10/06/2020
* මොකක්ද මේ "Maligathenna villa"?
Maligathenna villa කියන්නේ සොභා සෞන්දර්ය විඳින්න Day out එකකට හරි night stay එකකට යන්න නියම තැන.
*කොහෙද තියෙන්නේ?
මේක තියෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ අහංගම, කොළඹ ඉඳන් high way එකේ යනවනම් ඉමදුවෙන් Exit වෙලා අහංගම පැත්තට 100m වගේ එනකොට වමට තියෙන හබරාදුව දික්කුඹුර පාරේ එන්න ඕනේ. හොඳමදේ Google Map එකේ search කරල එන එක.
*Villa එකේ විශේෂත්වය මොකක්ද?
Maligathenna villa අක්කර 5 ක භූමි ප්‍රමාණයක ලස්සන කුරුදු වත්තක් මැද්දේ තියෙන villa එකක්,සොභාවික දිය උල්පත් භාවිතා කරල හදපු වතුර ගලාගෙන යන ලොකු pond දෙකක් තියෙනවා.තව කුරුල්ලන් විශේෂ ලොකු ප්‍රමාණයක් මේ භුමිය තුල දැකබලාගන්න පුළුවන්. මුලින්ම අපි සැලසුම්කරේ මේක Groups වලට Dayout, Get-together, camping experience, Out bound training වලට ගන්න පුළුවන් තැනක් විදියට හදන්න.
Accommodation ගත්තොත්, ලස්සන view එකක් තියෙන කන්දක් උඩ 8 දෙනෙකුට සැපපහසුව ඉන්න පුළුවන් wood chalet එකක් තියෙනවා.එක පොකුණකට මුහුණලා couple එකකට ට සැප පහසුව ඉන්න පුළුවන් luxury Mud house එකක් තියෙනවා, .ඊට අමතරව 8 දෙනෙක්කුට සිටියහැකි 10x12 ප්‍රමාණයේ Rover Cabin (camping Tent) දෙකක් තියෙනවා.
*Meals (කෑම බීම ) කොහොමද ?
මුලින් කියන්න ඕනේ අපි villa එක වගේම මේකත් වෙනස්ම විදයට තමයි කරන්නේ.
අපි කෘතීම දේවල් භාවිතා කරන්නේ ඉතාමත් අඩුම මට්ටමක, උදාහරණයක් විදිහට ඔයාලට ලැබෙන welcome drink එක පවා බොහෝ දුරට මේ භුමිය තුලින් ලබාගන්න පලතුරු වලින් තමයි හදන්නේ. ප්‍රධාන ආහාරවේල් පවා පිළියෙළ කරද්දී අපි බොහෝවිට භාවිතා කරන්නේ අපි විසින් වගා කරපු organic fruits & vegitables ( රසායනික නොයෙදූ එළවලු සහ පලතුරු ).ඒ වගේම කට්ටියත් එක්ක bbq එකක් දාන්න BBQ pit එකක් එක්ක නියම location එකකකුත් තියෙනවා. ඉතින් වස විසෙන් තොර දේශීය කෑම ගන්න කැමතිනම්, මෙන්න තැන.
*Activities මොනවද තියෙන්න?
ඔයාලා dayout එකකට ආවත් bed and breakfast /Half Board /full Board accommodation ගත්තත් water Activities, Badminton වගේ Games, ඊට අමතරව bird watching කිසිඳු අමතර ගාස්තුවකින් තොරව කරන්න පුළුවන්. තව Air rifle shooting & Archery වගේම Activities තියෙනවා අමතර ගාස්තු අයවෙන.
**මේ Covid-19 situation ඒක Villa එක operate වෙන්නේ කොහොමද?
රජයේ සහ සෞඛ්‍යඅංශ වල නීතී රීති වලට යටත්ව ඉතාමත් සීමිතව අපේ operations පටන් ගන්නෙ,
ප්‍රධාන වශයෙන්ම අපි Guest ල ගන්න ප්‍රමාණය අඩු කරල තියෙනවා. ඒ කියන්නේ ලොකු Groups දැනට ගන්නේ නැහැ.Buffet ක්‍රමය දැනට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. Set menu විතරයි.Guest ලට ලැබෙන plate, spoon, fork, සියල්ල Disposable Natural material වලින් හදලා තියෙන්නේ.සියලු දෙනාගේ Body temperature check-in / Check-Out දෙකේම Monitor කරනවා වගේම record එකකකුත් maintain වෙනවා .මේ වගේ තව ගොඩක් දේවල අපි කරල තියෙනවා ඔබගේත්, ඔබේ පවුලේත්, රටෙත් ආරක්ෂාව වෙනුවෙන්.....
Call for reservations......
0773792678