13/10/2022
අද 2020 ඔක්තෝබර් 13 වේ. හරියටම අවුරුදු 105 කට පෙර, අද වගේ දිනයකදී (1917 ඔක්තෝබර් 13), දේවමාතාවන් වහන්සේ පෘතුගාලයේ පාතිමාවේ දී ලුසියා,ජසින්තා සහා ෆ්‍රන්සිස්කෝ යන දරුවන් තිදෙනාට එතුමිය 'ජපමාලයේ මාතාවන්' එනම් දේවමාතාවන් වහන්සේ බව අනාවරණය කළාය. මැයි 13 සිට ඔක්තෝබර් 13 දක්වා එතුමිය සෑම මසකම 13 වෙනිදා බොහොමයක් පණිවුඩ මේ කුඩා දරුවන් තිදෙනාට ලබා දුන්නාය.
1917 ඔක්තෝබර් 13 වෙනිදා, එනම් හරියටම අවුරුදු 105 කට පෙර අද වගේ දිනකදී එතුමිය පවසන ලද්දක් ඔබේ මතකයේ රදවමි.
" *අපගේ සමිදාණන්වහන්සේට තවදුරටත් දුක් දෙන්නට ඉඩ නොදෙන්න. මන්ද උන්වහන්සේ බෙහෙවින් දුක්බරව සිටින සේක"..*
මිත්‍රවරුනි,අද ලෝකයේ අප බොහොමයක් දෙනාගේ හදවත් ඇතුළත තණ්හාවෙන් ද දුෂ්ට චේතනාවෙන් ද පිරී ඇත. අප ජිවත් වන මේ ලෝකය සහා මිනිසුන් පුදුමාකාර ලෙස සෑම අතින්ම දුෂණය වී ඇති ආකාරය ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නැත. ඒ නිසාම අනිවාර්යයෙන්ම මේ ලෝකයේ මැවුම්කරුවාණන් වන සමිදාණන් වහන්සේ අනිවාර්යයෙන්ම සිටින්නේ දුකින් තමයි..
සැබවින්ම පාතිමාවේ දි දේවමාතාවන් වහන්සේ විසින් අනාවරණය කරන ලද දේවල් බොහොමයක් සිදුවී ඇති අතර එතුමිය අනාවරණය කරන ලද බොහොමයක් දේවල් දැන් ද මේ ලෝකයේ සිදුවෙමින් පවතී. මේ සියල්ල හමුවේ අප තවමත් සිටින්නේ අන්ධකාරයේ ද? තවමත් අපි සමිදාණන්වහන්සේට දුක් දෙනවාද? තවමත් අපගේ හදවත් පුරවාගෙන සිටින්නේ සාතාන්ගේ තාවකාලික තෘප්තිය ලබා දෙන දේවල් වලින් ද? කල්පනා කර බලමු.
මිත්‍රවරුනි පසුතැවිලි වීමට අප තවමත් පරක්කු නැත. දේවමාතාවන් වහන්සේ නිරයට යන ආත්මයන් ගැන ඉතාමත් දුක්බර ව තමයි, අවුරුදු 105 කට පෙර පාතිමාවේ දරුවන් තිදෙනා සමග කතා කරන ලද්දේ. මිනිසුන්ගේ පාපය ගැන ඉතාමත් දුක්බරවයි එතුමිය කතා කළේ....
දෙවියන්වහන්සේගේ කැමැත්ත, අප කිසිම කෙනෙකු විනාශ වීම නොවේ. ඒ නිසාම දේවමාතාවන් වහන්සේ ද සෑම මිලිතත්පරයකදීම අපට සහාය වන්නේ ස්වර්ගීය සම්පත අප සියල්ලන්ටම උරුම කර දෙන්නටයි. ඒ සදහා අනිවාර්යයෙන්ම අප වෙනස් විය යුතුමයි.
එබැවින් කරුණාකර අපි දැන්වත් වෙනස් වෙමු. පසුතැවිලි වෙමු. තව කොතරම් කාලයක් ඉතිරි වී ඇත්දයි අපි නොදනිමු. සාතාන් ට නොව දෙවියන්වහන්සේට අපේ හදවත් විවෘත කරමු.
දේවමාතාවන් වහන්සේ නිර්මල හෘදයේ වටිනාකම අවබෝධ කරගෙන එතුමිය සමග සම්බන්ධ වී ජපමාලය උච්චාරණය කරමින් දෙවියන්වහන්සේට ප්‍රසන්නව ජිවත් වන්නට උනන්දු වෙමු.
දේවමාතාවන් වහන්සේ ම පවසන ලද්දකින් අවසන් කරමි.
"දිනපතා ජපමාලය උච්චාරණය කරන්න"
උපුටා ගැනීම
දේවවචනයේරසයඅත්දකිමු
ආදර සදාසරණ අම්මා - Our mother of Perpetual help