19/12/2024
හැඟීම මොකක් උනත් , ඇස් දෙක අඬන්න ලෑස්ති වෙනකොටම පොඩි කාලෙ ඉඳලම හැමෝම කිව්වේ ,
“අඬන්න එපා ,අපෝ අඬන්න නම් එපා “කියලම තමයි . 🥲🥲
ඉතින් අපි ඉපදිච්ච දවසෙ ඉඳල හිතුවෙ අඬන එක වැරැද්දක් ,ඒක දුර්වලකමක් කියල ...
ඒත් අද මම කියනවා , ඔයාට අඬන්න හිතෙන වෙලාවට ,ඇස් වලට කඳුළු එන වෙලාවට බය නැතුව අඬන්න !!
ඇති වෙනකම් අඬන්න !!
ඒ හේතුව වෙනුවෙන් ආයෙ කඳුළු නොඑන තාක්ම අඬන්න !!
හැඟෙන දැනෙන හැඟීම් එළියට නොදා බලෙන් හංගන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි .
දුක ,වේදනාව ,තනිකම ,තරහ ,වගේ හැඟීම් පිටතට නොදා බලෙන් පාලනය කරන එක කොහොමටත් හොඳ දෙයක් නෙමෙයි .
තාවකාලිකව එහෙම පාලනය කලත් ඒ පීඩනය වෙනත් විදිහකින් ඔයාටත් හොරෙන් ඔයාගෙන් කොයි වෙලේ හරි එලියට එන්න තියන ඉඩ බොහොම වැඩියි .
අන්න ඒ නිසා ,ඔයාට අඬන්න හිතෙන වෙලාවට හිතට ඇති කියනකම් අඬන්න .
(හැබැයි ඔයා අඬන්නෙ කව්රු ලඟද කියල තීරණය කරන එක ඔයාගෙ වැඩක් .)
කව්රු කොහොම කිව්වත් කඳුළු කියන්නේ ලැජ්ජා වෙන්න ඕන දෙයක් නෙමෙයි .
කඳුළු කියන්නෙ ඇස් පිරිසිඳු කරන ,හිත් පිරිසිඳු කරන ,ඔයාව රිලැක්ස් කරන ,සියල්ලට පසු ඔයාට අමුතු නිදහසක් සැහැල්ලුවක් ගෙනත් දෙන ආදරණීය ලුණු රසක් .
ජීවිතේ කොහෙදිම හරි හරි දුකක් දැනුනොත් ,ඇස් දෙක කඳුලුත් ගෙනත් දුන්නොත් , ඉතින් බය නැතුව අඬන්න ..
ජීවත් වෙනවා කියන්නෙ හිනාවෙන එකටම නෙමෙයි .
මිනිස්සු උනාම ඉඳල හිටලා හරි අඬන්නත් ඕනේ ..
පීඩනය පිටකරගන්න ,හැඟීම් අලුත් කරගන්න ,අමිහිරි මතක ඈතට කරන්න ,අහිමි වීම් වලට සමුදෙන්න ,රිදුම් වල වේදනා අවම කරන්න ,දුක හීන කරන්න විතරක් නෙමෙයි ,සතුට පිට කරන්නත් කඳුළු වලට පුළුවන් ,
කඳුළු කියන්නෙ මිනිස්සුන්ව රිද්දන දෙයක් කියල හිතුවට ,
ඇත්තම කිව්වොත් ඒකෙන් වෙන්නෙ රිදුම් හෝදලා දාන එක..💜