Ceylon MILI Tours

Ceylon MILI Tours Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon MILI Tours, Tour guide, Aluthgama.
(1)

තවත් අවසනාවත්ත නික්ම යාමක් , සංචාරක ව්‍යාපාරයේ තවත් සුන්දර චරිතයක් තම රාජකාරිය සිදු කරමින් සිටියදි අද උදැසන 6ට පමන සිගිර...
02/05/2024

තවත් අවසනාවත්ත නික්ම යාමක් , සංචාරක ව්‍යාපාරයේ තවත් සුන්දර චරිතයක් තම රාජකාරිය සිදු කරමින් සිටියදි අද උදැසන 6ට පමන සිගිරිය සිංහපාදය අසලදී හදිසි අසනීපයකින් අප අතරින් වෙන්න ගොස් ඇත .

දහසක් මතකයන් අප අතරේ රදවා නිකම යන දීප්ති අයියට නිවන් සුව ලැබේවා 😥😥😥😥

කෘෂිකර්මාන්තය ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය😱🌿🐬🍃🦀💐🐦(Agrotourism)සංචාරක ව්‍යාපාරය යනු ලොව විශාලතම සේවා කර්මාන්තයන්ගෙන් එකකි. රට...
21/04/2024

කෘෂිකර්මාන්තය ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය😱🌿🐬🍃🦀💐🐦

(Agrotourism)

සංචාරක ව්‍යාපාරය යනු ලොව විශාලතම සේවා කර්මාන්තයන්ගෙන් එකකි. රටකට බොහෝ ප්‍රතිලාභ අත් කරදීමේ ඉහළ විභවයක් සංචාරක ව්‍යාපාරය සතුව පවතියි. අතීතයේ සිටම ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වූ අතර සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකා ආර්ථිකයේ තුන්වන විශාලතම ආදයම උත්පාදනය කරනු ලබයි. විශේෂයෙන්ම රටේ පවතින ප්‍රවාහන පහසුකම් ඇතුළු යටිතල පහසුකම් නිසාම සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ ඉතා දුර බැහැර ප්‍රදේශ වලට පවා ඉතාමත් පහසුවෙන් ළඟා විය හැකි අතර ලොව වෙන කිසිදු රටකදී අත්විඳිය නොහැකි අන්දමින් කෙටි කලක් තුළ විවිධ දේශගුණික අත්දැකිම් ළඟා කරදිය හැකි විශේෂ භූගෝලිය පිහිටීමකට ශ්‍රී ලංකාව හිමිකම් කියනු ලබයි. මේ හේතුව නිසාවෙන්ම ලොව පුරා ප්‍රචලිත වූ සංචාරක සන්නාමයක් සහ අනන්‍යතාවයක් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සතුවේ.

“A country like no other”.

Lonely Planet සඟරාවේ Dream Tours 2016 අනුව ශ්‍රී ලංකාව 2016 දී නැරඹිය යුතු ලොව හොඳම ගමනාන්ත 10 ලයිස්තුවට ඇතුලත් කර ඇත.

ශ්‍රී ලංකාව සුන්දර ස්වභාවික සම්පත් රාශියකින් පොහොසත් වන අතර, පාරිසරික සංචාරක (Eco Tourism), වික්‍රමාන්විත සංචාරක(Tourism), ස්වභාවික සංචාරක (Nature Tourism), සංස්කෘතික සංචාරක (Cultural Tourism), සහ කෘෂි සංචාරක (Agro Tourism) වැනි විවිධ සංචාරක ක්‍රියාකාරකම් සඳහා ආසියාවේ හොඳම ගමනාන්තයයි. පාරිභෝගික තෘප්තිය, ආරක්ෂාව හා විනෝදාස්වාදය සම්ප්‍රදායික උරුමයන් බහුල ග්‍රාමීය සංචාරක සම්පත් රාශියකින් සමන්විත සංචාරක කේන්ද්‍රස්ථානයකි.

කෘෂි සංචාරක ව්‍යාපාරය සංචාරක කර්මාන්තයේ මෑතකදී හඳුන්වා දුන් එක් උප අංශයකි. එය කෘෂිකාර්මික අංශය සංචාරක අංශය හා සම්බන්ධ කරන, ග්‍රාමීය ප්‍රජාවට ඔවුන්ගේ ගොවි ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීමට අවස්ථාව ලැබෙන, සංචාරක කර්මාන්තයේ ඉහළ ජනප්‍රියත්වයක් ලබා ඇති විකල්පයක් ලෙස හදුනාගත හැක. මේ නිසාම සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා උපාය මාර්ගයක් ලෙස කෘෂි සංචාරක කර්මාන්තය මේවන විට ආරම්භ කර ඇත. ශ්‍රි ලංකාව කෘෂිකාර්මික රටක් බැවින් ආර්ථික ප්‍රතිලාභ ගණනක් ලබාගැනීම සඳහා කෘෂි සංචාරක අංශය සංවර්ධනය කිරීමට ඉහළ විභවයක් ඇත.

සාමන්‍යයන් අධ්‍යාපන හා විනෝදාත්මක අරමුණු සඳහා කෘෂිකාර්මික ප්‍රදේශ වලට සංචාරකයන් ආකර්ෂණය කරගනිමින් ගොවිතැන් කිරීමට හා කෘෂිකාර්මික අත්දැකීම් බුක්ති විඳීමට සංචාරකයන්ට ආරාධනා කරනු ලබන ඕනෑම ව්‍යාපාරයක් හෝ ක්‍රියාකාරකමක් කෘෂි සංචාරක ව්‍යාපාරයක් ලෙස හඳුන්වා දියහැකියි. එය කෘෂිකර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය ඒකාබද්ධ කරමින් ගොවීන්ට තම ගොවිබිම් ගොවිපොළ සහ වෙනත් සම්පත් විව්ධාංගීකරණය කිරීමෙන් නව ආදායම් මාර්ග ලබා දීමට අවස්ථාව ලබා දෙයි. මෙය ගොවිපොළ පදනම් කරගත් ව්‍යාපාරයක් නිසා එය භාණ්ඩය පාරිභෝගිකයා වෙත ගෙනඒමට වඩා සෘජු අලෙවිකරණය සඳහා පහසුකම් සැපයීමටත් ගොවිපොළ වෙත සංචාරකයන් ආකර්ෂණය කරගැනීමටත් යොදාගතහැකි අලෙවිකරණ උපායක් ලෙසත් හැඳින්විය හැකියි. මෙමගින් ගොවිපොළ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සහ ගොවිපොළ මෙහෙයුම් හා ගොවිපොළ අවට ප්‍රජාවන්ට ලැබෙන මුදල් ප්‍රවාහය වැඩිවේ. කෘෂි සංචාරක ව්‍යාපාරය ප්‍රධාන සංචාරක ව්‍යාපාර වලට වඩා සුවිශේෂී වු සංචාරක ව්‍යාපාරයක් වන අතර ප්‍රධාන වශයෙන් ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ වල ක්‍රියාත්මක වේ.

බොහෝවිට ග්‍රාමීය කෘෂිකර්මාන්තය යනු පවුල කේන්ද්‍ර කොට ගත් ව්‍යාපාරයක් නිසා ඒ සඳහා අවශ්‍ය වන ශ්‍රමය ඉතා පහසුවෙන් සපයාගත හැකිය.

+ ගොවි පවුලකට අතිරේක ආදායමක් ලබාහැනීමට අවස්ථාව.

+ සංචාරක සේවා සැපයිම (නවාතැන්, ආහාරපාන)

+ ගොවිපොළ නිෂ්පාදන සෘජු අලෙවිකරණ හැකියව.

+ සංචාරක ස්ථාන දැකීමට හා ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථා සැලසීම.

+ කෘෂිකාර්මික මෙහෙයුම් විව්ධාංගීකරණය.

+ සංචාරකයින්ට විනෝදාස්වාදය සහ ගෘහ කටයුතු වලට සහභාගී වීමට
අවස්ථාව ලැබීම.
+ ග්‍රාමීය සන්නිවේදන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය.

+ ග්‍රාමීය ප්‍රදේශ වල ආර්ථික සංවර්ධනයට සහ රැකියා උත්පාදනයට දායක වීම.

+ ගෘහ කර්මාන්ත ප්‍රවර්ධනය.

+ ඉතාමත් පහසුවෙන් කෘෂි සංචාර්ක ව්‍යාපාරය වෙනත් ක්‍රියාකාරකම් සහ වැඩසටහන් සමග ඒකාබද්ධ කිරීමේ හැකියාව.

යන ලක්ෂණ ප්‍රධාන වශයෙන් කෘෂි සංචාරක ව්‍යාපාරය තුළ දැකගත හැකිය.

============================================

සංචාරක ගමනාන්තයක සංවර්ධනයේ ස්වභාවය එම රටේ සංචාරක ව්‍යාපාරය සඳහා ඇති ඉල්ලුම හා ගැඹුරින් මුල් බැස තිබේ. සංචාරක අවස්ථාවන් වල ඉල්ලුම විවිධ ආකර්ෂණ අවස්ථා, අත්දැකීම් මත පදනම් වන බැවින් ඒවා කෘෂි සංචාරක කර්මාන්තයේ ද ඉල්ලුම තීරණය කරනු ලබයි. එනම් ගමනාන්තයක් දියුණු වීමට නම්, සංචාරකයින්ට ගුණාත්මක කෘෂි නිෂ්පාදන සහ අත්දැකීම් ලබා දිය යුතු වේ. එබැවින් කෘෂි සංචාරක ව්‍යාපාරයක් සඳහා ස්ථානයක් තොරාගැනීමේදී සංචාරකයින්ගේ වැඩි ආකර්ෂණයක් ලබා ගතහැකි කෘෂිකාර්මික පදනමක් සහිත ස්ථානයක් තෝරා ගතයුතුය. මේ සඳහා නිෂ්පාදන කටයුතු සිදුවමින් පවතින ගොවිපොළක් තෝරාගත හැකිය. නැතහොත් කෘෂි ව්‍යාප්ති හෝ අධ්‍යාපන කටයුතු සඳහා නිර්මාණය කරන ලද කෘෂි උද්‍යාන සංචාරකයින් ගේ ආකර්ෂණය සඳහා යොදාගත හැකිය.

අමුත්තන් සඳහා නවාතැන් පහසුකම් හා ආහාර පාන ලබාදෙමින් ඔවුනට කෘෂිකාර්මික කියාකාරකම් වල නිරත වෙමින් එම අත්දැකීම් ලබා දෙන ස්ථානය ගොවිපොළ නවාතැන් නිකේතන ලෙස හඳුන්වන අතර එයට සංචාරකයින් නිතර දෙවේලේ දකින හෝටල් කාමරයට වඩා ග්‍රාමීය පරිසරයේ තිබෙන සරල බව සුන්දර බව අමුත්තාට විඳීමට සලස්වමින් වෙනස්ම අත්දැකීමක් ලබාදීමට හැකියාව ලැබේ. නවාතැන් කුටි හෝ කබානා හෝ ගොවි නිවාස ලෙස අමුත්තන්ට වැඩි පෞද්ගලිකතවයක් ආරක්ෂාවක් සුවපහසුවක් ලැබෙන පරිදි විවිධ නවාතැන් අත්දැකීම් සංචාරකයින් වෙත සමීප කළහැකිය. සාමාන්‍යයෙන් සියලු අමුත්තන් සංචාරකයින් ඉහළම ආගන්තුක සත්කාර අපේක්ෂා කරන නිසාවෙන් සත්කාරකයා ඔවුන් සමග මිත්‍රශීලීව ඔවුන් සමග කාලය ගතකළයුතුය.

ආහාර සැපයීමේදී අමුත්තන් සඳහා විශේෂයෙන් පිලියෙළ කරනලද සාම්ප්‍රදායික ආහාර වේලක් සැපයිය හැකිය. මීට අමතරව ගොවිපොළෙහි වගා කරනු ලබන බෝග සංචාරකයින් විසින්ම නෙළාගෙනවිත් ආහාර පිලියෙළ කිරීම (Pick & Cook) වැනි ස්වයං ආහාර පිළියෙල කරගැනීමේ අවස්ථා ද සංවිධානය කරගත හැක. උදේ, දිවා, රාත්‍රී ආහාරය සහ තේ වශයෙන් සංචාරකයින්ගේ තෘප්තිය අනුව ක්ෂේතයේදී හෝ නවාතැන තුළ හෝ ඉන් පරිබාහිරව එළිමහනේ, ගස් යට, වැව් ඉස්මත්තක පිහිටුවන ලද අවන්හලක උවද පිළිගැන්වීම මගින් සංචාරක ආකර්ෂණය දිනාගත හැක.

සහභාගීත්ව සංචාරක ව්‍යාපාරය ග්‍රාමීය ගොවීන් අතර මෙන්ම ගොවීන් නොවන ප්‍රජාව අතර සාමූහිකත්වය සහභාගීත්වය ඇති කරමින් ගොවි ජීවිතයට අමතරව ග්‍රාමීය ජීවිතය දැනගැනීමට හා විනෝදවීමට සංචාරකයින්ට හොඳ අවස්ථාවක් තිබේ. එබැවින් සංචාරකයින් සඳහා ග්‍රාමීය ජන් අනැටුම්, සංස්කෘතික හා ආගමික ක්‍රියාකාරකම්, ග්‍රාමීය සංචාර ගොවිපොළ ආශ්‍රිත උරුමස්ථාන නැරඹීම, බෝට්ටු සංචාර, කරත්ත සංචාර, මසුන් ඇල්ලීම, දේශීය වෛද්‍ය ප්‍රතිකාර, විවාහ මංගල උත්සව වැනි දෑ සංවිධානය කළහැකිය.

සංචාරකයාට ගොවිපොළ නිෂ්පාදන ක්‍රියාවලිය සියැසින්ම දැකගැනීමට හැකියාව ලැබෙන නිසාම සහ ගොවීන් විසින් සංචාරකයින්ට ඔවුන් විසින්ම නැවුම් එළවලළු පළතුරු තෝරාගැනීමට සැලැස්වීම හේතුවෙන් එම නිෂ්පාදන මිලදී ගැනීමට ඔවුන් දැඩි කැමැත්තක් දක්වයි. බොහෝවිට ඔවුන් නැවුම් එළවලු පළතුරු, කිරි, චීස්, යෝගට්, මී පැණි, ජෑම්, වැනි සැකසූ ආහාර මෙන්ම වේවැල්, බතික්, අත් යන්ත්‍ර රෙදිපිළි වැනි හස්ත කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාව සලසා දියහැකිය. Things to buy / Pick you own/ U- Pick වැනි සෘජු අලෙවිකරණ සංකල්ප යොදාගැනීම මගින් ද සංචාරකයින්ට තනිවම අස්වැන්න නෙළාගතහැකි සහ සත්ව ගොවිපොළක නම් කිරි දෙවීම වැනි ක්‍රියාකාරකම් සඳහා සංචාරකයින්ට අවස්ථා සැලසීම මගින් ශ්‍රම පිරිවැය, අතරමැදි පිරිවැය සහ ප්‍රවාහන පිරිවැය අවම කරගැනීමටද ගොවියාට හැකියාව ලැබේ.

කෘෂි සංචාරක ව්‍යාපාරය සෞඛ්‍ය සේවාව සහ එයට සම්භන්ධ නිෂ්පාදන සමග සෘජු ලෙසම සම්භන්ධ කළහැක. සංචාරකයින් වැඩි කැමැත්තක් දක්වන අමු බෝග වලින් සකස් කරන ලද ඉහළ ඖෂධීය ගුණයෙන් යුත් ආහාර මගින් ආහාර චිකිත්සාව, ගෑස් හෝ විදුලිය ඇලුමිනියම් බඳුන් වෙනුවට දර ලිප් හා මැටි බැඳුන් භාවිතා කරමින් ආහාරා සකස් කිරීම වැනි ක්‍රියාකාරකම් සම්භන්ධ කල හැකිය. විශේෂයෙන්ම මත්‍ස්‍ය ගොවිපොළක් ආශ්‍රිතව නම් Garra Ruffa (Doctor Fish) වැනි මත්ස්‍යයින් යොදාගනිමින් මැරුණු සහ වියළි සම ඉවත් කරන රුධිර සංසරණය උත්තේජනය කරන, මානසික ආතතිය අවම කරන මත්ස්‍ය චිකිත්සාව (Fish Therapy) වැනි ක්‍රියාකාරකම් යොදාගනිමින් සචාරකයින්ට විශේෂ සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කරදිය හැක. ඊට අමතරව පාද චිකිත්සාව, ඖෂධිය චිකිත්සාව, සම්බාහන, සංචාරකයින් උද්‍යාන විද්‍යාත්මක චිකිත්සාව වැනි ශාක සමග ගනුදෙනු කිරීම ගෙවතු වගාවන් වල නිරතවීම වැනි ක්‍රියාකාරකම් යොදාගත හැකි අතර එය සංචාරකයින්ගේ ශරීර සෞඛ්‍ය හා මානසික සෞඛ්‍ය වැඩිදියුණු විමට හේතු වේ.

කෘෂි සංචාරක ව්‍යාපාරය යනු ගොවීන්ට හා ප්‍රදේශවාසීන්ට අතිරේක ආදායම් මාර්ග සහ රැකියා අවස්ථා නිර්මාණය කිරීම හා සම්භන්ධ නව ව්‍යාපාර කටයුත්තක් බැවින් එය ග්‍රාමීය සංවර්ධනයට මග පාදයි. කෘෂි සංචාර්ක ව්‍යාපාරයට කෘෂිකාර්මික හා සංචාරක ව්‍යාපාරයේ ලක්ෂණ ඒකාබද්ධ කළ හැකි අතර කෘෂිකාර්මික, ස්වභාවික උරුම සම්පත් පිළිබඳ සංචාරකයින්ට අවබෝධයක් ලබදිය හැකිය. එමගින් ආර්ථික ක්‍රියාකාරකම් උත්තේජනය වන අතර ගොවිපොළට් හා ප්‍රාදේශීය ප්‍රජාවටද බලපෑම් ඇතිකරයි. එය කෘෂිකර්මාන්තයට නව අරුතක් එක් කිරීමක් ලෙසත් ග්‍රාමීය ප්‍රදේශ වල කෘෂිකාර්මික හා ස්වභාවික සම්පත් වල ප්‍රතිලාභ ලබාගැනීමට ගොවීන්ට හා ග්‍රාමීය ප්‍රජාවට හැකිවන පරිදි අනුබද්ධ ව්‍යාපාරයක් ලෙසත් ඉදිරියට ගෙනයාහැකිය . කෘෂි සංචාරක ව්‍යාපාර මෙහෙයුමෙන් ගොවිපොළ හිමිකරුට පමණක් නොව අවට ප්‍රදේශවාසීන්ට ද අමතර ආදායමක් ලබාගතහැක. කෘෂි සංචාරක ව්‍යාපාරය යටතේ ගොවිබිම් ග්‍රාමීය ජීවිත සහ ග්‍රාමීය පරිසරය ඒකාබද්ධ කරමින් සංචාරකයින්ට නව අත්දැකීමක් ලබා දිය හැක.

කෘෂි සංචාරක කර්මාන්තය සඳහා නිශ්චිත උනන්දුවක් සහ ඉල්ලුමක් ලැබෙන්නේ කෘෂිකාර්මික බිම් සහ කෘෂිකාර්මික ග්‍රාමීය පරිසරය අත්විදීමටත් දේශීය මෙන් ම විදේශීය සංචාරකයින්ට ග්‍රාමීය ජීවිතය හා බැඳී ඇති අව්‍යාජ සම්භන්ධතා අත්විඳීමටත් දේශීය ආහාර රසවිඳීමටත්, සංචාරය අතරතුර දී විවිධ ගොවිතැන් කටයුතු පිළිබඳව අත්දැකීම් ලබාගැනීමටත් එය ඉඩ සලසන බැවිනි. එමෙන් ම නාගරික ජීවිතය වඩාත් කාර්‍යබහුල හා සංකීර්ණ වමින් පවතින බැවින් ආයතනික ලෝකයේ බොහෝ රැකියා ආවස්ථා සපයා ඇති පසුබිමක ග්‍රාමීය ජීවිත වලට වඩා පුද්ගල ආතති මට්ටම හා සංකීර්ණත්වය වැඩිවී ඇත. කෘෂි සංචාරක අත්දැකීම් මගින් මිනිසුන්ට සැහල්ලු මනසක් ගොඩනගා ගත හැකිය. නාගරීකරණය නිසාවෙන් බොහෝ දරුවන්ට මෙන් ම සමහර වැඩිහිටියන්ට ග්‍රාමීය ජීවිතය හා කෘෂිකර්මාන්තය ගැන අවබෝධයක් නොමැති පසුබිමක කෘෂි සංචාරක වයාපාරය ඔවුනට ග්‍රාමීය ජීවිතය අත්දැකීමට සහ කෘෂිකාර්මික ක්‍රියාකාරකම් අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව සලසාදෙයි.

සටහනේ සම්පූර්ණ අයිතිය :
technology park-Gannoruwa

🌟 සුභ අලුත් අවුරුද්දක් වේවා!!! 🌟இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்!As the sun sets on the old year and rises on the new,Ma...
14/04/2024

🌟 සුභ අලුත් අවුරුද්දක් වේවා!!! 🌟

இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்!


As the sun sets on the old year and rises on the new,
May your life be filled with vibrant colors and joyous melodies.
Let this New Year usher in prosperity, peace, and happiness,
Binding us all in unity, harmony, and communal bliss.

May the light of wisdom outshine the shadows of ignorance,
And may your days be brightened with success and good fortune.
Happy Sinhala and Tamil New Year 2024!
May it bring you and your loved ones endless blessings and love.




( 𝗖𝗲𝘆𝗹𝗼𝗻 𝗠𝗜𝗟𝗜 𝗧𝗼𝘂𝗿𝘀 )

බේරුවල මරදානේ තියෙන ලස්සන තැනක්....! ♥️Beruwala Sri lanka 🇱🇰
12/04/2024

බේරුවල මරදානේ තියෙන ලස්සන තැනක්....! ♥️

Beruwala Sri lanka 🇱🇰





Badulla Sri Lanka 🇱🇰♥️VISIT TO SRI LANKA 🇱🇰
07/04/2024

Badulla Sri Lanka 🇱🇰♥️


VISIT TO SRI LANKA 🇱🇰


VISIT TO SRI LANKA 🇱🇰🛑Demodara Bandarawela Special Tourist Train Schedule🛑දෙමෝදර බන්ඩාරවෙල  විශේෂ සංචාරක දුම්රිය කාලසටහන...
07/04/2024

VISIT TO SRI LANKA 🇱🇰

🛑
Demodara Bandarawela Special Tourist Train Schedule

🛑
දෙමෝදර බන්ඩාරවෙල විශේෂ සංචාරක දුම්රිය කාලසටහන


Sri lanka 🇱🇰    සීගිරිය ♥️   #𝐅𝐎𝐂𝐔𝐒                                 🌏  👇 Ceylon MILI Tours
21/03/2024

Sri lanka 🇱🇰

සීගිරිය ♥️




#𝐅𝐎𝐂𝐔𝐒




🌏

👇

Ceylon MILI Tours

කන්දේ විහාරයKande Viharaya | 🌏 🇱🇰𝐊𝐚𝐧𝐝𝐞 𝐕𝐢𝐡𝐚𝐫𝐚𝐲𝐚 𝐓𝐞𝐦𝐩𝐥𝐞, 𝐀𝐥𝐮𝐭𝐡𝐠𝐚𝐦𝐚 🇱🇰 The Kande Viharaya is an ancient Buddhist temple th...
09/03/2024

කන්දේ විහාරය

Kande Viharaya | 🌏 🇱🇰

𝐊𝐚𝐧𝐝𝐞 𝐕𝐢𝐡𝐚𝐫𝐚𝐲𝐚 𝐓𝐞𝐦𝐩𝐥𝐞, 𝐀𝐥𝐮𝐭𝐡𝐠𝐚𝐦𝐚 🇱🇰


The Kande Viharaya is an ancient Buddhist temple that is located in Aluthgama. Perched on a hillock, the temple, which dates back to the 18th century, has gained recognition for its enormous statue of the Buddha (48 meters tall) that gracefully watches over the town.

The best travel destination in Asia welcome to Sri lanka/visit Sri lanka .

Sri Lanka 🇱🇰

Kande Vihara is a major Buddhist temple in Kalutara District, Sri Lanka. The temple has got its name 'Kande vihara' as it is built on top of a hill located near to Aluthgama town. The temple has been formally recognised by the Government as an archaeological site in Sri Lanka.

Welcome to Ceylon MILI Tours 🙏

Visit Sri Lanka🇱🇰

📸Pc :- Milindu De Silva



📧 Email:- [email protected]
Contact:-+94 773903823

Ceylon MILI Tours

08/03/2024

කන්දේ විහාරය

Kande Viharaya | 🌏 🇱🇰

𝐊𝐚𝐧𝐝𝐞 𝐕𝐢𝐡𝐚𝐫𝐚𝐲𝐚 𝐓𝐞𝐦𝐩𝐥𝐞, 𝐀𝐥𝐮𝐭𝐡𝐠𝐚𝐦𝐚 🇱🇰


The Kande Viharaya is an ancient Buddhist temple that is located in Aluthgama. Perched on a hillock, the temple, which dates back to the 18th century, has gained recognition for its enormous statue of the Buddha (48 meters tall) that gracefully watches over the town.

The best travel destination in Asia welcome to Sri lanka/visit Sri lanka .

Sri Lanka 🇱🇰

Kande Vihara is a major Buddhist temple in Kalutara District, Sri Lanka. The temple has got its name 'Kande vihara' as it is built on top of a hill located near to Aluthgama town. The temple has been formally recognised by the Government as an archaeological site in Sri Lanka.

Welcome to Ceylon MILI Tours 🙏

Visit Sri Lanka🇱🇰



📧 Email:- [email protected]
Contact:-+94 773903823

Ceylon MILI Tours

ලංකාවේ තේ වගාවේ ඉතිහාසයට උරුමකම් කියනුයේ ලූල්කඳුර වතුයාය ය. මහනුවර සිට ගලහ දෙල්තොට හේවාහැට මාර්ගයේ කිලෝමීටර් 46ක් ගමන් ක...
20/01/2024

ලංකාවේ තේ වගාවේ ඉතිහාසයට උරුමකම් කියනුයේ ලූල්කඳුර වතුයාය ය. මහනුවර සිට ගලහ දෙල්තොට හේවාහැට මාර්ගයේ කිලෝමීටර් 46ක් ගමන් කළ පසු ඓතිහාසික තේ වගාවේ ආරම්භක ක්ෂේම භූමියවන මෙය හමුවේ.

ශ්‍රී ලංකා තේ වගාවේ නියමුවාණන් වන ජේම්ස් ටේලර් වයස අවුරුදු දහහතේ දී එනම්, 1852 වසරේ පෙබරවාරි විසි වැනිදා ලංකාවට පැමිණ නාරන්හේන කෝපි වත්තේ සේවය කර පසුව, වල්ඔය වත්තේ රාජකාරියට පැමිණ තිබේ. ඔහු සේවය කළ වතු දෙකම අද ලූල්කඳුර වතු යායට අයත් ය.

ජේම්ස් ටේලර්ගේ සේවා කාලයේ රෝගයක් වැළඳීම හේතුවෙන් කෝපි වගාව විනාශ විය. විකල්පයක් ලෙස ජේම්ස් ටේලර් 1867 වර්ෂයේ දී ලූල්කඳුර වතුයායේ අක්කර දහ නවයක තේ වගාව ආරම්භ කළේ ය. අදටත් ක්ෂේත්‍ර අංක 7 ලෙස එහි අක්කර පහක පමණ කොටසක් දැක ගත හැකිය.

ජේම්ස් ටේලර් තේ වගාව සම්බන්ධයෙන් පරීක්ෂණ කරමින් ලූල්කඳුර වතුයායේම නවාතැන් ගත් අතර, අදටත් වතුයායේ ඉහළ කෙළවර, ඔහු භාවිතා කළ දෑ දැක ගත හැකිය. ජේම්ස් ටේලර්ගේ ඓතිහාසික තේ වගාවේ ආරම්භය සනිටුහන් වන සියලු දෑ සුරක්ෂිත කර තැබීමට හා ඒවා ආරක්ෂා කර ගැනීමට මෙන්ම ඔහුගේ මතක සටහන් නිරුපද්‍රිතව රැකගෙන ජනතාවට නැරැඹීමට සුදුසු ආකාරයට නඩත්තු කිරීමටත් වත්මන් වතු පරිපාලනය කටයුතු යොදා තිබේ.

1837 වර්ෂයේ දී ලංකා ආණ්ඩුකාර ස්ටුවට් මැකන්සි ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයෙන් ගෙන්වන ලද තේ ඇට ස්වල්පයක් පේරාදෙණිය උද්භිත උද්‍යානයේ රෝපණය කර ඇත්තේ මෙරට තේ වගාව ව්‍යාප්ත කරවීමේ අදහසිනි. එහෙත් ඔහුට මෙරට තේ වගාව ව්‍යාප්ත කිරීමට නොහැකි විය. ඉංග්‍රීසි පාලකයන් මෙරටට ගෙන් වූ වැවිලිකරුවන්ගේ කෝපි වගාව හා සින්කෝනා වගාව ද අසාර්ථක වූ බැවින් වානිජ බෝග අතහැර දැමූ ඔවුහු තේ වගාව පිළිබඳ අවධානය යොමු කළහ. ඒ වන විටත් ජේම්ස් ටේලර් ලූල්කඳුර වතුයායේ වගා කර තිබූ අක්කර දහනවයක තේ වගාව සාර්ථක වී තිබුණි. සාර්ථකත්වය නිසාම ජේම්ස් ටේලර් ආදර්ශය භාවිතා කරමින් දිවයින පුරා තේ වගාව ව්‍යාප්ත කිරීමට වැවිලිකරුවන්ට හැකිවිය.

තේ වගාව ව්‍යාප්ත වීමත් සමඟ, ජේම්ස් ටේලර් තේ වගාව සම්බන්ධයෙන් දිනෙන් දින පරීක්ෂණ කරන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස තේ රාත්තල් 23ක් අපනයනය කිරීමට ඔහුට හැකි වූයේ 1872 දීය. එතැන් සිට වානිජමය වශයෙන් ජාත්‍යන්තර තේ අපනයන ක්ෂේත්‍රයට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකි විය. වසර 40ක් ශ්‍රී ලංකාවේ ජීවත් වූ ජේම්ස් ටේලර් එකී කාලය තුළ සේවා නිවාඩු ලබා ඇත්තේ එක් දිනක් පමණක් බව ද සඳහන් ය.

ලූල්කඳුර වතුයාය හෙක්ටයාර් 1061කින් සමන්විතය. ඉන් තේ වගාවට යොදවා ඇත්තේ හෙක්ටයාර් 351ක පමණි. ඉතිරි භූමිය ලූල්කඳුර තේ කර්මාන්ත ශාලාව, මාර්ග පද්ධතිය, රක්ෂිත වනාන්තර හා පරිපාලන ගොඩනැගිලි සහ නේවාසික ගොඩනැගිලි සඳහා වෙන් වී ඇත. වතු යාය මුහුදු මට්ටමේ සිට මීටර් 3374ක් උසින් පිහිටා ඇති ශීත දේශගුණික කලාපයකි. ස්වභාවික ජල මූලාශ්‍ර රැසක් ලූල්කඳුර වතුයාය ඉහළ කෙළෙවරේ පැවැතීම නිසා, ප්‍රදේශයටම ආවේණික වූ ස්වභාවික දේශගුණික ලක්ෂණ නිර්මාණය වී තිබේ. ඒ නිසාම දේශීය සංචාරක ආකර්ශණය දිනෙන් දින වැඩි වී ඇති සෙයක් ද පෙන්නුම් කෙරේ. ශ්‍රී ලංකාවේ කඳු නඟින්නන්ගේ නිගමන අනුව ගිරි තරණයේ නව වැනි ස්ථානය ලෙස ජේම්ස් ටේලර් ස්මාරකය පිහිටා ඇති කොණ්ඩගල කඳුශිඛරය හඳුනාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ පළමු තේ වගාව ලෙස ලූල්කඳුර වතුයාය ඉතිහාසගත වනවා සේම ලූල්කඳුර තේ කර්මාන්ත ශාලාව ඉතිහාසගත වී ඇත්තේ ශ්‍රී ලංකාවේ විශාලතම කර්මාන්ත ශාලාව ලෙසය. ජේම්ස් ටේලර්ගේ තේ පර්යේෂණ වතු යායේ නොයෙක් තැන්වල සිදුවී ඇති අතර ඒ සඳහා කුඩා ප්‍රමාණයේ කර්මාන්ත ශාලා ස්ථාපිත කොට තිබී ඇත. පසුකාලීනව අවට තවත් වතු කීපයක තේ වගාව ව්‍යාප්ත වීමත් සමඟ ඒවාහි අමු තේ දළු ගෙන එන ලද්දේ ද ලූල්කඳුර තේ කර්මාන්ත ශාලාවට ය. 1923 වර්ෂයේ ඉදිකළ මේ කර්මාන්ත ශාලාවේ අද වන විට පනස් දෙනකු පමණ සේවයේ යෙදෙන අතර පස් දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් සිටිති.

සෞම්‍ය කාලගුණික තත්ත්වයන් ඇති කාලවලදී තේ කර්මාන්ත ශාලාවට අමු තේ දළු කිලෝග්‍රෑම් 10,000ක් පමණ ගෙන එනු ලබන අතර, අහිතකර කාලගුණ තත්ත්වයන් ඇති විට මේ ප්‍රමාණය කිලෝග්‍රෑම් 6000 - 7000ත් අතර පවතින බව ලූල්කඳුර තේ කර්මාන්ත ශාලාවේ ස්ථානභාර සහකාර වතු අධිකාරි එම්. ඒ. චමිල් ඉන්ද්‍රජිත් මහතා පවසයි.

“මේ තේ කර්මාන්ත ශාලාවේ දිනකට අමු තේ දළු කිලෝග්‍රෑම් 18,000ක් අඹරන්න පුළුවන්. ඒ සඳහා වියළන යන්ත්‍ර දෙකක් තියෙනවා. නමුත් දැන් ක්‍රියාත්මක වන්නේ එක් යන්ත්‍රයක් විතරයි. ඒ නිසා අපිට දැන් අමු තේ දළු ඇඹරීම උපරිම කරන්න පුළුවන් වන්නේ කිලෝග්‍රෑම් 8,000ක් පමණයි‘‘

සම්ප්‍රදායික තේ කර්මාන්ත ශාලාවක ලක්ෂණ රැගත් මෙකී කර්මාන්ත ශාලාව ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ කෞතුකාගාරය ලෙස හැඳින්විය හැකිය.





Ceylon MILI Tours

Source of information
දුමින්ද අලුත්ගෙදර

  Sri lanka Welcome to Ceylon MILI Tours 🙏Visit  Sri Lanka🇱🇰📷 Milindu De Silva                                          ...
10/01/2024

Sri lanka

Welcome to Ceylon MILI Tours 🙏

Visit Sri Lanka🇱🇰

📷 Milindu De Silva



📧 Email:- [email protected]
Contact:-+94 773903823

Ceylon MILI Tours

To the beautiful place of Sri Lanka🇱🇰💎

See the wonders of Sri Lanka in a tuk tuk Come on . 🛺
Very safe destination💛

Welcome to Ceylon MILI Tours 🙏Visit  Sri Lanka🇱🇰📷 Milindu De Silva                                                      ...
10/01/2024

Welcome to Ceylon MILI Tours 🙏

Visit Sri Lanka🇱🇰

📷 Milindu De Silva



📧 Email:- [email protected]
Contact:-+94 773903823

Ceylon MILI Tours

To the beautiful place of Sri Lanka🇱🇰💎
Water sports on beautiful beaches🌴🏖
See the wonders of Sri Lanka in a tuk tuk Come on . 🛺
Very safe destination💛

My motherland "BEAUTIFUL SRILANKA" 🇱🇰❤️‍🔥✨       📸 Photo credit goes to original photographer
09/01/2024

My motherland "BEAUTIFUL SRILANKA" 🇱🇰❤️‍🔥✨




📸 Photo credit goes to original photographer

Tourism වලින් කාලෙකින් ලංකාවට සුභ උන අවුරුද්දක අවසානය එහෙමයි✨මේකේ Credit එක ලංකාවේ Tourism කොල්ලෝ & කෙල්ලෝ හැමෝටම ♥️අලුත...
01/01/2024

Tourism වලින් කාලෙකින් ලංකාවට සුභ උන අවුරුද්දක අවසානය එහෙමයි✨

මේකේ Credit එක ලංකාවේ Tourism කොල්ලෝ & කෙල්ලෝ හැමෝටම ♥️

අලුත් අවුරුද්දෙත් ලංකාවට Toursim වලින් වැඩි වැඩියෙන් ඩොලර් ඇදගන්න පුලුවන් සුපිරිම අලුත් අවුරුද්දක් වේවා !

Happy New Year 2024🎉🎈

VISIT TO SRI LANKA 🇱🇰👣          Ceylon MILI Tours
10/12/2023

VISIT TO SRI LANKA 🇱🇰👣



Ceylon MILI Tours

While mired in controversy over suspected misappropriation of funds during its construction, the Lotus Tower stands tall...
10/12/2023

While mired in controversy over suspected misappropriation of funds during its construction, the Lotus Tower stands tall in the heart of Colombo, fast becoming the symbolic landmark of the city. Opened in 2019, and at 350m height, it is the tallest self-supported structure in South Asia.

The lotus-shaped tower is used for communication, observation, and leisure facilities; its main revenue sources being tourism and antenna leasing. ‘Blue Orbit’ - South Asia’s tallest restaurant and Sri Lanka’s first ever revolving restaurant opened its doors at the Lotus Tower today, along with ‘Cosmic’ - the tallest banquet hall in South Asia.
🇱🇰


Ceylon MILI Tours

📸 :- Milindu De Silva

1969 දී අපේ රට තිබුන විදිහලු මේ 🌿🌴 අනිත් අයටත් බලන්න ශෙයා කරන් යමු 🌴🌿 පෝස්ට් එක බලන හැමෝම අපේ පේජ් එක Ceylon MILI Tours ...
08/12/2023

1969 දී අපේ රට තිබුන විදිහලු මේ 🌿🌴 අනිත් අයටත් බලන්න ශෙයා කරන් යමු

🌴🌿 පෝස්ට් එක බලන හැමෝම අපේ පේජ් එක Ceylon MILI Tours ෆලෝ කරන් යන්න මේ වගෙ ලස්සන තැන් බලන්න 🌿🌴

(📷 මුල් හිමිකරුවන් සතුයි )

Kandy Esala Perahera 🇱🇰💎V I S I T      TO          S R I   L A N K A Photographs by; Kasun Lakruwan.
28/08/2023

Kandy Esala Perahera 🇱🇰💎


V I S I T TO S R I L A N K A

Photographs by; Kasun Lakruwan.

Ella ,Sri Lanka 🇱🇰💎
28/08/2023

Ella ,Sri Lanka 🇱🇰💎

Yala National Park,,Sri Lanka 😍🦚🌊 🇱🇰
28/08/2023

Yala National Park,,Sri Lanka 😍🦚🌊 🇱🇰

V I S I T    S R I    L A N K A 🇱🇰♥️
22/08/2023

V I S I T S R I L A N K A 🇱🇰♥️






A tradition, a belief.



Photograph by; Amila Alahakoon.

𝗨𝗱𝗮𝘄𝗮𝗹𝗮𝘄𝗲 𝗡𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗣𝗮𝗿𝗸.... 🇱🇰Udawalawa National Park is located on the border of Sabaragamuwa and Uva provinces of Sri ...
21/04/2023

𝗨𝗱𝗮𝘄𝗮𝗹𝗮𝘄𝗲 𝗡𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗣𝗮𝗿𝗸.... 🇱🇰

Udawalawa National Park is located on the border of Sabaragamuwa and Uva provinces of Sri Lanka. The construction of the Udawalawe Reservoir by crossing the Udawalawe River led to the creation of the Udawalawe National Park to protect the watershed area and provide shelter to the needy animals. The reserved area was established on June 30, 1972 between 30,821 hectares (119.00 square meters). Prior to the park, the area was used for hen farming. The park is located at a distance of 165 km from the city. Udawalawa Park is an important habitat for waterfowl and elephants. It is a popular stopover for tourists and is the third most visited park in the island.

𝗣𝗵𝘆𝘀𝗶𝗰𝗮𝗹 𝗰𝗵𝗮𝗿𝗮𝗰𝘁𝗲𝗿𝗶𝘀𝘁𝗶𝗰𝘀.

Udawalawa National Park is located on the border of wet and dry zones of Sri Lanka. The land is between plains and hills. Kalthota mountain range and Diyawini Ella are located in the north of the park, along with Bambaragala and Reminikota. The mean annual rainfall is about 500 milliliters (59 in), with the heaviest rainfall occurring from October to January and March to May. The mean annual temperature is about 27–28 degrees Celsius (81–82 degrees Fahrenheit) and the relative humidity is 70% to 82%. Well-drained reddish-brown soils are predominant among the less-draining gray soils found at the bottom of the valley.

𝐄𝐜𝐨𝐥𝐨𝐠𝐢𝐜𝐚𝐥𝐥𝐲.

Marshes, grasslands and forests around the reservoir are their native land. The dead trees in the reservoir tell the details of the forest that existed before the construction of the dam. Different types of alga plants Pediastrum and Scenedesmus spp. There are many open grasslands due to ancient hay farming. A teak plantation can be seen on the right side below the anvil. This was planted before the park was declared. Here 94 species of plants, 21 species of fish, 12 species of reptiles, 33 species of reptiles, 184 species of birds (33 migratory species) and 43 species of mammals have been recorded. has. In addition to this, 135 species of butterflies have also been found..

Welcome to Ceylon MILI Tours 🙏

⚫️Udawalawe National Park Enjoy sightseeing in beautiful places

Visit Sri Lanka🇱🇰

Email:- [email protected]
Whatssapp :- +94 77 390 38 23

📸 Credit to respective owner..

For those who want to take a trip to the most popular tourist attraction "Elle" 👇😮🦋💦🌵🍀🍁🚂🚂There are two ways to go to the...
21/11/2022

For those who want to take a trip to the most popular tourist attraction "Elle" 👇😮🦋💦🌵🍀🍁🚂🚂

There are two ways to go to the falls. Many people like to go by train. If more, you can also take the bus. I will tell you how to go to Ella on a low budget because the ticket price of the train is low.

The train time table from Colombo Fort to Ella is as follows

⭕ Departure from Colombo.
A.M. 5.30 - Ella odyssey
A.M. 5.55 Podi Menike
A.M. 8.30 Upland Gem
A.M. 9.45
8.30pm Night Mail Train

Usually this is a journey of more than 10 hours

⭕ Tickets price will be like this

Ella odyssey train - tourist train
1st Class - 5000/=
2nd Class - 4000/=
3rd Class - 3000/=

Seat reservation charges in other trains
1st Class - 2800/=
2nd Class - 1800/=
3rd Class - 1300/=

Normal ticket fares on other trains
2nd Class - 900/=
3rd Class - 440/=

In addition, night mail trains are equipped with sleeping compartments. Their prices may vary. If you want to enjoy the beauty of the environment, you can take a morning train.

But if you want to have a different kind of experience, you can go on the night mail train. That's because there is a strange beauty when the sun is rising when it goes right. I will post the video from the link below... Go watch it too.. Usually, if you go by train in the morning, it will be past 4 by the time you go to the falls. Then there is no time to walk again. He has to go directly to the shelter. You can walk again the next day. If you go by night mail, you can go to the falls at around 7 in the morning. If you come to Elle, you can visit these places

⭕ Departure from Colombo.
📌️Ella Rock
📌️ Kital Ella waterfall
📌️Nine Arch Bridge
📌️Little Adams peak, Fling Rawana Ravana Falls
📌️ Ravana cave
📌️ Nildiya Pond
📌️Demodara rail junction
📌️ Demodara Black Bridge If you want more,
you can even go to the places on the Wellawaya side I will tell you a little plan for those who go to night mail Come on the night mail and get off at Kital Falls station before the falls. After going down the waterfall, climb the rock and come down the mountain in the afternoon. Take the rail hike from Kital Falls to Demodara. Then nine archers, Demodara rail knot and watch again

Atamasthana 🇱🇰Atamasthana (අටමස්ථාන) or Eight sacred places are a series of locations in Sri Lanka where the Buddha had ...
18/11/2022

Atamasthana 🇱🇰

Atamasthana (අටමස්ථාන) or Eight sacred places are a series of locations in Sri Lanka where the Buddha had visited during his three visits to the country. The sacred places are known as Jaya Sri Maha Bodhiya, Ruwanwelisaya, Thuparamaya, Lovamahapaya, Abhayagiri Dagaba, Jetavanarama, Mirisaveti Stupa and Lankarama. They are situated in Anuradhapura, the capital of the ancient Anuradhapura Kingdom.

The sacred city of Anuradhapura exerted a considerable influence on the development of architecture in the country during several centuries. The city is nominated as a UNESCO World Heritage Site in 1982, it lies 205 km north of the current capital Colombo in island's North Central Province, on the banks of the historic Malvathu Oya.

According to the Mahavansa the sacred city was found around 350 BC by Pandukabhaya, the 1st king of the Anuradhapura kingdom and sixth since the arrival of Vijaya. It eventually become the principal shrines of Buddhism including the branch planted of the sacred fig tree, Bodhi tree from Bodhgaya, under which Siddharta attained spiritual enlightenment and supreme wisdom. The sacred tree brought there in the 3rd century BC during the second mission, led by Sangamitta, a Buddhist nun and daughter of Emperor Ashoka. The relics of Buddha have, moreover, shaped the religious topography of Anuradhapura, where the Thuparamaya was built by Devanampiya Tissa in the 3rd century BC to house the clavicle of Buddha, an important religious relic presented by Emperor Ashoka.[1]

The city's apogee was reached under the reign of Dutthagamani who, in 161 BC, defeated the South Indian invader Ellalan re-establishing Buddhism in the place of Brahminism and endowed the site with extraordinary monuments including the Mirisaveti Stupa, Ruwanwelisaya, and the Brazen Palace. The city flourished for 1,300 years, then was abandoned after an invasion in 993. Later hidden away in dense jungle for many years, the splendid site, with its palaces, monasteries and monuments, is now accessible once again.

Visit Sri lanka 🇱🇰 🙏

🇱🇰
22/10/2022

🇱🇰

මිනිසුන් විසින් මිහිතලයට අහිමි කරන ලද Tasmanian කොටියාගේ අවසාන පින්තූරය. (1933)
මිහිතලයෙන් වඳවී ගොස් අවසන් 🥺

Welcome to Ceylon MILI Tours 🙏⚫️Beautiful waterfalls and rivers 💦 ⚫️ Water sports Boat rides 🏄‍♂️🚣‍♀️⚫️ Sigiriya Polonna...
07/10/2022

Welcome to Ceylon MILI Tours 🙏

⚫️Beautiful waterfalls and rivers 💦

⚫️ Water sports Boat rides 🏄‍♂️🚣‍♀️

⚫️ Sigiriya Polonnaruwa Enjoy sightseeing in beautiful places

Visit Sri Lanka🇱🇰

Email:- [email protected]
Whatssapp :- +94 77 390 38 23

𝐒𝐭𝐢𝐥𝐭 𝐅𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐢𝐧 𝐀𝐡𝐚𝐧𝐠𝐚𝐦𝐚, 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 💕🌊 🏝 🎣 🇱🇰Ritipanna is the Sinhalese term for stilt fishing, which is a traditional ...
07/10/2022

𝐒𝐭𝐢𝐥𝐭 𝐅𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐢𝐧 𝐀𝐡𝐚𝐧𝐠𝐚𝐦𝐚, 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 💕🌊 🏝 🎣 🇱🇰

Ritipanna is the Sinhalese term for stilt fishing, which is a traditional method for fishing practiced by most fishermen along the southern coast of Sri Lanka. This art is popularly seen in areas such as Ahangama, Koggala, Welipenna, Kathaluwa and Thalarambe. A narrow pole is tied to a stick that is anchored on the sea bed. Fisher folk climb onto this stick and settle on the pole for a few hours in an effort to catch some fish.

📷 ᴄʀᴇᴅɪᴛ ᴛᴏ ᴛʜᴇ ʀᴇᴤᴘᴇᴄᴛɪᴠᴇ ᴏᴡɴᴇʀ



📧 Email:- [email protected]
Contact:-+94 773903823

Ceylon MILI Tours

To the beautiful place of Sri Lanka🇱🇰💎
Water sports on beautiful beaches🌴🏖
See the wonders of Sri Lanka in a tuk tuk Come on . 🛺
Very safe destination💛

🇱🇰
02/10/2022

🇱🇰

Mirissa 🌴🇱🇰 (Sinhala: මිරිස්ස, romanized: Mirissa; Tamil: மிரிஸ்ஸ, romanized: Miris'sa) is a small town on the south coa...
02/10/2022

Mirissa 🌴🇱🇰

(Sinhala: මිරිස්ස, romanized: Mirissa; Tamil: மிரிஸ்ஸ, romanized: Miris'sa) is a small town on the south coast of Sri Lanka, located in the Matara District of the Southern Province. It is approximately 150 kilometres (93 mi) south of Colombo and is situated at an elevation of 4 metres (13 ft) above sea level. Mirissa's beach and nightlife make it a popular tourist destination. It is also a fishing port and one of the island's main whale and dolphin watching locations.💎

Pinnawala Elephant Orphanage (Sinhala: පින්නවල අලි අනාථාගාරය) is an orphanage, nursery and captive breeding ground for w...
02/10/2022

Pinnawala Elephant Orphanage (Sinhala: පින්නවල අලි අනාථාගාරය) is an orphanage, nursery and captive breeding ground for wild Asian elephants located at Pinnawala village, 13 km (8.1 mi) northeast of Kegalle town in Sabaragamuwa Province of Sri Lanka. Pinnawala has the largest herd of captive elephants in the world. In 2011, there were 96 elephants, including 43 males and 68 females from 3 generations, living in Pinnawala.

HISTORY.🐘

The Pinnawala Elephant Orphanage was established by the Sri Lankan Department of Wildlife Conservation in 1975 for feeding and providing care and sanctuary to orphaned baby elephants that were found in the wild.[7] The orphanage was located at the Wilpattu National Park, then shifted to the tourist complex at Bentota and then to the Dehiwala Zoo. From the Zoo it was shifted to Pinnawala village on a 25-acre (10 ha) coconut plantation adjacent to the Maha Oya River.

The primary residential care area is on the east side of Highway B199, Rambukkana Road. The main site also has some restaurants and refreshment stands, and management buildings including sleeping sheds and veterinary facilities. The elephant bathing and viewing area along the Oya River is directly opposite on the west side of the highway.[8][9]

At the time it was settled, the orphanage had five baby elephants which formed its nucleus. The addition of orphans continued till 1995 when the Elephant Transit Home (ETH) adjoining Udawalawe National Park was created by the DWC. Since then, orphaned babies have been taken to the ETH and addition to the Pinnawala herd has been mostly through births occurring there.[1]

It was planned for the facility to attract local and foreign visitors, the income from which would help to maintain the orphanage. The Pinnawala Orphanage has since become a tourist attraction. In 1978, the orphanage was taken over by the Department of National Zoological Gardens Sri Lanka. In 1982 an elephant breeding program was launched. As of 2012, there were 78 elephants living here.

Visitors to the park can view the care and daily routine of the elephants, such as bottle-feeding of elephant calves, feeding of all other elephants, and bathing in the Ma Oya (River).

Elephant Care .

oung elephants sometimes fall into pits and ravines in their quest for water during drought periods. Other orphans have been displaced from their wild habitat by development projects or have been found abandoned before weaning, diseased or wounded.[2]

There are 48 mahouts (handlers) who take care of the elephants. The female and young elephants in Pinnawala range freely as a herd during the day in an area of a few acres. They are herded about .5 km (0.31 mi) twice a day to drink and be bathed in the river. At night, the females are individually chained in stalls. Adult males do some light work such as transporting feed. They are chained and managed individually. Calves born in Pinnawala are not bottle-fed, but a few from ETH are kept at Pinnawala and bottle fed as a tourist attraction.[1]

The elephants are fed in their stalls. There is very little food they can gather from the premises of the orphanage except some grass. Large quantities of jackfruit, coconut, kitul (sugar palm), tamarind and grass, brought in daily, form the bulk of the elephants food.[10] Each adult animal is given around 250 kilograms (550 lb) of this green matter per day and around 2 kg (4.4 lb) from a food bag containing rice bran and maize.

Cpoied wikipedia🍀

Address

Aluthgama
12080

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon MILI Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon MILI Tours:

Videos

Share

Category


Other Tour Guides in Aluthgama

Show All