වන හිරුරැස් වලින් සූර්ය දේව ප්‍රතිමාව බබළන්නට සලස්වා ඇත.
සූර්ය දේව සෘග්වේද යුගයටත් පෙර වූ මොහෙන්ජෝරෝ හරප්පා නාගරික සින්ධු නදී නිම්න ශිෂ්ටාචාර යුගයෙහි සිට පැවතඑන්නකි. ඍග වෛදික යුගයට අයත් වේද මන්ත්‍රකාර පොළොන්නරුව වාසභූමිය කොටගත් පූලභ> පුලතිසි >විශ්ව >වෛශ්‍රවණ කුවේර,පෞලස්ත්‍යරාවණ, විභිෂණ පරපුරෙන් පැවත එන ලංකාවේ යක්ෂ, රාක්ෂය, නාග ගෝත්‍රයන්ද සූර්ය දේව වන්දනාවයන් ද සූර්ය දේව වන්දනාවෙහි හා ස්තෝත්‍ර ගායනයෙහි යෙදුණු බවට කිසි සැකයක් නැත.
සූරියදේව (හිරුදෙවි) පිදීම
හිරු දෙවියන් ඇදහීම ආර්යයන් ඉන්දියාවට පැමිණීමට පෙර කලක සිට පැවති බවට දැනට ලැබී ඇති හොඳ ම සාධකය නම් සුළු ආසියාවේ "බොඝස්කෝ" නැමැති ස්ථානයෙහි තිබී සොයාගත් ලොව පැරණිම ලිපි හැටියට පුරාවිද්‍යාඥයන් හඳුන්වන වියළි මැටි ලිපිය යි .එහි ආර්ය නම්වලින් හඳුන්වන රජවරුන් කීප දෙනෙකු පිළිබඳ ව ද ඔවුන් විසින් පුදනු ලැබූ දෙවිවරුන් කීප දෙනකු පිළිබඳ ව සඳහන් වේ. එම රජවරුන් දෙදෙනෙකු අතර ඇති කරගත් ගිවිසුමක් කඩ නො කර ආරක්ෂා කරන බවට මිත්‍ර,වරුණ,නාසත්‍ය යන දෙවිවරුන් ඇපයට තබා සහතික කොට ඇත. මෙහි සඳහන් මිත්‍ර දෙවියා නම් හිරු දෙවියාය. එම බෝඝස්කෝ ලිපිය ලියන්නට ඇත්තේ ආර්යයන්ගේ මුල් භූමිය වන කාපේතියානු මහා නිම්නයෙන් පිටත්ව නැඟෙනහිර දෙස බලා සංක්‍රමණය වූ ආර්යයන් අතුරින් සුළු පිරිසක් ආසියාවට පැමිණ එහි ලැගුම් ගත්තවුන් විසිනැයි පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති.
ඉන්දියාවට ආර්යයන්ගේ පැමිණීම එක් වරක දී ම සිදුවූවක් නො වේ.එසේම එක් අාර්ය කණ්ඩායමක් ද නො වේ.සෘග් වේදයෙහි සඳහන් වන පරිදි යදු, තුර්වශ් යන ආදිම ආර්ය ගෝත්‍රිකයන් ඉන්දියාවට පැමිණ ඇත්තේ පැරණි පර්සියාවේ සිට ය.පශු ,පරිශු යනු පැරණි පර්සියානු ගෝත්‍රිකයන් විසින් හඳුන්වනු ලැබූ නම් දෙකකි. ඉන්දියාවට පැමිණි යදු ගෝත්‍රිකයින් එම පර්සියානු ගෝත්‍රිකයන් සමඟ කිට්ටු සමිබන්ඳකම් දැක් වූ බවට සාධක සෘග්වේදයෙන් ලැබේ. භරත හා සෘඤ්ජය ගෝත්‍රිකයන් සින්ධු නිම්නයේ ආර්යාවර්තයට පැමිණි කාලය පැහැදිලි කළ හැකි සටහන් සෘග්වේදයෙහි දක්නට නැත.
එසේ පැමිණි ආර්යයන්ගේ මුල් ආගම වූයේ සොබාදහම පිදීමය. හිරු, සඳු, තරු, ගින්න,වැස්ස ,සුළඟ ආදී සොබා දහමේ බලවේගයන් දේවත්වයෙන් සලකා ඔවුන් වර්ණනා කරමින් වේද ගීතිකා ගයමින් තමන්හට සුවසෙත රැකවරණය සලසන ලෙස අයැදීම එම ඉන්දු ආදියන්ගේ ආගම විය. මෙහි මුලින් සඳහන් කළ බෝඝස්කෝ ලිපියෙහි එන මිත්‍ර දෙවියා ආර්යාවර්තයෙහි දී සූර්ය,පුෂන් ආදි විවිධ නම්වලින් හඳුන්වා ඇති බව ඍග් වේදයේ (1)මණ්ඩල-115,(4) 53, 54,55,57, දේවතාවන් ආදී සුක්ත පිරික්සා බලන කළ විට පැහැදිලි වේ.
චිත්‍රං දේවානාමුදංගානිකං - චක්ෂුර් මිත්‍රස්‍ය වරුණස්‍යාග්නේ:
අාජ්‍රා ද්‍යාපෘථිවි අන්තරීක්ෂං- සුර්යං ආත්මා ජගතස් තස්ථුෂශව
(දෙවියන්ගෙන් දිදුලන මුහුණ අහසේ ඉහළ ගියේය .මිත්‍රගේ වරුණගේ, අග්නි ගේ හිරුගේ, ඇස දෙව්ලොව පොළොව, අන්තරීක්ෂය හා සවලාවග ආත්මය පුරා පැතිර ඇත.)
යනු ඍග්වේදය 1 වන මණ්ඩලයේ 115 වන සූක්තයේ 1 වන ගීතයයි.
මෙසේ සුළු ආසියාවේ බෝඝස්කෝවෙන් ඇරඹුණු මිත්‍ර හෙවත් හිරුදෙවි ඇදහිල්ල සිදුධු නිම්නයේ මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාරයක් සරස්වතිය දෘශද්වතී දෙගංදෙණියේ අැරැඹුණු ආර්යාවරතයේ ඍග් වෛදික ශිෂ්ටාචාරයත් පසුකර ලංකාවේ මාතලේ ගොඩිගෙයත් පසු ව සීගිරිය වූ යක්ෂ ගෝත්‍රිකයන්ගේ ලංකා පුරයත් වෙත පැමිණියේ කෙසේ ද යන්න ක්‍රි .ව. 5 සියවසේ දී අනුරාධපුර මහාවිහාරය විසින් පූර්ව ලංකා අසුර ආර්ය සිංහලයන්ගේ ආගමනයත් අග්‍ර ශ්‍රාවක ශාරිපුත්‍ර මහරහතන් මහ රහතන් වහන්සේගේ ධර්මධර ගුරුකුලයේ ලංකාගමනයත් යටපත්කොට කාලිංග විජයාගමනයත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ථෙරවාද ගුරුකුල සමිප්‍රාප්තියත් ඉස්මතුකර ලියන ලෙස ලද "පාලි වංශකතාව" බුද්ධභාෂිතයක් සේ අදහන ඉතිහාස ප්‍රාඥයන්ට නම් තවමත් නෙ විසඳුණ ප්‍රශ්නයකි.
ලංකාපුරයේ රාම-රාවණා සටන කෙරෙන අතර තුර රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත් (මේඝනාද )කුමාර විජයග්‍රහණය සඳහා දේව පූජාවක් පැවැත්වීමට නිකුම්භිල චෛත්‍යස්ථානයට ගියේයැ' යි රාමායණයෙහි (යුද්ධාකණ්ඩ 22 සර්ගයෙහි) සඳහන් වේ.
ස හෝතුකාමෝ දුෂ්ටාත්මා ගතශ්චෛත්‍යං නිකුම්භිලාම්
නිකුම්බිලාම් මධිෂ්ඨාය පාවකං ජුහතේන්ද්‍රජිත්
මේ නිකුම්බිලා චෛත්‍යස්ථානය පිළිබඳ ව විස්තරයක් කරන මෝනියර් විලියම්ස් පඬිවරයා "එහි හෝම පූජා පැවැත්වූ ලංකා නගරයේ බටහිර පැත්තේ පිහිටි වනගත බිමක් බවත්, සමහරුන්ගේ මතය අනුව භද්‍රකාලී ප්‍රතිමා ගෘහයක් බවත්, එය ලංකාපුරයේ , බටහිර දොරටුව පැත්තේ පිහිටි බවත් "නිකුම්භ" යන නාමය රාවණ සොයුරු කුම්බකර්ණයන්ගේ පුතකු හැඳින්වීමට යොදා ඇති බවත් පවස යි.
ඇතැම් විට රාමායණයෙහිල නිකුම්භිල චෛත්‍යය නමින් හඳුන්වා ඇත්තේ මෙහි ඉහත විස්තර කළ නාලන්ද ගෙඩිගේ විය හැකි බව අපගේ විශ්වාසය යි.
(මේ පිළිබඳව වැඩිදුරටත් පර්යේෂණ පවත්වන ලෙස සිංහල ජාති හිතෛෂී විද්වත් පාඨකයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.)
එම එම අනාගත පරීක්ෂණයන් සඳහා ප්‍රමුඛචාර්ය සෙනරත් පරණවිතාන මැතිඳුන්ගේ පහත සඳහන් ප්‍රකාශය ද පාදක කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු. ඒ මෙසේයි.
" පුරාණ ඉන්දියාවේ ශිෂ්ටාචාරයේ ප්‍රභවය හා සංවර්ධනයත් ව්‍යාප්තියත් මැනවින් තේරුම් ගැනීමට මෙන්ම ඒ පැරැණි යුග වලට අයත් දැනට සොයා ගෙන තිබෙන පුරාවස්තු හා මතු වස්තු ද සම්බන්ධ විවරණ කිරීමටත් සින්ධු නදී නිම්නාක්ෂර තේරුම් ගැනීම අතිශයින් වැදගත් වෙි.මේ උදෙසා පර්යේෂණයෙහි යෙදෙන්නා ඇතැම් පක්ෂවල සරදමට භාජනය වීමට අවකාශ ඇති නමුත්, ඔහු ඒ කිසිවක් ගණනකට නො ගෙන මෙම ප්‍රෙහේලිකාව විසදීමෙහි ලා හැකි හැම උත්සවයක් ම ගත යුතුය. භාරත ඉතිහාසය පිළිබඳ ව ස්ථීර නිගමන ලෙස බොහෝ දෙනෙකු විසින් පිළිගනු ලැබූ ඇතැම් සිද්ධාන්තවලට ප්‍රතිවිරුද්ධ නිගමනයන්ට බැස ගැනීමට ද එබඳු පුයත්නයක දී නො වැළැක්විය හැකි ය. නිදසුනක් වශයෙන් මතු සඳහන් කරුණු දැක්විය හැකිය. හරප්පා මුද්‍රාවන් හි පෙනෙන ලේඛනයන්හි භාෂාව සංස්කෘත භාෂාව හෝ ඊට ඥාති සම්බන්ධතාවක් ඇති භාෂාවක් හෝ විය නොහැකි බව ඉන්දු ආර්ය භාෂා පිළිබඳ බොහෝ ප්‍රාචීන ප්‍රතිචීන විද්වතුන් තුළ මුල්බැසගත් මතයයි කී.
ඊට හේතුව නම් ආර්ය වර්ගයා භාරත භූමියට පිවිසියේ ක්‍රි.ව. 2 වැනි වර්ෂ සහස්‍රයේ ය යන බවත්, ඒ කාලය වන විට සින්ධු නදී නිම්න ශිෂ්ඨාචාරය විනාශ වී ගොස් තිබූණු බවත් ඔවුන් ගේ මතය විම යි.පුරාවෝක්ත මතය අනුගමනය කරන ප්‍රාඥයන්ගේ පාණ්ඩිත්‍යයට නිසි සේ ගරු කරමින් ආර්යයන් භාරතයට පැමිණි කාලය නිශ්චය කිරීම පිණිස එම පාණ්ඩ්තයන් විසින් ඉදිරිපත් කරනු ලබන සාධක තීරණාත්මක නො වේය යනු අපේ මතය යි. ඔවුන්ගේ මේ මතය සම්භාව්‍යක් (එය විය හැක්කක් ලෙස සැලකීම පමණකි.)
සින්දු ආර්යයන්ගේ ආදිම වාඩිමය අනුස්මාරකය ලෙස සැලකෙන ඍග්වේදයේ ප්‍රිතිබිම්බිත භෞතික ශිෂ්ටාචාරය සින්ධු නදී නිම්නයේ ශිෂ්ටාචාරයට ඉඳුරා ම වෙනස් ය.එසේම නොයෙක් කරුණු අතින් ඒ තරම් නො දියුණු ය, යන මේ තර්කය සින්ධු නදී නිම්නාක්ෂරයන්ගෙන් දක්වන භාෂාව සංස්කෘත භාෂාව වීමට බාධකයක් නො වෙ යි. සින්ධු නදී නිම්න ශිෂ්ටාචාරයේ නිර්මාතෘවරුන් ඍග්වේද මන්ත්‍ර ප්‍රබන්ධ කළ ජනසමූහයට අයත් නොවූ සින්ධු ආර්ය භාෂාවක් ව්‍යවහාර කළ පිරිසක් විය හැකි ය. වෙනස් වූ කාලපරිච්ඡේද දෙකකට අයත් වූ නොහොත් සමකාලීන වුව ද අසමාන වූ (මහ නගර නිර්මාණ - තද්භාව ආදී)ද්‍රව්‍යමය ශිෂ්ටාචාරයන් සම්බන්ධ වූ ජන සමූහ දෙකක් එක ම භාෂාවක් නැතහොත් එකිනෙකට සම්බන්ධ වූ භාෂා ව්‍යවහාර කලා විය හැකි ය. ද්‍රව්‍ය මය වු ද, ගුණධර්ම වු ද පහත් ශිෂ්ඨාචාරයක් ඇති "තෝඩයන්" ද ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයකට හිමිකම් කියන ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයකට හිමිකම් කියන ද්‍රවිඩයන් ද එක ම ගණයට අයත් භාෂා ව්‍යවහාර කිරීම මීට නිදසුනක් සේ දැකිය හැකි ය. එහෙයින් මුද්‍රාවන්හි පෙනෙන සංකේතයන්ගෙන් අඟවන පාඨයන්ගේ භාෂාවක් ය යන මතය මත සිට සින්ධු නදී නිම්නාක්ෂර පිළිබඳ ප්‍රහේලිකාව විසැඳීමට ප්‍රයත්න දැරීම සමහරුන් ප්‍රකාශ කරන තරම් මෝඩ වැඩක් නො වේ. සින්ධු නදී නිම්නාක්ෂර කියවා තේරුම් ගැනීම පිණිස මෙි ප්‍රයත්නය ආරම්භ කරන ලද්දේ ඒ පදනමි කොට ගෙන ය."
(සින්ධු ලේඛන කියවිමට
යෝජිත ක්‍රමයක්
සෙනසෙනරත් පරණවිතාන
ශ්‍රී සුමංගල /විද්‍යෝදය
විශ්වවිද්‍යාලය
උපුටා ගැනීම
ශ්‍රී ලංකා රාවණ රාජධානිය සහ සීගිරි පුරාණය
නාගොඩ ආරියදාස සෙනවිරත්න