Traveler's Diary

  • Home
  • Traveler's Diary

Traveler's Diary Travel around the world. See the world.

20/08/2022
12/08/2022

කාවන්තිස්ස "

දින තුනක මහන්සියක ප්‍රතිපලයක් විදියට ඊයේ දවස පුරාම හිත පුරා මේ මහා සද්දන්තයාගෙ හැසිරීම් නිරීක්ශනය කිරීමට හැකි උනා,

සංජු, උජිත සහ මිතුරු පිරිසගෙ කැපවීම මත, අපි විසින් කල නිරීක්ෂණයන්ට අනුව , කාවන්තිස්සගෙ ශරීරගේ වෙඩි පහරවල් යැයි සැක කල හැකි සලකුණු දෙකක් දක්නට ලැබුනා,

ඇතා කිසිම වෙනසක් නොපෙන්නවා සිටීම නිසා එම තුවාල හානිදායක නොවන බව සිතුනත්, සෑම මොහොතේම මෙම සද්දන්තයාගෙ ජීවිතේ අපි නොහිතන තරම් අනතුරක ඇති බවයි මගේ හැඟීම.

අලි 70-80ක් වන රන්චුවකට නායකත්වය දෙමින් සිටින කාවන්තිස්සගේ වටිනාකම මීට වඩා රජයට සහා අඳාල පාර්ශවල වලට දැනිය යුතු කාලය දැන් පැමින ඇත. එසේ මෙම සද්දන්තයින් ගැන සිතුවා නම් අදටත් " භරණ" ජීවතුන් අතර බවයි මගේ විශ්වාසය.

අවසන් මහා රන් දෝලි පෙරහැර අභිමානවත් ලෙස එසේ නිමා විය...
11/08/2022

අවසන් මහා රන් දෝලි පෙරහැර අභිමානවත් ලෙස එසේ නිමා විය...

ලෝක 🌍 සවාරිය නිම කර ‘මැණිකේ’ යළි දිවයිනට 🇱🇰ශ්‍රී ලාංකික පර්යේෂකයින් පිරිසක් මෙරට පක්ෂි සංක්‍රමණ අධ්‍යයනයේ සුවිශේෂි මං සල...
11/08/2022

ලෝක 🌍 සවාරිය නිම කර ‘මැණිකේ’ යළි දිවයිනට 🇱🇰

ශ්‍රී ලාංකික පර්යේෂකයින් පිරිසක් මෙරට පක්ෂි සංක්‍රමණ අධ්‍යයනයේ සුවිශේෂි මං සලකුණක් සනිටුහන් කිරීමට සමත්ව තිබේ.

ඒ, - ටැග් කරනු ලැබූ හියුග්ලින් ගලුවියෙක් (Heuglin’s Gull) කිලෝමීටර් 20,000කට ආසන්න සංක්‍රමණ චක්‍රයක් සම්පූර්ණ කර යළි දිවයිනට පැමිණීමේ පර්යේෂණයක් මෙහෙයවමිනි.

කොළඹ විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවයේ පර්යේෂණ කණ්ඩායම මෙහෙය වූ මෙම විස්මය ජනක චාරිකාවේ නිරත වූ හියුග්ලින් ගලුවියා ( ) නම් කර ඇත්තේ, #මැණිකේ යන අන්වර්ථ නාමයෙනි.

ඇයගේ සුරක්ෂිත පැමිණීමත් සමග අනාවරණ චන්ද්‍රිකා කේන්ද්‍රණ සවි කරන ලද පක්ෂීන් අතුරින් පූර්ණ සංක්‍රමණ චක්‍රයක් අවසන් කළ ප්‍රථම පක්ෂියා ලෙස මැණිකේ ඉතිහාසයට එක්වනු ඇති.

ඒ අනුව මන්නාරම සිට යුරෝපීය ආක්ටික් කලාපය කරා පියාසර කළ මැණිකේ උතුරු සංක්‍රමණික මාර්ගය හා නැවත ශ්‍රී ලංකාවට පැමිණි දකුණු සංක්‍රමණික මාර්ගය එක්ව ගත් කළ සංක්‍රමණ චක්‍රයේ සම්පූර්ණ දුර කිලෝමීටර් 19,360 කි.

2021 අප්‍රේල් මාසයේදී මැණිකේට අනාවරණ චන්ද්‍රිකා කේන්ද්‍රණ සවිකිරීම (sattelite-tagging) සිදු කෙරුණේ, මන්නාරම දූපතේදී ය.

පුරා දින 20 ක් මන්නාරම දූපත සහ රාමාගේ පාලම ආශ්‍රිතව නැවතී සිටි ‘මැණිකේ’ අප්‍රේල් මස අග භාගයේදී මන්නාරමෙන් පිටත් වූ බව පර්යේෂණ කණ්ඩායම පැවසී ය.

තරමක වෙනස් මාර්ගයක් භාවිත කරමින් යමල් අර්ධද්වීපයට ළඟා වූ මැණිකේ යමල් අර්ධද්වීපයේ කැදලි තනන්නට පෙර යුරෝපියානු රුසියාවට ඇතුළු වී ඇත්තේ, යූරල් කඳු තරණය කරමිනි.

ජුනි සිට අගෝස්තු දක්වා වූ ආක්ටික්හි ග්‍රීෂ්ම සෘතුවේදී අභිජනනයේ නිරත වූ මැණිකේ, ආපසු හැරී පළමුවෙන්ම දකුණු සංක්‍රමණය ආරම්භ කරන්නේ, අගෝස්තු අගභාගයේදී ය.

ආක්ටික්හි තම ග්‍රීෂ්ම නිවහනෙන් ප්‍රථමයෙන් පිටත් වූ මැණිකේ, ශ්‍රී ලංකාවෙන් පිටත්ව මාස 06 කට සහ දින 09 කට පසු පසුගිය නොවැම්බර් 04 වැනි දින, තම සිසිර ගමනාන්තය වූ ශ්‍රී ලංකාවේ මන්නාරමට යළි ළඟා වූවා ය.

මැණිකේගේ මෙම ගමන තවත් සුවිශේෂී වන්නේ, ඇය ශ්‍රී ලංකාව සහ යුරෝපියානු ආක්ටික් කලාපය අතර පවතින පාරිසරික සබැඳියාවට ප්‍රථම සාක්ෂිය ද සපයන බැවිනි.

මෙම සුවිශේෂි චාරිකාව සඳහා මැණිකේ ගෙවූ කාලය සහ දුර

උතුරු සංක්‍රමණයේ දී පුරා දින 35 ක් කිලෝමීටර 7880ක දුරක් ගමන් කළ මැණිකේට දකුණු සංක්‍රමණය සඳහා දින 91 ක් ගත වූ අතර, මෙහි දී ඇය සම්පූර්ණ කළ දුර කිලෝමීටර 11,480 කි.

ඒ අනුව, මන්නාරමේ සිට ආක්ටික් දක්වා සහ නැවත මන්නාරම දක්වා දිවුණු සම්පූර්ණ චාරිකාව තුළදී මැණිකේ ගෙවා දැමූ දුර , කිලෝමීටර් 19,360 කි.

හියුග්ලින් ගලුවියා යනු ශ්‍රී ලංකාවේ වයඹ සහ උතුරු දිග වෙරළබඩ ප්‍රදේශවල පමණක් දක්නට ලැබෙන මනහර, සාගරවාසී සංක්‍රමණික පක්ෂියෙකි.

හියුග්ලින් ගලුවියා පෙනුමෙන් බොහෝ සමාන වූ විශේෂ පහකින් සමන්විත Lesser Back-backed Gull (Larus fuscus) යන ගලුවියන් කාණ්ඩයට අයත් එක් විශේෂයක් බව කොළඹ විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවයේ පර්යේෂණ කණ්ඩායම පවසයි.

තව ද පර්යේෂණ කණ්ඩායම පවසන්නේ දකුණු ආසියාවේ අනාවරණ චන්ද්‍රිකා කේන්ද්‍රණ තාක්ෂණය (satellite tracking technology) ඔස්සේ සලකුණු කරන ලද, ප්‍රථම හියුග්ලින් ගලුවියන් අතරින් මැණිකේ සිය ගෝලීය සංචාරයේදී එක් රැස් කර ගත් අතිවිශාල දත්ත සමුදාය, ඉමහත් වටිනාකමක් උසුලන බව ය.

මෙම පර්යේෂණය මෙහෙයවනු ලබන කොළඹ විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවයේ පර්යේෂණ කණ්ඩායමට මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න (Principal Investigator), මහාචාර්ය සරත් කොටගම සහ ආචාර්ය උපාධි අපේක්ෂිකා ගයෝමිණි පනාගොඩ යන අය ඇතුළත් වෙති.

පර්යේෂණය සඳහා Chinese Academy of Sciences, Palmyrah House (Pvt) Ltd, Vayu Resort සහ Wetlands International යන ආයතන දායකත්වය සපයා ඇති අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ද පර්යේෂණය සඳහා සහයෝගීතාව සපයා තිබේ.

Copied

Source: Field Ornithology Group of Sri Lanka / NEWS1ST

මේක නම් යන්නම ඕන ගමනක් හැම සන්චරකයෙකුගේම හීන ගමනක්..
11/08/2022

මේක නම් යන්නම ඕන ගමනක් හැම සන්චරකයෙකුගේම හීන ගමනක්..

සූරිය කන්දේ හොල්මන්
11/08/2022

සූරිය කන්දේ හොල්මන්

15 seconds · Clipped by Traveler's Diary · Original video "සූරිය කන්ද- Suriyakanda රෝද දෙකෙන් සූරිය කන්දට ගිය ගමන, Travel Vlog 5 Traveler's Diary" by Travele...

Full video - https://youtu.be/X-KCtKBJAjAබඹරගල පතන ගෙවුනු සුන්දර රැයක්Babaragala pathana- Namunukula
09/06/2022

Full video - https://youtu.be/X-KCtKBJAjA

බඹරගල පතන ගෙවුනු සුන්දර රැයක්
Babaragala pathana- Namunukula

07/06/2022

Thun his gala-තුන් හිස් ගල
Knuckles Mountain Range-නකල්ස්
Full Video - https://youtu.be/2cz0ENZiuas

22/04/2022

මේ වෙලාවේ අපි රට ගැන හිතමු...
අපේ ජීවිත ගැන හිතමු....

22/04/2022
22/04/2022

අපේ ආරක්ෂාව අපම සලසාගමු

22/04/2022
22/04/2022

ඔවුන්ට බාධා නොකර, එම කටයුතු නිදහසේ කරන්න ඉඩදෙන්න

28/03/2022
23/01/2022

හුරු උනාම නවත්වන්න බෑ....👣🇱🇰🚴‍♂️

Click නම් Click Thilina Kaluthotage Photography  ොටෝ 🖤
23/01/2022

Click නම් Click
Thilina Kaluthotage Photography
ොටෝ 🖤

Address


Telephone

+94712519700

Website

Alerts

Be the first to know and let us send you an email when Traveler's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share