Travel with thero

Travel with thero Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel with thero, Ottawa, ON.

01/25/2024
01/25/2024
01/25/2024

කොඳු ඇට පෙලේ රෝග
====================

සමාජයේ බොහොමයක් දෙනා පෙළෙන රෝග අවස්ථාවන් අතර කොන්දේ කැක්කුම එහෙමත් නැත්නම් කශේරුව ආශ්‍රිතව හටගන්නා රෝගී තත්ත්වයන්ටද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. බාල, තරුණ, වැඩිහිටි භේදයකින් තොරව සියලු දෙනා තුළම කොන්ද ආශ්‍රිත රෝග දක්නට ලැබෙන අතර බොහෝ විට මෙවැනි රෝග වලට අප ගොදුරු වන්නේ අපේම නොදැනුවත් බව නිසාය. අපේ සිරුරේ ක්‍රියාකාරීත්වය නිවැරදිව පවත්වා ගැනීම හරහා මෙවැනි රෝග හට ගැනීමෙන් වැළකී සිටිය හැකි අතර අපේ වෙදකමින් අද කතා කරන්නේද කශේරුව ආශ්‍රිතව ඇති වන රෝගාබාධයන් සම්බන්ධයෙනුයි.

“අපේ කොඳු ඇටපෙළ ගත් විට එය පිහිටන ස්ථානය අනුව විද්‍යානුකූලව කොටස් පහකට බෙදා වෙන් කර දක්වන්න පුළුවන්. ඒ අනුව මුලින්ම අපට හමුවන්නේ ග්‍රෛවී කශේරුකා ප්‍රදේශයයි. ග්‍රෛවී කශේරුකා පිහිටා තිබෙන්නේ බෙල්ල ප්‍රදේශයේ. ග්‍රෛවී කශේරුකා වලින් පසුව පෘෂ්ඨීය හා කටී කශේරුකා හමුවන අතර මේ දෙවර්ගයම පිහිටලා තියෙන්නේ කොන්දේ මැද ප්‍රදේශයේයි. මින් අනතුරුව හමුවන්නේ ත්‍රිකය හා අනුත්‍රිකයයි. මෙලෙස එකිනෙකට සම්බන්ධ වූ කශේරුකා 32ක් හඳුනා ගත හැකි අතර මේ කශේරුකා 32ට ග්‍රෛවී කශේරුකා 7ත්, පෘෂ්ඨීය කශේරුකා 12ත්, කටී කශේරුකා 5ත්, ත්‍රිතයේ කශේරුකා 5ත් හා අනුත්‍රිකයේ කශේරුකා 4ත් අයත් වෙනවා.

අවසාන කශේරුකා වන ත්‍රිකයේ හා අනුත්‍රිකයේ කශේරුකා පවතින්නේ එකට එකතු වුණ ස්වභාවයකින්. මෙම කශේරුකා සියල්ලෙහිම එකතුව හඳුන්වන්නේ කොඳු ඇට පෙළ එනම් කශේරුකා ස්ථම්භය ලෙසයි. කොඳු ඇට පෙළේ සෑම කශේරුකාවක් සමඟම සුසුම්නාව සම්බන්ධයි. අපි කොන්දේ ආබාධයන් කියලා හඳුන්වන්නේ බොහෝ දුරට මෙම කොඳු ඇට පෙළේ කුමන හෝ ස්ථානයක ඇතිවන යම් රෝගී තත්ත්වයක්. යම් යම් විකෘතිතා වගේම සංකූලතාවයන් නිසාද කොන්දේ ආබාධයන් හටගත හැකියි.

කොන්දේ ආබාධ ඇතිවන ආකාර
=============================

ජානමය බලපෑම්, අනතුරු, වැරැදි චර්යා රටා සේම වැරදි ආහාර පුරුදු නිසාද කොන්දේ ආබාධ හටගත හැකියි. උපතින්ම ඇතිවන කොන්දේ ආබාධ හඳුන්වන්නේ කොඳු විකෘතිතා ලෙසයි. එනම් කශේරුකා වල ඇතිවන විකෘතිතා නිසා උපතින්ම කොන්දේ ආබාධ ඇතිවිය හැකියි. ඊට අමතරව එදිනෙදා රාජකාරි හෝ ගෙදර දොර කටයුතු වලදී අපගේ වැරදි ඉරියව් නිසාද කොන්ද ආශ්‍රිත ප්‍රදේශයට අපහසුතා ඇතිවිය හැකියි. වැරදි ආකාරයට බර එසවීම මීට නිදසුනකි. ඊට අමතරව අනතුරකදී එනම් මාර්ග අනතුරදී, ඉහළ ස්ථානයකින් පහළට ඇද වැටීම, පහරදීම් ආදිය නිසාද කොන්දේ ආබාධ ඇතිවිය හැකියි. මේ එකිනෙකෙහි ලක්ෂණද එකිනෙකට වෙනස් වන අතර ඒවාට සිදු කළ යුතු ප්‍රතිකාරද එකිනෙකට වෙනස් වේ. මෙහිදී අවබෝධ කර ගත යුතු කරුණක් වන්නේ කොන්දේ කැක්කුම ඇතිවීමට බලපෑ හැකි සාධකය හඳුනා ගැනීමයි.

දරු උපතකදී මේ ගැනත් සිතන්න
=============================

සාමාන්‍යයෙන් දරුවකු සිසේරියන් සැත්කමක් හරහා මොලොව එළිය දකිද්දී (සාමාන්‍ය බිහිකිරීමකින් තොරව) උපදින දරුවාට කොන්ද ආශ්‍රිතව යම් යම් රෝග හට ගැනීමේ ප්‍රවණතාවයක් ඇත. මෙලෙස වන්නේ සිසේරියන් සැත්කම සඳහා භාවිත කරන උපකරණ වල බලපෑම නිසයි. දරුවා එළියට ගැනීමේදී එම උපකරණ වල බලපෑම නිසා සුසුම්නාව තදවීමක්, කශේරුකා තදවීමක් සිදු වීමෙන් එම විකෘතිතාවන් ඇතිවේ. එලෙසම වෛද්‍යවරුන් බිළිඳා මවගේ සිරුරෙන් එළියට ගැනීමේදීද වෛද්‍යවරුන්ගේ දෑත් වලට තද වීමෙන්ද බිළිඳාගේ කශේරු වලට හානි සිදු විය හැකිය. මීට අමතර මවගේ කුස තුළ සිටියදීම බිළිඳාගේ කශේරුකා වල විවිධ වූ විකෘතිතාවයන් ඇති විය හැකි අතර නිවැරදි ආකාරයෙන් කශේරුකා වර්ධනය නොවීම, කශේරුකා හැඩය නියමිත ආකාරයේ නොවීම, බිහි වීම ආසන්න දරුවෙකු හිස පහළට සිටින ආකාරයට හැරී නොමැති විටෙක ඒ දරුවා හැරවීම සඳහා භාවිත කරන ප්‍රතිකාර වලදී කශේරුකාවට අනවශ්‍ය පීඩනය යෙදීම, දරුවා ලැබෙන්නට සිටින කාලය තුළ මව බර ඉසිලීමට යාම නිසා සිදුවිය හැකි අපහසුතා ආදී දේ නිසා බිහිවන දරුවාගේ සුසුම්නාව හා කොඳුඇට පෙළට හානි සිදුවිය හැකිය.

පාසල් දරුවන්ගේ පොත් බෑගයත් කොන්ද ලෙඩ කරන හේතුවක්

අද දවසේ දරුවන් පාසල් යන්නේ තමන්ට දරන්නට බැරිතරම් වූ පොත් බෑගයක්ද කරේ දමාගෙනය. මෙවැනි බෑගයක් කරේ දමාගෙන යාම නිසා කොන්දට ඇතිවෙන පීඩනයද වැඩිවිය හැකිය. මෙහිදී නිරායාසයෙන්ම මේ දරුවා කොඳු ඇටපෙළ ආශ්‍රිත රෝගියකු බවට පත්විය හැකිය. එය කොඳු ඇට පෙළ ඇද වීම වැනි බැරූරුම් රෝග අවස්ථා දක්වා ගමන් කළ හැකියි.

සාමාන්‍යයෙන් පාසල් කාලය දරුවකුගේ වර්ධන අවධිය වන අතර කොඳුඇට පෙළෙහි කැල්සියම් තැන්පත් වී එය ශක්තිමත් වීමට වසර 18ක් පමණද ගතවේ. එහෙත් වයස 18 යනු අපේ දරුවකු පාසල් ගොස් නිමවන කාලයයි. ඔවුන් මෙලෙස බර රැගෙන යන්නේ කොඳු ඇට පෙළෙහි වර්ධනය සිදුවන කාලයේදීයි. එබැවින් අධික බර සහිත පොත් බෑග් පිටේ දමාගෙන යාම හරහා අපේ අනාගත පරපුර කොන්ද ආශ්‍රිත රෝග සහිත පරම්පරාවක් විය හැකිය.

ක්‍රීඩා කරන්නේ පරිස්සමින්

ක්‍රීඩා කිරීමේදී ඇතිවන අනතුරු නිසාද කොන්දේ ආබාධයන් හටගත හැකියි. ක්‍රීඩා කටයුතුවලදී ක්‍රීඩා උගන්වන ගුරුවරු ඇතැම් අවස්ථාවලදී වැඩි ප්‍රගතියක් ලබාගැනීම සඳහා දරුවන් වැඩි වැඩියෙන් එම කටයුතුවලට යෙදවීමේදී දරුවන්ගේ වයසට හා ශරීර ස්වභාවය එය නොගැලපෙන නිසාද දරුවන්ගේ කශේරුවලට ඇතැම් අවස්ථාවලදී බලපෑම් සිදුවිය හැකිය. මෙහිදී දරුවන් කොඳු ඇට බිඳීම පවා සිදුවිය හැකියි. එලෙස කොඳු ඇට බිඳීම නිසා සදාකාලික එක්තැන්වීම් පවා සිදුවිය හැකිය.

අංශක අනූවට ඉඳගන්න

අපේ දරුවන් මෙන්ම වැඩිහිටියන්ගේ ඉඳ ගැනීමේ ස්වභාවය නිසාද කොන්දේ විවිධ රෝග හටගත හැකිය. විශේෂයෙන්ම දරුවන් පාඩම් කටයුතුවලදී බොහෝවිටම වැරදි ඉරියව් භාවිත කරන අතර ඇඳක හාන්සි වී පාඩම් කිරීම, නුසුදුසු ඉරියව්වලින්, පැය ගණන් ඉඳගෙන සිටීම, නුසුදුසු අසුන් භාවිත කිරීම යන මේ සියල්ල කොන්ද ලෙඩ කරන කාරණාය. මෙවැනි අවස්ථාවලදී කොන්දට යෙදෙන බර ප්‍රමාණවලින් වෙනස්වීම නිසා ස්නායු තෙරපීම ආදිය නිසා කොන්දට හානි සිදුවේ. සාමාන්‍යයෙන් වෛද්‍ය නිර්දේශය වන්නේ අංශක අනූවට පිටුපසට ඇන්දක් තිබෙන පුටුවක වාඩිවීමයි. පුටුවේ පිටුපස පවතින එම ඇන්ද මගින් කොඳුඇට පෙළට හොඳ ධාරණයක් ලැබේ. එහිදී බර බෙදීයාමක් සිදුවන අතර කොන්ද මත යෙදෙන පීඩනය අඩුවේ. ඇළ පුටු, හාන්සි පුටු බංකු ආදිය වාඩිවීම නුසුදුසු වන අතර බංකුවක බෙල්ල නමාගෙන බොහෝ වෙලාවක් පාඩම් වැඩකරන දරැවා කොඳුඇට පෙළ හෝ බෙල්ල ආශ්‍රිත රෝගියකු වීමට විශාල ඉඩකඩක් ඇත.

බබා ලැබුණාට පස්සේ අම්මාට හැදෙන කොන්දේ අමාරුව

සිසේරියන් සැත්කමකට භාජනය වන මවටද පසුකාලීනව කොන්දේ අපහසුතාවන්ට ගොදුරැ විය හැකිය. මෙසේ වන්නේ මෙම සැත්කමක් හරහා දරුවකු බිහිවීමෙන් කොන්දට අධික පීඩනයක් ලබාදීම නිසාය. මෙලෙස පීඩනයන් ලබාදීමේදී කොඳුඇට පෙළෙහි යම් සංකූලතාවයන්ද ඇතිවිය හැකි අතර ඇතිවිය හැකි අතර එම බලපෑමෙන් කශේරුවල වෙනස්වීම්ද ඇතිවිය හැකිය. මේ නිසා පසුකාලීනව කොන්දේ ආබාධයන් ඇතිවිය හැකිය.

ජිම් යන්නේ බලාගෙනයි

වර්තමානයේදී බොහෝ තරුණ පිරිස් ක්‍රම සිරුර ක්‍රමවත්ව සකස්කර ගැනීම සඳහා කායවර්ධන මධ්‍යස්ථාන වෙත ඇදීයාම සුලබ දසුනකි. මෙම ස්ථානවලදී සිදුකරන ක්‍රියාකාරීත්වයන් ලෙස තමන්ට ඉසිලීමට අපහසු බර ඉසිලීම, දෑත්වලට විශාල බර රැගෙන පුහුණුවීම් කටයුතුවල නිරතවීම ආදිය හේතුවෙන් කොන්දේ ආබාධ ඇතිවීමට බොහෝ ඉඩකඩ ඇත. අද වනවිට කොන්දේ ආබාධ සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් අතර කායවර්ධන මධ්‍යස්ථානවලට ගොස් රෝගී වූ පිරිස අධිකය. එයට හේතුව නිවැරදි ආකාරයේ උපදෙස් පිළිනොපැදීමය. පුහුණුවීම් මධ්‍යස්ථානවල ශරීර යෝග්‍යතා කටයුතු පිළිබඳව නිසි උපදේශයන් ලබාදෙන්නට තරම් සුදුසු පුද්ගලයන් නොසිටීම මේ සඳහා බලපාන ප්‍රධාන හේතුවයි. තමන් ළඟට පැමිණෙන පුද්ගලයාගේ යෝග්‍යතාවය, ඔහුට කොතරම් බර ප්‍රමාණයක් ඉසිලිය හැකිද යන්න ගැන පුහුණුකරු තුළ විශේෂ අවබෝධයක් තිබිය යුතු අතර මෙම ස්ථානවලට පැමිණෙන බොහොමයක් දෙනා රෝගී වන්නේ අනවශ්‍ය ලෙස ව්‍යායාමවල නිරතවීම නිසාය. යෝග්‍යතාවය සාදාගන්නට ගොස් ඔවුන්ට අවසානයේදී සිදුවන්නේ රෝගීන් බවට පත්වන්නටය.

තරුණ පරපුර අතර බහුලයි

වර්තමානයේදී වයස අවුරුදු 12, 13 සිට අවුරුදු 30-35 වූ පිරස් අතර බහුල වශයෙන් කොන්දේ ආබාධ දැකගත හැකිය. මෙයට මූලික වශයෙන්ම හේතු වී ඇත්තේ වැරදි ඉරියව්, අනවශ්‍ය ලෙස බර ඉසිලීම් ආදියයි. කෙසේ වෙතත් දීර්ඝකාලීනව පවත්වාගෙන යන වැරදි ඉරියව්වලින් මිදී තම ක්‍රියාකාරීත්වයන් නිවැරදි ආකාරයෙන් පවත්වා ගැනීම සඳහා මෙවැනි රෝගවලින් පහසුවෙන්ම මිදීමේ හැකියාව ඇත.

වයසට යද්දී කොඳුඇට දිරායාම

වයසට යාමත් සමඟම කොඳුඇට ආශ්‍රිතව දක්නට ලැබෙන රෝගයක් වන්නේ කොඳු ඇට දිරායාමයි. මෙලෙස කොඳු ඇට දිරායන්නේ වයසට යෑමත් සමඟ කොඳු ඇට පෙළෙහි ශක්තිමත් භාවය අඩුවන නිසාය. මෙය ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය ලෙස හඳුනාගත හැකිය. මෙලෙස කොඳු ඇට පෙළ ශක්තිමත් බවෙන් අඩුවීම නිසා බර ඉසිලීමට අපහසු වීම, කොන්ද අවශ්‍ය ආකාරයට නවා ගත නොහැකි වීම ආදිය නිසා වැඩපළ කර ගැනීමේ අපහසුතාවය ඇතිවේ. ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය ඇතිවීමට තරුණ කාලයේ සිදුවූ සිදුවීම්ද බලපෑ හැකිය. ඊට අමතරව ඔස්ටියෝ ආතරයිටිස් එනම් අස්ථි ගෙවී යාමද වයසට යාමේදී කොඳුඇට පෙළ ආශ්‍රිතව හටගන්නා රෝගී අවස්ථාවකි. තරුණ කාලයේදී කොන්ද ආශ්‍රිතව සිදුවන අනතුරු මෙන්ම, වයසට යාමේදී මතුවන කැල්සියම් ඌණතාවයත් මෙවැනි රෝග සඳහා හේතුකාරක වේ. බැක්ටීරියා, දිලීර ක්‍රියාත්මක වීම නිසාද හන්දි දිරායාම සිදුවිය හැකි අතර මෙය කුඩා දරුවන්ගේ පවා මතුවන රෝගී අවස්ථාවකි.

නිවැරදිව බර උස්සන්න

වර්තමානයේ තරුණ පරපුර අතර කොඳුඇට පෙළ ආශ්‍රිතව රෝග ඇතිවීමට මූලිකව හේතුවකි බර ඉසිලීම. කෙනකුට ඉසිලිය හැකි බර ප්‍රමාණයක් ඇතිවා සේම එම බර ඔසවන නියමිත ක්‍රියා පටිපාටියක්ද ඇත. ඒ පටිපාටියට බර එසවුවහොත් හානිදායක තත්ත්වයකින් තොරව බර ඔසවා ගත හැකියි. සාමාන්‍යයෙන් නිවැරදි ආකාරයට බර එසවීමේදී දණහිස් දෙකෙන් පහළට නැමී එම බර එසවීම කළ යුතුය. කෙළින්ම එකවර හැපී කොන්ද නවා බරද රැගෙන නැගිටීමේදී අනිවාර්යයෙන්ම එය කොන්දට විශාල බලපෑම් ඇතිකරන හානියක් බවට පත්වේ.

කොන්දේ කැක්කුම වෙනත් රෝගයක ලක්ෂණයක්ද?

වකුගඩු රෝගයෙන් පෙළෙන පුද්ගලයන්හට ඇතැම් අවස්ථාවලදී කොන්දේ වේදනාවන් ඇතිවිය හැකි අතර මෙවැනි අවස්ථාවලදී වේදනාව හටගන්නේ කොන්දේ පහළ ප්‍රදේශයේයි. එමෙන්ම මාංශපේශීන් ආශ්‍රිතව ඇතිවන රෝගයන්වලදීද කොන්දේ වේදනාව හටගත හැකියි. කොන්ද ආශ්‍රිතව මාංශපේශි ඉරීයාම, ඇදීමකට ලක්වීම නිසාද කොන්දේ කැක්කුම ඇතිවේ.

ඉහළකින් වැටීම භයානකයි

ඉහළ ස්ථානයකින් පහළට වැටීම නිසා කොඳු ඇටපෙළ කැඩීයාම හෝ පිපිරීයාම සිදුවිය හැකිය. එසේම පහරක් වැදීම හෝ අනතුරක්ද කොන්දට මෙවැනි බලපෑමක් ඇතිකරන අතර විශේෂයෙන්ම කොඳුඇට පෙළ බිඳීගොස් ඇතැයි සැකකෙරෙන රෝගියකු අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමද පරිස්සමින් කළ යුත්තකි. ඒ සුසුම්නාවත් සමඟ කොඳුඇට පෙළ සම්බන්ධ නිසාය. මෙවැනි අවස්ථාවකදී රෝගියා හැකිතරම් සෙලවීම්වලින් වළක්වා ගතයුතු අතර මෙවැනි රෝගියකු ලෑල්ලක් මත තබා වෛද්‍ය ආයතනයකට ගෙනයාම සුදුසුය.

කොන්ද කැඩුණත් සුවකරන්න පුළුවන්ද?

කොන්ද ආශ්‍රිත ආබාධයකදී කොඳුඇට වලට පමණක් සිදුවන ආබාධ මෙන්ම කොඳුඇට හා සුසුම්නාවට සිදුවන හානි ලෙස කොටස් දෙකකට බෙදා දැක්විය හැකි අතර සුසුම්නාවට හානි නොවී කොඳුඇට වලට පමණක් හානිවීම සඳහා ප්‍රතිකාර කිරීම අනෙක් අවස්ථාවට වඩා පහසුය. මෙහිදී ලෙඩාට ඇති අවදානම් තත්ත්වයද අඩුය. යම් හෙයකින් රෝගියාගේ සුසුම්නාවටද හානි වූවිට රෝගය බොහෝ සෙයින්ම බරපතළ වේ.

ගැහැනු ළමයින්ට වදදෙන ස්කෝලියෝසිස්

උපතින්ම කොන්ද ආශ්‍රිතව ඇතිවන ස්කෝලියෝසිස් රෝගය බහුලවම දක්නට ලැබෙන්නේ ගැහැනු දරුවන් අතරය. මෙවැනි දැරියන් රෝගීන් බවට හඳුනාගත හැකිවන්නේද ඔවුන් මල්වර වීමෙන් අනතුරැවයි. මෙහිදී කොඳුඇට පෙළ ඇදවීමක් සිදුවේ. මෙම රෝගය සඳහා සාර්ථකම විසඳුම වන්නේ දැනගත් මොහොතේ පටන්ම ප්‍රතිකාර වෙත යොමුවීමයි. ආයුර්වේදයේ ඒ සඳහා නියමිත ප්‍රතිකාර ක්‍රම ඇත.

කොඳුඇට පෙළ ශක්තිමත් වන්නට නම්

කොඳුඇට පෙළ ශක්තිමක් කර ගැනීම සඳහා කැල්සියම් බහුල ආහාර සුදුසුය. මේ සඳහා කිරි, යෝගට්, චීස්, පොඩි මාලු, එළවළු, පලාවර්ග සුදුසුය. විශේෂයෙන්ම සමතුලිත ආහාර වේලක් ගැනීමට වග බලා ගත යුතුය. මේ සඳහා කෘත්‍රිම ආහාර වර්ග ඇතත් ස්වභාවික ආහාරවලින්ම කැල්සියම් අවශ්‍යතාවය සපුරා ගැනීම වඩා වැදගත්ය. ජලය පානය මෙන්ම දිනකට විනාඩි 20ක්වත් ව්‍යායාම කිරීමද කොඳුඇට පෙළෙහි නිරෝගී බවට වැදගත්ය.

ගෙදරදීම ප්‍රතිකාර

සාමාන්‍ය ආකාරයේ මස්පිඬු පෙරළීමේ අවස්ථාවකදී නිවසේදීම ප්‍රතිකාර ලබාගත හැකි අතර එවැනි විටදී උණුවතුරට ලුණු ස්වල්පයක් දමා එයට පිරිසුදු රෙදි කැබල්ලක් දමා අදාළ ස්ථානය තැවීම මගින් වේදනාව සමනය කරගත හැක.

උපුටා ගැනීම. Thilu Wickramanayake

01/10/2024
😍😍
01/07/2024

😍😍

01/06/2024

😍😍

01/06/2024

හීන..

Good night 😍💐🌷
12/23/2023

Good night 😍💐🌷

12/22/2023
Nice potos.... 😍
12/19/2023

Nice potos.... 😍

Address

Ottawa, ON

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with thero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel with thero:

Videos

Share